Thursday, December 8, 2016

පොලිස් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ නොදෙනු



අපරාධයකට වරදකරුවන් වූ පොලිස් නිලධාරීන්ට විනය පියවර නොගැනීම මගින් පොලිස් නිලධාරීන්ට අපරාධ කිරීමට අනුබල දීම හා ශ‍්‍රී ලංකා පොලීසිය තුළ පවත්වාගෙන යන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ජනසංසදය, ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පතිට,  නීතිය සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට, ක`ථතර මහාධිකරණ නඩු අංක HC/252/04 නඩු තීන්දුව මුලික කරගෙන 2016.12.07 දාතමින් ඉදිරිපත් කරන ලද ලිපිය, පහත දක්වමු.

අගලවත්ත, කෙළින් කන්ද, 5 කණුව, පදිංචි, කේ.එ්. සමරසිංහ යන අයට 2001 නොවැම්බර් 11 දින සිට එම මස 14 දින දක්වා, අයුතු ලෙස සිරකර තබාගැනීම හා කෲර හා අමානුෂික ලෙස වධහිංසාවට පමුණුවනු ලැබූ බදුරලිය පොලිස් ස්ථානයේ, 

(1) සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි- ධම්මික නවරත්න, උ.පො.ප.

(2) අපරාධ අංශයේ - ගම්ලජ්ජිගේ ලීලාරත්න ගම්ලත්, උ.පො.ප.

(3) ස්ථානාධිපති - හෑගොඩහේවගේ සුජීව කුමාර, පො.ප.

යන තිදෙනාට එරෙහිව නීතිපති විසින්, 2004.03.30 වන දින, ක`ඵතර මහාධිකරණයේ පහත දැක්වෙන චෝදනා දෙක යටතේ නඩු පවරණු ලැබීය. 

එකී චෝදනා දෙක වන්නේ,

(i) කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහ නැමැත්තාව දවස් තුනක් අයුතු ලෙස සිරකර තැබීමෙන් දණ්ඩ සංග‍්‍රහයේ 32 වන වගන්තිය සමග කියවිය යුතු 334 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවය.

(ii) ඉහතකී වේලාවේදී ස්ථානයේදී හා එකී ක‍්‍රියාකලාපයේදී යුෂ්මතුන් පැමිණිල්ල නොදත් අන් අය සමග කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහ ගෙන් යම් වරද කියා පැමිණි හෝ වරදක් සොයා දැන ගැනීමට ඉවහල්වන තොරතුරක් එනම් මිනීමැරමක් සම්බන්ධයෙන් තොරතුරක් මෙලෙස ලබාගැනීමේ  කාර්ය සඳහා එකී තැනැත්තාට කැමැත්තෙන් තුවාල සිදු කිරීමෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 32 වන වගන්ති සමග කියවිය යුතු 321 වගන්තිය යටතේ වරදක් සිදු කළ බවය.
02. මෙම නඩුව ආරම්භයේදී මෙම පොලිස් නිලධාරීන් තිදෙනා ඉහත චෝදනාවලට නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, මෙම නඩු විභාගයට ඉදිරිපත වන ලදි.
03. විභාගය ආරම්භව සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි අවසන් ව පසුව, එනම් වසර 12 කට පසුව ආරම්භයේදී නිවැරදිකරු බවට කරන ලද ප‍්‍රකාශය ඉල්ලා අස්කරගෙන අධි චෝදනාවලට වරද පිලිගන්නා ලදි.
04. මෙම චූදිත පොලිස් නිලධාරීන් තිදෙනා චෝදනා දෙකට වරද පිලිගැනීම මත අධිකරණය ඔවුන් චෝදනා දෙකටම වරදකරුවන් කරන ලදි.
05. එ් අනුව, පළමු චෝදනාවට පොලිස් නිලධාරීන් තිදෙනාට, මාස 06 ක් බැගින් වූ ලිහිල් සිර දඬුවමක් ද, 
රු: 15,000/- බැගින් වූ රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවීමට වන දඬුවම් නියම කරන ලදි.
06. ඉන්පසුව ලිහිල් සිර දඬුවම් දෙක, වසර 07 බැගින් වූ කාලයකට අත්හිටවනු ලැබීය. 
07. මෙයට අමතරව, චූදිතයන් තිදෙනාම එකතුව රුපියල් ලක්ෂ දෙකක් කොඩිතුවක්කු ආරච්චිගේ සමරසිංහට ගෙවීමට නිම කරණු ලැබීය.
මෙම පසුබිම යටතේ එනම් බරපතල අපරාධ චෝදනා දෙකකට වරදකරුවන් වූ මෙම පොලිස් නිලධාරීන් තිදෙනා නඩු වාර්තාවට පමණක් සීමා වූ සිර දඬුවමක් හා දඩයක් නොවන සු`ඵ මුදලක් ගෙවා නිරුපද්‍රිතව සිටින අතර,
කිසිදු විනයානුකූල පියවරකට යටත් නොකර, පොලිස් සේවයේ පොලිස් සේවයේ නිරත වීමට ඉඩ ලබාදී තිබේ.
බරපතල අපරාධ සිදුකරන ලද ඉහත නම් සඳහන් පොලිස් නිලධාරීන් තිදෙනාට නිදැල්ලේ සිටීමට සැලැස්වීම,
(1* බරපතල ලෙසට වින්දිතයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව,
(2* පොලිස් නිලධාරීන්ට දඬුවම්වලට යටත් නොවී නිදැල්ලේ සිටීමට ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා රජය හා ආණ්ඩුව ඉඩ ලබාදී ඇති බව ප‍්‍රායෝගිකව ඔප්පු කර ඇත.
අප ප‍්‍රකාශ කර සිටින්නේ, මෙම ක‍්‍රියාව යහපාලනය නොවන බව හා ප‍්‍රකාශිත සංහිඳියාවට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාවක් බවයි.
ඉල්ලා සිටින්නේ, පොලිස් අපරාධකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම මගින් අපරාධ විදියන්ට සිදුකර තිබෙන අයුක්තිය,
පොලිස් නිලධාරීන්ට හිමිකර දී තිබෙන ”දණ්ඩ මුක්තිය” වෙනස් කර දැඩි විනය පියවර ගෙන, අපරාධ විනදිතයාට දැණුම් දෙන ලෙසයි. මේ වනවිටත් මෙම පොලිස් අපරාධකරුවන් 3නාට උසස්වීම් ලබාදි ඇතිනම් එ් පුදුම නොවෙමු.
අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීම කළ හැක්කේ, කාර්යක්ෂම හා කඩිනම් විමර්ශන මගින්, නිවැරදි චෝදනා ගොනු කිරීම මගින්, නඩු පමාව තුරන් කිරීම මගින් ය. මෙයට ඇති බාධාව පොලිස් හා අධිකරණ පද්ධතිය තුල පවතින්නිවු අක‍්‍රමිකතාවයන්ය. මාෆියාවය.
මෙයට,
අ.ක/චිත‍්‍රාල් පෙරේරා 
(ලේකම්)

පිටපත්:
(1) අග‍්‍රාමාත්‍ය ලේකම්27. අග‍්‍රාමාත්‍ය ලේකම්
     අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, නො: 58,සර් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07

(2) ලේකම්
    අධිකරණ සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය, අ`ඵත් කඬේ 
    කොළඹ 12,  
(3) කේ.එ්. සමරසිංහ (අපරාධ වින්දිතයා)  
  




No comments:

Post a Comment