Showing posts with label events. Show all posts
Showing posts with label events. Show all posts

Tuesday, December 14, 2021

කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක් ගෙව්වා.

 

කසිප්පු හිඟයක් නැත. පෙර වැරදි නැති කෙනෙක් ඉදිරිපත් කළා, දඩය හයදාහක්  ගෙව්වා.  

බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම සංවිධානාත්මක හා මහා පරිමාණ ව්‍යාපාරයකි.

නිෂ්පාදනය කරනු ලබන මධ්‍යසාර බෙදා හැරීම ද සහ සිල්ලරට විකිණීම ද සංවිධානාත්මක ය.

මෙම ව්‍යාපාරය නිසා රජයට සෘජුව සිදුවන පාඩුව කොතෙක්ද යන්න ගණන් බලා තිබේ දැයි නොදනිමු. එය රුපියල් බිලියන ගණනක් වන බව නිල නොවන ආරංචිවලින් ප‍්‍රකාශ වේ.

මේ ව්‍යාපාරය නතර කර ගැනීම රජයේ ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. එ සමාජ උවදුරක්ම නිසා නොව රජයට මද්‍යසාර බදු අහිමි වීම අවම කර ගැනීමටය.

රටේ පිහිටි  සෑම පොලිස් ස්ථානයක්ම, පොලිසියේ විශේෂ කාර්යාංශයක්ම, විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව බලපත‍්‍ර රහිතව සිදුකරන මද්‍යසාර නිපදවීම බෙදාහැරීම හා විකිණීම වැළැක්වීමට යොදවා තිබේ.

ඒ සඳහා පවතින නීති රිති ක‍්‍රියාත්මක කරවීමට විශේෂ අවධානය යොමුකර තිබේ. එවන් පසුබිමක වුවද මෙම ව්‍යාපාරය අවම කර ගැනීමට, පාලනය කිරිමට තවමත් නොහැකි වී තිබේ.

සියලූ මාධ්‍යය නිරන්තරයෙන් තරඟයට මේ හා අදාළ ප‍්‍රවෘත්ති වමාරනු ලැබේ. අධිකරණය අඛණ්ඩව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන අයවලූන් ව විශාල කොන්දේසි මත මුදාහැරීම, දඩ ගැසීම කිරීම සිදුකරයි. බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම, බෙදාහැරිම, අලෙවිය යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයින් බහුතරය චෝදනාව පිළිගෙන ‘දඬුවම’ බාර ගනී. අතලොස්සක් ‘චෝදනාව’ අභියෝග කරයි. වසර ගණනාවක් නඩු කියයි. අති බහුතරය නිදහස් වෙති. 

පානදුර නගර මධ්‍යයේ පිහිටි කුප‍්‍රකට මහල් නිවාස සංකීර්ණයකි. මෙහි බූරුවා ගැස්වීමේ සිට  මත්ද්‍රව්‍යය ජාවරම දක්වා සියලූ නීති විරෝධී කාර්යයන් පවත්වා ගෙනු යනු ලැබේ.  

පසුගිය මාර්තු මාසයේ පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් කණ්ඩායමක් මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවසක් වටලන ලදි. එම නිවසේ නිවැසියන් ප‍්‍රසිද්ධියේ බලපත‍්‍ර රහිතව  මදධ්‍යසාර සහ මහා රා සිල්ලරට විකුණනු ලබන අයයි.

මෙම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ බලපත‍්‍ර රහිතව නිපදවන ලද මද්‍යසාර බෝතල් දෙකක් පොලිස් නිලධාරීන්ට බාර දෙන ලදී.

ඒවා බාර ගැනීමෙන් පසුව නිලධාරීන් නිවැසියන් ගෙන් ‘කුඩු’ ඉල්ලා තර්ජනය කරමින් නිවස සෝදිසි කරන්නට පටන් ගන්නා ලදී.

තමන් කිසිවිටකත් මත්ද්‍රව්‍යය අලෙවි නොකරන බව ප‍්‍රකාශ කර සිටියද, පොලිස් නිලධාරීන් අසභ්‍යය වචන කියමින්, බැන තර්ජනය කරමින් සෝදිසි කිරීම් කරගෙන යන අතර, එම ස්ථානයට අසල්වැසියන්ද එක් වන්නට විය.

මෙම කලබගෑනිය තුළ නිවසේ හිමිකාරිය, ව්‍යාපාරයේ හිමිකාරියව අත්අඩංගුවට ගැනීමට ගත්තු උත්සාහයද අසාර්ථක විය. ඒ වෙනුවට ඇගේ සැමියා අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන යන ලදි.

පොලිසිය සැමියා සතුව ‘හෙරොයින්’ තිබූ බවට චෝදනා කර අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා ලදී

මෙම සිද්ධිය පිළිබඳව නිවසේ හිමිකාරිය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන ලදී. එම පැමිණිල්ල සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථානාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවනු ලැබීය.

එම වාර්තාව කොමිෂන් සභාව විසින් නිවස පැමිණිලිකාරිය එවා, ඒ සම්බන්ධයෙන් ඇගේ නිරීක්ෂණය ඉල්ලා තිබිණ.

ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත කරුණු පැහැදිලි කරමින් කර සිය නිරීක්ෂණ ඉදිරිපත් කර පියවර ගන්නා ලදී

නිරීක්ෂණ වාර්තාව

2021.12.10

ලේකම්                

මානව හිමිකම් කොමිෂන් සභාව        

අංක 14

ආර්.එ්. ද මැල් මාවත

කොළඹ 04


පැමිණිලි අංක :HRC/ ------


උක්ත පැමිණිල්ල සම්බන්ධව, ඔබගේ 2021.11.30 දිනැති ලිපියෙන් කරනු ලැබූ ඉල්ලීම ට අනුව,

මා ගේ පැමිණිල්ල සම්බන්ධයෙන්, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති වරයාගේ කරුණු දැක්වීම් වලට අදාල, මාගේ නිරීක්ෂණ පහත දක්වා සිටිමි.

02. 2021.03.07 වන දින, උ.පො.ප., පො.කො. ---, පො.කො.---, පො.කො.---, පො.කො.රි.--  යන නිලධාරීන්, ලැබුණු ඔත්තුවකට අනුව, මෝදරවිල, නිවාස සංකීර්ණයට, -- ජීප් රථයෙන් පැමිණි විට, සැකකරු මාගේ සැමියා, පැන දිව්ව බවද හා එසේ දුවන විට, ලූහුබැඳ ඔහු අල්ලා ගත් බවද, ඉන් පසු සෝදිසි කිරීමේදී, ඇඳ සිටි කොට කලිසමේ ඉන වාටියේ, සූක්ෂම ලෙස සඟවා ගෙන සිටි හෙරොයින් පැකට්ටුව අත්අඩංගුවට ගත් බවට කර තිබෙන සඳහන අමූලික බොරුය.

එය, පොලීසිය, හැමදාම, හැමතැනම, කියන, ලියන සුරංගනා කථාවය.

(අ) මාගේ සැමියාව, අත්අඩංගුවට ගෙන, ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාවේ, සඳහන් වන්නේ, වෙනම කථාන්දරයකි.               එය පානදුර ම/උ අංක : ------ දරන නඩුවේ ‘බී’ වාර්තාවේ පැහැදිළිව සටහන්ව තිබේ.

(ආ) තවද, අත්අඩංගුවට ගත් මාගේ සැමියා ළඟ තිබූ බවට, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කියන පරිදි, එම අවස්ථාවේ, තිබූ බව කියන හෙරොයින් පැකට් එක ලියුම් කවරයක දමා, සැමියාගේ ඇඟිලි සලකුණු ලාකඩ මත තැබූ බවට කර තිබෙන ප‍්‍රකාශය ද අමූලික බොරුවකි.

 සැමියාව, ජීප් රථයේ දාගෙන, පානදුර දකුණ පොලීසියට ගෙන ඒමෙන් පසුව, ඔහුගෙන් ප‍්‍රකාශයක් ගෙන, එහිදී, යමක් බහාලන ලද ලියුම් කවරයකට, ඇඟිලි සලකුණු ගත් බව ප‍්‍රකාශ කර සිටිමි. මෙම සිද්ධියට අදාළ, පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්, පානදුර දකුණ පොලීසියට          බාර දීම අදාළව සිය`ඵම සටහන් පරීක්ෂා කිරීමෙන් මෙම කරුණු සනාථ කර ගැනීමට හැකි වන බව ප‍්‍රකාශ කර සිටිමි.  

03. තවදුරටත්, ඉහත කාරණය අදාළව, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති කියා සිටින්නේ, තාවකාලිකව මුද්‍රා තැබූ (සැමියා සන්තකයේ තිබූ බව කියන* හෙරොයින් පානදුර දකුණ පොලීසියේදී, මැන බලා, සැමියාගේ ඇඟිලි සලකුණු ගත් බවය. සිදුවූයේ, සැමියාගේ, ඇඟිලි සලකුණු, පොලීසිය ආදේශ කළ හෙරොයින් පැකට්ටුවට, බලය යොදා ලබා ගැනීමය. මෙය ඉහත ස`දහන් කළ පරිදි, පොලිස් සටහන් පරීක්ෂා කිරීමෙන් සනාථ වනු ඇත.

04. එ් අතර, මා, සිද්ධිය වූ අවස්ථාවේ, කලහකාරී ලෙස හැසිරුණු බවද, පොලිස් නිලධාරීන්ට, කුණුහරුපයෙන් බැන වැදුනු බවද, මා සතුව තිබූ බලපත් රහිතව නිපදවන ලද මද්‍යසාර, බිම හලා විනාශ කරන ලද බවද, එ් නිසා මට විරුද්ධව නඩු පැවරීමට නොහැකි බවද කියා සිටී. මෙවන් සිදුවීමක් සිදුවූයේම නැත. මෙය ද, සුරංගනා කථාවකි. පොලිසිය නඩු දමන්නේ ඔවුන් ළඟ තබාගෙන සිටි බලපත් රහිතව නිපදවන ලද ‘මද්‍යසාර’ ආදේශ කරය. මෙම නිලධාරීන්, මට මෙහි සඳහන් කළ නොහැකි ‘‘කුණුහරුප’’ කියමින්, ”කුඩු” ඉල්ලා සිටි විට, මා හෝ සැමියා හෝ කුඩු විකුණන්නේ නැති බව ප‍්‍රකාශ කර සිටිය ද, සැමියා රැුගෙන ගොස්       ”කුඩු” නඩුවක් දමන ලදි.

05. සත්‍යය සිදුවීම සංක්ෂිප්තව මා, මාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇත. නැවත මෙහි සඳහන් කිරීම අවශ්‍යය නොවන බව මාගේ හැඟීමයි.

06. මාගේ සැමියා, කිසිම විටෙක, ”හෙරොයින්” භාවිතා කරන්නේ හෝ විකිණීම සිදුකරන්නේ නැත.

07. විශේෂයෙන්ම මා, බලපත‍්‍ර රහිතව නිපදවන, මද්‍යසාර (අරක්කු/කසිප්පු* සහා බලපත‍්‍ර රහිතව  ‘මහා රා’ අලෙවි කරනවා. එය පොලීසිය හොඳින් දන්නා කරුණකි.

එ් හා අදාළව, නඩු ගණනාවක් අප, පොලීසියට ලබා දී තිබේ. විකුණන අවස්ථාවලදි අත්අඩංගුවට ගෙන පවරන ලද නඩුවලට, අප, වරද පිළිගෙන, අධිකරණය නියම කරන දඩය ගෙවා ඇත.

මේ වන විට, අප, රුපියල් ලක්ෂ 10 කට වඩා වැඩි මුදලක් දඩ වශයෙන් ගෙවා ඇත.

08. මේ අතර, මාගේ සැමියාට විරුද්ධව බොරු කුඩු නඩුවක් දමන ලදි. එයට වරද පිළිිගෙන නඩුව ඉවත් කර ගන්නා ලද්දේ පොලීසියේ ඉල්ලීම මතය. 

එ් අනුව, 1 ෙඡ්දයේ සඳහන් කරුණු නිවැරදිය.

එමෙන්ම, බලපත‍්‍ර රහිතව, මහ රා අලවිය ද අප කරන නිසා, අංක 2 හි සඳහන් කරුණු ද 

නිවැරදිය.

09. එමෙන්ම, මාගේ සැමියාට එරෙහිව පවරන ලද ගංජා නඩු 02, පිළිබඳව සඳහන් කරුණු ද පිළිගනිමි.

10. පෙර සඳහන් කරන ලද, මට හා මාගේ සැමියාට විරුද්ධව පවරා තිබූ හා වරද පිළගත් බලපත‍්‍ර රහිතව නිපදවන ලද මද්‍යසාර අලවිය හා බලපත‍්‍ර රහිතව මහ රා අලවිය මා පිළිගනිමි.

මා, අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටින්නේ,

පෙර වැරදි, තිබූ පමණින්, පොලීසිය සිදුකරන ලද අපරාධය, මෙම අපරාධයට හිලව් නොවන බවය.

2021 මාර්තු 07 ඉරිදා, රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් වන, උ.පො.ප.--- ඇතුලූ මධුසංඛ නිලධාරියා, පො.කො.-- , පො.කො.--- , පො.කො.---, පො.කො.රි.---- යන නිලධාරීන්,

නීති විරෝධී ලෙසට, අප නිවස සෝදිසි කරමින්, ශාරීරිකව වධ හිංසා පමුණුවමින්, නිවස පවා ගිණිබත් කරන බවට තර්ජනය කරමින්, කාන්තා පොලිස් නිලධාරිණියක් නොමැතිව මට තර්ජනය කරමින්, ඉන් අනතුරුව සැමියා, අත්අඩංගුවට ගෙන, ව්‍යාජ නඩුවක් දමා, දවස් 52 ක් රිමාන්ඞ් භාරයේ තැබීමට සලස්වා, කරන ලද හිංසනය මගින් අපගේ මූලික අයිතීන් උල්ලංඝණය කර ඇත.

පානදුර දකුණ පොලීසිය මගින් සැමියාට එරෙහිව පවරා තිබෙන අංක : ---- නඩුවට අදාල චෝදනා ප‍්‍රතික්ෂේප කර ඇත. රස පරික්ෂක වාර්තාව ගෙන්වා ගැනීමෙන් අනතුරුව පොලීසිය ආදේශ කර ඇත්තේ මොනවාද යන්න ඔබ කොමිෂන් සභාවේ බලතල අනුව සොයා බලන ලෙසට ඉල්ලමි. එය ප‍්‍රමාණවත් වනු ඇත සත්‍යය තීරණයට.

මෙයට,

---------

මේ මගින් පැහැදිළි වන්නේ බලපත‍්‍ර රහිතව මද්‍යසාර නිපදවීම, බෙදා හැරීම හා අලෙවිය නතර කිරීම පහසු නොවන්නේ පොලිසිය, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුලූව යුක්තිය පසිඳලීම  සඳහා වන යාන්ත‍්‍රණය අතර පවතින සහ සම්බන්ධය නිසා නොවේ යයි කිව හැකිද?




Friday, November 5, 2021

70 ට වැඩි විශ්‍රාමිකයින් ගෙන් රක්ෂණය සඳහා රුපියල් 600ක් මාසිකව කපා ගැනීමට යයි.

 

රාජ්‍ය සේවකයින්ගේ අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාමිකයන්ට ද ප්‍රතිලාභ හිමි කිරීම සඳහා ආණ්ඩුව පියවර ගෙන තිබේ.

 මේ අනුව නිකුත් කර තිබෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2005(viii) අනුව මෙම රක්ෂණ ක්‍රමයට,විශ්‍රාම වැටුපෙන් දායක මුදල් කපා ගැනීම අනිවාර්යෙන් සිදු කරනු ඇත.

70 ට වැඩි  විශ්‍රාමිකයින් ගෙන් මසකට රු.600 කපා ගැනීමට නියමිතය.

මෙම රක්ෂණ ක්‍රමයට  බැඳීමට අකමැති 70 ට වැඩි විශ්‍රාමකයින්-  වැටුපෙන්  රු.600/= කපා ගැනිමට තමාගේ අමනාපය මේ මස, එනම් නොවැම්බර් 12ට පෙර විශ්‍රාම වැටුප් ගෙවනු ලබන ප්‍රාදේශීය ලේකම් මගින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකවරයාට ලිඛිතව දැනුම්දිය යුතුය.

‍චක්‍ර ලේඛය රාජ්‍ය පරිපාලන වෙබ් අඩවියෙන් බාගත හැකිය            


අවශ්‍ය නම්  විස්තර සඳහා අප අමතන්න. 

038 22 31419 හෝ 077 320 1269


Tuesday, January 12, 2021

covid-19 ශ්‍රී ලංකාව තුල සමාජ ගතවී නොමැතිද?

ලංකාවේ ලක්ෂ 10කට 11කු මිය යන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 1,154කුද, ඉන්දියාවේ 109ක්, රුසියාවේ 424ක්, එංගලන්තයේ 1196ක් මිය යති.

අසාදිතියින්ගේ සංඛ්‍යාව අතින් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. ඉන්දියාව දෙවන තැන ගෙන ඇති අතර හතර හා පසවන තැනට පත්ව ඇත්තේ රුසියාව හා එංගලන්තයයි. අපේ රට 95 වන ස්ථානය ගෙන තිබේ. සියවන ස්ථානයේ සිටින, දැඩි සංචරන සිමා පමුණුවන ඔස්ටේ‍්‍රලියාවේ මරණ අනුපාතය 35කි.

දිනෙන් දින ආසාදිත සංඛ්‍යාව හා මරණ වැඩිවන අප රටේ - සමාජ සම්පේ‍්‍රෂනය ගැන විශේෂඥ මතයක් පහත දක්වමු.  

 සමාජ සම්ප්‍රේෂණය 

(රජරට වෛද්‍ය පීඨයෙන් බිහිවූ විශිෂ්ට විශේෂඥ වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය අලි උතුමාන් මහතාගේ විශිෂ්ට පැහැදිලි කිරීම මම මෙලෙස සිංහලට පරිවර්තනය කරන්නෙමි)

වසංගත රෝගයක සමාජ සම්ප්‍රේෂණය යන්නෙහි සරලතම අර්ථ දැක්වීම වන්නේ "සමාජය තුලින් අළුතින් හඳුනා ගන්නා රෝගියෙකුගේ,රෝගය සම්ප්‍රේෂණය වූ විභවය  නැතිනම් රෝග සම්භවය හඳුනා ගැනීමට අපොහොසත් වීම" යන්නයි..

වසංගත විද්‍යා ඒකකය covid-19 ශ්‍රීලංකාව තුල සමාජ ගතවී නොමැති බව පැවසීමට සරලතම හේතුව වන්නේ අළුතින් හඳුනා ගන්නා සියලු රෝගීන්ගේ ආශ්‍රිතයින් නැතිනම් සම්භවය තවමත් ඔවුන්ට සාර්ථකව සොයා ගැනීමට හැකිවීම නිසයි..

මෙය මේ ආකාරයෙන්ම සිදු වුවහොත් න්‍යායාත්මකව ගත්කල සමාජ සම්ප්‍රේෂණය යන අර්ථ දැක්වීමට යටත් නොවී ශ්‍රීලංකාවේ සමස්ථ ජනගහනයම වුවද ආසාදනය විය හැක..

එසේත් නැතිනම් වියහැකි අනිත් සිදුවීම වන්නේ නව රෝගීන් සීග්‍රයෙන් වැඩි වී නව රෝගීන්ගේ ආශ්‍රිතයින් නැතිනම් සම්භවය හඳුනා ගැනීමේ හැකියාව වසංගත විද්‍යා ඒකකයෙන් ගිලිහුණු මොහොතක සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇති බවට ඔවුන් ප්‍රකාශ කිරීමයි (තාක්ෂණිකව ගත් කල මෙය නිවැරදියි)

නමුත් ඔබ අප වටහා ගතයුත්තේ සමාජ සම්ප්‍රේෂණය යන වචනය තාක්ෂණික අර්ථ දැක්වීමක් පමණක් යන්න බවයි.

ඔබ සමාජ සම්ප්‍රේෂණය යන වචනයට කුලල් කා ගනිමින් සිටින මේ මොහොතේදීත් වෛරසය පැතිරෙමින් පවතී..ඔබ තවත් පමා වුවහොත් මෙය ඔබේ ගේ දොරකඩට එනතුරු ඔබ නොදකිනු ඇත..

එබැවින් කරුණාකර වචනයකට කුලල් කා ගැනීම නවතන්න.තමන් ආරක්ෂා වන්න..එමගින් තමන්ගෙන් සමාජයට සිදු විය යුතු වගකීම ඉටු කරන්න.සෞඛ්‍ය අංශ වලට සහය වන්න.සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න.එවිට සමාජ සම්ප්‍රේෂණය යන වචනය තිබුනත් නැතත් අපට මේ සටනින් ජාතියක් වශයෙන්  ජයගත හැකි වනු ඇත..

ස්තූතියි 
වෛද්‍ය දසිත රත්නායකගේන් උපුටා ගැනීමකි










Wednesday, October 28, 2020

රුසියානු Sputnik- V එන්නත අනුමැතිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරයි

 

ලෝකයේ covid-19 ට එරෙහිව නිෂ්පාදනය කරන ලද ප්‍රථම එන්නත ලෙස සැලකෙන Sputnik- V එන්නත  මේ වෙන විට රුසියාව ඇතුළු රටවල් කිහිපයක අත්හදා බලා තිබෙන අතර ඒවායේ ප්‍රතිඵල සාර්ථක බව ප්‍රකාශ වේ.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබූවහෙත්,  විශේෂයෙන්  සංවර්ධනය වන රට වලට නොමිලේම හෝ සහනදායි මිළට ලබා ගැනීමට හැකිවනු ඇත.

 එංගලන්ත අතහදා බලන එන්නත නත්තල වනවිට අතහදා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරයි.

 


Monday, July 6, 2020

නිව්‍ යොක් නුවර ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් පිළිරුව විනාශ කර දමයි.


ඇමරිකාවේ කළු ජාතීන්ගේ නිදහස වෙනුවෙන්  කැප වූ ෆෙඩ්‍රික් ඩග්ලස් ගේ පිළිරුව ඇමරිකානු ට්‍රම්ප් වාදී සුද්දන් විසින් විනාශ කර දමා තිබේ. භාෂා ගණනාවකට පරිවර්තනය වූ වහල් භාවය ග්‍රන්ථය  නිර්මාණය කළ ෆෙඩ්‍රික් ඩග්ලස්, සුදු ජාතිකයන් විසින්, වහලුන් ලෙසට ඇමෙරිකාවට ගෙන ආ කළු ජාතිකයන් ගේ විමුක්ති අරගලයට නායකත්වය දෙනු ලැබූවෙකි.

කොවිඩ් 19 - වසංගතයෙන් මේ වනවිට 132 000 කට අධික ජීවිත බිලි ගන්නට ඉඩ හැර තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පැතිරෙන BLM (Black Lives Matter) ව්‍යාපාරයට එරෙහිව ආයුධ ගෙන සිටින
අන්ත දක්ෂිනාංශියකයින් විසින් මෙම විනාශය සිදු කර ඇත්තෙ ජූලි 4 නිදහස් දින යේදීය.


ෆ්‍රෙඩ්‍රික් ඩග්ලස් ගේ ''වහල් භාවය'' පොත ආසියානු මානව හිමිකම් පොත සිංහලයට පරිවර්තනය තිබේ.

Wednesday, October 3, 2018

සංක‍්‍රාන්තික යුක්තිය ........ !!!



"සංහිඳියාව" ”සංක‍්‍රාන්තික යුක්තිය”  වර්තමානයේ රාජ්‍යය මෙන්ම රාජ්‍යය නොවන පාර්ශවවල දැඩි අවධානයට රාජ්‍යය ලක්ව තිබෙන විෂයන් දෙකකි.

මේ පිළිබඳව කතා බහ කරන්නට දඹානේ නිදහන්ගල යායට, චෙන්කලාඩිහි පෙරියපිල්ලූමලේ, සේරුනුවර මහින්දපුරය හා ඌරගස්මංහන්දිය යන ගම්වල ක‍්‍රියාකාරී පිරිස් සමග එක්විය.

(2018.09.01 උදේ)



දඹානේ, නිදහන්ගලයාය ආදිවාසී පවුල් විස්සක සාමාජිකාවන් අප හා කතා බහට එක්විය.

නිදහන්ගල යාය ගමේ ගුණබන්ඩියා ඇත්තෝ මූලිකත්වය ගෙන සාකච්ඡුාව ඔවුන්ගේ අසපුවේ පවත්වන ලදි.

(2018.09.01 හවස)

එදිනම, අප චෙන්කලාඩි හි, පෙරියපිල්ලූමලේ බංඩාරගේ නිවසේ පැවති සාකච්ඡුාවට සහභාගී විය. මේ කතා බහට පෙරිපිල්ලූමලේ දෙමළ හා සිංහල ස්ත‍්‍රීන් එක්විය.

(2018.09.02 උදේ)

පසුදින, අප. සේරුනුවර මහින්දපුර හා ගැමුණුපුර ස්ත‍්‍රී කණ්ඩායමක් හා එක්වුණේ සෝමාවතිය පාරේ මහින්දපුර පන්සලේ බණ මඩුවේය.

(2018.09.16 හවස)

ඊට දෙසතියකට පසුව, කරන්දෙනිය ආසනයේ, ඌරගස්මංහන්දිය දක්ෂිණාරාමය, බණ මඩුවේ ගමේ සමාජ ක‍්‍රියාකාරීන් සමග එක්විය.

මේ මුණ ගැසීම් හතරටම එක්වූවන් අතරින් සියයට 85 ක් ස්ත‍්‍රීන් විය.

නිදහන්ගලයාය, පෙරියපිල්ලූමලේ හා මහින්දපුර/ගැමුණුපුර එක්වූ, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාගේ ගැට`ඵ අතර, මූලික තැන ගත්තේ ජල ප‍්‍රශ්නයයි. ජලය අවශ්‍ය බීමට පමණක් ද ? 

අඩ සිය වසරක් පුරා ජල ප‍්‍රශ්නයට මුහුණ දෙන නිදහන්ගලයාය, ආදිවාසී ජනයා, මේ වන විට, ක‍්‍රමානුකූලව, මහ ජාතියට ගොදුරු වෙමින් පවතී.    

Wednesday, December 13, 2017

අමතක කිරිමට ඉඩ නොදිමට, යුක්තිය උදෙසා අරගලයට - ජනතාව බලගැන්වීම.




2017.12.10 දින පැවති, හැට නව වන ජගත් මානව හිමිකම් දින සමරු වැඩසටහනට, රාජ්‍ය තන්ත‍්‍රයේ විවිධාකාර වූ අක‍්‍රමිකතාවයන්ට, පීඩාවන්ට පාත‍්‍රව යුක්තිය උදෙසා අඛණ්ඩව අරගල කරන වින්දිතයන් සමග ඔවුන්ට දිරි දෙන මානව හිමිකම් ආරක්ෂකයන්, සංවිධාන ක‍්‍රියාකාරීන්, හතලිස් හය දෙනෙකු එක්විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන අමුත්තන් වූයේ වින්දිතයන්ය. 

දේශිය හෝ ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් නොවු මෙම වින්දිතයන්, මේ වන විට මානව හිමිකම් ක‍්‍රියාකාරීන් බවට පත්ව ඇත. ඔවුන් හා මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, නීතිය මත පාලනය ස්ථාපනය කර  ගැනීමට, අවශ්‍ය නීති රෙගුලාසි පිළිඳව දැණුම ලබාගෙන නිපවහන් නීතිඥයන් බවට ක‍්‍රියාකිරීම සඳහා පන්නරය ලබා ගැනීමට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ ඉලක්කය විය.
ඡයාරුප:-














Monday, October 2, 2017

අව නීතියට මැදිව දිවි ගෙවන දඹාන වැසියන් සමග- 2017.09.29



























Tuesday, July 25, 2017

රාජ්‍යය යාන්ත‍්‍රණය බිඳ වැටිලා. වහා ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි.


දේශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න අප සුදානම්. නමුත් රාජ්‍යය යාන්ත‍්‍රණයේ, රාජ්‍ය ආයතන වල වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න සිවිල් සමාජය සුදානම් නෑ. මෙය ඛේදවාචකයක්. අද උසාවි, පොලිසිය, නිතිපති, බන්ධනාගාර ඇතුලූ රාජ්‍ය ආයතන පමණක් නොව මහා බැංකුවද වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් පිරිලා. එම වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට වග කිවයුතු කිසිම නිලධාරියෙකුට දඬුවම් නැහැ. දෙශපාලකයින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලට කථා කරන සිවිල් සමාජය රාජ්‍ය නිලධාරින්ගේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා ගැන කථා කරන්න හෙළි කරන්න සුදානමක් නැ. 
මෙම තත්වය වෙනස් කිරිම තුල පමණකි වංචා, දුෂණ හා අක‍්‍රමිකතා වලින් අවම රාජ්‍යය සංවිධාන/ආයතන ඇති කිරිමට, නිතිය මත පාලනය ස්ථාපිත කර සංවර්ධිත රටක් ගෙඩ නැගිමට හැකි වන්නේ. එ් ජන පාසැල් ක‍්‍රමවේදය හඳුන්වාදිමේ වැදගත්කම සාකච්ඡුාවට බඳුන්වු සිවිල් සමාජ ක‍්‍රියාකරින්ගේ එකතුවකදි, ආරම්භයක් වශයෙන් උසාවි වල පවතින වංචා, දුෂණ හා අක‍්‍රමිකතා පිටු දැකිම සඳහා ඉල්ලීම් මාලාවක් සකස් කර ජනගත කිරිමට තිරණය කරගන්නා ලදි. ආසියානු මාකව හිමිකම් කොමාසම - හොංකොං අනුග‍්‍රහකත්වයෙන් හා නිතිඥ බැසිල් ප‍්‍රනාන්දු යන්ගේ මෙහෙය විමෙන් මෙම සාකච්ඡුාව කොළඹ පැවැත්වින.