Tuesday, March 27, 2012

ආධුනික උප ලූතිනන්ට වධ දුන්න කපිතාන්වරු දෙන්නාට සිර ද`ඩුවම්


ඩිංගිරි බංඩා


ඩිංගිරි බංඩාගේ තුවාල කැලැල්

ආධදුනික උප ලූතිනන් වරයාට නවක වධය දුන්න -  හමුදා නිලධාරීන් දෙන්නාට සිර දඩුවම්. රුපියල් දෙලක්ෂයක වන්දි.

2000 වසරේදී - උප ලූතිනන් තනතුරට උසස්වීමක් ලැබූ, ඩිංගිරි බංඩා මහතාව නවක වදය දීමේ ප‍්‍රතිඵලයෙන් ඔහු ස්ථිර ආබාධිත තත්වයට පත් විය.

ඔහුට නවක වදය දෙන ලද්දේ සාලියපුර, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ රොහාන් පරාක‍්‍රම රාජපක්ෂ සහ ජානක සජිත් චන්ද්‍රසේන යන කපිතාන් වරු දෙන්නාය. 

මෙම කපිතාන්වරු දෙන්නාට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී, ඔවුන් වරද පිළිගෙන ඇත. 

කපිතාන්වරු දෙන්නාට මාස 18 බැගින් සිර ද`ඩුවම් නියම කොට වසර හතකට අත් සිටවූ  මහාධිකරණය, රපියල් ලක්ෂය බැගින්, රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ඩිංගිරි බංඩාට ගෙවීමටද, ඊට අමතරව රුපියල් 75,000/- ක, රජයේ ගාස්තුවක් ගෙවීමටද -   ඔවුන් දෙදෙනාට නියම කළේය.

මෙම සිද්ධිය අදාල, ඩිංගිරි බංඩා මහතා මූලික අයිතිවාසිකම් නඩුවක්ද, ගොනු කළේය. ීක්‍රැුත්‍ඍ /24/2001 දරන එම නඩුවට ලංකා නීතිඥ සංගමයේ – මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නීතිඥ එ්.එස්.එච්. පෙරේරා ඉදිරිපත් කර තිබිණ. එම නීතිඥවරයා -   වග උත්තර කරුවන්ගෙන් රුපියල් ලක්ෂයක් ගෙන සමථ වන ලෙසට බලපෑම් කළේය. 

එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා, මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගැනීමට නීතිඥවරයා කටයුතු කළේය.

මෙම ක‍්‍රියාව පිළිබ`දව ඩිංගිරි බංඩා මහතා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිලි කළා. 

මේ අතර මෙම කපිතාන් වරුන් දෙන්නාගෙන් ඩිංගිරි බංඩඩා මහතාට විවිධ බලපෑම් එල්ල වී ඇත.

ඩිංගිරි බංඩා මහතා අදට ආබාධිතයෙකි. 
මෙම තීන්දුව ස`දහා වසර 11 ක් ගත විය. 

පැමිණිල්ල මෙහෙය වීම නීතිපතිට ඉඩ දෙන්න බෑ



පානදුර පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්ව සිටි හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, නිශාන්ත මහතාට පහර දීම සම්බන්ධයෙන් පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති අංක 92368 දරන නඩුව මෙහෙය වීමට  -  නීතිපති වරයාට පැවරීමට, හැමිල්ටන් ග්‍රෙගරි කුරේ වෙනුවෙන් පෙනී සිටින, නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ නීතිඥ සුමුදු වික‍්‍රමආරච්චි ගත් උත්සාහය අද ව්‍යර්ථ  විය. 

හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, සිය නිල කාමරයේදී නිශාන්ත මහතාට පහර දීම -  නිල කාර්යයක් හා සම්බන්ධ බව පෙන්වමින්, ‘‘එ් ’’ වාර්තාවකින් ගොනු වූ මෙම නඩුව මෙහෙය වීම නීතිපති වරයාට පැවරීමට උත්සසාහ දැරීය. 

එ් අනුව, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ දිලීප පීරිස් ඉදිරිපත් විය. 

මෙම නීතිපති මැදිහත්වීමට නිශාන්ත මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ජානක මහතා විරෝධය පළ කළේය. දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් පසුව, එ් පිළිබ`දව තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම 27 වන දින සිදු විය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත -  දේශණ සැලකිල්ලට ගනිමින්, සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පානදුර මහේස්ත‍්‍රාත්තුමා, මෙම නඩුවට මැදිහත් වීමට නීතිපතිට ඉඩදිය නොහැකි බව තීන්දු කළේය.

සහකාර පොලිස් අධිකාරී හැමිල්ටන් ග්‍රෙගරි කුරේ, අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. එහෙත් සිය`ඵ ආයතන නීති රීති පිටු පාමින් ඔහු එම තනතුරේ ර`දවා තබාගෙන සිටී. ඔහු එම නඩුවට එ්මටද, යෑමටද, භාවිතා කරන්නේ නිල රථයයි.

නඩුවේ විභාගයට -  පෙනී සිට, තම නිර්දෝෂීභාවය පෙන්නුම් කර, නිෙදාස් කොට නිදහස් වීම පසෙක තබා තර්ජනයෙන්, බලපෑම් වලින් හා සදාචාර විරෝධී උපාය මාර්ග වලින්, නිදහස් වීම ‘බලය’ ඇති අයගේ උත්සාහයයි.

මෙවන් පසුබිමක් තුළ,

මෙවන් පුද්ගලයින් දේශපේ‍්‍රමීන් ලෙසට හ`දුන්වමින්, බෝධි පූජා සෙත් ශාන්ති පවත්වන මේ දේශයේ, යුක්තිය සොයා නිසි මගට යොමුවන්නන්, දේශද්‍රෝහීන් වශයෙන් හංවඩු ගැසීම පුදුමයට හේතුවක් නොවේ.



දිණමින නලූ බට්ටාගේ ප‍්‍රහාරයෙන් රාත‍්‍රී කතෘ රෝහලේ


ධ්‍යවේදීන් මෙන්ම කලාකරුවෝ අද වැහි වැහැලාය. මේ මාධ්‍යකරුවන්ද, බොහෝ දෙනෙකුට නැත්තේ ආත්ම ගරුත්වය , මානව වාදී කම.


හීරලූවන් හා සමාන පිරිසකි - මාධ්‍යවේදීන් - කලාකරුවන්.


මෙයට හො`දම නිදසුන මෙම මස 22 දින ලේක්හවුසියේ, දිණමින කතෘ මණ්ඩලයෙන් වාර්තා විය.


ප‍්‍රබුද්ධි රණසිංහ 


ප‍්‍රබුද්ධි රණසිංහ  -  දිණමින රාත‍්‍රී කතෘය. ගාමිනී ජයලත් සම කතෘය. එයට අමතරව මොහු චිත‍්‍රපට ටෙලි නාට්‍ය වල සු`ඵ චරිත වලට පෙනී සිටින්නෙකි.
ගාමිනී ජයලත්


පත‍්‍රයේ සම කතෘ හා පාට්ටයිම් කර පැමිණි ජයලත් ප‍්‍රබුද්ධි මහතාට පහර දී -  ලේක් හවුස් ගොඩනැගිල්ල තුළින් පහළට ඇද දමා ඇත. මේ වන විට ප‍්‍රබුද්ධි ජාතික රෝහලේ 15 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින සිටී.

මෙයින් පැහැදිලි කරන්නේ කුමක්ද ? 
අද ආණ්ඩුවේ ගැත්තන්ගේ ක‍්‍රියා කලාපයයි. සියලූ වර්ගයේ මහජන නියෝජිතයින්, ආණ්ඩුවේ සේවකයින්, චන්ඞීන් -  මැරයින්ය. ජාවාරම් කරුවන්ය.

ඔවුන් තමාට වඩා වැඩි බලයක් ඇති අයට බැල මෙහෙවර කම් කරන අතර, බලයෙන් අඩු අය නින්දාවට පත් කරයි. පහර දෙයි.

ප‍්‍රබුද්ධිට පහරක් ගැසුවොත් ඔහු ආපසු පහර ගසන්නෙක් නොවන බව දැන ගත් මේ මාධ්‍යවේදී නඵවා ලේක්හවුසියේ එදා සිටි සියඵ දෙනා ඉදිරිපිට පහර දී කාර්යාලයෙන් එලියට ඇද දැමීමට තරම්, නරුමයන් විය.

මෙවන් පුද්ගලයයින් ජනතාව මර්ධනයට එක් විම, පුදුමයට හේතුවක් නොවේ.

ප‍්‍රබුද්ධි රණසිංහ, රාජ්‍ය කඩා වැටීම ගැන ජන මතයක් ගොඩනගන්නට උත්සහ ගත් අයෙකි.නිර්මාණශීලී පුද්ගලයන් අතර කෙනෙකි.

එවන් පුද්ගලයින්ට, පාක්සිකයන් වුවත් පැවැත්මක් නැත. අද අවශ්‍ය වන්නේ මැරයින්ය. ගැත්තන්ය. නිවටයින්ය. මාධ්‍යකරුවන් හෝ කලාකරුවන් නොවේ.

Thursday, March 22, 2012

Possibility of new opportunities– successful UN resolution - AHRC statement


Possibility of new opportunities– successful UN resolution 
The successful UnitedNations Resolution on reconciliation and accountabilityshould pave the way for a new period of commitment to curethe wounds of a long conflict, caused upon individuals aswell as on the institutional structure of democracy and therule of law in Sri Lanka.
A responsible approach to dealing with the pastviolence cannot under any circumstances damage any nation orits people. In fact the capacity to understand the past andface the problems from the past in an honest manner helps anation and its people in the same way as it does in the lifeof individuals.
What is required arehonesty, humility and a political will on the part of thegovernment as well as the people to take their nation andevery citizen of that nation with utmost seriousness. Whenlegal processes are damaged such commitment cannot exist.From the point of view of basic legal and politicalstructure of Sri Lanka, it is a deeply wounded nation. Whatis required is not to be looking for whom to blame for suchdestruction, but to seek and find ways to accept the realityand find ways to cure these wounds.
The resolution of the UnitedNations, the only world forum of all nations shouldtherefore be looked upon as a moment of opportunity. It isthe duty of all the citizens to have the courage to comeforward to express what has been bothering them in theirdeepest levels and create a genuine conversation in thecountry of the ways that everyone could cooperate to rebuildthe nation, its institutions and also the woundedrelationships between the people.
There had been a continuouslament in Sri Lanka about the failure of the politicalleadership of many governments that have ruled during thepast decades to give the leadership that is required to facethe acute problems that the country has been beset with overmany decades. It is now the time for this lament to betransformed into creative and constructive cooperation forthe benefit of all particularly for the benefit of theyounger generations who unfortunately have to bear thesufferings for the wrongs they have never done.
The Asian Human RightsCommission hopes that the government of Sri Lanka will riseup to the moment and face the situation in a manner requiredfrom a responsible leadership. The AHRC hopes that thegovernment will avoid a petty and small-minded approach andface the situation with large-heartedness andfarsightedness. If it fails in this it will fail the nationin a very important moment of history and perhaps ofopportunities that has never existed before to improve.
The farsighted approach thatneighbouring India had adopted by voting in favour of theresolution should set an example for Sri Lanka's leadershipto come to terms with demands of history. The AHRC hopesthat Sri Lanka will extent a hand of cooperation to all thenations and faces this situation in a manner that isrequired.
An opportunity has alsorisen to the UN through its Office of the High Commissionerfor Human Rights to make a contribution for improving thelives of the people and also to contribute to thereconstruction of the institutions of justice in Sri Lanka.The AHRC hopes that the High Commissioner will face thishistoric opportunity with resourcefulness, farsightednessand a commitment, which would make it possible to respond toother situations in other nations in the future. How theHigh Commissioner will face up to this responsibility willbe watched by all the nations.
Irrespective of whatever the manner of voting we hope that all the nations of the worldwill extent full cooperation for Sri Lanka as well as to theHigh Commissioner to ensure the successful implementation ofthis resolution.
A Statement by the Asian Human Rights Commission


Wednesday, March 21, 2012

රත්තරන් ඇමතිගේ ගෝලයෝ අත්අඩංගුවට

බේරුවල රන්ගෝලයෝ දෙදෙනා රිමාන්ඩ් බාරයට

අජිත් හා මංගල යන දෙදෙනාට - 2012.03.08 දින, බේරුවල බී.එම්.සී රෙස්ට්ටුරන්ට් එකට ඇදගෙන ගොස් පහරදුන්, රත්තරන් ඇමතිගේ ගෝලයෝ ලෙසට හදුනාගත් ඇන්ටන් හා දර්ශන යන දෙදෙනාව, එකී සිද්ධියට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට  පමුණුවා, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මොවුන් දෙදෙනාට ඇප ලබාදීමට බේරුවල පොලිසිය විරුද්ධවී තිබෙන බවද වාර්තාවේ.

Tuesday, March 20, 2012

“පොලිසිය” මොකක්ද? තේරුම් ගන්න - ගුටි කනකං ඉන්න එපා



පොලිසිය මොකක්ද?  තේරුම් ගන්න - ගුටි කනකං ඉන්න එපා
කුරුදුවත්ත පොලිස් කාරයෝ 21 හැවිරිදි තරුණයෙකුට වටකර පොලු මුගුරුවලින් පහර දීලා.
ගෘහ නිර්මාණ ශිල්පය හදාරන ශිෂ්‍යෙයක්. නාවික හමුදාවේ දිය පන්දු කණ්ඩායමේ සාමාජිකයෙක්.
2012 පෙබරවාරි 26, ගෘහ නිර්මාණ ශිල්පය අදාල ප්‍රදර්ශනයේ අවසාන දිනය. සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මණ ප්‍රදර්ශණ ශාලාවේ පාලකයෝ - එදින රාත්‍රී 12 ට පෙර, ප්‍රදර්ශණ භාණ්ඩ ඉවත් කරගන්නා ලෙසට - ප්‍රදර්ශකයින්ට නියම කළේය.
මයුර තම කුටියේ ප්‍රදර්ශන භාණ්ඩ වලින් කොටසක් ඉවතට ගෙනගොස්, නැවත පැමිණීයේ ඉතිරි භාණ්ඩ ගෙන යාමටය.
බ.ජ.ස.ශෘලාවේ 3 වන ගේට්ටුව ප්‍රදර්ශකයින් සදහා වෙන්වූ ගේට්ටුවයි. එහෙත් ඒ අවස්තාවේ ගේට්ටු රැකවලා වූ සැරයන් නිමල් සේනාධීර 24141 ට, අවසර පත පෙන්වා සිටියද, ඇතුලුවීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය.
මයුර රැකවලාට කරුණු පැහැදිලි කර දෙන්නට ඉදිරිපත් විය. එහෙත් රැකවලා වූ සැරයන් නිමල් සේනාධීර 24141ථ ඔහුට කථා කළේ, පහත් නින්දා සහගත වචන වලින්ය.
ඒ අතර මයුර සිද්ධිය තම ආයතන ප්‍රධානීන්ට දැන්වීමට ක්‍රියා කළේය. එය නොරිස්සූ රැකවලා මයුරට බැනවැදී, ඔහුගේ කම්මුලට පහර දුන්නේය.
එයින් අනතුරුව, බ.ජ.ස.ශාලාවේ තෙවන ගේට්ටුව අසල බැරැක්කවල සිටි පොලිස් නිලධාරීන් පැමිණ, මයුරව වටකරගෙන පහර දුන්නේය.
බිම දිගේ මුරකුටියට ඇදගෙන ගියේය. පොලුවලින් අතින් පයින් පහර දුන්නේය.
ටික වේලවකට පසුව එතැනට ස්ථානභාර නිලධාරී පො.ප.අත්තරගම මයුරගෙන් කාරණය විමසා, පහර දුන්නේය.
කුරුදුවත්ත පොලිසියට ගෙනගොස්, බිම දමා, පාගා, වෙඩි තබා මරණ බවට තර්ජණය කළේය.
එයින් අනතුරුව ඔහුව රැගෙන ගියේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරන වෛද්‍ය රොෂාන් සුෆ්යාන් ගේ නිවසටය.
මයුරගේ පියා ඒ අවස්තාවේ ඉදිරිපත්ව, තම පුතාට පොලිසියෙන් පහරදුන් බව පැවසීමෙන් පසුව, එම වෛද්‍යවරයා ඔහුව කොළඹ මහා රෝහලට යොමු කළේය.පොලිස් කාරයෝ මයුරව අරන් ගියේ කොළඹ මහා රෝහලේ බාහිර රෝගී අංශයටය. ඒ අවස්තාවේදීද පියා ඉදිරිපත්ව පොලිසියෙන් පහරදුන් බව ප්‍රකාශ කලවිට, ඔහුව හදිසි අනතුරු ඒකකයට යොමු කළේය.
2012.03.05 දින දක්වා ඔහුට ප්‍රතිකාර ගන්නට සිදුවිය.පොලිසිය සුපුරුදු පරිදි මයුරට එරෙහිව රාජකාරියට බාධා කිරිම, පොලිස් නිලධාරියෙකුට පහරදීම යටතේ චෝදනා ගොනු කළේය.
පොලිස්  කාරයින්ට කතාකරන්න උගන්වන්න යයි - මීට පෙර අවස්තාවක නියම කළේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
නමුත් එය කරන්නට පොලිස්පතිට හෝ නි.පොලිස්පතිවරුන්ට හෝ බැරිය. පහල නිලධාරීන්ට නියම ආකාරයට උසස්වීමක් දී ගන්න බැරි පොලිස්පති, නි.පොලිස්පතිවරුන්ට - පුලුවන්ද පහල නිලධාරීන්ට කතාකරන්න උගන්වන්න.
අද පොලිසිය ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට පත්වෙලා ඉවරයි.
තමන්ට මෙහෙම දෙයක් වෙයි කියලා කොළඹ රාජකීයේ ආදි සිසුවෙකු, නාවික හමුදාවේ දියපන්දු කණ්ඩායමේ සාමාජිකයකු වන, ව්‍යාපාරික පුතකු වූ මයුර කවරාදකවත් සිතුවේ නැත.
පොලිසිය මොකක්ද කියලා තේරුම් ගන්න ගුටිකනකං ඉන්න එපා.

Wednesday, March 14, 2012

අපි රත්තරන්ගේ ගෝලයෝ ! ඇන්ටන් හා දර්ශන - අපරාධකාරියින් ඉන්නේ ප්රදබල දේශපාලන රැකවරණය මැද - OIC බේරුවල පොලිසිය කියයි


අපි රත්තරන්ගේ ගෝලයෝ !

ඇන්ටන් හා දර්ශන - අපරාධකාරියින් ඉන්නේ ප්‍රබල දේශපාලන රැකවරණය මැද 

   OIC බේරුවල පොලිසිය කියයි



බේරුවල අජිත් හා මංගල යන දෙදෙනාට පසුගිය 08 වෙනිදා, රාත්‍රී 7.30 ට පමණ ඇන්ටන් හා දර්ශන යන දෙදෙනා පහරදී - බරපතල තුවාල සිදු කරන ලදි.

ඔවුන් දෙන්නාට පහරදී ඇත්තේ බේරුවල පොලිසිය ආසන්නයේ පිහිටි බී.එම්.සී. නැමැති රෙස්ට්ටුරන්ට් එක තුලදීය.බෝතල්වලින් හා පුටු වලින් මේ දන්නාට පහරදුන් - ඇන්ටන් හා දර්ශන අවට සිටි පිරිසට තර්ජණය කර ඇත්තේ අපි රත්තරන්ගේ ගෝලයෝ කිට්ටුවෙන්න එපා කියමින්.

අජිත් ලේ පෙරාගෙන බේරුවල පොලිසියට දුව ගියා. පොලිසිය තුලදී ඔහුට සිහිය නැතිවුනා.

පොලිසිය කලේ සිහිය නැතුව සිටි අජිත්ව ත්‍රී විල් එකක දාලා බේරුවල රෝහලට යවපු එක. ඔහු රෝහලට ගෙනියන්න එක පොලිස් කාරයෙක්වත් ඉදිරිපත් වුනේ නැහැ.

සිහිය නැතුව සිටිය අජිත්ව බේරුවල රෝහල, ගිලන් රථයෙන් නාගොඩ මහා රෝහලට මාරු කලා. ඔහුට සිහිය ආවේ පහුවෙනිදා.

මංගලට බේරුවල රෝහලේම තියාගෙන ප්‍රතිකාර කරලා. ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කරලා නැහැ.

ටිකට් කපාගෙන ගෙදර ආපු අජිත් හා මංගල, පොලිසියේ කැදවීම මත 13 වෙනිදා පොලිසියට ගියා.

එහිදී ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන්, ඔවුන්ගේ ජායාරූප අරගෙන - පුද්ගලිකවම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන බව පවසලා.

අපරාධකරුවන් වූ ඇන්ටන් හා දර්ශනට - ප්‍රබල දේශපාලන රැකවරණ තිබෙන බව පවසා ඇති ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ ඉහළ තැන්වලට යන්න එපා යයි ඔවදන් දීලා.

ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද? මහවෙල පොලිසිය සොයයි !


ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද?

මහවෙල පොලිසිය සොයයි !



ලෝරි කොස්වත්ත - මාතලේ අකුරම්බොඩ වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ ගුරුවරයෙකි.මෙම ගුරුවරයා එම විදුහලේ සිසුන් දෙදෙනෙකුට පිටවල් පුපුරා යන්න පහර දුණි. මෙම අපරාධය පිළීබදව මහවෙල පොලිසිය මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර සිටින්නේ - මෙම සිසුන් දෙන්නාට ලෝරි ගුරුවරයා පහරදී ඇත්තේ ද්වේෂයෙන්ද යන්න පිළිබදව සොයා බලන බවයි.

ඒ සිද්ධිය පිළීබදව නැවත වාර්තාවක් මාතලේ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරමින්, පොලිසිය කියා සිටින්නේ  - වෛද්‍ය වාර්තාවට අනුව සිසුන් දෙදෙනාගේ තුවාල වර්ගය ගැනෙන්නේ බරපතල නොවන ගණයට බැවින් - අපරාධය සමථ මණ්ඩලයට යොමු කරන බවයි.මෙහි අවධානයට කැදවන්නේ පොලිස් කාරයින් අපරාධකාරයින් බේරා ගැනීමට නීතිය ඔවුන්ට ඕනෑ විදිහට හසුරුවන ආකාරය පැහැදිලි කරන්නටය. ලෝරි ගුරුවරයාගේ පහර කෑ සිසුන් මාතලේ දිසා මහා රෝහලට ඇතුලත් කරනු ලැබීය. එහෙත් ගුරුවරයාව අත්අඩංගුවට ගැනීමට හෝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිසිය සූදානම් වූයේ නැත.වෛද්‍ය වාර්තාවට අනුව, එක් සිසුවෙකුගේ මතුපිටින් දකින්නට ලැබුන තුවාල ගණන 07 කි. එහෙත් ලෝරි ගුරුවරයා බේරා ගැනීමට මෙය මහවෙල පොලිසිය සුඵ දෙයක් වශයෙන් අධිකරණයට වාර්තා කළේය.

ළමුන් කෘෘරත්වයට පත් කිරීම - මේ පොලිස් කාරයින්ට ඉතා සුලු දෙයක් වී තිබින.

ලෝරි ගුරුවරයා ප්‍රසිද්ධියේ තුවක්කුවක් රැගෙන සැරිසරන්නෙකි. මොහු පොලිසිය සමග ඇත්තේ අනියම් සම්බන්ධයකි. එබැවින් ඔහුව බේරා ගැනීම මහවෙල පොලිසියේ කාර්යයි.

ළමා කෘෘරත්වයට පත් කිරීමේ අපරාධය වසන් කර, සුලු තුවාල කිරීම යටතේ අධිකරණයට වාර්තාවක් ගොනු කර අපරාධය සමථ මණ්ඩලයට යොමු කළේ, එහි සභාපතිත්වය දරන චීවරධාරියා මගින් සිසුන්ට හා දෙමාපියන්ට බලපෑම් කිරීමට හැකි බව හොදාකාරවම දනිමින්ය.

තවත් කරුණු දෙකක් අවධාරණය කල යුතුයි. සිසුන්ට පහරදීම අධ්‍යාපන නීතිය යටතේ බරපතල වරදකි.

එහෙත් මේ ගුරුවරයාට එරෙහිව කිසිදු විනය පියවරක් අධ්‍යාපන ලොක්කන් ගෙන නැත.

තවත් සිහිපත් කල යුතු කරුණක් නම්, වත්මන් අගවිනිසුරු තුමිය විසින් SC/FR 488/98  නඩුවේ මහේස්ත්‍රාත්වරුන් පිළිබදව කර ඇති ප්‍රකාශයයි.

අද මේ රටේ පාලන බලයේ සිටින, තනතුරු දරන උගත් වැඩිහිටි පරම්පරාවේ අති බහුතරය වංචනිකයින්ය. නිවටයින්ය. මොවුන් බාල පරපුරට බණ කියති. කියවති. අසති. ක්‍රියාවෙන් ඕනෑම සොරකමක්, ජාවාරමක්, අපරාධයක් කරපල්ලා- බේරාගන්න අපි වාගේ සුදු රෙදි පොරවගෙන මල්වට්ටි ඔසවාගෙන, ලෝකෙට සුදනන් ලෙසට පෙනී සිටිත්වා යන මහගු ආදර්ශයයි.

සමථ සහතිකය ගන්න පන්සලට එන්නලු !

චීවරධාරියෙකුගේ නියෝගයක් ! පුවත බලන්න.

Saturday, March 10, 2012

IGP ගේ මෝසම ඉවතට! අධිකරණය ආරක්ෂා කල යුත්තේ පුද්ගලයකු නොෙව්











IGP ගේ මෝසම ඉවතට
උප පොලිස් පරීක්ෂක තනතුරුවලට උසස්වීම් ලබා නොදීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කල බවට චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පොලිස් කොස්තාපල්වරු 634 ට, උප පොලිස් පරීක්ෂක තනතුරු දෙන ලෙසට පොලිස්පතිට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම නියෝගය වෙනස් කරන ලෙසට ඉල්ලා, පොලිස්පති මෝෂමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.

එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පොලිස්පතිගේ මෝෂමට ඉඩදුන්නොත් අධිකරණ කෙරෙහි පවතින මහජන විශ්වාසය බිදෙන බවයි.

මෙහිදී අධිකරණය ආරක්ෂා කල යුත්තේ පුද්ගලයකු නොවන බවත්, අධිකරණයේ විශ්වාසය බවත් සදහන් කළේය.

රු: 2000/= ක් ගත්තු පොලිස් කොස්තාපල්ව අත්අඩංගුවට


රු: 2000/= ක් ගත්තු පොලිස් කොස්තාපල්ව අත්අඩංගුවට
මහනුවර බඩල් කුඹුර පොලිසියේ කොස්තාපල් වරයෙකු ත්‍රී රෝද රථ රියදුරකුගෙන් රුපියල් දෙදෙහසක අල්ලසක් ගනිද්දී - අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂම පවසයි.  

බාර් එකම ෆුල් සපෝට්----කප්පම් ගත් පොලිස් කාරයින්ට ඇප


බාර් එකම ෆුල් සපෝට්
කප්පම් ගත් පොලිස් කාරයින්ට ඇප
මතුගම පොලිසියට සම්බන්ධ කීර්ති හා ගාමිණී යන පොලිස් කාරයින් දෙන්නා - 2012.03.02 වන දින කාන්තාවන් දෙදෙනෙකු සිටින නිවසකට ඇතුලුවී කප්පම් ලබාගැනීමට උත්සාහ ගනිද්දී - විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම පොලිස් කාරයින් දෙන්නාව පසුදින එනම් 2012.03.03 දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී,  මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයන් සියල්ලලෝම නැගිට කප්පම් ගත් පොලිස් කාරයෝ දෙන්නා වෙනුවෙන් ඉදිරිපත් විය.
මේ පළමු අවස්ථාව නොවේ. පොලිස් අපරාධ සැකකරුවන් අදාල උසාවියේ නීතිඥයෝ බුරුත්ත පිටින් නැගිට සහයෝගය පලකරන ලදි.
මෙහිදී පොලිසිය කියා සිටියේ කප්පම් සිද්ධීය අදාල සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත්, ඇප දීමට විරුද්ධ නැතිබවත්ය.
නඩුවේ පැමිණිලිකාර කාන්තාවන් දෙන්නා අධිකරණයට පැමිණ සිටියේ නැත. ඔවුන්ට මරණීය තර්ජණය කර ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් වී නැති බව වාර්තා විය. මෙයද නීතිඥ උපදෙස් මත සිදුවූවක් බව දැනගන්නට තිබේ.
කප්පම් පොලිස් කාරයින්ට දවසකින් ඇප ලබාදීම ගැන නීති විශාරදයෝ විශ්මය පල කරති.
වාර්තා වන අන්දමට - මේ කප්පම් පොලිස් කාරයින් දෙන්නා කෙසේ හෝ බේරා ගැනීමට දරන උත්සාහය, පොලිස් පොඩ්ඩන්ගේ වැඩක් විය නොහැකි  බව තතු දත් අය කියති.
මේ වන විට දිවයින පුරා සිදුවන සංවිධානාත්මක මංකොල්ලා කෑම්, අල්ලස් ගැනීම්, ගෙවල් බිදීම්, කප්පම් ගැනීම් වලට පොලිසියේ ඉහළයින් සම්බන්ධ වන බවට සැක පවතින බව මෙයින් තහවුරු කරති.
මෙම නඩුවේ අංකය - ම/උ 83785 වේ.මෙම නඩුව නීතිපති මැදිහත්වී ඉවත් කර ගැනීම හෝ සමත කරවීමට ඉඩ ඇති බවද සදහන් වේ.
පවතින නීතිය යටතේ කප්පම් චෝදනා විභාග විය යුත්තේ මහාධිකරණයකදීය.
එහෙත් මේ රටේ දැන් නීතියක් නැති නිසා, ඕනෑම දෙයක් සිදුවන්නට කිසිදු බාධාවක් නැත.


මුර බල්ලෝ හා උන්ගේ හාම් පුතුන් - ASP On the Spot


මුර බල්ලෝ හා උන්ගේ හාම් පුතුන් - ASP On the Spot
නුගේගොඩ පොලිස් වසමේ - රංජිත් මෙන්ඩිස් නැමැති සහකාර පොලිස් අධිකාරීවරයාව ඊයේ සවස (09/03/2012), අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්තේ රුපියල් ලක්ෂ 10ක් අල්ලසක් ලබා ගනිද්දීය.
රුපියල් ලක්ෂ දහයක අල්ලස ලබාගෙන ඇත්තේ, මහරගම පිළිකා රෝහල අසල - පිළීකා රෝගීන්ගේ ඥාතීන්ට නවාතැන් සපයන - නල්ලවත්ත සුභ සාධක මධ්‍යස්ථානයට අයිතිවාසිකම් කියන මවකගෙන් හා ඇගේ දියණිය ගෙන්ය. මෙම නල්ලවත්ත සුභ සාධක මධ්‍යස්ථානය ආරම්භකොට පවත්වාගෙන ගිය හිමි නම හදිසියේ අපවත් විය. ඇතිවූ පුරප්පාඩුව සදහා හිමිනමගේ ඥාතීන් අතර හබයක් ආරම්භ විය. හිමිනමගේ ඥාති පුත්‍රයකු වන හිමි නමක් සුබ සාධක මධ්‍යස්ථානයේ අයිතිය පවරා ගත් අතර, එයට විරුද්ධව ඥාතීන් දෙදෙනෙක් (මව හා දියණීය) නඩු මගට බැස්සේය.මේ අතර සුභ සාධක මධ්‍යස්ථානය පවරා ගත් හිමි නම මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකරුවකු වශයෙන් මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළේය. දැන් ඒ හිමිනම රිමාන්ඩ් බාරයේය.
සල්ලි උල්පතක් වී ඇති මේ අසරණ සරණ සුභ සාධක මධ්‍යස්ථානයට - තවත් හිමි නමත් ඇතුලු වූයේ, සංඝ පරම්පරාවට අයිතිය කියමින් ය.මෙම සුභ සාධක මධ්‍යස්ථානයට අයිතිය කියන මව හා දියණියගෙන් රුපියල් දස ලක්ෂයක් සහකාර පොලිස් අධිකාරී ඉල්ලා ඇත්තේ එම දෙපලට සුභ සාධක මධ්‍යස්ථානයේ අයිතිය ලබාදෙන පොරොන්දුව පිටය.
අද පොලිසිය අන්ත දූෂිත ආයතනයක් පමණක් නොව, ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට පත්වී හමාරය කිවහොත් නිවැරදිය. පොලිසියට සෙත් පතන, පොලිසියට වන්දි භට්ටකම් කරන, මානව හිමිකම් NGO ඇතුලු සියල්ලන්ම මෙයට වගකිවයුතුයි.
මෙහිදී - ප්‍රාදේශීය උසාවිවල, පොලිසියෙන් නඩත්තුවන, වෘතියට නිගා දෙන නීතිඥවරුන්ට මෙම වන්දි භට්ටයින් අතරින් මුල්තැන හිමිවේ.

Monday, March 5, 2012

සමථ සහතිකය ගන්න පංසලට එන්නලු ! චීවරධාරියෙකුගේ නියෝගයක් !!

සමථ සහතිකය ගන්න පංසලට එන්නලු !
චීවරධාරියෙකුගේ නියෝගයක් !!
සමථකරුවා - අපරාධකරුවෙක්

 
පාසල් දරුවන් දෙදෙනෙකුට - මාතලේ වීර කැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ ලෝරි කොස්වත්ත නැමැති ගුරුවරයා අමානුෂික ලෙසට පහරදුන්නේය.

 ඒ 2010 අගොස්තු 24 වන දිනය.


  මෙම අපරාධය පිළිබද දෙමාපියන් මහවෙල පොලිසියට පැමිණිලි කරනු ලැබුවා. එම පැමිණිල්ල ගැන සාකච්ජා කරන්න පැමිණෙන ලෙසට සිසුන් දෙදෙනාට, පල්ලේවිල සමථ මූල මණ්ඩලයෙන් කැදවීමක් ලැබුනා.

ඒ 2012 මාර්තු 03 වන දින. 

සිසුන් දෙදෙනා, තම දෙමාපියන් සමග සමථ මණ්ඩලයට ගිය විට දකින්නට ලැබුනේ, තම දරුවන්ට අමානුෂික ලෙසට පහර දුන් අකුරම්බෙ වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ ලෝරි කොස්වත්ත - සමථ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්, නඩු අසන හැටියි.

ආශ්චර්යමත් රටේ මේ අපූරු සිදුවීම දුටු දෙමාපියන්, තමන්ගේ දරුවන්ට පහරදුන් ගුරුවරයා දැන් නඩු අහනවා, ඒක ඉවරවෙලා විත්තිකරුවෙලා මෙතනට එයිද කියා ප්‍රශ්ණ කර, තමන් සමථයකට විරුද්ධ බවත්, මෙවන් පැමිණිල්ලක් සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරීම වැරැද්දක් බවත් පෙන්වා - සමථයට විරුද්ධ බව ප්‍රකාශ කර, සමථ සහතිකය තමන්ට ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

එවිට සමථ මණ්ඩලයේ සභාපති ලෙස වැඩකරන චීවරධාරියා සහතිකය ගන්න පංසලට එන්නැයි පවසා ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

චීවරධාරියෙකු සමථ මණ්ඩලයක සභාපතිවීම තුලින් සාධාරණය ඉටු විය නොහැකි බවට මෙය කදිම නිදසුනකි.

එමෙන්ම අපරාධ සැකකරුවන්, සමථ මණ්ඩල සාමාජිකයින් වශයෙන් පත්කර සිටීම - රට ගොස් ඇති දෙස පැහැදිලි කරන්නකි.දෙමාපියන් දෙන්නා සමථ සහතිකය ගන්නට පංසලට නොඑන බව චීවරධාරියාට ලිඛිතව දැනුම්දී ඇත.

තවත් කරුණක් සිහිපත් කලයුතුව තිබේ. විනය විරෝධී, නීති විරෝධී ක්‍රියා කල මේ ලෝරි කොස්වත්ත ගුරුවරයා තවමත් නිරුපද්‍රිතව, සියලු ආරක්ෂාව ඇතිව, අකරම්බොඩ වීරකැප්පෙට්ටිපොල මධ්‍ය මහා විදුහලේ සේවය කරන බවයි.


සමථ සහතිකය ගන්න පංසලට එන්නලු !
චීවරධාරියෙකුගේ නියෝගයක් සමථකරුවා - අපරාධකරුවෙක්සමථකරුවා - අපරාධකරුවෙක්

Thursday, March 1, 2012

පොලිස් නිලධාරීන් බාලවයස්කාර දැරියකට බාල්කයේ එල්ලා පහර දෙති.


පොලිස් නිලධාරීන් බාලවයස්කාර දැරියකට බාල්කයේ එල්ලා පහර දෙති.
සොරකම් සිද්ධධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් බාලවයස්කාර දැරියක් වැල්ලවත්ත පොලිසියේ බාල්කයක අත්දෙකෙන් එල්ලා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පොල්ලකින් පහරදී ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා හමුවේ හෙළිවිය.
බාලවයස්කාර දැරිය පවසන පරිදි පහරදීමක් සිදුවී ඇද්ද යන්න හෙළි කර ගැනීම සදහා දැරිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කළ මහේස්ත්‍රාත්වරයා මේ පිළිබදව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද දැනුම් දුන්නේය.
සේවිකාවක් වශයෙන් සිට නිවසේ තිබූ රුපියල් 190,500 ක් වටිනා රන් ආභරණ ඇතුලු දේපල සොරකම් කරන ලදැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අවුරුදු 18 සම්පූර්ණ කර නොමැති වතුකරයේ ද්‍රවිඩ ජාතික බාලවයස්කාර දැරියකට පොලිස් නිලධාරීන් මෙලෙස පහරදී ඇතැයි හෙළි වී ඇත.
වැල්ලවත්ත ධර්මාරාම පාරේ පදිංචි වෙල්ලසාමි මහේෂ්වරන් මහතා පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා කළ පැමිණිල්ලකට අනුව විමර්ශනය ආරම්භ කෙරී ඇත. වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් සිද්ධියෙන් මාස දෙකකට පමණ පසු රාගම ප්‍රදේශයේදී සැකකාර දැරිය අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර වාර්තාවක් මගින් ඒ බව දැනුම් දෙමින් සැකකාර දැරිය අධිකරණයට ඉදිරිපත් කළ වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් සැකකාරිය භාරයේ තිබී කිසිදු දේපලක් හෝ මුදලක් සොයාගෙන නොමැති බවද සැකකාරිය පළා ගිය ත්‍රී රෝද රථ රියදුරන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බවද දැනුම් දී ඇත.
සැකකාරිය වෙනුවෙන් නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා කරුණු ඉදිරිපත් කරමින් දැරියට පොලිස්ථානය තුළදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් පහරදී ඇතැයිද ඇය දමිළ භාෂාව පමණක් දන්නා අයකු යැයිද කීය.
නීතිඥ නිල මැදිරියේදී මෙම නඩුව කැදවූ මහේස්ත්‍රාත්වරයා ද්‍රවිඩ භාෂාව කතා කළ හැකි අධිකරණ සේවකයකු වන තංගරාජ මහතා මාර්ගයෙන් දැරියගෙන් ප්‍රශ්න කරන ලද අතර, එම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අත් දෙකේ මැණික් කටුව ළගින් බැද කඹයකින් බාල්කයක එල්ලා නිල ඇදුම් ඇදගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පහර දුන් බව ඇය කියා සිටියාය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගයන් කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50000 ක ශරීර ඇපයක් මත සැකකාර දැරිය මුදාහළ අතර, ලබන මාර්තු 20 දින නඩුව කැදවීමට නියම කළේය.
උපුටා ගැනීම අද පුවත්පත - 2012.02.29