Sunday, August 11, 2013

ඉංගිරිය පොලිසියේ ස්ථානාධීපති උදයංග හා උ.පො.ප.මාතරආරච්චි මිනිහා වෙනුවට ගෑනි අරන් ගිහින් නඩු දාන්න හදනවා.

කසාද බැන්දේ අවුරුදු 14දී. අවුරැදු 16දී ගෙයක් හදාගන්න කියලා රට ගියා. අවුරුදු 09ක් ඉදලා එනකොට ඉතිරි වෙලා තිබුනේ අහසේ මාළිගාව විතරයි. දික්කසාද වුනා. එක ගෙයි කන්න බැරි නිසා.
හිටපු සැමියාට කසිප්පු සම්බන්ධ වරෙන්තුවක් තියෙනවා. ඒ මනුස්සයාව අල්ලන්නේ නැතිව මාව ගෙනියන්න හදනවා.
එක් දරු මවක් වන 38 හැවරිදි  පොරුවදණ්ඩේ සේනක කුමාරි, මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස්පති වෙත ලිඛිතව පැමිණිල්ලක් කරමින් මෙසේ කියා සිට.
    ‘‘ 2013.08.08 වන දිනඋදේ 10.00ට පමණඉංගිරිය පොලිසියේ නිලධාරින් තිදෙනෙක් ආවා. ඔවුන් ආවේ සිවිල් ඇඳුමින්. එක් අයෙක් උප පොලිස් පරීක්ෂක මාතරආරච්චි. අනෙක් දෙන්නාගේ නම් දන්නේ නැහැ.
උ.පො.ප.මාතරආරච්චි මගෙන් ඇහුව්වා මහත්තයා කෝ කියා. ඔහු කිව්වා වරෙන්තුවක් තියෙනවා කියා. මම ඔහුට කිව්වා මහත්තයා මෙහේ නැහැමම එයාගෙන් දැන් දික්කසාද වෙලාඅවුරුද්දකුත් මාස 4ක් වෙනවා කියා. ඔහු පොලිසියට දුරකථනයෙන් කථාකොට කිව්වා ධම්මි” ඉන්නවා – ජීප් එක එවන්න කියා. මා ඔහුට පැහැදිලි කලාමහත්තයාව අරන් යන්න ඇවිත්ඇයි මාව ගෙනියන්න හදන්නේ කියා. ඔහු කිව්වා පොලිසිට ගෙනියන්න කටඋත්තරයක් ගන්න කියලා. මම කියා සිටියාඔය ගෙනියන්න හදන්නේ කටඋත්තරයක් ගන්න නෙවෙයි - බොරු නඩුවක් දාන්න කියා. එවිට ඔහු මට කටවහගනින්උඹව පොලිසියට ගෙනහිල්ලා බීරිපෝට් එකක් දාලාඑන්න බැරිවෙන්න අරිනවා කිව්වා.
මම ඔහුට කිව්වා ඇයි එහෙම කරන්නේමගේ මහත්තයාගෙන් වෙන්වෙලා දැන් අවුරුද්දකටත් වැඩියිමගේ දුව උසස් පෙළ ලියනවාමාව ගෙනහිල්ලා ඇතුලට දැම්මාම එයාට මොකද වෙන්නේ කියා ඇහුව්වා. ඒවායින් මට වැඩක් නැහැ,  ඕ.අයි.සී තමයි ගේන්න කිව්වේ කියමින්මාව රැුගෙන යන්න හැදුවා. මම කිව්වා,කටඋත්තරයක් ගන්න තියෙනවානම්තුණ්ඩු කෑල්ලක් එව්වානම් මම එනවා නේද කියා.
ඒ අතරගමේ අය එතැනට එක්වුනා. ඔවුන් සියලූ දෙනාම කියා සිටියා නිකන් බොරුවට අරන් යන්න එපා කියා. බොරුවට නඩු දාන්න එපා කියා. එඔහු කිව්වා කොහොම වුනත් කමක් නෑ, ”බී” රිපෝට් එකක් දාලා ඇතුලට දානවා කියා.
ඒ අවස්ථාවේම මමඑතැනින් පිටව ගියා. එ් අවස්ථාවේ උ.පො.ප.මාතරආරච්චි එතැන සිටි අයට කියා තිබුනා දෙකට ඉස්සෙල්ලා පොලිසියට නාවොත් 45ක් දාලා නඩුවක් එවනවා කියා.
එමෙසේ මා අත්අඩංගුවට ගෙනබොරු නඩුවක් දැමීමට උත්සාහ ගන්නේ - මාගෙන් වසරකටත් අධික කාලයකට පෙර නීතියෙන් වෙන්වී සිටිනසැමියා වූ රන්රොටිගේ නිහාල් හේමචන්ද්‍රව අත්අඩංගුවට ගන්නට බැරි හේතුවෙනි.
ඔහුව අත්අඩංගුවට ගන්න බැරිවිට - මාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරන්නේ, ”කථා කරලා බේරගමු” යයි උ.පො.ප.මාතරආරච්චි ගේ ඉල්ලීමටද එකඟ නොවන නිසා බව ප‍්‍රකාශ කරමි.
ඇය ඉල්ලා සිටින්නේ, ඉංගිරිය පොලිසියේ ස්ථානානධිපති උයද කුමාරඋ.පො.ප.මාතරආරච්චි ප‍්‍රමුඛ නිලධාරීන් විසින්- ව්‍යාජ චෝදනා නගා නඩු පවරා,මාගේත්මාගේ දියණියගේත් ජීවිත විනාශ කර දැමීමට දරන උත්සාහය වලක්වාලන ලෙසටය.

No comments:

Post a Comment