Thursday, October 31, 2019

පරිසර හිතකාමි සංචාරක ව්‍යාපාරිකයාව උසාවිය යොදාගෙන රිමාන්ඞ් කරයි.

පරිසරය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සිදුකරන ගැහැනියකගේ හා සීනිගම දේවාලයේ අරක් ගත්තෙකු ගේ අවශ්‍යතාවයට මෙසේ රිමාන්ඞ් බාරයට පත්කර ඇත්තේ දොඩංදුවේ 58 හැවිරිදි විමලසිරි නැමැත්තෙකුවය.

හික්කඩුව පොලීසිය සිදුකරන ලද මෙම අපරාධය පිළිබඳව ඔහු බලධාරීන්ට ලිඛිතව කර ඇති පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

සහමුලින්ම නීතිය කඩා වැටුනු රටක බලය බෙදන්න කථා කරන්නෙ සොරකම් මැරකම් ජඩකම් බෙදාගෙන හදාගෙන ක‍්‍රියාත්මක කරන්න.

ඔහු මානව හිමිකම් කොමිසමට හා පොලිස්පතිට කර තිබෙන ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

01. සභාපතිනිය,  මානව හිමිකම් කොමිෂන් සභාව, හා  2. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ.

පළිගැනීමේ චේතනාවෙන් හා අල්ලසට යට වී, නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරත පුද්ගලයින් ආරක්ෂා කිරීමට, අභූත චෝදනා නගා බන්ධනාගාර ගත කර, අධීකරණය උපයෝගී කරගෙන, නිදහස අහිමිකර, මූලික අයිතිවාසිකම් කඩ කිරීම

විමලසිරි යසරත්න, අවු: 58 යි, විවාහක,  සංචාරක ව්‍යාපාරික.
ලිපිනය :  ෙදාඩංදුව.

2019.10.28 දිනදීය.

2019.10.02 වන දින, හික්කඩුව පොලිසියෙන් පණීවුඩයක් දුන්නා, මට හා පුතාට පසුදින එනම් 2019.10.03 දින, උදේ 10.00 ට පොලිසියට පැමිණෙන ලෙසට.

පණිවුඩය ලබාදුන් නිලධාරියා කිව්වේ, අප නිවස අසල රත්ගම කලපුවට යාබදව අනවසර ඉදිකිරීමක් කරගෙන යනු ලබන එච්.එල්.නිශාන්ති පුෂ්පරාණි යන අයගේ පැමිණිල්ලකට බව.

ඔහු තවදුරටත් කියා සිටියේ, මාගෙන් එම කාන්තාවගේ පැමිණිල්ලට කටඋත්තරයක් ගන්න තියෙන නිසා එන ලෙසට.

එම පණිවුඩයට මා හික්කඩුව පොලිසියට ගියා. මා සමග මාගේ බිරිඳ හා අක්කා ද එකතු වුනා.

මා පොලිසියට යන විට, එච්.එල්. නිශාන්ති පුෂ්පරාණි, ඇගේ සැමියා ප්‍රේමලාල් හා සීනිගම තුමුලේ යන අයද සිටියා.

පොලිසියේදී, මාගෙන් විස්තර අසා ලියා ගත්තා. නිශාන්ති පුෂ්පරාණි හා සීනිගම තුමුලේ මට විරුද්ධව අභූත චෝදනා ඉදිරිපත් කලා.

මාගෙන් ප‍්‍රකාශය ගත් පසුව මාව කූඩුවට දැම්මා. මා කූඩුවේ සිටින විට ලක්මිණි නැමැති පොලිස් නිලධාරිණිය කූඩුව ළඟට ඇවිත්, ”උඹ එළියේ හිටියා ඇති නේද, ඔහොම හිටපන් කියා මට තර්ජණය කර යන්න ගියා.
‍ෙ

 සීනිගම ප‍්‍රදේශයේ පුද්ගලයා කූඩුව ලඟට ඇවිත් උඹ ගැන බලා ගන්නම් කියා යන්න ගියා.

එදිනම සවස 3.00 ට පමණ, පොලිස් ඇපයක් මත මුදා හැරියා.

2019.10.07 දින මට උසාවියේ  පෙනී සිටින ලෙසට නියම කලා.

2019.10.06 වන දින මා, පටුවත සීලක්කන්ද විහාරස්ථානයේ විහාරාධිපති සමග, හික්කඩුව පොලිසියට ගොස් ස්ථානාධිපති හමුවුනා. උන්වහන්සේ අපගේ පවුල පිිළිබඳව විස්තර ප‍්‍රකාශය, පැමිණිලි පොතේ සටහන්කර, අත්සන් තැබුවා.

පසුදින, 2019.10.07 දින, මා උසාවියේ පෙනී සිටියා. නඩු අංකය 19361 වේ.

මට විරුද්ව නගා තිබූ චෝදනාව වූයේ - ලිංගික අවයව පෙන්නා අතවර කිරීම ය.

හික්කඩුව පොලිසිය මාහට ඇප ලබා දීමට විරුද්ධ වුනා. ඒ අනුව මාව 2019.10.14 දින දක්වා, රිමාන්ඞ් බාරයට පත් කලා.

2019.10.14 වන දින, මා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරියා.

මීළඟ නඩු දිනය 2019.12.02 දින වේ.

මේ ආකාරයට මා අත්අඩංගුවට ගෙන, බොරු චෝදනා ඉදිරිපත් කර, අධිකරණය උපයෝගී කරගෙන පීඩාවට පත් කරනු ලබන්නේ,

1. දැනට අප පදිංචි ඉඩමට, ඉදිරිපිට, රත්ගම කලපුවට මායිම්ව, මෑතකදී මිළයට ගත්, ඉඩමේ අයිතිකාරිය එල්.එල්.නිශාන්ති පුෂ්පරාණි විසින් සිදු කරන පරිසර හානිය හා අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කරන්නේ මා යන, නිගමනයේ පිහිටා පොලිසිය හා එක්වය.

2. 2018.10.16 දින හෝ ආසන්න දිනයක, විමර්ශනය කරන ලද පැමිණිල්ලක් සඳහා - අයුතු හා නීති විරෝධී ලෙස පැමිණිලිකාර පාර්ශවය සමග හික්කඩුව පොලිසියේ ලක්මිණි නැමැති කාන්තා පොලිස් නිලධාරිණිය පැමිණ, අපට හිරිහැර කිරීම පිළිබඳව කරන ලද පැමිණිල්ල හා එම අවස්ථාව වීඩියෝ කිරීමය.

මා ඉල්ලා සිටින්නේ,

හික්කඩුව පොලිසිය පළිගැනීමේ චේතනාවෙන් හා අල්ලසට යට වී, නීති විරෝධී ක‍්‍රියාවන්හී නිරත පුද්ගලයින් ආරක්ෂා කිරීමට, මට විරුද්ධව අභූත චෝදනා නගා බන්ධනාගාර ගත කර, අධීකරණය උපයෝගී කරගෙන මාගේ නිදහස අහිමිකර, මාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම පිළිබඳව - විධීමත් පරීක්ෂණ පවත්වන ලෙසට හා මට විරුද්ධව ඇති බොරු චෝදනා නගා පවරා ඇති නඩුව ඉවත් කරන ලෙසටය.

මෙයට,

 විමලසිරි 






Wednesday, October 30, 2019

මතුගම HQI සේනාරත්න - නීතිපතිව ගොනාට අන්දවයි.




මතුගම ප්‍රේමවතී, තිදරු මවකි. ඇයට සුුජිවා පහර දෙන්නේ 2019.01.03 දිනය.

පහර කෑ ඇය රෝහල් ගත වෙයි. පහර දුන් සුජිවා - මතුගම පොලිසිය සමග පවත්වන්නේ මිත‍්‍රශීලී සම්බන්ධයකි. කන බොනවා පමණක් නොව, දානමාන ද සුුජිවා පොලිසිය වෙනුවෙන් කරයි. 

සුුජිවා ගේ ඕනෑ කමට - පොලිසිය උසාවිය පාවිච්වි කරයි. සුුජිවාට එක නඩුවකුත්, පේ‍්‍රමවතීට තව නඩුවකුත් දමයි. 

නඩු දෙක යොදාගෙන සමථ යෝජනාව සුුජිවා ගේ පැත්තෙන්, පොලිසියේ අනුග‍්‍රහයෙන් ගෙන එයි. 

ප්‍රේමවතී සමථයට අකමැතිවෙයි. උසාවිය ගුටිකාපු ප්‍රේමවතීට රුපියල් ලක්ෂ 02 ක ඇපයක්ද, ගැහුව බව කියන සුුජිවාට රුපියල් ලක්ෂයක ඇපයක්ද නියම කරයි.

හිතන්න, කතා කරන්න, මේ ගැන.



පේ‍්‍රමවතී - මේ ගැන නීතිපතිට ලියයි. 

නීතිපති - පොලිසියෙන් වාර්තා ගෙන්වා ගෙන පේ‍්‍රමවතීට පිලිතුරු දෙයි. 

මතුගම HQI සේනාරත්න, නීතිපතිව ගොනාට අන්දවමින්, නඩුව සමථ වි  ඇති බව ලියා දන්වයි.

ප්‍රේමවතී එම ලිපියට යැවූ පිලිතුර පහත දක්වමු.

මේ වනවිට ජාත්‍යන්තරයට, උම්බෑ කියන සිවිල් සමාජ කාරයින්ට මෙය පිළ්තුරක්. , ආදර්ශයට ගන්න.


පේ‍්‍රමවතී,
මතුගම.

2019.10.28

ම්ලීප පී්ස් මහතා,
නියෝජ්‍ය සොලිසිටධී ජනරාල්,
ඬ්නීතිපති වෙනුවටස,
නීතිපති දෙපාධීතමේන්තුව,
උප්මාඟකරණ සංකීධීණය,
කොවඹ.

මහත්මයාණෙනි,

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය- නඩු අංක  6027

චුදිතව බේරා ගැනිම සදහා ව්‍යාජ ආකාරයට චොදනා පත්‍රය ඉදිරිපත් කිරිම


ඔබගේ අංකය : MP/482/2019හා 2019.10.08 දිනැති ලිපිය හා බැෙැද්.

උක්ත කාරණය අදාවව - මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින්, ඔබ වෙත දන්වා ඇති කරුණ, එනම් 60270දරන නඩු කෘත්‍යය 2019/08/29 දින සමථ වු බව කිම අමුලික බොරුවකි.

එය ඔබ නොමග යැවිමට කරන ලද්දකි.

මා කියන දේ සත්‍ය බව නඩු වාර්ථාව සහතික කරයි.

එහි ජායා පිටපත අමුණා ඇත.

නීතිපතිවරයාට බොරු වාර්තා

ඉදිරිපත් කර යුක්තිය අහිමි කර ඇති  - මතුගම - මූලස්ථාන පොලිස් පරික්ෂක - ප‍්‍ර.පො.ප.සේනාරත්න ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,

 පේ‍්‍රමවතී.

පිටපත:
පොලිස්පති.

Sunday, October 27, 2019

බුර්කාවෙන් වහලා තියෙන්නේ අපේ දුක, වේදනාව, හෙලූව නොවෙයි





දරුවන් හතර දෙනෙකු සමග බිරිඳව මහ පාරට ඇදලා දැම්මේ දෙවියන්ගේ කැමැත්තටලු!. මේ නීතිය තියෙන්නේ පිරිමින්ව රකින්න.

ෆාතිමාගේ කථාව, ඇය විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට ද පිටපතක් සහිතව ක`ඵතර ක්වාසි උසාවියේ නඩු කාරයාට යවන ලද ලිපියෙන් හා පොලීසියට කරන ලද පැමිණිලිලෙන් පැහැදිළි වේ. 

ඔබ සැමගේ අධානය යොමු කරන්න. ඇය ඉල්ලන්නේ එක නීතියක් ලබාදෙන්න කියලා ......


ලිපිය
අල්හාජ් එම්.එස්.එම්.නසීර්,
පනදුර ක්වාසි විනිශ්චයකාර (වැ.බ)
870, ජෙම්විලා, කටුකුරුන්ද, ක`ඵතර.


නඩු අංක : CM 2009/ CM 2010/ CM 2011
නඩත්තු මුදල ගෙවීම පැහැර හැරීම

ෆාතිමා, අවු: 29 යි, දික්කසාද, දරුවන් 04 යි, ගැහැණු දරුවන් 03 යි, පිරිමි දරුවන් 01 - බාලයා අවු: 3 1/2 යි.
ලිපිනය : -----------දු.අ. -----------------------
2019.10.22 දිනදීය.

ඉහත නම් සඳහන් මා, එන්.එන්.එම්.මුනාස් නැමැත්තාට විරුද්ධව ඔබ ක්වාසි අධිකරණයේ අවුරුද්දකුත් මාස තුනකට පෙර, නඩත්තු හා දික්කසාද ඉල්ලා නඩු පවරන ලදි.

01. මා - සාහුල් හම්ඞ් මොහොමඞ් මුනාස් (අවු: 23) සමග 2005 දී - මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ වෙන ලදි. එවිට මාගේ වයස අවු: 19 යි. (විවාහයට අත්සන් කර ඇත්තේ ඇ නොව ඇගේ අයියාය)

02. මේ වන විට, ඔහුගේම දරුවන් 04කි. ගැහැණු දරුවන් 03 යි, පිරිමි දරුවන් 01 යි, ඔවුන් වයස පිළිවෙලින් අවු: 13, 11, 08 හා 3 1/2 කි.

03. මේ අතර, 2018 පෙබරවාරි මස හෝ ආසන්න මාසයක, මාහට නොදන්වා, මාගෙන් අවසර නොගෙන, රහසිගතව මට වංචා කර, ෆාතිමා රිස්කා නැමැත්තිය සමග විවාහ වී ඇති බව දැනගන්නට ලැබිණ.

04. ඇයද අම්බලන්දු, පල්ලිය පාරේ පදිංචි අයෙකි. 

05. මෙම විහාහය ගැන සොයා බැලීමේදී, මෙම විවාහය සිදුකර ඇත්තේ - මාතර හෝ ගාල්ල මුස්ලිම් දේවස්ථානයකදීය.

06. මෙම අසම්පූර්ණ තොරතුරු මාහට ලබා දුන්නේ, අම්බලන්¥ව, ජාමි උල් හයිරාන් ජුම්මා මස්ජිද් භාරයේ සභාපති වරයා විසින්ය.

07. ඔහු එවක මාගේ සැමියා විවාහ වී ඇති බවත්, ඔහු අවිවාහකයෙකු ලෙසට - ව්‍යාජ ප‍්‍රකාශයක් ලබාදී විවාහ වී ඇති බවත් ප‍්‍රකාශ කරන ලදි.

08. එයින් පසුව මා, මේ පිළිබඳව පානදුර දකුණ පොලිසියේ හා පානදුර උතුර පොලිසියේ පැමිණිලි කළෙමි. 

එම පැමිණිලි වල අංක පහත දක්වමි.
WCIB 110/232 – 2018.02.21 
WC 350/154 -  2018.03.16 

WCIB 27/189 – 2018.11.27 

09. ඒ සමගම, මා, සරික්කන්මුල්ල ක්වාසි උසාවියේ නඩත්තු හා දික්කසාද ඉල්ලා නඩු පවරන ලදි.

10. නමුත් අවුරුද්දක් යන තුරු එම ක්වාසි නඩුකාරවරයා කිසිදු පියවරක් ගත්තේ නැත.

11. ඉන් අනතුරුව ඔබ විසින් දරුවන් තිදෙනාට මසකට රු: 33,000/=ක නඩත්තු ගෙවන ලෙසට, නියම කරන ලදි.

12. එම නියෝගය අනුව, මොහු නඩත්තු ගෙවීම දිගින් දිගටම මගහරිමින් හා වරින්වර හිග තබමින් ගෙවමින්, හිරිහැර කරන්නට විය. 

13. මාගේ ඉල්ලීමට ඒක පාර්ශවිකව, 2019 මැයි 20 දින දික්කසාදය ලබාදෙන ලදි. 

14. එම දික්කසාදය වලංගුවන්නේ තව මාස තුනකින්.

15. එපමණක් නොව, දික්කසාද වීමේදී, ඉද්ද කාසි වශයෙන් රු: 60,000/= ගෙවීමටද නියම විය. එයද ඔහු මේ දක්වා ගෙවා නැත.

මා ඉල්ලා සිටින්නේ,

1. මාගේ එවක සැමියා, එන්.එන්.එම්. ඉතාස් විසින්, සිදුකරගෙන තිබෙන දෙවන විවාහයේ -සහතිකය ලබාදෙන ලෙසට හෝ ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු,

එනම්,
x සැමියා දෙවන විවාහය කරගත් මුස්ලිම් දේවස්ථානයේ නම, ලිපිනය
x විවාහ වූ දිනය
x විවාහ කරගත් තැනැත්තියගේ නම හා ලිපිනය
x ඇය වෙනුවෙන් එම විවාහයට අත්සන් කරන ලද අය.

මෙම තොරතුරු, අම්බලන්දුව  ජාමි උල් හයිරාන් ජුම්මා මස්ජිද් භාරයේ සභාපති වරයා දන්නා බව ප‍්‍රකාශ කරමි.

02. මාගේ හිටපු සැමියා, ඔබ ක්වාසි අධිකරණය විසින් නියම කරන ලද නඩත්තු මුදල් නොගෙවීම නිසා, ඒ පිළිබඳව ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර නඩු පවරන ලෙසටය,

මොහු නඩත්තු නොගෙවන නිසා, තෙවන දරුවාට, වසරක සිට පාසල් යාමට නොහැකිව ඇත.

මෙයට,

ෆාතිමා 

පිටපත:
ලේකම්,
අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය,
කොළඹ 12.



ලිඛිත පැමිණිල්ල

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
පානදුර උතුර.

ව්‍යාජ ප‍්‍රකාශ කර, දෙවන විවාහයක් සිදුකර ගෙන තිබීම.

ෆාතිමා, අවු: 31 යි,  දික්කසාද, දරුවන් 04 යි, ගැහැණු දරුවන් 03 යි, පිරිමි දරුවන් 01 - බාලයා අවු: 3 1/2 යි.
ලිපිනය : ------  දු.අ. ------ 
2019.10.22 දිනදීය.

ඉහත නම් ස`දහන් මා, මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

මා මුස්ලිම් විවාහ නීතිය යටතේ, විවාහ වී සිටියේ සාවුල් හමීඞ් මොහොමඞ් මුනාස් සමගය. ඒ 2005 වසරේදීය.

2018 පෙබරවාරි මස හෝ ආසන්නයේ, මොහු දෙවන විවාහයක් කරගෙන ඇත.

එසේ විවාහ කරගෙන ඇත්තේ, අම්බලන්දුව, පල්ලිය පාර, පදිංචි ෆාතිමා රිෆ්කා නම් වූ තැනැත්තිය සමගය. මේ වින විට ඔවුන් පදිංචිය වෙනස් කර ඇත. දුරතථන අංකය ----- වේ.

මෙම දෙවන විවාහය කරගෙන ඇත්තේ, ව්‍යාජ ප‍්‍රකාශයක් ලබා දීමෙන්ය.

මොහුගේ දෙවන විවාහය පිළිබඳව සියලූ තොරතුරු අම්බලන්දුව ජාමි උල් හයිරාන් ජුම්මා මස්ජිද් භාරයේ සභාපතිවරයා සතුව තිබේ.

එම තොරතුරු විස්තර එම සභාපතිවරයා ලබාදීම ප‍්‍රතික්ෂේප කරයි. එසේ කරන්නේ ව්‍යාජ ප‍්‍රකාශ ලබාදී, දෙවන විවාහය කරගත් සාවුල් හමීඞ් මොහොමඞ් මුනාස් ව බේරා ගැනීමටය.

ව්‍යාජ ප‍්‍රකාශ ලබාදීම අපරාධයකි. ඒ අනුව - නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,

ෆාතිමා 

Saturday, October 26, 2019

යහපාලනයේ ගැලවුම් කාරයෝ වසන් කරන්න ට උත්සහා කරන පොලිස් අපරාධ




පොලිසිය සිදු කරන අපරාධ වාර්තා වන්නේ ඉතාමත්ම අල්ප වශයෙනි. එයට හේතු ගණනාවක් තිබේ. අදාල ආයතන කෙරෙහි වන විශ්වාසය කඩා වැටිම හා විශේෂයෙන් සිවිල් යයි කියා ගන්නා සංවිධාන වල ක්‍රියාකාරිත්වය ඒ අතරින් ප්‍රධාන වේ.

පසුගිය  18 වැනිදා දෙල්ගොඩ  ගොලුම්මහර පාසල් ක්‍රීඩා භූමිය පැවැත්වි සංගීත සංදර්ශනයට නිමේෂ් හා ඔහුගේ ඥාති සහෝදරයෙක් සහභාගී විය. රාත්‍රි 12.00 ට පමණ සහභාගි වූ තරුණ කණ්ඩායමක් තවත් තරුණයකුට වටකරගෙන පහර දෙනවා බොහෝදෙනෙකු බලා සිටිය අතර, පොලිසිය එතනට පැමිණ පහරදීම නවත්වා තරුණයාට පහරදුන් තරුණ කණ්ඩායම ට යන්නට ඉඩ හැර ගුටි කන ලද තරුණයාව අත්අඩංගුවට ගන්නා ලදී. මෙය නිරීක්ෂණය කළ නිමේෂ් ගුටිකාපු තරුණයාව අත්අඩංගුවට ගත්තේ ඇයි? පහර දීපු අයට යන්න දුන්නේ මොකද? යයි එම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කර සිටියේය. එවිට එම පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගත් තරුණයා  ව මුදාහැර, ඉවත්ව  යන ලදී.

අලුයම 2.30 ට පමණ නිමේෂ් තම ඥතියා ද සමග සංගීත සංදර්ශන භූමියෙන් ඉවත්ව නිවස බලා යෑමට එළියට එන ලදී. ගේට්ටුව අසල රැඳී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් "මු තමයි අපිට නීති උගන්නන්" ආවේ යයි කියමින් ඔහුව අත්අඩංගුවට ගෙන පාරට ගෙන එන ලදී. පාරේ පොලිස් නිලධාරින් දහයක් පහළොවක් පමණ නතර සිටි අතර සිට ඇත. නිමේෂ ව ඔවුන් ඉදිරියට ගෙන ගොස් මු අපිට නීති උගන්නනවා යැයි කියමින් ඔහුට පහර දෙන්නට පටන් ගෙන ඇත. එහි සිටි සියලු පොලිස් නිලධාරීන් නිමේෂ්ට අතින් පයින්, හෙල්මට් වලින් හා පොලු  කෑලිවලින් පහර දෙන විට, නිමේෂ්ගේ ඥාතියා ඔහුව බේරාගැනීමට ඉදිරිපත් ව තිබේ. විනාඩි පහකට පමණ පසුව නිමේෂ්ව බේරාගත් ඥාතියා සහ ඔහුගේ රියදුරු ඔහුව රැගෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකට ගෙන ගොස් තුවාලයට බෙහෙත් දම්මවා ගෙන, නිවසට ගෙන ගොස් තිබේ. නිවසේදී ඔහු වමනේ දමන්නට පටන් ගත් නිසා ඥාතියා සහ රියදුරා ඔහුව රැගෙන ගම්පහා  මූලික රෝහලට ගෙන යන ලදී. එහිදී තමාට පොලිසිය පහරදුන් බව පවසන් ලද අතර ඔහුගේ නලලයේ තිබු තුවාලයට මැහුම් තුනක් දමා රෝහල්ගත කර ලදි. පසුදින උදයේ ඔහුව ENT සායන වලට ඉදිරිපත්කොට පරීක්ෂාකිරීමේදී  කන් බෙරය පැලි තිබුණු බව සහ වම් ඇස අවට බරපතල ලෙස තැලි  තිබෙන බව කිරික්ෂණය කර ප්‍රතිකාර කර තිබේ. ඉන් අනතුරුව ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර පසුව ටිකට් කපා ඈත. පසු දින නැවතත් දරුණු ලෙස රෝගාතුර වීම නිසා යළිත් ඔහුව රෝහල් ගත කිරීම සිදුව තිබේ

නිමේෂ් ට මෙම මුර්ග පහරදීමට මූණ දීමට සිදුවුයේ  තමා කිසිදු  අපරාධය සම්බන්ද වීම නිසා නොව,   පොලිස් නිලධාරීන් ගේ  අකටයුත්තක් ගැන ප්‍රශ්න කිරීම නිසාය.

හැමදාම පොලිසිය විවිධ හේතු මත නීති විරෝධීව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දරුණු ලෙස වධ හිංසා පමුණුවා, බොරු චෝදනා ඉදිරිපත් කර අධිකරණය උපයෝගී කරගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලබයි.

නිමේෂ්ට ට පහර දෙන අවස්ථාවේදී විශාල පිරිසක් අවට රැස්ව සිටි නිසා හා ඔහුව මුදාගෙන රෝහල්ගත කිරීමට ඔහුගේ ඥාතියාට රියදුරාට හැකිවිම නිසා බොරු චොදනා වලට ගොදුරු නොවි සිටිමට හැකි විය. මෙය අහඹු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

යහපාලන ආණ්ඩුව ආවාට පසු ස්වාධීන බොඩ් එක ගසා මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසම රටවැසියන්ගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කටයුතු කරන බව ප්‍රදර්ශනය කිරීමට පටන් ගත් අතර මෙම බොරුව රජ කරවන්නට සමහර  සිවිල් සමාජයයි කියා ගන්නා සංවිධාන වල සහාය ද ලැබිණ.

මෙම පිරිසට වධහිංසා පැමිණවීම් අඩු වී ඇති බවට ලෝකයාට පෙන්වීමට ද වශ්‍ය විය. ඒ නිසාම සිද්ධින්, මෙම සිවිල් සමාජ ක්‍රියාකාරීන් යටපත් ලදී.

කරනු ලබන පැමිණිලි වලට නිසි පියවර නොගත් නිසා මෙම කොමිසම්මෙ වලින්න් වැඩක් නැති බව වන හැඟීමද ජනයා අතර ප්‍රචලිත විය.

මෙමස 18 වන දින සිදුවූ මෙම අපරාධය පිළිබඳ මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නැත.

නිමේෂ් ට යුක්තිය ඉෂ්ට කර ගැනීම සඳහා තිබෙන බාධක ඉවත් කිරීමට නම් රටේ නීතිය මත පාලනය තහවුරු කර රටටම එකම ආකාරයට බලපාන එකම නීතියක් ඇති කිරීම සඳහා පියවර ගත යුතුව ඇත