Saturday, March 10, 2012

බාර් එකම ෆුල් සපෝට්----කප්පම් ගත් පොලිස් කාරයින්ට ඇප


බාර් එකම ෆුල් සපෝට්
කප්පම් ගත් පොලිස් කාරයින්ට ඇප
මතුගම පොලිසියට සම්බන්ධ කීර්ති හා ගාමිණී යන පොලිස් කාරයින් දෙන්නා - 2012.03.02 වන දින කාන්තාවන් දෙදෙනෙකු සිටින නිවසකට ඇතුලුවී කප්පම් ලබාගැනීමට උත්සාහ ගනිද්දී - විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම පොලිස් කාරයින් දෙන්නාව පසුදින එනම් 2012.03.03 දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී,  මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥයන් සියල්ලලෝම නැගිට කප්පම් ගත් පොලිස් කාරයෝ දෙන්නා වෙනුවෙන් ඉදිරිපත් විය.
මේ පළමු අවස්ථාව නොවේ. පොලිස් අපරාධ සැකකරුවන් අදාල උසාවියේ නීතිඥයෝ බුරුත්ත පිටින් නැගිට සහයෝගය පලකරන ලදි.
මෙහිදී පොලිසිය කියා සිටියේ කප්පම් සිද්ධීය අදාල සියලු විමර්ශන කටයුතු අවසන් කර ඇති බවත්, ඇප දීමට විරුද්ධ නැතිබවත්ය.
නඩුවේ පැමිණිලිකාර කාන්තාවන් දෙන්නා අධිකරණයට පැමිණ සිටියේ නැත. ඔවුන්ට මරණීය තර්ජණය කර ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් වී නැති බව වාර්තා විය. මෙයද නීතිඥ උපදෙස් මත සිදුවූවක් බව දැනගන්නට තිබේ.
කප්පම් පොලිස් කාරයින්ට දවසකින් ඇප ලබාදීම ගැන නීති විශාරදයෝ විශ්මය පල කරති.
වාර්තා වන අන්දමට - මේ කප්පම් පොලිස් කාරයින් දෙන්නා කෙසේ හෝ බේරා ගැනීමට දරන උත්සාහය, පොලිස් පොඩ්ඩන්ගේ වැඩක් විය නොහැකි  බව තතු දත් අය කියති.
මේ වන විට දිවයින පුරා සිදුවන සංවිධානාත්මක මංකොල්ලා කෑම්, අල්ලස් ගැනීම්, ගෙවල් බිදීම්, කප්පම් ගැනීම් වලට පොලිසියේ ඉහළයින් සම්බන්ධ වන බවට සැක පවතින බව මෙයින් තහවුරු කරති.
මෙම නඩුවේ අංකය - ම/උ 83785 වේ.මෙම නඩුව නීතිපති මැදිහත්වී ඉවත් කර ගැනීම හෝ සමත කරවීමට ඉඩ ඇති බවද සදහන් වේ.
පවතින නීතිය යටතේ කප්පම් චෝදනා විභාග විය යුත්තේ මහාධිකරණයකදීය.
එහෙත් මේ රටේ දැන් නීතියක් නැති නිසා, ඕනෑම දෙයක් සිදුවන්නට කිසිදු බාධාවක් නැත.


No comments:

Post a Comment