Friday, August 24, 2018

පුරුෂ ලිඟුව හා වෘෂණ කෝෂ දෙක ලාච්චුවට දමා වසා, මඩු වලිගයෙන් ගැහුව්වා. නීතිඥයා වචනයක් කතා කළේ නෑ, අවු: 10 කට හිරේ දැම්මා.


මේ මඩකලපුවේ පස්දරු පියෙකුගේ කථාව. ඔහු රියදුරෙක්. කළේ වැලි අදින එක. සල්ලි ඉතුරු කරලා, සීට්ටු දමා ලොරියක් ගත්තා. දියුණු වෙන්න. 

බ්‍රොක්ර් ගාස්තුව රු: 20,000/= න් ගෙවන්න පුලූවන් වුනේ රු: 10,000/= යි. ඉතිරි මුදල ගෙවීම ප‍්‍රමාද වුන නිසා, බ්‍රොකර් ”බෝතල් රාජා”අමනාප වුනා.

බ්‍රොකර් ”බෝතල් රාජා”, තවත් කිහිප දෙනෙක් එක්ක නුවර ආවාම, ඔහුව පොලිසියෙන් කොටුකර ගන්නවා. 

එ් 1992 දී. ගහනකොට ”බෝතල් රාජා”,  LTTE සම්බන්ධ අය කියලා නම් 10 ක් 11 ක් පොලිසියට දෙනවා. එ් අතර, මොහුගේ නමත් දීලා තිබුනා. 

අත්අඩංගුවට ගත්තේ නුවර, සී.අයි.ඞී. එකෙන් කියලා තමයි කියලා තියෙන්නේ. මඩකලපුවේදී අත්අඩංගුවට ගත් මොහුව ඇස් බැඳ ගෙන එන්නේ නුවරට. කොච්චි පාරේ අයිනේ තැනක්.

එහිදී, නිරුවත් කර, අත්පිටුපසට තබා, මාංචු දානවා. පුරුෂ ලිඟුව හා වෘෂභ කෝෂ ලාච්චුවකට දාලා වහලා මඩු වලිගයකින් ගහනවා. ඇත්ත කියපන් කියලා තමයි ගහලා තියෙන්නේ. 

දවස් දෙකක් වධදීලා, නුවර දොස්තර කෙනෙක් ළඟට දාලා, තෙල්දෙණියේ පොලිසියට බාර දෙනවා. 

මාස තුනක් ඔහු තෙල්දෙණිය පොලිසියේ තියාගෙන ඉන්නවා. ඔහුව එහෙම තියාගෙන හිටියේ ත‍්‍රස්තවාදී පනත යටතේ කියලාවත් දැනගෙන හිටියේ නැහැ.

උදේට නුවර CID එකට ගේන්න ඔහුව, හවසට තෙල්දෙණිය පොලිසියට ගෙනහින් දානවා.

දවසක්, හිස් කොල පහකට ද අත්සන් අරන්, උසාවියට ගෙනහිල්ලා, බෝගම්බර රිමාන්ඞ් එකට ගෙනගොස් බාර දෙනවා. එ් 1997.12.02 වන දින.

1998 මැයි 24, ඔහු ඇතුලූ ද්‍රවිඩ ජාතික සිරකරුවන්ව, ක`ඵතර බන්ධණාගාරයට මාරු කරනවා. 

1998 ජූනි මස 30 දින, කලූතර බන්ධනාගාරයේ LTTE සැකකරුවන් බැහැ දකින්නට යන, ඩග්ලස් දේවානන්දට, එම සැකකරුවන් විසින් මාරාන්තික ප‍්‍රහාරයක් එල්ල කරනවා. 

එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා LTTE සැකකරුවන් 16 අතරට, මොහුව ද ඇතුලත් කරනවා.

නුවර CID එකෙන් මොහුට එක් නඩුවක් පවරා තිබුන අතර, ඩග්ලස් දේවානන්ද මරා දැමීමට තැත් කිරීම් චෝදනා යටතේ දැන් තවත් නඩුවක් ඔහුට වැටෙනවා.

නුවර නඩුවෙන් 2002 සැප්තැම්බර් 01 වන දින, මොහුව මුදා හරිනවා. 

වසර 10 ක් පුරා, කොළඹ මහාධිකරණයේ ඇදෙමින් තිබුන, ඩග්ලස් දේවානන්ද ඝාතන තැත නඩුවේ තීන්දුව, 2017 ඔක්: 30 වන දින ප‍්‍රකාශයට පත් කරනවා. 

එම තීන්දුවෙන්, සැකකරුවන් 10 කු නිෙදාස් කොට නිදහස් කරන අතර, ඉතිරි 6 දෙනා වසර 10 1/2 බැගින් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කරනු ලබනවා.

මොහු මොනම අයුරකින්වත් LTTE යට සම්බන්ධ නැති බව තරයේ කියා සිටිනවා. එ් නිසා දෝ මොහු වෙනුවෙන් නීතිඥයකු පෙනී සිටියේ නැත. 

ඔහු ප‍්‍රකාශ කරන පරිදි, රජයෙන් පත් කළ නීතිඥයා, වචනයක්වත් ඔහු වෙනුවෙන් කතාකර නැත.

ඔහු වසර 10 1/2 සිරදඬුවම් නියම වූ 06 දෙනා අතරින් එක් අයෙකි මොහු. අද බොහෝ කතා බහට ලක්ව සිටින එමිල් කාන්තන් නිදහස් වු අය අතර කෙනෙක්. 

මේ වන විට දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින රෝගියෙකි. මොහුගේ පුරුෂ ලිගුව ස්ථිර ආබාධිත තත්වයට පත්ව ඇත. 

පොලිසිය, බන්ධනාගාරය, නිර්දේෂී පුද්ගලයින්ට වධ දීම, බොරු නඩු දැමීම, උරුම කරගත් දෙයකි. මෙය, ආයතනගත වූවකි. පවතින ක‍්‍රමයේ කොටසකි.

දැනට 60 වන වියේ පසුවන මොහු ගැන කතා කරන්නට - ‘‘ඊනියා’’ සිවිල් සමාජය ඉදිරිපත් නොවන්නේ, මොහු LTTE යට කිසිසේත් සම්බන්ධ නැති ‘‘දෙමළෙක්’’ නිසා විය යුතුය.

මොහුගේ දරු පවුල, ගේ ගේ දොර උගස්කර, මහාධිකරණ තීන්දුව වෙනස් කරගන්නට අභියාචනයක් ඉදිරිපත් කර ඇත. නීතිඥ ගාස්තුව පමණක් ලක්ෂ තුනකි.

පෙර සඳහන් කල පරිදි, ප‍්‍රමාද නොකර, මෙම පුද්ගලයා පිළිබඳ, ගැඹුරු විමර්ශණයක් කර, ජනාධිපති සමාව හෝ ලබා දීමට බල කිරීම හා මෙය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානයට කැඳවීම -මානව හිමිකම් කොමිෂමේ වගකීමකි.

Sunday, August 19, 2018

උඹලා කිව්වාට වධ දෙන එක අපි නවත්වන්නේ නෑ


නීතිය මත පාලනයක් ඇති නොකර, අපරාධ කරන්නවුන්ට තරා තිරම නොබලා, කඩිනම් විමර්ශණය සිදුකර, දඬුවම් පැමිණවීම සිදු කරන තාක් කල්, බණ කිය කියා සිටීමට පුලූවන්.

රාජ්‍ය නිලධාරීන් විසින්, රට වැසියන් වධහිංසාවට පාත‍්‍ර කිරීම අපරාධයකි. එය දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියට අනුවද, වධහිංසා පමුණුවන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. නමුත් එය ක‍්‍රියාත්මක වන්නේ නැති තරම්ය.
වනිදිතයා හා පොලිසිය සොරකම් කළ ඔරලොසුව


මෙම මස 10 වන දින ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය අත්අඩංගුවට ගත් 33 හැවිරිදි තුවාන්, මසකට පෙර විවාහ වූ, යකඩ සමග හැපෙන කම්කරුවෙකි. ඔහුට දස වධ දී බොරැුල්ල පොලිසියට බාරදෙයි. එ් සොරකමකට අදාලවය.

13 වන දින මාලිගාවත්ත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ ”කුඩු” චෝදනා යටතේය. එදා තවත් දින 7 කට රැුඳවුම් නියෝග ලබාගන්නා පොලිසිය, දින 10ක් පුරා වධහිංසාවෙන් වේදනා විඳ, මොහුට ප‍්‍රථිකාර ලබා ගැනීමට තිබෙන අවස්ථා අසුරා දමයි. 
බණ කිව්වාට, වධ දෙන එක නවත්වන්න පොලිසිය සූදානම් නැත. වධ දෙන්නේ මානසික තෘප්තිය සඳහා පමණක් නොවෙයි. එමගින් සාක්කුවද පිරෙන නිසාය.

පහත දැක්වෙන්නේ, දින 10 කට පසුව, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති, නීතිපති හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ට, ‘‘නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, දින තුනක් නීති විරෝධීව රඳවා ගෙන, වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා මත දින 07 ක් රැුඳවුම් නියෝග ගෙන, රඳවා තබා ගැනීම’’ යන හිසින් යුතුව බිරිඳ කරන පැමිණිල්ලයි. 

‘‘ 2018.08.19 දිනදීය. තුවාන් මාගේ සැමියා වේ.
බිර්‍රිද

මාගේ සැමියා කම්කරුවෙක්. ඔහු වැඩ කළේ, කොළඹ 12, පරන යොන් වීදිය,   
”හාඞ්වෙයාර්” කඬේය. 02. 2018.08.10 වන දින, ඔහු වැඩකරමින් සිට, දවල් කෑම ගැනීමට, ග‍්‍රෑන්ඞ් පාස් වටරවුම අසල, කඩයට ගිය අවස්ථාවේ, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  එසේ අත්අඩංගුවට ගැනීම දැක්ක, ඔහුව දන්නා හඳුනන අයෙක්, සැමියාගේ පියා ට දැනුම් දී තිබේ.

එ් අනුව, සැමියාගේ පියා, එදින ප:ව:4.00 පමණ, ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියට ගොස් විමසූ විට, එවන් කෙනෙක් ගැන දන්නේ නැති බව පවසා තිබේ. නැවත පියා, රාත‍්‍රී 7.00 ට පමණ ග‍්‍රෑන්ඞ් පාස් පොලිසියට ගිය විට, සැමියා කූඩුවේ සිටිනවා දැක ඇත. පියා ගොස් තිබුනේ, ඥතියෙකු සමගය.
නමුත් ඔවුන්ට, සැමියා සමග කතා කරන්නට ඉඩදී නැහැ. සැමියා කූඩුව ඇතුලේ වාඩි වී, ඉතා අමාරුවෙන් සිට ඇත. ඔහුට පහර දී ඇති බව පෙනී ගොස් තිබේ.

පොලිසිය ඔවුන්ට කියා ඇත්තේ සොරකමක් ගැන සැක පිට අත්අඩංගුවට ගත් බවය.

2018.08.11 (සෙනසුරාදා* උදේ 9.00 ට පමණ, සැමියාගේ පියා ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියට ගිය විට, සැමියාව, දෙමටගොඩ පොලිසියට ඇගිලි සලකුණු ගන්න ගෙනහින් තිබෙන බව ප‍්‍රකාශ කර, ඔහු සමග කතා කරන්නට ඉඩදී නැත. එදින, 2018.08.11, දහවල් 1.30 පමණ, සැමියා ගේ ලොකු තාත්තා බලන්න ගිය විට, පොලිසියේ සිට නැත. ඔහු සැමියා ගැන විමසීමේදී, සැමියාව බොරැුල්ල පොලිසියට ගෙන ගිය බවට දැනුම් දී තිබේ.

සැමියාගේ ලොකු තාත්තා, බොරැුල්ල පොලිසියට ගිය විට, සැමියා එහි සිටිනවා දැක ඇත. සැමියාව බලා ගැනීමට ඉඩ දුන්නත් කතා කරන්නට ඉඩ දී නැත. එ් අවස්ථාවේදීත්, සැමියාට පහර දී ඇති බව හා ඔහු අසීරුවෙන් සිටින බව පෙනී ගොස් තිබේ.

එදින, 2018.08.11 දින, පස්වරු 3.30 ට පමණ සැමියාගේ ඥති සහෝදරියක් බොරැුල්ල පොලිසියට, සැමියාව බලන්න ගියද, ඇයට සැමියාව බලන්නට ඉඩදී නොමැත. පොලිසිය ඇයට දැනුම්දී ඇත්තේ පසුදින, සවස එන ලෙසටය.

එදිනම, 2018.08.11 දින, රාත‍්‍රී 9.30 පමණ, සැමියාගේ ඥති සොහොයුරු නීතිඥ මහතෙකු සමග බොරැුල්ල පොලිස් ස්ථානයට ගොස් තිබේ. ඔවුන් දෙදෙනාට, සැමියාව දැක බලාගන්නට ඉඩදී ඇත. එ් අවස්ථාවේ සැමියා, තමාට පොලිසිය වධදුන්න බවත්, දැඩි වේදනාවෙන් පසුවන බවත් ප‍්‍රකාශ කර තිබේ. මාගේ සැමියාට පහරදී ඇති බව හා ඉතා අපහසුවෙන් සිටින බව ඔවුන්ට පෙනී ගොස් තිබේ.

 සැමියාගේ ඥති සොහොයුරු ට හා ඔහු සමග ගිය නීතිඥ මහතාට, බොරැුල්ල පොලිස් ස්ථානයේ, අපරාධ අංශයේ ප‍්‍රධාන පොලිස් නිලධාරී ප‍්‍රකාශ කර ඇත්තේ, සැමියා රුපියල් එක්ලක්ෂ අනූපන්දාහක් සොරකම් කර ඇති බවයි.  එ් පිළිබඳව ක්‍ක්‍ඔඪ  කැමරා දර්ශන වල හඳුනාගත් බවද, සැමියා ආධාර එකතු කරන්න ගිය මුවාවෙන් ගොස් සොරකම කර තිබෙන බවද ප‍්‍රකාශ කර ඇත.

2018.08.11 (සෙනසුරාදා* මධ්‍යම රාත‍්‍රී පසුවී විනාඩි 20ට (12.20 ට* මාගේ නැගණිය ගේ, ජංගම  දුරකථනයට, මාගේ සැමියාගේ දුරකථනයෙන් ඇමතුමක් ලැබුනා. එයින් කතාකලේ පොලිසියේ ධෂක්‍ කෙනෙක්. ඔහු කියා සිටියා, ”ඔයාගේ මහත්තයා සල්ලි සොරකම් කරලා තියෙනවා, එ්කෙන් රු: 15,000/= ඔයාට දීලා තියෙනවා” යයි කිව්වා. දැනට මහත්තයා අපි ලඟ ඉන්නවා කිව්වා. 

මට එවන් මුදලක්, සැමියා දී නැති බව මම ප‍්‍රකාශ කලා. 2018.08.12 දින, උදේ 9.00 ට නැවත මට, මාගේ සැමියාගේ දුරකථනයෙන්, නංගි ගේ දුරකථනයට කතා කරලා, දැනුම් දුන්නා, සවස 4.00 ට බොරැුල්ල පොලිසියට එන්න කියා. 2018.08.12 දින, සවස 6.30 ට මම බොරැුල්ල පොලිසියට ගියා. මම ගියේ සැමියා ගේ පියා හා නීතිඥ මහතා සමගය. සැමියාගේ ඥති සොහොයුරු හා ඥති සොයුරිය ද අප හා එක්වුනා.

එදින මාගෙන් හා සැමියාගේ පියා ගෙන් ප‍්‍රකාශ ගත්තා. මාගෙන් ප‍්‍රශ්ණ කරමින්, රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක් සොරකම් කරලා, එයින් රුපියල් පහලොස් දහසක් දීලා තියෙනවා, එය ගත්තු බව සඳහන් කරන්න යයි කිව්වද මම එය පිළිගත්තේ නැහැ. ඔවුන් ලියන ලද ප‍්‍රකාශයට මගෙන් අත්සන් ගත්තා. මට කියවා තේරුම් කරලා දුන්නේ නැ.

සැමියාගේ පියාගෙන් ප‍්‍රශ්ණ කරමින්, අසා ලියාගෙන ඇත්තේ සොරකම් කරපු සල්ලි වලින් රුපියල් පනස්දහසක් ඔහුට දී තිබෙන බවය.

2018.08.12 දින, සව8ස 3.30 පමණ, මගේ සැමියාගේ ඥති සොයුරිය, සැමියා අත්අඩංගුවේ තබා ගැනීම ගැන, පොලිස් සහන මැදිරියට පැමිණිලි කර තිබුනා. 2018.08.13 දින, සවස මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ලැබුවා. සටහන් කරගනු ලැබුවද, ලිඛිතව පැමිණිල්ල බාරදීමට හැකිවූයේ 2018.08.16 දිනය. 29. 2018.08.13 දින, සැමියාව, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තා. 

රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක සොරකමකට සැකපිට අත්අඩංගුවට ගත් මාගේ සැමියාව, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ, කුඩු ලඟ තබා ගත් බවට, ජාවාරම් කල බවට චෝදනා නගමින්ය. එම චෝදනා යටතේ, වැඩිදුර පරීක්ෂණ සඳහා කියමින්, අධිකරණය මගින් දින 7 ක් රැුඳවුම් නියෝග ලබාගෙන තිබුනා. එ මගින් නැවත 2018.08.13 දින - 2018.08.20 දක්වාම, බොරැුල්ල පොලිසියේ තබාගෙන සිටීමට හැකියාව ලබා ගත්තා.

මාගේ සැමියා, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, කෲර අමානුෂික වධහිංසා හා අවමන් සහගත සැලිකිලි වලට භාජනය කර, ඉන් අනතුරුව බොරැුල්ල පොලිසියට බාරදී, දින 3 ක් රඳවාගෙන, වධ දී, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන දින දක්වා කාලය තුල,
1. බොරැුල්ල පොලිසිය සැමියාගේ නිවසට ගොස්, එහි සිටි සැමියාගේ මානසික ආබාධිත මවට තර්ජණය කර, පරීක්ෂා කර, අබිලි දේ රැගෙන එ්ම,

11. මාගේ සැමියා ගේ පියා වන තුවාන් ෂාම් ජොහාර් ට තර්ජණය කිරීම, බොරු නඩු පවරන බවට තර්ජණය කිරීම, 
පියා


111. මාගේ සැමියාව පළමුව අත්අඩංගුවට ගත් ග‍්‍රෑණ්ඞ්පාස් පොලිසිය, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, සැමියා පැළඳ සිටි රු: 7000/= පමණ වටිනා අත්ඔරලෝසුව හා සතියක වැටුප වන රු: 6300/= ද, ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය විසින් සොරකම් කිරීම,

මගින්, නීති විරෝධී ක‍්‍රීයාවන් හී නියැලී ඇත. 
මා ප‍්‍රකාශ කරන්නේ,
මාගේ සැමියා, රුපියල් එක්ලක්ෂ අනූපන්දහසක් සොරකම් කල බව කියන, කොම්පැණියේ නම හෙළි කිරීම තරයේ ප‍්‍රත්ක්ෂේප කරමින්, ලබාගත් බව කියන ක්‍ක්‍ඔඪ කැමරා දර්ශන පෙන්වමින්, එ් මාගේ සැමියාම බව ප‍්‍රකාශ කරමින්, බොරැුල්ල පොලිසියේ අපරාධ අංශය කරන ලද ර`ගපෑම පිටුපස සිටින්නේ කවුරුන්දැයි යන්න සොයා බැලිය යුතු බවයි.

එසේම, මා හා මාගේ සැමියා විවාහ වූයේ 2018.07.15 දින වේ. අප විවාහ වී එක් මසක් ගතවීමටත් පෙර මාගේ සැමියාට මෙම අපරාධය සිදුකර, අපගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ කරන දමන ලද බව ප‍්‍රකාශ කරමි. 

තවද මා ඉල්ලා සිටින්නේ,

කිසිඳු සොරකමක් නොකරන ලද මාගේ සැමියාව, සොරකමකට සැකකරු වශයෙන් අත්අඩංගුවට ගෙන, නීනි විරෝධීව රඳවාගෙන වධ දී, එම චෝදනාවන්ගෙන් ගැලවීමට ”කුඩු” ආදේශ කර නඩු පවරා මු`ඵ ජීවිතයම විනාශ කිරීම ගැන, 

ග‍්‍රෑන්ඞ්පාස් හා බොරැුල්ල පොලිසිවල අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට හා මෙම චෝදනාවන්ගෙන් මාගේ සැමියාව මුදාහැරීමට පියවර ගන්නා ලෙසටය.’’







Friday, August 17, 2018

කි.මී. 8 ක් පුරා වධ දෙමින් ඇදගෙන ගොස් දෙවියන්ට බාර කළ පොලිස් කාරයින්ට ලැබුන දඬුවම.



2018 ජූලි මස 26 දින, සිවකුමාර ගොනු කළ මූලික අයිතිවාසික්ම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු ඇතුලූව රුපියල් අනුපන් දහසක වන්දියක් ඔහු වෙත පිරිනැමීමට තීන්දු කළේය.

එ් මෙයට වසර හතකට පෙර, එන්ම 2011 මැයි 15 වන දින, තෙල්දෙනිය පොලීසිය, සුප්පයියා සිවකුමාරව අත්අඩංගුවට ගන්නේ, සුප්පයියා සිවකුමාර සිය පවුල සමග, නෙතුල්මඩ කෝවිලේ ‘‘තෙරු’’ උත්සවය බලන්නට, බඹරගල හන්දියේ සිටින විටය.

කිසිදු සෝදිස්සියකින් තොරව, සිවකුමාරට නින්දා අපහාස කරමින්, අමානුෂික ලෙස පහර දී, කි.මී. 08 ක් පමණ දුරින් වූ කෝවිල දක්වාම ඇදගෙන යන්නේ ද, පහර දෙමින්ය.

මෙම නිච ක‍්‍රියාව සිදුකරන්නේ, තෙල්දෙනිය පොලීසියේ සැරයන් 6934 ජයරත්න, සිවිල් ආරක්ෂක 24324 පතිරණ හා 12243 අබේරත්න ය.

මොවුන් තිදෙනා, ශිව කුමාරව, පසුදින උදේ 6.30 වන තෙක් කෝවිලේ රඳවාගෙන සිට, තෙල්දෙනිය පොලීසියට ගෙන යනු ලබයි.

පොලීසියේදී ඔහුගෙන්, සිංහලෙන් ලියන ලද ප‍්‍රකාශනවලට බලයෙන් අත්සන් ගැනීමට පොලීසිය උත්සාහ ගනී.

නමුත් ඔහු මරා දමන බවට කරන ලද තර්ජන මධ්‍යයේ ද අත්සන් නොකර සිටී.

එදින පස්වරු 5.00 ට පමණ ඔහුව මුදාහැරීමට පොලීසිය පියවර ගන්නේ, සිවකුමාරගේ බිරිඳ බලධාරීන්ට අඛණ්ඩව කරන ලද බලපෑම් හමුවේය.

එයින් අනතුරුව ප‍්‍රතිකාර ලබාගන්නා සිවකුමාර, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පතිට පැමිණිලි කර, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට පියවර ගනු ලැබීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරනය, එවක තෙල්දෙනිය පොලීසියේ සේවය කළ සැරයන් ජයරත්න හා සිවිල් ආරක්ෂකයින් වන, පතිරණ හා අබේරත්න, සිවකුමාර ට, වධ දීම හා අත්අඩංගුවට ගැනීම මගින් ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බන තීන්දු කරණු ලැබීය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව සිවකුමාර වෙනුවෙන් ගොනු කර, ඉදිරිපත් වන ලද්දේ, එ්. පියදාස හා ෂලෝමි ඩැනියල් යන නීතිඥවරුන්ලේ උපදෙස් මත නීතිඥ අර්මිසා ටීගල් මෙනවියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය, පොලිස් සැරයන් හා සිවිල් ආරක්ෂකයින් දෙදෙනා විසින්, රුපියල් 25,000/- බැගින් (මු`ඵ ගණන රු: 75,000/-) ද, රජය (පොලිස්පති) රු. 20,000/- ක් ද, වන්දි වශයෙන් සිවකුමාරට ගෙවීමට නියම කළේය.

ඉතා දැඩි ශාරීරික හා මානසික වධහිංසා හා අවමන් සහගත සැලකිලිවලට භාජනය වූ සිවකුමාරට මේ අනුව, අනූ පන්දහසක් (රු: 95,000/-) ක වන්දියකට හිමිකම් ලැබීය.

නඩු තීන්දුව සඳහා සබැඳියාව :- 
 http://www.janasansadaya.org/page.php?id=642&lang=en



Tuesday, August 14, 2018

කොල්ලෝ කෙල්ලන්ට ගහන්න ”ප‍්‍රමිති” පොලූ ඉස්කෝලවලට දෙන්නට බුද්ධික පතිරණ රජයෙන් ඉල්ලයි.



පාසල් ළමුන්ගේ විනය පිරිහිලා තියෙන නිසා, ගහන්න ප‍්‍රමිතිනයකට අනුව හදපු, ”පොලූ” ඉස්කෝල ගුරුන්ට දෙන්න යයි, පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින මාතර පළාතේ ළමයින්ට ගණ දෙවියා ආරූඪ වූ බව කියන, පැන් බෙදන, ළඟදී නියෝජ්‍ය ඇමති පට්ටමකින් පුදනු ලැබූ බුද්ධික පතිරණ, ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, රටේ නීතිය පිළිබඳව හා මනස පිළිබඳව මේ ගණ දෙවි වන්දනා කාරයාට පැහැදිළි පිළිතුරක් ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ලබාදීම ගැන ස්තුතිවන්ත වෙමු. සතුටු වෙමු. 

ගණ දෙවියා කරපින්නාගෙන සිටින බුද්ධික පතිරණ, නියෝජ්‍ය ඇමති රවටන්නේ පහේ ශිෂ්‍යත්වයට දහසක් බලාපොරොත් තබාගෙන සිටින, හය හතර නොතේරෙනා දරුවන්ටය, දෙමාපියන්ට ය.

මේකා ලබාදෙන ඝණ දෙවියාගේ පෑනෙන් උත්තර ලියූ තිදෙනෙක් ශිෂ්‍යත්වය සමත් දැයි විමසීමක් කර නැත.

එසේ කර ඇති නම්, මේකා එ් ළමයින්ගේ පිංතූර එක්ක, ටියුෂන් මාස්ටර්ලා වාගේ බැන් පෝස්ටර් ගසන්නේ නැතිව නම් ඉන්නේ නැත.

ගණ දෙවි පෑන අරගෙන, විභාගය ලියා අසමත් වන ළමුන් ගෙදරිනුත් ගුටි කා, සිය දිවි නසාගන්න‍ෙ, නැතිව ඉස්කෝලේ ගිහින් ගුරුවර ගුරුවරියන් හා විදුහල්පතිවරුන්ගේ “විනය” බලාගෙන දිනපතා පන්සිල් ගෙන, පෝයට පෙර දින හා පෝයට පසු දින සිල් ගෙන, රහත් නොවුන විට, බුද්ධික පතිරණගේ යුතු පොලූ ගෙන නිවන් දකින තුරු පහර දිය යුතුය. 

                         
 







                                                                                                                                                            ගණ දෙවි පිහිටයි.


Saturday, August 11, 2018

පිරිමි ළමයෙකු, ලිංගික අපයෝජනයට ලක් කළ අයෙකු වෙනුවට අසරණයෙකු උසාවියට දමයි.


අපරාධකරුවකු අල්ලා ගන්න බැරි වූ විට හෝ අපරාධකරු පොලිස් සගයෙකු වූ විට, එ් වෙනුවට අසරණයෙකු අල්ලා උසාවියට ඉදිරිපත් කිරීම ශ‍්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි.

වධහිංසා පැමිණවීම හා අතින් අත ගත් බොරු නඩු නඩු දැමීම මගින් තෘප්තිමත් වන පාර්ශව බොහෝ ය. ඒ නිසාම ඒ ගැන මුනිවත රකිති.

කුමාර, පෝට් සිටියට, ක`ඵ ගල් ප‍්‍රවාහනය කරන සමාගමක ටිපර් රියදුරෙකි.

ඔහු ක`ඵ ගල් අදින්නේ තෙබුවන පිහිටි ගල්වලකිනි. මෙම සමාගමේ සියලූම ටිපර්, ඨීඡු  තාක්ෂණයට අනුව ජාලගත කර ඇත. වාහනය පණ ගැන්වූ වේලාවේ සිට නවත්වන තෙක් සියලූ තොරතුරු පරිඝණක ගත වේ.

ජූලි මස 04 වන දින, තම රාජකාරිය ආරම්භ කරන්න සූදානම් වනවාත් සමග තෙබුවන පොලීසියේ පො.ප. මල්ලවආරච්චි, ඔහුව අත්අඩංගුවට ගන්නේ මසකට පමණ පෙර ටිපර් රථය තුළ පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කරන ලද බවට චෝදනා කරමින්ය.

ළමයාගේ පැමිණිල්ලට හා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාව ට, අනුව සිද්ධිය වූ ස්ථානාය හා වෙලාවේ, කුමාරගේ ටිපර් රථය ගමන් විස්තර වලට සම්පුර්ණයෙන්ම පටහැනිය.

එ් බව, ටිපර් රථය අයත් සමාගම, සිය පරිඝණක දත්ත උපයෝගී කරගෙන අධිකරණයට දැණුම් දෙනු ලැබීය. කුමාරගේ නීතිඥවරයාද එම කරුණ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නමුත් පොලිසිය ඉල්ලා ඇත්තේ පෙරෙට්ටුවක් පැවැත්වීමට කුමාරව රිමාන්ඞ් කරන ලෙසටය.

පොලිසියේ ස්ථානාධිපති කාමරයේදී, පැමිණිල්ල කළ පිරිමි ළමයාට, කුමාර දැක බලා ගන්නට ස්ථානාධිපති පියවර ගෙන තිබිණ. 

මෙය ද පොලීසිය නිරන්තරයෙන් සිදු කරන්නකි.

සිද්ධිය වූ ස්ථානයට ආසන්න, අදාල වෙලාවේ අවට ක්‍ක්‍ඔඪ කැමරා පරීක්ෂා කර ඇති පොලීසිය, එ්වායේ අයිතිකරුවන්ට, එම දර්ශන කිසිවෙකුට නොපෙන්වන ලෙසට තර්ජනය කර ඇත.

කුමාර මෙම සිද්ධියට සම්බන්ධ නැති බවට සියලූ සාධක තිබියදීත් උසාවියට සත්‍ය වසන් කර, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර දින 12 ක්, කුමාර ව රිමාන්ඞ් බාරයේ තබා, ඔහුටත්, ඔහුගේ බිරිඳටත් දරුවන් දෙදෙනාටත් වධ දී ඇත.

දින 12 කට පසුව, කුමාරව ඇප මත මුදා හැර ඇත්තේ රුපියල් 10,000/- මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මතය. එයට අමතරව, සැම මසකම අන්තිම ඉරිදා තෙබුවන පොලිසියට ගොස් අත්සන් කිරීමට නියම කර ඇත.

එ් අනුව පසුගිය 29 ඉදිරිදා, ඔහු පොලසීයට ගිය විට, වෙලාව ඉවරයි කියා අත්සන් කිරීමට ඉඩ දී නැත. උසාවිය තමාට වෙලාවක් නියම කර නැති බව ප‍්‍රකාශ කළ විට පොලීසිය ඔහුට කියා ඇත්තේ නඩුකාරයාගෙන් වෙලාව දැනගන්නා ලෙසට ය.

බොරු නඩු දැමීමෙන් පසුව, චෝදනා අභියෝග කරන සැකකරුවන් පෙළීමට පොලීසිය යොදාගන්නේ, උසාවියේ නියෝගය අනුව අත්සන් කිරීමට පොලීසියට ගිය විටය.

මෙයද ඉතා සුලබය. නමුත් ප‍්‍රතිකර්ම නැත.

කුමාරගේ නිදහස අහිමි කිරීම, වධහිංසා පැමිණවීම මගින් බිරිඳ හා දරුවන් විඳින ලද පීඩාව විස්තර කළ නොහැක. 

”දවස් 12 ක මම හැමදාම බාල දරුවාත් එල්ලාගෙන, ෙදාඩංගොඩ සිට ක`ඵතර බන්ධනාගාරයට ගියා” යන ප‍්‍රකාශය එයට හොඳම නිදසුනය.

කාන්තා අයිතීන් ගැන කතා කරන නෝනාවරුනි, මෙය ගැහැණුන්ගේ දක හා වේදනාවයි. හඬයි.  

කුමාර පොලිසිය සිදුකරන ලද අපරාධය ගැන අදාල බලධාරින්ට පැමිණලි කර ඇත. නඩුවක් තියෙන නිසා කරන්නට දෙවක් නැති බව එම බලධාරින් කියනු ඇත. පොලිස් අපරාධ වගට රුකුලක් වන මෙම තත්වය වෙනස් කිරිම සිවිල් සමාජයේ වගකීමයි.

Friday, August 3, 2018

චිවරධාරියන් ගේ ‘ඔඩර්’ වලට යටත්වුනාට, පොලීස්පතිට රු. ලක්ෂයක් ගෙවන්න වෙයි.



ධර්ම ප‍්‍රචාරයට ගෙයින් ගෙට යෑමට හිමිකම් නැත.

බයිබල් පාඩමක් කියා දෙමින් සිටි අම්මෙක් හා දුවක් ව, පොලීසියට රැුගෙන ගොස් රඳවාගෙන වධ දෙන්නේ චිවරධාරින් දෙන්නෙක් ගේ මෙහෙයවිමෙන් ය. මෙය 2014 වසරේ මාර්තු 01 දින කැකිරාව පොලිස් වසමට අදාල සිදුවිමකි.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ‘‘ජෙහොවාස් විට්නස්’’ නම් ක‍්‍රිස්තියානි නිකායට අයත් ‘‘ධර්ම ප‍්‍රචාරකයින්’’ දෙදෙනෙකි.
ඔවුන් දෙන්නා, ඉහත සඳහන් දිනයේ ගමේ ‘නිලූකා’ ට බයිබල් යේ ‘‘පාඩමක්’’ කියාදෙමින් සිටින ලදි. 
එ් තැනට චිවරධාරින් දෙන්නෙක් කඩා වැදුනේ පොලිස් කරයින් දෙන්නෙකු ද දක්කාගෙනය. ඔවුන් පිටුපස තව පිරිසක්ද විය.
මංජුලා (මව) හා රොසාලියා (දුව) ව අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසකාරයින්ට නියම කළ චිවරධාරින් දෙන්නා තමන් සමග පැමිණි පිරිස හා එක්ව ඔවුන්ට නින්දා අපහස කරන්නට ද විය.
පොලිස්කාරයින්,  මංජුලා (මව) හා රොසාලියා (දුව) ව අත්අඩංගුවට ගෙන ත‍්‍රිරෝධ රථයක නංවාගෙන කැකිරාව පොලිසයට ගෙන යන ලදි. පොලිසියේ ඔවුන්ව අවමානයට හා මානසික වධහිංසාවට පාත‍්‍ර කරමින් අත්අඩංගුවේ තබාගෙන පසු දින පොලිස් ඇප මත මුදාහරින ලදි. කිසිදු චොදනාවක් ඔවුන්ට එරෙහිව නැගිමට පොලිසිය අසමත් විය. 
මංජුලා (මව) හා රොසාලියා (දුව) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම පිළබඳව පොලිසියට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය. 
ශ්‍රෙෂ්ඨාධිකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) එනම්, නීතිය ක‍්‍රියාත්මක කිරිම හා නීතියේ රැුකවරණය සර්වසාධරණ විය යුතු බව සහ 13(1) එනම් අත්අඩංගුවට ගැනිම නීතියට අනුව විය යුතු බව යන්න, පොලිසිය උල්ලංඝණය කර ඇති බව නිගමනය කර, මංජුලා (මව) හා රොසාලියා (දුව) ට රජය(පොලිස්පති), රු.50,000/- බැගින් ගෙවිය යුතු බවට නියෝග කරනු ලැබිය. 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ), එනම් ආගම, ලබ්ධිය හෝ විශ්වාශය ඉගැන්විමෙන් ප‍්‍රකාශ කිරිමේ නිදහස, අහිමි කර ඇති බවට, තින්දු කරන ලෙසට, මංජුලා (මව) හා රොසාලියා (දුව) ශ්‍රේෂඨාධිකරණයේ කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන ලදි.
මෙම නඩු තින්දුව පොලිස් නිලධාරින්ගේ නිති විරෝධි ක‍්‍රියාවන් සම්බන්ධයෙන් දෙන ලද නඩු තින්දුවකට පමණක් සිමා නොකළ යුත්තකි. මන්දයත් එම තින්දුවේ අන්තර්ගත කරුණු අන්‍යය ආගමිකයින්ට පහර දෙන බවට සමහර දේශිය හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන ගෙන යන ප‍්‍රචාරයට අදාලවන බැවිනි. 
අප රට අනාගාමික රටක් නොවන බවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) මගින් කෙනෙකුව වෙනත් ආගමකට හැරවිමේ නිදහස ‘‘හිමිකමක්’’ ලෙස ප‍්‍රකාශ නොවන බව ප‍්‍රකාශ කරයි. එ බැවින් පොලීසිය සුදුකළ ‘‘අන්‍යය ආගමකට හැරවීම’’ වැළැක්වීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඉ) ප‍්‍රකාශිත හිමිකම උල්ලංඝණය වි නැති බව තිරණය කරන ලද ශ්‍රේෂඨාධිකරණය, , මංජුලා (මව) හා රොසාලියා (දුව) යන දෙපලගේ ඉල්ලිම ඉවත දමා තිබේ.
සටහන:- 
ජනසංසදය නඩු තින්දු ඉදිරිපත් කරන්නේ සංවාදයට යොමු කිරිම සඳහාය. 
Judgement- Link:- 
http://www.janasansadaya.org/page.php?id=641&lang=en


Wednesday, August 1, 2018

ෆීල්ඞ් මාෂල් - IGP බලතල අරගෙන පොලිසි වලට ඕඩර් දෙයි.



යාබද ඉඩමට බලයෙන් ඇතුලූවීමට උත්සාහ දරණ පිරිසකට, පොලිස් සහය ලබා දෙන්න යයි, ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා කිරිබත්ගොඩ පොලිසියට අණකර ඇත.

මේ බව, අසරණ තත්වයට පත්ව ඇති ඉඩම් හිමිකරුට දන්වා ඇත්තේ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත ශෙනිත් බන්ඩාර ය.

වසර 10ක් පුරා, පොලිසිය ප‍්‍රමුඛ, රාජ්‍ය ආයතන බළල් අතක් කරගෙන, තම ඉඩම ආක‍්‍රමණය කරන්නට උත්සාහ ගන්න අසල්වැසියාගේ සියලූ අපේක්ෂාවන් අධිකරණ නියෝගයකින් ශුන්‍ය වී යන ලදි. 

එසේ තිබියදී, එම පිරිසේ වත්මන් උත්සාහය වී ඇත්තේ, යහපාලනයේ ඇමති ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා ගේ බලයෙන් පොලිසිය යොදවා, තම නීති විරෝධී අරමුණු ඉටු කර ගැනීමය.

පීඩාවට පත්ව ඇත්තේ කැළණියේ නන්දනී නම් වූ, වැන්දඹුවකි. ඉතා දුකසේ ජීවත් වන මැයගේ ඉඩම් මංකොල්ලා කෑමට, පොලිසිය උපයෝගී කරගෙන උත්සාහ ගන්නේ වසර 10 ක් තිස්සේය. 

මැය, කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වෙත, පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂම හා ජාතික පොලිස් කොමිෂමට, පිටපත් සහිතව, යවා ඇති ලිපිය පහත දක්වමු. එමගින්, අප රටේ නීතියේ කඩා වැටී ඇති ප‍්‍රමාණය පිළිබඳ අවබෝධයක් ලැබෙනු ඇත. 

අද නොව හෙට මෙම ඉරණමට ඔබ පත්නොවීමට වගබලා ගන්න.

‘‘  2018.07.31

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක,
චමින්ද ප‍්‍රනාන්දු මහතා,
මූලස්ථාන පොලිස් පරීක්ෂක,
පොලිස් ස්ථානය,
කිරිබත්ගොඩ.

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් හා නීති විරෝධීව ගෙවත්තට ඇතු`ඵව බලහත්කාරකම් කිරීමට දරන උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

මාගේ ස්ථිර පදිංචිය හා උරුමය, ඔබ පොලිස් වසමේ, කැළණිය, පාර, .... දරණ ස්ථානයට යාබද එනම්, කැළණිය,  දරන ඉඩමේ පදිංචි, කැටිපේ කංකානම්ලාගේ ධර්මදාස හා කැටිපේ කංකානම්ලාගේ ස්වර්ණලතා (චන්ද්‍රලතා)යන පියා හා දුව විසින්, අප මායිමේ බලහත්කාරයෙන් ඉදිරිකර තිබෙන දෙමහල් ගොඩනැගිල්ලේ, සංවර්ධන කටයුතු බලහත්කාරයෙන් කිරීමට ගන්නා උත්සාහය පිළිබඳව, මා විසින් 2018 ජූලි 29 වන දින, CIB 383286 යටතේ ”මතු ආරක්ෂාව” සඳහා පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල කිරීමට හේතු වූයේ,
1. කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නියෝජිත (එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන) ෂෙනිත් බංඩාර මයා, 2018.07.26 දින, රාත‍්‍රී 9.00 ට පමණ නිවසට පැමිණ, මාගේ පුතා ඉන්වාද කියා විමසුවා.

ඔහු නැති බව කී විට, කිසිවක් නොකියා යන්න ගියා. 

2. ඊට පසුදින, එනම් 28 වන දින, ඔහු, ඔහුගේ 0778400466 දරණ ජංගම දුරකථනයෙන්, රාත‍්‍රී 7.10 ට පුතාට කතාකර, ”අල්ලපු ගෙදර කට්ටියව මම හොඳට අ`දුරනවා, කපරාරු කරන්න ඉඩ දෙන්න ” යයි කිව්වා. 

3. ඉන්පසුව, එ් අවස්ථාවේදීම, මම පුතා සමග ඉහත ප‍්‍රාදේශීය සභා නියෝජිත ශෙනිත් බංඩාරගේ ගෙදරට ගියා. 

4. එසේ අප ගියේ, 2010 වසරේ සිට, අල්ලපු ගෙදර අය විසින් අපට එරෙහිව පවරා තිබෙන නඩු හා ඔවුන් අපට කරන හිරිහැර ගැන පැහැදිළි කිරීමටය.

5. එ් අවස්ථාවේ - ප‍්‍රාදේශීය සභා නියෝජිත ශෙනිත් බංඩාර, අපට කියා සිටියා, අල්ලපු ගෙදර, ධර්මදාසගේ ලොකු දුව කේ.කේ.තමරා හා කේ. කේ. ස්වර්ණලතා, අමාත්‍ය - ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවන්න ගිහිල්ලා, පොලිසියට කියවලා කපරාරු කරන්න ඉඩ අරන්දෙන්න කියා. එ් අවස්ථාවේ තමා ද එතැන සිටි බවත් ඔහු කිව්වා. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මට අණ කලා, පොලිසියට ගිහිල්ලා මේ ගොල්ලන්ට කපරාරු කරන්න ඉඩ අරන් දෙන්න කියා. 

6. තවද ඔහු කියා සිටියා, එ් අවස්ථාවේ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා, දුරකථනයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ මූ.පො.ප.- ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මයාට, දුරකථණයෙන් දැනුම් දුන් බව.

7. තවදුරටත් විස්තර කියා සිටි, ප‍්‍රාදේශීය සභා මංත‍්‍රී ෂෙනිත් බංඩාර මයා, මූ.පො.ප. - ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ප‍්‍රනාන්දු මයා, දුරකථනය - සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිට මාරු කල බව.  

8. එම විස්තර ප‍්‍රකාශ කල ප‍්‍රාදේශීය සභා නියෝජිත ෂෙනිත් බංඩාර, මම මේ ගැන කිසිම දෙයක් කරන්න යන්නේ නෑ, නමුත් දවස් පහෙන් මෙය කර දෙන බවට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පොරොන්දු වූ බව ඔහු කිව්වා. 

02. මෙම පසුබිම යටතේ,
මා - ඔබ පොලිස් ස්ථානයේ ඉහත සඳහන් පැමිණිල්ල කල බව ප‍්‍රකාශ කරමි.

2.2. මෙයට ප‍්‍රථම, 2018.07.25 දින ඔබ පොලිස් ස්ථානයේ ක්‍ෂඊ 177රැු293  යටතේ පැමිණිල්ලක් කර ඇත. 

එ් මාගේ වත්තට අල්ලපු ගෙදර කේ.කේ.කපිල නැමැත්තා බලහත්කාරයෙන් ඇතුලූව, අප වත්තේ ගස් කොල විනාශකර දැඩි අලාභ හානි කිරීම පිළිබඳව, එ් අවස්තාවේ 119 ට කල පැමිණිල්ලට නිලධාරීන් පැමිණ, ස්ථානගත පරීක්ෂණ කලද, මේ දක්වාම අධිකරණ ක‍්‍රිය මාර්ගයක් ගෙන නැත.

2.3 තවද, පෙර සඳහ් කල පරිදි, 2010 සිට මෙම කේ.කේ. ධර්මදාස ප‍්‍රමුඛ ඔහුගේ දරුවන්, රාජ්‍ය පරිපාලනයේ බලතල, ග‍්‍රාම නිලධාරී බලතල, මේ වන විට දේශපාලන බලතල උපයෝගී කරගෙන, අපව දැඩි පීඩාවට පත් කරයි. 

2.4 2012 දී, මෙම කේ.කේ.ධර්මදාස, ඔහුගේ දියණිය කේ.කේ.ස්වර්ලතා (චන්ද්‍රලතා* යන දෙදෙනාව, පාර්ශවකරුවන් කර, අංක 63378/03 යටතේ, 66 වගන්තිය යටතේ, පක්ෂග‍්‍රාහී නඩුවක් පොලිසිය පවරා, කපරාරුව කිරීමට අධිකරණය උපයෝගී කරගන්නට, කූඨ උත්සාහයක් ගන්නා ලදි.

එ් අවස්ථාවේ මට, විශාල මුදලක් වැය කර අධිකරණයට කරුණු දක්වා සිටීමට සිදුවිය.

පොලිසියේ ඉල්ලීම, නිශ්ප‍්‍රභා කර, කේ.කේ.ධර්මදාස හා කේ.කේ. ස්වර්ණලතා (චන්ද්‍රලතා* ට කිසිම නීතිමය අයිතියක්, අප වත්තට ඇතු`ඵවීමට නැති බවට තීන්දු කර ඇත.

මෙම තීන්දුව පිටු 53 කින් නියමිතය.

අධිකරණ නියෝග තිබියදී, තවදුරටත් පොලිසිය උපයෝගී කර ගන්නට බැරි බව දන්නා,
කේ.කේ.ධර්මදාස (විශ‍්‍රාමික*, කේ.කේ. ස්වර්ණලතා ( ක්‍ෑ්ඔ සමාගමේ චෙකර් කෙනෙකි*, කේ.කේ.තමාරා (ජපානයේ මෙහෙනින් වහන්සේ කෙනෙකි.*, කේ.කේ. සුරංගි මේකලා රාජපක්ෂ (සහකාර ලේකම් වරියකි*,කේ.කේ. සමන් වික‍්‍රමතිලක (ග‍්‍රාම නිලධාරී*, කේ.කේ.කපිල (නීලකාදී තෛලය විකුණයි* මේ පිරිස, අධිකරණ නියෝග අභියෝගයට ලක් කිරීම සඳහා, පොලිසිය යෙදවීමට උත්සාහ ගන්නේ, අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මයා බව, ප‍්‍රාදේශීය සභා නියෝජිත ෂෙනිත් බංඩාර මයාගේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වේ. 

එම නීති විරෝධී ක‍්‍රියාවන්ට ඉඩ නොදෙන ලෙසට ඉල්ලා සිටින අතර, අපගේ හා අප දේපල ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසට ඉල්ලා සිටිමි. 

මෙය මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට දරණ උත්සාහයක් බවද වැඩි දුරටත් ප‍්‍රකාශ කරමි.

මෙයට,

නන්දනී 

පිටපත්: 
1. පොලිස්පති
2. ජාතික පොලිස් කොමිෂම
3. මානව හිමිකම් කොමිෂම