Thursday, June 30, 2016

චීවරධාරියකු සනසන්නට ආබාධිත ගැහැනියකුට වධ දෙයි.



හෘදයාබාධයකින් පෙළෙන හා උපතින්ම කථා කිරීමේ ඌනතාවයකින් පෙළෙන ඇය 36 හැවිරිදි තිදරු මවකි.

පානදුර, නල්ලූරුව, ගල්වැටි මෝදර, ශ‍්‍රී සද්ධර්මා රාමයේ සොරකමක් සිදු වී ඇති බවට අනුරපුර ශ‍්‍රී සුමේධ නැමති චීවරධාරියාගේ පැමිණිල්ලකට මෙම රෝගී අබාධිත ස්ත‍්‍රිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොලීසියේ සී.අයි.ඞී. සුනෙත් නැමති නිලධරියාය. ඔහුගේ කැඳවීමට පොලීසියට ගිය ඇයව එහි කාමරයක් තුළ සිරකරගෙන කුණුහරප කියමින්, නින්දා අපහාස කරමින් කන්නට බොන්නට නොදී වධ දෙමින් භික්ෂුවගෙන් සොරාගෙන ඇයට ලබා දුන් යැයි කියන රු:3000/- ක මුදල ඉල්ලා සිටින බව මව ඩබ්.එච්.මාලනී පැමිණිලි කර සිටී.

නොපමාව මෙම අමානුෂික ක‍්‍රියාව නැවැත්වීම සඳහා මැදිහත්වන ලෙසට මව ඩබ්.එච්.මාලනී බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

2016.06.30 දාතමින්, මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පති අමතන ලද ලිපිය.
                 
   නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ දීම නතර කරන ලෙසට 
කරන ඉල්ලීම.

ඩබ්.පී. ප‍්‍රියංකා චමින්දනී, අවු: 36, විවාහක, දරුවන් 03 යි, මාගේ දියණිය වේ.

2016.06.29 දින පස්වරු 2.00 ට වාද්දුව පොලීසියේ තිදෙනෙක් සිවිල් ඇඳුමින් පැමිණ ප‍්‍රියංකා කියන්නේ කවුද කියා මාගෙන් ඇසුවා. මම කිව්වා දුව කියා. ඇය මේ වෙලාවේ පානදුර රෝහලේ ලේලි ළඟ ඉන්නවා කිව්වා. 

එවිට මට තුණ්ඩුවක් දී, අද උදේ (2016.06.30) උදේ 10.00 ට වාද්දුව පොලීසියේ සී.අයි.ඞී. එකට ඇවිත් සුනෙත් ව හමුවෙන්න කිව්වා. එ් අනුව මා ප‍්‍රියංකා, ලේලිය වන ශාන්ති සමග වාද්දුව පොලීසියට ගියා.

එහිදී සුනෙත් කියන නිලධාරියා ප‍්‍රියංකාව පොලීසියේ පිටිපස්සෙ කාමරයකට ගෙන ගියා. ඇයව එම කාමරයේ තියාගෙන නින්දා අපහාස කරමින් කුණුහරප කියමින් රු: 3000/-ක් ඉල්ලා සිටිනවා.

මටත් ලේලියටත් බලන්න දෙන්නේ නැහැ. කුණුහරප කියමින් එළවා ගන්නවා. ඇයව තියාගෙන ඉන්නේ පිරිමි පස් හය දෙනෙක්. ඔවුන් සිවිල් පිට ඉන්නේ. හැමෝම කුණුහරප කියනවා. කිසිම කාන්තා නිලධාරිණියක් නැහැ. ඇය හෘද රෝගියෙක්. උපතින්ම කථා කිරීමේ අපහසුතාවය ඇති අයෙක්.

ඇයට මෙසේ වධ දෙන්නේ පානදුර, නල්ලූරුව, ගල්වැටි මෝදර, ශ‍්‍රී සද්ධර්මා රාමයේ අනුරපුර ශ‍්‍රී සුමේධ නැමති චීවරධාරියාගේ අවශ්‍යතාවයට.

මා ඉල්ලා සිටින්නේ,

නොපමාව මැයට පොලිසිය සිදුකරන අපරාධය නවත්වන ලෙසටය.

මෙයට,

ඩබ්.එච්.මාලනී






මොරටුව උසාවියේ තුත්තුකාරිය රෙජිස්ට‍්‍රාර්වරිය ද?




උසාවිවල නීතිඥවරුන්ට නඩු අල්ලලා දෙන තුත්තුකරුවෝ එමටය. තුත්තුකරුවන් මගින් නඩු ලබාගන්නේ ආත්මයක් නැති නීතිඥවරුන්ය. තුත්තුකරුවා ජීවත්වන්නේ අල්ලා දෙන නඩුවලින් ලැබෙන කොමිස් මුදලින්ය.

තුත්තුකරුවා හා පිම්පියා අතර වෙනසක් නැත.

දුප්පතුන්ට යුක්තිය සුදුසු දෙයක් නොවේ. මෙය සැබෑ කරවන කතාවකි මේ.

මානගේ සුමිත‍්‍රා නන්දනී මහත්මිය කපුරු බෝල, පාන්තිර විකුණා ජීවත්වන්නියකි. ඇයට සිදු වූ අපරාධයට යුක්තිය ඉටුකරවා ගන්න වසර 5ක් පුරා උසාවි ගානේ රස්තියාදු කරවීමේ නිමාවක් දකින්නට දැරූ උත්සාහයකි, නඩුවේ වාර්තාව ලබා ගැනීමට ඉල්ලීමක් මොරටුන මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්ට ඉදිරිපත් කිරීම.

ඇයට රෙජිස්ට‍්‍රාර්වරිය කියා ඇත්තේ, ‘‘ඉල්ලීම’’ උසාවි බසින් මෝසමක්නීතිඥයකු මගින් ඉදිරිපත් කරන්න කියා ය. මෙම රෙජිස්ට‍්‍රාර්වරිය මහජනයාගෙන් පඩි අරගෙන නීතිඥයන්ට තුත්තු කරන්නියකි.

මානගේ සුමිත‍්‍රා නන්දනී මහත්මිය අධිකරණ සේවා කොමිෂන් සභාවට 2016.06.17 දාතමන්
යවන ලද ලිපිය පහත දක්වමු. මෙය විශේෂයෙන් මානව හිමිකම් ගැන කථා කරන අයට ආදර්ශයක් වනු ඇතැයි සිතමු.

‘‘ ලේකම්, අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය
කොළඹ 12’’

නඩු අංක : 10213
මහේස්ත‍්‍රාත් අධිකරණය මොරටුව.

උක්ත නඩුවේ පැමිණිලිකරු/අගතියට පත් පාර්ශවය මම වෙමි. මෙම නඩුව 2011 වසරේ සිට පැවත එන්නකි.

2016.06.17 දින එනම්, අද දින මා, බී වාර්තාව, කාර්ය සටහන් ඇතු`ඵ සම්පූර්ණ නඩු වාර්තාවේ පිටපතක් මුදල් අයකර ලබාදෙන ලෙසට ඉල්ලීමක් රෙජිස්ට‍්‍රාර්තුමිය වෙත ඉදිරිපත් කළෙමි.

මම එම ඉල්ලීම ඉදිරිපත් කළ විට, මට නඩු වාර්තාව ලබාගැනීමට අයිතියක් නැති බවත් නීතිඥ මහතෙකු මගින් ඉල්ලා සිටින ලෙසට දන්වන ලදි.

මට ලියන්නට කියවන්නට හැකියාවක් නැත. මා ජීවත්වන්නේ කපුරු බෝල විකුණාය.

මේ සියල්ල පැවසූ විට ඇය ලියා දීමට බලයක් නැති බවත්, විස්තර අවශ්‍ය නම් 011 2647291 අංකයට කතා කර ලෙසට කියන ලදි.

මා හට අකුරු බැරි මුත් මාගේ නඩුවේ වාර්තාව ලබා ගැනීමට අයිතියක් ඇත. මා හට නීතිඥවරුන්ට මුදල් ගෙවිය නොහැක.

නඩු වාර්තාව ලබාදීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමි. 

මානගේ සුමිත‍්‍රා නන්දනී

පිටපත්:

රෙජිස්ට‍්‍රාර්
මහේස්ත‍්‍රාත් අධිකරණය
මොරටුව




Wednesday, June 22, 2016

පොලිස් අපරාධ වසන් කරන්න ASP පච කෙළි



සොරකමකට කියා කුලී වැඩ කරන තැන දී විදුරංග ව අත්අඩංගුවට ෙගන දත් කැඩෙන්න පහර දී කුඩු සමග උසාවි දමා රිමාන්ඞ් කරවූයේ 2016.03.30 දින දීය.

ඔහු ෙග් සහෝදරිය වන ජයන්ගනී මෙම පොලිස් අපරාධය බලධාරින්ට පැමිණිලි කළේය. ෙපාලිස්පති ඒ්  පිළිබඳව විමර්ශනය කිරීමට බාර කළේ එම පොලීසිය කලුතර ASP 01, වන අබේවර්ධන ටය.

ASP 01 වන අබේවර්ධන ඇයට, ලිපියක් එවමින් කියා සිටින්ෙන්, තමා පැමිණිල්ල අදාලව විමර්ශනය කළ බවත්; කිසිවක් හෙළිදරව් නොවූ බවත්ය. 

එම , ලිපිය ප්‍රතිප්ක්ෙෂ්ප කරමින් ASP 01 අබේවර්ධන ට අැය යවන ලද ලිපිය පහත දැක්වේ. 

ඔබ ෙග්  අංකය  එස්පී 01/1246/2016

එච්. ඞී. එන් අබේවර්ධන මයා
සහකාර පොලිි්ස් අධිකාරි
කලුතර 1
පොලිස් අධිකාරි කාර්යාලය
කලුතර 01

ක`ඵතර උතුර පොලීසිය විසින් නීති විරෝධී ෙලස අත්අඩංගුවට   ෙගන අමානුෂික ෙලස පහර දීම පිළිබඳ පැමිණිල්ල සම්බන්ධවයි


උක්ත කාරණය පිළිබඳව”‍ ඔබ ෙග් ඒස්පී 01/1246/2016 හා 2016‘06‘16 දාතමින් යුතු ලිපිය හා බැඳේ.


මා විසින් 2016.03.31 දාතමින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල, සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් කළ බවද එම විමර්ශනයේදී මා ෙග්  සෙහා්දරයා   වූ එස්නි. නිසංක විදුරංග ද සිල්වා යන අය නීති විරෝධී මත් ද්‍රව්‍යය  සම්බන්ධෙයන්  අත් අඩංගුවට ෙගන මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අනාවරණය වූ අතර නීති විරෝධී අත් අඩංගුවට ගැනීමක් හෝ අමානුෂික ෙල,ස පහර දීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොවීය, 

යනුවෙන් හා අධිකරණයේදී සහන ලබා ගත හැකි බවද සඳහන් කර ඇත.

ඔබ ෙග්  පිළිතුර මා තරයේ  ප්‍රතිප්ක්ෂේප කරන බව මා පළමුවෙන් ප්‍රකාශ කර සිටිමි.


1. මා ෙග්  සහෝදරයාව අත් අඩංගුවට ගත්ෙත්  මත් ද්‍රව්‍ය සමග නොවේ.  ‘බී’ වාර්තාවේ ස`දහන් කරුණු මු`ඵමණින්ම අසත්‍යයය.


2. මා ෙග්  සහෝදරයාට පොලීසියෙන් පහර දී ඇති  බවට අධිකරණ වෛද්‍ය නි,ධාරීවරයා ඔහු ෙග්  වෛද්‍ය වාර්තා ෙව්  සඳහන් කර තිබේ.


එසේ තිබියදී ඔබ සිදුකළා යැයි කියන ඊනියා විමර්ශනය පොලිසියේ අපරාධ වසන් කිරීමට කරන ලද්දකි.


අධිකරණයේ දී ක්‍රියා කිරීම පිළිබඳව ඔබ ෙග්  උපදෙස් අවශ්‍ය නැත. 


එස්. අනෝෂා  ජයන්ගනී ද සිල්වා


පිටප;


01. පූජිත ජයසුන්දර මහතා  

    පොලිස්පති 

02. ෙල්කම්

     ජාතික පොලිස් කොමිෂන් සභාව  
                     
03. ෙල්කම්              
     මානව හිමිකම් කොමිෂන් සභාව           ්‍





  

Thursday, June 16, 2016

අලියාටත් පොවා, තමුනුත් බීපු අලි - පේමේ, අවුරුදු 09ක්ම උසාවි යයි. අලි හොරකමකට නම් නොවේ.


මහකුමාරගේ පේ‍්‍රමදාස නොහොත් ‘‘අලි පේමේ’’  අලි හොරෙක් නම් නොවේ. පාරම්පරික ඇත්ගොව් රස්සාවට අවු: 15දී, එක්වූ සද්දන්තයින් මෙල්ල කළ ඇත්ගොව්වෙක්.

‘‘ මම ඇත්ගොව්වෙක් වෙන්න ගියේ අවුරුදු 15දී. එදා ඉඳලාම මම බිව්වා, බලා ගන්න අලියා සමගම.
දැන් මගේ වයස අවු: 71යි. අවුරුදු 40ක්ම ඇත්ගොව් රස්සාව කලා.
රස්සාවෙන් ඈත්වුනාට පස්සෙත් මෙල්ල කරන්න බැරි ඇත්තු මෙල්ල කරන්න මාව එක්කගෙන ගියා.
ඇත්තම කියනවානම් මට දැන් නොබී ඉන්න බැහැ.’’

අගලවත්ත කෙළින් කන්ද ගොවි ජනපදයේ ජීවත්වන ප්‍රේමදාස නොහොත් ”අලි පේමේ” තවත් ගමේ කිහිප දෙනෙක් සමග, ඇස් පෙන්නන්න කලූතරට ගොස් බසයෙන් ඇවිත් බහින කෙට, සිවිල් පිට හිටපු පොලිස්කාරයින් දෙන්නෙක් විසින් අත්අඩංගුවට ගනු ලබනවා. එ් 2007 ජූනි 27 දින. 

පොලිසියෙදී ප‍්‍රකාශයකට බලෙන් අත්සන් ගෙන, 2007 ජූනි 29 දින මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කර, පොලිස් ඇපයක් මත මුදාහරිනවා.

පොලිසිය නියම කල පරිදි උසාවියට ඉදිරිපත් වන අලි - පේමේ, පොලිසිය කිව්ව පරිදි වැරැුද්ද පිළිගැනීම ප‍්‍රතික්ෂේප කර, නිවැරදිකරු බව, නීතිඥ මහත්මියක් මගින් කියා සිටිනවා.

නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන, බොරු නඩු දැමීම මගින්, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව, අලි - පේමේ නොපමාව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පසුබට වන්නේ නැහැ.

එදා මානව හිමිකම් කොමිෂම පොලිස් කාරයින් හා එක්ව, අලි පේමේගේ මුූලික අයිතීන් කඩවීමක් හෙළිදරව් වන්නේ නැත” යන ප‍්‍රකාශය කරමින් පැමිණිල්ල කුණු කූඩයට දමනවා.

එ් 2008 අගෝස්තු 17 දිනය.

අලි - පේමේ මෙල්ල වන්නේ නැතිව, උසාවි යනවා. අවුරුදු 9ක් ඉක්ම ගිය තැන, 2016 ජූනි 03 වන දින, නඩුවෙන් අලි පේමේව මුදාහරිනවා. 

එ් පැමිණිල්ල (පොලිසිය* උන්නදු වන්නේ නැත යන නීතිමය පදනම මත.

අලි - පේමේ මානව හිමිකම් කොමිෂමෙන් ඉල්ලා සිටින්නේ, දැන්වත් තම මූලික අයිතිවාසිකම් කඩවූ බව පිළිගෙන, අවුරුදු 8කට පෙර අවසන් කල මේ පැමිණිල්ල යථාවත් කර විමර්ශන ආරම්භ කරන ලෙසට හෝ නව පැමිණිල්ලක් ලෙසට පිළිගෙන විමර්ශණ ආරම්භ කර බොරු නඩුදමා තම අයිතිවාසිකම් උල්ලංඝණය කල එවක බදුරලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාරට හා පොලිස්පතිට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

එමෙන්ම පොලිස්පති, නීතිපති හා පොලිස් කොමිෂම අමතන අලි - පේමේ, නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටී. එම ලිපිය පහත දක්වමු.

නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, බොරු නඩු දමා,
අවුරුදු 9ක් පුරා, වධ හිංසාවට පත් කිරීම.

මහා කුමාරගේ ප්‍රේමදාස, අවු: 71යි, විවාහක, දරුවන් 02, රැුකියාව: ගොවිතැන.
ලිපිනය : තරුණ ගොවි ජනපදය, කෙළින් කන්ද, අගලවත්ත.
2016.06.14 දින දීය.

2007 ජූනි 27 වන දින බදුරලිය පොලිසිය නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා නගා, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරන ලදි. නඩු අංකය 15682 වේ.

වරද පිළිගන්නා ලෙසට කරන ලද අයුතු බලපෑම් වලට යටත් නොවී මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කර සිටියෙමි.

එ් අනුව නඩුව අවුරුදු 9ක් පුරාම, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ පැවතිණ.

2016 ජූනි 03 වන දින පැමිණිල්ල උනන්දු නැති බව ප‍්‍රකාශයට පත්කර, මාව මුදාහරින ලදි.

මෙම බොරු නඩුව පවරන ලද්දේ එවක ස්ථානාධිපතිව සිටි, පො.ප.උදය කුමාර ය.

මෙසේ බොරු නඩු පැවරීම, පොලිසියේ පුරුද්ද බව ඔබ දන්නා කරුණකි. එයට ඔබ සැමගේ ආශිර්වාදය ද ලැබේ.

මේ බොරු නඩුවට නිවැරදිකරු කීමෙන් පසුව, මට බොරු නඩු තුනක් දැම්මා. එ් බොරු නඩු තුනටම මම වැරදිකරු කියා පිළිගත්තා. එ් නඩු කියන්න බැරි නිසා. 

එයින් එක් නඩුවකට රු. 5000/=ක් දඩ ගෙව්වා.

තවත් නඩුවකට රු. 25,000/= ක දඩයක් නියම කලා. මම දඩය නොගෙවා දවස් 15 කට හිරේ ගියා.

අනෙක් නඩුවට මම ප‍්‍රජා සේවය ඉල්ලා ගත්තා.

මෙම බොරු නඩුවට, අවුරුදු 9ක් පුරා මට වැයවූ මුදල රුපියල් ලක්ෂයකට වැඩියි. එ් නිකරුනේ වැය කල ශ‍්‍රමය එකතු නොකර.

මේ නඩුවේදී මාව මුදාහැර තිබෙන්නේ නැවත නඩු දාන්න පුලූවන් විදිහට.

බදුරලිය පොලිසිය අදටත් මහා පරිමාණ දැව හා වැලි ජාවාරමේ යෙදී සිටිනවා. 

එ් සියල්ලම ඔබ නොදනුවත්ව සිදුවන එ්වා නොවේ.

මා ඉල්ලා සිටින්නේ, මෙම බොරු නඩු දැමූ, එවක ස්ථානාධිපති පො.ප.උදය කුමාර ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනා ලෙසටයි. 

මහා කුමාරගේ ප්‍රේමදාස,

Wednesday, June 15, 2016

රු.500/= පගාව දෙන්න බැහැ කිව්වාම රු.550/= දඩ කොළයක් දෙයි.


කිසිදු වරදක් සොයා ගන්න බැරිවූ පානදුර දකුණ පොලිසියේ රථ වාහන අංශයේ සැරයන් 24394 චන්ද්‍රරත්න, රුපියල් 500/= දීලා යන්න යයි කිව්ව විට, වරදක් නැතිව සල්ලි දෙන්නේ මොකටද ඇහුව්වම, උඹට රු.500/= නේ දෙන්න බැරි කියා, මූට රු.550/=ක  දඩ කොළයක් දෙන්න යයි සිය සගයාට කියා ඇත.

දඩය නොගෙවන්නේනම්, 28 දින උසාවියේ පෙනී සිටින ලෙසටද සැරයන් 24394 චන්ද්‍රරත්න නියම කර ඇත.

තම දඩ මුදල නොගෙවන බව ලිඛිතව පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට හා ජාතික පොලිස් කොමිෂමට දැනුම් දෙන කුමාර පෙරේරා මයා, පොලිසිය නියම කරන ලද පරිදි 28 දින උසාවියේ පෙනී සිටින බවද දන්වමින්, මෙම බොරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට හා මෙම ¥ෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටද ඉල්ලා සිටී.

2016.06.15 දාතමින් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති අමතන ලද එකී පැමිණිල්ල පහත දක්වමු.

අල්ලස් ලබා නොදීම නිසා, ව්‍යාජ චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.


2016.06.14 වන දින, රාත‍්‍රී 8.40 පමණ, මාහට අයත් ්ඊණ 1608 ත‍්‍රී රෝද රථයෙන් කර්මාණ්තපුරයේ සිට ගාලූ පාරට පැමිණ, වාද්දුව දෙසට ගමන් කරමින් සිටියදී, පානදුර ”ලංකා ටයිල්” ඉදිරිපිටදී, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් මාව නැවැත්වූවා. එක් නිලධාරියෙක් සැරයන් 24394 චන්ද්‍රරත්න වන අතර, අනෙක් නිලධාරියාගේ නම නොදන්නා මුත්, දුටුවොත් අඳුනාගත හැකිය.

ඔවුන් මාගේ වාහනය පරීක්ෂා කල අතර, ලියකියවිලිද පරීක්ෂා කරනු ලැබුවා. මාගේ ලියකියවිලි වල කිසිඳු අඩුපාඩුවක් තිබුනේ නැහැ.

සැරයන්වරයා මා යන්නේ කොහේද කියා ඇසුවා. මා රාජකාරි වැඩකට ගිය බව ඔවුන්ට පවසා සිටියා. 

එ් අවස්ථාවේ සැරයන්වරයා පවසා සිටියා, ගොඩින් ප‍්‍රශ්ණෙ විසඳාගන්න රුපියල් 500/=ක් දෙන්න කියා.

ඔහුගේ කතාවෙන් මා පුදුමයට පත්වුනා. මා ඔහුගෙන් ඇසුවා මහත්තයා මම රුපියල් 500/=ක් දෙන්න වරදක් කරලා නැහැනේ, මම හදිසියේ ගෙදරින් ආවේ, මහන කට් එකක් දෙන්න ගිහින් එන ගමන්, කියා.

එ් අවස්ථාවේ ඔහු ‘‘ආ උඹට රුපියල් 500/= නේ දෙන්න බැරි, එහෙනම් 550/=ක් දීපන්කෝ කියා, අනෙක් නිලධරියාට කිව්වා ”මෙයාට දඩකොළයක් දෙන්න” කියා. 

එම නිලධාරියා දඩ කොළය ලියන අතරදී, සැරයන්වරයාගෙන් ඇසුවා ‘‘සර් මොකක්ද වරදේ සොභාවය දාන්නේ” කියා.  ‘‘වැරදි ලෙස ඉස්සර කලා කියලා දාපන්” යයි සැරයන්වරයා පැවසුවා. එ් අනුව ව්‍යාජ චා්දනාවක් නගා දඩ කොළය ලියා, ‘‘උඹ 28 වෙනිදා උසාවියට වරෙන්” කියා සැරයන් 24394 චන්ද්‍රරත්න විසින් මාහට දඩකොළය දුන්නා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ,
මාගේ ලියකියවිලිවල හෝ මාගෙන් කිසිඳු රථවාහන වරදක් සිදු නොවී, මාගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම් වී, මා එයට එකඟ නොවූ බැවින්, නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මට එරෙහිව ව්‍යාජ චෝදනාවක් නගා මා අධිකරණයට ඉදිරිපත් කරවීමට, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 24394 චන්ද්‍රරත්න හා එ් අවස්ථාවේ ඔහු සමග රාජකාරි කරනු ලැබූ දුටුවොත් අඳුනාගතහැකි අනෙක් නිලධාරියා විසින් කටයුතු කරනු ලැබූ බවයි.

මා ඉල්ලා සිටින්නේ,
නීති විරෝධී ලෙස කටයුතු කරමින්, මාහට ව්‍යාජ චෝදනා නගා මා හිරිහැරයට අපහසුතාවයට පත්කල, පානදුර දකුණ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් 24394 චන්ද්‍රරත්න හා දුටුවොත් අඳුනාගතහැකි අනෙක් නිලධාරියාට එරෙහිව නිතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටය

Tuesday, June 14, 2016

14 ලක්ෂයේ දිනුම නොගෙවා ඉන්න පොලිසිය බළල් අතක් කරගත් බුකීකාරයෙක් ගැන!!!


දවසක ආදායම රු. 40,000/=කි. හැම දිනුමකින්ම 5% බදු.

පානදුර දකුණ පොලිස් වසම තුළ පිහිටි ‘‘බැටින්’’ සෙන්ටරයකින් ඔට්ටු ඇල්ලූ ‘‘පන්ටර්’’ කෙනෙකු දිනූ රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහා නොගෙවා ඉන්න, පොලිසිය සමග එකතුව ‘‘බැටින්’’ සෙන්ටර් අයිතිකරුව අත්අඩංගුවට ගෙන වධදි නඩු දැම්මවීම ඇතුලූ ‘‘එ්ජන්ට්’’ ලාගේ අලගිය මුලගිය තැන හෙළි කරන පුවතකි මේ. 
ෂියාක්, ‘‘බැටින්’’ සෙන්ටර් අයිතිකරුය. ඔහුගේ ‘‘එ්ජන්ට්’’ - බණ්ඩාරගම කුමාර නැමැත්තෙකි. අප්‍රේල් මස තමා ගේ ‘‘බැටින්’’ සෙන්ටරයේ ඔට්ටු ඇල්ලූ ‘‘පන්ටර්’’ කෙනෙකුට රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහක් ඇදුනු බව ෂියාක් කියා සිටී. 
නමුත් එ් තුණ්ඩුවට මුදල් නොගෙවූ ‘‘එ්ජන්ට්’’ කුමාර , පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ එවක ස්ථානාධිපති ටෙරන්ස් නැමැත්තා සමග පැමිණ, අත්අඩංගුවට ගෙන, වධ දුන්න බවත්, ඊට පසුව නඩු පැවරූ බවත් ෂියාක් ප‍්‍රකාශ කරන්නේ, රේස් ඔට්ටු ජාවාරමේ අලගිය මුලගිය තැන්ද හෙළිදරව් කරමින්ය.
මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙන විමර්ශණයට, ෂියාක් විසින් ඉදිරිපත් කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
‘‘අවු: 43යි, විවාහක, දරුවන් 04, රැුකියාව: රේස් ඔට්ටු බාර ගැනීම-(දැනට රැුකියාව නැත).  
2016.06.14 දිනදීය.
2016.04.06 වන දින, මා බුකියේ වැඩ කරමින් සිටින විට, දහවල් 12.00 ට පමණ, බුකියේ අයිතිකරු වන බණ්ඩාරගම, කුමාර පැමිණ, ඊට පෙර දින රේස් තුණ්ඩු අතුරින් රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහකට මුදලක් ඇදී තිබූ තුණ්ඩුව පෙන්වා, මෙම තුණඩුව මට ලැබිලා නෑ, ඊයේ තුණ්ඩු හා මුදල් බොල්ගොඩ හරියෙදි, පැහැරගෙන තියෙනවා කියා කිව්වා.
මම ඔහුට කිව්වා, තුණ්ඩු හා මුදල් සවස 6.15 ට කොටසකුත්, ඉතිරි කොටස සවස 6.45 ටද කොටසක් බාර දුන්න බව. එවිට, අයිතිකරු කුමාර, මම පානදුරේට ගිහිල්ලා එන්නම් කියා යන්න ගියා. එදින විශේෂත්වය වූයේ, 2016.04.05 දින, රු.5450/=ක ඔට්ටුවක් දැමූ අයකුට, රුපියල් දාහතර ලක්ෂ හතලිස් දාහකට අධික මුදලක් ඇදී තිබීමය. පානදුරයට ගොස් එන බව පැවසූ අයිතිකරු කුමාර, පැය භාගයකට පමණ පසුව, පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ පො.ප.ටෙරන්ස් හා තවත් දෙදෙනෙක් සමග පැමිණියා. පො.ප.ටෙරන්ස් කඬේ වහලා පොලිසියට යන්න වරෙන් කිව්වා. මම කාරණය ඇහුව්වාම පොලිසියට ගිහිල්ලා බලාගනිමු කිව්වා. ඔවුන් පැමිණි ජීප් රථයේ මා නංවාගෙන පානදුර පොලිසියේ උඩම තට්ටුවට ගෙන ගියා. එහි තට්ටු ඇඳන් තිබුනා. මේස දෙකක් තිබුනා.  පො.ප.ටෙරන්ස්, කොහොමද යකෝ මේ තුණ්ඩුව ලැබුනේ කියමින්, තෝ කැරි තමිබියා, උඹෙන් මම ඇත්ත දැනගන්න හැටි දන්නවා කියමින් මට ඇඳන් සිටි කලිසම හා ටීෂර්ට් එක ගලවපන් කිව්වා. ඊට පස්සේ මගේ අත්දෙක රෙදි පටියකින් බැඳලා, බිම වාඩි කරවා, බැඳපු අත්දෙක අස්සෙන් කකුල් දෙක රිංගෙව්වා. අත් හා කකුල් අස්සෙන් යකඩ බටයක් රිංගවා, එතැන සිටි දෙන්නෙක්, යකඩ බටයේ දෙකෙලවරින් උස්සා, මේසයක් උඩ තිබ්බා. තවත් නිලධාරියෙක් මගේ ඔලූවට පිස්තෝලයක් තියා එ්කෙන් ඇන්නා. එම නිලධාරියාට  ඕක කරන්න එපා කියා පො.ප.ටෙරන්ස් බැණ වැදුනා. පො.ප.ටෙරන්ස් විකට් කූරක් ගෙන යටිපතුල් වලට ගැහැව්වා. එ් විදිහට දෙපාරක්ම මට ගැහුව්වා. දෙවෙනි පාර ගහනකොට, කොච්චි ගෙන ආවා. කොච්චි ගෙන ආවේ ක`ඵ මහත තට්ටේ තියෙන කෙනක්. මගේ කටට කොච්චි දමා හපන්න කිව්වා. එ්වා රෙදි කෑල්ලකට අරන්, ඇස්වල මුහුණෙ හැම තැනම ඇතුල්ලූවා. පැයකට වැඩි කාලයක් මට වධ දුන්නා. ඊට පස්සේ අපරාධ අංශයට ගෙන ආවා. විනාඩි 10කින් පසුව, මට මාංචු දමා, ජීප් එකට නංවාගෙන බුකියට ගෙන ආවා. පහල හිටිය අයිතිකාරයා, කුමාර, පිටිපස්සෙන් ඔහුගේ වෑන් එකේ ආවා. බුකිය මට කියා ඇරවා, එහි ලාච්චුවේ තිබුන තුණුඩ 15 පමණ හා එකතුවී තිබූ රුපියල් එකොලොස්දහස් හත්සියයක මුදල - අයිතිකරු කුමාර පොලිසිය ඉදිරිපිටදීම ගත්තා. ඉන්පසු නැවත, මාව පොලිසියට ගෙන ආවා. මාව කූඩුවට දැම්මා. එසේ දින දෙකක් පොලිසියේ තියා ගත්තා. එ් හැම දවසකම බිරිඳ, නැන්දා, නංගී, පුංචි අම්මා මාව බලන්න ආවා. එයට අමතරව නියා, හුසේන් කමල් යන අයද මාව බලන්න ආවා. 2016.04.10 වන ඉරිදා දින, අපරාධ අංශයට ගෙන ගොස් ඇගිලි සලකුණු ගත්තා. ඔවුන් ලියන ලද ප‍්‍රකාශයකට අත්සන් ගත්තා. කියවන්න දුන්නේ නැහැ. එදින දහවල් 2.00 ට විතර, මාව පානදුර උසාවිය ලඟ, වැඩ බලන මහේස්ත‍්‍රාත් තුමිය වෙත ගෙන ගියා. එදින මගෙන් විස්තර කිසිවක් විමසන්නේ නැතිව, 2016.04.11 දින (පසු දින) දක්වා රිමාන්ඞ් කලා. පසුදින (2016.04.11 දින) නැවත උසාවියට ගෙන ආවා. එදින මාව 2016.04.18 දින දක්වා රිමාන්ඞ් බාරයට පත්කලා. එදින මාව ඇප මත මුදාහැරියා. 2016.04.26, එනම් දින 8කට පසුව, නැවත නිවසේදී මාව අත්අඩංගුවට ගත්තා. එදින මාව අත්අඩංගුවට ගත්තේ පො.ප.ටෙරන්ස්, අමල් හා තවත් දෙදෙනෙකි. එදින මාව අලූබෝමුල්ල කුරුස හංදියෙන් ඇතුල් පාරකට ගෙන ගොස්, හතරමං හංදියක ජීප් රථය නවත්වා, මට බහින්න කියා, මේ හරියේ බෑගයක් ඇති හොයපන් කිව්වා. පො.ප.ටෙරන්ස් පෙන්වපු තැන බෑග් එකක් තිබුනා. මම එම බෑගය, කෝට්ටක් අරන් ගන්න හැදුවම, කෝටු ගහන්න එපා, අතින් ගනින් කිව්වා. එසේ අතින් ගන්න විට, පො.ප.ටෙරන්ස් ඔහුගේ ජංගම දුරකථනයෙන් ඡයාරූප ගත කලා. එම බෑගයද රැගෙන, මාව පොලිසියට ගෙනවිත් අපරාධ අංශයට ගෙන ගියා. එදින රාත‍්‍රියේ මාව අපරාධ අංශයේ තියා ගත්තා. ගෙදරින් බලන්න ආවා. පසුදින, 2016.04.27 දින, සවස 6.30 පමණ, මාව මාගේ ගෙදර ගෙන ගොස් මාගේ යතුරු පැදිය, අමල් නිලධාරියා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආවා.
රාත‍්‍රී 8.00 පමණ, අමල් නිලධාරියා, උඹලාගේ ගෙදර අය මානව හිමිකම් ගිහිල්ලා තියෙනවා, උඹේ අම්මාට හු... ද එහෙට ගියේ, උඹව තියන්නේ නෑ කිව්වා. එතකොට තමයි මම දැනගත්තේ ගෙදර අය මානව හිමිකම් එකට ගිහින් තියෙන බව. එදින රාත‍්‍රී 9.00 පමණ, පො.ප.ටෙරන්ස් ගෙදර අයව ගෙන්වන්න කියා, මගේ ජංගම දුරකථනය මට දුන්නා. අමල් නිලධාරියා, පොලිසියේ දුරකථනය අරන්, රෝහල ඉදිරිපිට මුස්ලිම් හෝටලයට කිව්වා, ෂියාක් ගෙදර අයට එන්න කියන්න කියා පණිවුඩයක් අරින්න කියා. එ් අනුව, රාත‍්‍රී 9.00 ට පමණ නැන්දා හා නංගී පොලිසියට ආවා. එ් දෙන්නා අපරාධ අංශයට ආවා. නංගිව, පො.ප.ටෙරන්ස් මෙහෙ වරෙන් කියා අඬගහලා, ”මූට - වේස බල්ලට ගහලා මරණවා” කිව්වා.  ඊට පස්සේ පො.ප.ටෙරන්ස් තොට තව නඩුවක් දානවා කිව්වා. එදින  අපරාධ අංශයේ තියා ගත්තා. පසුදින, 2016.04.28 උදේ 3.00 විතර, කූඩුවට දැම්මා. එදින දවල් 12.00 ට විතර, අපරාධ අංශයට ගෙනහින් ඔවුන් ලියපු එ්වාට මගෙන් අත්සන් ගත්තා. එදින දහවල් 2.00 පමණ උසාවියට ගෙනිච්චා. එදින මාව පෙරට්ටුවකට දැම්මා.. පසුව පෙර ඇප මත මුදාහැරියා. 

මාහට වධහිංසා පමුණූවා, බොරු නඩු දැමීමට හේතුවූ පසුබිමට කරුණු පහත දක්වමි.

කුමාර, යන ප‍්‍රසිද්ධ රේස් ඔට්ටු කරු යටතේ, බුකිය, වසර 11 තිස්සේ බාරව කටයුතු කළෙමි. කුමාර සතුව, මෙම බුකියට අමතරව තවත්, බුකී 400 කට වැඩි ප‍්‍රමාණයක් තිබේ. මා යටතේ වූ බුකියේ දිනක ආදායම රුපියල් 40,000/= කට වැඩිය. පඩි දිනවල ආදායම රුපියල් ලක්ෂය ඉක්මවයි.  කුමාරගේ දිනක ආදායම රුපියල් ල්කෂ 3 ඉක්මවයි. මෙයට අමරව සෑම දිනුමකින්ම 5% ක් මොහු බද්දක් අයකර ගනී. මොහු බුකියේ හිමියන්ගේ සංගමයට, වසරකට රුපියල් ලක්ෂ විස්සක් ගෙවනු ලබයි. එ් රුපියල් කෝටි 9කට ආසන්න මාසික ආදායමටය. මොහු සිද්ධිය වූ 2014.04.06 දින පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශය හා සමග එක්ව, එදින රුපියල් දහහතර ලක්ෂයේ දිනුම නොදී සිටීමට කරන ලද කුමන්ත‍්‍රණයක, මා ඉත්තකු කර ඇත. මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසියේ, අපරාධ අංශයේ පො.ප.ටෙරන්ස්, අමල් හා අනෙක් නිලධාරීන් එක්ව, මා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී බොරු නඩු දැමීම මාගේ මූගික අයිතීන් උල්ලංඝණය කර ඇති බවයි.’’

Monday, June 13, 2016

ස්ත‍්‍රි දුෂකයාට කෙල්ල දිහා බලගෙන ඉන්න අමාරුලූ .......... සාලියවැව පොලීසියේ Traffic SI කියයි.


බාප්පා පොලීසියේ නිසා පැහැරගෙන ගොස් රඳවාගෙන, පාසල් සිසුවියව දුෂණය කළ පුද්ගලයාව, බේරාගැනීමට සාලියවැව පොලීසිය උත්සාහ ගත්ත ද, එය කිරීමට නොහැකිව දුෂකයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවිය.

නඩු අංකය හා අදාල තොරතුරු ලබාදීම ප‍්‍රතික්ෂේප කරන සාලියවැව පෙලීසිය, දුෂකයාව අධිකරණයට ඉදිරිපත් කළ දිනම ඇප ලබාගෙන නිදැල්ලේ සිටීමට සලස්වන ලදි. 

සාලියවැව පෙලීසිය ප‍්‍රතික්ෂේප කරන ලද සියලූ තොරතුරු උතුරු මැද පළාත් නි.පොලිස්පති විසින් දුෂණයට ලක්වු දැරියගේ පියාට ලබා දී තිබේ.

දැන් ¥ෂකයා සාලියවැව පොලීසිය සමග එක්ව, බොරු පැමිණිල්ලක් දමා පියාව පොලීසියට ගෙන්වා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පියවර ගෙන තිෙබි. 

එ් අවස්ථාවේ සාලියවැව පොලීසියේ ස්ථානාධිපති කුමාරසිංහ ඇතුලූ නිලධාරීන් කළ කී දෑ, පියා විසින් මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, ජාතික පොලිස් කොමිෂන් සභාවට                            කර තිබෙන පැමිණිල්ලේ පැහැදිළි කරයි.

එම පැමිණිල්ල පහත දක්වමු. 

ස්ත‍්‍රී දුෂකයා හා එක්ව, බොරු චෝදනා නගමින් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා නඩු පැවරීම්.

2016.06.14 වන දීන දීය.

2016.06.09 වන දින, උදේ 10.00 ට පමණ, සාලියවැව පොලිසියේ නිලධාරියෙක් පැමිණ, තුණ්ඩුවක් දී පසුදින, එනම් 2016.06.10 දින පෙරවරු 9.00 ට විවිධ පැමිණිලි අංශයේ පෙනී සිටින ලෙසට දැණුම් දී ගොස් තිබිණ.

සාලියවැව ස්ථානාධිපති විසින් දී තිබුණ එම තුණ්ඩුවේ, CIB :1) 161/58 ව/උ. .....තාත්තා ..... 2016.06.10 දින සාලියවැව පොලිස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පෙනී සිටින්න, යනුවෙන් සඳහන්ව තිබිණ. එය පහත දක්වමු.

එම දැණුම්දීමට අනුව, මා 2016.06.10 දින පැය 9.00 ට සාලියවැව පොලිස් ස්ථානයට ගොස් පෙනී සිටියා.

විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරික්ෂකවරයා, පැමිණිල්ලක් තියෙනවා, අනිත් පාර්ශවය ඇවිල්ලා නෑ, තව ටිකකින් එයි කියමින් මාව පැය 03 කට ආසන්න කාලයක් රඳවා තබාගෙන සිටියා.

පැමිණිලි පාර්ශවයක් පැමිණියේ නැත. දහවල් 12.00 ට පමණ මාව කැඳවූ විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා, ප‍්‍රබෝධ (මාගේ දියණියව පැහැරගෙන ගොස් දුෂණය කළ පුද්ගලයා* පැමිණිල්ලක් දාලා තියෙනවා එයාට ගැහැව්වා කියලා අත්අඩංගුවට ගන්න  ඕන කියා මාව, රිසව් එකේ හිටිය පොලිස් නිලධාරියාට බාර දුන්නා. රිසව් එකේ හිටිය නිලධාරියා, මාගේ ජංගම දුරකතනය, මුදල් පසුම්බිය, එහි තිබූ සල්ලි, ජාතික හැඳුනුම්පත රැුගෙන මාව කූඩුවට දැම්මා.
මේ අවස්ථාවේ අප දුරකතනයට, මාගේ දියණිය පැහැරගෙන ගොස් ¥ෂණය කළ ප‍්‍රබෝධ ීඵී පණිවුඩ එවමින් පීඩාකරන බව ප‍්‍රකාශ කළ ද එම පැමිණිල්ල බාර ගැනීම ද පොලීසිය ප‍්‍රතික්ෂේප කරණු ලැබුවා. 
දහවල් 12.30 වන විට මාගේ බිරිඳ හා මාගේ නංගී පොලීසියට පැමිණියා. සවස 3.00 පමණ වනතෙක් කූඩුවේ තබාගෙන සිට, බිරිඳ හා නංගීව පොලීසිය ඉදිරිපිට තිබෙන කඩයට ඇප කොළයක් ගේන්න යැව්වා. 
බිරිඳ හා නංගී කඩයට ගොස් රුපියල් 20/- බැගින් ගෙවා ඇප කොළ 02 ක් මිළයට ගෙන පැමිනි විට, එහි අත්සන් ගනු ලැබුවා.
ඉන්පසු 2016.06.14 වන දින පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින්න කියා මාව මුදාහැරියා.
මාගේ බිරිඳ හා නැගණිය පොලීසියට පැමිණි වෙලාවේ ස්ථානාධිපති කුමාරසිංහ, බිරිඳට පෙත්සම් ගහලා තියෙනවා, පෙත්සම් ගැහැව්වාට නඩුවේ විස්තර දෙන්න බෑ කියා, උසාවියෙන් ගන්න යැයි කියමින් ෙදාස් බවරා තිබුණා. 
මෙසේ ෙදාස් පවරණු ලැබුවේ, මාගේ දියණිය පැහැරගෙන ගොස් ¥ෂණය කිරීම සම්බන්ධයෙන්, දින ගණනාවකට පසුව අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රබෝධ නැමති අයව අධිකරණයට ඉදිරිපත් කළ දිනය හා මීළඟ නඩු දිනය කවරේ ද යන්න දැණුම් දෙන ලෙසට කරන ලද ලිඛිත ඉල්ලීම පිළිබඳ ව සඳහන් කරමින්ය.
මේ දක්වාම එකී තොරතුරු මෙම ස්ථානාධිපතිවරයා වසන් කරගෙන සිටී.
මාගේ බිරිඳ හා නැගණිය, පොලීසියේ සිටින අතර ඔවුන් අසලට පැමිණි සාලියවැව පොලීසියේ රථ වාහන අංශයේ උප පොලිස් පරීක්ෂක, මාගේ බිරිඳට ෙදාස් පවරමින්, දුව ගෙදර තියාගන්න එපා, කොහෙ හරි යවන්න, දුව ¥ෂණය කළ ප‍්‍රබෝධට බලාගෙන ඉන්න බැහැ යැයි කියනවා කියා පවසා ඇත.
මාගේ දියණිය පැහැරගෙන ගොස් දුෂණය කළ, ප‍්‍රබෝධ නැමති පුද්ගලයාව ආරක්ෂා කිරීමට සාලියවැව පොලීසිය ගත් උත්සාහය පිළිබඳව හා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට මා විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් උරණ වී සිටින සාලියවැව පොලිසියේ ස්ථානාධිපති කුමාරසිංහ ඇතු`ඵ නිලධාරීන් පොලිස් නිලධාරියකුගේ ළඟම ඥතියකු වන අපරාධ සැකකරුවන ප‍්‍රබෝධ සමග එක්ව,
(1* මට විරුද්ධව බොරු පැමිණිලි දමා මාව පීඩාවට පත් කිරීම.
සැ.යු. පැමිණිලි විභාගයට පැමිණිලිකරු ඉදිරිපත් නොවීම. අවම වශයෙන් පොලීසිය ඔහුව රෝහලට යවා නොමැති බව හා චෝදනාව මට පැහැදිළි නොකිරීම.

(2* පොලීසිය අපරාධ සැකකරුව ආරක්ෂා කරමින් දියණියවත් ගමෙන් පිට කරන ලෙසට බලපෑම් කිරීම. මගින් පීඩාවට පත්කරණු ලබන බවයි.

මා ඉල්ලා සිටින්නේ, පැහැරගෙන ගොස් දුෂණය කළ පුද්ගලයා හා එක්ව, බොරු පැමිණිලි දම්මවා,

(අ* පෙරවරු 9.00 සිට ප.ව. 3.00 දක්වා, අත්අඩංගුවේ තබා ගැනීම.

(ආ* පොලීසියට පැමිණි බිරිඳ හා මාගේ නැගණියට අයුතු බලපෑම් කිරීම, නින්දා කිරීම.

(ඇ* පදනමක් නැති බොරු පැමිණිල්ලකට අධිකරණය ඉදිරියේ නඩු පවරීම.
සම්බන්ධයෙන් සාලියවැව පොලිස් ස්ථානාධිපති කුමාරසිංහ, විවිධ පැමිණිලි අංශයේ උප පොලිස් පරීක්ෂකට එරෙහිව, මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීම අදාලව නීතිමය පියවර ගන්නා ලෙසටය....... පියා. 



Saturday, June 11, 2016

නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස් වරියක් හොර ඔප්පුව ලිව්වේ රු. හැට දහසක් අරගෙන. වටිනාකම ලක්ෂ 100යි. විකුණලා තියෙන්නේ ලක්ෂ 7කට. කොළේ වහලා.



ලක්ෂ 100 කට වඩා වටිනාකමකින් යුතු දෙමහල් ගොඩනැගිල්ල හා ඉඩම, ලක්ෂ 7ක් වටිනාකමක් දමා රවටා විකිනූම්කරයක් ලීවීම මගින් බරපතල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට චොදනා කරන,  හිමිකාරිය වන ක`ඵතර උතුර පදිංචි, සිරියාවතී මහතිමිය, එම ව්‍යාජ ඔප්පු සකස්කර තමාව හා තම මානසික ආබාධිත පුතාව රවටන ලද්දේ, තම ලේලිය හා එක්ව කලූතර, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස්, ඉමල්කා විජේවීර බව ප‍්‍රකාශ කර සිටි. දැනට මෙම දේපල අදාලව තහනම් නියෝග පනවා තිබෙන බවද සිරියාවති මහත්මිය කියා සිටි.

ඇය මෙම බරපතල වංචාව පිළිබඳව, ලේකම්, අධිකරණ සේවා කොමිෂම, ස්ථානධිපති,
වංචා විමර්ශණ කොඨටාශය සහ රෙදිස්ට‍්‍රාර් ජෙනරාල් වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ල සියල්ල පැහැදිලි කරයි.

ලිපිය-
ලක්ෂ 100 කට වඩා වටිනාකමකින් යුතු දෙමහල් ගොඩනැගිල්ල හා ඉඩම, ලක්ෂ 7ක් වටිනාකමක් දමා රවටා විකිනූම්කරයක් ලීවීම මගින් කලූතර, නීතිඥ හා ප‍්‍රසිද්ධ නොතාරිස්, ඉමල්කා විජේවීර ව්‍යාජ ඔපුපුක් ලියා  බරපතල මූල්‍ය වංචාව සම්බන්ධවයි.

ඉහත ලිපිනයේ පදිංචි මද්දුමාගේ සිරියාවතී වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

1*. 1967 අප්‍රේල් 27 දින මාගේ සැමියා වූ ලියනගේ ධර්මදාස විසින් - ක`ඵතර දකුණ, පලාතොට පාර, ගල්කැටිය හංදිය - ඉඩම මිළට ගන්නා ලදි. එහි දෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදිකරන ලදි.

සැමියා මිය යාමෙන් පසුව, සිය`ඵ දේපල වලින් මාහට හිමි කොටස්, මාගේ ප‍්‍රාණ භුක්තිය තබාගෙන, සම සමව මාගේ දරුවන් 09 දෙනා අතර බෙදා දුන්නෙමි.

2*. එ් අනුව, 2005 අපේ‍්‍රල් 07,  අංක 844 දරණ තෑගි ඔප්පුවෙන්, මද්දුමාගේ සිරියාවතී වන මා, ක`ඵතර දකුණ, පලාතොට පාර, ගල්කැටිය හංදිය ලිපිනය සඳහන් දෙමහල් ගොඩනැගිල්ල හා ඉඩම මාගේ පුතා වන සුජීව ලියනගේ ට, මා වෙත ප‍්‍රාණ භුක්තිය තබාගෙන,  තෑගි ඔප්පුවක් මගින් පිරිනමන ලදි.

මාගේ පුතා වන සුජීව ලියනගේ ස්නායු ආබාධයකින් පෙළෙන්නෙකි.

3*. 2007.01.08 දින එකී ඉඩම ක`ඵතර මහජන බැංකුවට,  මා හා පුතා සුජීව ලියනගේ එක්ව, උගසට තබා ලක්ෂ 28 ක මුදලක් ලබා ගත්තේය. 

3*. 2015.11.26 දින - මාගේ පුතා වන සුජීව ලියනගේ ට නැවත, බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වූ හෙයින්, එ් සඳහා ඔහුගේ බිරිඳ වන පමෝදා පුෂ්පකාන්ති ඉදිරිපත්ව අවශ්‍ය නීකිමය කටයුතු සකස් කිරීමට බාර ගන්නා ලිදි. ඇය ක`ඵතර අධිකරණයේ කටයුතු කරන, ක`ථතර උතුර, මල්වත්ත පාරේ පදිංචි, නීතිඥ ඉමල්කා විජේවීර මිය හමුවට මා හා පුතා සුජීව ලියනගේ රැුගෙන යන ලදි.

4*.ඉන් පසුව, එකී නීතිඥ ඉමල්කා විජේවීර, ඔප්පු අත්සන් කිරීම සඳහා ක`ථතර දකුණ, පැපොල් ගස් වීදියේ තිබෙන ඇගේ කාර්යාලයට එන ලෙසට දැනම් දුන්නා. 

5*. 2015.12.20 දින දවල් ලේලිය පමෝදා පුෂ්පකාන්ති මා හා පුතාව නීතිඥ ඉමල්කා විජේවීර ගේ කාර්යාලයට රැුගෙන ගියා. එවිට දවල් 2.00ට පමණ ඇත. නීතිඥ ඉමල්කා විජේවීර සිය පුතාව පාසලින් රැුගෙන විත්, උසාවි යාමට හදිසි බව පවසමින්, ණය මුදල ලබා ගැනීම අදාළ ලියවිලි මට හෝ පුතාට කියවන්නට ඉඩ නොදී, හදිසි කරමින්, කලබලයෙන්, ලියවිල්ලේ අත්සන් කරන ස්ථානය පමණක් අපට පෙනෙණ සේ නවන ලද ලියවිල්ලක් අපට ඉදිරිපත් කර, අත්සන් තබන ලෙසට පවසා සිටියා. ඇය එහි සඳහන් කිසිඳු කරුණක් පිළිබඳව අප දැනුවත් නොකල අතර, එම ලියවිල්ල ණය මුදල ලබා ගැනීම සඳහා වන ලියවිල්ල බව පමණක් අපට පවසා සිටියා. මා හා පුතා එයට අත්සන් තැබුවා.

6*. අනතුරුව හය මසක් පමණ ගතවෙද්දී, ණය මුදල් නොලැබුනු හෙයින්, එ් පිලිබඳව විමසීමේදී සුජීව ලියනගේ පුතාට, ඔහු ගේ බිරිඳ පමෝදා පුෂ්පකාන්ති පවසා සිටියේ ණය මුදල ප‍්‍රමාද බවයි.

7*. ඒ අතරදී මා විසින් ඉඩමේ ඔප්පුව පුතාගෙන් හා ලේලියගෙන් ඉල්ලා සිටියා. නමුත් ලේලිය ණය මුදල නොලැබුනු බව පවසමින්, මා මග හරින්නට වුනා. පසුව ඔප්පුව සම්බන්ධයෙන් පුතා හා ලේලිය අතර, බහින් බස් වීමක් සිදුව ඇති අතර, එම බහින් බස්වීම මුල් කරගෙන, පුතා පහර දුන් බවට ලේලිය පමෝදා විසින් පුතාට එරෙහිව ක`ඵතර දකුණ පොලිසියේ පැමිණිල්ලක් කරනු ලැබුවා. 

8*. 2016.05.23 දින, පැමිණිලි විභාගයේදී ලේලිය තරයේ පවසා සිටියා ඔප්පුව ලබා දීමට නොහැකි බවත්, ණයක් ලබා ගැනීම සදහා නොව, ලක්ෂ හතක  මුදලකට, විකිණුම්කරයක් මගින් ඇගේ සොහොයුරා වන යූ.කේ.ඞී.චාමර සම්පත් ට, මා හා පුතා විසින් එම ඉඩම විකුණා ඇති බවත්.

9*. අප විසින් ලක්ෂ හතක මුදලක් ලබාගෙන ඉඩම විකිණුවායයි කියන චාමර සම්පත් නැමැත්තා අවුරුදු ගණනාවකින් අප දැක නැති අතර, ඔහු හෝ වෙනත් කිසිඳු බාහිර පුද්ගලයකු එදින අප ඔප්පු වලට අත්සන් කරන අවස්ථාවේ, නීතිඥ ඉමල්කා විජේවීර ඉදිරියේ පෙනී නොසිටි බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

10*. එ් අවස්ථාවේ අපට වැටහී ගියා, ලේලිය පමෝදා පුෂ්පකාන්ති හා නීතිඥ ඉමල්කා විජේවීර විසින් මා හා මාගේ පුතාව නොමග යවමින්, බරපතල වංචාවක් කර ඇති බවයි.

11*. අනතුරුව අප ඉඩම අදාළ සිය`ඵ ලියවිලි ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලය වෙතින් ලබා ගත් අතර, එමගින් දැනගන්නට ලැබුනේ, ණය මුදල ලබා ගැනීමට යයි නීතිඥ ඉමල්කා විජේවීර විසින් මා හා පුතා කලබලයට පත් කරමින්, කියවීමටවත් නොදී, අප නොමග යවා අත්සන් ලබාගත් ලියවිල්ල - මා හා පුතා විසින් පමෝදා පුෂ්පකාන්ති ගේ සොහොයුරා වන චාමර සම්පත් ට ඉඩම විකිණූ බවට වන විකිනුම්කරයක් බව.

නීතිඥ ඉමල්කා විජේවීර විසින්, මෙම විකිණුම්කරයේ වටිනාකම රු.700,000 (ලක්ෂ හත* ලෙසට, ව්‍යාජ විකිණුම්කරයක් සකස් කර ඇති බවද ප‍්‍රකාශ කරමි.

මෙම සිද්ධියෙන් පසුව, ඉඩම හා ගොඩනැගිල්ල හොරට ලියා ගත්, චාමර සම්පත් විසින් ක`ඵතර එල්.බී.ෆිනෑන්ස් වෙත ඔප්පුව උකස්කර ලක්ෂ 15 ක ණය මුදලක් ලබාගෙන ඇති අතර, මෙම ඉඩමට එම ෆිනෑන්ස් සමාගම තක්සේරු ඇත්තේ රු. ලක්ෂ 65 කටයි.

මෙම ඉඩමේ සහ ගොඩනැගිල්ලේ වෙළඳ වටිනාකම රු. ලක්ෂ සියයකට අධිකය.

මෙම ඉඩම සහ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ - ක`ඵතර සිට පලාතොට පාරේ යන විට හමුවන ගල්කැටිය හංදිය හි පාර අද්දර ය.  

2007 වසරේ, මහජන බැංකුවට උගසට තබා, රුපියල් ලක්ෂ 28 ක් ලබාගත් දේපල වල වටිනාකම 2016 වසරේදි රුපියල් ලක්ෂ හත දක්වා අඩු කරිමට මෙම නිතිඥවරිය ක‍්‍රියාකර ඇත්තේ රුපියල් හැට දහසක් ලබාගෙනය.

මෙම හොර, වංචනික විකිණුම්කරය ලිවීම සඳහා නීතිඥ ඉමල්කා විජේවීර විසින් රු.60,000/= ක මුදලක් ලබාගත් බව කියා සිටියේ ලේලිය පමෝදා විසින්, පොලීසියේදීය.

මේ පිළිබඳ පැමිණිලි පොලීසිය බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ, නීතිඥ ඉමල්කා විජේවීර පොලීසීය සමග සම්බන්ධනය නිසාය? මන්ද, මැයගේ පියා විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකි, එමෙන්ම සොහොයුරා ද පොලිස් නිලධාරියෙකි.

මෙයින් ඉතා පැහැදිලිවන්නේ, 
1. එල්.බී.ෆිනෑන්ස් සමාගම රු. 6500000/= (හැටපන් ලක්ෂය* කට, තක්සේරු කර ඇති, ලක්ෂ 100 කට වඩා වටිනා ඉඩම, වටිනාකම රු. ලක්ෂ 07ක ව්‍යාජ විකිනූම්කරයකට විනකුණා ඇත. එබැවින් නීතිඥ ඉමල්කා විජේවීර බරපතල මූල්‍ය වංචාවක් සිදුකර තිබේ.

2. මෙම ඉඩම උගසට තබා ණයක් ලබාගැනීමේ මුවාවෙන්, ව්‍යාජ ලේඛණ සකසා ඇය, අප රවටා ඇත.

3. මෙම නීතිඥවරිය කරන ලද මූල්‍ය වංචාව හා රැුවටීම මගින්, ඇය අපට පමණක් නොව ශ‍්‍රී ලංකා රජයටද වංචා කර ඇත.

මා ඉල්ලා සිටින්නේ, මෙම දුෂිත නීතිඥ ඉමල්කා විජේවීර ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 
එමෙන්ම, මෙම වංචනික ඔප්පුව අවලංගු කිරීමට පියවර ගන්නා ලෙසටද ඉල්ලමි. 
අදාල ඔප්පුවේ ඡුායස්ථ පිටපත අමුණා ඇත. 
මෙයට,
මද්දුමාගේ සිරියාවතී,
2016.06.10








Thursday, June 9, 2016

මාතෙල් පොලිස් දුෂණ මර්ධකයෝ ලක්ෂ 35 ක සුදු හඳුන් මංකොල්ල කයි.

වින්දිතයා - විමලසුරිය 

ශ‍්‍රී ලංකාවේ පොලීසිය උසාවිය දඩමීමා කරගෙන සිදුකරන සුදු හඳුන් මංකොල්ලා කෑම පිළිබඳ හෙළිදරව්වකි මේ.

මාතලේ ප‍්‍රදේශයේ ආයුර්වේද ඖෂධ වෙළඳාම් කරණු ලබන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලකෂ තිස් පහක් වටිනා සුදු හඳුන් කිලෝ 1100 කට වැඩි ප‍්‍රමාණයක තොගයක් පැහැරගෙන ගොස්, එයින් අඩි 03 ක කෑලි 06 ක් උසාවියට ඉදිරිපත් කර, ඉතිරිය මංකොල්ල කා ඇත.

මෙම මංකොල්ලය සිදුකර ඇත්තේ මාතලේ පොලිස් ස්ථානයේ ¥ෂණ මර්ධන එ්කකයේ නිලධාරීන් පිරිසක්, උසස් නිලධාරීන්ගේ අණූග‍්‍රහය යටතේ ය. මෙම මංකොල්ලය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමට, පොලිස් කොමිෂමට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ලට අනුව මෙම මංකොල්ලය සිදුකර ඇත්තේ 2011 වසරේ ජූලි මස 19 දින ය.

උ.පො.ප. පනාගොඩ ඇතුලූ පිරිසක්, නීත්‍යානුකූල සන්තකයේ තබාගෙන සිටි කිලෝ 1100 කට වැඩි, අඩි 03 බැගින් කොටස් කර තිබූ සුදු හඳුන් කඳන් 150 කට වැඩි ප‍්‍රමාණයක් ඔවුන් භාරයට  ගෙන ව්‍යාපාරිකයාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

ව්‍යාපාරිකයාව පසුදින මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ, සුදු හඳුන් කඳන් 06 ක් සමගය. ඉතිරි කදන් 144 ම, පොලීසිය සඟවාගනු ලැබීය. ඔහුව, සත්ත්ව හා වෘක්ෂ ලතා ආරක්ෂක සංශෝධන පනත යටතේ, බලපත‍්‍රයක් නොමැතිව සුදු හඳුන් සන්තකයේ තබා ගැනීම යන අමූලික බොරු චෝදනාව නගා තිබිණ.

2011 ජූලි 27 වන දින, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු වාර 21 කට පසුව, 2016 මාර්තු 09 දින ඔහුව නඩුවෙන් නිදහස් කරණු ලබන්නේ, සුදු හඳුන් සන්තකයේ තබා ගැනීම වරදක් නොවන නිසා සහ චෝදනාව වැරදි නිසාය.

මෙසේ, රුපිල් ලක්ෂ තිස් පහක් වටින සුදු හඳුන් මංකොල්ලා කෑම ආවරනය කරගන්නේ, අධිකරණය බළල් අතක් කරගෙන ය. නිදහස් වීමට වසර පහක් පුරා, නීතිඥවරුන්ට ගෙවූ මද්ල, ඇතුලුව වැය කළ මුදල රුපියල් ලක්ෂයකට වැඩි මිස අඩු නැත.

මේ මගින් වසර පහක්, මේ සුදු හඳුන් ව්‍යාපාරියකයාව වධහිංසාවට, කෲර අමානුෂික අවමන් සහගත සැලකිලිවලට හා දඬුවම්වලට පාත‍්‍ර කර තිබේ.

මෙවන් පොලිස් මංකොල්ලා කෑම් පිළිබඳව තොරතුරු ඔබ දන්නවා ඇත. එවා පිළිබඳව කරන හෙළි දරව්ව යහපාලනය අර්ථවත් කිරිමට ඉවහල් වනු ඇත. 


Wednesday, June 8, 2016

අපරාධ චෝදනා වලට වරදකරු වූ කොස්තාපල් එ් පොලිසියේම වැඩ. පො.ප. පුජිත ට විවෘත ලිපියක්


රුපා නන්දශිලි හා රමණි
පහත දැක්වෙන්නේ අපරාධ චෝදනා වලට වරදකරු වූ පො.කො. 32807 පානදුර දකුණ පොලීසියේ වැඩ කරමින් අසල්වැසි වැන්දඹවන් දෙදෙනෙකුට කරන අඩම්තෙට්ටම් පිළිබඳව පො.ප පුජිත් ජයසුන්දරට ලියන ලද විවෘත ලිපයයි. මේ ගැන පුදුම විය යුතු නැත. එහෙත් මෙවන් දේ අභියෝගයට ලක්කරන දිරිය ලියන් අගය කළ යුතුයි.  


ලියා පදිංචි තැපෑලෙනි


පූජිත ජයසුන්දර මයා
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

අපරාධ චෝදනා වලට වරදකරු වූ පොලිස් කොස්තාපල්වරයාට නිදැල්ලේ සිටිමින් 
තව තවත් අපරාධ කරන්නට ඉඩදීම

නම : ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල්
අංකය : පො.කො.32807
සේවා ස්ථානය : පානදුර දකුණ පොලිස් ස්ථානය
නඩු අංකය : 63000- පානදුර මහේස්ත‍්‍රාත් උසාවිය
නඩු අංකය : 08/ 2013 -  පානදුර මහාධිකරණය

2006.06.12 වන දින කොළඹ විශේෂ විමර්ශණ එ්කකයේ ස්ථානාධිපති විසින්, චෝදනා 13 ක් යටතේ, මොහු ඇතුලූ පොලිස් නිලධාරීන් 05කුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පවරන ලදි. 

එම නඩුවේ තීන්දුව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය 2013.04.05 ප‍්‍රකාශයට පත්කරනු ලැබීය.

පිටු 161 කින් සමන්විත එම නඩුවේ තීන්දුවෙන්, සෙසු පොලිස් නිලධාරීන් නිෙදාස් කොට, නඩුවේ දෙවන චූදිතයා වූ අදටත් පානදුර දකුණ පොලිසියේ රාජකාරි කරන, පො.කො. 32807 ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල් චෝදනා දෙකකට වරදකරු කරනු ලැබීය.

එ් අනුව, 2013.04.26 වන දින, 
01 වන චෝදනාව සඳහා මාස 06ක බරපතල වැඩ සහිත සිරි දඬුවමක් හා රු: 1000/=ක දඩයක්ද, 04 වන චෝදනාව සඳහා අවුරුදු 01ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා 
රු. 1000/= ක දඩයකට යටත් කරනු ලැබීය.

පෙරවැරදි නොමැතිවීමේ හේතුව මත අවුරුදු 01යි මාස 06 සිර දඬුවම අවුරුදු 10කට අත්හිටුවා, රු.2000/= දඩ මුදල ගෙවිය යුතු බවත්, එය නොගෙවන්නේ නම් තවත් මාස 06ක බරපතල වැඩ සහිත දඬුවමක් නියම කළේය.

මෙම තීන්දුවට එරෙහිව මොහු අභියාචන පෙත්සමක් පානදුර මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එම අභියාචනයේ අංකය , ම.අභියාචන 08/2013 වේ.

මහාධිකරණයේදී, මහේස්ත‍්‍රාත් අධිකරණයේ වැරදිකරු කිරීමේ නියෝගය අභියෝග නොකරන බවයි. එහෙත් නියම කල දඩ මුදල රජයේ ගාස්තුවක් බවට පත් කිරීම එකම ඉල්ලීම බව කියා සිටින ලදි.

රජයේ නීතිඥවරිය, රජය වෙනුවෙන් එ් පිලිබඳව එකඟතාවය පළකරනු ලැබීය.
එ් අනුව, නියම කරන ලද දණ්ඩ නියෝගයෙහි සඳහන් දඩ මුදල පමණක් රජයේ ගාස්තුවක් ලෙසට පරිවර්ථනය කිරීමේ සංශෝධනයට යටත්ව, අභියාචනය ගාස්තු රහිත කරනු ලැබීය.

මෙයින් ප‍්‍රකාශ වූයේද මොහු, එනම් පො.කො.32807 ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල් අපරාධ චෝදනා 2කට වරදකරු වී ඇති බවයි.

එසේ තිබියදී, මෙම අපරාධකරු තවමත් පොලිසියේ රාජකාරි කිරීමයි.

එපමණක් නොව, තවමත් ඔහු සේවය කරන්නේ පානදුර දකුණ පොලිස් ස්ථානයේ ය.

මෙම අපරාධකාර පොලිස් කොස්තාපල් - මෙම නඩුවේ අගතියට පත්වූ පාර්ශවයට පොලිස් බලතල උපයෝගී කරගෙන නොනවත්වාම හිරිහැර පීඩා කරනු ලබන්නේය. එයට පානදුර දකුණ පොලිසියේ හා හිරණ පොලිසියේ නිලධාරීන්ගේ සහයද ලැබෙන්නේය. 

ආසන්නතම සිදුවීම

1. 2016 ජූනි 03 දින, මැදියම් රැුයේදී, මොහු හොඳටම බීලා, හෙල්මටයද පැළැඳ ඇවිත් අසල්වැසි රූපානන්දශීලි හත්තොටුව(අවු:64* මට කුණූහරප කියමින් බැණ මරණ තර්ජණය කරමින්, ගේට්ටුවද කඩා දමා හිරිහැර කරනු ලැබීය. එහි අලාභය රු:7500/ක්  පමණ වේ.

විනාඩි 10ක පමණ කාලයක් ඔහු එසේ හිරිහැර කරමින් සිටියදී, ඔහුගේ බිරිඳ හා පුතා පැමිණ ඔහුව අල්ලාගෙන ගෙන යනු ලැබුවා. එසේ ඔහු පිටව යන විට මම තෙපිව මරණවා යනුවන් කෑ ගැසුවා.

එ් පිළිබඳව ඔබගේ 119 හදිසි ඇමතුම් අංකයට තුන්වරක්ම කතා කලද පැමිණියේ නැත. එ් මොහු පොලිස්කාරයකු වූ නිසාය.

2. එදිනම එනම් 2016 ජූනි 04 දින, පෙරවරු 10.00 ට පමණ, හිරණ පොලිසියේ ්ථානාධිපතිවරයා හා තවත් නිලධාරියකු ජීප් රථයෙන් රමණි පෙරේරා වන මාගේ නිවසට පැමිණියා. 

ස්ථානාධිපතිවරයා , මාගේ නිවස සෑදීමට මුදල් පාස්වුනු තැන කොහේද කියා විමසා, එ්වායේ ලියුම් ඔයා ලඟ ඇතිනේ, එ්වත් සේරම අරගෙන සඳුදා (2016.06.06 දින* හවස 5.00 ට හිරණ පොලිසියට එන්න කියා මා හට පවසා සිටියා.

තවද ඔහු පවසා සිටියා - ලාල් කරදර කරනවා, මගෙත් රස්සාව නැති වෙනවා, එ් නිසා පොලිසියට ඇවිත් අත්සනක් දාලා යන්න කියා.

මෙසේ පොලීසියට කිසිදු නීතිමය අයිතියක් නැති කාරණාවලට පො.කො.32807 ලියනගේ දිල්රුක් ගුණතිලක නොහොත් ලාල් නැමැත්තා, පොලිසිය බලය අයුතු ලෙස භාවිතා කරමින්, දිගින් දිගටම හිරිහැර කරනු ලබන බව ප‍්‍රකාශ කරමි.

ඔබ පොලීසිය අධිකරණය මගින් අපරාධ වලට වැරදි කරුවන් සේවයේ තබාගෙන සිටි මෙන් ඔප්පු කර තිබේන්නේ ‘‘පොලිස් අපරාධකරුවන්ට නීතිය අදාල නැත’’ යන්නය. 

මෙයට,

රුපානන්දශිලි හත්කොටුව                                          රමණි පෙ ෙර්රා
හිරණ, පානදුර
2016.06.10

පිටපත්:
1. නියෝජ්‍ය පොලිස්පති බ/ප                             2. සභාපති - ජා.පොලිස් කොමිෂන් සභාව
3. සභාපතිනිය - මානව හිමිකම් කොමිෂන් සභාව
4. ජේ්‍ය.පොලිස් අධිකාරී - පානදුර
5. අධ්‍යක්ෂ නීති, පොලිස් මූලස්ථානය
6. ස්ථානාධිපති - මහජන පැමිණිලි, පොලිස් මූලස්ථානය
7. මූලස්ථාන පොලිස් පරීක්ෂක – පානදුර දකුණ පොලිස් ස්ථානය
8. ස්ථානාධිපති - හිරණ පොලිස් ස්ථානය, පානදුර
9. ලේකම්- නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය
10. අග‍්‍රාමාත්‍ය ලේකම්  11. ජනාධිපති ලේකම්
12. ආයතන අධ්‍යක්ෂ - රාජ්‍ය පරිපාලන.  සහ අදාල සියලු දෙනා වෙත. 

පියා නොවන පියාට දරුවා බාර දීපන් ! ගුටි කාලා මැරෙන්න කසාද මිනිහා ළඟට පලයන් !! බ`දලා දුන්නේ අවු: 16දී !!!!


යුක්තියේ දෙවඟන දෙඇස් බැඳගෙන කඩුව ගෙන දීපු නියෝගයක් පිළිබඳව සැබෑ පුවතක්. 
මේ නියෝගයට පොලීසිය ද, පරිවාසය ද හවුල් ....

වයස අවුරුදු 16 දී, මව්පියන් ඇගෙන් නිදහස් වීමට විවාහ කර දුන්නේ, කුලියට බ්ලොක් ගල් ගසන්නෙක් වූ පත්තර වාර්තාකරුවකුට ය. මේ ඊනියා මාධ්‍යවේදියා මව්බිමට හා දිවයිනට සේවය කරන දේශ පේ‍්‍රමියෙකි.

විවාහයෙන් පසුව මොහු තෘප්තිමත් වූයේ තමාට වඩා දස වසරක් බාල බිරිඳට ශාරීරික මානසික වධ දීමෙන්ය. ගුටිකන්න බැරිව පොලීසි ගියත්, මාපියන් ළඟට ගියත් ඇයට නිවනක් නම් නොවීය. නීතියෙන් කසාද මිනිහට උඹ දැන් අයිතියි කියමින් ඇයව මොහු වෙත ගෙනවිත් බාර දුන්නේ ය.

කසාද මිනිහාගෙන් ගුටි කන්න බැරිව 2011 වසරේ ඇය ගෙදර ගියේ මාපිය රැුකවරණය පතාය. 
බේබදු පියා. මවට කරන හිංසා ඉවසාගත නොහැකිව ඇය මැදිහත් විය. පියාගේ පහරින් විසිවී ගොස් බිත්තියේ ඔලූව හැපී සුසුම්නාව කැඩින.

ගෙලෙහි සුසුම්නාව බිඳී රෝගීන්ට කරන ලද ශෛල්‍යකර්මවලින් මෙතෙක් ජීවත්වන්නට වරම් හිමිවුණේ දෙදෙනෙකුට පමණක් බවත් ඉන් එක් අයෙක් තවමත් සිටින්නේ, රෝද පුටුවේ බවත් ඇය පවසා සිටී. අදටත් ඇය සතියකට වරක් සායනික ප‍්‍රතිකාර ලබා ගනී.

කොළඹ ජාතික රෝහලේ මාස 04 කට වැඩි කාලයක් නේවාසික ප‍්‍රතිකාර ලබද්දී කසාද මිනිහා ඇයව බලන්නට ඇවිත් තිබුණේ  දෙපාරකි.

නැගිටින්නට වාරු ලැබූ දිනම, නැවත මාපියන් අතහැර තමන් අයිති කසාද මිනිහාට නිසා ඔහු වෙත නොගොස් සිටීමට ඇයට නොහැකි විය. 
වෛද්‍ය උපදෙස් මත හා ජීවන බර සැහැල්ලූ වීමට ඇය සැහැල්ලූ රැුකියාවක් සොයා ගන්නා ලදි.

රැුකියාව අතරතුර ඇයට පෙම්වතෙකු හමුවිය. මෙය ඊනියා කසාද මිනිහාට එය රහසක් නොවීය. එම සම්බන්ධයට ඔහුගෙන් විරෝධයක් එල්ල නොවීය. එහෙත් වධ දීම් නතර නොවීය.

2014 වසරෙදී ඇය පිළිසිඳ ගන්නා ලදි. 2015 ජනවාරි මස 10 දින කු`ඵඳුල් දියණිය උපත ලැබීය. පියා නොවුනත් කසාද මිනිහාගේ නම පියා ලෙසට දැමීමට සිදු විය. සදාචාය එයයි. නීතිය එයයි. මේ දරුවාට දැන් පියවරු දෙන්නෙකි. එ් නියම පියා හා නීත්‍යානුකූල පියා වශයෙනි.

කසාද මිනිහාගේ තාඩන පීඩන දිනෙන් දින උග‍්‍ර විය. ඔහුගේ පහර දීම් වලින් ඇය ජීවිතය බේරා ගත්තේ දැඩි අසීරුවෙනි. 2016 ජනවාරි 11 දින තවදුරටත් ගුටි කන්න බැරිව, පොලීසියේ පැමිණිල්ලක් ද කර ඇය දරුවා රැුගෙන මාපියන් ළඟට ගියේ වෙන කරන්නට දෙයක් නැති නිසාය. ඊනියා මාධ්‍යවේදී කසාද මිනිහා වෙනත් පොලීසියකට ගොස් පැමිණිල්ලක් කර, එහි ස්ථානාධිපති මැය ගෙන්වා, දරුවාව, නීත්‍යානුකූල පියාට බාර දෙන්නට නියම කළේ මේ වන විට අවුරුද්දකුත් මාස හතරක් ක් වන කිරි බොන දරුවාය. ළමයා අයිති  ඕ.අයි.සී ට හා මහෙස්ත‍්‍රාත් ට බව, ස්ථානාධිපතියා ඇයට කියා තිබින.

එ් හා සමගාමීව, උසාවියේ නඩුවක් පොලීසිය ගොනු කළේය. උසාව් දිනයේ මැයව පරිවාසයට රැුගෙන ගිය පොලීසිය, පරිවාසය මගින් කසාද මිනිහා සමග යෑමට කැමති බවට වන අත්සන බලය යොදවා ලබා ගන්නා ලදි. එ් එයට කැමති නොවුනොත් දරුවාව පරිවාස භාරයට ගන්නා බවට කරන ලද තර්ජනය නිසාය.

ඇය පරිවාස නිලධාරිණියට දරුවා කසාද මිනිහාගේ නොවන බව ප‍්‍රකාශ කර තිබිණ. පරිවාස නලිධාරිණිය එය විනිසුරුවරියට කියන ලදි. 

සැමියාව කාමරයෙන් පිට කළ මහේස්ත‍්‍රාත්වරිය, ඇගෙන් එහි ඇත්ත නැත්ත විමසා සිටියේය. ඇය දරුවා කසාද මිනිහාගේ නොවන බව ඇයට කිව්වේය.

විනිසුරුවරිය පරිවාස නිලධාරිණියගෙන් හා පොලීසියෙන් ඇහැව්වේ මෙයාගේ පෙම්වතා උස මහත ද කියාය. දරුවාගේ හැඩරුව අනුව, දරුවා නීත්‍යානුකූල පියාගේ නොවන බව පෙනෙන්නට තිබෙන බවද නොකියා ඉන්නට විනිසුරුවරියට බැරි විය.

නමුත් අවරුදු එකයි මාස හතරක කිරි බොන දියණියගේ අයිතිය නීත්‍යානුකූල සැමියාට අයිති බවට නියෝග කළ විනිසුරුවරිය ඉන් නොනැවතී ඇයට ද කසාද මිනිහා ළඟට යන ලෙසට නියෝග කළේ ය. එසේ නොගියහොත් රිමාන්ඞ් කරන ලෙසට පොලීසියට උපදෙස් දීමට ද විනිසුරුවරිය එඩිතර විය.

උසාවි නියෝගය දුන්නේ ඇයට ය. උසාවියෙන් එළියට ආ විගස කසාද මිනිහා ඇයට කිව්වේ මම දරුවා අරන් යනවා, උඹට ගෙදර එන්න බෑ කියාය.

මව හා දරුවා දැන් දෙපලක ය. ඇය කසාද මිනිහා ළඟට ගියොත් සිදුවන්නේ මැරුම් කන්නටය. තමාගේ නොවන බව දැන දැනම, මේ නිත්‍යානුකූල පියා දරුවා නොමරා මරණු ඇත.

සටහන:

මේ වන විට නීතිය මු`ඵමණින්ම කඩා වැටුණු රටකි. ස්ත‍්‍රී ¥ෂකයන්, අලි හොරුන්, පගා කාරයන්, සූදු අන්තුවන්, විනිසුරු පුටුවල ඉඳගෙන සිටීම ගැන පුදුම වන්නට දෙයක් නැත. 
එ් අතර වැරදි කරන විනිසුරුවරුන්ට උසස්වීම් ද දෙති. තවදුරටත් නිහඬව සිටිනවාද?
ඉදිරියේදී  මෙම සිද්ධියට අදාල සියලූ තොරතුරු නම් ගම් සහිතව එළිදරව් කරන්නෙමු.






Friday, June 3, 2016

ෆ්‍රෙඞී ගමගේට පහර දුන් මැරයින් ගැන වග බලා ගැනීම පොලිස්පති බාර ගත යුතුයි.


ෆ්‍රෙඞී ගමගේට පහර දුන් මැරයින් ගැන වග බලා ගැනීම
පොලිස්පති බාර ගත යුතුයි.
මාධ්‍යවේදියකු මෙන්ම සමාජ ක‍්‍රියාකාරිකයකු වූ ෆ්‍රෙඞී ගමගේ ට මහා දවල් මහ පාරේ පහරදීම නාදුණන පුද්ගලයින්ගේ ගිණුමට බැර කර අත් සෝදා ගැනීමට පොලිස්පතිට නොහැකිය.

පසුගිය කාල පරිච්ජේදයේ මෙවන් ප‍්‍රහාරයන් හා ඝාතන වලට මැරයින් ඉදිරිපත් වූයේ පොලිසිය ප‍්‍රමුඛ සමස්ථ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිවය.

මෙම ප‍්‍රහාරයද පොලිසිය ප‍්‍රමුඛ රාජ්‍ය අනුදැනුම ඇතිව, ආණ්ඩුවේ අපරාධකරුවන්ගේ ක‍්‍රියාවකි.

නොපමාව, මෙම ප‍්‍රහාරය ගැන පු`ඵල් පරීක්ෂණ ආරම්භ කළ යුතුයි. දැනටමත් මෙම ප‍්‍රහාරය කාගේ සැලසුමක්ද, ප‍්‍රහාරය කළේ කවුද යන්න පොලිසියට රහසක් නොවන්නට ඉඩ තිබේ.

එහෙත්, සැලැස්ම, ආණ්ඩුවේම දේශපාලන අපරාධකරුවකුගේ නිසා, පොලිසිය නීතිමය පියවර ගැනීමෙන් වැලකෙන්නට පු`ඵවන.

පොලිසියේ වගකීම, බලපෑම්වලට යට නොවී, පරීක්ෂණ කර, අපරාධකරුවන් නීතිය හමුවට පත් කිරීමය.

Thursday, June 2, 2016

විජිත හේරත් ගේ බොක්කෙන් පිටවෙලා තියෙන කස්තුරි සුවඳ ෙදාස්තරට හා පොලීසියට වැරදිලා !!


රථවාහන අනතුරකට අදාලව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් මංත‍්‍රී විජිත හේරත් අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීම ආන්දෝලනයට ලක් විය. 
එ් විජිත හේරත් මංත‍්‍රීට බීලා රිය පැදවීමේ චෝදනාව ගැන. ඔහු මාධ්‍යයට කියා සිටියේ තමා බීලා හිටියේ නැති බවයි. පක්ෂ ලොක්කෝ ද එය පුන පුනා කියා සිටියේය.
රිය අනතුරු අදාලව විජිත හේරත් ජ.වි.පෙ. මංත‍්‍රීට නගා තිබූ රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරීව රිය පැදවීම, යන චෝදනා 02 ටම ඔහු වරද පිළිගෙන රජයේ ගාස්තුවක් ගෙවා එළියට ආවේය.
තෙවන චෝදනාව වූ බීමතින් රිය පැදවීමේ චෝදනාව ට ඔහු නිවැරදිකරු බව පවසා සිටයේය. එ් වෛද්‍ය වාර්තාවට අනුව අධිකරණ වෛද්‍ය පෝරමයේ, මත්පැන් සුවඳ වහනය බවට කර තිබෙන සඳහන අනුවය.
මත්පැන් සුවඳ වහනය වීම, බීම්ත්ව සිටි බව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් නොවේ. මන්ද, මත්පැන් පානය කළ විට, වර්ගය අනුව එයින් පිටවන ගඳ මුඛයෙන් පිටවේ.
තවදුරටත් පැහැදිළි කරන්නේ නම්, මත්පැන් ග`ද වහනය බීපු බව සනාථ කළ ද, ”වෙරිවන තරමට” බිලා රිය පැදවීමට නුසුදුසු තත්ත්වයක සිටින බව තහවුරු නොකරයි.
මෙම තාක්ෂණික කාරණය මුල්කරගෙන බීමතින් රිය පැදවීමේ චෝදනාවෙන් විජිත හේරත් ජ.වි.පෙ. මංත‍්‍රී නිදහස් කිරීමට අධිකරණයට සිදුවිය.
අධිකරණයෙන් නිදහස් වීම වරදක් නොකළ බවට තප්පු ගැසිය නොහැක.
විජිත හේරත් ජ.වි.පෙ. මංත‍්‍රී, රිය පැදවීමට නුසුදුසු ප‍්‍රමාණයට මත්පැන් පානය කර නොමැත. එය පිළිගත යුතුයි.
නමුත් මත්පැන් පානය නොකළා යැයි ප‍්‍රකාශ කිරීම අමූලික බොරුවකි. මත්පැන් පානය වැරැුද්දක් හෝ අපරාධයක් නොවේ. මත්පැන් බොමින්, ජ.වී.පෙ. කාරයන් මත්පැන් පානය කරන්නේවත් නැති, පස් පවින් මිදී සිටින්නන් ලෙසට පෙනී සිටීමේ වංචාකාරී පිළිවෙත තවමත් අතහැර නැත්තේ අන්ධභක්තියන් ගොනාට ඇන්දවීමටය.
මාධ්‍ය වාර්තාවලට අනුව විජිත හේරත් මංත‍්‍රීට නියම කර ඇත්තේ රජයේ ගාස්තුවක් ගෙවීමටය. එය සැබෑවක් නම් දඩයක් ගැසිය යුතු වැරැුද්දකට රජයේ ගාස්තුවක් නියම කිරීම ගැන ද අවධානය යොමු කළ යුතුයි.
වැරදිවලට පමණක් ොනව අපරාධවලට ද වැරදිකරුවන් වන පුද්ගලයන්ට නියම කරන දඩ මුදල, රජයේ ගාස්තුවක් බවට හරවා ගෙවීමට නියම කිරිම මගින් සිදුකර ගන්නේ, වැරැුද්ද නාමික කරගනු ලැබිමකි.
මෙය, රජයේ සේවකයන් තම රැකියාව බේරා ගැනීමට, අධිකරණයේ අනුකම්පාව දයාව ලබාගෙන සිදුකරන්නකි. අපරාධ, වැරදි අවම කර පාලනය කිරීමට මෙම තත්ත්වයද බොහෝ අහිතකර  බලපෑනම් ඇති කර තිබෙන බව ප‍්‍රකාශ කළ යුතුයි.   


Wednesday, June 1, 2016

කසිප්පු, ගංජා ජාවාරම් කරුවන්ට දොස්තලාත් එකතු වෙලා.



පයාගල ප‍්‍රදේශයේ කසිප්පු හා ගංජා ජාවාරම් කරුවන් ගේ  ඕනෑ එපාකම් පිරිමහන්න, අත්අඩංගුවට ගෙන පහර දුන්න පුද්ගලයෙකුට, පොලිසියේ කීමට ප‍්‍රථිකාර කිරීම ප‍්‍රතික්ෂේප කළ ෙදාස්තරලා ගැන බේරුවලින් වාර්තා වේ.

මේ බව හෙළි කරන්නේ, පොලිසියේ පහරදීම සඳහා ප‍්‍රථිකාර ලබා ගැනීමට, බේරුවල දිසා රෝහලට ගිය මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු ට, දින 02 යන තුරු, කිසිදු ප‍්‍රථිකාරයක් නොකර, රෝහලින් පිටමං කිරීම පිලිබඳව - සෞඛ්‍ය බලධාරීන්ට කර තිබෙන පැමිණිල්ලෙනි.

පහර කෑමට ලක්වූ පුද්ගලයකු රෝහල්ගත කල විට, පොලිසියට දැනුම්දීම, අධිකරණ වෛද්‍ය පෝරම ගෙන්වා ගැනීම හා එම රෝගියාව අධිකරණ වෛද්‍යවරයකු හමුවට පත් කිරීම - රෝහල් බලධාරීන්ගේ වගකීම වේ.

මෙම වගකීම බේරුවල දිසා රෝහල පැහැර හැරින ලද්දේ පොලීසියේ අවශ්‍යතාවටය. තමාව  රෝහලින් පිටමං කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට - මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම තමාට පහර දුන්න පයාගල පොලිසියේ සැරයන් නිශාන්ත 64617, ප‍්‍රදේශයේ නම් දරාපු කසිප්පු හා ගංජා ජාවාරම්කරුවන් සමග ගණු දෙනු කරනු ලබන්නෙක් බව ද මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු කියා සිටී. 

මේ පිලිබඳව මුනිවරගේ ලලිත් කුමාර ප‍්‍රනාන්දු මයා මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට වරයාටද පැමිණිලි කර ඇත.





පොලිස්කාරයාට මළත් නිවනක් නෑ.


කසිප්පු කාරයෙකුගේ උවමනාවට, උන්ගෙන් බීලා බාල වයස්කාරයන්ට වධ දුන්න අම්බලන්ගොඩ පොලිස්කාරයන් දෙදෙනාට විරුද්ධව නඩු පැවරීමට නීතිපති පියවර ගෙන තිබේ.

එ් වසර ෙදාළහකට පසුවය. 2004 දී, අසරණ ළමුන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන වධ දුන්නේ ප‍්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවරාම්කාරයකු ගේ උවමනාවටය.

මෙම ළමුන් ඉතා දිළිඳු ධීවර පවුල්වලට අයත්ය. අද දරු සුරතල් බලන මේ, සිද්ධියට භාජනය වූ දෙදෙනා තම පාරම්පරික රස්සාවේ එනම් මුහුදු ගොස් මසුන් මැරීමෙන් ජීවිකාව ගක ගනී.

කෙතරම් දුප්පත් වුනත් මෙම දෙදෙනාගේ අම්මලා දෙන්නා පොලීසියට විරුද්ධව අඛණ්ඩව අරගලයක යෙදුනාහ.

සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ පොලිස් විශේෂ විමර්ෂණ එ්කකය නීතිපති උපදෙස් යටතේ මෙම වසරේ, මාර්තු මස වධ දුන්න අම්බලන්ගොඩ පොලීසියේ සේවය කළ කරුණාරත්නට සහ රංජිත් සිරිකුමාර යන දෙදෙනාට එරෙහිව බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කර තිබේ.

මේ වන විට කරුණාරත්න මිය ගොස්ය.

රංජිත් සිරිකුමාර තවමත් රාජකාරියේ යෙදී සිටී.

ජීවත්ව සිටින මෙම පොලිස්කාරයාට තවමත් ආයතන නීති ක‍්‍රියාත්මක කරන්න පොලිස්පති පියවර ගෙන නැත.

අපරාධ චෝදනා ලැබූ රාජ්‍යය නිලධාරීන් වැඩ තහනමට ලක් කළ යුතු බවට වන නීතිය, පොතට සීමාවී තිබීම පොලිස් අපරාධ වැළැක්වීමට නොහැකි වීමට එක් ප‍්‍රධාන හේතුවකි.




මුස්ලිම් අන්තවාදයට ස්විට්සර්ලන්තය වැට බඳියි.



එරට සංස්කෘතියට අනුව, සිසුන් තම ගුරුවරු ගුරුවරියන්ට අතට අතදී ආචාර කළ යුතුය.

සමහර ඉස්ලාම් අන්තවාදීන් අතට අතදීම ඉස්ලාම් ආගමික ඉගැන්වීම්වලට එරෙහි ක‍්‍රියාවක් ලෙසට පිළිගනී.

ස්විට්සර්ලන්තයට පදිංචියට පැමිණ සිටින ඉස්ලාමීය නායකයකු (ඉමාන් වරයෙකු* ගේ පුතුන් දෙදෙනෙකු තම ගුරුවරුන්ට අතට අත දීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙයට ඉඩදීම ප‍්‍රතික්ෂේප කළ ස්විට්සර්ලන්තය, ඔවුන්ට පුරවැසි භාවය ලබාදීම ගැන සලකා බැලීමටද, අතට අත නොදීමේ වරදට වරදකරුවන්වූ සිසුන්ගේ දෙමාපියන්ට ඇමරිකානු ඩොලර් 5000 දඩයක් නියම කිරීමටද පියවර ගෙන තිබේ.

මෙම ප‍්‍රශ්ණය මූලිකව එරට මුස්ලිම් ප‍්‍රජාව අතර බෙදීමක් ඇතිව තිබේ. අතට අතදීමට පක්ෂ මුස්ලිම්වරු පිරිස්, මුස්ලිම් අන්තවාදීන්ට ඉඩ නොදිය යුතු යයි තීරණයේ සිටිති.