Friday, December 30, 2016

පුරුෂ ආධිපත්‍යයට විරුද්ධ වූවාට අවුරුද්දක සිර දඬුවමක්


සවුදි අරාබියේ පවත්වාගෙන යන පුරුෂ ආධිපත්‍යය අවසන් කරන්න යැයි එරට රජයෙන් ඉල්ලා සිටි පුද්ගලයෙකුට වසරක සිර දඬුවමක් හා ඩොලර් 8000 ක දඩයක් ගසා ඇත.

මෙම පුද්ගලයා සවුදි අරාබියේ පිරිමින්ට, ස්තී‍්‍රන් පාලනය කිරීම සඳහා පනවා ඇති ආගමික නීති වෙනස් කරන ලෙසට ඉල්ලමින් දමාන් නුවර මුස්ලිම් දේවස්ථාන කිහිපයකම, පෝස්ටර් අලවා තිබිණ.

තමා එම පෝස්ටර් ඇලවූයේ තම ඥතී කාන්තාවන් කිහිප දෙනෙකුම පිරිමින් අතින් පීඩාවට පත්ව ඇති නිසා බව අධකරණය හමුවේ පවසා තිබේ.

සවුදි අරාබියේ මුස්ලිම් ආගමික නීති යටතේ, ගැහැනියකට ඉගෙන ගැනීමට, විදේශ ගතවීමට, නිවසක් බදු ගැනිමට, ප‍්‍රතිකාර ගැනීමට, විවාහ වීමට හා රැකියාවක් කිරීමට පවුලේ පිරිමියෙකුගේ අවසරය ගත යුතුය.

සිරගතව සිටින ස්ත‍්‍රියක් දඬුවම් කාලය අවසන් වුවද පවුලේ පිරිමියෙකු බාර නොගන්නේ නම් ඇයට නිදහස ලැබෙන්නේ නැත.

එරට ස්ත‍්‍රීන්ට වාහන පැදවිය නොහැක. තමා කැමති ඇඳුමක් ඇඳීමට ද නිදහසක් නැත.

මෙම තත්ත්වයට එරෙහිව අන්තර්ජාලය හරහා ආරම්භ කර ඇති අත්සන් ව්‍යාපාරයට සවුදි ජාතිකයින් දහස් ගණනක් එක්ව ඇති බවද වාර්තා වේ.

සම්ප‍්‍රදාය බිඳ දැමූ චාල්ස් කුමරුගේ නත්තල් පණිවුඩය


දෙවන ලෝක යුද්ධය පැවති අඳුරු කාල පරිච්ෙඡ්දයට අද ලෝකය ලංවෙමින් පවතිනවා.

වසර 70 ක් ගතව ඇතත් අධම වධ බන්ධනයන්ය.

අතීතයේ සිදු වූ භීෂණයන් නැවත ඇතිවීම වැළැක්විය යුතුයි.

නත්තලේ දී අප සාමාන්‍යයෙන් සිතන්නේ අප ජේසු ස්වාමි දරුවන්ගේ උපත ගැන. අප මේ වසරේ ජේසු උත්පත්තිය පිලිබඳ කථාන්දරය දිගහැරණු අන්දම ගැන, ශුද්ධවූ පවුල ගැලවුණ හැටි සිහිපත් කළ යුතුයි.

චාල්ස් කුමරුගේ නත්තල් පණිවුඩය බි‍්‍රතාන්‍යයන් අපේක්ෂා කළ දෙයක් නොවන බව ප‍්‍රකාශ වේ.

සම්පූර්ණ කථාව  Link
https://startsat60.com/stories/news/prince-charles-breaks-protocol-with-christmas-message

හිටපු පොලිස් කාරයෙක් බුදු සරණයි කියමින්, ගේ ඉඩම ලියා ගත්තා. දැන් නොමරා, මරන්න හදනවා.

                                                                         දිසිලින් පෙරේරා, අවු: 85යි, වැන්දඹු, දරුවන් නොමැත. පදිංචිය නුගගොඩ, වස්කඩුව. මෙම මස 12 වන දින, පෝය දිනට පෙර දින, ලියනගේ මෛත‍්‍රී පෙරේරා යන අය තමාට මට පහර දී නිවසෙන් පන්නා දැමීමට ගත් උත්සාහය ගැන, මොරොන්තුඩුව පොලිසියේ ඇය කරන ලද පැමිණිල්ල විමර්ශණය නොකල නිසා, දෙසැම්බර් 16 දිනද එ් පිළිබඳ පැමිණිලි කර ඇත.

ඇය පවසන අන්දමට ලියනගේ මෛත‍්‍රී පෙරේරා, හිටපු ‘‘අධිකරණ සැරයන්’’ වරයෙකි. අවසන් වරට සේවය කළේ ෙදාඩන්ගොඩ පොලිස් ස්ථානයේදීය. 

වසර 15කට පමණ  පෙර සෝමාවතිය වන්දනා කරන්නට ගොස් සිටි අවස්ථාවේදී, ලියනගේ මෛත‍්‍රී පෙරේරා ඔවන්ට හමුවිය. එ් අවස්ථාවේ සිටම ඔහු මිත‍්‍රවිය. ඉතා හොඳ බෞද්ධයකු වශයෙන් පෙනී සිට ඔවුන්ව රවටා ලියා ගත් ඉඩමේ ඉදිකරගෙන තිබෙන දෙමහල් නිවසේ, ඉස්තෝප්පු කාමරයේ පවත්වාගෙන යන බුදුගෙයි, පිරිත් පොත් වහන්සේ තබාගෙන, කට්ට කුමන්ජල් අල්ලමින්, උදේ සිට සවස් වනතුරු පිරිත් කියන බවද එයට අමතරව නුගගොඩ නාගරුක්ඛාරාමය විහාරස්ථනායේ ප‍්‍රධාන දායකයා ද වන බවද ඇය කියා සිටිනවා. 

ආගම ධර්මයෙන් මොවුන්ට පිහිට වන්නට ඉදිරිපත් වූ මොහු ගේ බලවත් පෙරැුත්ත මත හා  දෙන්නාව රැුක බලාගන්නා බවට දුන් පොරොන්දුව මත, තමා මිළයට ගත් ලිපිනයේ පිහිටි අක්කර 1 1/2 කුරුඳු වගා කල ඉඩම ඔහුට ලියා දෙන ලැබු බවත්, එහෙත් එම ඉඩමේ හදාගත් නිවසේ, 1970 ජූනි මස 05 වන දින සිට අද දින දක්වාම, පදිංචි වී සිටින බවත් කියා සිටි. එයට අමතරව මොහු ඇයගෙන් නිවසේ හා ඉඩමේ වැඩ ගන්නා ලද බවත් ඇය කියා සිටි.

මේ වන විට ඇගේ වයස අවුරුදු 85කි. මේ වන ඇයට වැඩක් පලක් කරගත නොහැක. මෙම  ලියනගේ මෛත‍්‍රී පෙරේරා ඇයට වතුර පොදක් දෙන්නේ නැත. ෂොපින් බෑග් එකක් ඔලූවට දමා මරා දමන බවට තර්ජණය කරයි. මොහු මීට පෙර මිනීමැරුම් නඩුවක විත්තිකරුවකුව සිටි බවද ප‍්‍රකාශ වේ.

16 වන දින දෙවන පැමිණිල්ලට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු ඇයට පොලිසියේ පැත්ත පළාතකට එන්න එපා යයි ප‍්‍රකාශ කර, තර්ජණය කර, අත්සන් ගෙන ගිය බවද ඇය කියා සිටි.

ඇය පොලිස්පති ගෙන් හා වැඩිහිටියන් ගේ රැකවරන පිළිබඳව වගකීීම දරන ක`ථතර ප‍්‍රාදේශිය ලේකම් ගෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ, මරා දැමීමට තර්ජණය කිරීම පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට හා කූඨ ලෙස ඉඩකඩම් ලියාගෙන, වසර 12කට වැඩ කාලයක් වැඩ ගෙන, මහ`ථ වියේදි  නොසලකා හැරීම ගැන, නීතිමය පියවර ගන්නා ලෙසටය.




Thursday, December 29, 2016

ඔබාමා උරුමයන් අතුගා දමන්නට ට‍්‍රම්ප් සූදානම්


සිය ධූර කාලයේදී ඇමෙරිකානු කොන්ග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නොහැකිව සිය විධායක බලතල උපයෝගී කරගෙන පනවන ලද නීති හා රෙගුලාසිවලින් 70% කටුගා දැමීමට, නව ජනාධිපති ට‍්‍රම්ප් සූදානම් වේ.

ජනවාරි 20 වැඩ බාර ගැනීමත් සමග ඔබාමාගේ උරුමයන් අතුගා දැමීමට ට‍්‍රම්ප් සූදානම් බව ප‍්‍රකාශ වේ. මේ අනුව ඔබාමා විසින් ක‍්‍රියාවට නැංවූ කම්කරු, පරිසර, ආගමන විගමන, ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිසංස්කරණ සියල්ලම අහෝසිවනු ඇත.

ඔබාමා ඇතිකරන්නට උත්සාහ ගත් වෙනස ඔහුගෙන් පසුව, වෙනස් වනු ඇත.




Monday, December 26, 2016

අපරාධකරුවන්ගෙන් හොරණ පොලිසිය උපදෙස් පතයි.


කිසිඳු සොයා බැලීමක් නැතිව, අමානුෂික ලෙස පහරදී, පොලිසියට බාරදුන් පුද්ගලයකු කථාව. පොල් කැඞීම වෘතිය කරගත් 28 හැවිරිදි නලින් එක් දරු පියෙකි. පිරිසක් ඔහුට අමානුෂික ලෙස පහරදී හොරණ පොලිසියට බාරදීමෙන් අනතුරුව, රෝහල් ගත කිරීමටවත් උනන්දුවක් නොදැක්වූ පොලිසිය, ඔහුට පහර දුන් පුද්ගලයින් සමග දුරකථනයෙන් කතා කරමින් කළ යුත්තේ කුමක්ද යයි උපදෙස් ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවෙන් මුදාහැරීමෙන් පසුව, රෝහල් ගතව ප‍්‍රථීකාර ගැනීමට ඔහුට සිදු විය.

9 වසර සමත් මොහුට කියවීමට, ලිවීමට හැකියාවක් නැත. පාසලේ ගුරුවරු ඉගැන්වුවේ නැති බවත්, දුප්පත්කම නිසා, ටියුෂන් යන්න හැකියාවක් නොතිබූ බවත් ඔහු පවසා සිටී. වයස අවුරුදු 15 දී පමණ, ඔහුට අගුරුවාතොට පොලිසිය වධ දී ඇත. එ් පිළිබඳව විමර්ශණ ආරම්භ කරන විට, බෝම්බ දමන බවට කල තර්ජනයන් හමුවේ නිහඬවීමට සිදුව තිබේ.

ඔහු ඉල්ලා සිටින්නේ, හොරණ පොලිසිය ඉතා හොඳින් දන්නා, තමාට පහරදුන් පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි. ඔහුගේ තුවාල සම්බන්ධයෙන්, අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද, වැඩි දුරටත් ඉල්ලා සිටී.

පොලිස්පති, මානව හිමිකම් කොමිෂම හා ජාතික පොලිස් කොමිෂම වෙත කරන ලද ලිඛිත පැමිණිල්ල පහත දැක්වේ.

‘‘බරපතල අපරාධයක් සිදුකල පුද්ගලයින්ව ආරක්ෂා කරමින්,  නීතිමය පියවර ගැනීම මග හැරීම. 2016.12.26 දිනදීය.

2016.12.20 දින, ප:ව:5.30 පමණ, හොරණ, වතුරමල පාර හි පදිංචිව සිටින, රංජන් ජයන්ත දසනායක නැමැති අය අතර මගදී හමුවී, ඔහුගේ නිවසට ගොස් මත් පැන් බී, කතා කරමින් සිටින විට, එකවරම ඔහු ”මෙන්න හොරෙක්” කියා කෑ ගසමින් දිව්වා. එ් අවස්ථාවේ එතැනට පැමිණි පුද්ගලයන් සිව් දෙනෙකු මාව වෙල මැදට ඇදගෙන ගොස් පොලූ වලින් අතින් පයින් අමානුෂික ලෙස පහර දුන්නා. ඔලූවට, පපුවට, බඩට, අත් වලට, දනහිස් වලට පහර දුන්නා. එම පහරදීම් නිසා දනිස් පොල්කට්ට කැඞී, තුනටියේ ඉළ ඇට බිඳී ගොස් තිබෙනවා. 

පසුව ඔවුන් 119 අමතනු ලැබූ අතර, හොරණ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් සිවිල් ඇඳුමින් යතුරු පැදියකින් පැමිණියා. විස්තර අසා මට පහර දීම අදාළව එම පුද්ගලයින්ට බැණවැදී මාව යතුරු පැදියේ මැද තබාගෙන හොරණ පොලිසියට ගෙන ගියා. ගෙනගොස් කූඩුවේ දමා තැබුවා.

2016.12.21 දින උදේ 8 ට පමණ මාව එළියට අරන් අපරාධ අංශයට ගෙන ගියා. එහිදී අපරාධ අංශයේ ස්ථානාධිපති මාගෙන් ප‍්‍රශ්ණ කර, මට පහරවල් කිහිපයක් පිටට පොල්ලකින් ගැසුවා. එ් අවස්ථාව වන විට මට පහර දුන් පුද්ගලයින් පොලිසියට පැමිණ සිටියා. පොලිසියේ උපදෙස් මත ඔවුන් රංජන් නැමැත්තාව පොලිසියට ගෙන ආවා. පසුව මාව මුදා හැර, රංජන් නැමැත්තාව රඳවා තබා ගත්තා. 

පොලිසිය මට පහරදී, බරපතල අපරාධයක් සිදුකල පුද්ගලයින්ට එරෙහිව කිසිඳු පියවරක් ගත්තේ නැහැ. මාව රෝහල් ගත කිරීමට පියවර ගත්තේ ද නැහැ. 

මුදාහැරීමෙන් පසුව මා එදිනම 2016.12.21 දින හොරණ රෝහලට ඇතුලත් වුනා. අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් මා පරීක්ෂා කරනු ලැබුවා. රෝහල් පොලිසිය විසින් 2016.12.23 දින මාගෙන් කටඋත්තර ගනු ලැබුවා. එදින 2016.12.23 දින මා රෝහලෙන් පිට වුනා. 

හොරණ පොලිසිය මාව මුදාහැරියේද මට පහර දී බරපතල අපරාධයක් සිදුකල පුද්ගලයින්ට දුරකථන ඇමතුම් දී ”මොකද කරන්නේ, මුදාහරින්නද” ආදී උපදෙස් ඔවුන්ගෙන් ගනිමින්ය. මාගේ විශ්වාසයේ හැටියට පොලිසිය එම පුද්ගලයින් සමග සම්බන්ධකම් පවත්වනු ලබයි.

එම පුද්ගලයින්ගේ නම් ගම් ඇතු`ඵ විස්තර පොලිස් නිලධාරීන් සතුව පවතී.

මේ වන විට මා රැුකියාව කර ගැනීමටද නොහැකිව දැඩි අසරණ තත්වයට පත්ව සිටිමි. මට පහර දුන් පුද්ගලයින් සු`ඵ මුදලක් දී සිද්ධිය යටපත් කිරීමට සූදානම් වූවා. මා එය ප‍්‍රතික්ෂේප කලා. 

මා ඉල්ලා සිටින්නේ, 
1. මට අමානුෂික ලෙස පහරදී, බරපතල අපරාධයක් සිදුකල, නම් නොදන්නා මුත් දුටුවොත් අඳුනාගත හැකි එකී පුද්ගලයින් සිව්දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, 

2. එකී අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර, ඔවුන් ආරක්ෂා කරන හොරණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතු`ඵ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්,

3. දණහිස හා ඉළ ඇට බිඳී, රැුකියාව කර ගැනීමට නොහැකිව, දරු පවුල නඩත්තු කර ගැනීමට නොහැකිව අසරණව සිටින මට සාධාරණය ඉට කරනා ලෙසටත්ය.

අ / ක.  නලින් පුෂ්ප කුමාර ’’

Saturday, December 24, 2016

මිරිහාන පොලීසියේ වධදීමට විරුද්ධ වුනා! දැන් පස්සෙන් එළවනවා!!. video ව අැතුලත්



2014 ජූලි මාසයේ මිරිහාන පොලීසිය පැහැරගෙන වධහිංසාවට පත්කළ සුජිත් පෙරේරා, යුක්තිය සොයා ගියේ මානව හිමිකම් කොමිෂමටය.

නමුත් අද වන තෙක් කොමිෂම එ් ගැන මුනිවත රකී. මොහුට වධ දුන්නේ එවක මිරිහාන පොලීසියේ මුබාරක් නැමති පොලිස් නිලධාරියාය.

එයින් අනතුරුව යළි යළිත් සුජිත් පසුපස පන්නන පොලීසිය, ඔහුව අත්අඩංගුවට ගැනීමට යත්න දැරීය.

පානදුර හිරණ ප‍්‍රදේශයේ නීති විරෝධී මත් ජාවාරම තවමත් සිදුවන බව ප‍්‍රකටය. එහි ප‍්‍රධානියකු වන්නේ ලොක්කා නැමැත්තා බව සුජිත් පෙරේරා කියයි.

වරක් ලේකකාගේ බැරල්වලට සුජිත්ට නඩු පැවරු බව ඔහු කියයි. පොලීසියේ හා ලේකකාගේ බලපෑමට අධිකරණයේදී වරද පිළිගන්නට සුජිත් ට සිදුවු බවද කියා සිටි. ඔහු පවසන අන්දමට 
දඩය රු: 75,000/- කි. එය කොටස් වශයෙන් ගෙවීමට අවසර ලැබිණ. දඩය ගෙව්වේ ලොක්කාය. 
යලිත් වරක් ලොක්කාගේ කසිප්පු වලට සුජිත්ව ආදේශ කරන්නට සැරසේන බවද ඔහු කියයි.

මෙම මස 14 වන දින සුජිත් විවාහ ගිවිසගෙන සිටින තරුණියගේ නිවසට ගොස් තිබෙන පානදුර වලාන ¥ෂන මර්ධන එ්කකයේ නිලධාරීන් නිවැසියන්ට තර්ජනය කර ගොස් ඇත. මේ පිළිබඳව සුජිත් පෙරේරා පොලිස්පති, ජාතික පොලිස් කොමිෂමට, ලිඛිතව පැමිණිලි කර ඇත.

එු අතර 2014 දී තමා විසින් මිරිහාන පොලීසියට එරෙහිව කරන ලද පැමිණිල්ලට අදාල නිර්දේශ ලබාදෙන ලෙසට මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද ලිඛිතව ඉල්ලා තිබේ.

2014 ජූලි 08 වන දින මිරිහාන පොලීසිය සුජිත්ව පැහරගෙන යෑමේ සිද්ධිය හා මානව හිමිකම් කොමිෂම වෙත කරන ලද පැමිණිල්ල අදාලව සිරස මාධ්‍ය දින ගණනාවක් තම ප‍්‍රවෘත්ති ඔස්සසේ ප‍්‍රචාරය කරණු ලැබු බවද ඔුහු සහිපත් කර සිටි.

2014 දි සුජිත්ට වධ දුන්න හැටි - නරඹන්න, අසන්න.


අමනපති, දෙයියෝ හා කැලෑ පත්තරය



කැලෑ පත්තර සංස්කෘතියේ කොටසක්ද? 

එදා ගමේ ගස්වල එල්ලූ කැලෑ පත්තර අද ”මොඩන්” වී ගෙදරට ම, කාර්යාලයට ම එති.

මෙය නිර්නාමික පෙත්සමක් හැටියට ද සලකනන්ට පු`ඵවන. එය ”අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා අමතන ලද්දකි.” නමුත් එය ඔහු අතට පත්වූ එකක් දැයි නොදනිමු.

අතිගරු හා තුමා පද, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති නමට ඒකතු කිරිම අවධානය වැඩි කරගන්නට විය හැක.

හමුදාවේ පවතින තත්ත්වය පිළිබඳව ලියැවුණු මෙම  කැලෑ පත්තරය හමුදාවට කිට්ටු සම්බන්ධයක් ඇති අය විසින් ලියැවුණු බවට අපට සිතෙන්නේ එහි වදන් සිවිල් අපිට නුහුරු නිසා. 

හමුදා අමනපති හා පන්නිපිටියේ දේවාලය, සෙකියුරිටි නිල ඇඳුම හා ප‍්‍රතාපවත් තනපට, ගණිකා නිල ඇඳුම් හෙවත් 6 බී, අං ඇමතිගෙ යහපාලන ප‍්‍රකාශය, විනිසොරු බි‍්‍රගේඩියර්, රේෂන් කප්පාදුව ආදී අනු මාතෘකා කිහිපයක් යටෙත් ටයිප්සෙට් පිටු 4 කින් සමන්විත මෙම නිර්නාමික පෙත්සම බොහෝ සංවිධාන අතට පත්ව ඇති බවට නිගමනය කිරීමට හැක්කේ, එය ලබන්නාගේ ලිපිනය ටයිප් සෙටින් කර, ලිපි කවරවල අලවා තිබීමෙන්ය.

මෙම කැලෑ පත්තරයේ තිබෙන කරුණු සත්‍ය නම් එ් පිළිබඳ යහපාලනයේ අවධානය යොමු විය යුතුයි.

71 කැරැුල්ලෙන් පසුව ක‍්‍රමානුකූලව වර්ධනය වූ හමුදාව, මේ වන විට සෑම අතින්ම ප‍්‍රබල හමුදාවක් බවටපත්ව, 30  අවුරුදු කොටි යුද්ධය මගින් ප‍්‍රකට කළේ යුද්ධයෙන් ඔබ්බට යන්නක් සළකුණු පහළ කරමින්ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් ගැන සැබෑ  ඕනෑකමක් ඇති සිවිල් සමාජයේ අවධානයෙන් මෙය බැහැර කළ නොහැකිය. 

Friday, December 16, 2016

මෝල්ගහෙන් ගහපු එකාව නලවමින්, ගුටිකාපු එවුන්ව පැය 8ක් පොලිසියේ තියාගෙන.


මාගේ මවට මෝල්ගසකින් ගසා බරපතල තුවාල සිදු කළ රාමයියා සෙල්වකුමාර්ව, මව රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් සිටියදීම අධිකරණයට ඉදිරිපත් නොකර, මුදාහැරීම මගින් ද, ඔහුට දුරකතනයෙන් කථා කර පොලීසියට ගෙන්වා ගැනීමට දැරූ උත්සාහයෙන් ද, පෙනී යන්නේ, මේ අපරාධ සැකකරු හා බදුරලිය පොලීසිය අතර පවතින අයථා සම්බන්ධයයි.

බදුරලිය පොලිස් වසමේ පදිංචි තම 56 හැවරිදි තම මවට මෝල් ගසකින් ගසා බරපතල තුවාල සිදුකළ  රාමයියා සෙල්වකුමාර් නැමැති අයව අධිකරණය හමුවට ඉදිරිපත් නොකරම පොලිස් ඇප මත මුදාහැර, පවුලේ උදවිය පොලිසියට ගෙන්වා පිඩාවට පත්කිරිම සම්බන්ධයෙන්, දියණිය රේවති පොලිස්පති හා අපරාධ වින්දිතයන්ගේ සහ සාක්ෂිනරුවන්ගේ ආරක්ෂක කොට්ඨාශය වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.
     
‘‘ 2016.12.16 දින දීය.  - කරුපන් පාප්පා, අවු: 56 යි, මාගේ මව වේ. ඇය පදිංචිව සිටින්නේ බදුරලිය, ඩෙල්කි වත්තේ, ප‍්‍රින්ස් ලෑන්ඞ් ඩිවිෂන් හි ය. 2016.12.11 වන ඉරිදා රාත‍්‍රී 7.00 ට පමණ, එම වත්තේ පදිංචි රාමයියා සෙල්වකුමාර් යන අය විසින් මාගේ මවට මෝල් ගසකින් ගසා බරපතල තුවාල සිදුකර තිබේ. ඇය එදිනම බදුරලිය රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර 2016.12.14 දින ටිකට් කපන ලදි. අමාරුවීම නිසා පසුදින නැවත රෝහල්ගත කරන ලදි. මේ දක්වාම එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනී.

අපරාධ සැකකරු රාමයියා සෙල්වකුමාර්ව, බදුරලිය පොලීසිය 2016.12.12 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර, පසුදින 2016.12.13 දින මුදාහරිණු ලැබීය. 2016.12.15 දින උදේ 9.00 ට බදුරලිය පොලීසියට එන ලෙසට අපට දන්වන ලදි. එ් අනුව බදුරලිය පොලීසියට ගිය අපව සවස 3.00 වන තෙක්ම, රඳවාගෙන සිටින ලදි.

එසේ රඳවාගෙන සිටියේ අපරාධ සැකකරු පොලීසියට එන තෙක්ය. පො.ප. විජේසිංහ කිහිප වරක්ම, අපරාධ සැකකරු රාමයියා සෙල්වකුමාර්ට දුරකතනයෙන් කථා කර පොලීසියට එන ලෙස දැණුම් දෙන ලදි. නමුත් ඔහු පැමිණියේ නැත. පොලීසිය තුළ පැය 06 ක් අපව රඳවාගෙන සිටි, පො.ප. විජේසිංහ, අපට ෙදාස් කියා, ඔහුට ගෙදර වැඩ තියෙනවා කියා යන්න ගියා.

මෙම අපරාධ සැකකරුට, එරෙහිව මීට පෙර, බීමත්ව අසල්වැසියන්ට තර්ජනය කරමින්, පොලීසියට බය නැති බව ප‍්‍රකාශ කරමින් සිදුකරන ලද ක‍්‍රියාවන් ගැන පැමිණිලි කර ඇතත් බදුරලිය පොලීසිය කිසිම පියවරක් ගෙන නැති බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටිමි.’’

Saturday, December 10, 2016

මතුගම පොලීසිය, පියා වෙනුවට 18 හැවරිදි පුතාව ප‍්‍රාණ ඇපයට අරන්.


අද දහවල් පොලීසියට ගිය තම පුතාව අත් අඩංගුවට ගෙන, ප‍්‍රාණ ඇපකරුවෙකු විදියට නීති විරෝධිව රඳවා තබාගෙන සිටින බව ප‍්‍රකාශ කරන, වතු කම්කරුවකු වන අන්තෝනි අයියා දේවරාජ්, මතුගම පොලීසිය මෙම ක‍්‍රියාව සිදුකරන්නේ ප‍්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරුවකු සමග එක්ව තමා ගෙන් පළිගැනීමට බව, පොලිස්පතිට කියා සටී. 
ඔහු පොලිස්පතිට යවන ලද ලිපිය පහත දැක්වේ.


පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01

පුතාව ප‍්‍රාණ ඇපයට ගෙන මට විරුද්ධව බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.

අන්තෝනි අයියා දේවරාජ්, අවු: 53 යි, විවාහක, දරුවන් 03 යි, කම්කරු, 
ලිපිනය: සිරිකඳුර වත්ත, මතුගම.

2016.12.10 වන දින දීය.

මාගේ පුතාවන දේවරාජ් සදිශ් කුමාර, අවු 18 යි, 2016.12.10 වන දින, දහවල් 12.00 ට මතුගම පොලීසියට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටී.

අප පදිංචි ලයිම් කාමරවල පවුල් දෙකක් අතර ආරවුලකට මෙසේ ගෙන්වාගෙන තිබේ. 

එම ආරවුල නිසා තුවාල ලැබූ මා, 2016.12.09 රාත‍්‍රියේ වෑත්තෑව රජයේ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන අද දවල් පිටවිය.

මාගේ බිරිඳ වන කේ. විජයකුමාරි ට මතුගම පොලීසියෙන් දුරකතනයෙන් කථා කර, මට පොලීසියට පැමිණ බාර වෙන ලෙසටත්, බැරලයක් හා අරක්කු පෙරන දඟර රැගෙන එන ලෙසටත් දන්වා ඇත.

මා නීති විරෝධී මත්පැන් පෙරන අයෙක් නොවේ.

අප ලයිමේ පදිංචි, නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන ශ‍්‍රී රංගම් සහ ඔහුගේ මස්සිනා වන මදනා යන අයගේ අවශ්‍යතාවයට මතුගම පොලීසියේ සහය ඇතිව බොරු නඩු දැමීමට උත්සාහ ගනී.

මීට පෙරද මට බොරු නඩු පවරා තිබේ. 

දැනට වසර 6ක් තිස්සේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින බොරු නඩුව (අංක 58972), 2016.12.08 දින කැඳවූ අවස්ථාවේ, බෝතල් දෙකක් දාලා තියෙන්නේ, වරද පිළිගෙන නඩුව ඉවරයක් කරගන්නා ලෙසට, අධිකරණය කළ යෝජනාවට මා එකඟ නොවීම නිසා, මාගේ පුතාව ප‍්‍රාණ ඇපකරු වශයෙන් තබාගෙන, මා පොලීසියට ගෙන්වා බොරු නඩු දැමීමට ගන්නා උත්සාහය වළක්වන ලෙසට ඉල්ලමි.

මෙයට,

අන්තෝනි අයියා දේවරාජ්

මුස්ලිම් නිතිඥයෝ උසාවියේ දි මට බැන්නා. අපහස කළා. අල්ලා දෙවියෝ බලා ගනීවී කියලා තර්ජනය කලා.

අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමු 

මුස්ලිම් පල්ලියක්, අනාචාරයේ හැසුරුනා කියලා කාන්තාවකට පොල්පිත්තෙන් පහර දිම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි තරුණ මුස්ලිම් නිතිඥවරියකට, එම උසාවියේ මුස්ලිම් නීතිඥ වරුන්ගෙන් එල්ල වු තර්ජන, නින්දා අපහාස විඳ දරාගෙන, භිය නොවී යුක්තිය ඉටු කිරිමට ක‍්‍රියා කළ ආකාරය හ`ඬ ගා කියා පෑමට, තරුණ මුස්ලිම් නිතිඥවරියට අවස්ථාව උදා කර දුන්නේ, ‘‘අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගි සිටිමු’’ තේමාව යටතේ, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින්, සංවිධානය කරන ලද, 68වන ජගත් මානව හිමිකම් දින සමරු උත්සවයේ දිය. 
ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව අර්ථවත් ආකාරයට, පවත්වන ලද මෙම සමරු වැඩසටහන, අන් අයගේ ඔලූ ගැන, ක‍්‍රියාවන් ගැන ප‍්‍රශ්න කරන්නට පෙර තමන් කරන්නේ, අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් නෑගි සිටිනවාද?, එසේ නැති නම්, අන් අය අලෙවි කරමින්, තමන් නැගි සිටිනවාද යන්න? ගරුත්වයක් ඇති අයට සිතා බැලීමට අවසථාවක් උදා කර දීමක් ද විය.
එ්කීය ශ‍්‍රී ලංකාවේ ‘‘නීති’’ එකීය නොවේ. ආගම්, ජාති අනුව නීති වෙනස් වේ. එ් සියලූ නීති වලට පිටින්, සියලූ නීති උල්ලංඝණය කරමින්, ක‍්‍රියා කරන පිරිසක් සිටිති. එ් ආගම්  මුල් කරගෙන ජිවත්වන ‘‘නිල’’ ඇ`දුම් ඇඳගත් පිරිසය. 
මුස්ලිම් නීතිය යටතේ අනාචාරය යෙදුනාය යන චොදනාව යටතේ, මුස්ලිම් පල්ලියක් තුළ, පිරිමි සිය ගණනක් වට කරගෙන,  පොල්පිති පහරවලට ලක්වු කාන්තාවක් පිළ්බඳ 2010 වසරේ ජනසංසදය සිදුකළ මැදිහත් වීමක් අදාලව පළකරන ලද වීඩියෝව නැවත සිහියට කැඳවමු. එ් මෙවන් සිදුවීම් අප රටේ අහම්භයන් නොවෙන බව තහවුරු කිරීමටය.



Thursday, December 8, 2016

පොලිස් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදෙනු



අපරාධයකට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට විනය පියවර නොගැනීම මගින් පොලිස් නිලධාරීන්ට අපරාධ කිරීමට අනුබල දීම හා ශ‍්‍රී ලංකා පොලීසිය තුළ පවත්වාගෙන යන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ජනසංසදය, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පතිට,  නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට, ක`ථතර මහාධිකරණ නඩු අංක HC/252/04 නඩු තීන්දුව මුලික කරගෙන 2016.12.07 දාතමින් ඉදිරිපත් කරන ලද ලිපිය, පහත දක්වමු.

අගලවත්ත, කෙළින් කන්ද, 5 කණුව, පදිංචි, කේ.එ්. සමරසිංහ යන අයට 2001 නොවැම්බර් 11 දින සිට එම මස 14 දින දක්වා, අයුතු ලෙස සිරකර තබාගැනීම හා කෲර හා අමානුෂික ලෙස වධහිංසාවට පමුණුවනු ලැබූ බදුරලිය පොලිස් ස්ථානයේ, 

(1) සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි- ධම්මික නවරත්න, උ.පො.ප.

(2) අපරාධ අංශයේ - ගම්ලජ්ජිගේ ලීලාරත්න ගම්ලත්, උ.පො.ප.

(3) ස්ථානාධිපති - හෑගොඩහේවගේ සුජීව කුමාර, පො.ප.

යන තිදෙනාට එරෙහිව නීතිපති විසින්, 2004.03.30 වන දින, ක`ඵතර මහාධිකරණයේ පහත දැක්වෙන චෝදනා දෙක යටතේ නඩු පවරණු ලැබීය. 

එකී චෝදනා දෙක වන්නේ,

(i) කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහ නැමැත්තාව දවස් තුනක් අයුතු ලෙස සිරකර තැබීමෙන් දණ්ඩ සංග‍්‍රහයේ 32 වන වගන්තිය සමග කියවිය යුතු 334 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවය.

(ii) ඉහතකී වේලාවේදී ස්ථානයේදී හා එකී ක‍්‍රියාකලාපයේදී යුෂ්මතුන් පැමිණිල්ල නොදත් අන් අය සමග කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහ ගෙන් යම් වරද කියා පැමිණි හෝ වරදක් සොයා දැන ගැනීමට ඉවහල්වන තොරතුරක් එනම් මිනීමැරමක් සම්බන්ධයෙන් තොරතුරක් මෙලෙස ලබාගැනීමේ  කාර්ය සඳහා එකී තැනැත්තාට කැමැත්තෙන් තුවාල සිදු කිරීමෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 32 වන වගන්ති සමග කියවිය යුතු 321 වගන්තිය යටතේ වරදක් සිදු කළ බවය.
02. මෙම නඩුව ආරම්භයේදී මෙම පොලිස් නිලධාරීන් තිදෙනා ඉහත චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, මෙම නඩු විභාගයට ඉදිරිපත වන ලදි.
03. විභාගය ආරම්භව සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි අවසන් ව පසුව, එනම් වසර 12 කට පසුව ආරම්භයේදී නිවැරදිකරු බවට කරන ලද ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන අධි චෝදනාවලට වරද පිලිගන්නා ලදි.
04. මෙම චූදිත පොලිස් නිලධාරීන් තිදෙනා චෝදනා දෙකට වරද පිලිගැනීම මත අධිකරණය ඔවුන් චෝදනා දෙකටම වරදකරුවන් කරන ලදි.
05. එ් අනුව, පළමු චෝදනාවට පොලිස් නිලධාරීන් තිදෙනාට, මාස 06 ක් බැගින් වූ ලිහිල් සිර දඬුවමක් ද, 
රු: 15,000/- බැගින් වූ රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවීමට වන දඬුවම් නියම කරන ලදි.
06. ඉන්පසුව ලිහිල් සිර දඬුවම් දෙක, වසර 07 බැගින් වූ කාලයකට අත්හිටවනු ලැබීය. 
07. මෙයට අමතරව, චූදිතයන් තිදෙනාම එකතුව රුපියල් ලක්ෂ දෙකක් කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහට ගෙවීමට නිම කරණු ලැබීය.
මෙම පසුබිම යටතේ එනම් බරපතල අපරාධ චෝදනා දෙකකට වරදකරුවන් වූ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා නඩු වාර්තාවට පමණක් සීමා වූ සිර දඬුවමක් හා දඩයක් නොවන සු`ඵ මුදලක් ගෙවා නිරුපද්‍රිතව සිටින අතර,
කිසිදු විනයානුකූල පියවරකට යටත් නොකර, පොලිස් සේවයේ පොලිස් සේවයේ නිරත වීමට ඉඩ ලබාදී තිබේ.
බරපතල අපරාධ සිදුකරන ලද ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් තිදෙනාට නිදැල්ලේ සිටීමට සැලැස්වීම,
(1* බරපතල ලෙසට වින්දිතයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව,
(2* පොලිස් නිලධාරීන්ට දඬුවම්වලට යටත් නොවී නිදැල්ලේ සිටීමට ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා රජය හා ආණ්ඩුව ඉඩ ලබාදී ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර ඇත.
අප ප‍්‍රකාශ කර සිටින්නේ, මෙම ක‍්‍රියාව යහපාලනය නොවන බව හා ප‍්‍රකාශිත සංහිඳියාවට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් බවයි.
ඉල්ලා සිටින්නේ, පොලිස් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම මගින් අපරාධ විදියන්ට සිදුකර තිබෙන අයුක්තිය,
පොලිස් නිලධාරීන්ට හිමිකර දී තිබෙන ”දණ්ඩ මුක්තිය” වෙනස් කර දැඩි විනය පියවර ගෙන, අපරාධ විනදිතයාට දැණුම් දෙන ලෙසයි. මේ වනවිටත් මෙම පොලිස් අපරාධකරුවන් 3නාට උසස්වීම් ලබාදි ඇතිනම් එ් පුදුම නොවෙමු.
අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීම කළ හැක්කේ, කාර්යක්ෂම හා කඩිනම් විමර්ශන මගින්, නිවැරදි චෝදනා ගොනු කිරීම මගින්, නඩු පමාව තුරන් කිරීම මගින් ය. මෙයට ඇති බාධාව පොලිස් හා අධිකරණ පද්ධතිය තුල පවතින්නිවු අක‍්‍රමිකතාවයන්ය. මාෆියාවය.
මෙයට,
අ.ක/චිත‍්‍රාල් පෙරේරා 
(ලේකම්)

පිටපත්:
(1) අග‍්‍රාමාත්‍ය ලේකම්27. අග‍්‍රාමාත්‍ය ලේකම්
     අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, නො: 58,සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07

(2) ලේකම්
    අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය, අ`ඵත් කඬේ 
    කොළඹ 12,  
(3) කේ.එ්. සමරසිංහ (අපරාධ වින්දිතයා)  
  




Friday, December 2, 2016

මර්වින් සිල්වාගේ පාහර වැඩට වන්දිය රු: 550,000/- යි.


උපුටා ගනීම-chitrangi7.blogspot.

ත‍්‍රීවිල් කාරයන්ගේ වුවමනාවට තාප්පය කඩා විනාශ කළ මර්වින් සිල්වාට ලක්ෂ 4 යි, අපරාධය වසන් කළ පොලිස් ස්ථානාධිපතිට රු: 50,000/- යි, අපරාධයට වගකිව යුතු රජයට ලක්ෂ 01 යි.

රාජපක්ෂ රෙජිමයේ බලූකම් පාහරකම් කරමින් නීතියෙන් ගැලවී සිටි මර්වින් සිල්වාට පක්කලි කම් කරන ලද ත‍්‍රීවිල් රියදුරන් පිරිසක් කිරිබත්ගොඩ, නුවර පාරේ අසිත ලියනගේ මහතාට හා ඔහුගේ පවුලට කරන ලද අඩම්තේට්ටම් කෙළවර වූයේ 2010.09.18 එ් මහතාගේ ව්‍යාපාරික ස්ථානයේ තාප්පය හා වැසිකිලිය කැළණිය ප‍්‍රාදේශීය සභාවේ බැකෝ යන්ත‍්‍ර යොදවා මර්වින් සිල්වාගේ මෙහෙයවීමෙන් කඩා බිඳ විනාශ කර දැමීමෙන්ය.

මහින්ද රාජපක්ෂ රෙජිමයේ මර්වින් සිල්වා ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය ද ඉදිරිපත් වූයේ නැත.

සමහර පොලිස් නිලධාරීන් මොහුගේ පාහර නීති විරෝධී කි‍්‍රයාවන්ට සහය දැක්වීය.

රාජපක්ෂගේ මිනීමරු පාලනය තුළද තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අසිත ලියනගේ ඉදිරිපත් විය. ඔහු මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළේය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙන යෑම සඳහා අවසර ලබාදුන්නේ 2010.11.22 දිනය. නියමිත දිනවලට මර්වින් සිල්වා ඇතු`ඵ වගඋත්තරකරුවන් පිළිතුරු ලබාදුන්නේ නැත. එයට 2013.01.16 වන දින දක්වාම විවිධ හේතු දක්වමින් ප‍්‍රමාද කරණු ලැබීය.

නඩුව පවරා වසර 06 කට පසුව එනම්, 2016.06.14 දින විභාගයට ගනු ලැබීය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු එස්.ඊ. වනසුන්දර, විනිසුරු අනිල් ගුණරත්න හා විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව 2016.06.14 වන දින ප‍්‍රකාශයට පත්කරණු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අනිල් ගුණරත්න විසින් සෙසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකඟතාවයෙන් ප‍්‍රකාශයට පත් කළ මෙම තීන්දුව මගින් රාජපක්ෂ රෙජිමයේ රාජ්‍ය ඇමති පදවියක් දැරූ මර්වින් සිල්වාට රු: ලක්ෂ හතරක් ද, මර්වින් සිල්වාගේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොකළ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ලෙසට කටයුතු කළ පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට රු: පනස්දාහක් ද, රජයට රුපියල් ලක්ෂයක් ද වන්දි වශයෙන් අසිත ලියනගේ මහතාට ගෙවීමට නියම කෙරණි.

මේ අනුව අසිත ලියනගේ මහතාට රුපියල් පන්ලක්ෂ පනස් දහසක වන්දියක් හිමි විය.

එ් මහතාට මර්වින් සිල්වා සිදු කළ අලාභය මිළියන දෙකකට වැඩි බව ප‍්‍රකාශ වේ.

මෙම නඩු තීන්දුව මගින්, අසිත ලියනගේ මහතාගේ දේපළවලට හානි කිරීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් කවරේද මෙම විනාශය සඳහා රාජ්‍ය දේපළ භාවිතා කර තිබේද යන්න, නීතියට අනුකූලව පරීක්ෂණ පවත්වා නීතිපති උපදෙස් අනුව නිසි පියවර ගන්නා ලෙසට පොලිස්පතිට නියම කර තිබේ.

පොලිස්පති පූජිත ජයසුන්දර, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නීතිය ක‍්‍රියාත්මක කරයි ද? මර්වින් සිල්වාට අවශ්‍ය විදියට ක‍්‍රියා කරයිද? දන්නේ නැත.
මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ උදවියට මෙන්ම මර්වින් සිල්වා වැනි තවත් අපරාධකරුවන් රැසකට නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ආරක්ෂා කර ගන්නා ලදි.

පොලීසියද එයට පූර්ණ සහය ලබාදෙන ලදි.

2010.09.18 දින, බරපතල අපරාධ සම්බන්ධයෙන් අසිත ලියනගේ මහතා කිරිබත්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන්, අපරාධ ස්ථානය පරීක්ෂා කරණු ලැබුවාද, අවට සිටි පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරගනු ලැබුවාද, සිදුකර තිබූ අලාභ පිළිබඳ සටහන් තැබුවාද, මහේස්ත‍්‍රාත්වරයාට කරුණු වාර්තා කරණු ලැබුවාද, ආදාල දුරකතන පරීක්ෂාවට ලක් කළාද, යන ප‍්‍රශ්න මතුකරන ශ්‍රේෂ්ඨාධිකරණය සිද්ධිය අදාලව විධිමත් පරීක්ෂණයක් නොපැවැත් වූ බව පෙන්වා දී තිබේ.

දේශපාලන හෝ අල්ලසට හෝ යම් කෙනෙකුගේ පුද්ගලික  ඕනෑ එපා කමකට අදටත් පොලීසිය, සාක්ෂි වසන් කරමින් අපරාධකරුවන් අරාක්ෂා කිරීමේ නියැලෙති.

මෙම නඩු තීන්දුව ජාතික පොලිස් කොමිෂමේ අවධානයට අප යොමු කළෙමු.

මෙම පොලිස් නිලධාරියාට, එනම් පොලිස් පරීක්ෂක එදිරිසූරිය පටබැඳිගේ චමින්ද එදිරිසූරියට එරෙහිව නොපමාව විනය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමු.

මේ වන විටත් මොහුට උසස්වීම් ලබාදී ඇත්නම් පුදුම විය යුතු නැත. එසේ උසස්වීමක් ලබාදීමත් සිදුකර ඇත්නම් එය අවලංගු කළ යුතුය. නිසි දඬුවම් ලබාදිය යුතුයි. 

නැතිනම් යහපාලනය විගඩමක් වන බව ජාතික පොලිස් කොමිෂමට කියා සිටිමු.

මෙම නඩු තීන්දුව ජනතා අවධානයට යොමු කිරීම යහපාලනය හා සංහිඳියාව ගොඩ නැගීමට වැදගත් වනු ඇත.

Link:-

http://www.janasansadaya.org/page.php?id=621&lang=en