Thursday, April 20, 2017

බෝගසක් කතා කරයි.


.......මගේ රටේ බොහෝ දෙනා මට වඳිති පුදති. හදින් - මලින් පුදති. කිරියෙන් මා පුදති. වතින් පුදති. පන්සලක් ගානේ මා හිරකර තබාගෙන මට වඳිති. පුදති. මගේ ශ්‍රේෂ්ඨ ගති මේ මිනිසුන් තුළ පිහිටා තිබේ නම් ඔවුන් මට වඳින්නට වුවමනාවක් නැත. 

.....පොල් ගෙඩියට, කොස් ගෙඩියට දබර කර ගන්නා මිනිසුන් මට වඳිති. ඉඩම් කෑල්ලට නඩු හබ කියා ගන්නා මිනිස්සුත් මට වඳිති. ක`ඵ කඩ කාරයොත් මට වඳිති. හොර ජාවාරම් කාරයෝත් මට වඳිති. 

....දුදනෝත් මට වඳිති. හොර මත්පැන්ජාවාරම් කාරයෝත් මට වඳිති. මිනීමරුවෝත් මට වඳිති. අහිංසක ශ‍්‍රද්ධාවන්තයෝත් මට වඳිති. පුදති. අන්ධ ශ‍්‍රද්ධාවොන් පෙළෙන සමහරු අනාගත බලාපොරොත්තු ඇතිකර ගෙන මට අභිවාදනය කරති. මට වැඳීමෙනුත්, කිරිබත් පිදීමෙනුත් වැඩක් නොවන බව මේ මිනිසුන්ට තේරුම් ගන්නට ශක්තියක් නැත......මා ඉදිරියේ දල්වන පහන් රාශියේ තෙල්, තමන් හතරවටේ මහඅඳුරේ ගිලී පවත්නා දුගී දුප්පතුන්ගේ පැල්පත් ආලෝක කරනු සඳහා යොදනු නොඅනුමානය. මා වෙත ගලා යන්නට සලස්වන කිරි, එ් දුගී පැල්පත්වල කිරි ඉල්ලා අඬන කිරි දරුවන් ගේ හැඬීම නවත්වනු පිණිස යොදනු ඇත. මට පුදන බත්, එ් පැල්පත්වල සාගින්නේනෙන් පීඩිතව ඉන්නා දිළිඳු අසරණයන්ගේ කුසගිනි නිවනු පිණිස යොදනු ඇත. 

මට පුදන මල්, ගස්වල - සෞන්දර්යය සුරකිනු ඇත. .....මගේ ගතේ දිරියත්, සිතේ සවියත්, ආහාර පාන සපයා ගැනීමට මට ඇති ශක්තියත්, මගේ රටේ මිනිසුන්ටත් තිබේ නම් - ඔවුනුත් අද වාසනාවන්ත මිනිස්සු වෙති. 

දිවානවත්තේ නන්දසිරි (1962)
(මරණින් මතු නූපදිමි - පොතෙන් උපුටා ගැනීමකි.)


No comments:

Post a Comment