Friday, February 14, 2020

බාර් ලයිසන් නැහැ. මාසෙකට නඩුවක් දෙනවා. ඒක ලාභයි.


මේ, සංචාරක කළාපවල විශේෂයෙන්, විදේශකයින් සඳහා පවත්වාගෙන යන රෙස්ටුරන්ට්, හෝටල් හා ලැගුම්හල් වල අයිතිකරුවන් කියන කථාවකි.

විදේශ සංචාරකයින්ට මත්පැන් අත්‍යාවශ්‍යය. අඩුම වශයෙන් ‘‘බියර්’’ වත් තියෙන්න  ඕන. 

අපේ රෙස්ටුරන්ට් වලට, හෝටල් වලට, ලැගුම්හල් වලට එන සංචාරකයන් ‘‘බියර්’’ ඉල්ලනවා. මත්පැන් ඉල්ලනවා. අපිට අඩුම වශයෙන් ‘‘බියර්’‘ විකුණන්නවත් ලයිසන් දෙන්නේ නෑ. මැති ඇමතිවරුන්ට ලයිසන් අරන් දෙන්න ලංසු තියන්නේ මිලියන ගණන් වලින්. 

අපි ලයිසන් නැතිව විකුණනවා. ඒ බව පොලීසිය, සුරාබද්දෝ දන්නවා. කරදරයක් නැතිව අපිට ව්‍යාපාරය කරගෙන යන්න ඔවුන් අපිට සහයෝගය දෙනවා. ඒ කියන්නේ පැන පැන අල්ලන්නේ නෑ. හැබැයි මාසෙකට නඩුවක් දෙන්න  ඕන.

උසාවි ගිහිල්ලා වරද පිළිගන්නවා. දඩය රුපියල් දහ දාහයි. ඒක ගෙවලා එනවා. එ ගොල්ල ආවාම කන්න බොන්න දෙනවා. කීයක් හරි ඉල්ලූවොත් ඒකත් දෙනවා. පාඩු නෑ. සහජීවනය හා සංහිඳියාව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක් ගැන අපිට තේරෙනවා.

සංචාරක කළාපවල ලියාපදිංචි රෙස්ටුරන්ට් වලට, හෝටල්වලට, ලැගුම්හල්වලට මත්පැන් විකිණීමට අවසර දීමෙන් ව්‍යාපාරය දියුණුවෙනවා මෙන්ම අල්ලස හා දූෂණය නවතිනවා.  

No comments:

Post a Comment