Monday, May 28, 2018

ශ‍්‍රී ලංකා පොලීසියේ කුපාඩි වැඩ හෙලි කළ නඩුවක තීන්දුවක්.


ප‍්‍රකාශ ගැනීමට යැයි පොලීසියට රැගෙන විත් හෝ ගෙන්නාගෙන දින ගණන් රඳවා තබාගෙන බොරු නඩු දැමීම, ශ‍්‍රී ලංකාවේ ”බෞද්ධ” පොලීසියේ උරුමයයි.

අප එසේ කියන්නේ මේ වන විට, සෑම පොලීසියකම ඉදිරිපිට බුද්ධ ප‍්‍රතිමා අටවා තිබීමත්, පිරිත් පිංකම් පැවැත්වීමත්, දාන දීම්, බණ කීම්, කඨිණ පූජා, ආදී ”බෞද්ධ” වැඩ රාජකාරිය කරගෙන තිබෙන නිසාය.

මේ සියල්ල කරන්නේ ”බලය” පාව්ච්චි කර, මුදලාලිගෙන්, රියදුරන්ගෙන් ජාවාරම්කරුවන්ගෙන් එකතු කරන මුදලින් බවද අවධාරණය කරමු.

මේ පොලීසියේ නීති විරෝධී ක‍්‍රියාවන් අතර, ප‍්‍රකටම ක‍්‍රියාවකි, බොරු නඩු දැමීම. මෙහිදී පොලීසිය අධිකරණයට බොරු වාර්තා ඉදිරිපත් කරති. බොරු දිව්රුම් ප‍්‍රකාශ දෙති.

මෙම ක‍්‍රියාවට ගොදුරු වන බහුතරය අසරණයන් වෙති. එ් නිසා ”වරද පිළිගෙන” අඩු දඬුවම් ඉල්ලාගෙන ගෙදර යති.

අනුර කුමාරව, බොරලැස්ගමුව ොපලිසිය විසින් අඬගසාගෙන එන්නේ, ඔහු පදිංචි  ඕපනායකට ගොස්ය. එ් 2013 මැයි 04 වන දිනය.

ඔහුව රැගෙන එන්නේ ඔහු රැකකියාව කළ ස්ථානයේ තරුණිකගේ මරණය අදාලව, ප‍්‍රකාශයක් ගැනීමටය.

ඔහුව, පළමුව  ඕපනායක පොලීසියටත්, ඉන්පසුව බොරලැස්ගමුව පොලීසියටත් ගෙන ගෙන එයි.

බොරලැස්ගමුව පොලීසියේදී, ඔහුගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කරගෙන පොලිස් ඇපයක් මත මුදා හරී. එ් දින තුනකට පසුව, 2013 මැයි 07 වන දිනය.

අනුර කුමාරව පොලිස් ඇප මත මුදාහැරියත්, ඔහුව 2013 මැයි 09 වන දින දක්වාම, බොරලැස්ගමුව පොලීසියේ රඳවාගෙන සිට 2013 මැයි 10 වන දින, හෙරොයින් මිළි ග‍්‍රෑම් 10 ක් ළඟ තබාගත් බවට වන චෝදනාව මත නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරණු ලබයි.

චෝදනාව නොපිළිගන්නා ඔහු, බොරලැස්ගමුව පොලීසියේ නඩුව අභියෝගයට ලක් කරණු ලබයි.

එ් අතර ඔහු බොරලැස්ගමුව පොලීසියට එරෙහි මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරයි.

එ් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් බොරලැස්ගමුව පොලීසිය හා රජය උල්ලංඝණය කළ බවට චෝදනා කරමින්ය.

මහේස්ත‍්‍රාත් උසාවියේ හෙරොයින් නඩුව විභාගයට ගත්ත ද, පැමිණිලිකරු වූ එවක  බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා වූ ලක්ෂ්මන් අල්විස් අධිකරණය මග හරී.

මෙයින් තහවුරු වන්නේ පොලීසියට බොරු නඩු දමා උසාවිය නොමග යැවීමටත්, උසාවිය මගහැරීමටත් ඉඩ තිබෙන බවයි.

පැමිණිලිකරු වූ, පොලිස් පරීක්ෂක උසාවිය මගහැරීමේ පදනම මත, අනුර කුමාරව හෙරොයින් ළඟ තබා ගැනීමේ නඩුවෙන් මුදාහරිණු ලබයි.

එයින් අනතුරුව 2018.02.09 වන දින, විභාගයට ගන්නා මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.05.22 දින ප‍්‍රකාශයට පත්කරණු ලබයි.

එම තීන්දුවට අනුව, බොරලැස්ගමුව පොලීසියේ එවක පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) හා 13 (2) යන වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කරයි.

එ් අනුව එවක බොරලැස්ගමුව පොලීසියේ පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස්, පුද්ගලිකව, අනුර කුමාරට රු: 50,000/- ක වන්දි මුදලක් ගෙවන ලෙසට නියම කරයි.

රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ රාජ්‍යය වගකීම පැහැර හැරීම නිසා රජයට රුපියල් ලක්ෂයක වන්දියක් හා රුපියල් පනස්දහසක නඩු ගාස්තුවක් අනුර කුමාරට ගෙවන ලෙසට නියම කරණු ලබයි.

මේ අනුව රජය වෙනුවෙන් පොලිස්පති අනර කුමාරට ගෙවිය යුතු මුදල, රු: 150,000/- කි. ඔහුට හිමිවන මු`ඵ වන්දි ප‍්‍රමාණය රු: 200,000/- කි.

මෙම නඩු තීන්දුව අප සලකන්නේ අනුර කුමාරගේ පුද්ගලික ජයග‍්‍රහනයක් ලෙසට නොවේ.

මෙ රටේ ”බෞද්ධ” පොලිසිය, මේ රටේ බහුතරයක් වන බෞද්ධයන් ව පීඩාවට පත් කිරීමට එරෙහිව ලබාදුන් නඩු තීන්දුවක් ලෙසටය.

මේ වන විට, මෙම දුෂිත පොලිස්කාරයා, පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් අල්විස් උසස්වීම් ලබාගෙන පොලිස්පති ඇතුලූ ඉහලයන්ගේ සුරතලෙකු වී ඇත්නම් එය පුදුමයට හේතවක් නොවේ.

මේ තීන්දුව කථිකාවට භාජනය කරන්න. සම්පූර්ණ නඩු තීන්දුව සඳහා යොමුව:
http://www.janasansadaya.org/page.php?id=639&lang=en-






Saturday, May 19, 2018

පොන්නයෙක් නොවන චීවරධාරයෙක් සිල් නොගන්නේ කොණ කපපු එවුන්ලූ !


ක/වල්ගම ශ‍්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පතියා, චීවරධාරීන් දෙදෙනෙක් හා ගුරුවරු පිරිසක් වෙසක් පෝය වෙනුවෙන් සිල් නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් වධයට ලක්කොට එක් සිසුවෙකුට රෝහල්ගත වන්නටම පහර දී තිබේ.

වෙසක් පෝයට පෙර දින, පවත්වන ලද ”හාෆ් ඬේ” (දින 1/2 ) සිල් ගැන්වීමට එක් නොවූ, සියයකට වැඩි සිසුන් පිරිසකට දඬුවමක් වශයෙන් ”සක්මන් භාවනාව කරමින්” විදුහලේ පිට්ටනිය වටා, වට සියයක්, ඇවිද්දවා තිබේ.

මෙම මෘග ක‍්‍රියාව සිදුකර ඇත්තේ, 2018.05.17 දිනය.

සක්මන් භාවනාවේ යෙදෙන විට, අත් දෙක එකතැන හෙලවෙන්නේ නැතිව, තියාගන්න  ඕන හින්දා එක් සිසුවෙක් අත් දෙක සාක්කු දෙකට දමාගෙන තිබේ.

එ් දුටු චින්තක නැමති හීරලූ විදුහල්පතියා මේ සිසුවාව වේදිකාවට කැඳවා අතින් පයින් පහර දී තිබේ. මේ මෘග පහරදීමට  ප‍්‍රියන්ත, චින්තක, කැටපොල හාමුරුවෝ, සුගතානන්ද හාමුදුරුවෝ, තුෂර, සුමිත් යන ගුරුවරුන් එක්ව තිබේ.

දින 1/2 යේ, ”හාෆ් ඬේ” සිල් නොගත්තේ ඇයිද යන ප‍්‍රශ්නයට සිසුවා පිළිතුරු දී ඇත්තේ තමාට පියා සිල් නොගන්නා ලෙසට දුන්න උපදෙස් අනුව බවයි.

සිසුවාගේ පියා හොඳ බෞද්ධයෙකි. එ් නිසාම පන්සිල් පද පහවත් පිළි නොපදින එවුන්ගෙන්, අට සිල් ගන්න යැවීම බුදු දහමට කරන නිගාවක් බව ඔහුගේ හෘදය සාක්ෂියට අනුව ප‍්‍රශ්න කරන්නට විය.

එමෙන්ම අටසිල් සමාදන් වී, 24 පැයක් භාවනාවේ යෙදිය යුතුයි. පෝලිම් ගස්සවා තක්කඩි ¥ෂිත චීවරධාරියෙකු ඉදිරිපිට ගාථා කිහිපයක් උච්ඡුාරණය කර, වලපල් ෙදාඩවමින්, කා බී සවස 2.00 ට ගෙදර එ්මෙන් සිදුකර ගන්නේ පවකි. ආත්ම වංචාවකි.

එ් නිසා ”බයිෆෝස්” සිල් ගැන්වීමට එක්වී සහතික ගන්නවාට වඩා නිකන් සිටීම වැදගත්ය.

සිසුවාට පහර දෙන විට කැටපොල නැමති චීවරධාරියා තමා පොන්නයෙක් නොවන බවත්, සිල් නොගන්නේ කොණ කපපු එවුන් බවත් කියා ඇත.

විදුහල්පති චමින්ද, සිසුවාට කියා ඇත්තේ ඔහුගේ පියාට ඇවිත් විදුහල්පතිකම බාරගන්නා ලෙසටය.

මේ සිද්ධිය හුදකලා එකක් නොවේ.

අධිකරණය ඇතුලූ, රාජ්‍ය පාලකයින් හා ආණ්ඩුව මෙම ¥ෂණය, වධ දීම පවත්වාගෙන යයි.

නීති ඇත. එ්වා විකුණාගෙන කති. සමහර සිවිල් සංවිධාන යැයි කියා ගන්නා සංවිධාන, චීවරධාරීන් ද, පූජකයන්, පොලිස් කාරයින්, දේශපාලකයන් ද එක්ව පහන් දල්වා වධහිංසාවට, ¥ෂණයට එරෙහිව කථා කරති.







Saturday, May 5, 2018

කරවල විකුණන ගෑණියෙක්ගෙන් පානදුර ප‍්‍රාදේශීය ලේකම්ට ප‍්‍රශ්ණ පත‍්‍රයක්..



පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව පිහිටුවන ලද, කාන්තා සමිතියක උප සභාපතිනිය ව අස්කරලා ඇත්තේ, හොරට කැඳවපු, විශේෂ රැුස්වීමක දී ලූ.

ඇය, ගෙයින් ගෙට ගොස් කරවල විකුණා, සැමියා ඇතුලූ දරු පවුල රකින්නියකි.

ගමේ පොදු වැඩවලට උර දෙන්නේ, එ් කරදර දුක් කම්කටො`ඵ මැදය.

පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරිණිය ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද කාන්තා සමිතියක පළමු රැුස්වීමේදීම , රු: 200/= බැගින් එකතු කරන ලද බවත්, එයින් රු: 30/=ක් වෙන්කර ඇත්තේ, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිනියට පිදේණියක් පිරිනමන්නටය.

නීතිය මත පාලනය – වල පල්ලට ගිය රටක, මෙවන් දුෂිත ක‍්‍රීයාවන් ප‍්‍රහ්න කිරීම, අපරාධයක් හැටියට ෂලකති.

මුනිවත රකින බහුතරය අතර අතලෝසස්ක් ප‍්‍රශ්ණදු  කරන්නන් සිටිති. ඇයද එක් අයෙකි. එ් නිසාම, ඇයට කාන්තා සමිතිවල සාමාජිකත්වය දැරීම නුසුදුසුය.

ඇයව හොර රහසේම අස්කර දමන් ලද්දේ එ් නිසාය.

ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය – ඇයව නිහඬ කරවූ බවට සතුටු වන්නට ද ඇත.

එහෙත් ඇය, අයුක්තිය ඉදිරියේ නිහඬ වන්නට සූදානම් නැති බව – ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීට යවන ලද, තොරතුරු ඉල්ලීමේ ඉල්ලූම් පනතෙන් පැහැදිළිය.

එ් ඉල්ලූම් පත‍්‍රය පහත දන්වන්නේ අන් අයටද කළ හැකි දේ බොහෝ බව පෙන්වා දීමටය.

මේ ඉල්ලූම් පත‍්‍රයට දින 14ක් තුල - ප‍්‍රාදේශීය ලේකම් ගේ තොරතුරු නිලධාරී පිළිතුරු දිය යුතුය.

තොරතුරු ලබා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීමයි.

1. අයදුම්කරුගේ නම                            -  ........විජේසේකර

2. ලිපිනය           - ............................. කෙසෙල්වත්ත.                           
3. දුරකථන අංකය                               - -----------------    

4. ඉල්ලා සිටින තොරතුරු පිළිබඳ විස්තර
     1. අදාළ ආයතනය                           -
                                        2018.03.22 දින, හොරේතුඩුව, මඩකිස්ස පාර පිහිටි, ”සේවා පියස” ස්ථානයේදී,  පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, වනිතා සංවර්ධනනිලධාරිණියගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද  කාන්තා සමිතිය. මෙම රැුස්වීමට ප‍්‍රදේශ නිලධාරීවරයාද සහභාගී විය.                         
11. ඉල්ලා සිටින තොරතුරු  - 1. එම කාන්තා සමිතියේ ව්‍යවස්ථාව  (සහතික  කරන ලද) 2. 2018.04.05 දින හා 2018.04.23 රැුස්වූ සමිති
රැස්වීමේ වාර්තා.111. තොරතුරුවලට අදාළ කාල පරිච්ෙඡ්දය - 2018.03.20, 2018.04.05, 2018.04.23 දිනවලපැවති රැස්වීම හා බැඳේ.        සැ: යු:
මෙම තොරතුරු මා ඉල්ලා සිටින්නේ, ඉහත සඳහන් සමිතියේ සාමාජිකාවක් වශයෙනි. 2018.03.22 දින පැවැති ප‍්‍රථම රැුස්වීමේදී උප සභාපතිනිය ලෙස තේරී පත්වූ, සාමාජිකාවක් වශයෙනි.

2018.03.22 දින මා ඇතුලූව, රැස්වූ 25 දෙනාගෙන් රු: 200/= බැගින්, භාන්ඩාගාරික ලෙස පත්වූ සාමාජිකාව විසින් ලබා එකතු කරගන්නා ලදි.

එකතු කර ගන්නා ලද රු: 200/= න්, රු: 170/=ක් සමිති සාමාජික ගාස්තු වශයෙන් බවද, ඉතිරි රු: 30/= පානදුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට මාරු වී යන ලද බව කියන ලද, හිටපු කාන්තා සංවර්ධන නිලධාරිණිය වන සමන්ති මහත්මියට තෑගි දීම  ට බව ප‍්‍රකාශ විය.

එකතු කරන ලද සාමාජික මුදල වන රු: 170/= හා සමන්ති මහත්මියට ආධාර වශයෙන් එකතු කල රු: 30/= සඳහා ලදුපතක් නොලැබු ද, මේ තොරතුරු වලින්, මා සාමාජිකාවක් බව ඔප්පු වනවා ඇත.

මම ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වෙමි.

මෙම ඉල්ලීම කරනුයේ තොරතුරු දැනගැනීමේ පණතේ 5 වන වගන්තියේ විධවිධාන වලට යටත්ව බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

විජේසේකර.       







Friday, May 4, 2018

නඩත්තු අරන් දෙන්න සියල්ල කළ හැකි දෙවියන්ටත් කොරන්න බෑලූ!!


ඇය ශ‍්‍රී ලාංකිකයෙකි. එහෙත් මුස්ලිම් ආගමට අයත් බැවින්, ඇය යටත් වන්නේ, මුස්ලිම් නීතියටය. ඒ නිසාම ඇයට විවාහ වන්නට සිදුවුනේ බිරියන් තිදෙනෙක් සිටි පුරුෂයකු සමගය.

ඇයගේ විවාහ ගිවිස ගැනීමේදි, ඇය වෙනුවෙන් කැමැත් දි අත්සන් කලේ, ඇගේ මල්ලී ය. එ් ඇයගේ විවාහය සිද්ධ කළ පල්ලියට - ඇයට ඇතුලූවීමට නොහැකි වූ නිසා. චාරිත්ත‍්‍රය. 

විවාහයෙන් පසුව, සැමියා ඇගේ නිවසට පදිංචියට පැමිණියේය. පළමු දිනයේ සිටම ඔහුගේ ඉල්ලීම වූයේ තම පවුලට අයත් එකම නිවස ඔහුගේ නමට ලියා දෙන ලෙසටය.

එයට ඇගේ මව අකමැති විය. ගැබට මාස තුනක් සම්පූර්ණ වන විට, ඇයව අතහැර යෑමට සැමියා පියවර ගති. ඇය - මුස්ලිම් ජාතිකයන්ගේ ‘‘විවාහ’’ නඩු අසන ක්වාසි උසාවියට ගොස් නඩු දැම්මේය. 

ඇයට දික්කසාදය ලැබිණ. නමුත් දරුවාට උසාවිය ගෙවන්න නියම කල නඩත්තුව ගෙවන්න  දරුවාගේ පියා (සැමියා* නම් සුදානම් වුයේ නැත. ඇය එ් ගැන නැවත ක්වාසි උසාවියේ නඩුකාරයාට කිව්වේය. ගෙවන්නේ නැතිනම් ක්වාසිට කොරන්න දෙයක් නැතිලූ. 
එ්ක දෙවියන්ගේ වැඩක් නිසා වෙන්න ඇත. 

ඇය මේ ගැන අධිකරණ අමාත්‍යංශ ලේකම්ට ලියන ලද ලිපිය පහත දක්වමු.

නඩු අංක : උඵරැු1660  හා ක්‍ඵරැු1893

ඉහත නඩු දෙකට අදාල පැමිණිලිකරු මම වෙමි. 

02. 2014 මැයි 18 වන දින මා, මුස්ලිම් විවාහ නීතිය යටතේ මුහම්මුදු මිහිලාර් මුහම්මදු හිල්මි සමග විවාහ ගිවිස ගත්තෙමි.

මාගේ විවාහයට මා වෙනුවෙන් මාගේ මල්ලී වන මුහම්මදු රිස්වාන් අත්සන් කරන ලදි.

03. විවාහ වූ දිනයේ රාත‍්‍රියේ, මාගේ මවගේ නිවසේ මංගල උත්සවය ගත්තා.

04. එදින සිට දවස් තුනක් මා සමග ගත කළා. ඉන්පසු ඔහු පිටව ගියා. ඉන්පසු ඔහු වරින් වර ආවා ගියා.

05. මේ අතර මා ගැබ් ගත්තා. එ් අතර මා දැනගත්තා ඔහුට භාර්යාවන් හතර දෙනෙක් සිටින බව.

06. ඔහු නිතරම මාගේ මවට අයත් අප පදිංචි නිවස ලියා දෙන්න යැයි බල කරමින් මට පහර දෙන්න පටන් ගත්තා.

07. බැරිම තැන,  ක්වාසි උසාවියට පැමිණිල්ලක් කර, ඔහුගෙන් දික්කසාද වුණා. පැමිණිලි කළ දිනය, 2014.11.30, නඩු වාර තුනකින් පසුව 2015.02.14 දින දික්කසාද වුණා.

08. 2015.02.14 දින, 2014.11.30 දින සිට රුපියල් 7000/- බැගිින් නඩත්තු මුදලක් මසකට ගෙවන ලෙසට නියම කළා.

09. නමුත් එ් මුදල ඔහු ගෙව්වේ නැහැ.

10. නඩත්තු නොගෙවන නිසා, 2017.01.20 දින, ක්‍ඵරැු1893 යටතේ යළිත් නඩු දැම්මා.

එම නඩුවේ තීන්දුව 2017.02.25 ලබාදුන්නා.

එ් තීන්දුවට අනුව, දියිණිය ෆාතිමා රීමාට, 2017.01.24 දින සිට, මාසිකව රුපියල් 6000/- ක් ගෙවීමට නියම කරණු ලැබුවා.

11. මේ අනුව, මට රුපියල් 7000/- ක් හා දරුවාට මසකට රුපියල් 6000/- ක් ගෙවිය යුතුව තිබෙනවා.

12. මේ සම්බන්ධයෙන් මා හතර පාරක් ඔහු  හමුවුණා. ඔබගේ පිළිතුර වූයේ කරන්න දෙයක් නැති බවයි.’’ 

මා ඉල්ලා සිටින්නේ, ඉස්ලාම් භක්තිකයෙකු වශයෙන්, මාගේ දියිණියට අධිකරණය නියම කළ නඩත්තු මුදල, හිඟ මුදලද, සහිතව මට ගෙවීමට නියම කරන ලෙසටයි.

එ් පිළිබඳව ඔබට ගතහැකි නීතිමය පියවරක් නොමැති නම්, එසේ පියවර ගත නොහැකි බව මට ලිඛිතව දැණුම් දෙන ලෙසට ද ඉල්ලමි.

මෙයට,

     ---------------------