Monday, February 24, 2020

උසාවිය නිහඬ නැතිලූ.!



    පක්ෂව නඩු තින්දුව ලබාදීමට රුපියල් ලක්ෂ තුනක පගාවක් ගැනීමට වරදකරුවූ සුනිල් අබේසිංහ නැමති හිටපු දිස්ත‍්‍රික් නඩු කාරයාට හා එවක ඔහුගේ ආරක්ෂක වශයෙන් සිටි කොස්තාපල් මහින්ද කිත්සිරිට අවුරුද 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් විසි දහසක දඩයක් කොළඹ මහාධිකරණය නියම කළේය.


එයට අමතරව ලබාගත් රුපියල් ලක්ෂ තුනද ගෙවීමට නියම කෙරින.

මෙම පගාව අරගෙන ඇත්තේ, මෙම නඩු කාරයා හෝමාගම උසාවියේ වැඩ කරන කාලයේ පාර්ශව කාරියකගෙන්, පක්ෂපාතී තීන්දුවක් ලබා දීමේ පොරොන්දුව මතය. ඒ 2013 වසරේදීය.

අපට වාර්තා වන අන්දමට, තවත් නඩුකාරයෙකුට විරුද්ධව අල්ලස් නඩුවක් කොළඹ මහාධිකරණයේ පවතී.

උසාවිය නිහඬයි -   ප‍්‍රසන්න විතානගේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වුවද, ඒ පිළිබඳ මහජන කථිකාවක් ඇතිවූ බවක් නම් පෙනෙන්නට නොතිබින.

රංජන්ගේ හඬපට සමග නඩුකාරයින් පිළිබඳව ප‍්‍රසිද්ධියට පත්වූ කරුණු පිළිිබඳව, විද්වත් කථිකාවක් ගොඩ නගන්නට ඉඩ නොදී දේශපාලනීකරණය කර, රට තුල නීතිය මත පාලනයක් එසේ නැතිනම් නතියේ ආධිපතයය ස්ථාපිත තිරිමට, වහාම ප‍්‍රතිසංස්කරණය විය යුතු සමස්ථ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාදාමය, තව තවත් පස්සට ඇද දමන්නට, අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉමහත් ලාභ ප‍්‍රයෝජන ලබන අතලොස්ස ක‍්‍රියා කරන්නේ, ”අධිකරණයට අපහාස කිරීම” යන ”නීතිය” උපයෝගී කරගෙනය.

අල්ලස් ගත් බවට මහාධිකරණයෙන් වරදකරු වූ මෙම හිටපු දිසා නඩුකාරයා වන සුනිල් අබේසිංහ,

1. නීතිඥ වශයෙන් ක‍්‍රියාකරන ලද සමයේ කොතෙක් ආචාර ධර්ම විරෝධී දූෂිත ක‍්‍රියාවන් වල යෙදී තිබේද?

2. මහේස්ත‍්‍රාත්වරයෙකු වශයෙන් ක‍්‍රියාකරන ලද සමයේ තීන්දු ප‍්‍රකාශ කිරීමේදී කොතරම් දූෂිත ක‍්‍රියාවල නිරත වී තිබේද?

3. අත්අඩංගුවට පත්වන්නට පෙර මොහු දිසා විනිසුරුවරයෙක් වශයෙන් කොතරම් දූෂිත ක‍්‍රියාවල යෙදී තිබුනාද?

යන්න සොයා බැලීමට කොමිෂමක් පත්කළ යුතු නැද්ද? අඩුම වශයෙන් මොහු ඉදරියේ නඩු කියා, අතෘප්තිමත් වූවන්ට තම දුක්ගැනවිලි කියන්නටවත් වේදිකාවක් ඇතිකළ යුතු නැද්ද?

මේ ප‍්‍රශ්නය ඊනියා සිවිල් සමාජයට ?

Sunday, February 23, 2020

ගංජා වලට ඉඩ දෙන්න මනිපුරය සූදානම් වේ.



ඉන්දියාවේ මනිපූර් ප‍්‍රාන්ත ආණ්්ඩුව සිය බල ප‍්‍රදේශය තුළ ඖෂධීය හා කර්මාන්ත අවශ්‍යතා සඳහා ගංජා වගා කිරීමට අවසර දීමට සූදානම් වේ.

ආණ්ඩුවේ ප‍්‍රධාන ඇමති මෙම අදහස ඉදිරිපත් කර ඇත්තේ එමගින් රාජ්‍ය ආදායම ඉහළ දැමීමට හැකිවන නිසාය.

ප‍්‍රදේශයේ නීති විරෝධී පොපි වගාවන් විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර, එම වගාවන් වල නිරත ගම්වාසීන්ට විකල්ප ආදායම් මාර්ග ලබාදීමට ද මනිපූර් ආණ්ඩුව පියවර ගනු ඇත.



Thursday, February 20, 2020

ටියුෂන් ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවා රෝහලේ .........


පහ වසර පන්තියේ ඉගෙනුම ලබන සිතුම් කවීෂ නැමැති සිසුවාගේ මුහුණ පුරා ඇඟිලි පහම සිටින ලෙසට පහරදී ඇත්තේ පංති භාර, ශිෂ්‍යත්ව උපකාරක පංති පවත්වා ගෙන යන වසන්ත නැමති ගුරුවරයාය. පානදුර අ`ඵබෝමුල්ල ප‍්‍රාථමික විදහලේ මෙම කෲර වධ හිංසාවට ලක්වූ සිසුවා දැඩි කම්පනයට ලක්ව පානදර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි.

මෙම අපරාධය යටපත් කිරීමට විදුහලේ ආචාර්ය මණ්ඩලයේ සමහරක් මේ වනවිටත් බලපෑම් කිරීමට පටන්ගෙන ඇත. විදුහල්පතිවරයා මෙම මෙලේච්ඡු ක‍්‍රියාව ගැන මේ දක්වාම බලධාරීන්ට පැමිණිලි කර නැත.

මෙම දරුවාගේ පියා දෛනික වැටුපට වැඩ කරන පෙදරේරුවෙකි. ඔහු මේ අමානුෂික පහරදීම ගැන පොලීසිය ප‍්‍රමුඛ බලධාරින්ට ලිඛිතව පැමිණිලි කර ඇත.

නීතියේ ආධිපත්‍ය ගැන කථා කරන දේශන පවත්වන ජනාධිපති ඝෝටාභය මෙම අපරාධය යටපත් කිරීමට පියවර නොගනු ඇතැයි සිතමු.

ළමා අධිකාරිය, මානව හමිකම් කොමිසම හා පොලිසිය බලපෑම් වලට යටනොවි නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි යන අපේක්ෂාව දෙමාපියන්ට ඇත. 




Wednesday, February 19, 2020

එල්ලා මරාදමන තෙක් අරගලය නිම නොවේ.



නිර්භයාව දූෂණය කර මරා දැමූ අපරාධකරුවන් සිව්දෙනා එල්ලා මරා දැමීම මාර්තු 03 දින සිදු කිරීමට නියමිතය.

2012 දී, නිවස බලා එමින් සිටියදී, ශිෂ්‍යාවක් වූ නිර්භයා ව දූෂණය කර දැමීමට අදාළ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් වූයේ 2013 වසරේදීය.

වසර අටක් පුරා එම තීන්දුව ක‍්‍රියාවට නැංවීමට ප‍්‍රමාද වූයේ චූදිතයින් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාවන් නිසාය.

මෙම අපරාධයට හවුල් වූ වරදකරුවන් බවට ඉන්දීය අධිකරණය තීන්දු කරන ලද හය දෙනාගේ එක් අයෙකු බන්ධනාගාරය තුළ මිය යන ලදි. බාල වයස්කාරයෙකු වූ එක් චූදිතයෙකු ව පරිවාස භාරයට පත් කරන ලදි. වසර තුනක පරිවාස කාලය අවසානයේ ඔහුව නිදහස් වී ඇත.

”නිර්භයා” යන නම, ඇයට පටබැඳි නාමය වේ.

අවසාන අධිකරණ තීන්දුවෙන් පසුවද ”නිර්භයා”ගේ දෙමාපියන් පවසන්නේ, සිව් දෙනාව එල්ලා මරන තෙක් ඔවුන් තම දියණියට සාධාරණය ඉටුකර වීමේ අරගලය නිම නොකරන බවයි.

සෙනුදිව දෙවන වසරට ඇතුළත් කරනු. සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිනිය ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි.



2019 පළමු වසරට තම දියණියව ඇතුළත් කිරීම සඳහා නියමිත පරිදි, ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත‍්‍රය, නොසලකා හැරීමට විරුද්ධව නාරාහෙන්පිට පදිංචිකාරියක වූ චමිලා ප‍්‍රභාත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ 2018 ජුනි 16 දිනය.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ආසන්න පදංචිකාරියක් වශයෙන් තම දියණියව එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට ඇය ඉදිරිපත් කරන ලද ඉල්ලූම් පත‍්‍රයට හිමිවිය යුතු ළකුණු ප‍්‍රමාණය විද්‍යාලයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් ලබා නොදුන් බව ඇය අධිකරණය හමුවේ කියා සිටින ලදි.

ඇය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙසට විදුහල්පතිනිය, එ්.ආර්.එම්.ආර්. හේරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුලූ හත් දෙනෙකු නම් කර තිබින.

චමිල ප‍්‍රභාත් මහතා වෙනුවෙන් නීතිඥ ශාලීන් ප‍්‍රනාන්දු මෙය. ගේ උපදෙස් මත නීතිඥ උපුල් කුමාරපෙරුම මහතා පෙනී සිටි අතර, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ, විදුහල්පතිනිය ප‍්‍රමුඛ වගඋත්තරකරුවන් වෙනුවෙන් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ රජීව් ගුණතිලක පෙනී සිටින ලදි.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, එල්.ටී.බී.දෙහිදෙනිය හා ඊ.එ්.පී.ආර්.අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ඉදිරියේ නඩුව විභාග විය.

2020 පෙබරිවාරි 13 වන දින, අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය විසින් ලබාදෙන ලද තීන්දුවට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙනිය එකඟතාවය පළකරන ලද අතර එම තීන්දුවට එකඟ නොවෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ඊ.එ්.පී.ආර්.අමරසේකර වෙනම තීන්දුවක් ලබාදෙන ලදි.

එ් අනුව මෙම නඩු තීන්දුව බෙදුනු තීන්දුවක් විය.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, විනිසුරු දෙහිදෙනියගේ එකඟතාවය මත ප‍්‍රකාශ කර සිටියේ චමිල ප‍්‍රභාත් මහතාගේ දියණියව 2019 පළමු වසරට ඇතූළත් කර නොගැනීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවයි.

එම නිසා ඇයගේ දියණියව, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දෙවන වසරට නොපමාව ඇතුළත් කර ගන්නා ලෙසට නියෝග කරනු ලැබීය.

මෙම නඩු තීන්දුවේ පිටපත් විදුහල්පතිණියට හා අධ්‍යාපන් අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට නියම කරනු ලැබීය.


සටහන:

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී විදුහල්පතිවරු ප‍්‍රමුඛ බලධාරීන් සිදුකරන අක‍්‍රමිකතා, අකටයුතුකම් ¥ෂණ හා වංචා අනන්තය අප‍්‍රමාණය.

එ්වාට එරෙහිවීමට මෙ රටේ හැකියාව ඇත්තේ ‘ඇත්තන්ට’ පමණි. 

නැත්තන්ට කළ හැක්තේ හුල්ල හූල්ලා ඉන්නටය.

තීන්දුව පහත දැක්වේ.






























Tuesday, February 18, 2020

වතුර හොරෙක් පොලීසියේ !! නසනවා තරුණ ජීවිත !!!


පසුගියදා යතුරුපැදියකින් යමින් සිටි අවු: 18, තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ගංජා සුරුට්ටුව ආදේශ කර නඩු දමනු ලැබීය. අධිකරණයේදී බලපෑම්වලට යටත්ව වරදකරු බව කියා, දඩ ගෙවා, ‘ඊනියා නිදහස’ ලබා ගැනීමට එක් තරුණයෙකු "අසරණ” විය.

අනෙක් තරුණයින් දෙන්නා "නිවැරදිකරු” බව ප‍්‍රකාශ කර, ඇප මත නිදහස් වීමට පියවර ගනු ලැබීය. නඩුව ජූලි මසට කල් තැබින. තරුණයින් තිදෙනාව යතුරුපැදිවල තබාගෙන පොලීසියට ගෙන එනු ලැබීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට මූලිකවූ පොලිස් කාරයෝ, එක් තරුණයෙකුට ශාරීරික හා මානසික වධ හිංසා පමුණුවා ඇත්තේ, ඔහුගේ පියා ‘පොලිස් කොස්තාපල් ’ වරයෙකු වීම නිසාලූ. 

මෙම තරුණයින්, තාක්ෂණ විද්‍යාල වල අධ්‍යාපනය ලබන අය වෙති. 

පුද්ගලයින්ව, විශේෂයෙන් ‘තරුණයින්ව’ අත්අඩංගුවට ගෙන, ගරු අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කර හා බොරු චෝදනා නගා , දඩ ගස්සවා, රිමාන්ඞ් කරවා, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය තේරුම්ගත යුතුව ඇත. 

යුක්තිය පසිඳලීමේ සමස්ථ ක‍්‍රමයම දුෂිතය. එය ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත යුතුය. වාද්දුව පොලීසිය සිදුකරන ලද මෙම අපරාධයට මුල්වූ පොලිස් නිලධාරියා වතුර බෝතල් වංචාවකට වැරදිකරු ව, තරු ගලවා ගත් අයෙක් බව ප‍්‍රකාශ වේ.

මෙම තරුණයන් තිදෙනාගෙන් එක් අයෙක් තමාව වධ හිංසාවට ලත් කිරීම ගැන අදාළ ආයතන වන මානව හිමිකම් කොමිෂන් සභාවට,  පොලිස්පතිට පැමිණිලි කර ඇත. 

ප‍්‍රයෝජනයක් වූවත් නැතත් පැමිණිලි කිරීම වැදගත්ය. ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඟන් වේ.

පැමිණිල්ල:-


නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී රඳවා තබාගැනීම, වධ හිංසා පැමිණවීම, ව්‍යාජ චෝදනා නැගීම.

ලක්ෂිත, අවු: 18 යි, ජා.හැ.අ. -----, අවිවාහක, වාද්දුව. දු.අ. 078 --- 

2020.02.05 වන දින දීය.

2020 ජනවාරි 19 වන දින, දවල් 12.30 ට පමණ, ----, එ් අසල සිවිල් පිට හිටිය පොලිස් නිලධාරීන් දෙන්නෙක් මට හා මා සමග සිටි දෙදෙනාට කථා කළා. අප තිදෙනා ඔවුන් අසලට ගියා.

එම නිලධාරීන් දෙන්නා අපව ශාරීරිකව සෝදිසි කර, අප ළඟ තිබූ ජංගම දුරකතන, මුදල් පසුම්බි, ඔවුන් භාරයට ගත්තා. ඊළඟට අප ගමන් ගත් යතුරුපැදිය සෝදිසි කළා. යතුරුපැදිය සෝදිසි කරන අතර, මේ තියෙන්නේ බඩු කියා, යමක් අරගෙන, අප තිදෙනාව අත්අඩංගුවට ගත්තා.

එක් නිලධාරියෙක් ඔවුන් පැමිණි ”හීරෝ ඩෑෂ්” යතුරුපැදියේ ----- ලව නංවා ගත්තා. අප පැමිණි   ”හොන්ඩා ඩියෝ” යතුරුපැදියේ, මාව හා -----කව නංවාගෙන වාද්¥ව පොලීසියට ගෙන ආවා. අපව පොලීසියේ, ”උප සේවය” ළඟට ගෙන ගියා. 

එතැන සිටින විට, පාලන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක වසන්ත, ”උඹ තාත්තාටත් ලැජ්ජා කරනවා” කියා මාගේ කණට ගැහුවා. ඉන් පසුව අප තුන්දෙනාවම පාලන අංශයට ගෙන ගියා.

එහිදී, උ.පො.ප. වසන්ත, මට දණගහපන් පරයා, කියලා දණ ගැස්සුවා. එතැන හිටිය පො.කො. 41144 හෙට්ටිආරච්චි, මාගේ අතේ තිබූ පිරිත් නූල හා බෑන්ඞ් එක ගලවා ගත්තා. ඔහුද මට, දණ ගහගෙන හිටපන් කියමින්, අසභ්‍ය වචනයෙන් බැන වැදුනා. උ.පො.ප. වසන්ත හා පො.කො. 41144 හෙට්ටිආරච්චි, අපගේ තොරතුරු අසමින් ලියන ලදි. මෙසේ පැය 1 1/2 ක් විතර මාව, දණගස්සවා තැබූ අතර අනෙක් දෙන්නා, හිටගෙන හිටියා.

ඉන්පසු කූඩුවට දැම්මා. පැය 1 1/2 ක් විතර කූඩුවේ ඉන්නකොට, සිවිල් පිට පැමිණි නිලධාරියෙක් අප තිදෙනාව, අපරාධ අංශයට ගෙන ගියා. එහිදී නැවත අපගේ නම හා ලිපිනයන් ලියා, ලියුම් කවර තුනකට, ලාකඩ තබා, එයට මාපට ඇඟිලි සලකුණු ගත්තා. නැවත කූඩුවට දැම්මා.

5.30 ට පමණ, පො.සැ. 3426 සිල්වා, කූඩුව ළඟට ඇවිත් -------, කොල්ලා මෙහාට වරෙන් කියලා ඉස්සරහට අඬ ගැහුවා. ඊට පස්සේ තෝ අවජාතකයා තොගේ තාත්තා බේබද්දා, අම්මා බඩුව ආදී  කුණුහරුප කියමින් මට නින්දා අපහාස කළා. පසුදින අපව, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. 

අපි තුන්දෙනාට, වෙන වෙනම නඩු තුනක් දාලා තිබුනනා. අපි තුන්දෙනාටම, ”ගංජා සුරුට්ටු” ළඟ තබා ගැනීම යන චෝදනාව නගා තිබුනා. අප අතරින්, ------ යන අය, චෝදනාවට වරද පිළිගත්තා.

මා හා ----- චෝදනා පිළිගත්තේ නෑ. නිවැරදිකරු කිව්වා. ශරීර ඇප මත මුදාහැරියා. මීළඟ නඩු දිනය: 2020.07.20 වේ.

පසුදින ----, ඔහුගේ හෙල්මට් ගන්න වාද්¥ව පොලීසියට ගොස් තිබුනා. එ් අවස්ථාවේ උ.පො.ප. වසන්ත, ”උඹලා නිවැරදිකරු කිව්වා නේද? උඹලාට හයිකෝට් දානවා. ලැහැස්ති වෙලා හිටපන් කියා තර්ජනය කර තිබුනා.

ක`ඵතර දකුණ පොලීසියේ මොහු පොලිස් පරීක්ෂක තනතුරේ වැඩ කරමින් සිටි අවස්ථාවේ, පානීය ජල බෝතල් වංචා කිරීමට වරදකරු වී, නිලයෙන් පහත හෙලා තිබෙන අයෙකි.

ඉහත නිලධාරීන් අපට විරුද්ධව, ගරු අධිකරණයට, සම්පූර්ණ අසත්‍ය වාර්තා ඉදිරිපත් කර, අපගේ අනාගතය අඳුරු කිරීමට ගත් පියවරක් සේ හඳුන්වමු.

මා ඉල්ලා සිටින්නේ,

01. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම,
02. නීති විරෝධී රඳවා තබාගැනීම,
03. වධ හිංසා පැමිණවීම,
04. ව්‍යාජ චෝදනා නැගීම 
05. නිවැරදිකරු කීමෙ වරදට, හයිකෝට් නඩු දාන බවට තර්ජනය කිරීම පිළිබඳව,

(1) උ.පො.ප. වසන්ත,
(2) පො.කො. 41144 හෙට්ටිආරච්චි,
(3) පො.සැ. 3426 සිල්වා

යන අයට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය.

මෙයට,

ලක්ෂිත   

Monday, February 17, 2020

ඉපදුනු දවසේම දරුවාට බෙහෙත් ගේන්න ගියා, යුනිට් එකෙන් අල්ලා වධ දී, උසාවිය පාවිච්චි කර රිමාන්ඞ් කළා.




නාගොඩ මහා රෝහලේ ඉපදුනු කුඵඳුල් දරුවාට හා මවට අවශ්‍යය බෙහෙතක් ගේනන ඔසුහලට යන අතර කඵතර යුනිට් එකෙන් අල්ලාගෙන ගොස් වධ දී කුඩු ග‍්‍රෑම් 5 ක් සමග අත්අඩංගුවට ගත් බවට ගරු උසාවියට බොරු කියා, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබූ තම සැමියා ගැන බිරිඳ මානව හිමිකම් කොමිෂන් සභාවට,  පොලිස්පතිට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට, කරන තිබෙන පැමිණිල්ල.


අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහර දී, ව්‍යාජ චෝදනා මත නඩු පවරා, බන්ධනාගාරගත කරවීම.

හංසිකා, අවු: 24 යි, ජා.හැ.අ.9---, වවාහක, දරුවන් 01 යි, ලිපිනය : මතුගම.
දු.ක. 07*** 2020.02.07 දිනදීය.
අසංක , අවු: 34 යි, කම්කරු - මාගේ සැමියා වේ.

2020.02.02 දින, ප:ව: 2.15 පමණ, කඵතර නාගොඩ රෝහල අසල, ඔසුසල අසලදී, කලූතර පොලිස් අධිකාරී කාර්යාලයේ පවත්වාගෙන යන, යුනිට් එකේ සමන්ත නැමැති නිලධාරියා ඇතුලූ නිලධාරීන් 04 කු විසින්, මාගේ සැමියාව අත්අඩංගුවට ගෙන, යුනිට් එකට (SSP කාර්යාලයට) ගෙන ගොස්, අමානුෂික ලෙස පොලූවලින් පහර දී තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව යුනිට් එක මගින් මාගේ අම්මාට දුරකථන ඇමතුමක් දී, සැමියාව අත්අඩංගුවට ගත් බව දනුම්දී තිබුනා. එ වන විට මා සිටියේ දරුවා ලැබී කලූතර නාගොඩ මහා රෝහලේ. දරුවා බිහිවූයේ 2020.02.01 දිනයි. 2020.02.02 දින සැමියාව අත්අඩංගුවට ගෙන තිබුනේද රෝහල මගින් නියම කරන ලද බෙහෙත් ගැනීමට සැමියා ඔසුසලට ගිය අවස්තාවේදීය. 

එදිනම (02 දින, සවස 5 ට පමණ, යුනිට් එක මගින්, රෝහලේ සිටි මාහට දුරකතන ඇමතුමක් දී, සැමියාව අත්අඩංගුවට ගත් බවත්, ඔහුව කලූතර දකුණ පොලිසියට ගෙන ගිය බවත් දන්වා සිටියා. මා රෝහලෙන් ටිකට් කපාගෙන, සවස 6 ට පමණ කලූතර දකුණ පොලිසියට ගියා. 

මා යන විට සැමියා සිටියේ කූඩුව තුලයි. ඔහුගේ හිසට පිස්තෝලයක් තබා, පයින් පහරක් ගසමින් ජීප් රථයට තල්ලූ කර දැමූ බවත්, ඔහුට අමානුෂික ලෙස පොලූවලින් පහර දුන් බවත්, පොලූ පහරවල් 6ක් පමණ කකුල් වලට වැදුනු බවත් සැමියා මා සමග පවසා සිටියා. ඔහු සිටියේ ඉතාමත් වේදනාවෙන්. 

පසු දින එනම් 2020.02.03 දින, උදේ 7 ට පමණ, මා හා ඥතීන් සැමියාව බැලීමට පොලිසියට ගියා. අප සවස 3 පමණ තෙක් පොලිසියේ රැුඳී සිටියා. පසුව සවස 3 ට පමණ, සැමියාව කලූතර අධිකරණයට ගෙන ගියා. ඔහුට එරෙහිව මත්කුඩු ග‍්‍රෑම 05 ක් ලඟ තිබී හමුවූ බවට ව්‍යාජ චෝදනාවක් නගා තිබුනා. ඔහුව 2020.02.10 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

මාගේ සැමියා මත්කුඩු භාවිතා කරන්නෙකි. නමුත් කිසිම දිනක ඔහු ජාවාරම් කර නොමැත. 

මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ සැමියා අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පොලූවලින් පහරදීම,

2. ඔහුට එරෙහිව ව්‍යාජ චෝදනා නගා, බන්ධණාගාරගත කිරීම, 

සම්බන්ධයෙන්, කලූතර යුනිට් එකහී සමන්ත නැමැති නිලධාරියා ඇතුලූ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායනුකූල පියවර ගන්නා ලෙසටත්,

3. එම නිලධාරීන් විසින් පහර දීමෙන් ඉතාමත් වේදනාවෙන් පසුවූ මාගේ සැමියාව බන්ධණාගාර රෝහලට යොමුකර හෝ වෙනත් රෝහලකට යොමු කර, වෛද්‍ය ප‍්‍රථිකාර ලබා දෙන ලෙසටත්, ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදරිපත් කරවීමට කටයුතු කරනා ලෙසටත්ය.

මෙයට,
 හංසිකා 

ශ‍්‍රී ලංකාවේ පොලීසියේ ඉහළයින් දුෂිතයින්, වංචාකාරයින්, මිනීමරුවන මෙන්ම නිවටයින් බවට, දැනට විවිධ චොදනා යටතේ බන්ධනාගාර ගතව සිටින පොලිස්කාරයින්ගෙන් මොනවට පැහැදිළි වේ. 

කුඩු ගේන්නේ ව්‍යාපාරිකයින්ය, මහා එවුන්ය. එයට පොලීසිය හා දේශපාලකයින් සෘජුව හවුල්ය. ආගමික නායකයින්ගේ පූර්ණ ආශිර්වාදය ඔවුන්ට හිමිය.

අධිකරණය පිළිබඳව මේ රටේ ජනතාවට ඉතා හොඳ වැටහීමක් ඇත.

මේ ඉහළයින්ට සාමිණ්‍යය ජනයා ‘සර්’ කියා අමතන්නේ, ‘වඳින්නේ‘, ‘එකත්පස්ව‘ සිටින්නේ, ඔවුන්ට ඇති ගෞරවය නිසා නොව, මූනිච්ඡුාවටය.

එ් බව වැඳුම් ලබන්නා එකා මෙන්ම වඳිනා එකාත් හොඳාකාරව දනී.

මෙම ඊනියා ”ගෞරවය” පුපුරා යන දවසක් එනු ඇත. එයට රන්ජන්ගේ හඬ පට මුලපුරා තිබේ. එදිනට මේ ඉහළයින්ගේ මූණට කෙළ ගසන්නේ ”නීතිය” වල් වැදීම නිසා පීඩාවට පත් වූවන්ය.

එම තත්ත්වයට එ්මට පෙර යුක්තිය පසිඳලීමේ, සමස්ථ පද්ධතියම උඩුයටිකුරු කළ යුතුව තිබේ. කථා කරමු. එ් හඬ උන්ට ඇහෙනු ඇත.



Friday, February 14, 2020

බාර් ලයිසන් නැහැ. මාසෙකට නඩුවක් දෙනවා. ඒක ලාභයි.


මේ, සංචාරක කළාපවල විශේෂයෙන්, විදේශකයින් සඳහා පවත්වාගෙන යන රෙස්ටුරන්ට්, හෝටල් හා ලැගුම්හල් වල අයිතිකරුවන් කියන කථාවකි.

විදේශ සංචාරකයින්ට මත්පැන් අත්‍යාවශ්‍යය. අඩුම වශයෙන් ‘‘බියර්’’ වත් තියෙන්න  ඕන. 

අපේ රෙස්ටුරන්ට් වලට, හෝටල් වලට, ලැගුම්හල් වලට එන සංචාරකයන් ‘‘බියර්’’ ඉල්ලනවා. මත්පැන් ඉල්ලනවා. අපිට අඩුම වශයෙන් ‘‘බියර්’‘ විකුණන්නවත් ලයිසන් දෙන්නේ නෑ. මැති ඇමතිවරුන්ට ලයිසන් අරන් දෙන්න ලංසු තියන්නේ මිලියන ගණන් වලින්. 

අපි ලයිසන් නැතිව විකුණනවා. ඒ බව පොලීසිය, සුරාබද්දෝ දන්නවා. කරදරයක් නැතිව අපිට ව්‍යාපාරය කරගෙන යන්න ඔවුන් අපිට සහයෝගය දෙනවා. ඒ කියන්නේ පැන පැන අල්ලන්නේ නෑ. හැබැයි මාසෙකට නඩුවක් දෙන්න  ඕන.

උසාවි ගිහිල්ලා වරද පිළිගන්නවා. දඩය රුපියල් දහ දාහයි. ඒක ගෙවලා එනවා. එ ගොල්ල ආවාම කන්න බොන්න දෙනවා. කීයක් හරි ඉල්ලූවොත් ඒකත් දෙනවා. පාඩු නෑ. සහජීවනය හා සංහිඳියාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක් ගැන අපිට තේරෙනවා.

සංචාරක කළාපවල ලියාපදිංචි රෙස්ටුරන්ට් වලට, හෝටල්වලට, ලැගුම්හල්වලට මත්පැන් විකිණීමට අවසර දීමෙන් ව්‍යාපාරය දියුණුවෙනවා මෙන්ම අල්ලස හා දූෂණය නවතිනවා.  

Tuesday, February 11, 2020

දිල්ලියේ බලය තෙවන වරටත් අරවින්ද කර්ජිවාල්ට






දිල්ලිය ආසන 7ද කින් සමන්විතය. එහි ආසන 62 ක් දිනා ගැනීමට අරවින්ද කර්ජිවාල්ගේ ආම් අස්මි පක්ෂයට (AAP) මෙවර මැතිවරණයේදී හැකි විය.

දිල්ලියේ බලය ලබා ගැනීමට මෝඩිගේ භාරතීය ජනතා පක්ෂයට ආසන 8 ක් හිමිවිය. ගිය වරට වඩා ආසන කිහිපයක් දිනා ගැනීමට හැකි විය.

හිටපු අගමැති මංමෝහන් සිං නායකත්වය යටතේ කළ ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂයට එකදු ආසනයක් දිනා ගැනීමටනොහැකි විය.

දුප්පතුන් සහන රැුසක් ලබා දී තිබේ. AAP පක්ෂය ඉදිරියේදී විදුලි ඒකක 200 ක් නොමිලයේ ලබාදීමට පියවර ගෙන ඇත.


බැල්ලිගේ පුත්තු එක්ක ගණුදෙනුව ඉවරයි. පිලිපීන ජනාධිපති ඇමරිකාවට කියයි.



1999 සිට ඇමරිකාවට හා පිලිපීනය අතර පවතින ”ඇමරිකානු හුමදාවට පිලිපීනයේ සංචාරය:(VFA) ” ගිවිසුමෙන් පිලිපීනය ඉවත් විය.

පැවති ගිවිසුම යටතේ, ඇමරිකානු හමුදාවලට පිලිපීනයේ සංචාරය කිරීමට පමණක් නොව පිලිපීන නීති රීති වලට ඔවුන් යටත් නොවන්නේය.

මෙම ගිවිසුම අවසන් කිරීමට පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩියුරට් තීරණය කළේ එරට නායකයින් කිප දෙනෙකු ට ඇමරිකාවට ඇතු`ඵ වීම සදහා ”වීසා” නොදීමේ, ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප් ගේ තීරණයට එකට එක කිරීමක් වශයෙනි.

පිලිපීනය මේ වන විට, චීනය හා රුසියාව සමග කිට්ටු සම්බන්ධයක් ගොඩ නැගීමට පටන්ගෙන තිබේ.

Monday, February 10, 2020

සුද්දියෙක්, සංචාරක පොලිසිය වධකාගාරයක් කරවයි.



කලූවාමෝදර ප‍්‍රදේශයේ පදිංචි ජර්මන් ජාතික ගැහැණියක සතුටු කරන්න, රෝහති ට වධ දෙනු ලැබුවේ ඇගේ රුපියල් කෝටි 4 1/2 වඩා වටිනා රත්තරන් හා මුදල් මංකොල්ලා කා ඇති බවට කර තිබූ පැමිණිල්ලකටය.  2020 ජනවාරි 21 දින මොහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ අලූත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විසින්ය.

ඔහු විසින් - අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, අමානුෂික වධහිංසා පමුණුවා, බන්ධනාගාරගත කිරීම පිළිබ`දව මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස්පතිට කරනු ලැබූ පැමිණිල්ලේ මෙසේ ස`දහන් වේ.

" 2020 ජනවාරි 21 දින, උදේ 8 ට පමණ මට, අලූත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප.අමිල ජයසේකර, දුරකතනයෙන් කතා කලා. මාව ඒ වන විට කිහිපවතාවක් පොලිසියෙන් ඇවිත් සොයා තිබූ නිසා, මම කිව්වා දැන් මම පොලිසියට එනවා බාර වෙන්න කියලා.

එවිට ඔහු කිව්වා, ‘‘එන්න  ඕනි නැහැ, මම එනවා ඉන්න තැන කියන්න” කියා.  මම කිව්වා, මම මගේ අයියාගේ රෙස්ටුරන්ට් එකේ ඉන්නවා කියා. මම එතන ඉන්න විට, උදේ 8.30 පමණ උ.පො.ප.අමිල ජයසේකර, සැරයන් බන්ධු සමග සිවිල් පිට, යතුරු පැදියෙන් ආවා. එතැන මාගේ අයියා, ඔහුගේ බිරිඳ හා මාගේ බිරිඳ හිටියා.

උ.පො.ප.අමිල ජයසේකර මට යතුරු පැදියේ නගින්න කියා. සැරයන් බන්ධු පිටුපසින් නැග මාව මැදන් තියාගෙන, මොරගල්ල සංචාරක පොලිසියේ, කොටර්ස් එකට ගෙන ගියා. මාව ගෙනියන විට නිලධාරීන් තුන්දෙනෙක් සිටියා. එක් අයෙක් සංචාරක පොලිසියේ ස්ථානාධිපති. එහිදී උ.පො.ප.අමිල ජයසේකර මට කිව්වා, උඹව ගෙන ආවේ මංකොල්ලයක් ගැන දැනගන්න. උඹලා තමයි කරලා තියෙන්නේ, බඩු ටික දියන් යයි කිව්වා.

මට ඔහු පහරවල් කිහිපයක් ගසා, කියන ලෙසට ඉල්ලා සිටියා. එසේ ඉන්න විට, අලූත්ගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප.උපුල් පැමිණියා. ඔහු ආවාට පසුව මාංචු දැම්මා. ඔහු උ.පො.ප.අමිල ජයසේකරට කිව්වා හුරතල් කරකර ඉන්නේ නැතිව විස්තරය කියන්න කියා.
එවිට උ.පො.ප.අමිල ජයසේකර කිව්වා- කලූවාමෝදර සුද්දි ගේ ගෙදරට පැනලා, සුද්දිගේ බෙල්ලට පිහියක් තියලා, ඔරලෝසුවයි, මුුද්දයි, කෝටි 4 1/2 ක් වටිනා රණ්භාන්ඩ, මංකොල්ලා කාලා තියෙනවා, කියා. ඊට පස්සේ ස්ථානාධිපති පාරවල් කිහිපයක් ගැහුව්වා. එ් සමගම උ.පො.ප.අමිල ජයසේකරද යන්න ගියා.

ඊට පස්සේ එතැනට උ.පො.ප.හේරත් හා පො.කො.කීර්ති පැමිණීයා. ඔවුන් ආ විගස මට අතින් පයින් පහර දුන්නා. ඉන්පසු උ.පො.ප.හේරත් ඔහුගේ ජංගම දුරකතනයේ තිබූ වධ දෙන පිංතූර පෙන්වා, මේ විධිහට වධ දෙන්න ඉස්සෙල්ලා මංකොල්ලය ගැන කියන්න කිව්වා. මම ඔවුන්ට පුන පුනා කිව්වා මා එ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියා. ඒ වෙලාවේ මාංචු ගලවා, මට ඇඳුම් ගලවන්න කිව්වා. ඇඳුම් ගැලෙව්වාට පසුව මගේ ටී ෂර්ට් එකෙන් ඇස් දෙක බැඳලා, මාංචු දාලා බිම වාඩි කරවා, අත්දෙක දණිස් දෙක අස්සෙන් තියා, ගැල්වනයිස් බටයක් යවා, එයින් අල්ලා මේසයක් හා පුටු ඇන්දක් අතර තිබ්බා. ධර්මචක‍්‍ර ක‍්‍රමයට එල්ලූවා. පොල්ලකින් යටිපතුල් වලට ගැහුව්වා. අතින් පයින් මුහුණට අතින් පයින් මුහුණට, ඇගේ හැමතැනටම ගැහුව්වා. උ.පො.ප.හේරත් ඊලඟට ඔය කොච්චි දිය කරලා මූට දාමු යයි කිව්වා. මගේ කටට, පුරුෂ ලිංගයට හා ගුද මාර්ගයට වක්කලා.

ඒ අතර, කුණූ හරප කියමින්, මට අවජාතකයා යයි කියා බනිමින් නින්දා කලා. මාව මගේ දෙමාපියන් අරන් හදාගත්ත නිසා තමයි අවජාතකයා කියා පරිභව කළේ. විනාඩි 20 ක් පමණ එසේ කර බිමට බෑවා. මම වතුර ඉල්ලූවාම වතුර බිංදු කිහිපයක් කටට වැක්කෙරුවා. විනාඩි 10 ක් විතර එසේ තබා නැවත පෙර විධිහටම එල්ලා වධ දුන්නා. එ් ආකාරයට හතර වරක් මා එල්ලා වධ දුන්නා. එ් හතරෙන් පස්සේ මාගේ මාංචු ගලවා, මාව අල්ලා නැගිට්ටෙව්වා. එහෙට මෙහෙට ඇවිද්දෙව්වා. එ් අතර මට කුඩු  ඕනෑද කියා ඇහුව්වා.

මට තේ දෙන්න හැදුවා. මම වතුර විතරක් බිව්වා. ඇඳුම් ඇඳගන්න දුන්නා. රාත‍්‍රී 7 ට විතර ජීප් රථයෙන් අලූත්ගම පොලිසියට ගෙන ගියා. මාව කූඩුවට දැම්මා. ගෙදර අයට බලන්න දුන්නා. ගෙදරින් කෑම ගෙන ආවා. බදාදා රාත‍්‍රී 8.30 පමණ, නීතිඥවරුන් 4ක් මාව බලන්න ආවා.

2020.01.23 දින, සවස 4 ට කලූතර මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ගියා. වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා පොලිසියේ ඉල්ලීමට 2020.01.29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා.

2020.01.29 දින අධිකරණයෙන් මට ඇප ලබා දුන්නා. මීළඟ නඩු දිනය 2020.06.17 දින වේ.

මාව 2020.01.23 දින කලූතර බන්ධනාගාරයට ඇතුලත් කරන වටදී, මම ඔවුන්ට කිව්වා පොලිසියෙන් ගහපු බව. පසු දින බන්ධනාගාර රෝහලට ගෙන ගියා. එතන දින 2ක් හිටියා.

ඇප ලබා ගැනීමෙන් පසුව, 2020.01.29 දින මට අමාරු වුනත්, පසුදින අධිකරණයට ඉදිරිපත් වීමට තිබූ නිසා, ප‍්‍රතිකාර ගන්න ගියේ නැහැ. 2020.01.30 සවස, වෛද්‍ය ඥනසේකරම් ව, කලූතර පිලිප් නර්සිං හෝර්ම් එකේදී චැනල් කලා. ඔහු කිව්වා ප‍්‍රතිකාර කරන්න බැහැ, නාගොඩ මහා රෝහලට යන්න කියා. 2020.01.31 දින ඒ අනුව රෝහල් ගත වුනා. 2020.02.01. දින ටිකට් කැපුවා.

මා ඉල්ලා සිටින්නේ,

1. මාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගන්නා ලද,
2. නීති විරෝධීව රඳවා තබාගන්නා ලද,
3. කෲර අමානුෂික වධහිංසාවන්ට පාත‍්‍ර කරන ලද,
4. ව්‍යාජ චෝදනා නගා නඩු පවරන ලද,

අලූත්ගම පොලිසියේ,
1. ස්ථානාධිපති ප‍්‍ර.පො.ප.උපුල්
2. අපරාධ අංශයේ ස්ථානාධිපති - උ.පො.ප.අමිල ජයසේකර
3. එම පොලිසියේ පො.කො.බන්ධු,
4. එම පොලිසියේ උ.පො.ප.හේරත්
5. එම පොලිසියේ පො.කො.කීර්ති
6. සංචාරක පොලිසියේ ස්ථානාධිපති ට,
එරෙහිව නීතිමය හා විනායුනුකූල පියවර ගන්නා ලෙසටය.

මා අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධහිංසා පමුණූවීම සම්බන්ධයෙන්, මාගේ බිරිඳ  විසින් 2020.01.31 දාතමින් ඔබ වෙත පැමිණිලි කරන ලද බව සිහිපත් කරමි.

මෙයට,
අ.ක/රෝහිත
පොලිස් අපරාධ නතර නොකර, රටේ අපරාධ අවම කිරිමටවත් නොහැක. පොලිස් අපරාධවලට එරෙහිව කථා කරමු. පවතිනිනාවු යුක්තිය පසඳලීමේ ක‍්‍රමය හෙළිදරව් කරමු.
මේ හා සම්බන්ද වීඩියෝව - 
https://www.youtube.com/watch?v=NFyHB7OnxGM



Saturday, February 8, 2020

ඉන්දීය යුද්ධ හමුදාවට Made in India AK 203 ස්වයංක‍්‍රීය රයිෆල් ලක්ෂ පනහක්


මිලියනයක් වන ඉන්දීය යුද්ධ හමුදාවේ සොල්දාදුවන් ස`දහා AK 203 වර්ගයේ ස්වයංක‍්‍රීය රයිෆල් වලින් සන්නද්ධ කිරීමට මෝඩි රජය පියවර ගෙන තිබේ.

රුසියාව හා එ්කාබද්ධ නිශ්පාදනය කරන, ලෝ ප‍්‍රකට AK රයිෆල්, 670,000 ක් ප‍්‍රථම අදියරේ දී නිපදවීමට අපේක්ෂා කරයි.

ලෝකයේ විශාලතම ජනගහනයක් සහිත, ලෝකයේ දෙවන විශාලතම යුද්ධ හමුදාව තිබෙන ඉන්දියාව, ආනයනික යුද්ධ උපකරන මත යැපෙන්නේ කෙසේද යැයි අගමැති මෝඩි ප‍්‍රශ්න කරයි.

තම හමුදාවට අයත් සියලුම අවි, තම රටේම නිපදවීම ඉන්දියාවේ ඉලක්කය වී ඇත.

මෙම අවි ලෝකයේ අන් රටවලට ආනයනය කිරීමට ද ඉන්දියාවේ අපේක්ෂාවයි.



වංචාකරුවන් රැකීම අපේ ප‍්‍රතිපත්තිය ලංකා බැංකුව හා කොමර්ෂල් බැංකුව ප‍්‍රකාශ කරයි.



සිත්ති සියානා 34 හැවිරිදි තරුණියකි. වසර 10 ක් මැදපෙරදිග ගෘහ සේවිකාවක් වශයෙන් කඹුරා වවාහයක් කරගන්නට සිහින මවනු ලැබූවකි.

ඇයගේ ඥති සහෝදරයෙක් ඇගෙන්, දෙන්නන් පොරොන්දුවට රුපියල් ලක්ෂ හතරක් ලබා ගත්තා. ඒ සඳහා ඇයට පොරොන්දු නෝට්ටුවක් හා චෙක්පත් දෙකක් දෙන ලදි.

ඇය අල්ලා දෙවියන් කෙරෙහි විශ්වාස තබා මේ ගණුදෙනුව කර ඇත. අල්ලා දෙවියන් දැන් ඇයට පිටුපා ඇත.

පොරොන්දු කඩ කිරීම ගැන ඇය පළමුවෙන් ගියේ ක`ඵතර දකුණ පොලීසියටයි. 

එහිදී සුපුරුදු පරිදි වංචාකරුගෙන් පගාව රැුගෙන ඇයව ඇයව අතරමං කර දැමුවේ මුදල් වංචාව, මුදල් ගණුදෙනුවක් කරමින්ය.

දැන් ඇයට පොලීසිය කියන්නේ නඩු දුාන්න චෙක්පත් නිකුත් කර ඇති ගිණුම් හිමිය්නගේ තොරතුරු ලබා ගැනීමට ඇය බැංකුවට ගියාය. බැංකු කියන්නේ, ගිණුම් හිමියන්ගේ තොරතුරු දෙන්න උසාවි නියෝග ගේන ලෙසටය.

නඩු දාන්න ගිණුම් හිමියන්ගේ තොරතුරු අවශ්‍ය බව පොලීසිය කියයි. 

මේ ගැන ඇයට කළ හැකි එකම දෙය එනම්, පොලීසියට, බැංකුවලට ලිවීමය. ඇය එය කළේය. එ්වාට පිළිතුරු බැංකු දෙකෙන්ම ලැබින. එනම් තම බැංකුවේ ගිණුම් පවත්වාගෙන යන වංචාකරුවන්ගේ තොරතුරු දෙන්න බැංකුවලට නොහැකි බවයි.


මෙය මහ බැංකුව ඇතු`ඵ සැම බැංකුවකම ප‍්‍රතිපත්තියලූ. වංචාකරුවන් ¥ෂිතයන් ආරක්ෂා කිරීම බැංකු ප‍්‍රතිපත්තිය බව ප‍්‍රකාශ වී ඇත.

ඇය පොලිස්පතිට, බැංකුවලට ලියන ලද ලිපි පහත දක්වමු.

මෙම කරුණු ගැන ඔබට යමක් කළ හැකිය. එනම ප‍්‍රචාරය කරන්න. 

තවත් පාඩමක් ඇත. එනම් අගරු චෙක්පත් දී, මුදල් වංචා කර,  මේ උතුම් රටේ නිදහසේ සිටිය හැකි බවයි. 

කියවන්න, ෂෙයාර් කරන්න, සිත්ති ගේ ලිපිය, ජාති ආගම් බෙදීම් දුරලන්න. එ දුෂණයට, වංචාවට එරෙහිව කථා කරන්න.

 සිත්ති - ක`ඵතර.   
දිනය- 2020.02.05

01. පොලිස්පති,  පොලිස් මූලස්ථානය,     කොළඹ.

02.  මූලස්ථාන පොලිස් පරීක්ෂක,  පොලිස් ස්ථානය,  ක`ඵතර - දකුණ.

03. කළමණාකරු,  ලංකා බැංකු ශාඛාව, බෙන්තොට.

04. ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ,  ලංකා බැංකුව ප‍්‍රධාන කාර්යාලය,  කොළඹ 

05. කළමණකරු, කොමර්ෂල් බැංකුව, අලූත්ගම.

07. ප‍්‍රධාන විධායක අධ්‍යඛෂක,  කොමිර්ෂල් බැංකුව, තැ.පෙ.856, කොළඹ - 01.

08. ලේකම්,  මුදල් අමාත්‍යංශය හා මහා භාණ්ඩාගාරය,  කොළඹ - 01.

09. අධිපති,  ශ‍්‍රී ලංකා මහා බැංකුව,  අංක 30, ජනාපති මාවත,  කොළඹ - 01.

රුපියල් ලක්ෂ 04 ක් වංචා කිරීම.
පැමිණලි අංකය :
MCR/3572/18   හා CDB 199/35

මෙම වංචාව, සෘජුව සිදු කරන ලද්දේ -
1. මොහොමඞ් රහුමාන් මොහොමඞ් ඉර්ෂාන් විසින්ය.
පදිංචිය : 255, අලූත් පල්ලිය පාර, මහහීටියන්ගල, කලූතර.

2. මෙම වංචාවට අදාලව අගුරු චෙක් පත් නිකුත් කරනු ලැබීය.
   2.1 ඉන් එකක් කොමර්ෂල් බැංකු චෙත්පතකි.
   2.2 අනෙක ලංකා බැංකු චෙක්පතකි.

3. මෙම වංචාව ගැන, මා කලූතර දකුණ පොලිසියේ පැමිණිලි කළෙමි. ඉහත දක්වා ඇත්තේ එම පැමිණිලි අංකය වේ.

4. කලූතර දකුණ පොලිසිය, වංචාකරු, මොහොමඞ් රහුමාන් මොහොමඞ් ඉර්ෂාන් ව, පොලිසියට ගෙනවිත් ප‍්‍රකාශ ගන්නා ලදි.

5. ඉන් අනතුරුව පොලිසිය, මෙම වංචාව ”මුදල් ආරවුලක්” ලෙසට හුවා දැක්වීමට පටන් ගන්නා ලදි.

එ් මොහොමඞ් රහුමාන් මොහොමඞ් ඉර්ෂාන් ගෙන් අල්ලස් ලබා ගෙනය. (එ් පිළිබඳ විස්තර මා මීට පෙර දන්වා ඇත.*

6. සමථ මණ්ඩලයට පැමිණි මොහොමඞ් රහුමාන් මොහොමඞ් ඉර්ෂාන් වංචනිකව මුදල් ලබා ගැනීම පිිළිගෙන, රු: 3000/= බැගින් ගෙවීමට කැමැත්ත පළ කරන ලදි. නමුත් සමථයකට පැමිණයේ නැත. 

7. සමථ මණ්ඩලයද, මුදල් වංචා කිරිම ”මුදල් ආරවුලක්” ලෙසට හැඳින්වීමට පටන් ගන්නා ලදි. එ් පොලිසියේ අවශ්‍යතාවය මතය.

8. පොලිසිය මොහොමඞ් රහුමාන් මොහොමඞ් ඉර්ෂාන් ගෙන් අල්ලස් ලබාගෙන, මට ”සිවිල් නඩුවක්” දාගන්නා ලෙස උපදෙස් දෙමින්, නඩු දැමීම මේදක්වා මග හරිනු ලබයි.

9. අගුරු චෙක්පත් නිකුත් කිරීම පිළිබඳව - පැමිණීල්ල බාර ගැනීම පොලිසිය ප‍්‍රතික්ෂේප කරනු ලැබීය.

පොලිසිය කියා සිටියේ, එම චෙක්පත් නිකුත් කර ඇත්තේ, කවුරුන් විසින් ද යන්න ස`දහන්ව නැති නිසා නීතිමය පියවර ගැනීමට නොහැකි බවයි.

10. එකී පසුබිම තුල, මා, චෙත්පත් නිකුත් කර තිබූ බැංකු ශාඛා දෙකකින්, වංචනික චෙක් පත් නිකුත් කල, ඔවුන්ගේ ගිණූම් හිමියන් දෙදෙනා පිළිබඳ විස්තර ඉල්ලා සිටියෙමි.

11. එම බැංකු දෙකම, මට ලිඛිතව දනුම් දී සිටියේ, ගිණූම් හිමියන් පිළිබඳ විස්තර ලබා දීමට, උසාවි නියෝගයක් ගෙන එන ලෙසටය.

වගකිවයුතු සියලූ දෙනා වෙත,

මා ප‍්‍රකාශ කරන්නේ, වසර 10 ක්, විදෙස් ගතව සිට, හම්බකරගත් මෙම මුදල වංචා කිරීම පිළිබඳව මාගේ පැමිණිල්ල, 2018 වසර සිට, අවම වශයෙන් අධිකරණයට ඉදරිපත් කරන්නේ නැතිව, වංචාකරුවන් ආරක්ෂා කිරීමට පොලිසිය හා බැංකු ද පියවර ගෙන ඇති බවයි.

මේ පිළීබඳව නීතිඥවරයෙකුගේ උපදෙස් පැතුවෙමි. ඔහු මාගෙන් රු: 80,000/= ක් නඩුව ආරම්භ කිරිමට අවශ්‍ය බව කියා සිටී.

රටේ සියලූ ආයතන තියෙන්නේ වංචාකරුවන් ආරක්ෂා කිරිමටද ?, නීති සියල්ලම තිබෙන්නේ වංචා කිරීමටද ?. පිළිතුරු ලබා දෙන්න.

යුක්තිය ඉටු කරන ලෙසට මා ඉල්ලා සිටිමි.

මෙයට,

සිත්ති 

Monday, February 3, 2020

එංගලන්තයේ පිහි හරඹ වල යෙදුන මුස්ලිම් ත‍්‍රස්තවාදයාව වෙඩි තබා මරා දමයි. මාස තුනක් තුළ දෙවනියා. ත‍්‍රස්ථ මර්දන නීති දැඩි කරනවා අගමැති බොරිස් ජොන්සන්.


 ඉරිදා, පෙ.බ. 2, දකුණු ලන්ඩන් නුවර මෙම ත‍්‍රස්තවාදියා දෙදෙනෙකුට පීහියෙන් පහර දෙන අවස්ථාවේ අසල සිටි සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙකු විසින් මොහුට වෙඩි තබා මරා දමනු ලැබීය. පසුගිය නොවැම්බර් මස මේ ආකාරයටම මුස්ලිම් ත‍්‍රස්තවාදයකු පොලිසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබීය. 

සුදේශ් අම්මාන් නමැති විසි හැවිරිදි මොහු මීට පෙර SIS සංවිධාන  කටයුතු සම්බන්ධයෙන් සිරගතව සිටි අයෙකි. ලන්ඩන් නුවර නගරාධිපති සාදික් ඛාන් මෙය හුදකලා සිදුවීමක් බවත් සමාජයේ දෙකට කඩකිරීමේ ත‍්‍රස්තවාදීන්ගේ උත්සාහය පරාජය කරන බවත් පවසා ඇත.

මෙම සිද්ධිය සමග සිරගත කරන ලද ත‍්‍රස්තවාදීන් මුදා හැරීම පිළිබඳව දැඩි කතාබහට ලක්ව ඇති අතර, ත‍්‍රස්තවාදි මර්ධන නීති දැඩි කරන බවට ප‍්‍රතිඥාවක් අගමැති බොරිස් ජොන්සන් ලබාදී තිබේ.

Sunday, February 2, 2020

වරක් කුඞ්ඩෙක් ! හැමදාමත් කුඞ්ඩෙක් !! පොලිස් අපරාධවල ගොදුරක් !!!


"කුඩු ජාවාරමේ" ආසන්නතම අතකොඵව පොලීසියයි. ‘‘කුඩු” මර්ධනයට මුවා වී සිදුකරන අපරාධවල ගොදුරු වන්නේ කුඩු බොන කුඩු කාරයෝය.

මොරටුවේ, නිලන්ත, පොලිස් අපරාධවල ගොදුරක් බවට පත්ව උන් හිටි තැන් අහිමි කරගත් අයෙකි. ඔහු පොලිස්පති, මානව හිමිකම් කොමිෂම වෙත කරන ලද පැමිණිල්ලට අවධානය යොමු කරන්න.



අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීම 
වළක්වාලන ලෙස කරනු ලබන ඉල්ලීම.

 නිලන්ත, අවු: 37 යි, විවාහක, රැුකියාව: වෙළඳාම. මෝදර, මොරටුව. 

2020.01.31 වන දින දීය.

(1) මා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුව සිටි අයෙක්මි.

(2) මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට නඩු තුනක්, මා හට එගොඩ උයන පොලීසිය පවරනු ලැබූ අතර එ්වාට මා වරද පිළිගෙන දඩ ගෙවනු ලැබීය. එක් වරදකට මා ප‍්‍රජා විශෝධනය ලබාගන්නා ලදි.

(3) ඉන්පසු මා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකින. ඒ ප‍්‍රජා විශෝධනය ලබාගන්නා ලද නඩුවෙ නියමය අනුව 2019.04.25 මා දවල් 2.00 දක්වා ප‍්‍රජා විශෝධන නියමය අනුව වැඩ කර, ගෙදර පැමිණ බත් කමින් සිටියෙමි.

(4) එසේ බත් කමින් සිටියදී එගොඩ උයන පොලීසියෙන් පැමිණ, මා අත්අඩංගුවට ගෙන 2019.04.26 දින මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

(5) මට නගා තිබූ බොරු චෝදනාව වූයේ හෙරොයින් මිළි ග‍්‍රෑම් 1100 ක් සන්තකයේ තබා ගැනීමය.

(6) මා එයට නිවැරදිකරු කිව්වා. රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

(7) මාස 06කට පසුව, 2019.10.23 දින අධිකරණයට ඉදිරිපත් කළ විට, පොලීසිය ඉදිරිපත් කළ හෙරොයින් ග‍්‍රෑම් 1100, හෙරොයින් නොතිබූ බවත්, ශේෂයක් දක්නට ලැබෙන බව ස`දහන් විය.

(8) ඒ අනුව මා ඇප මත මුදාහරිනු ලැබීය. මීළඟ නඩු දිනය : 2020.02.18 වේ.

මා ප‍්‍රකාශ කරන්නේ,

මා වරදකරු බවට පිළි නොගත් නිසා, එගොඩඋයන පොලීසිය මා සමග දැඩි වෛරයකින් පසුවේ.

එම කරුණු හා එගොඩඋයන පොලීසියේ අයකු සම්බන්ධයක් පවත්වන, මා කලක් ඇසුරු කළ මා පදිංච ප‍්‍රදේශයේ සුජීවා නැමැත්තිය ගේ අවශ්‍යතාවයටය.

නැවත මා හෝ මාගේ පවුලේ අයෙකු අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමට පොලීසිය යන්ත දරන බව දැනගන්නට තිබේ.

එම නිසා මෙය මාගේ මතු ආරක්ෂාව සඳහා ඉදිරිපත් කරමි.

දැනට, මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින, නඩුවේ අංකය : 888 වේ.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

නිලන්ත  

මේ ගැන කථා කරන්න.

මෙවැන්නන් කොපමණ ප‍්‍රමාණයක් රට පුරාම විසිරී සිටිනවාද? 

මොවුන් නිසා දුක් විඳින පවුල් ප‍්‍රමාණය කොපමණද? 

එ් වාගේම මෙවැන්නන් නිසා සුඛෝපභෝගී ජීවිත ගත කරන පවුල් ප‍්‍රමාණය කොපමණද?
එ් අතර, මහා හා කුඩා පරිමාණ ජාවාරම් කරුවන්ගෙන් යැපෙන නිතිඥයෝ, පොලීසියේ සහා දේශපාලඥයෝ මෙපමණක් කියා ගණන් බලා තියෙනවාද? එ් අතරම මෙම ජාවාරම නිසා වක‍්‍රව ජිවනොපාය කරගත් විවිධ තරාතිරම් වල අය කොපමණ ද ? තවත් අය සිටිති. 

කුඩු නවත්වන්න බැරි ඇයි? 

කථා කරමු .................. !!!

පොලීසියට වලංගු නැති ජනපති නිර්දේශ



නීතියට අනුව අත්අඩංගුවට ගන්නා ලෙසට හා ඉන් අනතුරුවද නීතියට අනුකූලව ක‍්‍රියා කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය, සිය ලේකම් මගින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍යය ඒකකය නිවේදනය කර දැනට මසකට ආසන්නව තිබේ.

එහෙත් පොලීසිය මේ උපදෙස් පයිසෙකටවත් ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත.

පෙරද ජනාධිපතිවරුන් මෙවන් නියෝග උපදෙස් පොලීසියට නිකුත් කළේය. එ සියල්ලම මාධ්‍යය සන්දර්ශන විය. ජනතාව ගොනාට අන්දන්නට නිකුත් කළ ඒවා බව ඔප්පු විය.

පොලිස් ‘‘භිෂණය” රජයේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩලීමට මුවාවී, පැතිරෙන්නට පටන් ගෙන ඇති බවක් පෙනෙන්ට තිබේ.

මේ පිළිබඳව අවධානය යොම කරමින් මොරගහහේන පොලීසිය නීත්‍යානුකූලව දිවි ගෙවන රටවැසියකු අධිකරණය උපයෝගී කරගෙන පීඩාවට පත් කරන අයුරු පැහැදිළි කරන සිද්ධියකට අදාළව, එම පුද්ගලයා විසින් කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

01. සභාපතිනිය                
    මානව හිමිකම් කොමිෂන් සභාව       
    අංක 14
    ආර්.ඒ. ද මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති                 
     පොලිස් මූලස්ථානය       
     කොළඹ 01

නීති විරෝධී ක‍්‍රියා නිසා, ඔත්තු දුන්න බවට සැක කර හා 119 ට පැමිණිලි කිරීමේ පාපයට පොලීසිය සිදුකරන නීති විරෝධී ක‍්‍රියාවන්ගෙන් ආරක්ෂාව සලසන ලෙසට කරනු ලබන ඉල්ලීම.

අනුර, අවු: 47 යි, ජා.හැ.අ.**, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: වඩු වැඩ, ගොවිතැන. ලිපිනය:මිල්ලෑව. දු.අ. 077**

2020.01.29 වන දින දීය.

2020.01.27 වන දින, රාත‍්‍රී 8.00 ට පමණ, අප පදිංචි ගෙදරට, මීටර් 200 ක් විතර එහායින් පිහිටි අම්මලාගේ ගෙදර ගියා.

මා යන විට, කසුුන් නැමති අයව අල්ලාගෙන, මොරගහහේන පොලීසියේ 5 කු හිටියා. කසුන් ව අල්ලාගෙන හිටියේ, ස්ථානාධිපති. ඔවුන් පැමිණ තිබුනේ ත‍්‍රී රෝද රථයකින්.

මාගෙන්, ස්ථානාධිපති ඇහුවා, ‘‘තෝ බූරුවා ගස්සනවා නේද කියා. මම නැහැ කිව්වාම, ‘‘තොගේ අම්මට හු ........ වා, පර බල්ලා, හු ..... පුතා, ආදී කුණුහරුප කියමින් බැන වදිමින් තොගේ වැඩ අදින් ඉවරයි. හෙට උදේ 8.00 ට මගේ කාමරයට වරෙන් කියා තර්ජනය කළා. ඒ  අතර අම්මා, තවදුරටත්, මා බූරු ගස්සනවා වගේ වැරදි කරන්නේ නෑ කිව්වා. එවිට ස්ථානාධිපති මගේ අම්මාට, ‘‘හු ....... වා, නාකි හු ..... යන වචන කියමින් ‘‘තෝ ගෙට වෙලා හිටිපිය කියා ඇයව පන්නා දැමුවා.

ඊට පස්සේ ‘‘කසුන්” නැමති අයව අත්අඩංගුවට ගත්තා. ඔහුව, ඔවුන්, කසුන්ගේ යතුරුපැදියේ මැද තියාගෙන, පොලිස් නිලධාරීන් දෙන්නෙක් රැගෙන ගියා.

මම, එම නිලධාරීන් පැවසූ පරිදි, උදේ 8.00 ට පොලීසියට ගියා. කසුන් කූඩුවේ හිටියා.

මා ස්ථානාධිපති ළඟට ගියා. ඔහු මගෙන් ඇහුවා, ‘‘තෝ කීයක් තෝන් ගන්නවාද?” කියා. මම කිව්වා, මම බූරු ගහන්නේවත්, ගස්සනනේවත් නෑ කියා. කට වහපිය කියමින් මට කථා කරන්න දුන්නේම නැහැ. ඔහු මට කිව්වා, ‘‘කෝල් එනවා තෝ බූරු ගහනවා කියලා” කියා.

ඔහු මට, ‘‘තෝ උස්සනවා, බෝම්බයක් දාලා හයිකෝට් දානවා කියමින් තර්ජනය කර, දැන් පලයන් කිව්වා.

මම පසුව දැනගත්තේ, කටඋත්තරයක්වත් ගන්නේ නැතිව දවල් 2.00 ට විතර, කසුන්ව මුදාහැරිය බව.

මේ ආකාරයට, මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති හා නිලධාරීන්, මා සමග වෛර බැඳගෙන සිටින්නේ, මීට මාස 6 කට පමණ පෙර, මොරගහහේන පන්සල පිටුපස රබර් වත්තේ පවත්වාගෙන ගිය බූරුපොල පිළිබඳව යමෙක් කරන ලද දැනුම් දීමට මා සැක කිරීමයි.

එම ඔත්තු දීම අනුව, පොලීසිය එම බූරු පොල වැටලූවා. පොලීසිය එම බූරු පොලේ මූලිකයන්ට දැනුම් දී තිබුනා ඔත්තුව දුන්නේ මම බව.

ඉන්පසු මා, ඔත්තු දුන් බවට සැකකර, නිතර නිතර මගේ ගෙදරට පොලීසියෙන් පැන, මම බූරු ගස්සනවාද කියා හොයන්න පටන් ගත්තා.

මා කිසි දිනෙක බූරු ගස්සන්නේවත්, බූරු ගහන්න යන්නේවත් නැත.

බූරු ගසන පිරිස් පොලීසිය හා පවතින සම්බන්ධය උඩ, මේ ආකාරයට මට හිරිහැර කරන බව ප‍්‍රකාශ කරමි.

මීට දින 10 කට පමණ පෙර, ප‍්‍රදේශයේ කුඩු ගසන, සොරකම් කරන, දිලූම් නැමති අය හා සඳුන් නැමැත්තා ගෙදරට පැන ජංගම දුරකථන 02 සොරාගෙන පලා යන ලදි.

මෙම සොරකම ගැන මාගේ බිරිඳ පැමිණිලි කිරීමට, මොරගහහේන පොලීසියට ගියද, පැමිණිල්ල බාර ගත්තේ නැහැ. 119 ට කථා කර පැමිණිලි කළ පසු, පසු දින පැමිණල්ල බාර ගන්නා ලදි. 

අද දින දක්වාම, සැකකරුවන් නිදැල්ලේ සිටී.

දිලූම් නැමති කුඩුකාරයා නිතර පොලීසියට යන එන අයෙකි.

මා ඉල්ලා සිටින්නේ,

නීති විරෝධී ක‍්‍රියාවන් ගැන ඔත්තු ලබාදීම නිසා, මට විරුද්ධව මොරගහහේන පොලීසියේ නීති විරෝධී කි‍්‍රයාවන් නවත්වා, ආරක්ෂාව, හිරිහැරයකින් තොරව ජීවත් වීමට ඉඩ සලසා දෙන ලෙසටය.

මා සඳහන් කළ කරුණු ගැන අවධානය යොමු කර නීතිමය පියවර ගන්නා ලෙසටත්ය.

මෙයට,
අනුර

පොලිස් නීති විරෝධී කි‍්‍රයාවන් වාර්තා වන්නේ අල්ප වශයෙන්ය. එයට හේතු ගණනාවකි. පලක් වේද නැද්ද යන්න ගැන සිත සිතා සිටින්නේ නැතිව සෑම නීති විරෝධී ක‍්‍රියාවක්ම බලධාරීන්ට පැමිණිලි කරන්න. විස්තර ස`දහා විමසන්න 038 2231419

Saturday, February 1, 2020

සාමනේර නම අපවත් කිරීමේ දිට්ඨධම්මවේදනීය කර්මය ධීවරයෙකු ගේ පිටින් යවන්නට මාධ්‍යය සහය ද ලබාගත් වගයි.


හුංගම පොලිසියේ රාජපක්ෂ රාළහාමිගේ වෙඩිල්ලෙන් සාමනේර නම, අපවත් වූයේ 2020.01.19 දි දිනය.

ධාවනය වු ‘‘හොන්ඩා ඩියෝ’’ යතුරුපැදිය නවත්වා ගන්න බැරිව මේ වෙඩි තැබීම කර ඇත්තේ, පො.කො. රාජපක්ෂ ‘‘දෙමළ චිත‍්‍රපටයක්’’ බලා එහි වීර ක‍්‍රියා ප‍්‍රතිරූපනය කරමින්ය.

දහවල් දානයට වෑන් රථයකින් වැඩම කරමින් සිටියදී, එම රඟ පෑම බලන්නට ජනේලයෙන් පිටතට ඔලූව දැමීම නිසා මෙම වෙඩිල්ල වැදී ඇත.

සංඝ රුධිරය සෙලවීම දිට්ඨධම්මවේදනීය කර්මයකි. එය පල දෙනවාමය. එයින් බේරීමට හුංගම පොලීසිය කළේ, නායක හිමිගේ සහයද ඇතිව ‘‘කර්මයේ’’ වගකීම නොනවත්වා ගිය ‘‘හොන්ඩා ඩියෝ’’ යතුරු පැදිය පැදවු යේ ධිවරයාගේ පිට පැටවීමය. එ සඳහා මාධ්‍යය ද උපයෝගී කර ගත්තේය.

දින 25 ක් මහ මුහුදේ සිට පැමිණි බහුදින යාත‍්‍රා ධීවරයාට තම බිරිඳ හා දරුවා සමග දින කිහිපයක් ගත කිරීමේ අවස්ථාව නැති කළේ ගරු අධිකරණය උපයෝගි කරගෙන ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරමින්ය.

ඔහුගේ බිරිඳ බලධාරීන්ට කර තිබෙන ලිඛිත පැමිණිල්ල සියලූ කරුණු හෙළි කරයි.

01. සභාපතිනිය
    මානව හිමිකම් කොමිෂන් සභාව
    14, ආර්.එ්.ද. මැල් මාවත
    කොළඹ 04

02. පොලිස්පති
     පෙලිස් මූලස්ථානය
     කොළඹ 01
 
පොලීසිය සිදුකරන ලද මිනිස් ඝාතනය වසන් කිරීමට මාගේ සැමියාට
ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාරගත කිරීම.

චතුරිකා, අවු:27, විවාහක, දරුවන් 01 යි, ජා.හැ.අ.*** , නෝනගම, දු.අ. 07** . 

 2020.01.22 වන දින දීය.

ලහිරු අවු:25 යි,මාගේ සැමියා වේ. රැකියාව: ධීවර කාර්මික. (බහුදින යාත‍්‍රා) 
2019.12.22 දින සැමියා මුහුදු ගියා. ඔහු දින 25 කට පසුව 2020.01.16 දින ගෙදර පැමිණියා.
2020.01.19 දින, උදේ 10.40 ට පමණ, මගේ යතුරුපැදියෙන් පැට‍්‍රල් ෂෙඞ් එකට යන අතර,ප‍්‍රධාන මාර්ගයේ හුංගම පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඔහුට නතර කරන ලෙසට අණ කර ඇත. සැමියාට රියදුරු බලපත‍්‍රය නැත. ආදායම් බලපත‍්‍රය කල් ඉකුත්වී තිබින. ඒ නිසා ඔහු යතුරුපැදිය නවත්වන්නේ නැතිව, හාතගලදී දෙනිය පාරට හරවා වේගයෙන් පලා ගොස් ඇත.

ඒ පසුපස පොලිස් යතුරුපැදිය එළවමින්, වෙඩි තබා ඇත. සැමියා පසුපස හැරී බලන විට, පිටුපස සිටි පොලිස් නිලධාරියා යතුරුපැදියේ පිටුපස හිටගෙන වෙඩි තුනක් තබනවා දැක ඇත.
සැමියා දෙනිය පාරේ වතුර ටැංකිය හරියටම ගොස් ඇත. ඒ අසලදී පටු හරස් පාරකට හරවා ඇත. ඒ පාර අවසන් වූ පසු සැමියා නැවත හරවා එන විට රථවාහන පොලිස්ය තුරුපැදිය මුහුණටම හමුවී ඇත.
ඒ අවස්ථාවේ සැමියාව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරන විට, ඔහු සතුව කිසිදු නීති විරෝධී දෙයක් නොතිබූ නිසා, නැවැත්තුවේ නැත්තේ මොකද කියා අසා ඇත. එවිට සැමියා, තමාට රියදුරු බලපත‍්‍රය නැති නිසා හා ආදායම් බලපත‍්‍රය කල් ඉකුත්වී ඇති නිසා නැවැත්තුවේ නැති බව පවසා ඇත.

එ සමගම එතැනට පැමිණි වෑන් රථය නවත්වා රථයේ රියදුරා, පොඩි හාමුදුරුවන්ට වෙඩි වැදී ඇති බව පවසා ඇත. වෑන් රථයෙන්ම හිමිනම අඟුණකොලපැලැස්ස රෝහලට ගෙන යනු ලැබීය. හිමිනමට වෙඩි වැදී ඇත්තේ හාතගල පන්සල අසලදීය. මාගේ සැමියාව පොලීසිය අත්අඩංගුවට ගන්නා ලද්දේ කිලෝ මීටරයකට වැඩි දුරකින් පිහිටි වතුර ටැංකිය අසලදීය.

සැමියාව හුංගම පොලීසියට ගෙන ගිය විට, එහි සිටි ගමේ අයෙක් ගෙදරට පැමිණ, සැමියාව අත්අඩංගුවට ගෙන සිටින බව මට දැනුම් දෙන ලදි.

මා එම ආරංචියට දවල් 12.00 ට පමණ හුංගම පොලීසියට ගියෙමි. නමුත් මට සැමියාව පෙන්වූයේ නැහැ. පැය 1/2 ක් පමණ පොලීසියේ සිටින විට, එහි සිටි අයෙක් මට --- දි කථා කරන ලෙසට කිව්වා. ඒ අනුව මා --- කථා කළා. ඇය 1996 මානව කොමිෂමට කථා කරන්න කිව්වා. මා, 1996 ට කථා කර, නීතිඥ මාලිත මයා සමග පොලීසියට ගියා. එවිට මට, සැමියාව බලන්න දුන්නා. ඔහු මට ඉහත විස්තරය කියා සිටියා. පොලීසියේ මා සිටින විට, ස්ථානාධිපති, ප‍්‍රාදේශීය සභා නියෝජිත අජිත් රාජපක්ෂ, හාතගල පන්සලේ ලොකු හාමුදුරුවෝ හා තවත් අයෙක් හිටියා. ඔවුන් විනාඩි 15 ක් පමණ සාකච්ඡා කරමින් සිට, එළියට පැමිණි විට මා හාමුරුවන්ගෙන් ඇහුවා මොකද වුනේ කියලා.

එවිට හාමුදුුරුවෝ කිව්වා පොලීසිය, සැමියා සමග පොර බදන විට පිස්තෝලය පත්තු වී පොඩි හාමුදුරුවන්ට වැදිලා යයි කිව්වා. වෙඩිල්ල පත්තු කර ඇත්තේ රාජපක්ෂ නැමති නිලධාරියාය. ඔහු අජිත් රාජපක්ෂගේ නෑදෑයෙකු බව මට දැනගන්නට ලැබුනා. මේ අතර ප‍්‍රචාරය ගෙන ගියා මාගේ සැමියා හා පොලීසිය අතර පොර බැදීම නිසා වෙඩිල්ල පත්තු වූ බවට.

පසුදින උදේ සැමියාගේ කටඋත්තරයක් ගන්නා විට, මා ප‍්‍රකාශ කළා, සැමියාට ලියන්න කියන්න බැරි නිසා, මට කියවන්න ඉඩ දෙන්න කියා. එයට ඉඩ දුන්නේ නෑ. පොලීසිය ලියන ලද ප‍්‍රකාශයට සැමියාගෙන් අත්සන් ගත්තා. එයින් පසුව අඟුනකොලපැලැස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කළා. මීළඟ නඩු දිනය 2020.01.29 වේ.

මා දන්නා පරිදි වෙඩි තුනක් තබා ඇත. ඉන් එකක් පොඩි හාමුදුරුවන්ට වැදී ඇත. මේ සත්‍ය වසන් කිරීමට පොලීසිය උත්සාහ ගන්නා බව ප‍්‍රකාශ කරමි.

මා ප‍්‍රකාශ කරන්නේ හුංගම පොලීසිය, හාතගල ලොකු හාමුදුරුවෝ, ප‍්‍රාදේශීය සභා නියෝජිත අජිත් රාජපක්ෂ, රියදුරු හා පොලීසිය අමූලික බොරු කථාවක් ගොතමින් හා මාගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට හංවඩු ගසා, මාධ්‍ය පාවිච්චි කර ජනතාව මුලා කරන ලද බවය.

බහුදින යාත‍්‍රා ධීවරයකු වන මාගේ සැමියා, හෙරොයින් භාවිතා කරන්නෙකු හෝ ජාවාරම් කරන්නෙකු නොවේ.

විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නම්, වෙඩි තැබීම පිළිබඳ සත්‍ය තොරතුර, එනම්,

1.  වෙඩි තුනක් තැබූ බව,
2.  එක් වෙඩිල්ලක් හාතගල පන්සලේ දානයට යෑමට සූදානමින් සිටි හිමි නමකට වැදුන බව,
3.  පොලීසිය හා මාගේ සැමියා අතර පොර බැදීමක් සිදු නොවූ බව,
4.  සැමියා අත්අඩංගුවට ගත්තේ වෙඩි වැදුන තැනින් කිලෝ මීටරයකට වඩා දුරින් වූ ස්ථානයක බව ඔප්පු වනවා ඇත.

මා ඉල්ලා සිටින්නේ,
මාගේ සැමියාට විරුද්ධව රථවාහන නීති උල්ලඝණයන්ට චෝදනා කරන ලෙසටත්,
වෙඩි තැබූ පොලිස් නිලධාරී රාජපක්ෂ බේරීමට ගරු අධිකරණයට බොරු වාර්තා නොකරන ලෙසටත්ය.
යුක්තිට ඉටු කරන ලෙසට ඉල්ලමි.

මෙයට,
චතුරිකා