Monday, August 31, 2020

මැගසින් බන්දනාගාරයෙ සිටින පුතා විසින් තම මවට එවපු ලියුමක්!

මේ ලිපියෙන් බොහෝ දේ කියවෙනවා.පසුගිය සිකුරාදා රෝහිණී තම පුතාව බලන්න මැගසින් බන්දනාගරයට ගියා."අම්මේ තවමත් කුඩු ඇතුලෙ තියෙනවා"

ඔහු පවසා ඇත.ජනාධිපති තුමා කුඩු නවත්වයිද? ඇය නගන ප්‍රශ්නය.මැය ජනාධිපති තුමාගෙන් ඉල්ලන්නේ, බොරු නඩු දාන එක නවත්වන්න.

තම පුතාව අල්ලුවේ සොරකම් කරපු බඩුත් එක්ක.ඒ එක බඩුවක් වත් පොලිසිය උසාවියට ඉදිරිපත් කරලා නෑ. පුතා සොරකම් කරපු බඩු පොලිසිය සොරකම් කරලා.

පුතා කුඩු බොනවා. අල්ලගන්නකොට කුඩු තිබුනේ නෑ .ඒත් අල්ලගන්නකොට මි.ග්‍රැ 1100ක් තිබූ බවට උසාවියට කියලා.

රස පරීක්ෂක වාර්ථාව එනකං ඇප ගන්න බැරිලු හයිකෝට් නඩුවක් හින්දා. රස පරීක්ෂක වාර්ථාව කවදා එවයිද?ජනාධිපති තුමනි, කුඩු නවත්තන්න මෙ විදියට  නම් බැරි වෙයි.රස පරීක්ෂකට කියන්න වාර්ථාව ඉක්මනට එවන්න කියලා.

පොලිසිය සිදු කරන අපරාද වළක්වන්න මේ රෝහිණී කරන ඉල්ලීම.

පහතින් දැක්වෙන්නේ පුතා විසින්, මවට එවන ලද ලිපියේ ඡායා පිටපතකි.





Sunday, August 30, 2020

ට්‍රම් ගේ ආධාර කරුවන් දහසකට වැඩි ගණනක් රථ පෙළපාලි පවත්වන අයුරු. ඇමෙරිකාවේ ජනාධිපති වර්ණයට පෙළපාලි තහමම් නැත

 

ට්‍රම් ගේ ආධාර කරුවන් දහසකට වැඩි ගණනක් රථ පෙළපාලි පවත්වන අයුරු. ඇමෙරිකාවේ ජනාධිපති වර්ණයට පෙළපාලි තහමම් නැත

ඌරු-පාල - දුම්රියේ ඉඩම් විකුණුවා


මේ කථාව, මේ රටේ, පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ කථාව.දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලානේ තිබෙන ඉඩම් ගැන කථාවක්.

දුම්රිය දෙපාර්තමේන්තුව, එකල නීතියට අනුව, පාලට බද්දට/කුලියට, රත්මලාන දුම්රියපොළ පාර ට මුහණ තිබු ඉඩමක් (ප‍්‍රමාණය දන්නේ නෑ) දුන්නේ ‘ඌරන්’ ඇති කරන්න.

පාල ඌරන් ඇති කරපු නිසා අදටත් ඔහුව, ජිවතුන් අතර නැතත්, හඳුන්වන්නේ "ඌරු-පාල" නමින්.

1981 දී, "ඌරු පාලට" දිව්‍යඥණය පහළ වුනා. ඔහු ඌරන් ඇති කිරීම නැවැත්තුවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම ඔහු, ඉඩම් කට්ටි කලා. එ් මිණින්දෝරුවෝ දාලා නෙවෙයි. කණු ටිකක්, ලණු ටිකක් එකතු කරගෙන. 

දුම්රියපොළ පාරට මුහුණලා තිබූ ඉඩම් කට්ටියක්, වෙඩික්කාරගේ ගුණවතී සිල්වා මිළදී ගත්තා. එ් රුපියල් පහළොස් දහසකට. ඌරු-පාල කිව්වා, එතැන පර්චස් හතක් තියෙනවා කියලා. ඔප්පු නෑ. ලියකියවිලි නෑ. ප්ලෑන් නෑ. කට වචනයට. ඌරු-පාලට අභියෝග කරන්න කවුරුවත් එන්නේ නෑ. විශ්වාසයි.

එ් කට්ටියේ, වෙඩික්කාරගේ ගුණවතී සිල්වා, තට්ටු දෙකට කඩ කාමරයක් (ගෙයක්) හැදුවා. ප්ලෑන් නෑ. අවසර නෑ. ටික කාලයකින් එ් ගෙට පහළින් තවත් ගෙයක් හැදුවා. එ්කටත් ප්ලෑන් නෑ. අවසර නෑ. කාගෙන්වත් බාධාත් නෑ. 

දෙහිවල ගල්කිස්ස නගර සභාව වරිපනම් අංක දුන්නා. තක්සේරු කළා. හැම අවුරුද්දෙම "ටැක්ස්" එක ගෙවනවා.

සියල්ලම, නීත්‍යානුකූලයි. ලයිට් ගත්තා. ජලය ගත්තා. දැන් අංග සම්පූර්ණයි.

2014 දී, පහළ ගෙය, පිල්ලමානගේ සුනීතා නැමැත්තියට, විකුණුවා. රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසකට. එය නීත්‍යානුකූල බවට ලියවිල්ලක් නීතිඥයකු හදලා දුන්නා. පිල්ලමානගේ සුනීතා නැමැත්තිය එහි පදිංචි වුනා.

මේ වන විට, ගුණවතී සිල්වා, අබල දුබල වෙලා. ඇවිදින්නේ කිහිලි කරුවෙන්. දියවැඩයාව, ප්‍රෙෂර්.

පිල්ලමානගේ සුනීතා නැමැත්තිය, නීතිඥයා දීපු ලියවිල්ල අතුරුදහන් කළා. එ්ක ලියාපදිංචි කරලා නෑ. නීතිඥයා මැරිලා. 

පිල්ලමානගේ සුනීතා නැමැත්තිය, මේ වන විට, තමා ගත්තු ගෙය හා ඉඩමට, මායිම් කණු දාලා තාප්පයක් ගහන්න හදනවා. 

මේ තාප්ප බැඳිම තුළ, වෙඩික්කාරගේ ගුණවතී සිල්වා දැන් අසරණ වෙලා. ඉස්සරහා ගෙදර පිටිපස්ස ඔක්කොම පිල්ලමානගේ සුනීතා විසින් අල්ලාගෙන. 

ගුණවතී, ගල්කිස්ස පොලීසියට ගියා, පොලීසියේ, මහජන මිත‍්‍රශීලි මහත්වරු, නීතිය කථා කළා. කෝ ඔප්පු, කෝ ප්ලෑන්, ප‍්‍රශ්න අහන්න පටන් ගත්තා. මේක ”සිවිල්” ප‍්‍රශ්නයක්. පොලීසියට අත දාන්න බෑ. දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් දාගන්න.

ගුණවතී මේ ගැන උරණ වෙලා ටිකක් හයියෙන් කථා කළා. විවිධ පැමිණිලි අංශයේ ලොකු මහත්තයට. "ආ යකෝ උඹට පු`ඵවන්ද පොලීසියේ හයියෙන් කථා කරන්න ....". ඔහු කාන්තා පොලිස් කොස්තාපල් වරියකට අණ කළා, වෙඩික්කාරගේ ගුණවතී සිල්වා අල්ලා කූඩුව ළඟ වාඩි කරවන්න කියා. විවිධ පැමිණිලි අංශයේ ලොක්කා ඇයව, උදේ 10.00 ට පොලීසයට පැමිණි ඇයව, හවස 6.00 වන තුරු කූඩුව ළඟ වාඩි කරවා තිබ්බා. 

වැඩක් නොවුනත් ඇය. එ් ගැන වැඩ බලන පොලිස්පතිට පැමිණිලි කළා.

මෙ කථාව පොදු කථාවක්. ඇය කියන විදියට රත්මලාන දුම්රියපොළ පාර දෙපස දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වල, නිවාස 3000 කට වඩා හදලා තියෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුවට සතයක්වත් ආදායම් නෑ.

මේ ප‍්‍රශ්නය ගැන කථා කරන එක බුද්ධිමත් අයට වටින්නේ නෑ. මොකද මේවා ගැන ෆෝස්ට් දැම්මට ආධාර ලැබෙන්නේ නෑ.

දශක ගණනාවක් පුරා නීතිය වල් වද්දවා තියෙනවා. සිද්ධාන්ත ගැන නම් කියන්න පු`ඵවන්.  

ගුණවතීගේ හඬට කන් දෙන්න.


01. සාමාන්‍යාධිකාරී

    ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

    කොළඹ 10


02. පොලිස්පති

     පොලිස් මූලස්ථානය

     කොළඹ 01


පැමිණිල්ල විභාග නොකර, නිවසට පිවිසුම් මාර්ගය අවහිර කිරීමට ඉඩ දීම 

හා පීඩාවට පත් කිරීම.


වෙඩික්කාරගේ ගුණවතී සිල්වා, අවු: 70 යි. වැන්දඹු, දරුවන් 03 යි, ලිපිනය: ****රත්මලාන. දු.අ. 077 *****


2020.08.27 වන දින දීය.

මා ඉහත ලිපිනයේ පදිංචිව සිටින්නේ, 1981 සිටය. මා පදිංචි ඉඩම අයත් වන්නේ, ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවටය.

මා, මෙන්ම, මෙම රජයට අයත් විශාල ඉඩමේ, විවිධ තරාතිරම් වලට අයත්, නිවාස, 3000 ක් පමණ තිබේ.

මා ඇතුලූ, මෙම නිවාස වල පදිංචිකරුවන් කිසිවෙකුට, නීත්‍යානුකූල ඔප්පු නැත. පිඹුරු නැත. මැන මායිම් වෙන්කර නැත.

මා, මෙම ඉඩමේ බැලූ බැල්මට පර්චස් 07 පමණ වන කොටසක්, පාල නොහොත් ඌරපාල නැමැත්තාගෙන්, රුපියල් පහලොස් දාහකට ලබා ගත්තෙමි.

මා, මිළයට ගත් මෙම ඉඩමේ ගෙවල් දෙකක් හැදුවා. 

ප‍්‍රධාන පාර අයිනේ ඉදි කළ, දෙමහල් නිවසේ, වරිපනම් අංකය:25/ඊරැු6ල වේ. වදුලිය හා ජලය ලබාදී ඇත.

එම නිවසට පහළින් (පිටුපසින්* වරිපනම් 25/ඊරැු5ල අංකය දරන නිවස ඉදිකරන ලදි. එයට විදුලිය හා ජලය ලබාදී ඇත.

25/ඊරැු6 හා 25/ඊරැු5 යන නිවාස දෙකටම, එකම නමකට ඔප්පු ලබාදීමට නොහැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළ හෙයින්, ප‍්‍රධාන පාරට මුහුණලා තිබෙන, 25/ඊරැු6 නිවස, මාගේ දුව නමට ලියන ලදි.

25/ඊරැු6 දෙමහල් නිවස, දෙවන මහළ ප‍්‍රධාන පාරට සමාන්තරව පිහිටා ඇති අතර, බිම් මහලට ඇතුල්වීම කළ යුත්තේ, පිටුපස ෙදාරෙන්ය.

2014/05/16 දින, මා, 25/ඊරැු5 දරන නිවස, කොන්දේසි සහතිව රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසකට, පිල්ලමානගේ සුනීතා නැමැත්තියට, නීතිඥ මහතා ඉදිරිපිට ලියන ලද ලියවිල්ලකින් පවරනු ලැබීය.

වසර දෙකක පමණ කාලයක සිට, මෙම පිල්ලමානගේ සුනීතා නැමැත්තිය දැනට පදිංචි, දුවගේ නමට ලියන ලද 25/ඊරැු6 නිවස, බිම් මහලට ඇතුලූවීමට තිබෙන පාර අවහිර කරමින්, මාගේ විරෝධය නොතකා කොන්ක‍්‍රිට් කණු සිටවීමට පටන් ගන්නා ලදි.

මේ සෑම අවස්ථාවකම, මා, පොලීසියට ගොස් කරුණු කියා සිටියද, මෙම තැනැත්තියගේ බලපෑම් මත හා අයුතු සම්බන්ධතා මත, පොලීසිය කිසිදු ආකාරයක නීතිමය පියවරක් (එනම් මාර්ගය අවහිර කිරීම ගැන) ගන්නේ නැත.

මාගේ, නිවසට ඇතුලූවීම සඳහා වන පිවිසුම් මාර්ගය අවහිර කිරීම ගැන පැමිණිලි කළ විට, එම අයුතු සම්බන්ධකම් වලට යටත්ව, සිවිල් නඩුවක් දාන්න යැයි මට කියනවා.

මෙම රජයේ ඉඩම් වලට සිවිල් නඩු දාන්න බැරි බව පොලීසිය, හොඳාකාරවම දැනගෙන කටයුතු කිරිම ගැන 2020/07/29 දින, මා පොලීසියට ගොස් කරුණු කී විට, උරණ වූ ගල්කිස්ස පොලීසියේ, විවිධ පැමිණිලි අංශයේ නිලධාරියා, මට තර්ජනය කර, මාව අත්අඩංගුවට ගෙන, උදේ 10.00 සිට සවස 6.00 දක්වා, කූඩුව ඉදිරිපිට වාඩි කරවා තබන ලදි. 

මා, ආබාධිතයෙකි. ඇවිදීම දුෂ්කරය. දියවැඩියාවෙන් පෙළෙමි. හෘදයාබාදයකින් ද පෙළෙමි.

එසේ තිබියදී, නිවසට ඇතුලූවීම සඳහා පිවිසුම් මාර්ග අවහිර කිරීමේ වැරැුද්ද නිවැරදි කර, එ් පිළිබඳව ගත යුතු නීතිමය පියවර නොගෙන අසරණ මා පෙළන්නට ඉඩදී ඇත්තේ පොලීසියට මගෙන් ප‍්‍රයෝජනයක් නැති නිසා විය යුතුය.

මා ඉල්ලා සිටින්නේ,

දුම්රිය දෙපාර්තමේන්තුව මගින්, නිසියාකාරව, ඉඩම් වෙන් කර දෙන තෙක්, මා පදිංචි (දියණියගේ නමට ඇති) නිවසට ඇති පිවසුම් මාර්ගයට ඇතුල් වීම ස`දහා පැවරීමේදී එකඟ වූ කොන්දේසි වලට යටත්ව, ඉඩ ලබාදෙන ලෙසටය.


මෙයට,

වෙඩික්කාරගේ ගුණවතී සිල්වා 

 


Thursday, August 27, 2020

Status of Human Rights in Sri Lanka

This is a period in which a newly elected President and a caretaker Government ruled the country. Also, it is a significant period of time as the country was getting ready for the parliamentary elections amidst a pandemic, whereas the government was taking tiring efforts to control the effects of the pandemic within the country.

The Parliamentary election was postponed mainly because of the Covid-19 pandemic, amidst a lot of legal battles, legal opinions and chaos.

In these special circumstances, our organization made interferences in 218 cases of human rights violations. This is a decrease of 8 cases compared to the similar period of time in 2019. In 2019, it was 226.

We interfered in 99 cases against the police, cases including and not limited to illegal/wrongful arrests, torture and filing charges based on fake allegations. This is an increase of 13 cases compared to the similar period of time in 2019. In 2019, it was 86.

It was observed that, under the guise of the government's anti-drugs and anti - illegal liquor initiative, there was a rise in the Police tending to imprison individuals for such offences, with the assistance provided by court. 

The Bail Act adopted in 1997 and inactive until recently, was made of use to prevent the Police from imprisoning individuals unnecessarily, due to the continuous insistence made to the courts to implement the said provisions of the Bail Act.

Except for the common socio-economic issues erupted due to the quarantine rules and regulations which were set out in order to contain the spread of the coronavirus pandemic, there were no human rights violations reported under the quarantine regulations.

Among the "Independent" Commissions established by the 19th Amendment to the Constitution, ratified by the "Good Governance" government which came to power in 2015, are the Human Rights Commission which was established to provide relief for those whose human rights (fundamental rights) were violated, protection and promotion of rights, National Police Commission, and even though it does not necessarily come under the above two, it is a must to make a note of the National Child Protection Authority (NCPA) which was expected to do a significant job.

These two commissions and the Authority were unable to perform their duties and were institutions that were examples of inefficiency.

However, the Human Rights Commission did take steps to please the "international community" and were able to secure a good name and admiration from them, for themselves.

The Supreme Court pronounced 2 important judgments that were based on torture.

These cases were filed in 2012 and 2014 respectively. In one case, the petitioner was entitled for compensation of Rs. 2 lakhs from the respondents, and although the petitioner was not successful in proving that the Police had in fact breached his fundamental rights in the other case, the note about the violence and torture by Police in that case is of high importance.

We would like to state two excerpts from the judgments that were pronounced for cases filed 08 years ago and 06 years ago, respectively.

“It must, however, be emphasized that the members of the Police force entrusted with the task of ensuring a peaceful environment for the citizenry to live without fear of crime or violence, should not themselves consider it their right to resort to violence at the cost of the well-being of their detainees, in the achievement of those ends.” S.C. (F/R) Application No. 458/2012 

“As a society that is committed to protecting the Dignity and Well-being of the People (See the Preamble/ Svasti of the Constitution), the violation of the right to liberty guaranteed by Articles 11 and SC / FR 296/14 JUDGMENT Page 12 of 12 13 of the Constitution should be of serious concern and in my view, the State should take more proactive steps to address the gap between the law and practice.” SC FR APPLICATION 296/2014

In the entire system of serving justice, rather than doing so, it drains out the physical, mental and economic aspects of life of the oppressed due to the continuous oppression. The entire system violates the fundamental human dignity. It is the women and children who are the most oppressed due to the system.

This state of things has continued for the last 71 years without much change, and without any plans to change the status quo for the benefit of the people, but in the first 6 months in the year 2020, discussions on the real nature of the departments of prison, police, government analyst, attorney general’s have begun. Criticism on the Judiciary rose in a setup whereas it was prohibited to express freely about the judiciary.

Let us mention one particular matter here. Just like it was in the past, the system used its power to put under the carpet some serious issues of unethical practices and misconduct during the last 6 months, in relation to two lawyers, as alleged by their clients and relevant parties.

It is useless to have discussions, debates and arguments over so called "reforms", without taking appropriate action to resolve the institutionalised issues in all the institutions which revolves around the judiciary and the mechanism of serving justice.

The future responsibility of the civil society must be to not quench the needs of the international community, but to influence the local communities to make an impactful insistence on the matters that are useful for the public. 

We have made complaints before the authorities about the relevant incidents that were instrumental to come into these conclusions. We have also published the same on our social media.

Janasansadaya

19th August, 2020

 

 

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය


ව ජනාධිපතිවරයෙකු සහා භාරකාර ආණ්ඩුවක පාලනය යටතේ පැවති කාල පරිච්ෙඡ්දයකි. එමෙන්ම පාර්ලිමේන්තු මහා මැතිවරණ සූදානමට සමගාමීව, ලෝක වසංගතයකට මැදිව, එය පාලනයට වෙහෙස දැරූ, සුවිශේෂ කාල පරිච්ෙඡ්දයකි.

නීති අරගල, නීති තර්ක, හැලහැප්පිලි මධ්‍යයේ, කොරෝනා වසංගතය මූලික කරගෙන,  මැතිවරණය කල් තැබින.

මෙම විශේෂිත වාතාරවරණය තුළ, අප ආයතනය, මානව හිමිකම් උල්ලංඝණයන් 218 කට මැදිහත් වීමට සිදුවිය. මෙය 2019 එම කාලපරිච්ෙඡ්දය හා සැසඳීමේදී 8 ක අඩු විමකි. (2019 දී 226) කි.

පොලීසියට එරෙහිව එනම්, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, වධ හිංසා පැමිණවීම් හා ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම් අදාළ, සිද්ධීන් 99 කට මැදිහත් විය. මෙය 2019 එම කාල පරිච්ෙඡ්දය හා සැසඳීමේදී 13 ක වැඩි වීමකි. (2019 දී 86) කි.

අදාළ කාල පරිච්ෙඡ්දයේ රජය දියත් කරන ලද, මත්ද්‍රව්‍යය හා නීති විරෝධි මත්පැන් මර්දන වැඩ පිළිවෙල යටතේ, පොලීසිය, අධිකරණය උපයෝගී කරගෙන, පුද්ගලයින්ව, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම්, ප‍්‍රවනතාවයේ වැඩිවීමක් පෙන්නුම් කරනු ලැබීය.

කොරෝනා වසංගතය හමුවේ, 1997 දී, සම්මත කරන ලද එහෙත්, අකර්මන්‍යයව පැවති ඇප පනත, කි‍්‍රයාත්මක කරන ලෙසට අධිකරණයට කරන ලද බලපෑම් හමුවේ, පොලීසියේ අවශ්‍යතාවයට රක්ෂිත බන්ධනාගාර ගත කිරීම බොහෝ සෙයින් අඩු විය.

කොරෝනා වසංගතය පාලනයට ක‍්‍රියාවට නැංවූ නිරෝධායන නීති මගින්, අනිවාර්ය වූ, කාටත් පොදු වූ, සමාජ ආර්ථික ගැට`ඵ හැරෙන්නට, කොරෝනා පාලන නීති යටතේ සිදවූ බවට කියැවෙන, මානව හිමිකම් උල්ලංඝණය වීම් වාර්තා වූයේ නැත.

2015, බලයට පත්වූ, යහපාලන ආණ්ඩුවේ, 19 වන ව්‍යවස්ථාව සංශෝධනය මගින් පිහිටුවන ලද   ”ස්වාධීන” කොමිෂන් සභා අතර, මානව හිමිකම් (මූලික අයිතිවාසිකම්) උල්ලංඝණයන්ට භාජනය වූවන්ට, සහන සැලසීම, අයිතීන් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය ස`දහා වූ මානව හිමිකම් කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව සහ එම ගණයට අයත් නොවූවද සුවිශේෂ කාර්යභාරයක් අපේක්ෂා කරන ලද ළමා ආරක්ෂක අධිකාරිය සම්බන්ධයෙන් සටහනක් තැබිය යුතුව තිබේ.

මෙම කොමිෂන් සභා දෙක හා අධිකාරිය ඔවුන්ට පැවරුනු කාර්යයන්, ඉටු කිරීමට අසමත්වූ, අකාර්යක්ෂමභාවය ප‍්‍රදර්ශනය කරන ලද ආයතන බවට පත් විය.

මානව හිමිකම් කොමිෂන් සභාව ”ජාත්‍යන්තරය” තෘප්තිමත් කිරීමට පියවර ගෙන, ඔවුන් ගේ ප‍්‍රසාද ලබා ගැනීමට නම් සමත් විය.

මෙම කාල වකවානුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්, වධ හිංසාව මූලික කරගත්, නඩු තීන්දු 02 ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.

පිළිවෙලින් 2012 හා 2014 වසර වල පවරන ලද මෙම නඩු වලින් එක් නඩුවක පෙත්සම්කරුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කරන ලද අතර, 

එක් නඩුවක, පොලීසිය මූලික අයිතීන් කඩ කළ බවට තීරණය කිරිමට පෙත්සම්කරු අපොහොසත්ව ඇති බවට තීරණය කළ ද, පොලිසියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් ගැන සඳහන් කර තිබෙන සටහන වැදගත්වේ. 

වසර 08 ට හා 06 ට පසුව දෙන ලද මෙම තීන්දු දෙකේ උද්ධෘතයන් දෙකක් සටහන් කරමු.

"It must, however, be emphasized that the members of the Police force entrusted with the task of ensuring a peaceful environment for the citizenry to live without fear of crime or violence, should not themselves consider it their right to resort to violence at the cost of the well-being of their detainees, in the achievement of those ends.” S.C. (F/R) Application No. 458/2012

 “As a society that is committed to protecting the Dignity and Well-being of the People (See the Preamble/ Svasti of the Constitution), the violation of the right to liberty guaranteed by Articles 11 and SC / FR 296/14 JUDGMENT Page 12 of 12 13 of the Constitution should be of serious concern and in my view, the State should take more proactive steps to address the gap between the law and practice.”  SC FR APPLICATION 296/2014


යුක්තිය පසි`දලීමේ සමස්ථ පද්ධතිය තුළ, යුක්තිය ඉටු කරනවා වෙනුවට, වින්දිතයින්ව දැඩි පීඩාවට පත් කරනු ලබන්නේ ශාරීරික, මානසික හා ආර්ථික වශයෙනි. සමස්ථ පද්ධතිය මානව ගරුත්ත්වය කෙලෙසන්නක් විය. මෙම පද්ධතියෙන් වඩාත්ම පිඩාවට පත්වුයේ ස්ත‍්‍රීන් හා ළමුන්ය.

71 ක් වසර පුරාම මෙම තත්ත්වය පවත්වාගෙන යෑම මිස, මහ ජනතාවට සෙත සලසන අන්දමට වෙනස් කිරීමේ අදහසක්වත් නොතිබූ තත්ත්වය තුළ, 2020 පළමු හය මස තුළ, බන්ධනාගාරය, පොලීසිය, රස පරීක්ෂක, නීතිපති දෙපාර්තමේන්තුවල නියම ස්වභාවය සම්බන්ධයෙන් කථිකාව ආරම්භ විය. කථා කිරීමට නිදහස නැතිකර තිබු අධිකරණ පද්ධතිය පිළිබඳව ද විවේචන එල්ල විය.

මෙහිදී එක් කරුණක් ගැන පමණක් සඳහන් කරමු. අතීතයේදී මෙන්ම, ගතවූ හය මස තුළ නීතිඥවරුන් දෙදෙනෙකු සම්බන්ධයෙන්, සේවාදායකයින් හා අදාළ පාර්ශවයන් විසින් මතු කරන ලද බරපතල විෂමාචාර ප‍්‍රශ්න, පද්ධතිය මගින්, බලය උපයෝගී කරගෙන, යට ගසනු ලැබීය.


අධිකරණ පද්ධතිය කේන්ද්‍රව, යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණය ට සම්බන්ධ සිය`ඵ ආයතන වල ආයතන ගතව පවතින ගැට`ඵ හා, නිරාකරණය කර ගැනීමට පියවර නොගෙන හුදෙක් 
"ප‍්‍රතිසංස්කරණ" ගැන, වාද විවාද, සංවාද, පැවැත්වීම නිශ්ඵලය.

ඉදිරියේදී, සිවිල් සමාජයේ වගකීම වන්නේ, ජාත්‍යන්තර පිපාසාවන් සංසිඳවීමට නොව, ජනතාවට වැඩදායී, කරුණු කෙරහි, බලපෑම් කිරීමට ප‍්‍රජාව පෙළඹවීමට පියවර ගැනීමය.

මෙම නිගමන වලට අදාළ සිද්ධීන් බලධාරීන්ට පැමිණිලි කර ඇත. අපගේ සමාජ මාධ්‍යය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර ඇත.  

ජනසංසදය
2020 අගෝස්තු 19


 

Tuesday, August 25, 2020

පුත්තුන්ව යැව්වේ කොළඹ සුපිරිම ඉස්කෝලෙට, මොනව කරන්නද? ළමයි කුඩු බොන්න පුරුදු වුනා.

ගම දහමට නැඹුරුව වැදගත් රැකියාවක් කරලා, කුලකයට අයත් කොළඹ සුපිරිම ඉස්කෝලෙකට යැව්වා. පුතා වැරදියි. ඒත් බොරුවට නඩු දාන එකත් වැරදියි.

පුතා හොඳ රක්ෂාවක් කළේ. ගෙයකුත් හැදුවා බඳින්න හිටියේ. අවුරුදු 10 ක් යාලූ වෙලා ඉඳලා කුඩු බොන බව දැනගෙන මගුල කැඩුනා." මම වුනත් කැමති වෙන්නෙ නෑනේ .”

ඇය තම පුතා ගැන එසේ කිව්වේ, තමන් මත්ද්‍රව්‍යය මර්දනයට සියයට සියයක් එකඟ වන බව අවධාරණය කරමින්ය. මේ වන විට පුතා කුඩු වලින් මිදීමට බෙහෙත් ගන්නා බවද, ඇය කියා සිටියා.

තම ප‍්‍රදේශයේ කුඩුවලට ගංජා වලට ඇබ්බැහි වූවන් විශාල පිරිසක් ඉන්න බවත් පොලීසිය කරන්නේ අල්ලගෙන ගිහිල්ලා දඩයක් ගස්සවා එවන එක බවත් ඇය කියා සිටියා.

2020.08.13 දින, පුතාව අත්අඩංගුවට ගන්නා විට, බෙහෙත් පාවිච්චි කරමින් සිටින බවත්, ගේ වට කරලා, පුතාට හොඳට ම ගහලා බෙහෙත් පෙති විකුණනවා යැයි බොරු චෝදනා කරලා අරන් ගියේ.

එක් වරක්  අත්අඩංගුවට අරගෙන, පොලීසිය කුඩු දාලා උසාවිය දැම්මා. ඒ අවස්ථාවේ රු: 10,000/- ක දඩයක් ගෙවා නිදහස් කර ගත්තා.

"මේ පාර මි.ග‍්‍රෑ. 1100 ක් තිබූ බවට බොරු චෝදනාවක් දාලා රිමාන්ඞ් කෙරෙව්වා” ඇය කියා සිටියා.  ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ බොරු නඩු දාන අපරාධය නවත්වන ලෙසටත්, ඇය කියා සිටින්නේ, කුඩු ජාවාරම් කරුවන් හා එක්ව, කුඩු බොන අයව අල්ලලා උසාවි දාලා දඩ ගස්සවා හෝ මාස ගණනක් රිමාන්ඞ් කරවලා හෝ මාධ්‍ය ප‍්‍රචාර කරවා කුඩු මර්දනය කළ නොහැකි බවයි.

කඩිනමින් රස පරික්ෂක වාර්තා ගෙන්වීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින් ඇය, කුඩු ජාවාරම් කරුවන් හා එක්ව සිටින පොලිස් නිලධාරීන් හැම පොලීසියකම සිටින බවද කියා සිටී.

Monday, August 24, 2020

මිනිහාව බලන්න ගිය ගෑනිව අල්ලා කුඩු දමා රිමාන්ඞ් කරවයි.

 

ඇගේ වයස අවු: 20 යි, බැඳලා මාස කිහිපයයි. සැමියාට අවු: 24 යි.ඔහු මාදැල් ධීවරයෙක්.

කොරෝනා ඇඳිරි නීතිය කඩ කරමින්, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැමියාව හා යතුරුපැදි හිමිකරුවාව අත්අඩංගුවට පත්විය. ඒ පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසකගේ සෝදිසි මෙහෙයුමකදී ය.

සැමියාගේ පුවලේ උදවිය මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධ නිසා, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් ළඟ "කුඩු” නොතිබුනද, එම නිලධාරින්, සැමියා සමග මිතුරාවද, නිවසට රැගෙන විත්, සෝදිසි කරනු ලැබීය.ඒ  අවස්ථාවේදී ද ‘‘කුඩු” හමුවී නැත.

සැමියාව හා මිතුරාව පොලීසියට ගෙන යන බව පැවසූ නිලධාරීන්, නිවැසියන්ට ද එන්න යයි දැන්වීය.ඒ අනුව, බිරිඳ හා මිතුරාගේ ඥතීන්, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට යන ලදි.

එහිදී, බිරිඳව රඳවාගෙන, අත්අඩංගුවට ගෙන තිබූ මිතුරා සමග අන් අයව මුදාහරිනු ලැබය. පසුදින සැමියාව හා බිරිඳව අධිකරණයට ඉදරිපත් කළේ, ගොතන ලද කථාවක්ද සමගය.

ඔවුන් සතුව පිළිවෙලින් ”කුඩු” මි.ග‍්‍රෑම් 2300 ක් හා 2330 ක් තිබූ බවටද, චෝදනා කරමින්ය.

නමුත් අධිකරණයට ඇල්ලූ බව කියන ‘‘කුඩු” ඉදිරිපත් කළ බවට එම ‘‘කුඩු” රස පරීක්ෂක ට යැවූ බවට හෝ  සටහනක්, නඩු වාර්තාවේ නැත. 

මේ සිය`ඵම කරුණු ඇතුළත්ව, රජයේ වගකිව යුත්තන්ව දැනුවත් කරන බිරිඳ ගේ මව බොරු නඩු දමා මාස ගනන් නිර්දෝෂී පුද්ගලයින්ව රිමාන්ඞ් කරවා තැබීමෙන්, කුඩු මර්දනය කළනොහැක බව අවධාරණය කරයි.

ඇය, වගකිව යුත්තන්ට කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ උද්ධෘතයන් කිහිපයක් පහත දක්වමු.

එමගින්, පොලීසිය කුඩු මර්දනය මුවාවෙන් අධිකරණය පාවිච්චි කරන අයුරුද, පොලීසිය මාධ්‍යය උපයෝගී කරගෙන ජනතාව රවටන්න ගන්නා උත්සාහයද, ආණ්ඩුවට ලණු දෙන අයුරුද පැහැදිළි වේ.

‘‘ පොලිස්පති ,    පොලිස් මූලස්ථානය  , කොළඹ 01

  අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාර ගත කිරීම.

********පෙරේරා, අවු: 40 යි, *****5020 -  විවාහක, දරුවන් 02 යි, රැකියාව: *** සේවිකා, ලිපිනය: ***** වාද්දුව. දු.අ. *****2

2020.08.20 වන දින දීය.

(1) වීරසිංහ ******* සිල්වා, අවු: 22 යි දියණිය.

(2) සුද*******අවු: 24, බෑනා.

දියණිය, ඇඟලුම් සේවිකාවක් වන අතර, බෑනා ධීවර රැකියාවක යෙදේ.

බෑනා, 2020.04.29 වන දින, ඇඳිරි නීතිය පවතිත්දී, බෑනා හා උඩුවරගේ *****8යන අය, දහවල් 11.30 ට පමණ, වාද්දුව සොහොන් පිටිය අසලදී, අත්අඩංගුවට පත්ව තිබේ.

එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්ය.

ඒ අවස්ථාවේදී, ඔවුන්ව, පරීක්ෂා කර, සැක කටයුතු කිසිවක් නොතිබූ හෙයින්, බෑනාව සහ මිතුරාව, මහ ගෙදරට ගොස් තිබේ.

බෑනා හා දියණිය පදිංචිව සිටින්නේ, බෑනාගේ දෙමාපියන් සමග වාද්දුව, ***********තේය.

එම නිලධාරීන්, එම නිවස සෝදිසි කර ඇත. කිසිදු නීති විරෝධී දෙයක් හමුවී නැත.

ඉන්පසුව, බෑනාව හා මිතුරාව පොලීසියට ගෙන යන බව පවසා, එම නිලධාරීන් ඔවුන්ව රැගෙන යන ලදි.

මාගේ දියණිය, ****, බෑනාගේ අක්කා, *****8, නිදු*****නැන්දනිය, ******** ත‍්‍රී රෝද රථයකින්, වාද්වාදුව පොලීසියට යන ලදි.

වාද්දුව පොලීසිය, ඔවුන් විසින් අත්අඩංගුවට ගැනීමක් කර නැති බව පවසා ඇත. ඊළඟට එම පිරිස, වලාන  දුෂණ මර්දන ඒකයට ගොස් ඇත. එහිදී ලැබී ඇත්තේ එම පිළිතුරයි. 

ඉන්පසු, පානදුර, වැල්ලබඩ පොලීස් අධිකාරී කාර්යාලයට පැමිණ ඇත. එහි පැරණි ගොඩනැගිල්ලේ ඔවුන් දෙදෙනා සිට ඇත.

බෑනා සමග අත්අඩංගුවට ගන්නා ලද, ******, එම ස්ථානයේදී මුදාහරිනු ලැබීය.

ඒ වෙනුවට, බෑනාව බලන්න ගිය, මාගේ දියණියව අත්අඩංගුවට ගන්නා ලදි.

මාගේ දයණියව හා බෑනාව, රාත‍්‍රියේදී වාද්දුව පොලීසියට බාර දෙන ලදි. වාද්දුව පොලීසිය විසින්, පසුදින, 2020.04.30 දින, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදරිපත් කරනු ලැබීය.

දියණියට විරුද්ධව, හෙරොයින් මි.ග‍්‍රෑම් 2300 ක් සන්තකයේ තබා ගැනීම යන අමූලික චෝදනාව යටතේ 73429/20 නඩුවද, බෑනාට විරුද්ධව, හෙරොයින් මි.ග‍්‍රෑම් 2230 ක් සන්තකයේ තබා ගැනීම යටතේ 73427/20 නඩුවද පවරා තිබේ.

මාගේ දියණියට හා බෑනාට මේ ආකාරයට ව්‍යාජ චෝදනා නගා ඇත්තේ, මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවනගේ අවශ්‍යතාවයට බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමි.

මත්ද්‍රව්‍ය භාවිතා කරන, ජාවාරම් කරන පිරිස සමග එක්ව සිදුකරන ලද මෙම අපරාධය පිළිබඳව විධිමත් පරීක්ෂණ කරන මෙන් ඉල්ලා සිටිමි.

මෙයට,


****** පෙරේරා



 


Saturday, August 22, 2020

ඡන්දය යටපත් කළ කොරෝනාව රෝගීන් 3000 කට ආසන්නයි.

 

මේ වන විට, ලංකාවේ කොරෝනා රෝගීන් ගේ සංඛ්‍යාව 2941 ක් බවට පත්ව තිබේ. රටවල් ගණනාවක් තවමත් කොරෝනාවෙන් බැටකන අතර, එ් පිළිබඳව සංක්ෂිප්ත සටහනකි මේ.

ලෝකය හා සැසඳීමේදී, ශ‍්‍රී ලංකාවේ රෝගින්ගේ සුව වීමේ ප‍්‍රතිශතය 94.83% කි. මරණ සංඛ්‍යාව 0.37% කි. සංඛ්‍යාත්මකව ගත් කළ මරණ 12 කි.

ඇමෙරිකාවේ රෝගීන්ගේ සංඛ්‍යාව 5,796,727 වන අතර, දිනෙන් දිනම ඉහළ යමින් පවතී. මරණ 179,200 ක් වාර්තා වී තිබේ. එරට රෝගීන්ගේ සුව වීමේ ප‍්‍රතිශතය 53.95% කි. අසල්වැසි ඉන්දියාවේ රෝගී සංඛ්‍යාව අනුව, තෙවන තැනට පත්ව තිබේ. සංඛ්‍යාව, 2,975,701 කි. එහෙත් සුව වීමේ ප‍්‍රතිශතය 74.69% කි.

බොහෝ රටවල් විවෘත කළද, යළිත් සංචරණ පාලනය සඳහා දැඩි නීති පැනවීමට පියවර ගෙන තිබේ. නොවැම්බර් මසට නියමිත, ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප‍්‍රධාන කාරණය බවට කොරෝනා ව පත්ව ඇත. ට‍්‍රම්ගේ ප‍්‍රතිවාදියා බීඩන්, තමා බලයට පත් වුවහොත් කොරෝනාව පාලනය සඳහා රට වසා දැමීමට සූදානම් බව කියා සිටී.

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව කොරෝනා වසංගතය මැඩලීමට තව අවුරුදු දෙකක් ගතවනු ඇත.

මේ වන විට, කොරෝනා රෝගී සංඛ්‍යාව අනුව තවමත් පළමු තැන හිමිකර ගෙන සිටින්නේ, ඇමෙරිකාවයි. ලංකාව 122 වන ස්ථානයට පත්ව තිබේ. එංගලන්තය 13 වන ස්ථානයේ පසුවන අතර, චීනය පසුවන්නේ 34 වන ස්ථානයේය.

මේ අනුව පවතින අනතුර ගැන අපගේ අවධානය ලිහිල් කළ යුතු නැත. ආණ්ඩුව සිය වගකීම දැඩි කළ යුතුයි. 


Wednesday, August 19, 2020

මව, පියා හා 8 හැවිරිදි දියණියට වධ දී, මරා දැමූ වර්ගවාදී සුදු ජාතිකයාට, මරණ දඬුවම දෙයි.

මෙරිකා එක්සත් ජනපදයේ, මධ්‍යම ආණ්ඩුව විසින්, වසර 17 කට පසුව, ක‍්‍රියාත්මක කළ මෙ මරණ දඬුවම, ට‍්‍රම්ප් ලබාගත් දේශපාලන ජයග‍්‍රහණයක් ලෙසට සැලකේ.

ඇමෙරිකාවේ ප‍්‍රාන්ත රාජ්‍යයන්, මරණ දඬුවම ක‍්‍රියාත්මක කළද, මධ්‍යම රජය ක‍්‍රියාත්මක ක‍්‍රියාත්මක කිරීම 2003 සිට අත්හිටවන ලදි.

ඩැනියෙල් ලූවිස් ලි, සුදු අධිරාජ්‍යක් සඳහා සටන් වැදී සිටින වර්ගවාදියෙකි. ඔහු, මව, පියා හා 8 හැවිරිදි දියණියට වධ දී, මරා දමනු ලැබූයේ, 1996 දී ය.

2003 මරණ දඬුවම නියම කිරීමෙන පසුව, නීති තර්ක කරමින්, දඬුවම කල් දමනු ලැබූ අතර, අවසාන මොහොතේදී, මරණ දඬුවමට යොදා ගන්නා, එන්නත් කරන ලබන විෂ ඖෂධය සම්බන්ධයෙන් ද නීති තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

මරණ දඬුවමට එරෙහිව කි‍්‍රියාකරන සිවිල් සංවිධාන, මෙය ජනාධිපති ට‍්‍රම්ප්, දේශපාලන වාසි තකා කරන ලද්දක් බවට චෝදනා නැගීය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ ලූවිස් ලි ගේ මරණ දඬුවම පිළිබඳව අභියාචනය ප‍්‍රතික්ෂේප කළේ, 5 ට 4ක් වශයෙනි.

මරණ දඬුවමට පක්ෂපාතී ට‍්‍ර‍්‍රම්ප්, මරණ දඬවම ක‍්‍රියාත්මක කරන සඳහා යොදා ගන්නා ‘විෂ එන්නත්’ වර්ග තුනක් භාවිතය, එකට සීමා කළ අතර, එම විෂ එන්නත නිපදවන සමාගමේ රහසිගත භාවය රැකීමට ද පියවර ගත්තේය. 

ඉන්දියානා හි ටෙරා හුවේ බන්ධනාගාරයේදී විෂ එන්නත ශරිර ගත කිරීමට පෙර තමා නිවැරදිකරු බවත්, අහිංසකයෙකු මරා දමන බවටත්, ලී, ප‍්‍රකාශ කර ඇත.

 

Tuesday, August 18, 2020

ඔත්තු කරුවාට STF එක නෙලයි. හයිකෝට් නඩුවක් ද දමයි. ලක්ෂපතියේ මවකගේ කථාව.


මොරටුව, ලක්ෂපතියේ පදිංචි කරුවෙක්. තම නිවස ඉදිරිපිට KG හා නීති විරෝධී මත්පැන් (UML) ජාවාරමේ නියැලෙන ජගත් ගැන,STF එකට, දැනුම් දුන්නේ, මොහු, මොරටුව පොලීසිය සමග පවත්වන්නාවූ ඇයි හෙදයි කම් නිසාය.

නමුත් STF එක ද කළේ, මොරටුව පොලීසිය කරන දේමය.මෙයට, උරන වූ ඔහු ඒ බව STF එකේ තම ඔත්තුව බාර ගත් නිලධාරියාට කියා නැවතුනේ නැත. දෝශාරෝපනය ද කළේය. 

එහි ප‍්‍රතිඵලය ඔහුගේ නැන්දනිය, ආරක්ෂක ලේකම් අමතන ලද ලිපියෙන් සියල්ලම පැහැදිළිය.  

ජාත්‍යන්තරය මෙහෙය වන, මත්ද්‍රව්‍යය ජාවාරමේ, අලගිය මුලගිය තැන් සෙවීමේ ලෙහෙසි පහසු නැති බව මෙම සිද්ධියෙන් ද පැහැදිළි වනු ඇත.


මේජර් ජනරාල් කමල් ගුනරත්න මහතා
ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03


නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ගලවා ගැනීම සමබන්ධයෙන්, විශේෂ පොලිස් කාර්ය බලකායෙන් විමසා සිටීම නිසා සිදුකරන ලද අපරාධය.

 

කාරිය****ගේ ***, අවු: 49 යි, ජා.හැ.අ. *****400451, විවාහක, දරවන 03 යි, **** පෙදෙස, ලක්ෂපතිය, මොරටුව. දු.අ 077 3****42 , 2020.08.12 වන දින දීය.

*****, අවු: 39 යි, විවාහක, මාගේ බෑනා වේ. 

2020.08.11 වන දින රාත‍්‍රී 7.30 ට පමණ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 10 දෙනෙකු යතුරුපැදි වලින් ආයුධ සන්නද්ධව පැමිණ නිවසට කඩා වැදුනා.

ඔවුන් *** කියන්නේ කවුද කියා ඇහුවා. බෑනා මම කියා ඉදිරිපත් වුනා. 

එක් අයෙක ඔහුගේ ටී ෂර්ට් එකෙන් අල්ලාගෙන, නිවස ඉදිරිපිට, රංජිත් නැමති අයගේ නිවසේ තාප්පය අසලට ගෙන ගොස් එයට හේත්තු කරගෙන ඔවුන් වටකරගෙන පහර දුන්නා. අතින් පයින් හා තුවක්කු වලින් පහර දුන්නා. පහර දෙන අතර උඹ චණ්ඩියෙක්ද? උඹ අපේ ඇඳුමත් එක්කද ගේම ඉල්ලූවේ යැයි කියමින් විනාඞ් 15 ක් විතර පහර දුන්නා

ඉන්පසු, ඔහුව, **** පටුමගට ඇදගෙන ගොස්, එහි වීදි ලාම්පු නිවා දමා බිම වැටෙන තෙක් අතින් පයින් පහර දුන්නා. එසේ පහරදී එතනට පැමිණි, විශේෂ කාර්ය බලකායේ ජීප් රථයට දමාගෙන, පාලම අසල බෝතල් කඩය ළඟට ගෙන ගොස් බිමට ඇද දමා එතනදී ද පහර දුන්නා. 

ඒ අතරතුර, දෙදෙනෙක් පැමිණ, ඔවුන් ලියන ලද ප‍්‍රකාශයකට මාගේ හයමස් ගැබිණියක් වූ දියණියගෙන් අත්සන අරගත්තා.එයින් පසුව මොරටුව පොලීසියට ගෙන ගොස් බාරදුන්නා.

මොරටුව පොලීසිය අපට ප‍්‍රකාශ කළා, විශේෂ කාර්ය බලකාය ඔවුන්ට බාර දී ඇත්තේ මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 02 ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත්තා කියා.

බෑනාට පහර දීම ගැන පැමිණිලි කිරිමට මා ඉල්ලා සිටයද, විශේෂ පොලිස් බලකාය පොලීසියට වඩා ඉහළයි කියා පැමිණිල්ල බාර ග්තතේ නෑ. 

පොලිස් අත්අඩංගුවේ සිටින බෑනා, අපට ප‍්‍රකාශ කළා, මීට මාස 1 1/2 කට පෙර, අප නිවස ඉදිරිපිට KG හා නීති විරෝධී මත්පැන් විකුණන පවුල සම්බන්ධයෙන් විශේෂ පොලිස් බලකායට පැමිණිල්ලක් කරන ලද බව. එම පැමිණිල්ලට පැමිණි විශේෂ පොලිස් කාර්ය බලකාය මහා පරිමාණ මත්ද්‍රව්‍යය හා නීති විරෝධී මත්පැන් විකුණන ජගත් ***, KG. පැකට් 194 ක් සමග අත්අඩංගුවට ගෙන, උසාවියට ඉදිරිපත් කළ බවත්, එදිනම එම පුද්ගලයා, රුපියල් 4000/- දඩයක් ගෙවා නිදහස්ව පැමිණි බවත්, 

එසේ පැමිණි මෙම පුද්ගලයා එදින රාත‍්‍රියේ ඔහුට බැන තර්ජනය කළ බවත්, තමා බේරුනේ විශේෂ පොලිස් කාර්ය බලකායට රුපියල් ලක්ෂ 5 ක් දී බවත්, ඒ ගැන ඔහු විශේෂ පොලිස් කාර්ය බලකායෙන් විමසීම නිසා ඔහු සමග උරණ වී සිටින බව.

මෙම ජගත් ප‍්‍රියලාල් මෙන්ඩිස් හා ඔහුගේ මව රංජනී, KG. විකුණන අතර, බෙදාහරිනු ද ලබයි. එමෙන්ම ජාඇල ප‍්‍රදේශයෙන් රැගෙන එන නීති විරෝධී මත්පැන් බෙදාහැරීමද මොහු සිදුකරනු ලබයි. මොහුව විටින් විට පොලීසිය අත්අඩංගුවට ගත්තද, ඒ සෑම අවස්ථාවකම දඩ ගෙවා නිදහස්ව එනු ලැබේ.

එපමණක් නොව, මොවුන්ට මොරටුව පොලීසිය අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් නිවසට ගෙනත් දෙන්නේ එම පොලීසියේ සේවය කරන මධුසංඛ නැමති පොලිස් කොස්තාපල්වරයා බවද සදහන් කරමි.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බෑනා මෙම සියළු  කරුණු හෙළිදරව් කිරීමට සූදානම්ව සිටින බවද ප‍්‍රකාශ කරමි. 

මා ඉල්ලා සිටින්නේ, 

මත්ද්‍රව්‍ය හා නීති විරෝධි මත්පැන් ජාවාරමට සම්බන්ධ මෙම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට හා මොරටුව පොලීසියේ නිලධාරීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසට,

මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් අදාලව තොරතුරු දීමට ඉදරිපත් වන පුද්ගලයින්ට එරෙහිව ක‍්‍රියා කරන ඒවාට හවුල් නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසටත්, දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාගේ බෑනාව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට කඩිනමින් ඉදිරිපත් කර ප‍්‍රතිකාර ලබාදෙන ලෙසටත් ඔහු ළඟ තිබූ බවට විශේෂ පොලිස් කාර්ය බලකාය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන මත්ද්‍රව්‍ය රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තාව ලබාගන්නා ලෙසත් පවරා ඇති ව්‍යාජ නඩුව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත්ය.

මෙයට,

****


Monday, August 17, 2020

කොවිඞ් 19 ට - Sputnik - V එන්නත අවුරුදු 2 කට ඔරොත්තු දෙනවා.

 රුසියාව විසින් නිශ්පාදිත, ලොව ප‍්‍රථම කොවිඞ් 19, ව්‍යාප්තිය වළක්වන එන්නතට, බටහිර රටවල විරෝධය එල්ලවන්නට පටන්ගෙන තිබේ. එම එන්නත පිළිබඳ විශ්වාසයක් නැති බවට එම රටවල ප‍්‍රධාන මාධ්‍යය  (MSM) විසින් ප‍්‍රචාරයයන් ආරම්භ කර ඇත.

ජාත්‍යන්තරයේ ඖෂධ මාෆියාවට, රුසියානු නිශ්පාදනය තර්ජනයක් වනු නොඅනුමානය. කොවිඞ් 19 සඳහා එන්නතක් නිපදවීම, බටහිර රටවල පර්යේෂණ ප‍්‍රතිඵල ඇමෙරිකාව ලබා ගැනීමටද උත්සාහ ගන්නා ලදි.

රුසියාව ලබන මස සිට,Sputnik - V එන්නත, තම වැසියන්ට ලබාදීමට පියවර ගන්නවා ඇත.මේ අතර, මෙම එන්නත ලබා ගැනීමට බ‍්‍රසීලය හා වියට්නාමය ද ඉදිරිපත්ව තිබේ.

” Sputnik ” යන නම ලොවට හෙළි වූයේ ලොව ප‍්‍රථම චන්ද්‍රිකාව, රුසියාව (සෝවියට් දේශය) 1957 ඔක්: 04, අභ්‍යවකාශ ගත කිරීමත් සමගය.

කුඩු බොන පුතාට හයිකෝට් එකක් දාපු එක අපරාධයක්.

 

ඇය රෝහිණී, අවු: 50 යි, මොරටුමුල්ලේ පදිංචිකාරියක්. බොරුපන **** ෆැක්ටරියක රැුකියාව කරයි.සැමියා කුඩු බොනවා. පුතාත් කුඩු බොනවා.පුතාට අවු: 24 යි, පුහුණු කම්කරුවෙක්.

පුතා අවුරුද්දක්, කන්දකාඩුවේ පුනරුත්ථාපනය වුනා. වැඩක් වුනේ නෑ. ආව දවසේ ඉඳලා කට්ටිය එක්ක කුඩු බොන්න පටන් ගත්තා. කට්ටිය එක්ක එකතු වෙලා සොරකම් කරන්නට ද පටන් ගත්තා. 

2020.07.10 ගල්කිස්ස පොලීසියෙන් අල්ලා ගත්තා. සොරකමකට. 2020.07.11 උසාවියට ඉදිරිපත් කළේ, කුඩු මිළි ග‍්‍රෑම් 1100 කට වැඩි ප‍්‍රමාණයක් ළඟ තිබුන බවට බොරු චෝදනාවක් දාලා.මේ වන විට, බෝගම්බර බන්ධනාගාරයේ ඉන්නවා. 

අත්අඩංගුවට ගන්නකොට පුතා ළඟ කුඩු තිබුනේ නෑ. මහේස්ත‍්‍රාත්, පුතාට ඇප දෙන්නේ නෑ. 54 ගහලා තියෙන නිසා. අපි වැරැුද්ද පිළිගන්නවා. ඒත් බොරු චෝදනාව පිළිගන්න බෑ. 

ප‍්‍රදේශයේ කුඩු ජාවාරම්කාරිය එක්ක පොලීසිය සම්බන්ධයි. ඇයව, අල්ලන්නේ නෑ. පොලීසිය කරන්නේ අපරාධ නැති කරන එක නෙවෙයි. අපරාධකාරයින් එක්ක එක්වෙලා අපරාධ කරන එක.

නියපොත්තෙන් කඩන්න තිබුන මත්ද්‍රව්‍යය ජාවාරම පොරවෙනුත් කපන්න අද බෑ.දැන් පිළිකාවක්. කුඩු බොන එවුන් අල්ලන්න  ඕනි. නමුත් බොරු නඩු දාන එක අපරාධයක්. එය පුද්ගලයෙකුට කරන දෙයක් පමණක් නොවෙයි. මුළු රටටම කරන අපරාධයක්. කුඩු ජාවාරම ආරක්ෂා කිරීමක්.


Tuesday, August 11, 2020

කොරෝනාව බාධකයක් කරනොගෙන, නැකතට අයෝධ්‍යාවට මුල්ගල තබයි.


රාමගේ උපන් ස්ථානය ලෙසට හින්දුන් විශ්වාස කරන අයෝධ්‍යාවේ ඉදිකරනු ලබන රාමා මන්දිරයට මුල් ගල තැබීම අගමැති මෝඩි අතින් සිදුවිය.

1992 දෙසැම්බර් 06 වන දින, මෝගල් පාලන සමයේ රාම උපන් ස්ථානය ලෙසට සැලකෙන, අයෝධ්‍යාවේ ඉදිකරන ලද බබ්රි මස්ජිඞ් නම් වූ මුස්ලිම් දේවස්ථානය හින්දු විසින් පොළවට සමතලා කර දමන ලදි.

මෙම ස්ථානය පිළිබඳව හින්දු හා ඉන්දීය මුස්ලිම් වරුන් නඩු මගට බසින ලදි. දීර්ඝ නඩු විභාගයකින් පසුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, හින්දු විශ්වාසයට ඉඩ දෙමින් දෙමළ හින්දුන්ගේ අයිතියට පවරන ලදි.

මෙය මෝඩි පාලනයේ ජයග‍්‍රහණයක් ලෙසට සැලකේ. 

ඉතිහාසයේ සිදුවීම් තිබේ. එම සිදුවීම් අදාළ ඉතිහාසඥයෝ, පුරාවිද්‍යාඥයෝ වෙති. විවිධාකාර මත පුද්ගලයින්, තමාගේ තෘප්තිය උදෙසා මත ප‍්‍රකාශ කරති. අප රටේ ද එසේමය. එ් මත පිහිටා ජීවිත පරදුවට තබති.

ඉන්දියාව බි‍්‍රතාන්‍යයේ නිදහසින් පසු, අයෝධ්‍යාව සම්බන්ධව ද තත්ත්වය එසේම විය. ජීවිත විනාශ විය. අයෝධ්‍යාවේ බබ්රි මිසජිඩය විනාශ විය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු - අප රටේ ඉතා ඉහළින් අගය කරන අතර, එ්වා ආදර්ශයට ද ගනී.
මෙම තීන්දුව, ඉදිරියේදී ආදර්ශයට ගත හැකි වන්නේ අප රටේ ද පුරා විද්‍යා ස්ථාන පිළිබඳව ඇති වී තිබෙන ආරවුල් විසඳීමටය. 

ඩොලර් බිලියන ගණනක් වැය වන ඉන්දීය අවි ආනයනය නවතා දැමීමට මෝඩි තීරනය කරයි.

 



ස්වශක්තිය මත විශ්වාසය තිබීමේ ප‍්‍රතිපත්තිය මත, තමන්ට අවශ්‍ය ආයුධ ආනයනය නැවැත්වීමට ගත් පියවර නිසා ඉන්දීය අවි නිශ්පාදනය සිඝ‍්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු ඇත.

ස්වයංක‍්‍රීය ගිනි අවි, මල්ටි බැරල්  ඇතු`ඵ යුධ අවි හා උපකරණ වර්ග 101 ක් වහාම කි‍්‍රයාත්මක වන පරිදි ගෙන්වීමට පියවර ගෙන ඇත.

තහනම් කර ඇති යුධ අවි හා උපකරණවල ලේඛනයක්, ඉන්දීය රජය විසින් ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.
මේ දක්වාම ලෝකයේ විශාලතම ආයුධ අපනයන රට බවට පත්ව සිටියේ ඉන්දියාවයි.


Thursday, August 6, 2020

කොරෝන බාධක මග හරින්නට ට්‍රම්ප් ආධාරකරුවෝ වතුරට බසිති


මෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03 වන දා පැවැත්වීමට නියමිතය. මේ 59 වන ජනාධිපතිවරණයයි.
ට්‍රම්ප් දෙවන වාරය සදහා ද තරඟවදී. 

මේ වන විට ඇමෙරිකානු ජීවිත 161,601ක් බිලිගෙන ඇති ඇමෙරිකාවේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකිව ඇත.ආසාදිතයින් ගණන  4,973,568 කි. තවමත් ඇමෙරිකාව කොරෝනාවෙ පළමු තැන හිමිකරගෙන තිබේ.

මේ වසංගතය හමුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය, හා එයට අදාල ප්‍රචාරක කටයුතු වලට පනවා ඇති සීමාවන්ගෙන් මිදීමට ට්‍රම්ප් ආධාරකරුවන් බෝට්ටු පෙළපාලි පැවැත්වීමට පටන් ගෙන තිබේ. පාරෙ පෙළපාලි කන්න වරදට හසුවන්නෙ නැත.

මෙය ආදර්ශයට ගන්නට දිනපු පැරදුණු අපේ දේශපාලකයන්ට බැරිද.










රු: 7500/- න් කුඩු ග‍්‍රෑම් 3 ක් ගන්න පුළුවන්ද? බිරිඳ ප‍්‍රශ්න කරයි.


 


තම සැමියා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්. ඔහු කරන්නේ ජංගම ලී බඩු වෙළඳාම.

පානදුර සම්පත් බැංකුවෙන්, කළුතර රිමාන්ඞ් එකේ ඉන්න, මත්ද්‍රව්‍යය ජාවාරම් කරුවෙකුට රු: 7500/- ක් යවන විට පානදුර විශේෂ ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අවස්ථාවේ අමානුෂික ලෙස පහරදී හෙරොයින් ග‍්‍රෑම් 3 ක්, ළඟ තබාගත් බවට බොරු චෝදනා නගා රිමාන්ඞ් කරවා ඇත.

අත්අඩංගුවට පත්වන විට, මොනවාවත් නොතිබූ සැමියාට, බොරු චෝදනා නැගීම අපරාධයක් බව පවසන ඇය, ඒ සම්බන්ධයෙන් පොලිස්පති ඇතුළු වගකිව යුත්තන්ට, සියලූ විස්තර සහිත ලියා පදිංචි තැපෑලෙන් පැමිණිලි කර ඇත. එය පහත දක්වමු.


අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ දී, හෙරොයින් ග‍්‍රෑම් 3 ක්,
ළඟ තබාගත් බවට ව්‍යාජ චෝදනා නැගීම.

**** අවු 35 යි, ජා.හැ.අ. **** විවාහක, දරුවන් 03 යි. ලිපිනය: **** පානදුර.**** 2020.07.31 වන දින දීය.
**** පෙරේරා, අවු: 37 යි, ජා.හැ.අ. **** රැකියාව: ලී බඩු වෙළඳාම, මාගේ සැමියා වේ.

2020.07.24 වන දින, රාත‍්‍රී 8.00 - 9.00 අතර, පානදුර, සම්පත් බැංකුව අසලදී, මාගේ සැමියාට, සිවිල් ඇඳුමින් සිටි හතර දෙනෙක් අමානුෂික ලෙස පහර දී අත්අඩංගුවට ගෙන ඇත.

එසේ පහරදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, විශේෂ එ්කකයේ, නිශාන්ත කුමාර යන අයගේ කණ්ඩායමේ නිලධාරීන්ය.

ඉන්පසු පොලිස් අධිකාරී කාර්යාලයට යාබද පැරණි ගොඩනැගිල්ලේ රඳවා තබා ගෙන සිට,  පසු දින 2020.07.25 දින, සවස පානදුර උතුර පොලීසියට ඉදරිපත් කරන ලදි.

එදින (2020.07.25) උදේ 7.30 ට පමණ, මා, සැමියා බලන්න ගියද, එහි සිටි පොලිස් නිලධාරින් මට අසභ්‍ය වචනයෙන් බැන පන්නා දමන ලදි. සැමියාව බලන්න ඉඩ දුන්නේ නැත.

ඉන්පසු මා නීතිඥ පේ‍්‍රමරත්න ජයසිංහ හමුවී, ඔහුට ගාස්තු වශයෙන් රු: 10,000/- ක් ලබාදී, ඔහුව පොලිස් අධිකාරී කාර්යාලය වෙත යවන ලදි.

ඊට පසුව, මට සැමියාව, බැලීමට ඉඩ ලබාදෙනු ලැබීය.

සැමියාගේ, කකුල් දෙක දම්වැල් වලින් බැඳ තිබූ අතර, එක් අතකට මාංචු දමා, මාංචුවේ අනෙක් කෙළවර, ඇඳකට තබා, සවිකර තිබින. බිම දිගා කර දමා තිබුනේ, මඩවූ පොළව මතය.

සවස 6.00 ට පමණ. පානදුර උතුර පොලීසියට බාර දෙන ලදි. එ් අවස්ථාවේ ඔහුට කථා කරගන්නවත් හැකියාවක් තිබුනේ නැත.

පසු දින උදේ (2020.07.26) මා බැලීමට ගිය විට, අතින් පයින්, පොලූවලින්, හෝස් බටවලින් පහර දුන්න බවද, රාත‍්‍රියේ පහර දුන්නේ, අත් පිටුපසට කර මාංචු දමා බවද කියා සිටින ලදි.

එදින දහවල් 1.00 ට පමණ, පානදුර උතුර පොලීසියෙන්, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, 2020.07.31 දක්වා, රිමාන්ඞ් බාරයට පත්කරනු ලැබීය.

මාගේ සැමියා, හෙරොයින් භාවිතා කරනු ලබයි. 2020.07.24 වන දින, ඊසි කෑෂ් ක‍්‍රමයට, හෙරොයින් ලබා ගැනීමට රු: 7500/- ක් පානදුර සම්පත් බැංකුවේ ්ඔඵ යන්ත‍්‍රය මගින්, ක`ඵතර බන්ධනාගාරයේ සිටින රැුඳවියකුට බැංකු ගත කර, එලියට එන අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. 

ඔහු ළඟ හෙරොයින් ග‍්‍රෑම් 03ක් තිබුනා නම් ඊසි කෑෂ් ක‍්‍රමයට, හෙරොයින් ලබා ගැනීමට රු: 7500/- ක් ජාවාම් කරුවාට යැවීමට  ඕනෑකමක් නැත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ, සැමියා අත කිසිදු දෙයක් තිබී නැත. නමුත් ඔහු සන්තකයේ, හෙරොයින් ග‍්‍රෑම් 03 ක් තිබූ බවට, ගරු අධිකරණයට වාර්තා කර ඇත. මෙය අපරාධයකි. මේ මගින් පොලිසිය සිදුකරන්නේ ජාවාරම් කරුවා බේරිමට, ඇබ්බැහි වූවන් අත්අඩංගුවට ගෙන නිහඬ කිරීමය. 

නඩු අංකය: **** වේ.

මා ඉල්ලා සිටින්නේ, 

01. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැමියාට, නොපමාව වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදෙන ලෙසටත්,

02. ඔහුව, අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදරිපත් කරවන ලෙසටත්,

03. වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා නැගූ, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, විශේෂ ඒකකයේ නිශාන්ත        කුමාර ඇතුළු නිලධාරීන්ට එරෙහිව, නීතිමය පියවර ගන්නා ලෙසටත්,

04. කඩිනමින්, සැමියා ළඟ තිබූ බව කියන හෙරොයින්, රස පරීක්ෂක වෙත යවා, වාර්තා ගෙන්වා ගැනීමට        
      පියවර  ගන්නා ලෙසටත්ය.

05. මාගේ සැමියා මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවු රෝගියෙකි. ඔහු දැනට එයින් මිදිමට ප‍්‍රතිකාර ලබා ගනී. මේ        
      පිළිබඳව රජයේ අවධානය යොමු කර, පොලිසිය ජාවාරම් කරුවන් වෙනුවට මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවු     
     රෝගින්ව අත්අඩංගුවට ගෙන, වධ දී, අධිකරණය යොදාගෙන, රක්ෂිත බන්ධාගාර ගතකොට, සිදුකරන 
     අපරාධ නිසා:-

(අ)  දරුපවුල් දැඩිව පීඩාවට පත්වන බවද,
(ආ)  ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍යය ජාවාරම අවම කිරිමක් සිදුනොවන බවද,
(ඇ) මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිවු රෝගීන්ව රක්ෂිත බන්ධනාගාර වලට ගාල් කිරිමෙන් 
                සිදුවන රජයේ මුදල් නාස්ති වන බවද,
        (ඈ) මෙම ජාවාරම ශක්තිමත් වන බවද, ප‍්‍රකාශ කරමි.

07. පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, විශේෂ ඒකකයේ, නිශාන්ත කුමාර යන අයගේ කණ්ඩායමේ  
      නිලධාරීන් විසින් මාගේ සැමියාගේ මුලික අයිතිවාසිකම් කඩ කිරිම පිළිබඳව විමර්ශන කරන ලෙසට මානව  
      හිමිකම් කොමිෂමෙන් විශේයෙන් ඉල්ලා සිටිමි.

මෙයට,
****


කොවිඞ් 19 එන්නත - නිශ්පාදනය ආරම්භය ලබන මස සිට රුසියානුවන්ට




රුසියාව ප‍්‍රදේශ තුනක, මෙම එන්නත නිපදවීමට පියවර ගෙන තිබේ. එය ජනතාවට ලබාදීම ඔක්තෝබර් සිට ආරම්භ කරනු ඇත.

2021 ආරම්භයේදී මසකට මිළයන ගණනක් එන්නත් නිපදවීමට අපේක්ෂා කරනු ලැබේ.

Tuesday, August 4, 2020

”ටික් ” - ටොක් මයික්‍රොසොෆර් ම්ළයට ගන්නට ට‍්‍රම්ප් ගේ කැමැත්ත.




චීනයේ, ”ටික් ටොක්” මේ වන විට ලොවපුරාම පැතිර ඇති අතර, අප රට තුළ ද ජනප‍්‍රියව තිබේ. 

ඉන්දියාව  ටික් ටොක් තහනම් කරන ලද අතර, ට‍්‍රම්ප් ද ටික් ටොක් තහනම් කරන බවට නිවේදනය කළේය.

එ් අතර, ටික් ටොක් මිළයට ගැනීමට ඇමෙෙරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර, චීනයේ ටික් ටොක් හිමිකරු බොඩිඩාන්සින් සමාගම සමග සාකච්ඡුා ආරම්භ කළේය. සති 6 ක් තුළ ටික් ටොක් මිළයට ගත යුතු බවට ට‍්‍රම්ප් මයික්‍රොසොෆ්ට් ප‍්‍රධාන විධායකට දැනුම් දී තිබේ.  නැති නමි තහනම් කරන බවට තර්ජනය කර තිබේ.

විදෙස් වෛද්‍ය උපාධිධාරීන්ට වෛද්‍ය මණ්ඩලය බැන්ද වැට - ශ්‍රේෂ්ඨාධිකරණය කඩා දමයි.

                          
 
                                                                                                                                              

විදේශීය සරසවි වලින් වෛද්‍ය උපාධිය ලබාගෙන, රටට පැමිණෙන, වෛද්‍යවරුන්, ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුයි. එම ලියාපදිංචිය ලබාගැනීමට, වෛද්‍ය මණ්ඩලය විසින් පවත්වනු ලබන, වෛද්‍යවරයෙකු වශයෙන් ලියාපදිංචිය සඳහා වූ විභාගය (ERPM) සමත්විය යුතුය.

මෙම විභාගයට පෙනී සිටීම වෛද්‍ය උපාධිය තිබුනද ඒ සඳහා මූලික සුදුසුකම් සපුරාලිය යුතු බවට වන, වෛද්‍ය මණ්ඩලයේ තීරණය මගින්, තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන ලද වෛද්‍ය උපාධිධාරීන් 17 කුගේ, පෙත්සම් හතරක් පිළිබඳ තීන්දුව පසුගියදා ප‍්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) නීතිය පසිදලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද නීතියේ රැුකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේ ය හා 14 (1) (උ) එකලාව හෝ අන් අය සමග යම් නීත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස; වෛද්‍ය මණ්ඩලය ප‍්‍රධාන වගඋත්තරකරුවන් උල්ලංඝණය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විය.

2020.07.23 වන දින ලබාදෙන ලද මෙම තීන්දුවෙන්, එම වෛද්‍ය උපාධිධාරීන්ට ෑඍඡුඵ විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන ලෙසට ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය නියෝග කර ඇත.

 


"විලාසිතා යුනිට්” එකෙන් KG කෑලි 10 ට හෙරොයින් ග‍්‍රෑම් 21 ක් ආදේශ කරලා




ත්ද්‍රව්‍යය ජාවාරම මැඩලීමට සමගාමිව සිදුකරන බොරු නඩු දැමීම වසංගතයක් බවට පත් වෙලා.


බොරු නඩු දැමීම, පොලීසියට ආයතන ගත වූවක්. එයට යුක්තිය පසිඳලීමේ සමස්ථ කි‍්‍රියාවලියටම අනුගතය.

ඇයට අවු: 20 කි. සැමියාට අවු: 24 කි. සැමියාගේ මව, පියා, සොහොයුරා, හෙරොයින් ජාවාරමේ කොටස්කරුවන්ය.

ත‍්‍රී රෝද රථ රියදුරෙක් වූ සැමියාට, කොරෝනාව නිසා මුහුණ දුන්න අග හිඟකම් වලින් මිදෙන්නට, ණඨ විකුණන්නට පෙළඹුන බවයි  බිරිඳ කියන්නෙ.

මේ වන විට, ඔහු බන්ධනාගාරගතව සිටී. සිද්ධිය අදාළ බිරිඳගේ පැමිණිල්ල බොහෝ දේ කියවේ.  


ගල්කිස්ස, පොලිස් විලාසිතා යුනිට් එක, KG වලට අත්අඩගුවට ගෙන, කුඩු ආදේශ කර, DO ගැස්සවීම, පොලිස් අපරාධ, නතර කරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

*******යා සිල්වා, අවු: 20, ජා.හැ.අ. ********00, විවාහක, දරුවන් නැත, රැුකියාවක් නැත. ලිපිනය: ******, රත්මලාන.

2020.07.28 වන දින දීය.

****** සඳකැලූම්, අවු: 24 යි, ජා.හැ.අ. *********, ත‍්‍රිරෝද රථ රියදුරු, මාගේ සැමියා වේ. 

2020.07.26 වන දින උදේ 8.50 ට පමණ, කාන්තාවක් සමග, හත් දෙනෙක් පැමිණියා. අපි ීඔත්‍ එකෙන් කිව්වා.

සැමියාගේ අත් පිටුපසට කර මාංචු දැම්මා. මාව, කාන්තාව වාඩි කෙරෙව්වා. සැමියාගේ අවු: 3 ක් වන නංගිව මා ළඟ තිබ්බා.

එ් සියලූ දෙනාම සිටියේ සිවිල් පිට. එම පිරිස තම අනන්‍යතාවය හෙලි කළේ එක් අයෙකුගේ දුරකථන අංකය දුන්නා. එය ********** වේ. 

කොණ්ඩ වවලා, ඇඟ පුරා ටැටූ ගහලා තිබුනා. පසුව දැනගත්තා, ඔවුන් ීඔත්‍ එකේ නොවන බවත්, ගල්කිස්ස පොලීසියට සම්බන්ධ විලාසිතා යුනිට් එකේ අය බවත්.

මාගේ සැමියාගේ, තාත්තා වන ***, මව වන **** හා අයියා ***** යන තිදෙනාම හෙරොයින් ජාවාරම් කරන ලද අය වන අතර, ඔවුන් දැනට සිටින්නේ බන්ධනාගාරයේය.

මාගේ සැමියා හෙරොයින් ජාවාරමට සම්බන්ධයක් නැත. ඔහු ආර්ථික අමාරුකම් නිසා ණඨ විකුණනවා. අත්අඩංගුවට ගන්නා විට ඔහු ළඟ තිබූ ණඨ කෑලි 10, විලාසිතා කණ්ඩායමට බාර දුන්නා.

එසේ තිබියදී, ඔවුන් ගේ සැම තැනම සෝදිසි කළා. බිත්තියේ සවිකර තිබූ අඟල් 32 රූපවාහිනිය ගලවා අරන් ඇඳ උඩට විසි කළා.

ඊට පස්සෙ, වත්තට ගොස්, පරෙයි කූඩුව යට තිබූ බව කියමින්, හෙරොයින් කියා, ෂොපින් බෑග් දෙකක් ගෙන ආවා.

එ්වායේ කැට 10 බැගින් ම`ඵ දෙකක් තියෙනවා කිව්වා.

ඉන්පසු ඔහුව ප‍්‍රදේශයේ පිරිස් බලාගෙන සිටියදී ගල්කිස්ස පොලීසියට ගෙන ගියා.

අවට පිරිස්, අත්අඩංගුවට ගත් කැටවල කුඩු ද තියෙන්නේ කියා පරීක්ෂා කරන්නට ද ඉල්ලා සිටියා. ඔවුන් සියල්ලෝම කියා සිටියා, මගේ සැමියා ”කුඩු” ජාවාරම් නොකරන බව.

ගල්කිස්ස පොලීසියේදී, දැන ගත්තා, සැමියාගෙන් ලබාගත්තු ණඨ කෑලි 10, විලාසිතා කණ්ඩායම් තියාගෙන, සැමියා ළඟ හෙරොයින් මි.ග‍්‍රෑ. 21000 ක් (ග‍්‍රෑම් 21 ක්* තිබූ බවට, බොරු චෝදනා නගා ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දින 07 රැුඳවුම් නියෝග ලබාගත්තා. දැනට ඔහු ගල්කිස්ස පොලීසියේ රඳවාගෙන සිටිනවා.

මා ප‍්‍රකාශ කරන්නේ, සැමියා කළ වරද, එනම් ණඨ ළඟ තබාගැනීම ගැන චෝදනා නැගුවා නම් අප එය පිළිගන්නවා කියා.

සැමියා ළඟ නොතිබූ, සැමියා කිසි දිනෙක නොකළ වරදකට, එනම් හෙරොයින් මි.ග‍්‍රෑම් 21000 ක්, ළඟ තබා ගැනීම යන බොරු චෝදනාව දැමීම අපරාධයක්.

සැමියා ළඟ තිබූ ණඨ කෑලි 10 ට මොකද වුනේ කියා විමර්ශනය කරන්න.

මාගේ සැමියාව, නිරපරාදේ බන්ධනාගාරගත කරවීම වළක්වන්න පු`ඵවන් එකම ක‍්‍රමය නම් ඔහු ළඟ තිබූ බව කියන, හෙරොයින්, නොපමාව රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාව ලබාගන්නා ලෙසට නියම කිරිමය.

අද වනතුරු පොලීසිය, අත්අඩංගුවට ගත් බවට කියන, හෙරොයින් උසාවියට ඉදරිපත් කර නොමැත.

පුද්ගලයින් නිරපරාදේ බන්ධනාගාරගත කරවීම මගින්, පොලීසියද සෘජුව සම්බන්ධ මත්ද්‍රව්‍යය ජාවාරම නතර කළ නොහැකි බව ප‍්‍රකාශ කරමි. 

කඩිනමින් මාව, ඔහුගේ අවු: 14 ක් වන මල්ලී හා අවරුදු 3 ක් වන නංගීව ජීවත් කරවන, සැමියාව, මුදා හැරීමට පියවර ගන්නා ලෙසද, විනාශ කළ රු: 40,000/- ක් වන රූපවාහිනියේ, වන්දිය ලබාදෙන ලෙසද ඉල්ලමි.

මෙයට,

************* සිල්වා 

දෙවන ලෝක යුද්ධයේ පරමාණු බෝම්බය දම්මපු හැටි.


ජපානයේ පර්ල් වරායට එල්ල කල බෝම්බ ප්‍රහාරයට පිළිතුරු දුන්නේ, හිරොෂිමා හා නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ හෙලමින් ය.

එම අවස්ථාවට එක් වූ, අද ජීවතුන් අතර සිටින කීප දෙනෙකුගේ කතාව.

george floyd - Police bodycam footage


Monday, August 3, 2020

දින 11 කට පසු සම්පායෝ අත්අඩංගුවට...


සම්පායෝ අහන ප්රශ්ණය හරි. නීතිපති කුලප්පුව ගැන කථා කරමු. අවු. 20ක් ගිහිල්ලති අල්ලන් බැරිවෙන්න ඇප දිලා නිදහස් කරලා, නිදහසේ ඉන්න දිලා තියෙන චුදිතයෝ ගැන නීතිපතියා දන්නේ නැද්ද. සම්පායෝ අහන ප්රශ්ණය හරි.

Sunday, August 2, 2020

කොරෝනාව පාලනයෙන් ආණ්ඩුව අසමත්




ලෝක වසංගතයක් ව පවතින කොරෝනාවෙන් ආසාධිත සංඛ්‍යාව 2020.08. 01 දිනට 18, 020, 684 ක් බවට පත්ව සිටි. එමෙන්නම  ශ‍්‍රී ලංකාව තුළ මෙන්ම වසංගතය ”දේශපාලනීකරණය” වී ඇත. 

‘‘ජාත්‍යන්තරය" ලෙසට ඉරාන් වික්‍රමරත්න පිළිගෙන සිටින යුරෝපය, ඇමෙරිකාව කොරොනා පාලනයෙන් අසමතවිම වසා ගැනිමට නොදියුණු හෝ දියුණුවන ලෙසට වර්ග කර ඇති රටවල කොරොනා පාලනය අවතක්සෙරු කිරිමට කියන්නේ දත්ත පිළිගත නොහැකි බවයි.  ඉරාන් වික්‍රමරත්න අප රටේ දත්ත එම  ‘‘ජාත්‍යන්තරය"  පිළිගන්නේ නැති බව කියයි.

කොරෝනාව පාලනය සම්බන්ධයෙන් ආණ්ඩු අසමත්ද? නැද්ද? යන්න නිගමනය කළ හැකි එක් පිළිගත් ක‍්‍රමවේදයකි සෙසු රටවල් හා කරනු ලබන සංස`දය.

ඒ සඳහා ප‍්‍රයෝජනවත් ලෝක සෞඛ්‍යය සංවිධානයේ දත්ත පහත දක්වන්නේ ඔබට තීරණ ගැනීමටය. 

රෝග සුව වීමේ ප‍්‍රතිශතය.

1. ශ‍්‍රී ලංකාව         - 86.64%
2. රුසියාව         - 76.47%
3. බ‍්‍රසීලය                 - 69.55%
4. ද.අප්‍රිකාව         - 68.04%
5. ඉන්දියාව         - 65.46%
6. ලෝකයේ         - 62.87%
7. ඇමෙරිකා එක්සත් ජනපදය - 49.6%

මරණ අනුපාතය : සෑම රෝගීන් 100 කට මිය ගොස් සිටින සංඛ්‍යාව.
සමස්ථ ලෝකය පුරාම, රෝගීන් 100 කට 5 කු මියගොස් තිබේ. - 4.9%

1. ඇමෙරිකා එක්සත් ජනපදය - 3.82%
2. බ‍්‍රසීලය         - 3.81%
3. පේරු         - 3.89%
4. ඉන්දියාව - 2.55%
5. රුසියාව - 1.59%
6. ලංකාව         - 0.41%

තවමත් රෝගීන් සංඛ්‍යාවට අනුව පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එම සංඛ්‍යාව 2020.07.27 ට, 4,371,839 කි. දෙවන තැන බ‍්‍රසීලයට හා තෙවන තැන හිමිව ඇත්තේ ඉන්දියාවටය. 
ශ‍්‍රී ලංකාව සිටින්නේ 112 වන ස්ථානයේය.

ලොව කොරෝනා ආසාධිතයින් සිටින රටවල් සංඛ්‍යාව 215 කි.

රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යාව අතින් පළමු ස්ථානයේ සිටින ඇමෙරිකාවේ, මේ වන විට, මරණ 149,849 ක් සිදුව ඇත. දෙවන තැන බ‍්‍රසීලයට හිමිවන අතර, තෙවන තැන ගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයයි. එරට මරණ 45,752 ක් වාර්තා කරමින්ය.

කොරෝනාවෙන් ලෝකය පුරාම, ජනගහනයෙන් මිළියනයකට 76 කු මරණයට පත්ව සිටී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව 426 කි. 
බ‍්‍රසීලයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව       - 361 කි.
එංගලන්තයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 664 කි.
ඉන්දියාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 19 කි.
රුසියාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 82 කි.
කියුබාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 8 කි.
ශ‍්‍රී ලංකාවේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 0.5 කි.
බුරුමයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව        - 0.1 කි.
වියට්නාමයේ , මිළියනයකට මියගොස් ඇති සංඛ්‍යාව - 0 කි.

මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකිය. වෙනස් වීම හොඳ අතට හෝ නරක අතට හෝ අතට විය හැකිය.

කොරෝනාව පාලනයට යටත් කර ඇති රටවල, කොරෝනා ආරම්භක රට ලෙසට, සලකන චීනයේ, වසංගතය පාලනය කර ඇතිවා පමණක් නොව, එරට ආර්ථිකය වර්ධනය වී තිබේ. ආසාදිත සංඛ්‍යාව 83,660 කි. මරණ සංඛ්‍යාව 4634කි. සුවය ලැබු සංඛ්‍යාව 78,775කි.

වසංගතය පාලනය සඳහා එන්නතක් සොයා ගැනීමේ තරඟයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ එංගලන්තය බව ප්‍රසිද්ධ කර තිබේ. රුසියාව ලබාගෙන තිබෙන ප්‍රගතිය ප‍්‍රධාන මාධ්‍ය ජාලයන්, (MSM,) ය නොසලකා හැර තිබේ.

එක් එක් රටවල කොරෝනා පාලනය සම්බන්ධයෙන් ගත් පියවර අසමත් ද යන්න සහා එය දේශපාලනීකරණය කිරීමට විපක්ෂයන් ගන්නා උත්සහායන්  පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබේ. මෙහිදි කොරෝනා පාලනය පිළිබඳ කරන ප‍්‍රකාශන හා ඒ ඒ දේශපාලන පක්ෂවල මතවාද සැළකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.

රෝග වැළැක්වීම හා සුව කිරීම යන දෙකටම මුලිකත්වය දියයුතු වන අතර, සෙසු රෝග මෙන්ම, වසංගතයේදී මූලිකත්වය දිය යුතු වන්නේ වැළැක්වීමට අනුගමනය කරන පිළිවෙත් වලටය.  එම ක‍්‍රියා අවතක්සේරු කිරිම මගින් ප‍්‍රකාශ වන්නේ ජනතාවගේ ‘‘ජිවිතය’’ සම්බන්ධයෙන් දරන ආකල්පයි. අතීතයේ මිනිස් ජිවිත අහිමිවීම හා අහිමි කිරිම යන අවස්ථා වලදි මෙම මත දරන්නන් ගේ ක‍්‍රියා කලාපයන් සිහිපත් කිරිම තුලින් එම කරුණ පැහැදිලි වන්නේය.

 අප රට තුල ක්‍රියාත්මක වු රොග වැළැක්විම - ඉරාන් වික්‍රමරත්න, රනිල්, සජිත් අනුගමනය කරන, දෙශපාලන මතවාදයට පහරකි.  
එමෙන්ම තම මතයට/ඇදහිමට විරුද්ධ අය ජිවත් විය යුතු නැති පිරිසක් බවට වන ඇදහිල්ලට අනුව ද ජිවත්විමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙසට පිළිගැනිම ප්‍රතිෂේප කරයි.  
එම නිසා ජිවත්විමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙසට නොලසකන "මානව හමිකම්" ගැන බරපතල ලෙසට අවධානය යොමු කළ යුතුය. 

මේ සියල්ල සැලකිල්ලට ගෙන කොරෝනාව පාලනය සම්බන්ධයෙන් ආණ්ඩු අසමත්ද? නැද්ද? යන්න නිගමනයට පැමිණෙන්න.

Saturday, August 1, 2020

අයිස් ගහන සැමියාගෙන් ගැලවුනු බිරිඳට රැකවරණය දුන් පුංචි අම්මාට, මරණීය තර්ජන.




ඇගේ වයස අවු: 28 යි. දරු දෙදෙනෙකුගේ මවක්. සැමියා, ගංජා වලට, අයිස් වලට ඇබ්බැහි වෙලා. ඔහු ජිවත් වන්නේ, විදෙස්ගතව සිටින පියා එවන සල්ලි වලින්. ඇසුරු කරන්නේ මතට ඇබ්බැහිවුවන්  - පාතාල සාමාජිකයින්. 

මෙම පසුබිම යටතේ, සැමියාගෙන් වෙන්ව, පුංචි අම්මාගේ රැකවරණය ලබාගත් ඇයගේ කථාව හෙලි කරන්නේ මත්ද්‍ර්‍යය ජාවාරමේ තවත් පැතිකඩක්.

‘‘ධවල’’  පුංචී, නමින් ප‍්‍රකට බරපතල අපරාධ වලට බන්ධනාගාරගතව සිටි ඥාතියෙකු, මේ වන විට ‘‘නිදහස්ව” පැමිණ තිබේ. ඔහු හා ඔහුගේ සහචරයින්, KG, අයිස්, හෙරොයින් ජාවාරමෙ නියැලෙති. එම පිරිස ගැන සියලූම තොරතුරු, ප‍්‍රදේශයේ සියලූම පොලීසි දනිති. ඔවුන්ගේ සහචරයින්ව, වරින් වර, අත්අඩංගුවට ගෙන, ග‍්‍රෑම් 01 කට අඩු ප‍්‍රමාණයක් සන්තකයේ තිබූ බවට කියමින්, උසාවියට ඉදරිපත් කරන බවත්, දඩය ගෙවා, එළියට ට ඒමට ඉඩ දෙති. 

විදෙස් රටවල සිටන සිය නායකයින්ට, මුදල් යැවීමට වානිජ බැංකු යොදා ගනිති. මෙම කණ්ඩායම, ප‍්‍රදේශයේ පොලීසි සමග මෙන්ම, විශේෂ කණ්ඩායම සමග සම්බන්ධ බවද පවසති.

මේ ඇගේ කථාවයි.

ඉතා රහසිගතයි

ආරක්ෂක ලේකම් වෙත.

සැමියා සහ සැමියාගේ කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත් කිරීම හා පුංචි අම්මාට මරණීය තර්ජන කිරීම.

2020.07.24 වන දින දීය.

මා විවාහ වී වසර 10 ක් ගතව තිබේ. දැනට වසර 4 ක පමණ සිට විවිධ මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙකි. මේ වන විට, ඔහු තවත් පිරිසක් සමග එක්ව මත්ද්‍රව්‍යය භාවිතා කරනු ලැබේ.මේ වන විට, ඔහු අයිස් මත්ද්‍රව්‍යයට දැඩිව ඇබ්බැහිව ඇති අතර, අයිස් නොමැති විට, පෙති වර්ග ගෙන භාවිතා කරනු ලැබේ.

මොහු සමග ප‍්‍රබල මත්ද්‍රව්‍යය ජාවාරම් කාරයින්ද සිටී. එක් අයෙක්, වසර 14 කට ආසන්න කාලයක් අච්චු විඳ, දැනට නිදහස්ව පැමිණ ඇති, ----- නමින් ප‍්‍රකට ------- වේ.

සැමියාට අයිස් සපයනු ලබන්නේ පානදුර, හිරණ පාරේ, -- නැමති සංවිධානාත්මක අපරාධකරුවාගෙනි.

මෙම පසුබිම යටතේ සැමියා සමග එකට ජීවත් වීමට නොහැකි නිසා, 2020.*.* වන දින, මා ඔහුගෙන් වෙන්ව, ඉහත ලිපිනයේ පිහිටි, මාගේ මවගේ නිවසට පැමිණියා. මාව බලා ගන්නේ ආච්චි ය. දැනට මාගේ මව පදිංචි ** වන අතර, ඇය එවන මුදලින් ජීවත් වෙමි.

සැමියාගෙන් වෙන් නොවන ලෙසට ඔහු වටා සිටින, ඉහත සඳහන් පිරිස බල කරන අතර, 2020.**.** දින, රාත‍්‍රියේ සැමියා, ---- මල්ලී ---- හා ---- සිට පැමිණ සිටින, ---- ගේ පුතෙක් වන ------ යන අය පැමිණ, මාව බලයෙන් රැගෙන යෑමට උත්සාහ කරන ලදි.

මා ඔවුන්ගෙන් මිදී පලා යන ලදි. ඉන් අනතුරුව මාව, මරා දැමීමට හෝ ඔහුට බාර දෙන බවත්, මට කුඩු දමා අල්ලා දෙන බවත්, ------ ගෙදරට පැමිණ කියා යන ලදි.

එපමණක් නොව, මා දැනට සිටින, මාගේ පුංචි අම්මා වන, *****, ඔහු මරණ තර්ජන කරන ලදි. ඇය ** හැවිරිදි, ඉහත ලිපිනයේ පදිංචි, දෙදරු මවකි, රැකියාව: --- වේ. 2020.**.** වන දින සවස 6.00 ට පමණ, එම නිවසට ----- පැමිණ, ඇයගේ ------ ගිණි තබන බවත්, කුඩු දමා යවන්න  ඕන තැනට යවන බවත් කියමින් තර්ජනය කරන ලදි.

මාගේ පුංචි අම්මා වන, ****, මෙම තර්ජනය ගැන, 2020.**.** වන දින *** පොලීසියට පැමිණිලි කරන ලදි.

මෙම තත්ත්වය මත, මෙම සංවිධානාත්මක අපරාධ හා මටත් මාගේ පවුලේ උදවියටත් තිබෙන තර්ජන ගැන ප‍්‍රදේශයේ පොලීසියකට ගොස් පැමිණිලි කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.

මා දන්නා තරමින්, මෙම පිරිස පොලීසිය සමග පමණක් නොව මත්ද්‍රව්‍ය නාශක අංශය හා විශේෂ කාර්ය බලකාය සමග ද සම්බන්ධය. මෙහිදී, මාගේ පුංචි අම්මා ට තිබෙන තර්ජනය පිළිබඳව විශේෂයෙන් සඳහන් කරමි.

මා ඉල්ලා සිටින්නේ,

මෙම පුද්ගලයන්ගෙන් මා හට ආරක්ෂාව සලසා දෙන ලෙසටය.

මෙයට,
*****