Tuesday, April 25, 2017

ඉංගිරිය කුඩු ජාවාරම පිටුපස ඉන්නේ පොලිසිය



ගෙට පැන, දේපල විනාශ කර, මරණීය තර්ජණ එල්ල කල මැර කණ්ඩායමට එරෙහිව පොලිසිය ක‍්‍රියාත්මක නොවන්නේ, එම කණ්ඩායම හා ඉංගිරිය පොලිසිය පවත්වාගෙන යන සහ සම්බන්ධයයි.

ප‍්‍රදේශයේ ප‍්‍රකට කුඩු ජාවාරම් කරුවකු වන කුඩු කුමාර සමග ඉංගිරිය පොලිසිය පමණක් නොව පානදුර කොට්ඨාශයේ ඉහළ නිලධාරීන් ද සම්බන්ධකම් පවත්වන බවත්, එ් නිසා, එම ජාවාරම්කරුට හා ඔහු මෙහෙයවන කල්ලියට එරෙහිව නීතිමය පියවර නොගන්නා බවත්, චෝදනා කරන්නේ මෙම පිරිස් නිසා නිරන්තර පීඩාවට ලක්වන රාහුල සිල්වා නැමැත්තා ය.

ඔහු මෙම අපරාධය හා අපරාධකරුවන් පිලිබඳව දැනුම් දුන්නද, විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම මග හරින පොලිසිය, පැමිණිලි සම්බන්ධයෙන් ප‍්‍රකාශ ගැනීම හැර අන් පියවරක් නැති බව අවධාරණය කරයි.

අපරාධය හා අපරාධකරුවන් පිිළිබඳව, ඔවුන් හා සම්බන්ධකම් පවත්වන නිලධාරීන් පිලිබඳව නම් ගම් සහිතව හෙළිකරන, රාහුල ද සිල්වා, අදාල පොලිස් නිලධාරීන් ඉදි කරන නිවාස, පගා හා කොමිස් ගහන දේශපාලකයින්  පරාද කර ඇති බවද පෙන්වා දෙයි. 

මේ අතර පොලීසිය හා එක්ව රාජෙන්ද්‍ර නැමැති කුඩු ජාවාරම්කරු මොහුට විරුද්ධව කරන ලද ව්‍යාජ හා ද්වේශසහගත පැමිණිල්ලේ සහතික පිටපත ලබාදෙන ලෙසට ඉල්ලීම් කලද, එය ලබාදීමද මග හරිනු ලබන බව කියා සිටි.




Saturday, April 22, 2017

Photo Gallery - Lady ''Barefoot Lawyers"














මරණින් මතු නූපදිමි.



‘‘නැවත ඉපදීමක් නැතැයි කියනවාට වඩා ඇතැයි කියා සිත සාදා ගන්නට වැඩි දෙනා කැමතිය. ඔවුන් එසේ කැමතිවනුයේ අන් කිසිවත් නිසා නොව, දීර්ඝ ජීවිතයට හා සැප විඳින්නන්්ට හෙවත් රස විඳීමට ඇති අසාව නිසාත්, මේ ආත්ම භාවයේදී ලබා ගත නොහැකි වන සැප සම්පත් මරණින් මතු ආත්ම භාවයේදී හෝ ලබා ගැනීමට ඇති අසාව නිසාත් බව පැහැදිළිය. මතු මත්තෙහිද සැප ලැබීමේ - නොලැබුණු රස විඳීමේ පංචේන්ද්‍රියන් පිනවීමේ අසීමිත තණ්හාවත් නිසාම බොහෝ දෙනා පරලොවත් ප‍්‍රාර්ථනය කෙරෙති.’’

දිවාන වත්තේ නන්දසිරියන් ගේ ”මරණින් මතු නූපදිමි” පෙතෛ් උපුටා ගැනීමකි.1959 දී ”ජන ලංකා” හි පලකල ලිපියකි. අදටත් වලංගුය. පොත තිලිණ කොට තිබුනේ තරුණ පරපුරටය.


Friday, April 21, 2017

ජේලර් සිල්වා දස වධ දුන්නා. එ්කා කාටවත් බය නැතිලූ. කලුතර උතුර පොලිසිය අපරාධය සමථ මණ්ඩලයට දානවාලු!

ක`ඵතර බන්ධනාගාරයේ රැඳෙවියෙකුට දස වධ දුන්න ජේලර් සිල්වාට එරෙහිව මේ දක්වාම නීතිය ක‍්‍රීයාත්මක කිරීමට බලධාරීන් සමත්ව නැත.

2017 මාර්තු 28 වන දින සිදුකල මෙම වධ දීම ගැන, බන්ධණාගාර කොමසාරිස් ජනරාල්, ක`ඵතර උතුර පොලිසියට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර තිබේ.

මෙසේ වධ හිංසාවට පත්වූයේ පනස් තුන් හැවිරිදි තිදරු පියෙක් වූ රම්‍යජීව මහතාය.

මොහුගේ ලිඛිත පැමිණිල්ලට අනුව, ජේලර් සිල්වා, රම්‍යජීව මහතාව සිය නිල කාමරයට ගෙන්වා, පළමුව මේසයක් යට දණගස්සවා ඇත. ටික වේලාවකට පසුව, මිදුලේ දණ ගලස්සවා, කණ්දෙක අල්ලාගෙන සිටින ලෙසට නියම කර ඇත.

එසේ සිටින විට, විනාඩි 15ක් පමණ ”හාවා” පනින ලෙසට පැනීමට නියම කර, අවුරුදු 28 පමණ තරුණයකු කර තබාගෙන ඇවිද්දවා තිබේ.

එයින් අනතුරුව වෙනිවැල් පොල්ලකින් යටිපතුල්වලට, තට්ටම් වලට පහරදී තිබේ. 

නැගිට ගන්නවත් බැරිවන තුරු පහර දීමෙන් පසුව, වාට්ටුව බාර ”පාටි” කරු ගෙන්වා වැසිකිලිය ඉදිරියේ නිදා ගැනීමට සලස්වා තිබේ.

මෙම අපරාධය පිළිබ`දව කලුතර උතුර පොලීසිය පසුගියදා දෙපාර්ශවය කැඳවා, පැමිණිල්ල සමථ මණ්ඩලයට දමන බවට විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරික්ෂකවරයා කියා ඇත. මෙය වධහිංසා පැමිණිවිමක්. එය සමථ මණ්ඩලයට විසඳන්න පු`ථවන් එකක් නොවේ. වධ හිංසා පනත යටතේ නඩු පැවරිමට වහාම පියවර ගන්නා ලෙසට මහින්ද මහතා කලූතර උතුර පොලිසියේන ලිඛිතව ඉල්ලා තිබේ.

බන්ධණාගාරයේ නම ගිය අපරාධකරුවන්ට, සල්ලි තියෙන එවුන්ට,  ඕනෑම දෙයක් කරන්නට පු`ඵවන් තැනකි. එය දේශපාලකයින්ට පමණක් සීමා වූ වරප‍්‍රසාදයක් නොවේ.

පුද්ගලයකු අධිකරණය මගින් රක්ෂිත බන්ධණාගාරගත කරන්නේ ඔහුට වධහිංසා පැමිණවීමට නොවේ.

බන්ධනාගාරගත කරන්නේ පුද්ගලයින්ගේ ආරක්ෂාව සැලසීමටය. එසේ ආරක්ෂාව සැලසීම අධිකරණයේද වගීකීම වේ. 



Thursday, April 20, 2017

බෝගසක් කතා කරයි.


.......මගේ රටේ බොහෝ දෙනා මට වඳිති පුදති. හදින් - මලින් පුදති. කිරියෙන් මා පුදති. වතින් පුදති. පන්සලක් ගානේ මා හිරකර තබාගෙන මට වඳිති. පුදති. මගේ ශ්‍රේෂ්ඨ ගති මේ මිනිසුන් තුළ පිහිටා තිබේ නම් ඔවුන් මට වඳින්නට වුවමනාවක් නැත. 

.....පොල් ගෙඩියට, කොස් ගෙඩියට දබර කර ගන්නා මිනිසුන් මට වඳිති. ඉඩම් කෑල්ලට නඩු හබ කියා ගන්නා මිනිස්සුත් මට වඳිති. ක`ඵ කඩ කාරයොත් මට වඳිති. හොර ජාවාරම් කාරයෝත් මට වඳිති. 

....දුදනෝත් මට වඳිති. හොර මත්පැන්ජාවාරම් කාරයෝත් මට වඳිති. මිනීමරුවෝත් මට වඳිති. අහිංසක ශ‍්‍රද්ධාවන්තයෝත් මට වඳිති. පුදති. අන්ධ ශ‍්‍රද්ධාවොන් පෙළෙන සමහරු අනාගත බලාපොරොත්තු ඇතිකර ගෙන මට අභිවාදනය කරති. මට වැඳීමෙනුත්, කිරිබත් පිදීමෙනුත් වැඩක් නොවන බව මේ මිනිසුන්ට තේරුම් ගන්නට ශක්තියක් නැත......මා ඉදිරියේ දල්වන පහන් රාශියේ තෙල්, තමන් හතරවටේ මහඅඳුරේ ගිලී පවත්නා දුගී දුප්පතුන්ගේ පැල්පත් ආලෝක කරනු සඳහා යොදනු නොඅනුමානය. මා වෙත ගලා යන්නට සලස්වන කිරි, එ් දුගී පැල්පත්වල කිරි ඉල්ලා අඬන කිරි දරුවන් ගේ හැඬීම නවත්වනු පිණිස යොදනු ඇත. මට පුදන බත්, එ් පැල්පත්වල සාගින්නේනෙන් පීඩිතව ඉන්නා දිළිඳු අසරණයන්ගේ කුසගිනි නිවනු පිණිස යොදනු ඇත. 

මට පුදන මල්, ගස්වල - සෞන්දර්යය සුරකිනු ඇත. .....මගේ ගතේ දිරියත්, සිතේ සවියත්, ආහාර පාන සපයා ගැනීමට මට ඇති ශක්තියත්, මගේ රටේ මිනිසුන්ටත් තිබේ නම් - ඔවුනුත් අද වාසනාවන්ත මිනිස්සු වෙති. 

දිවානවත්තේ නන්දසිරි (1962)
(මරණින් මතු නූපදිමි - පොතෙන් උපුටා ගැනීමකි.)


ගිණි තැබූ අය බේරන්න පයියාගල පොලිසිය පොඩි එවුන්ට තලයි.



නිවසක් සම්පූර්ණයෙන් ගිණි තබා, පුරසාරම් ෙදාඩමින් පොලිසියට ගිය එවුන්ව බේරනන්ට - පොඩි එවුන්ට තලන්නට පයියාගල පොලිස් ස්ථානාධිපති එඩිතර වෙයි.

මේ පයියාගල පොලිස් වසමේ 2017.04.18 වන දින රාත‍්‍රී 8ට පමණ සිදුවූ සිද්ධියකි. පොලිසියට හා දේශපාලකයින්ට ඇම්බැට්ටකම් කරන තානාපති - මේ අපරාධය පිටුපස සිටින බව විපතට පත් නිවැසියන් කියා සිටී. 

ගෘහ මූලිකාව පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් බොහෝ කරුණු හෙළි දරව් වේ. එම පැමිණිල්ල පහත දැක්වේ.



පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නිවසක් ගිණී තැබූ අපරාධකරුවන්ව බේරා ගැනීට පයාගල පොලිසිය දරන උත්සාහය වලක්වාලන ලෙසට කරන ඉල්ලීම.

පුෂ්පරාණි, වු: 37 යි, විවාහක, දරුවන් 02යි, ක`ඵතර උතුර.

2017.04.19 දිනදීය.

2017.04.18 දින, රාත‍්‍රී 8.00 පමණ, මමත් දරුවන් දෙන්නාත් සමග, සැමියා ගෙදර එනවා බලන්න මලේගොඩ පන්සල පාරට ආවා. එසේ එන විට කටුකුරුඳු වත්ත ගාඞ්න්ස් හි පදිංචි සුසන්ත, ඔහුගේ ලොකු පුතා උදයාංග, පොඩි පුතාලා දෙන්නා වන කවී හා තනුක අපව නවත්වා, සැමියාව කපලා කොටලා මරලා ගෙටදාලා ගේත් එක්ක ගිනි තියනවා කියා තර්ජණය කලා. අප ඉදිරියට යන විට, ලූෂන් නැමැති අය යතුරු පැදියකින් අප අසලට පැමිණ, අපි ගේ ගිණි තිබ්බා, අපි පොලිසියට යනවා, උඹව කුඩු කරනවා කිව්වා. ලූෂන් නැමැති අය සමග, දිල්හානි, සුසන්ත හා උදයාංග ද එ් සමග යතුරු පැදියෙන් අප පසුකර, ලූෂන් සමග ඉදිරියට ගියා. මම 119 ට කතා කරලා සිද්ධිය වාර්තා කලා. ටික වේලාවකින් යතුරු පැදියෙන් 119 නිලධාරින් පැමිණියා. එවිට අපි හිටියේ මලේගොඩ පන්සල ලඟ. ඊට පස්සේ ගිණි නිවන හමුදාවෙන් ද පැමිණියා. විදුලි බල මණ්ඩලයෙන්ද ආවා. 119 නිලධාරීන් කිව්වා අපිට පොලිසියට යන්න කියලා. 

මාගේ පැමිණිල්ල ලියා ගත්තා. ලදු පතක් ඉල්ලූවත් දුන්නේ නැහැ. ස්ථානාධිපති එනකම් ඉන්න කිව්වා. පැය බාගයකට පමණ පසුව ස්ථානාධිපති පැමිණියා. ආපු ගමන් ස්ථානාධිපති කිව්වා ගේ  ගිනිතියලා තියෙන්නේ අපි කියලා. 

ඉන්පසු ලොකු පුතා ඉසුරු  - අවු: 13යි, හිෂාන්  - අවු: 09යි, දෙන්නාව ස්ථානාධිපතිගේ කාමරයට අඬගහගෙන ගියා. කාමරය තුලදී, ඔවුන් දෙන්නාට යකෝ, තොපි , උඹ, බන්, බොලාට කියමින් තර්ජණය කරමින්, උඹලා නේද ගෙට ගිණි තිබ්බේ කියමින් අසා තිබුනා. ඔවුන්ව පරිවාසයට දාන බවටද තර්ජණය කර තිබේ. ස්ථානාධිපති ඞීසල් වලින්ද, භූමිතෙල් වලින්ද, ඉටිපන්දම් වලින්ද පිච්චුවේ ආදී වශයෙන් අසා තිබුනා. පිච්චුනු බව පිළිගත්තොත් ගේ හදලා දෙන බවටද පොරොන්දු වී තිබෙනවා. 

එ් ආකාරයෙන් විනාඩි 30ක් පමණ ඔහු, පුතුන් දේනනාව කාමරයක තියාගෙන මානසිකව වධ දුන්නා. මාගේ ලොකු පුතා ඉසුරු ස්නායු රෝගයකින් පෙළෙන බව මා ප‍්‍රකාශ කලද, ඔහු ගණන් ගත්තේ නැහැ. 

ඉන් පසුව මට පට්ට බැල්ලී තොට ගහලා කුඩු කරනවා, ආදී වශයෙන් බැණ තර්ජණය කලා. ඔහු මට වරද පිළිගනින්  කියා තර්ජණය කලා. වරද පිිළිගත්තේ නැතිනම් පුතාලා දෙන්නාව පරිවාසෙට දානවා කිව්වා. 

විනාඩි 10ක් විතර එසේ තියාගෙන සිට, පැමිණ සිටි මාගේ සැමියා වන ල කුමාරව (අවු: 36) ස්ථානාධිපතිගේ කාමරය තුලට ගත්තා.   

ඔහු සැමියාටත් තර්ජණය කර, කුඩු ගහන බවට චෝදනා කර, උඹේ ගෑනි තමයි ගෙට ගිණි තියලා තියෙන්නේ කියා තර්ජණය කලා.

දැනට අපිට පදිංචියට තැනක් පවා නැත. ඇදි වත පමණක් ඉතිරිව ඇති අතර, දරුවන්ගේ පොත්පත් ඇතුලූ සිය`ඵම දේ ගින්නෙන් විනාශ වී තිබේ. විනාශ වූ දේපල වල වටිනාකම ලක්ෂ පහක් පමණ වේ.

ප‍්‍රසිද්ධියේ තර්ජණය කරමින් ගෙට ගිණි තැබූ,
1. ලූෂන් (තානාපති ලෙසට ප‍්‍රසිද්ධ, පොලිසිය හා දේශපාලකයින් හා සම්බන්ධ),
2. සුසන්ත (පෙදරේරුවෙකි - ලූෂන් යන අයගේ මිත‍්‍රයෙකි)
3. උදයාංග - (සුසන්ත යන අයගේ පුතා)
4. කවී හා තනූ (සුසන්ත යන අයගේ පුතුන් දෙන්නා)
කිසිවකු මේ දක්වා, අත්අඩංගුවට ගෙන නැත.

එමෙන්ම මෙම ගිණි තැබීම , අධිකරණයට වාර්තා කිරිමටද පියවර ගෙන නැත. 

ඉහත සැකකරුවන් හා පොලිසිය සමග පවත්වන හිතවත්කම් මත, නිවසක් ගිණි තැබීමේ බරපතල අපරාධය වසන් කිරීමට, පොලිසිය සූදනාම් වීම වළක්වාලන ලෙසට ඉල්ලමි. 

එමෙන්ම, නොපමාව අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,

පුෂ්පරාණි,

Wednesday, April 19, 2017

කිරිබත්ගොඩ පොලිස් අපරාධකරුවන් රැකීම යහපාලනයද ?



කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති, සැරයන්වරයෙක් හා කොස්තාපල් වරයෙක් - පුද්ගලයකු දින 10ක් රඳවාගෙන, වධ දී, අධීකරණයටද බොරු කියා ඇත.

ඔවුන් නම් පිළිවෙලින් එදිරිසූරිය පටබැඳිගේ චමින්ද, එච්.එ්.ඞී.රුවන් විරාජ්, පර්සි දිසානායක හා සූරිය රුවන්ය.

2017 මාර්තු මස 03 වන දින ප‍්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවට අනුව, ඉහත නිලධාරීන්, ජා ඇල, කජුවත්තේ, කේ.සී.සී.ඉන්ජනියරින් පුද්ගලික සමාගමේ අයිතිකරු බී.කාර්මර් නැමැත්තා සමග එක්ව – කඩවත ලක්ෂ්මන් ද සිල්වා හා ඔශුගේ බිරිඳ අජන්තා වීරසිංහව නීති විරෝධීව රඳවාගෙන, ලක්ෂ්මන් ද සිල්වා ට වධ දී ඇත.

2010.08.11 අජන්තා වීරසිංහව අත්අඩංගුවට ගෙන ඇත්තේ, පොලිසියට ගිය අවස්ථාවේදීය.

2010.08.13 වන දින කාමර් සමග ලක්ෂ්මන් ද සිල්වා සිටි ස්ථානයට ගිය පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. 2010.08.26 වන දින දක්වා, ඔහුව කිරිබත්ගොඩ පොලිසියේ තබාගෙන වධ දී ඇත.

පොලූවලින් පහරදීම, මිරිස් පුරුෂ ලිංගයට දැමීම, කන් පෙති සිගරට් ලයිටරයකින් පිච්චීම, ඇහි බම පු`ඵස්සා දැමීම, යටිපතුල ගිනි අගුරුවිලන් පිලිස්සීම වධදුන් ආකාර අතර වෙති.

පොලිසිය, මොහුව අධීකරණයට ඉදිරිපත් කිරිමට පෙර තුවාල මකා දැමීමට දැඩි උත්සාහයක් ගෙන තිබින.

මොහුව රඳවා ගෙන සිටියේ, ත‍්‍රස්තවාදී ක‍්‍රීයා පිළිබඳව සැක පිට, රැුඳවුම් නියෝග මත බවට වන ව්‍යාජ ප‍්‍රකාශයක්ද මෙම පොලිස් නිලධාරීන් අධීකරණයට කර තිබින.

2010 දී, කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් බලය යොදාගෙන, කාර්මර් නැමැති ව්‍යාපාරිකයාගේ අවශ්‍යතායට ලක්ෂ්මන් ද සිල්වාට හා ඔහුගේ බිරිඳ අජන්තා වීරසිංහව නිති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දී ඉන් අනතුරුව අධිකරණයට බොරු කියා ඇත. 

මෙම සිද්ධීන් අහම්බයන් නොවේ. එදත් අදත් සිදුවේ.

මෙම පොලිස් අපරාධ වැළැක්වීම යහපාලන ආණ්ඩුවේ වගකීම වේ. පොලිසිය බාර ඇමති, එම ඇමතිගේ නායක අගමැති, පොලිස්පති හා පොලිස් කොමිෂමට ද වගකීම වේ.

ශ්‍රේෂ්ඨාධීකරණය විසින් දීර්ඝ නඩු තීන්දුවකින් වැරදි කරුවන් කරන ලද ඉහත සඳහන් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගැනීම හා නීතිමය පියවර ගැනීම පොලිස්පතිගේ වගකීම වේ. එමෙන්ම පොලිස් කොමිෂමේද, අගමැති හා පොලිස් ඇමතිගේද වගකීම වේ.

ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන්ට එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව 2016.10.20 දිනයට ගනු ලැබූ අතර, 2017.03.03 දින තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදි.

එම තීන්දුව අනුව, ඉහත නම් කල පොලිස් නිලධාරීන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 13 (1) වගන්ති උල්ලංඝණය කරන ලද බවට තීන්දු කරනු ලැබීය.

එම තීන්දුවට අනුව, රජය, ලක්ෂ්මන් සිල්වාට හා අජන්තා වීරසිහංට වන්ද ිවශයෙන් රු: 50,000/= බැගින්ද, නඩු ගාස්තුව වශයෙන් රු: 25,000/= බැගින්ද, ගෙවිය යුතුය. මු`ඵ මුදල එකත්ලක්ෂ පනස්දාහකි.

එයට අමතරව, අජන්තා වීරසිංහ ට, ඉහත නිලධාරීන් සිව්දෙනාම රු: 5,000/= බැගින් වන්දියක් තම පුද්ගලික මුදලින් ගෙවිය යුතුව ඇත. මු`ඵ මුදල රුපියල් ලක්ෂයකි.

එමෙන්ම, එච්.එ්.ඞී.රුවන් විරාජ්, පර්සි දිසානායක හා සූරිය රුවන් යන නිලධාරින් තිදෙනා, ලක්ෂ්මන් ද සිල්වාට රුපියල් ලක්ෂ්‍ය බැගින් පුද්ගලිකව ගෙවිය යුතුය. මු`ඵ මුදල ලක්ෂ තුනකි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන වනසුන්දර, උපාලි අබේරත්නගේ එකඟතාවය අනුව, විනිසුරු එච්.එන්.ජේ. පෙරේරා විසින් තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදි. ලක්ෂ්මන් ද සිල්වා හා අජන්තා වීරසිංහ වෙනුවෙන් පෙනී සිටින ලද්දේ, පුලස්ති හේවාමාන සමග සුලක්ෂනා සේනානායක යන නීිතිඥවරුන්ය.



ධර්මානුකූල ලැයිස්තුවේ දෙවන තැන ශ‍්‍රී ලංකාවට


එක් එක් රටවල ”ආගමිකත්වය” සම්බන්ධයෙන් ලොව ප‍්‍රකට, සුරිච් හි පර්යේෂණ සමාගමක් විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, ශ‍්‍රී ලංකාව දෙවන තැනට පත්ව තිබේ.

පළමු තැන හිමිව ඇත්තේ, බටහිර අප‍්‍රිකානු රාජ්‍යයක් වන නිගර් රාජ්‍යයටය. ඉතා දුප්පත් රටක් වන මෙම රටේ ජනගහනයෙන් සියයට 90ක් පමණ ඉස්ලාම් ආගම අදහන අතර, බහුතරය සුන්නි මුස්ලිම් වරුන් වෙති.

සමීක්ෂණ ප‍්‍රතිපලවලට අනුව - ආගම්වලට ලැදියාවක් දක්වන්නන් සිටින අනෙක් රටවල් අතර තෙවන තැන මලාවියටද, සිව්වන තැන ඉන්දුනීයාවටද, පස්වැන්න යේමනයටද හිමිව තිබේ.

මේ ලේඛණයේ පහළ සිටින්නේ, එනම් ආගම් වලට අඩුම ලැදියාවක් දරන්නන් සිටින්නේ - ස්විඩනය, ජපානය, එස්තෝනියාව, ස්වීඩනය හා ඩෙන්මාර්කය යි.

මෙම මගින් පෙන්නුම් කරන්නේ ලොව ශිෂ්ඨ සම්පන්න, දියුණු රටවල ජනයාගෙන් බහුතරය ආගමිකත්වයෙන් ඈත්ව ඇති බවයි.

රටක පිරිහීමට පත්වන විට, නීතිය කඩා වැටි ඇති විටෙක ජනතාවට ආගම්වලට යොමු ව දෙවියන් යදිනවා හැර, වෙන කරන්නට දෙයක් නැත.

ශ‍්‍රී ලංකාවේ ද නීතියක් නැත. එ් නිසා විශ්වාසය තැබිය යුත්තේ නොපෙනෙන දෙවියන් කෙරෙහිය.

කුණු ගොඩවලට යටව, මිනිසුන්ව මැරෙන්නට හරින විට, එ් ගැන කෝපයක් බහුතරයට නැත. කුණුවලින් මිය ගිය අයගේ මෘත දේහයන්ට සලකා ඇත්තේ ”කුණු” වලටත් අන්ත විදිහටය. 

මියගිය පුද්ගලයකු ගේ වටිනාකම රුපියල් ලක්ෂයකට තක්සේරු කර ඇත.

සෑම විටම විපත්, ප‍්‍රයෝජනයට ගන්නෝ පෙරමුනට ඇවිත් සිටී. එයින් දුක විකිනීම ද මහා ඉහළින් සිදුවේ. අවමංගල්‍ය අධ්‍යක්ෂවරු අභිභවමින්් පූජකයෝ පෙරමුණ ගෙන සිටී. 

කුණු ගොඩද කරුමයට, දෙවියන්ට බාර දී නිහඬ වෙමු ෟෟෟ
නිවන් සුව පතමු !!
සාමදානයේ සැතපෙමු!!!! 
කුණුගොඩ!!!



Tuesday, April 18, 2017

අසූ පන්දහස් නවසිය පනස් හතක් රක්ෂකයෝ මංකොල්ලා කති.



ළ පොතේ අකුරු බැරි ගුණදාසගෙන් රුපියල් අසූ පන්දහස් නවසිය පනස් හතක් ”නීත්‍යානුකූලව” මංකොල්ලා කෑමේ සිද්ධියකි මේ.

අප රටේ මංකොල්ලකෑම් ගැන බොහෝ දෙනා කතා කරති. CCTV කැමරා වලට අසුවන මංකොල්ලා කරුවන් අපට දිනපතාම පාහේ රූපවාහිනී පුවත් ඔස්සේ දැක බලා ගන්නට සලස්වති.

එහෙත් "නීත්‍යානුකූලව”, එ් කියන්නේ නීතියට එකඟව, සිදුකරන මහා මංකෝලල කෑම ගැනද අසන්නට ලැබෙති. එ් ආණ්ඩුවේ කොමිස් ගැහිලි ගැනය.

නමුත් රටේ ඉන්ෂුවරන්ස් කාරයෝ සිදුකරන මංකෝලලාකෑම් කොතෙකුත් සිදු කරනු ලැබුවත්, මාධ්‍යයෙන් නම් එ්වා ප‍්‍රචාරය කරන්නේ නැත. 

එ් වෙන කිසිවත් නිසා නොවේ, එසේ කන මංකොල්ලා වලින් කොටසක් නීත්‍යානුකූලව, ඔවුන්ට "දැන්වීම්" නාමයෙන් ලැබෙන නිසාය.

ගුණදාස -මළ පොතේ වත් අකුරක් බැරි අයෙකි. වැස්සකටවත් ඉස්කෝලෙකට නොගොස් ගෙඩි කඩා, කුලී වැඩ කර ජීවත්වෙන ඔහුව රක්ෂණය කරන්නේ - AIA ඉන්ෂුවරන්ස් PLC සමාගමයි. 

ගුණදාස, එ් සමාගමටත්, රක්ෂණ ඔම්බුඞ්ස්මන්ටත් ලියූ ලිපි 02 පහත පළ කරමු.

ලි.ප.තැ.

රක්ෂණ ඔප්පු අංකය : IL 201304507526                               

ඞී.ඞී.ගුණදාස
ජා.හැ.අ.543104280V
අක්කර 33,
පාලයන්ගොඩ,
බෝම්ඹුවල.
2017.04.18

ඉන්ෂුවරන්ස් ලංකා පීඑල්සී
75, කුමාරන්රත්නම් පාර,
කොළඹ 02.

"රක්ෂණ මුදල්"  නමින් මංකොල්ලා කෑම.

ඔබ රක්ෂණ සමාගමේ, නියෝජිතයකු වූ ෙදාඩන්ගොඩ, කජුව වත්ත, පදිංචි, කසුන් චාමර නැමැත්තා, 2013 ජූනි මස, කිහිප වතාවක්ම රාත‍්‍රී කාලයේ, මා නිවසට පැමිණ, ඔබ සමාගමේ රක්ෂණය වන ලෙසට ඉල්ලා සිටියා.

එසේ රක්ෂණය වුවහොත්,
1. අසනීපව සිටින දිනයකට රු: 1500/= ක් බැගින් ගෙවන බවද, 
2. ගෙවන ලබන මුදලට, සියයට 15 බැගින් පොලියක් ගෙවන බවද,
3. වයසට ගොස්, වැඩ පලක් කර ගන්නට බැරිවූ දිනයක රුපියල් ලක්ෂ හතරහමාරක් ගෙවන බවද, 
4. ගෙවන ලද මුදල,  ඕනෑම වේලාවක ආපසු ලබාදෙන බවද, කියා සිටියා. 

ඔබ සමාගම ජාත්‍යන්තර සමාගමක් බවද, එහි නම AIA බවද කියා සිටියා.

එයට අමතරව, පොරොන්දු රාශියක් ඔහු ලබා දුන්නා.

අවසානයේ, ඔහුගේ කීම විශ්වාස කල මා, ඔබ සමාගමේ රක්ෂණය වුනා.

2013.06.27 දින සිට 2015.06.15 දින දක්වා මුදල් ගෙව්වා. ගෙවීම් ලේඛණයේ ඡයා පිටපත අමුණා ඇත.

ගෙවන ලද මු`ඵ මුදල 85,957.00 වේ.

මා, 2015 අපේ‍්‍රල් මාසයේ, මට ඇදුම රෝගය වැළඳුනි. එම නිසා මට වාරික ගෙවීමට නොහැකි බව ඔබ නියෝජිත කසුන් චාමරට පවසන ලදි.

එයින් අනතුරුව, මා අසනීපවීම නිසා ගෙවන ලද මුදල ඉල්ලා සිටියා.

එයට ඔබගේ 2016 මාර්තු 28 දින ලිපිය ලැබිණ.

එයින් අනතුරුව මා වරින්වර ලිඛීතව ඉල්ලීම් කල අතර, ඔබ ක`ඵතර කාර්යාලයට ගියෙමි. මා යන විට කසුන් චාමර හැංගෙන්නට පටන් ගන්නා ලදි.

ඔබ දක්වා ඇති කරුණු කිසිවක් මට තේරෙන්නේ නැත.

මා කිසි දිනෙක පාසල් ගිය අයෙක් නොවේ.

එ් නිසා, මා විසින් කටු අත්සන යෙදුවේ, ඔබ නියෝජිතයා කියන දේ විශ්වාස කරමින්ය.

මා කුලී වැඩ කර ජීවත් වන අයෙක්මි.

මාගෙන් ඔබ සමාගම විසින් රුපියල් 85,957.00 මුදලක් වංචා කර ඇත. 

මෙය මංකොල්ලා කෑමකි.

නොපමාව, මට බොරු කියා මාගෙන් ලබාගත් මුදල් වන රු: 85,957.00 මුදල ලබාදෙන ලෙසට ඉල්ලමි.

මෙයට,

ඞී.ඞී.ගුණදාස

------------------------------------------------------------------------------

ඞී.ඞී.ගුණදාස
ජා.හැ.අ.543104280V
අක්කර 33,
පාලයන්ගොඩ,
බෝම්ඹුවල.
2017.04.18

රක්ෂණ ඔම්බුඞ්ස්මන්,
143 ඒ, වජිර පාර,
කොළඹ 05.

මහත්මයාණෙනි,

ඒ අයි වී ඉන්ෂුවරන්ස් සමාගම කරන ලද මංකොල්ලය පිළිබ`දව.

මෙම සමාගම විසින් මා රවටා රුපියල් 85,957.00 මුදලක් වංචාවෙන් ලබාගෙන ඇත.

මා එම සමාගමට යවන ලද ලිපියේ ඡයා පිටපත මේ සමග අමුණු ඇත.

එමෙන්ම මෙම මුදල මට ලබාදීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,

ඞී.ඞී.ගුණදාස