Friday, May 29, 2020

න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කිරීමට ඇමෙරිකාව සූදානම් වෙයි.



28 වසරක නිහඬතාවය අවසන්.

ඇමෙරිකාව හා රුසියාව මුලිකව අතර ඇතිකරගත් එකඟතාවයට අනුව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් අත්හිටවන ලද්දේ මීට වසර 28 කට පෙරය. එ් අවි තරඟය සීමා කිරීමටය.

ට‍්‍රම් පාලනය එම එක`ගතාවයන් ඉවත දමා නවීන න්‍යෂ්ටික අවි අත්හදා බැලීමට සූදානම් බව එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කර තිබේ.

මෙම අත්හදා බැලීම් මගින් රුසියාවට හා චීනයට බලපෑම් කිරීම අරමුණ වී තිබේ. 

නමුත් සිදුවන්නේ එම රටවල්ද තම නවීන න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් ආරම්භ කිරීමය.

මෙම අත්හදා බැලීම් වායු ගෝලයේ, මුහුදේ හා පෘතුවි අභ්‍යන්තරය සිදුකරනු ඇත. ඒ මගින් සිදුවන ඵල විපාක වලට මු`ථ ලෝකායාටම අත්විඳීමට සිදුවේ. 

   

කුඩු විකිණූ බවට පැමිණිලි තියෙන නිසා රිමාන්ඞ් කරනවාලූ !


 
කුමාර පින්තාරු කරන්නෙක්. එම වැඩ නැති දින වලට ත‍්‍රීරෝද රථය හයර් කරනු ලබයි.

තිදරු පියෙක් වන 35 හැවිරිදි කුමාරට හිරණ පොලීසිය මෑතක සිට කුඩු විකුණන බවට චෝදනා කරන්නට පටන්ගෙන තිබේ.

හිරණ පොලීසියේ රාජපක්ෂ නැමති නිලධාරියා ඔහුට ප‍්‍රකාශ කර ඇත්තේ කුඩු විකුණන බවට පැමිණිලි 11 ක් තිබෙන බවයි.

තවත් පැමිණිල්ලක් ලැබුනොත් අත්අඩංගුවට ගෙන කුඩු දමා උසාවිය මගින් රිමාන්ඞ් කරන බවට එම නිලධාරියා තර්ජනය කර ඇත.

මේ පිළිබඳව ඔහු වගකිව යුත්තන්ට පැමිණිලි කර ඇත. සාධාරණයක් ඉටු වේ යැයි අපේකෂාවෙන් සිටී.

අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නැගීම් වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.

කුමාර, අවු: 35 යි, ජා.හැ.අ., විවාහක, දරුවන් 03 යි, රැුකියාව: පින්තාරු කිරීම හා ත‍්‍රීරෝද රථ රියදුරු. ලිපිනය : පානදුර. දු.අ.-----

2020.05.18 දිනදීය.

2020.05.17 දින, හිරණ පොලිසියේ රාජපක්ෂ නැමැති නිලධාරියා තවත් නිලධාරියෙකු සමග, සිවිල් ඇ`දුමින් නිවස ඉදිරිපිටට පැමිණියා. ඔවුන් මට කතා කර, පාරට එක්කගෙන ගියා. එහිදී, රජපක්ෂ නැමැති නිලධාරියා මට කිව්වා උඹ කුඩු විකුණනවා නම් නවත්වපන්, අපිට පැමිණිලි තියෙනවා කිව්වා. පැමිණීලි 11 ක් තියෙනවා කිව්වා.

මා ඔවුන්ට ප‍්‍රකාශ කලා, මා කිසි දිනෙක කුඩු හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවක යෙදෙන්නේ නැති බව.

එය ප‍්‍රතික්ෂේප කල ඔවුන්, කවුරු හරි කුඩු එක්ක අසුවී, ඒ පුද්ගලයා මාගෙන් කුඩු ගත් බව ප‍්‍රකාශ කලහොත් අරන් ගිහිල්ලා හයිකෝට් එකක් දාන බවට තර්ජණය කරනු ලැබුවා. 

මාහට විරුද්ධව මොනයම් ආකාරයෙන් හෝ පැමිණිල්ලක් නැති බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා පින්තාරු වැඩට අමතරව, එනම් එම වැඩ නැති දිනවල, මා ත‍්‍රී රෝද රථය හයර් කරනු ලැබේ. මා එසේ හයර් කරනු ලබන්නේ හිරණ පොලිසිය අසල සිටය.

මා මේ වන විට, නිවස තනාගෙන යනු ලැබේ. ඒ ස`දහා මා ණය ලබාගෙන ඇත. ඒ හා අදාළ සියලූ ලේඛණ අප සතුව තිබේ.

මා ඉල්ලා සිටින්නේ, යම් අයවලූන්ගේ අවශ්‍යතා මත ව්‍යාජ චෝදනා නගා, පීඩාවට පත් කිරීම වලක්වාලන ලෙසටය.

ඉහත තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

අ.ක/කුමාර.







දෙවෙනි ලෝක යුද්ධයේදී පණ බේරාගත් හිට්ලර්ගේ කිඹුලා 84 වසරක් ආයු වලඳා මොස්කව් වලදී සමුගනී.



දෙවන ලෝක යුද්ධ සමයේ බෝම්ම ප‍්‍රහාර වලින් බර්ලින් සත්ත්ව උද්‍යානයට ගැලවීමක් නොවීය.

එහි සිටි සැටර්න් කිඹුලා වසර තුනකට පසුව බි‍්‍රතාන්‍ය සොල්දාදුවෙකුට හමු විය. සැටර්න් නම් කිඹුලා ඇමෙරිකාවෙන් ජර්මනියට ලැබුනු තෑග්ගකි. කිඹුලාව සෝවියට් හමුදාවට බාර කෙරින. ඉන්පසු සැටර්න් කිඹුලා හැදී වැඩුනේ මොස් සත්ත්ව උද්‍යානයෙහිය.

පසුගියදා හිට්ලර්ගේ කිඹුලා බවට ප‍්‍රකට වූ කිඹුලා වයස්ගතව මිය යන ලදි. ඌගේ වයස අවු: 84 කි.



Monday, May 25, 2020

දින 230 ක් රිමාන්ඞ් කර තිබ්බේ ජාත්‍යන්තර පාසලක හා පොලීසියේ වුවමනාවට




තම දුෂ්ඨ අභිප‍්‍රායන් ඉටු කර ගන්න උසාවිය පාවිච්චි කරන්නට හැකි බව පොලීසිය ප‍්‍රසිද්ධියේ කියති.
එහි සත්‍ය අසත්‍ය බව නිගමනයකට එළඹෙන්නට සමාජ වද්‍යාඥයින් උනන්දුවක් දක්වන්නේ නැත්තේ මෙය ”ක‍්‍රමය” පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය උපාංගයක් නිසාද?
විවිධ හැකියාවන් ඇති පුද්ගලයෙකි සාගර. ඔහු ඉංග‍්‍රීසි උපකාරක පන්ති ගුරුවරයෙකි. එයට අමතරව දේවාලයක් පවත්වාගෙන යන අතර, සාත්තරද කියති.
දුරස්ථ පාලකයකින් ගේට්ටුව අරින වහන, මොහුගේ නිවස බුදුමැදුරකින් සමන්විත එක්තරා අන්දමක පූජා භූමියකි.
ඔහුගේ එකම පුතා දක්ෂයෙකි. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබයි. මේ අතර, ඉංග‍්‍රීසියෙන් ලැබුන පුතාගේ පොත් ලැයිස්තුවේ, වැරදි ඉංග‍්‍රීසි යෙදුමක් පෙන්වා දෙන්නට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය සමග ඇතිවූ කථා බහ දුරදිග ්‍යන ලදි.
ඵීදුහලේ අයිතිකරු නීතිඥයකු බවත්, ඔහු රටේ ඉහළම අධිකරණයේ නඩුකාරයෙකුගේ (දැනට ජීවතුන් අතර නැත* පුතෙකු බවත් ප‍්‍රකාශ වේ.
ඔහුගේ බිරිඳ විදුහල්පතිනියය. ජාත්‍යන්තර පාසලේ සියලූ කටයුතු අඹු සැමි පාලනය යටතේ පවතී.
ත්‍මම කාලයේදීම, මොහු විසින් ආරම්භ කරන ලද ඉදිකිරීම්වල කොන්ත‍්‍රාත්තුව බාරගෙන තිබූ පුද්ගලයා වැඩ අතපසු කිරීම නිසා, මතභේද හටලෙන තිබින. කොන්ත‍්‍රාත්කරුගේ පියා පොලිස් නිලධාරියෙකි. ඔහු පුතාගේ ප‍්‍රශ්නය දැනගෙන සිටින ලදි. 
මේ පසුබිම යටතේ, ෙදාඩංගොඩ පොලීසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරන්නේ, ගෙදර තිබූ රතිඤ්ඤ කිහිපයක්හා එ් ඉතිරි කොටස් සමගය.
දරුවෙකු පැහැරගෙන යෑමට කුමන්ත‍්‍රණය කිරීම හා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම යන චෝදනා යටතේය.
එම චෝදනා යටතේ ඔහුව රිමාන්ඞ් භාරයට පත් කරයි. රිමාන්ඞ් භාරයේද ඔහුට ලබාදිය යුතු ප‍්‍රතිකාර ලබාදීම කුමන්ත‍්‍රණකාරීව වළක්වාලයි.
කොරෝනා වසංගතය සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ, නීතිඥවරුන් රහිතව විනිසුරු ඇමතීමට අවස්ථාව ලැබේ.
එ් අවස්ථාව ඔහු උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගෙන කරුණු කියා සිටී.
ක`ඵතර මහාධිකරණය ලිහිල් ඇප මත ඔහු මුදාහරින ලෙසට මහේස්ත‍්‍රාත්වරයාට නියම කරයි. 
ශරීර ඇප මත මුදාහැරීමට නියම කර මහේස්ත‍්‍රාත්වරයා එම නියෝගය බන්ධනාගාරයට යවන ලදි. බන්ධනාගාරය කියන්නේ නඩු අංකයේ දෝෂයක් තියෙන නිසා මුදාහැරීම ප‍්‍රමාද වන බවයි.
නමුත් එක්තරා මිළකට, දෝෂය නිවැරදි කරන බන්ධනාගාරය මොහුව මුදා හරී. 
මොහු මේ පිළිබඳව ලිඛිතව මානව හිමිකම් කොමිෂම හා පොල්ස්පතිට දැනුම් දී ඇති අතර, නීතිපති අවධානය යොමු කිරීමටද බලාපොරොත්තු වේ.

කූඩුවේ ඉන්න පුතාව පෙන්නන්න සිගරට් 04 ක්, බුලත් විට 02 ක්, මදුරු කොයිල් පැකට් 01 ක් හා ගිණි පෙට්ටියක් ඕන කිව්වා.


 


  
මේ පසුගියදා කඵතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයකුගේ මවක් කියන කථාව.
22 හැවිරිදි තම පුතාව වරදට යොමු කළේ පොලීසිය බව ඇය කියා සිටී.
අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරලතව සිටින අපරාධ සැකකරුවෙකුගේ හා පොලීසිය සමග කිට්ටු සම්බන්ධයක් පවත්වන තරුණ බිරිඳගේ අවශ්‍යතාවය මත බවද ඇය කියා සිටී.
මෙම කාන්තවට, පොලීසිය ගෙදර වගේ යැයි කියන අත්අඩංගුවට ගත් තම පුතාව බලන්නට ඔහුගේ බිරිඳටවත් ඉඩ නොදුන් බව ද ප‍්‍රකාශ කරයි.
නිරෝධායන ඇඳිරි නීතිය නොතකා පොලීසිය ඉදිරිපිටට වී සිටන විට, රාත‍්‍රී 10.00 ට පමණ, රිසව් එකේ පොලිස් නිලධාරියා තමන්ට කථා කර, පුතාව පෙන්නන්න නම්, සිගරට් 04 ක්, බුලත් විට 02 ක්, මදුරු කොයිල් පැකට් 01 ක් හා ගිණි පෙට්ටියක් ගෙනත් දෙන්න යැයි ඉල්ලා සිටි බවද ඇය කියා සිටී.

මෙම සාධාරණ ඉල්ලීම ඇය ඉටු කළ පසු, තමාටත්, පුතාගේ බිරිඳටත් පුතාව බැලීමට ඉඩ දුන් බව කියා සිටී.

මව හා බිරිඳ මේ පිළිබඳව පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට ලිඛිතව පැමිණිලි කර ඇත.
එම පැමිණිලි පහත දැක්වේ.
  

මුවා තාම ඉන්නවද දන්නෑ.



රන්ජන් ලැග්ගෟ  රාජිත ලගිනෟෟපල්ලන්සේන බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානය
තරුණ වරද කරුවන් විශේධනය සඳහා වු මෙම බන්ධනාගාරයල කොරොනා වසංගතය හමුවේ ,නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ.


ඉහත දැක්වෙන්නේ  2010 දී ගත් ඡායාරූපයකි.

Thursday, May 21, 2020

නව කොරෝනාව යටපත් කරමින් උත්සන්න කරන සීතල යුද්ධය


ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකා ෆර්ස්ට් ප්‍රතිපත්තිය හමුවේ නව කොරෝනා වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින ඇමරිකාව, මේ වනවිට මිය යන රෝගින් ගේ සංඛ්‍යාව අතින් පළමු තැන ගෙන තිබේ. මේ වන විට 100,000 ඉක්මවා ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස් දහස ඉක්මවනු ඇති බවට පුරේඛතනය කර තිබේ.

 

ඇමෙරිකාවට පසුපසින් සිටින්නේ අනුගාමික රටවල් වන බ්‍රසිලය හා එංගලන්ත යයි.  ඇමරිකාවේ ජනගහනයෙන් සෑම මිලියන එකටම 268 දෙනෙකු මියගොස් තිබේ. ස්පාඤ්ඤයේ 587 කි. ඉතාලිය 523 ක් වන අතර එංගලන්තයේ 500කි. රුසියාවේ 17කි. ඉතා දියුණු ආදර්ශමත් රටවල් ලෙසට සැලකෙන ඩෙන්මාර්ක් හි 93 වන අතර නෙදර්ලන්තයේ සංඛ්‍යාව 329. චීනයේ මෙම සංඛ්‍යාව 03කි. ඉන්දියාවේ 82 ක් වන අතර ලංකාවේ 0.4 කි.

 

වසංගත ව්‍යාප්තිය අදාල ප්‍රමාණය ප්‍රමුඛයා බවට පත්ව සිටින ඇමරිකා අනුගමනය කරන, ලෝක බලවතාගේ තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා තමන්ට අවනත නොවන රටවල් අස්ථාවර කිරීමේ ප්‍රතිපත්තියේ සිටිමින්, සම්බාධක පැනවීම, තර්ජනය කිරීම හා පාලන ආණ්ඩු වෙනස් කිරීමට,  සමගාමීව තව න්‍යෂ්ටික අවි නවීකරණය කිරීමට පටන් ගෙන තිබේ. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා රුසියාව හා චීනය සිය යුධ ශක්තිය වර්ධනය කිරීමට පියවර ගෙන ඇත. චීනය සිය න්‍යෂ්ටික අවි නවීකරණය කිරීමට හා වැඩි සංඛ්‍යාත්මකව වැඩි කිරීමටද, නවීන අවි, ගුවන් යානා හා නාවික බලය තර කිරීමට ද පියවර ගෙන ඇත. රුසියාව සිය න්‍යෂ්ටික බලය, මිසයිල හා හයිපර්සොනික් ප්‍රහාරක යානා, න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරක යානා වර්ධනයටද න්‍යෂ්ටික බලය ඇති නෞකා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගනිමින් සිටී. මෙම රටවල් වලට අමතරව ඉරානය සිය යුද ශක්තිය වැඩිකිරීමටත් මිසයිල පද්ධතිය දියුණු කිරීමටත් පියවර ගෙන ඇත. උතුරු කොරියාව අඛණ්ඩව ඇමරිකාවේ සියලු සම්බාධක වලට අභියෝග කරමින් සිය මිසයිල පද්ධතිය වේගයෙන් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. දෙවන ලෝකයේ අවසන් වී වසර 75කි. යුද්ධය අවසානයත් සමඟ මිත්‍ර පාක්ෂිකයන් අතර වර්ධනය වූ සීතල යුද්ධය නැවත වරක් උත්සන්නව තිබේ.

ඇමෙරිකාව නව කොරොනාව සම්බන්ධයෙන් චීනයට එරෙහිව ගෙන යන ප්‍රචාරක හමුවේ චීනය සිය සංවර්ධනය වේගවත් කරමින් සිටී. මෙම සීතල යුද්දේ ප්‍රධාන පංගුකාරයන් වී සිටින්නේ ප්‍රධාන දාරාවේ මාධ්‍යය ( MSM – Main Stream Media ) ලෙසට හඳුන්වන බටහිර මාධ්‍ය ජාලයන්ය.

 

ලෝක බලවතාගේ තත්ත්වය තහවුරු කර ගැනීමට ගන්නා පියවර  තුළ, කෙසේ හෝ නව කොරොනාවට එරෙහි එන්නතක් හා ඖෂධ නිපදවීමට පියවර ගතයුතු බවට වාසි බස් දොඩන ට්‍රම්ප්, නිපද වූ වහාම සිය හමුදා යොදවා රට වැසියන් එන්නත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මේ වන විට චිනය ඇමෙරිකාව අනුගමනය කරමින් ද්වෙශසහගත ප්‍රකාශ නිකුත් කරන ඔස්ට්‍රේලියාවෙන් එරටට ආනනයන කරන හරක් මස්, බාර්ලි වලට අය කරන බදු වැඩිකිරිම නිසා ඔසුට්‍රේලියානු ගොවින් අර්බුයට පත්ව තිබේ. ඉදිරියට ඔස්ට්‍රේලියානු කෘෂි නිෂ්පාදන පමණක් නොව ගල් අගුරු ආනයනය ද සිමා කිරිමට තීරණය කර තිබේ. මෙම ද්‍රව්‍යය රුසියාවෙන්, බ්‍රසිලයෙන් හා ඇමෙරිකාවෙන් ආනයනය කිරිමට අපේක්ෂාව බවත් වාර්තිවේ.

 


Friday, May 15, 2020

කලූතර SPG ලීඩර්ට පොහෝට්ටුවෙන් කචල්




නුවන් රසාංග ද සිල්වා - කලූතර සජිත් ප්‍රේමදාස කණ්ඩායම් (SPG) නායකයෙකි.
ඔහු ප‍්‍රකාශ කරන්නේ, පොලිස් නිලධරියෙකු ගේ නීති විරෝධී ක‍්‍රියාවකට එරෙහිව නැගී සිටීම මුල් කරගෙන, පොලිසියේ කොටසක් එක්කරගෙන, බොරු නඩු දාන්න හදන බවයි. 

ඔහු මානව හිමිකම් කොමිෂමට හා පොලිස්පතිට කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දක්වමු. 

දේශපාලන හා පොලිස් නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත, ව්‍යාජ නඩු පැවරීමට ගන්නා උත්සාහය වලක්වාලන ලෙසට කරනු ලබන ඉල්ලීම.
නුවන් රසාංග ද සිල්වා අවු: 37 යි, විවාහක, දරුවන් 03 යි, රැුකියාව : ව්‍යාපාරික. ලිපිනය වස්කඩුව.

2020.05.14 දිනදීය.

මා මාගේ ව්‍යාපාරික කටයුතු වලට අමතර, කලූතර දිස්ත‍්‍රික්කයේ, සමගි ජන බලවේගය පක්ෂයේ (Saith Premadasa Group), එක් නායකයෙකු වෙමි.
දැනට දින කිහිපයකට පමණ පෙර, කලූතර, නාගස් හංදියේදී - වයස්ගත පුද්ගලයෙකුට පොලිස් නිලධාරීයකු සිදුකල පහරදීම සම්බන්ධයෙන්, නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට මා, කලූතර උතුර පොලිසියෙන් ඉල්ලා සිටියෙමි.
ඒ සම්බන්ධයෙන්, එම පොලිසියේ යම් නිලධාරීන් පිරිසක් මා සමග උරනවී ඇත. එමෙන්ම මාගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වය නිසාද, යම් පිරිසක් පොලිසිය සමග එක්ව, මාහට ව්‍යාජ නඩුවක් පැවරීමට, සූදානම් වන බවට විශ්වාස කටයුතු මාර්ගයෙන් මාහට දැන ගන්නට ලැබී තිබේ.මා කිසිදු නීති විරෝධී ක‍්‍රීයාවකට සම්බන්ධ නැත. කිසිදු ආකාරයේ චෝදනාවකට මා ලක්ව නැත. මුලුමනින්ම, දේශපාලන හේතුන් සහ පොලිසියේ නිලධාරියෙකුගේ නීති විරෝධී ක‍්‍රියාවකට එරෙහිව නැගී සිටීම නිසා - මා පීඩාවට පත් කරන්නට දරන්නාවූ උත්සාහය වලක්වාලන ලෙසට ඉල්ලා සිටිමි.

ඉහත සියලූම කරුණු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කර සිටිමි.

මෙයට,
නුවන් රසාංග ද සිල්වා


Wednesday, May 13, 2020

පොලිසිය, නිරෝධායනය ඇදිරි නීතිය අවභාවිතා කිරීම.




2020 මැයි 11 වන දින, කිරුලපන පොලිසිය විසින්, සොකරම් වලට සැක පිට අත්අඩංගුවට ගන්නා ලද තරුණයෙකුට, ඔහුගේ මව ඉදිරියේ අමානුෂික ලෙස පහර දීමට පටන් ගෙන තිබේ. එයට විරෝධය පළකළ මවට  බැණ තර්ජණය කර තල්ලූ කර දැමීම නිසා ඇය බිම ඇද වැටී ඇත. මෙම සිද්ධිය බලාගෙන සිිටි අසල්වැසියන්, කිරුලපන පොලිසිය ඉදිරියට ගොස් විරෝධය පළකර තිබේ. විරෝධය පළ කරන ලද පිරිස අතර, දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන, එක් අයෙකුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ඡුායා රූප/වීඩියෝව මකා දමා ඇත. ඉන් අනතුරුව - එම තරුණයින් දෙන්නාව අලූත්කඬේ අධිකරණයට ඉදිරිපත් කර ඇත. අධිකරණය ඔවුන්ව ශරීර ඇප මත මුදාහැර තිබේ.

මෙම අවස්ථාවේ වධහිංසාවට ලක්වූ තරුණයාගේ පියා, ඔබ 1996 හදිසි ඇමතුම් අංකයට කතාකර, පිහිට පතා තිබේ. ඇමතුම ලබාගත් තැනැත්තා/තැනැත්තිය, සොරුන් වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බවට ප‍්‍රකාශ කර තිබේ.
සිද්ධිය වූ ස්ථානය - කිරුලපන, ‘කිරුල පුර’ හෙවත් ‘කිරුල ව්‍යාපාරය’ හෙවත් කූඹි කැලේ වත්ත.(කිරුලපන පොලිසිය පිටුපස).

අත්අඩංගුවට ගෙන, වධහිංසාවට ලක්වූ තරුණයා, එම තරුණයාගේ මව, විරෝධය පළ කරන ලද පිරිස අතුරින්, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා,  නඩු අංකය, මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකය වු 1996ට අමතන ලද දුරකථන අංකය  හා අමතන ලද තැනැත්තා ගේ නම ඇතුලු සියලු විස්තර අප මානව හිමිකම් කොමිසම් සභාවට ලිඛිතව දැනුම් තිබේ. 




























මට පහර දුන්නේ, තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම ගැන ප‍්‍රශ්ණ කල නිසා



කොස්ගොඩ පොලිසියේ නිලධාරින් පිරිසක්, තරුණ ව්‍යාපාරිකයෙකුට පහරදී, රිමාන්ඞ් භාරයට පත් කළේ, තම නිවස ඉදිරිපිට තරුණයෙකුට පහර දීම ගැන ප‍්‍රශ්ණ කල නිසාලූ.
අප්‍රේල් මස 04 සිදුවූ මෙම පහරදීම හා නඩු පැවරීම ගැන ඔහු විසින් පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණීල්ල පහත දැක්වේ.

මධුවන්ත, අවු: 26 යි, ජා.හැ.අ:- ................. , විවාහක, දරුවන් 01 යි, රැුකියාව : ව්‍යාපාරික.
ලිපිනය :  ඉදුරුව. දු.අ. –

2020.05.12 දිනදීය.
2020 අප්‍රේල් 20 වන දින, ප:ව: 5.00 ට පමණ, මා සහ මාගේ අයියා චාමර, නිවස ඉදිරිපිට සිටියා. ඒ අවස්ථාවේ, කොස්ගොඩ පොලිසියේ 8කු පමණ, සිවිල් ඇ`දුමින්, තරුණයින් දෙදෙනෙකු රැුගෙන ආවා. ඒ අවස්ථාවේ එම තරුණයින් දෙදෙනාට පොලිසියෙන් පහර දෙමින් සිටියා. මා ඒ ගැන විමසිලිමත් වුනා. ඒ සමගම එතැන සිටිය අසේල, ලක්සිත හා මෙන්ඩිස් යන පොලිස් නිලධාරීන් මට ඔවුන් අත තිබූ පොලූවලින් පහර දුන්නා. මාගේ අයියාට ද පහර දුන්නා. මා, මට පහරදීම වළක්වාලීමට පියවර ගත්තා. ඒ අවස්ථාවේ පොලිසියෙන් 35කු පමණ එතැනට පැමිණියා. ඔවුන් මාගේ නිවසේ තිබූ cctv කැමරා පද්ධතිය පොඩිකර , එහි සියලූම උපාංග ගලවා ගත්තා. නිවස තුලට 15 දෙනෙකු පමණ බලහත්කාරයෙන් අතුලූ වී, එහි භාණ්ඩ වලටද හානි කර, මාව හා අයියාව පොලිසියට රැගෙන ගියා. 

පසුදින බලපිටිය මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කරනු ලැබුවා. එසේ ඉදිරිපත් කරනු ලැබුවේ මා හා අයියා රාජකාරියට බාධා කලා යන ව්‍යාජ චෝදනා යටතේය. මාව හා අයියාව රක්ෂිත බන්ධනාගාරගත කලා. 2020 අපේ‍්‍රල් 23 වන දින ඇප මත මුදා හරිනු ලැබුවා.

මීළඟ නඩු දිනය - 2020 ඔක්තොම්බර් 07 වේ. මාගේ නීතිඥයින්, පහරදීම හා භාණ්ඩ විනාශ කර දැමීම ගැන ගරු අධිකරණයට වාර්තා කරනු ලැබුවා. බන්ධනාගාරයට, මට පහරදීම ගැන ප‍්‍රකාශ කලා. නමුත් ප‍්‍රතිකාර ලබා දුන්නේ නැහැ. 
මේ පිිළිබදව 2020 මැයි 04 වන දින, දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැමිණිලි කරනු ලැබුවා. නමුත් මේ දක්වාම නිසි පියවරක් ගනු ලැබුවේ නැහැ. 

1. මාගේ නිවසට සිදුකල අලාභය ගැන - ස්ථාන පරීක්ෂණයක් නොපමාව කරන ලෙසට,

2. මට පහරදීම පිළිබඳව ව්‍යාජ චෝදනා නගා නඩු දැමීම පිළිබඳව,

3. ඔවුන් විසින් විනාශකර රැුගෙන යන ලද cctv කැමරා ගණන 03 කි. එම පද්ධතියට අයත් රෙකෝඩරය, සැම්සුන් ජංගම දුරකථය (අංක 0771073..., පියෝ ටීවී රවුටරය, නැවත ලබා දීමට හෝ ගරු අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසට,

4. කොස්ගොඩ පොලිසියේ - උ.පො.ප.අසේල, පො.කො.ලක්ෂිත, පො.කො.මෙන්ඩිස් ඇතුලූ,  අපරාධය සිදුකල පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට - ඉල්ලා සිටිමි.

මෙම ක‍්‍රියාව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.

විශේෂ කරුණු 
කොස්ගොඩ පොලිසියේ ඉහත නම් සදහන් කල නිලධාරීන් විසින්, මීට පෙර අවස්ථා ගණනාවක් මාව පීඩාවට පත් කර තිබේ. දැනට මාස 8කට පමණ පෙර, මාගේ අවන්හලට ගිණි තබන  ලදි. මෙම ගිණි තැබීම කරවන ලද්දේ, හිටපු පොලිස් නිලධාරියකු වන එච්.මහින්ද සරත් කුමාර නැමැත්තාය. ඔහු පොලිසිය හා සම්බන්ධතා පවත්වති. මෙම බරපතල අපරාධය ගැන කොස්ගොඩ පොලිසිය නිසි පරීක්ෂණ නොකිරීම නිසා, අදටත් පීඩා විදිිමින් සිටිමි.  මෙම සිද්ධිය ගැන මා විපරම් 
කිරීම නිසා, පොලිසිය පසුවන්නේ, මා සමග දැඩි අමනාපයෙනි. 2020 අපේ‍්‍රල් 04 දින සිද්ධියේ පසුබිම මෙය බව මා විශ්වාස කරමි. මා ඉල්ලා සිටින්නේ, මාහට යුත්කිය ඉටු කරනා ලෙසටය.

මෙයට,
මධුවන්ත.




Saturday, May 9, 2020

රජයේ සේවකයන්ගේ වැටුප් කොල්ලය

පවතින්නාවූ වසංගත තත්වය තුළ රට මුහුණ පා තිබෙන මුල්‍ය අර්බුදය හමුවේල තම කැමැත්ත පරිදි රාජ්‍යය සේවකයින්ට තම මාසික වැටුප, මාසික වැටුපෙන් බාගයක්,  සතියක වැටුප හෝ දිනක වැටුප හෝ පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින්, නීතිපතිට හා විගණකාධිපතිට පිටපත් සහිතව සියලුම රාජ්‍ය ආයතන සංස්ථා හා මණ්ඩල ප්‍රධානි අමතන ලද ලිපිය මේ සමග දැක්වේ.

මේ වන විට විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ ලිපිය ගැන නොකියන කතාවක්, නොකරන විග්‍රහයක් නොමැත.

මෙම ලිපියේ රජය මුහුණ පා ඇති අර්බුදය දීර්ඝව ලේකම් පි.බි.ජයසුන්දර පැහැදිලි කර, එයට යම් විසඳුමක් වශයෙන් රාජ්‍ය, සංස්ථා, මණ්ඩ සේවකයින්ගෙන් මසක, අඩ මසක, සතියක හෝ දිනක වැටුප් පරිත්‍යාග කරවා ගන්නා ලෙසට අදාළ ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා තිබේ.

මෙම ඉල්ලීම ආයතන ප්‍රධානීන් විසින් තම යටතේ සේවය කරන පහල නිලධාරීන්ට, සේවක මණ්ඩල සාමාජිකයන්ට ඉදිරිපත් කරන්නේ කෙසේද?

රාජ්‍ය සේවකයින්ගෙන් වැටුප පරිත්‍යාග  ලෙසට ඉල්ලා සිටි ප්‍රථම අවස්ථාව මෙය නොවේ,  1967 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුව ට සියවසක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සියවස සැමරුම සඳහා මුදල් රැස් කිරීමටල ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති පියවර ගත්තේ ගුරුවරු ලවා ස්වීප් ටිකට් විකිණ විමේන්යග 

ප්‍රෙමදාස පාලන යුගයේ ගුරුවරු ප්‍රමුඛ රජයේ සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කරවා ගන්නට පියවර ගත්තේ වරක් දෙවරක් නොවේ. ඔහු තමා සහභාගි වන පාපන්දු තරඟ වල  සෙනග පෙන්වීමට පාසල් සිසුන් සහභාගී කරවාගන්නට ද සිය බලය යොදා ගත්තේය.

මේ සෑම අවස්ථාවකම නීතියට පටහැනි ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නට ඉදිරියට ආවේ වෘතිය සමිතිය.  වෘතිය සමිති තම සාමාජිකයන්ට ලොතරැයි නොවිකුණන ලෙසට, වැටුප් පරිත්‍යාග නොකරන ලෙසට, අනවශ්‍ය කාර්යයන් සිසුන් සහභාගි නොකරවන  ලෙසට ක්‍රියාකාරි උපදෙස් ලබාදුන්නේය. ඒ අනුව ඔවුන් ක්‍රියා කිරීමට  පසුබට නොවූහ. එම ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීමට බලසම්පන්න විය.

ලේකම් පී බී ජයසුන්දර ගේ මෙම ලිපිය ආයතන ප්‍රධානීන් විසින් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසාල අවස්ථාවාදීව උපයෝගි කරගන්නට අනිවාර්යෙන් පෙළෙඹෙනු ඇත. යම් සේවකයෙක්, ගුරුවරයෙක් තම වැටුපෙන් සතයක් හෝ කපා ගන්නවාට විරුද්ධ නම්   ප්‍රධානියා තෘප්ති මත් කරන්නට කියා අකැමැත්තෙන්, කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න. 

ලිඛිත කැමැත්ත නැතිව කිසිවකුගේ වැටුපෙන් මුදලක් අඩුකර ගැනීමට අයුතු බලපෑම් කරල කැමැත්ත ලබා ගන්නවා නම් එය අයිතීන් උල්ලංඝනය කිරීමකි. එවන් අවස්ථාවන්ට එරෙහි වන්නට වෘත්තීය සමිති වල මෙන්ම මානව හිමිකම් ක්‍රියා කාරින්ගේ වගකීම වේ.



Friday, May 1, 2020

බෙදුම්වාදියා හා කොටියා - එක්කෙනෙක් නොවන්නා සේම! දෙදෙනෙක් ද නොවන්නේය!


    බෙදුම්වාදය යනු දැඩි දේශපාලනයමය මතවාදයකි. එයට නිය්‍යාත්මක 
පදනමක් ද, තර්ක ද, එම තර්ක සනාථ කරන්නට ඉතිහාසයක් ද තිබේ.

බෙදුම්වාදය අදාල ජන වර්ගය තුල ජනිත කරනු ලබන්නේ උපන් දින සිටය. ආගම හා සමානය. බෙදුම්වාදය පවතින්නේ අප රටේ පමණක් නෙවෙයි. ජනවර්ග කිහිපයක් ඇති රටවල බෙදුම්වාදය පවතී. බෙදුම්වාදය ජාතිය මත මෙන්ම ආගම මත ද පවතී. අප රටේ බෙදුම්වාදය එනම් සංඛ්‍යාත්මකව අඩු ජන කොටසක් වන දෙමළ ජනයා "බහුතරය" ජීවත් වන කොටස සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට වන මතය මත, ගොඩනගන ලද්දකි. බෙදුම්වාදය ආරම්භය අද ඊයේ ඇති වූවක් නොවේ.

බෙදුම්වාදය මූලික කරගෙන පක්ෂ බිහිවිය. කල්ලි හා කණ්ඩායම් බිහිවිය. මෙම පක්ෂ කල්ලි කණ්ඩායම් සඳහා ඔවුනට සිමාවු දර්ශන සහා වැඩපිළිවෙළ තිබිණි.  "දෙමළ ජනයා සඳහා වෙනම රාජ්‍යයක් ඇති කර ගැනිම" කළ හැක්කේ සන්නද්ධ අරගලයකින් පමණක් ය යන මතය දැරූ කල්ලි කණ්ඩායම් මෙන්ම, එය අනුමත නොකළ කණ්ඩායම් හා පක්ෂ විය.

සන්නද්ධ අරගලය පිළිගත් බෙදුම්වාදී කණ්ඩායම් වල පළමු පියවර වුයේ, සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කළ පක්ෂ හා මතවාදය,  භෞතිකව විනාශ කරදැමීමය.

ඒ ඝාතන සහා බිය වැද්දීම් මූලික කරගෙනය. යම් පමණකට බලවත්ව සන්නද්ධ වීමෙන් අනතුරුව, එම කල්ලි කණ්ඩායම් අතර බලය තහවුරු කර ගැනීමට පියවර ගන්නා ලදී. එහි ප්‍රතිඵලය LTTE  හෙවත් "කොටි" සංවිධානය පෙරමුණට පැමිණිමය.
ඒයට සමගාමීව LTTE ය රජයට එරෙහිව අවි ගෙන "පාලනය" ගෙන යෑමට පියවර ගන්නා ලදී. ඒ සිදුකරන ලද්දේ තම ප්‍රදේශවල ජනයා තුල භිය මානසිකත්වය තහවුරු කිරිම තුලින්ය. මේ වනවිට LTTE (කොටි) අභියොග කරන්නට කිසිවකු එම ප්‍රදේශවල ඉතිරි නොවිය.

LTTE (කොටි) සෘජු සම්ප්‍රදායික හමුදාමය පියවර ගනිද්දී, LTTE (කොටින්ට) හිතවාදී සිවිල් ජනයා සම්බන්ධ කරගෙන තම අරමුණ කරා යෑමට "ආවරණ සංවිධාන" (Umbrella Organizations) පිහිටුවනු ලැබීය.

මෙම ආවරණ සංවිධානය වලට ඉතා පුළුල් ලෙස ජාත්‍යන්තර සහාය ලැබිණ. මෙම ආවරණ සංවිධාන සෘජුව LTTE (කොටින්ට) සම්බන්ධ බවට ඔප්පු කරන්නට කිසිදු සාක්ෂ්‍යයක්/සාධකයක් ඇති නොවන්නට වගබලා ගත්හ.

යුද්ධමය වශයෙන් පරාජය කරනු ලැබුවද, රහසිගතව (Underground ) සංවිධානවිම  රට තුළ මෙන්ම,  ජාත්‍යන්තරය තුළ අදටත් ක්‍රියාත්මක වේ. ආවරණ සංවිධාන (Umbrella Organizations) වෙනදාටත් වඩා "බුවල්ලෙකු" සේ විවිධ සිවිල්  සංවිධානවලට එක්ව හා පක්ෂ වලට සම්බන්ධව හෝ වෘතිකයින් ලෙසට තනිව, කටයුතු කරනු ලබයි.

අද මෙම කාර්යයට එක්ව ඇත්තේ දෙමළ අය පමණක් නොවේ. සිංහල හා මුස්ලිම්වරුන් ද ඔවුන් හා සම්බන්ධව සිටි. ඔවුන් ගේ කාර්යයන් වෙනස්ය. සංවිධාන ද වෙනස්ය. එහෙත් බෙදුම්වාදයට මග හෙළි පෙහෙළි කරයි. බෙදුම්වාදින් ට ශාරිරිකව, මතවාදිව මෙන්ම චිත්ත ධෛරිය ලබාදීම මගින් අනුග්‍රහය දක්වයි.

සාමාජිකයින් අත ලෙස්සකට සිමාවු දේශපාලන පක්ෂ/කල්ලි/ කණ්ඩායම්, අසාර්ථකවු  සහා පරාජිත පුද්ගලයින් මතවාද/දර්ශණ ඉදිරිපත් කරමින්, න්‍යායන් සපයමින් බෙදුම්වාදයට රුකුල් ලබා දෙන අතර, ආවරණ සංවිධාන තුළ ද සක්‍රියව ක්‍රියාත්මක වේ.

මෙම පිරිස්වල ප්‍රබලම අවිය වි ඇත්තේ සමාජ මාධ්‍ය යයි. නීතියට වසන්ව, වෛරී, අපහාසාත්මක සහා ව්‍යාජ පුවත් ප්‍රචාරය මගින් අසිමිත තෘප්තියක් ලබා ගැනිමට ඔවුන්ට මේ මගින් හැකියාව හිමිව තිබේ.

වෘත්තිකයින් තම වෘත්තීමය කෙෂ්ත්‍රය උපයෝගී කරගෙන බෙදුම්වාදයට අවශයය පහසුකම් සලසයි.

මුල් යුගයේ දේශපාලනමය උපාය මාර්ග සම්බන්ධයෙන් LTTE  එරෙහිව සිටිය පිරිස් LTTE යුද්ධමය වශයෙන් පරාජය කිරිමත් සමග ඇතිවු හිඩස පිරිවිමට, තම බෙදුම්වාදි මතවාදය ගෙනයාමට ඉදිරියට පැමිණියේය.

මුල් කාලයේදී LTTE ය විසින් ද්‍රෝහීන් බවට හංවඩු ගසා සිටි, මරණ ලැයිස්තුවේ සිටි පිරිස්,  කිසිවෙක් එතෙර සිටියත් මෙතෙර සිටියත් "බෙදුම්වාදය" අතහැරියේ නැත.

විශේෂයෙන් බුද්ධිමතුන්, කලාකරුවන් හා වෘත්තිකයින්  ආවරණ සංවිධාන ඔස්සේ සිය කාර්යභාරය ඉතා හොඳින් ඉටු කරගෙන යයි. ඔවුන් මේ වනවිට ඉස්ලාම් ආගමික අන්තවාදීන් හා පරාජිතයින් සමග අත්වැල් බැඳගෙන, ජාත්‍යන්තර ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන දැඩි ‍ප්‍රහාරයක් එල්ල කරන්නේ, ව්‍යාජ පුවත් පතුරුවමින් සහා වෛරී ප්‍රකාශ නිකුත් කරමින් ය.

ආවරණ සංවිධාන / ආයතන මෙන්ම, පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් වශයෙන් බෙදුම්වාදයට සේවය කරන පිරිස් වර්ථමානයේ සිදු කරන්නේ කොටින්ට (LTTE)  සන්නද්ධ අරගලයකින් කරන්නට බැරිවු දේ "ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය" උපයෝගි කරගෙන සිදු කරන්නටය.

බෙදුම්වාදියා හා කොටියා - එක්කෙනෙකු  නෙවෙයි!
වර්ථමානයේ දෙදෙනෙකු ද නොවන්නේය!!