Thursday, December 22, 2022

නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි. මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට වාහන උස්සන්න බෑ.

 

           නිදාගෙන හිටිය පොලීසිය කූද්දයි.
මීට පස්සෙ ෆිනෑන්ස් කොම්පැනි වලට












වාහ   උස්සන්න බෑ.     

 මේ දක්වාම, කල්බදු ක්‍රමයට ලීසින්, වාහන හෝ වෙනත් භාණ්ඩ ලබාගෙන, වාරික ගෙවීමට අතපසු වූ විට, මැරයින් යොදවා පැහැර ගෙන යෑම සිදුකරන ලදි.

එය නීත්‍යානුකූල කරනු ලැබුවේ, පොලීසියයි. ඒ සඳහා ෆිනෑන්ස් කොම්පැනි වලින්, පොලීසියට වරදාන ලැබින.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත අනුව, වාරික හිඟ ඇති වාහන, භාණ්ඩ ඉස්සීම තහනම්ය.

එම පනත ප්‍රකාරව, වාහන උස්සන මැරයින්ට සහය දැක්වීම හෝ ඒ හා අදාළ පැමිණිලි බාර නොගැනීම, සිදු නොකළ යුතු බවට, පොලිස්පති, 2021.01.31 දාතමින්, ආර්.ටී.ම්. 557 (සී.ආර්.ටී.එම්.395) දරන පණිවුඩය මගින් සිය`ඵම පොලීසි වලට උපදෙස් දී ඇත. නමුත් කිසිම පොලීසියක් ඒ රටේ නීතියට අනුව ක්‍රියා කර නැත.

ඒ බව තහවුරු කරමින්, 2022.12.19 දින, ආර්.ටී.එම්. - 481 හා සී.ආර්.ටී.එම්. - 314 දරන දැණුම් දීම මගින් සිය`ඵම පොලීසිවල, උසස් නිලධාරීන් හා ස්ථානාධිපතිවරුන් දැණුවත් කරන පොලිස්පති, මින් ඉදිරියට,

  වාහන හෝ භාණ්ඩයක් හෝ ෆිනෑන්ස් සමාගම්වල “මැර” කණ්ඩායම් වල සහයට ඉදිරිපත් වීම, වරදක් බවත්,

·   එසේ වාහන හෝ භාණ්ඩ හෝ බලයෙන් ගෙන රැගෙන යෑම ගැන කරන පැමිණිලි, බාරගෙන, නීතිමය පියවර ගන්නා ලෙසටත් නියම කර ඇත.

යමෙකු, කල්බදු ක්‍රමයට ලබාගත් වාහනයකට හෝ භාණ්ඩයකට නියමිත වාරික ගෙවීම පැහැර හැර ඇත්නම්, එම සමාගම හෝ පුද්ගලයින් කළ යුත්තේ, දිස්ත්‍රික් උසාවියට ගොස් තීන්දුවක් ලබා ගැනීමය.

මෙම නීතිමය තත්ත්වය සි`යඵ දෙනා දැන ගත යුතුය.

පොලීසිය සමග ඇවිත් වාහන හෝ භාණ්ඩ උස්සන් යෑමට සූදානම වුවහොත් විරෝධය පළ කරන්න.

අදාළ පාර්ශවයන් දැනුවත් කරන්න. අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පසුබට නොවන්න.

පොලිස්පතිගේ නියෝගය පහත දැක්වේ.