Sunday, August 4, 2013

මේ අපේ රටේ බහුතරයකගේ කථාවයි. බොන්න ගිය ආනන්දට කාසිප්පු බෝතල් 48කට නඩු දමයි.

ITN එකේ අටපට්ටම බලා අැෙඟ් අමාරුවට මද්‍යසාර ටිකක් බොන්න අරුක්ගොඩ සුප‍්‍රකට ‘‘ කසිප්පු චන්ද්‍රගේ’’ ගෙදර තාප්පේ ලඟට ගියා. ගන්න හම්බවුනේ නැ එ් ගෙදර හිටපු පානදුර දකුණ පොලිසියේ නිලධාරින් පස්සෙන් පන්නා අල්ලා මාංච දමා පොලීසියට ගෙනවිත් බොගල් 48කට නඩු දමා රාජපක්සගේ ‘‘මතට තිත’’ තිතට ක‍්‍රියතිමක කළා.පොලීසියේ මෙම නීච ක‍්‍රියාව ගැන මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, පානදුර- ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත ලිඛිත පැමිණිල්ලක් කරන වඩු කාර්මිකයෙකුවු 46 හැවරිදි දෙදරු පියෙක් වන   ආනන්ද ප‍්‍රනාන්දු පානදුර, අරුක්ගොඩ පදිංචි කරුවෙකි. එම පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ. 

‘‘ මා වඩු කාර්මිකයෙක් වශයෙන් සේවය කරන අතර දිනපතා හැන්දෑවට මත්පැන් ටිකක් බීමට පුරුදු වී ඇත. 2013.07.17 වන දින මා බණ්ඩාරගම ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක සේවය කර, සවස 6.30 ට පමණ ගෙදරට පැමිනියා. හැන්දෑවේ 7.30 ට ස්වාධීන රූපවාහිනියේ විකාශනය වන අටපට්ටම නරඹා අවසන් වී මත්පැන් ටිකක් බීමට යෑම සඳහා මාගේ බිරිඳ වන ඈන් ප‍්‍රනාන්දු ගෙන්, රු: 100 ක් ඉල්ලා සිටියා. ඇය ළඟ මාරු සල්ලි නොමැති බව දන්වම්න් රු: 500 ක් ට දුන්නා. මා එයද රැුගෙන අප ප‍්‍රදේශයේ මත්පැන් විකුණන චන්දා යන අයගේ ස්ථානයට ගියා. මා ඔහුන්ට රු: 500 දී මත්පැන් ඉල්ලනවාත් සමගම පොලීසියෙන් එතනට පැමිණි .....  පොලිස් නිලධාරියෙක් මාව අල්ලා ගත්තා..... ඔහු මාගේ අතින් ඇදගෙන චන්දා යන අයගේ නිවසට ගියා..... මගේ අත් දෙකට මාංචු දැම්මා. එතැන හිටපු උසස් පොලිිස් නිලධාරියා පිස්තෝලය මාගේ ඔළුවට තියා, උඹලා තමයි විකුනන්නේ, උඹලා බලා ගනිල්ලා උඹලට කරන දේ කියාමට තර්ජනය කළා. මම කිව්වා සර් මම බොන්නයි ආවේ මම විකුණන්නෙ නැහැ කියා. එම නිවසෙන් ඔවුන් පරණ ටින් එකක්, ඉටි කොළයක් හා අරක්කු පැකට්ටුවක් අරගෙන ගියා.

ඔවුන්ගේ යතුරුපැදිවල අපව නංවාගෙන පානදුර දකුණ පොලීසියට ගෙනාවා. එහි තිබුන බංකුවක අපව වාඩි කළා. ටික වෙලාවකින් නිලධාරියෙක් පැමිණ මාව උඩ තට්ටුවට රැුගෙන ගියා. එහි තිබූ මේසයක් ළඟ පුටුවක මාව වාඩි කරවා මගේ නම ගම විස්තර ඇහැව්වා. උඹට බෝතල් 48 ක් දානවා කිව්වා.......  පසු දින දහවල් 11.00ට මා කූඩුවේ සිටින විට පොලිස් නිලධාරියෙක් පැමිණ නමන ලද කොළ 2 කට මගෙන් ඇඟිලි සලකුණු ගත්තා. දහවල් 1.30 ට පමණ මාව අධිකරණයට ඉදිරපත් කළා. මා සන්තකයේ නීති විරෝධී අරක්කු බෝතල් 48 ක් තබා ගනිමින් විකූනූ බවට චෝදනා කොට 12964 අංකය යටතේ මට විරුද්ධව ව්‍යාජ නඩුවක් පවරා තිබුනා. මම ඇප ලබා ගත්තා. නමුත් මාගේ ඥතීන්ට එදින ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට පොලිස් වාර්තාව ගැනීමට නොහැකිවීම මත 2013.07.31 වන දින දක්වා නැවතත් මට බන්ධනාගාර ගත වීමට සිදු වූවා. 2013.07.31 වන දින මා ගෙදර පැමිනියා.’’

No comments:

Post a Comment