Tuesday, February 13, 2018

වෛද්‍ය සභාවට විවෘත අභියෝගයක්


නවදල පදිංචි රම්‍යලතා මහත්මියගේ ඇසට දැමිමට වැරදි බෙහෙතක් දුන්න ෆාමසි කාරයෙක් බේරා ගැනීමට ක‍්‍රියාකළ රජයේ වෛද්‍ය නිලධාරි වරයෙකුට විරුද්ධව ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව ආර්ම්භ කළ ප‍්‍රාථමික පරික්ෂණයේදි ඇයව දැඩි අපහසුවකට පත්කිරිම සම්බන්ධයෙන් නිහ`ඩව නොසිට, සිදුවිම විස්තර කරමින් වෛද්‍ය සභාවේ සභාපති හා ලේඛකාධිකාරි අමතන ලද ලිපිය පහ දක්වමු. 
මෙය ආදර්ශයට ගන්න.

රම්‍යලතා
නවදගල

2018. 02. 

01. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා
    සභාපති
    ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
    අංක 31
    නොරිස් කැනල් පාර
    කොළඹ 07

02. ලේඛකාධිකාරි
     ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව
     අංක 31
     නොරිස් කැනල් පාර
     කොළඹ 07

මහත්මයාණනි

2018.01.11 දින පැවැත්වූ, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ 
ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව සම්බන්ධයෙනි.

(1) ප‍්‍රථමයෙන් මාගේ පැමිණිල්ල හා අදාලව විමර්ශන කමිටුව ඉදිරියට කැඳවීම ගැන බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. 

(2) නමුත් එදින, එනම්, 2018.01.11 දින ඔබ සැම විසින් මාව කොපමණ අසරණ කරන්න හැදුවාද යන්න සිතන විට මට හැෙඟන්නේ එම විමර්ශන කමිටුවේ වෛද්‍යවරුන් සියලූ දෙනා, වගඋත්තරකරු වෛද්‍ය සිරිසේනගෙන් පගාවක් අරගෙන ඇති බවයි.

(3) එසේ සිතන්නට පෙළඹුවේ, අද රටේ මුදලේ බලය ගැන මා හට කමිටු සාමාජික වෛද්‍යවරු විසින් පසක් කර දුන් නිසාවෙන් හා ඇත්ත ඇති සැටියෙන් පිළිනොගෙන එම අවස්ථාවේ ඔබලා ද රාජකාරි කළා යැයි මා හට හැඟුන බැවිනි.

(4) කමිටු සාමාජික වෛද්‍යවරු ‘‘සල්ලිවලට අද හැමදේම යටත් බවත්,  ඕනෑම දෙයක් කළ හැකි බවත්’ අවධාරණය කිරිම ගැන මා පුදුම නොවෙමි. 

(5) අපරාධකරුවන්ව ආරක්ෂා කිරීම ඔබ කමිටුව විසින්ද සිදු කරන බවක් මට හැඟුනි. නමුත් සියලූ දේ මුදලට කළ නොහැකි බවත්, යුක්තිය, සාධාරණය ඉටු විය යුතු බවත් මම විශ්වාස කරමි.

(6) ඔබ සියලූ දෙනා තරම් මා අධ්‍යාපනය ලබා නොතිබුණද, යුක්තිය, සාධාරණය පිළිබඳ හැඟීමක්, දැනීමක් මටද තිබෙන බව කිව යුතුමය.

(7) දැනටමත් වෛද්‍ය වෘත්තියේ යෙදෙමින්, රෝගීන් සුවපත් කරමින්, තවත් රෝගී අයෙක් දෙස බැලූ ආකාරය ඉතාමත් අයුක්ති සහගත බව පවසමි.

(8) වෛද්‍ය සිරිසේනගේ පඩියෙන් යැපෙන දරු පවුල පමණක් නොව, මාගෙන් යැපෙන දරු පවුලක් සිටින බවද පැවසිය යුතුයි.

(9) මාගේ රෝගී තත්ත්වය මත, අප පවුලද ඉතාමත් ආර්ථික මෙන්ම මානසික පීඩාවවන්ට මුහුණ දුන් බවද අවධාරණය කරමි.

(10) මහජන මුදලින්, එනම් නිදහස් අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබූ ඔබ කමිටු සාමාජික  වෛද්‍යවරුන්ගෙන්  ‘‘නූගත් යැයි’’ ඔබ මණ්ඩලය සලකන සමාජයට සිදුවන මෙහෙවර කුමක්ද?ු

(11) වෛද්‍ය නොසැකිල්ල මත මරණයට පත්වූ පුද්ගලයෙකු මුලිකව ක`ඵතර දිසා අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි දීම ඔබ මණ්ඩලයේ කාර්යාල කාර්ය සහයෙකු යැවීමට තරම් පහත් මානසික තත්ත්වයට ඔබ මණ්ඩලය පත්ව තිබෙන බව මා දන්නා කරුණකි. 

මෙම ලිපිය, 2018.01.11 දින ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප‍්‍රාථමික ක‍්‍රියාමාර්ග කමිටුව නියෝජනය කළ සියලූම වෛද්‍යවරුන්ගේ අවධානයට යොමු කරන ලෙස ඉල්ලමි.

කෙසේ වෙතත් මා ඉල්ලා සිටින්නේ, මාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදුකර, යුක්තිය ඉටු කර දෙන ලෙසටය.

මෙයට, 

 රම්‍යලතා

  

ගබ්සා නීතිය සංශෝධනය ආගමික බලපෑම් වලට යටත් නොවිය යුතුයි.



මහජන සෞඛ්‍ය ප‍්‍රශ්ණයක් මෙන්ම ස්ත‍්‍රීන් ගේ ප‍්‍රජනන අයිතිය පිළිබඳ කරුණක් වන ගබ්සාව, ආගමික මත, විශ්වාස වලින් බැහැර විය යුතුයි.

දණ්ඩ නීති සංග‍්‍රහයේ ගබ්සාව අදාලව පවතින නීති ලිහිල් කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම, ආගමික ආයතන වල විරෝධය මත අතහැර තිබේ. 

විශේෂයෙන් මෙම කරුනේදී පෙරමුණ ගන්නේ කතෝලික සභාවයි.

ස්ත‍්‍රී අයිතිවාසිකම් සම්බන්ධයෙන්, සම්මුතිවලට එකඟව, කාන්තාවගේ අයිතීන් පිළිබඳ, තීරණ ගැනීමේදී, ආගමික විශ්වාසයන්ට, ආගමික සංස්ථාවල බලපෑම් වලට යට නොවිය යුතු බව - ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ අදහසයි.

Monday, February 12, 2018

රිමාන්ඩ් කරවන්නේ ප‍්‍රතිකාර ගන්න ඉඩනොදි අපරාධය වසන් කරන්න




නීති විරා්ධිව අත්අඩංගුවට ගෙන දවස් 3ක් වධදෙමින් සිට මානව හිමිකම් කොමිසම ප‍්‍රශ්ණ කළාම උසාවි දමා රිමාන්ඩ් කරවිම ගැන බිරි`ද මානව හිමිකම් කොමිසම අමතන ලද ලිපියෙන් පොලීසිය හා උසාවිය අසරණයින් සම්බන්ධව යුක්තිය ඉටු කරන අන්දම පැහැදිලි වනු ඇත

සභාපතිනිය,
මානව හිමිකම් කොමිෂන් සභාව,
14, ආර්.එ්.ද මැල් මාවත, කොළඹ 04.

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී, බොරු නඩු දැමීම.

කාන්ති අවු: 31යි, විවාහක, දරුවන් 03 යි, ගෘහණිය. වස්කඩුව.

2018.02.12 දිනදීය.

 සුගත්සිරි  අවු: 35 යි,රැකියාව: පොල් කැඞීම -  මාගේ සැමියා වේ.

01. 2018.01.30 වන දින, රාත‍්‍රියේ, වාද්දුවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.

02. 2018.02.03 වන දින, සෙනසුරාදා, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

03.--- නඩු අංක යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

04. වැඩ බලන ලද විනිසුරුවයාට, සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ කමලා ජයසිංහ -සැමියාට පහරදුන් බව හා 2018.01.30 වන දින අත්අඩංගුවට ගත් බව ප‍්‍රකාශ කර සිටියා.

05. නමුත්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදිය යුතු බවට හෝ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන ලෙසට හෝ නියෝග නොකර, 2018.02.05 දින දක්වා, රිමාන්ඞ් භාරයට පත් කලා.

06. 2018.02.05 වන දින, අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේ, නීතිඥ කමලා ජයසිංහ -අධිකරණයට ප‍්‍රකාශ කලා - 2018.01.30 වන දින අත්අඩංගුවට ගන්නා ලද බව හා පහර දී ඇති බව.

එ් අවස්ථාවේ, සැමියාට විරුද්ධව තවත් නඩුවක් ඇති බව ප‍්‍රකාශ කල පොලිසිය, එය ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා සිටියා. 

07. එදින, දෙවන වර නඩුව කතා කළ අවස්ථාවේ, සැමියාට එරෙහිව 51663 දරන නඩුව ඉදිරිපත් කලා. එ් සොරකමක් පිළිබඳව.

08. එ් අවස්ථාවේ, පොලිසියේ ඉල්ලීම පරිදි, සැමියාව, 2018.02.12 දින දක්වා රිමාන්ඞ් භාරයට පත්කලා.

09. 2018.02.12 වන දින, අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ --රන නඩුවට ඇප ලබා දුන්නා.

-- නඩුව, පොලිසියේ ඉල්ලීම පරිදි, 2018.02.19 දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කරන ලදි. 

2018.01.30 වන දින, අත්අඩංගුවට ගෙන, 2018.02.03 දින දක්වා, වාද්දුව පොලිසියේ රඳවා තබාගෙන, වධහිංසා පමුණූවමින්, මානව හිමිකම් කොමිෂම් සභාවට හා පොලිස්පතිට 2018.02.02 වන දින, පැමිණිලි කිරීමෙන් අනතුරුව, වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයෙකුට ඉදිරිපත් කර, වෛද්‍ය ප‍්‍රථීකාර සඳහා හෝ අධිකරණ වෛද්‍යවරයාට යොමු නොකර, ව්‍යාජ නඩු දමා, රිමාන්ඩ භාරයේ තබා ගෙන සිටින්නේ, වධහිංසා පැමිණවීමේදී ඇතිවූ බාහිර තුවාල මැකීයන තෙක් බව ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, දින 03ක් වාද්දුව පොලිසියේ නීති විරෝධීව රඳවා තබාගෙන සිටිමින් වධහිංසා පමුණුවා, බොරු චෝදනා මත නඩු පැවරීමට එරෙහිව - නීතිමය පියවර ගන්නා ලෙසටය.

එමෙන්ම තවදුරටත් ප‍්‍රමාද නොකර, මාගේ සැමියාව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙසට, ක`ඵතර බන්ධනාගාර අධිකාරීවරයා ට නියෝග කරන ලෙසටය.

මෙයට,

 කාන්ති 
(බිරිඳ)

සටහන
මෙම පැමිණිල්ලට අදාලව, 2018.02.02 වන දින, සැමියා ගේ පියා වන  අපෝන්සු මයා, ලිඛිතව (ෆැක්ස් හා ලි.ප.තැ. මගින්)ද, 1996 ට වාචිකව ද, දැනුම් දුන් බව කාරුණිකව සලකන්න.
























Sunday, February 11, 2018

ගැණිට දරුවාට ගහණ,පොලිසියේ හුණු ගාපු එකා උසාවියෙත් හුණු ගාන වාලූ!

නීතිය නවන් පු`ථන් මහා එවන්ට පමණක් නොවෙන බව සනාථ කරන මේ කථාව ආරම්භ වන්නේ 2013දි. වයස 20 සම්පුර්ණ වුන ගමන් ඇයව දීග දිලා දෙමාපියන් නිදහස් වෙනවා. දීග ගිහිල්ලා සති දෙකකින් දියණිය ගෙදර එන්නේ දැවැද්ද ඉල්ලා මිනිහා ගහන බව කියාගෙන. මිනිහා ඇවිල්ලා ඇයව නැවත එක්කරගෙන යනවා අයෙත් ගහන්නේ නැ කියලා. මෙම ක‍්‍රියාව චක‍්‍රයක් වගේ. ඉස්පිරිතාලේ නවතින්න වෙන තරමටම ගැහැව්වාම පොලිසිය මැදිහත් වෙලා ඇයව නැවත ගෙදර යවනවා. පොලිසිය ඇයට කියනනේ්් මිනිහානේ ගහන්නේ-නැතිව වෙන අය ගහන්නේ නැ නේ එ් නිසා ගෙදර යන්න කියාලා. එක දවසක් ඇයට හොඳටම ගහලා කිරි සප්පයා සමග මහ පාරේ දාලා යනවා. අවට මිනිස්සු ඇයව රොහල් ගත කර දෙමාපියන්ට දැනුම් දෙනවා. එවර ද ඇයට පොලිසිය කියන්නේ මිනිහා එක්ක ගෙදර යන්න කියලා. ඇ ප‍්‍රතික්ෂේප කරනවා පොලිසියේ යොජනාව. පොලිසියේ යොජනාවට පිටුපාපු කරුමයට ඇයට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. පොලිසිය ‘‘ස්ති‍්‍ර’’ අයිතින් රකින්න සම්මත කරලා තියෙන ‘‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩයට එරෙහි නීතිය’’ නවලා ඇය මිනිහාට අඩන්තේට්ම් කරන බවට චොදනා කරලා නඩුදානවා. ඇය දැන් විත්තිකාරිය. ඇය නිතිඥ සහය පතනවා. නිතිඥයා කියනවා දැන් අපි මිනිහට විරුද්ධ නඩුවක් දාමු කියලා. කිසිත් වටහා ගත නොහැකි ඇය නිතිඥයා ගේ උපදෙස් අනුව මිනිහට විරුද්ධව ‘‘ගෘහස්ථ ප‍්‍රචණ්ඩයට එරෙහි නීතිය’’යටතේ නඩු දානවා. දැන් නඩු දෙකයි. ඇය එකක විතිතිකරු. අනෙකේ පැමිණිලිකරු. නඩුදෙකම එකම දවසේ ගන්නවා. එකට නෙවෙයි දෙපාරකට. හැම වාරයේදිම නිතිඥයෝ ඇයව නිනිදා අපහසයට ලක්කරුනු ලබනවා. මේ අතර ඇය පොලිසියට විරුද්ධව මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල් කරනවා. 

එම පැමිණිල්ල විමර්ශණය කිරිමේන් අනතුරුව නිකුත් කරන ලද නිර්දේශය සම්බන්දයෙන් ඇය මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඇමතු ලිපිය පහත දක්වමු. එය හා මෙම සිද්ධිය කථිකාවකට ලක්විය යුතුයි. කාන්තා අයිතිය ගැන කථාකරන අය සමග නොව ගමේ ගොඬේ ගැණු සමග. 

එමෙන්ම මෙම සිදිධය අදාලව 2013 දි අප පළකරන ලද විඩියෝව තව දුරටත් කරුණු පැහැදිලි කරනු ඇත.


කුමාරි 
2018.02.05

ආචාර්ය දීපිකා උඩගම මිය
සභාපතිනිය                
මානව හිමිකම් කොමිෂන් සභාව        
අංක 14, ආර්.එ්. ද මැල් මාවත
කොළඹ 04

පැමිණිලි අංක : HRC----රැ13

උක්ත පැමිණිල්ල අදාල ඔබගේ 2018.01.12 ලිපිය හා නිර්දේශය ලැබිණ.

01. ඔබ නිර්දේශයේ පරිවර්තනයක් මා වෙත ලබාදෙන ලෙසට ප‍්‍රථමයෙන් ඉල්ලා සිටිමි.

02. වසර පහකට පසුව ඔබගේ නිර්දේශය මා අතට පත්වන විට, සිද්ධිය අදාලව වර්ථමාන තත්ත්වය
    සැකෙවින් සඳහන් කිරීමට කැමැත්තෙමි.

1. පැමිණිල්ලේ සඳහන් කරන ලද පරිදි පොලීසියෙන්, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත උපයෝගී කරගෙන මට හා මාගේ සු`ඵ පියාට විරුද්ධව, -----යටතේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් උසාවියේ පවරණු ලැබීය.

2. එම නඩුවට පෙනී සිටීම සඳහා මා විසින් ඉදිරිපත් කළ නීතිඥ ලක්ෂ්මන් මයා, මාගේ සැමියාට විරුද්ධව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත යටතේ ප‍්‍රති නඩුවක් පවරන ලෙසට  උපදෙස් දී, එ් අනුව, ------- නඩුව පවරණු ලැබීය.

3. මෙම නඩු දෙක එකම දිනයේ කැඳවනු ලැබු අතර, සෑම දිනයකදීම අපව පොලීසිය හා එක්ව අපහාසයට හා උපහාසයට ලක්කරණු ලැබීය.

4. පොලීසිය විසින් මා හා මාගේ සු`ඵ පියා වගඋත්තරකරු කරමින් පවරන ලද --- දරන නඩුව මට මාස දෙකක් වයසේදී, මා හා මාගේ මව සමග ඉතා යහපත් විවාහ දිවියක් ගතකරන මාගේ සු`ඵ පියාව, ”මවගේ අනියම් සැමියා ලෙසට” නම් කිරීමට තරම් පොලීසිය පහත් තත්ත්වයට පත්ව අප මානසික වධහිංසාවට පත් කරණු ලැබීය.

5. අප වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලද නීතිඥවරුන් වන නීතිඥ ලක්ෂ්මන් මයා මාගේ සැමියා වෙනුවෙන් ඉදිරිපත් වූ පොලීසිය හා නීතිඥ පේ‍්‍රමසිරි අබේසූරිය මයා, මා හා මාගේ සු`ඵ පියාව අපහාසයට ලක්කිරීමට ඉඩ දී නිසොල්මන්ව සිටින ලදි.

6. එපමණක් නොව මාගේ සැමියා පොලීසිය හා අධිකරණ කාර්ය මණ්ඩලය සමග පවත්වාගෙන යන ලද අයුතු සම්බන්ධය මත සාක්ෂි ඉදිරිපත් කිරීමේදී අපගේ සාක්ෂි විකෘති කර, සටහන් කිරිමට පියවර ගෙන තිබීම.

7. මාගේ සු`ඵ පියා, ---- නඩුවේදී ලබාදෙන සාක්ෂිය විකෘති කර සටහන් කිරීම පිලිබඳව,  අධිකරණයට කරුණු දැක්වූ විට, එම වැරදි සටහන් නිවැරදි කිරීමට දිනයක්  ලබාදෙන ලදි. එම දිනයේදී, අපගෙන් මුදල් ලබා ගත්තද, අප නීතිඥවරුන් වන, නීතිඥ ලක්ෂ්මන් මහතා හා නීතිඥ සුමිත් පතිරණ මහතා අධිකරණයේ පෙනී නොසිට මග හරින ලදි.

8. මෙම පසුබිම යටතේ අපට ලැබුණ උපදෙස් මත සැමියාගෙන් දික්කසාද වීම සඳහා  නඩුවක් පවරන ලදි.

9. එම නඩුවේ තීන්දුව 2015.09.21 දින ප‍්‍රකාශයට පත්විය.

10. එයින් අනතුරුව, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව නඩු දෙක ඉවත් කරණු ලැබීය.

11. එවක මාගේ සැමියා වූ, පුංචිහේවා කුමාර, නිවාස, ගොඩනැගිලි පිංතාරු කිරීම ස`දහා කොන්ත‍්‍රාත් ගන්නා කෙනෙකි.

එම පසුබිම යටතේ ඔහු, පොලිස් නිලධාරීන්ගේ නිවාස පිංතාරු කිරිම් සිදුකරණු ලැබේ. එම සම්බන්ධතාවයන් උඩ අධිකරණයේ නිලධාරීන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන අධිකරණය ද පිංතාරු කිරීමට කොන්ත‍්‍රාත් ලබාගෙන තිබිණ.

මා විසින් දරුවා සඳහා නඩත්තු ඉල්ලා පවරන ලද, --- නඩු වාරයකදී, මා නීතිඥ මහතා මගින් අධිකරණයට මේ බව දැණුම් දෙන ලදි.

12. දියණියව සැමියාට බැලීමට ඉඩ දී තිබුණේ, අධිකරණ පරිශ‍්‍රය තුළදීය. එක් දිනක් සැමියා  ”ගුරුකම් කරන ලද” බව කියන තෙල් වර්ගයක් දරුවාගේ ඇඟ පුරාම ගාන ලදි. මෙය  මා, රෙජිස්ට‍්‍රාර්වරියට පැමිණිලි කළ විට, ඇය ‘‘දුවගේ ඇෙඟ් තෙල් ගාන්න තාත්තට  බැරිද’’     කියා මාගෙන් ප‍්‍රශ්න කිරීම තුළින් සැමියා අධිකරණ නිලධාරීන් සමග පැවැත්වූ  අයුතු සම්බන්ධය පැහැදිළි වේ.

13. මා මේ වනවිට එම පීඩාවන්ගෙන් මිදී ඇත. ඔබ කොමිෂමට පැමිණිලි කරන විට, මාගේ දියණියගේ වයස අවුරුද්දකි. මේ වන විට ඇය පාසල් යයි.

14. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත විකෘති කළ සහ මාහට පහරදි මහමගට ඇද දැමිම සම්බන්ධයෙන් මා කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගත් ඇඹිලිපිටිය  ලීසියේ සැමියාගේ කු`ඵපග මිතුරියක් වූ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති  කාන්තා පොලිස් සැරයන් 3329 සීතා රංජනී දැනට විශ‍්‍රාම ගොස් ඇත.

15. එවක ස්ථානාධිපති හා විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති - උප පොලිස් පරීක්ෂක පීටර්, කුමන පොලිස් ස්ථානයක සේවය කරනවාද කියා දන්නේ නැත.

03. ඔබ විසින් නිර්දේශයක් නිකුත් කිරීම ගැන මා ස්තුතිවන්ත වන අතරම, ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව පනත යටතේ නැවත නඩු පැවරිමට හැකියාවක් නොමැති නමුත්, පොලීසිය මෙම පනත උපයෝගී කරගෙන පීඩාවට පත් මා, නැවත නැවත පීඩාවට පත් කිරීමෙන් වැළකී, මෙම සිද්ධිය හා අදාලව  වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට පොලීසියට නියෝග කරන  ලෙසට සහා ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළක්වීමේ පනත යටතේ පවරන ලද නඩුව අධිකරණයේදී 
 විභාග වීමේදී මා නැවත නැවත පීඩාවට පත් කිරීම හා නීතිඥවරුන් විසින් සිදුකරන ලද සූරා කෑම, කෙරෙහි අවධානය යොමු කර, අධිකරණ කි‍්‍රියාපටිපාටියේ ¥ෂිත ක‍්‍රියා හා නීතිඥවරුන්ගේ දුෂිත පිළිවෙත් අවම කිරිමට අවශ්‍යය නිර්දේශ රජයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි.

මා දැනට, සු`ඵ පරිමාණ ඇඟලූම් කම්හලක සේවය කරමි. දියණියගේ පූර්ණ භාරකාරත්වය ලබාගෙන සිටින බැවින් තවදුරටත් පරීක්ෂණ, විමර්ශන වලට ඉදිරිපත්වීමට හැකියාවක් නැති බව ප‍්‍රකාශ කරමි.

ස්තුතියි, 

මෙයට,
කුමාරි 
  


Saturday, February 10, 2018

ස්ත‍්‍රී දුෂකයෙකුව රැකගැනීමට පොලීසිය ගත් පියවර සාධාරණීය කිරීමට පොලිස් අධිකරිවරයෙක් ගන්න උත්සහය පිළිදබ`ද හෙළි දරව්වක්.


ලලිත් අනුරාධපුරයේ ගොවියෙක්. තම දියණියව පැහර ගෙන ගොස් දුෂණය කළ පොලිසියට ඥති සම්බන්ධකම් දක්වන ලද පුද්ගලයෙකු රැුක ගැනිමට පොලිසිය දරන ලද උත්සහය ගැන කරන ලද පැමිණිල්ලකට පුත්තලම  පොලිස් අධිකරිවරයා විසින් පරික්ෂණයක් කර, එවන ලද ලිපියට නිහඬ නොසිට යවන ලද පිළිතුර පහත දක්වන්නේ මෙරටේ උගත් යයි සම්මත ගණයට වැටෙන පොලිස් අධිකරවරයෙකුට යුක්තිය අහිමි කිරිමට ඉඩ දීමට සුදානම් නැති බොහෝ ‘‘නුගත්’’ යයි සම්මත ගණයට අයත් පුද්ගලයින් සිටින බව ඔපුපු කරමින්ය. 
සිද්ධිය අදලා පුවත සඳහා යොමුව:

ලලිත් ගොවි මහතාගේ පිළිතරු ලිපිය:-
‘‘ ව්‍යාජ නඩුවක් පවරා අසාධාරණයට ලක් ‘කිරීම සම්බන්ධයෙන් සාලියවැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට විරුද්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම. 

1. 2016.04.23 වන දින, සවස 7.00 ට පමණ, නිවස ඉදිරිපිට කඩයට ගිය මගේ දියණිය ආපසු නොපැමිණීම පිළිබඳව සොයා බැලීමේදී, දියණියව, අසල්වැසි තරුණයෙකු වූ සංඛ යන අය විසින් රැුගෙන ගිය බව දැනගන්නට ලැබී තිබුණා. එම තොරතුරු මත, මාගේ බිරිඳ පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගියද, එය ලියා ගැනීම ප‍්‍රතික්ෂේප කර, ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් කිහිප දෙනෙක් අප නිවස අසලට පැමිණි බව පිළිගනිමි. එහිදී සංඛ යන අයගේ දුරකථනයට, ස්ථානාධිපති කථා කර, සිද්ධිය ගැන විමසීමේදී දියණිය ඔහු සමග සිටින බව පිළිගත් නමුත්, අප ඉල්ලා සිටියද, ඇයට කථා කිරීමට මධුසංඛ ඉඩ දී නැත. ස්ථානාධිපතිවරයා, ඇයට කථා කිරීමට ඉඩ ලබාදෙන ලෙසට බලපෑමක්, ඉල්ලීමක් ද කළේ නැත. සංඛට පොලීසියට පැමිණීමට දැණුම් දුන් විට, ඔහු, මාගේ දියණිය සමග සිටින්නේ ජාඇල බව පවසා සිටින ලදි. ස්ථානාධිපතිවරයා එය පිළිගන්නා ලදි. රාත‍්‍රී 7.00 ට පමණ දියණිය රැුගෙන අනුරාධපුරයේන් පිට වූ මොහු, රාත‍්‍රී 8.00 වන විට ජාඇලට ගියේ කෙසේද යන්න වත්, ප‍්‍රශ්න කිරීමට තරම් මොළයක් ස්ථානාධිපතිට නොතිබුණා නොවේ. ඔහු කළේ ඔහු සමග අයුතු සම්බන්ධකම් පවත්වන සංඛව බේරා ගෙන  මාගේ දියණියව බිල්ලට ගැනීමට ඉඩ දීමය.

මේ හා අදාල සියලූ විස්තර ඉතා පැහැදිළිව මාගේ පැමිණිල්ලෙන්/පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත. එම නිසා එම කරුණු යළි මෙහි සඳහන් කිරීමට අවශ්‍ය නැත. විමර්ශනය කළ බව කියන පුත්තලම සහකාර පොලිස් අධිකාරීවරයා කර ඇත්තේ විමර්ශනයක් නොව, ස්ථානාධිපතිවරයා විසින් අපරාධකරුවකු ආරක්ෂා කිරීමට ගත් සියලූම උත්සාහයන් වසන් කර දැමීමට හා අපරාධකරුවාට නීතියෙන් ගැලවී සිටීමට ඉඩ ලබාදීමය. පේ‍්‍රම සම්බන්ධයක් තිබූ බව සත්‍යයකි. පේ‍්‍රම සම්බන්ධයක් තිබූ පමණින්, සිහිය නැති කර, කැලයකට ගෙන ගොස් දුෂණය කිරීමට තිබෙන අයිතිය කුමක්ද? සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප‍්‍රකාශය මත පිහිටා, එහි කරුණු ගෙනහැර පාමින් වරදකරුවන් අප බව පෙන්වීමට ඔබ ගත් උත්සාහය ලැජ්ජා සහගතය.

මාගේ දියණියව පසුදින ඇයව පැහැරගෙන ගොස් දුෂණය කළ සංඛව හා ඔහුගේ ඥති පරපුර, පොලීසියට ගෙන්වා තබාගෙන, බිය ගන්නවා, බලපෑම් කර, එකඟ කරවාගෙන, ඉන් අනතුරුව අපව පොලීසියට ගෙන්වා, අප ඉදිරියේ කැමැත්තෙන් ගිය බවට ප‍්‍රකාශ කරවා, අපගේ සිත් බිඳවා අප තුළ අප දියණිය කෙරෙහි වෛරයක් ගොඩනැංවීමට තරම් පහත් නීච තත්ත්වයට, පොලීසියේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් ක‍්‍රියා කර ඇති බව වටහා නොගෙන පොලීසියේ දුෂණ අක‍්‍රමිකතා වසන් කර, දුෂිත නිලධාරින් ආරක්ෂා කිරීමට ගත් උත්සාහය හෙළා දැකීම හැර වෙන කිරීමට දෙයක් නැත.

වසර හතරක් පුරා පේ‍්‍රම සම්බන්ධයක් පවත්වා, විවාහ වීමට සිය කැමැත්තෙන් ගෙදරින් පිටව, දින 14 කට වැඩි කාලයක් අඹු සැමියන් වශයෙන් සිට, නිවසට පැමිණි අවස්ථාවේ ”මව”ගේ කීමට ආපසු සැමියා ළඟට යෑම ප‍්‍රතික්ෂේප කර සිටීමට දියණිය තීරණය කරන ලද බවට, ඔබගේ නිගමනය දරුවන් සිටින, විශේෂයෙන් දියණියන් සිටින මවකට පියෙකුට ගත හැකි තීරණයක් නම් නොවන්නේය.

මේ ආකාරයට දීර්ඝව වචන පාවිච්චි කරමින්, ඔබ කරන්නට උත්සාහ ගෙන ඇත්තේ ස්ථානාධිපතිව ආරක්ෂා කිරීමය. ස්ත‍්‍රී දුෂකයෙකුව රැුකගැනීමට පොලීසිය ගත් පියවර සාධාරණීය කිරීමටය. 

දියණිය පැහැරගෙන ගිය සංඛ හා පොලීසිය අතර පවතින සම්බන්ධය වසන් කිරීමටය. එම සම්බන්ධය මාගේ පැමිණිල්ලේ පැහැදිළිව සටහන් කර තිබේ. 

අවසාන වශයෙන් මේ වන විට, අධිකරණය හමුවේ පවතින මෙම නඩුව, නිර්මානය කරන ලද්දක් බවට අවධාරණය කිරීමට තරම් ඔබ පහත් තත්ත්වයට පත්ව ඇත.

මේ මගින් ගම්‍ය වන්නේ නීතිපතිතුමා විසින් මහාධිකරණයට යොමු කර තිබෙන ස්ත‍්‍රී දුෂණ නඩුව බොරු නඩුවක් බවය.

මෙය පොලීසියට කිව හැකිය. මන්ද පොලීසිය විසින් පවරන නඩුවලින් සියයට 90 ක් බොරු නඩු බව පිළිගෙන තිබීමය.

තවද මෙම සිද්ධියට අදාලව කිසිදු පරීක්ෂණයක් පොලීසිය සිදු කළේ නැත. පොලීසිය, පාසල් ශිෂ්‍යාවක් සිහි නැති කර, පැහැරගෙන ගොස් අසල කැලයක තබාගෙන දුෂණය කර, පොලීසිය හා එක්ව දුෂණයට ලක් වූ දැරියව දුෂකයාට විවාහ කර දීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව කෙසේ හෝ අප පවුලෙන් පළිගැනීම සඳහා, මා විසින් සංඛට පහරදුන් බවට පොලීසිය විසින්ම පොලීසියේ පැමිණිල්ලක් දම්මවා, මා අත්අඩංගුවට ගෙන පීඩාවට පත්කිරීමට ගත් උත්සාහය ඔබ පොලීසියේ ප‍්‍රඥගෝචර ක‍්‍රියාවක් ලෙසට හඳුන්වා දීමට තරම් පහත් තත්ත්වයකට පත්වූයේ කෙසේද යන්න තේරුම් ගැනීමට කිසිදු අපහසුවක් නැත.

මේ නඩුව ඉවර නැත. එ් නිසා එ් ගැන මා කථා කිරීමෙන් වැළකී සිටිමි.

2. ඔබගේ දෙවන ලිපිය මගින්, මා සංඛට පහරදුන් බවට වන බොරු නඩුව අදාලව ඉදිරිපත් කර තිබෙන කරුණුවලින් ඔබගේ පළමු ලිපිය නිශේධනය කර ඇති බව මා පෙන්වා දීමට කැමැත්තෙමි. 
එම ලිපිය අනුව, ඔබ, ස්ථානාධිපතිවරයා වගකීමෙන් මුදාහැර ඇත. මෙයද දුෂිත පියවරකි. 

ස්තුතියි. 
මෙයට,
ලලිත් 

සටහන: 
සාක්ෂි සටහන් කළේ නැත. ස්ථාන පරීක්ෂාවක් කළේ ද නැත. එ් අනුව, මෙම අපරාධකරුවා ද, වසර හත අටකට පසුව අවසන් වන නඩුවෙන් නිදහස් වන බවට පූර්ව නිගමනයට ඔබ පැමිණ සිටීම ගැන මා පුදුමයට පත්වන්නේ නැත.

පිටපත්: 

01. පොලිස්පති                  
     පොලිස් මූලස්ථානය         
     කොළඹ 01

02. ලේකම්
    ජාතික පොලිස් කොමිෂන් සභාව                           
    අංක 09 ගොඩනැගිල්ල, ඊඵෂක්‍්‍ය පරිශ‍්‍රය
    බෞද්ධාලෝක මාවත
    කොළඹ 07

මෙම සිද්ධිය අදාල බ්ලොග් සටහන බලන්න







Tuesday, February 6, 2018

නිදි යහනට වැදී රෙද්ද ඉස්සුවාට බැන වැදීම, රාජකාරියට බාධා කිරීමක්ලූ .......... !


විසි හැවිරිදි එක් දරු මවක් වන, නදීෂි නිදා සිටි කාමරයට ඇතුලූ වූ පොලිස් කාරයෙක් ඇය පොරවාගෙන සිටි රෙද්ද ඉවත් කිරීම රාජකාරිය කරගෙන ඇත. 

නදීෂි, පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාවට හා පොලිස් කොමිෂමට කර තිබෙන ලිඛිත පැමිණිල්ල පහත දක්වන්නේ, ශ‍්‍රී ලංකා පොලීසිය මේ වන විට, පත්ව ඇති තත්ත්වය පැහැදිළිව තේරුම් ගැනීමටය.

‘‘ නිදාසිටින විට රෙදි ඉවත් කර, කුණුහරුපයෙන් බැන වැදී බොරු චෝදනා දැමීම.

නදීෂි........, අවු: 20 යි, විවාහක, දරුවන් 01 යි, පානදුර.  2018.02.06 වන දින දීය. 
2018.02.01 වන දින දහවල් 11.00 ට පමණ මා, කාමරයේ නිදාගෙන සිටියදී, පොරවගෙන සිටි රෙද්ද අයින් කරනවා දැනී ඇහැරුණා. මා දුටුවා මා ඉදිරිපිට පානදුර දකුණ පොලිසියේ යුනිට් එකේ පො.කො. බංඩාර නැමති නිලධාරියා, හිටගෙන ඉන්නවා. මට කේන්ති ගියා. මා ඔහුට තනියම නිදාගෙන ඉන්න ගෑනු කෙනෙකුගේ පොරවන රෙද්ද ඉවත් කිරිම ගැන ෙදාස් කිව්වා.

එවිට ඔහු මට, ”කටවහපන් හුත්ති” කියමින් බැන වදිමින් එළියට ගියා. ඉන්පසුව, ඔහු පැමිණි අන් අය හා එක්ව වත්තෙන් පිට සෝදිසි කර යන්න ගියා. එ් අවස්ථාවේ ගෙදර හිටියේ මාගේ පියා හා දෙවෙනි අක්කා පමණි. ටික වේලාවකින් පානදුරයට ගොස් සිටි අම්මා, අක්කලා දෙන්නා හා මාගේ දරුවා ගෙදර පැමිණියා. ඔවුන් පැමිණ පැය 1/2 කින් විතර, පානදුර දකුණ පොලීසියේ යුනිට් එකේ පො.කො. බංඩාර නැමති නිලධාරියා හා තවත් තුන් දෙනෙක් පැමිණියා. ඔවුන් හිටියේ සිවිල් පිට. පැමිණියේ ත‍්‍රීරෝද රථයකින්.

බංඩාර නැමති නිලධාරියා එ් අවස්ථාවේ අපේ ඇඳුම් ගැන ෙදාස් කියා, අම්මාට කිව්වා ලෑස්ති වෙන්න අරක්කු අහුවුණා කියලා. අම්මා ලෑස්ති වෙලා ත‍්‍රීවිල් එකට නැග්ගා. අම්මාව මැදිකරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් නැග්ගා. අනෙක් අය රියදුරු අසුනේ කෙළවරක වාඩිවෙලා ගියා.  
උදේ අම්මාව බලන්න තාත්තා පොලීසියට ගිය විට, මාව එක්කගෙන එන්න යැයි කියා තිබුණා. 
එ් අනුව, මම රෝහිනී කුමාරි අක්කා සමග පොලීසියට පැමිණියා. පොලීසියට ගිය විට, යුනිට් එකේ ස්ථානාධිපති මාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තා. යුනිට් එකේ සිවිල් ඇඳුමින් සිටි කාන්තාවක්, මාගෙන් කටඋත්තරයක් ගත්තා. මා විස්තරය කිව්වා. මගෙන් අත්සන් ගත්තා. ඊට පස්සෙ එ් කාන්තාව මාව ත‍්‍රීරෝද රථයකින් උසාවියට ගෙන ආවා. එම ත‍්‍රීරෝද රථයට අම්මාව ද නංවා ගත්තා. මාව අම්මාගේ ඔඩොක්කුවේ තිබ්බා. කාන්තාව ඊළඟට වාඩිවී, අනික් කෙළවරින් සැරයන් හේරත් නැමති නිලධාරියා නැග්ගා. උසාවිය තුළට මාව හා අම්මාව ගෙනිච්චා.

සැරයන් හේරත් නිලධාරියා අම්මාට, කසිප්පු බෝතල් 20 ක් දාලා තිබුණා. බෝතල් ඉදිරිපත් කළේ නෑ. මට විරුද්ධව රාජකාරියට බාධා කිරීම, අඩම්තේට්ටම් කිරීම යන චෝදනා කළා. අප නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා. ඇප මත මුදාහරිණු ලැබුවා.

මා තනිව, කාමරයේ නිදා සිටියදී, ඇඳ ළ`ගට ඇවිත් පෙරවා සිටි රෙද්ද ඉවත් කර, මාව හිංසාවට පත්කිරීම, අසභ්‍ය වචනයෙන් බැන වැදීම, ඉන්පසු බොරු චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව පානදුර දකුණ පොලීසියේ පො.කො. බංඩාර නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි. මෙයට, නදීෂි ........’’ 


Sunday, February 4, 2018

තිදරු පියෙක්ව, දින හතරක් පුරා වධ දෙමින් සඟවා තබාගෙන සිට බේගල් ඇද උසාවියට දමයි


තම පුතාව අත්අඩංගුවට ගෙන, දින 04 ක් පුරා වධ දෙමින් හංඟාගෙන හිටිය, වාද්¥ව පොලීසියට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න. මෙම ඉල්ලීම කරන්නේ, ක`ඵතර උතුර පදිංචිකරුවෙකු වූ අෆොන්සු මහතාය. වාද්¥ව ප‍්‍රදේයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට, පොල් කඩන්නෙකු වූ තම පුතාව අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි මස 30 වන දින බවත්, මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට දැණුම් දෙන තෙක් පුතා පෙන්වීම ප‍්‍රතික්ෂේප කරමින් සිටි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

වධ දීම්, බොරු නඩු දැමීම් හා මිනී මැරීම් ගැන වාර්තා තබා තිබෙන වාද්¥ව පොලීසිය, අඛණ්ඩව නීති විරෝධී ක‍්‍රියාවන්හි නිරත වන බවට මෙය උදාහරණයකි.

පොලිස් අපරාධ, නීති විරෝධී ක‍්‍රියාවන් පවතිවාගෙන යෑම අගමැති බාරයේ පවතින, ඔහුගේ සමීපතමයෙකු වූ සාගල රත්නායක යටතේ පවතින පොලීසිය සිදුකරන අපරාධ අවම කිරීමේ උත්සාහයක් නැත.

දින 04කට පසුව, මෙම මස 02 දින අත් අඩංගුවට ගත් බවට බොරු බි වාර්තාවක් මගින් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කරවා තිබේ.  

බුදු මැදුරු අටවාගෙන භාවනා කරමින් පන්සිල් පද විගඩමක් කරගෙන සිටින්නේ පොලිසිය පමණක් නොවන බව අපවත්වීම් පිළිබඳ අනු නායකයින්ද ඉදිරිපත් කරන කථා වලින්ද පෙනේ. අලි ඇතුන් මිනිසුන් හැර සියලූ සත්වයින් නිදුක් නිරෝගි වෙත්වා!ෟ!ෟ