Monday, September 29, 2014

හතරවරක් බැන්ද නිසා ගල්ගසා මරා දමයි‍.


පිරිමියෙකුට ගැහැණු 07ක් බින්නට වරම් ඇත. එහෙත් ගැහැණුන්ට ඒ වරම නැත. හතරවරක් කසාද බැදීම ඉස්ලාම් දහමට අනුව අපරාධයක් බවට තීන්දු කල, සෝමාලියානු මුස්ලිම් අධීකරණය, 33 හැවිරිදි කාන්තාවකට ගල්ගසා මරා දැමීමට තීන්දු කළේය.

ෂික් මොහොමඩ් අබු අබ්දුල්ලා නැමැති මෙම නඩුකාරයා, ඉස්ලාමීය මරණ දඩුවම දැක බලාගන්නට ආ, විශාල පිරිසක් අමතා කියා සිටියේ, තමා මේ ගැහැණීය ව සිර ගෙදරදී මුණගැසුනු බවත්, ඇය හොද සිහියෙන් ඉන්නා බවත්, හතර දෙනෙකුව විවාහ කරගත් බව පිළිග් බවත් ය.

කලු රෙදි පටියකින් ඇස් ගැට ගසා, ගෙල වටා වළලා, දමා සිටිය ගැහැණියට, මුහුණ ආවරණය කරගත් ඉස්ලාමීය අන්තවාදීන් විසින්, ඇයට ගල් විලින් ගසා ඇය මරා දමා අල්ලා දෙවියන්ට ස්තුති කරන විට, බලා සිටි අයද, අල්ලා දෙවියන්ට ස්තුතිකර විසිර යන ලදි.



Sunday, September 28, 2014

අබිං සමග නූඩ්ල්ස් - වරක් කෑවොත් හැමදාම කනවා


 චීනයේ, ෂැංහයි නුවර,  ෂෑන් නම් අවනහලෙන් නූඩ්ල්ස් කෑමට ගන්නා ඔනෑම අයෙක්, නැවත නැවත එම අවන්හලටම ගොස් නූඩ්ල්ස් කෑමට ගන්නේය.

මෙහි රහස එළිවූයේ, චිනයේ රථවාහන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයකුට, අබිං භාවිතා කරන බවට එල්ලවූ චෝදනාවෙනි.

මෙම තරුණය කියා සිටියේ තමා කිසි දිනෙක අබිං භාවිතා කර නැති බවයි. නමුත් පොලිසිය විශ්වාස ක‍ළේ නැත. ඔහු රුධිරයේ අබිං අන්තර්ගත තිබින.

පොලිස් මැදිරියේ සිටි තරුණයා, තමා කලෙක සිට ෂෑන් අවන්හලෙන් නූඩ්ල්ස් ආහාරයට ගන්නා බවත්, දැන් තමාට ඒ පිළිබඳ සැකයක් ඇත් වී තිබෙන බව ගෙදර අයට කියා සිටියේය.

නිවැසියන් ෂෑන් අවන් හලෙන් නූඩ්ල්ස් ආහාරයට ගෙන, රුධිර පරීක්ෂාවට ලක් කල විට, ඔවුන් ගේ රුධිරයේ අබිං ඇති බව හෙළි දරව් වීය.

මේ බව පොලිසියට කිව්වත්, පොලිසිය කියා ඇත්තේ අපිට විකුණන අයගෙන් වැඩක් නැහැ, කෑ අය තමයි ඕනා කියා ය.


කෙසේ වෙතත් නිවැසියන්ගේ බලවත් උත්සාහය නිසා, දින 15ක් අත්අඩංගුවේ සිටි තරුණයාව නිදහස් කර, අවන්හල අයිතිකරු ව අබිං ඇට සමග අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මුස්ලිම් අන්තවාදීන් ප්‍රංශ සංචාරකයාගේ බෙල්ල කපා මරා දමයි


 Herve Gourdel

ඇල්ජීරියාවේ .ජිනාඩ්, නමින් පෙනී සිටින, අන්තවාදීන් ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම මගින් පසුගියදා පැහැරගනු ලැබූ Herve Gourdel නම් වු ප්‍රංශ ජාතික සංචාරක මග පෙන්වන්නා ගේ ගෙල කපා මරා දමා, එම දර්ශනය අන්තර්ජාලයට එක්කර තිබින.

ජිහාඩ්  කල්ලිය විසින්,  පළිගැනීම සහා මෙම මරා දැමීම සිදු කළේ සිරියාවේ හා ඉරාකයේ - ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහිව එල්ල කරන ගුවන් ප්‍රහාර වලක්වන ලෙසට ප්‍රංශ රජයෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කල නිසාය.

මිලෙච්ජ ඝාතනයට එරෙහි දහස් ගණනක් ප්‍රංශ ජාතිකයින් නිහඩ පෙලපාලියක් පැවැත්වීමට පියවර ගත්තේය.


ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම වසින් ගෙල සි මරා දැමු තෙවන බටහිර ජාතිකයා මොහුය. 

45 හැවිරිදි කාන්තාවක් පණ පිටින් වළලලා


ඇල්‍ජීරියානු පොලිසිය හා සොහොන් පල්ලන්, වල හාරා පෙට්ටිය ගොඩ ගෙන බලන විට, හුස්ම හිරිවීම නිසා වේදනාවෙන් දගලා ඇය මියගොස්. 
 පිලිකා රෝගයකින් පෙලුනු මේ තැනැත්තිය මිය ගිය බව, ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ගේ තීරණය අනුව,  මිය ගිය කාන්තාව මිහිදන් කර තිබේ.

සොහොන් පිටියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසකට, මිනී වලෙන් එන ශබ්දය ඇසී සොහොන් පල්ලන්ට දැන්වීමෙන් පසුව, ඔවුන් පොලිසියද ගෙන්වා, මිනී වල හාරා තිබේ. පෙට්ටිය ගොඩගෙන බැලීමේදී, ඇත්ත වශයෙන් ඇය මියගොස් තිබුන අතර, හුස්ම ගැනීමට නොහැකිවීම නිසා, දගලා පෙට්ටිය තුල මියගොස් ඇත.



මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ට නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබේ.



Friday, September 26, 2014

රාජනී තිරාණගම සමරුවට රාජපක්ෂ රෙජිමයේ බාධා



එල්.ටී.ටී.ඊ.ය, 1989 සැප්තැම්බර් 21 වෛද්‍ය රාජනී තිරාණගම මහත්මියව, වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය උදෙසා, නොබියව පෙනී සිටි රාජනී තිරාණගම, ඒ සදහා සිය හඩ නැගුවේ, අද දකුනේ බෙරිහන් දෙන,එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදයට එරෙහිවය. ඒ හම්බන්තොට සිට නොව යාපනයේ සිටය.

රාජනී තිරාණගම මිය ගියද, ඇය අමතක කර දමන්නට, ඇගේ මිතුරන්, ඥාතීන් මෙන්ම බුද්ධිමතුන් හා සාමාන්‍ය ජනයා සූදානම් වූයේ නැත.


ගතවූ කාලය තුල, ඇය සිහිපත කර, ඈ ගෙනගිය ප්‍රජාතන්ත්‍රවාදය හා යුත්කිය උදෙසා වූ අරගලය සමරන්නට, ගතවු 25 වසර තුල ඈ උපන්, ඈ හැදී වැඩුනු, ඈ ඉගෙනගත්, ඈ මියගිය යාපනයේදී, නොහැකි විය.

යුද්ධය අවසන්ව, පස්වසරක් ගිය තැන, ඈ සිහිපත් කර, සමරන්නට ඇගේ මිතුරන්, ඥාතීන්, බුද්ධිමතුන් හා සාමාන්‍ය වැසියන්ට හැකි විය.

ඒ වෙනුවෙන් මෙම මස 20 යාපනය ට්‍රිමර් ශාලාවේදීද, පසු දින වීරසිංහම් ශාලාවේදීද සමරු වැඩසටහන් පැවැත්විණ.

මෙම වැඩසටහන් සදහා, යාපනයේ වැසියන් පමණක් නොව, අනෙකුත් ප්‍රදේශවල හා ජාත්‍යන්තර නියෝජිතයෝ එක් විය.

එල්.ටී.ටී.ඊ. ය විසින් ඝාතනය කල රාජනී තිරාණගම සමරු උත්සවය පැවැත්වීමට, ආණ්ඩුවේ අවසරය ලබාගෙන, නියමිතව තිබුනේ, යාපනය විශ්ව විද්‍යාල‍ය හා යාපනය පුස්ථකාලයේදීය. ඒ ආයතන දෙක, මෙම උත්සවයට ලබා නොදීමට රාජපක්ෂ රෙජිමය අවසාන මොහොතේ තීරිණය කළේය.

ඒ කවර හේතුවක් නිසා නොව, උත්සවයේ තේමාව වූ, වඩාත් යුක්ති සහගත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යන තේමාව, රාජපක්ෂ රෙජිමයට නොදිරවන නිසාය.


Wednesday, September 24, 2014

Basil Fernando of the AHRC receives Right Livelihood Award, known also as “Alternative Nobel Prize”





The Asian Human Rights Commission wishes to inform you that The Right Livelihood Foundation has announced the laureates for 2014.
They are Mr. Edward Snowden, Mr. Alan Rusbridger, Ms. Asma Jahangir, Mr. Basil Fernando, and Mr. Bill McKibben. This award is also known as the “Alternative Nobel Prize.”
For further information about the award and this year's laureates, please visit:
Basil Fernando is a Sri Lankan based in Hong Kong and the Asian Human Rights Commission has its headquarters in Hong Kong. The Announcement relating to Basil Fernando of the AHRC is as follows:
 “… for his tireless and outstanding work to support and document the implementation of human rights in Asia.”
Basil Fernando is a leading Asian human rights defender. In a career spanning three decades, he has been pivotal in linking ordinary citizens striving for human rights principles at the grassroots to institutions working for structural reform at the policy level. Fernando, and the Asian Human Rights Commission (AHRC) that he led for nearly two decades, have developed one of the world’s most sophisticated “Urgent Appeals” systems. Through its Human Rights School and training initiatives, the AHRC has educated countless lawyers and activists on the principles of fair trial and the rule of law, thereby greatly advancing an Asian movement working towards the realisation of human rights for all.



Tuesday, September 23, 2014

2020 ජනමත විචාරණයට ස්කොට්ලන්ත ”45‍%” කණ්ඩායම සුදානම් වේ.


එක්සත් රාජධානියෙන් වෙන්වනවාද? එකට ඉන්වාද? යන්න තීරණය කිරිම සඳහා පසුගියදා පැවැති ජනමතවිචාරණයේදි වෙන්වීමට පක්ෂව 45‍% ක්ද, වෙන්වීමට විරුද්ධව 55‍% ක්ද ලැබිම නිසා ස්කොට්ලන්තයේ නිදහස් සටහන පසු බෑමකට ලක්විය.

පරාජයට පත්වුවන් විසින් පිහිටුවා ගෙන තිබෙන ”45‍%කණ්ඩායම, 2020 ජනමතවිචාරනයක ට සුදානම් වෙමින්, වෙන්විමට විරුද්ධවු ව්‍යාපාර, මාධ්‍යය හා සංවිධාන වර්ජනය කිරිමට තීරණය කරතිබේ. ඉතා තියුනු මුහඅණු වරක් ගත ජනමතවිචාරණය එංගලන්තය සමග එක්ව සිටිමට තීරණය කළත්, ස්කොට්ලන්තය තුල බෙදිමක් ඇති කර තිබේ.

මියුනිච් Oktoberfest බියර් සාදයට මිලියනයක් එක්වෙයි.


ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන ලෝකයේ විශාලතම බීර උත්සවයට, අයහපත් කාල ගූණය නොසලකා පළමු සති අන්තයේ එක්වු පිරිස මිලියන ඉක්මවිය. බීර විදුරු මිලියනයකට වඩා පානය කළ මෙම පිරිස කා දමන ලද සොසේජස් ප‍්‍රමාණය දස දහසනට වැඩිය.

දින 16ක් පුරා පැවැත් වෙන මෙම උත්සවයට මිලියන හයක් එක්වෙනු ඇතැයි සංවිධායකයින් ගේ බලාපොරොත්තුවයි. මෙම උත්සවයේදි අනතුරට පත්වන හා බිමත් කම නිසා රෝගි වන අයට පිහිට වන්නට රතු කුරුසය එක්ව සිටි.

Friday, September 19, 2014

සිංදු කිව්වාට, නැටුවාට කස පහර 91ක්, හය මසක සිරඬුවමක්

.
ඇමෙරිකානු ප‍්‍රකට පොප් ගීතයක් වන  HAPPY ගීතය ගයමින් නටන වීඩියෝ දර්ශණයක සිටි ඉරාන තරුණයින් 07කුට එරට අධිකරණයක් විසින් ඉහත දඬුවම පනවා ඇත. 
තරුණියන් තිදෙනෙකු හා තරුණයින් සිව් දෙනෙකු ට එරට ඉස්ලාමීය නීතිය යටතේ පනවන ලද මෙම දඬුවම තුන් අවුරුද්දකට අතිහිවා ඇත. ඉස්ලාමීය නිතිය යටතේ විඩියෝ වේ රඟ පෑමට දඬුවම හයමසකි. එම ක‍්‍රියාව මගින් ඉස්ලාම් දහමට අගෞරව කිරිමට කස පහර 91 නියම විය. 
මෙම දඬුවම ගැන එරට ජනාධිපති කියා ඇත්තේ සංස්කෘතික ගැට`ථ විසඳිමට නීතිය හා බලය පාවිච්චි කිරිම වරදි බවයි.
HAPPY විඩියෝව බලන්න. 

අධිකරණයට ඉදිරිපත් කරන්න පොලීසියට පවුම් භාගයක රත්තරන් ඕනෑලු! .


දින දෙකකටත් වඩා වැඩි කාලයක් කලුතර දකුණ පොලීසියේ රඳවා ගෙන සිටින තම සැමියාව උසාවි දාන්න පවුම් භාගයක රත්තරන් ඉල්ලන බව පවසන නස්මියා-අවු:43- වරදක් කර ඇත් නම් නොපමාව  අධිකරණය හමුවට පත්කරන ලෙසට ඉල්ලයි.

තම සැමියා ව අත් අඩංගුවට ගැනීම සමග, ඥතියෙකු ගේ යතුරු පැදියද පොලීසිය පැහර ගෙන ගොස් තබාගෙන සිටි. එම යතුරු පැදිය ද පොලීසියේ තබාගෙන සිටින බව නස්මියා පවසයි. මොවුන් පානදුර අම්බලන්දුව ප‍්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

අධිකරණයට ඉදිරිපත් කිරිමට කලුතර දකුණ පොලීසිය ඉල්ලන රත්තරන් දෙන්න තමන්ට හැකියාවක් නැතැයි ඇය කියා සිටි.

පුද්ගලයින්ව නීති විරෝධිව අත්ඩංගුවට ගෙන, අත් අඩංගුවට ගැනීම සටහන් නොකර නීති විරෝධිව රඳවා තබාගෙන කප්පන් ගැනීම ප‍්‍රසිද්ධයේම සිදුකරන පොලිස් නිලධාරින්ට එරෙහිව පියවර ආණ්ඩුව පියවර නොගන්නේ, දුෂිත පොලීසිය ආණ්ඩුවේ අවශ්‍යතාවය නිසාය. මෙම ක්‍රියාවන්ට පොලීසිය බාර ඇමති වශයෙන් රාජපක්ෂ සම්පුර්ණයෙන්ම වග කිව යුතය.


එකෙක් හැංගිලා ! අනෙකා වන්දනාවේ ගිහිල්ලා! සැකකරැවන්ව අල්ලලා ගෙනත් දෙන්න ලු!



පසුගිය 12 වෙනිදා, මහ පාරේදී 14 වියැති සිසුවෙකුට පහර දුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ නොකරන බණ්ඩාරගම පොලීසිය මෙම අපරාධය අධිකරණයට වාර්තා කිරීම ද මගහැර ඇතැයි වාර්තා වේ.

බණ්ඩාරගම, අටළුගම, එම්.අයි.එම්. ඉර්ෂාන් පවසන පරිදි තමාට පහර දුන්නේ මින්හාච් නැමැත්තාය. මොහු ව්‍යාපාරිකයෙකුගේ පුතකු වන 20 හැවිරිදි තරුණයෙකි. මේ වන විට ගම හැර ගොස් ඇති බව ප්‍රකාශ කරයි.

ඔහුට මෙම පහර දීමට උදව් වූ මීගහමුල්ලේ මුනීර් නැමති ත්‍රී රෝද රථ රියදුරු ඉස්ලාම් ආගමික චාරිත්‍රයකට අනුව, දින 40 ක වන්දනාවක ගොස් ඇති බවයි, පවසන්නේ.

බණ්ඩාරගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පළමුව බණ්ඩාරගම රජයේ රෝහලට ඇතුළත් කරන ලදි.

එම්.අයි.එම්. ඉර්ෂාන් ගේ දකුණු ඇස ඉදිමී, රතුවීම නිසා බිය වූ මාපියන් ඔහුව කොළඹ ඇස් රෝහලට ඇතුළත් කර ඇත.

එයින් පසුව කොළඹ ජතික රෝහලට අතුළත් කර ප්‍රතිකාර ලබාගෙන තිබේ.

නමුත් මොහුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති බවක් වාර්තා නොවේ. මව වන අබ්දූල් සමීන් නිශ්මියා ඉල්ලන්නේ මෙම අපරාධය අධිකරණයට වාර්තා කරන ලෙසටයි.

ඒ පිළිබව ලිඛිත පැමිණිල්ලක් බණ්ඩාරගම පොලීසියට කර ඇති අතර, එහි පිටපත් පොලපිස්පතිට හා පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත යවා ඇත.

තම දරුවා අධිකරණ  වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.




Thursday, September 18, 2014

ගුවන් යානය පරක්කු කළ හිටපු ඇමතියාට බස් එකේ යන්න වෙයි.


ඹලික්
මේ අපේ රටේ නම් නොවේ. ජනාධිපතිලා ඇමතිලා එනකන් ගුවන් ගමන් ප‍්‍රමාද කිරිම් ගැන අප අසා ඇත. මේ පකිස්ථානයේ අවු: 05ක් ස්වදේශ ඇමතිව සිටි රේහාම් මලික් එන කම් ගුවන් ගමන පැය 02කට ආසන්න කාලයක් ප‍්‍රමාද කිරිම ගැන උරන වු පකිස්ථාන ගුවන් යානයේ 220 කට ආසන්න මගින්, මලික්ට යානයට ඇතුලූ වීමට ඉඩ නොදුන්නේය. 

මගින් ගේ ක‍්‍රියාවට ගුවන් සේවක සහය ද ලැබී ඇත. මලික් ට බස් එකක් ගන්න යයි මගින් ඉල්ලා සිටියේ. මගී විරෝධය මත ආපසු හරි ගිය මලික් පසුව අපේ රටේ ඇමතියන් අනුගමනය කරමින් නිවේදනයක් නිකුත් කරමින්, කියා සිටියේ තමන් ප‍්‍රමාද නොවු බවත්, ගුවන් යානය ප‍්‍රමාදව පිටත්වන බව දැන සිටි නිසා තමා ප‍්‍රමාද වී පැමැණි බවත්ය.
වීඩියෝව නරඹන්න. 

Monday, September 15, 2014

සල්ලි ගත්තා වගේ නෙවෙයි වමාරන්න වෙයි. පොලීස්කාරයෝ උසාවියේදි කියයි.


පොලිස් කැබ් එකට යටකොට මරා දමන ලද ධනුෂ්ක කුමාර(අවු.23) ගේ පියාට හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ඉහත ප‍්‍රකාශය කළේ මෙම අපරාධයට වගකිවයුතු පොලිස්කාරයින් ගෙන් එකෙකු වු බංඩාර නැමැති පොලිස්කාරයා විත්ති කුඩුවේ සිටය.

මෙම අපරාධය වසන් කිරිමට ඉඩ නොදෙන ලෙසට මිය ගිය ධනුෂ්ක ගේ පියා වන 53න් හැවරිදි සුමතිපාල පොලිස්පති, නීතිපති, මානව හිමිකම් කොමිෂන් සභාව හා අධිකරණ සේවා කොමිසන් සභාව වෙත කරන ලද ලද ලිඛත පැමිණිල්ලේ මෙසේ සඟන් වේ.

ධනුෂ්ක කුමාර, 2014.09.10 වන දින, රාත‍්‍රී 7.00ට පමණ, රොෂාන් මධුසංඛ ලක්රුවන් සමග ඉංගිරිය බලා පිටත්ව ගියා. මහ ඉංගිරිය, නාකඳ පාලම අසල, සමූපකාරය ඉදිරිපිට දී, ඉංගිරිය පොලිසියේ කැබ් රථය යතුරු පැදියේ හප්පා, වැටුණ පුතාගේ, ඇඟ උඩින් දෙපාරක් ගෙන ගොස් තිබු අතර, එහි ප‍්‍රථිඵලයෙන් මාගේ පුතා එ් අවස්ථාවේදීම ජිවිතක්ෂයට පත්වූ අතර, ඔහු සමග ගිය මිතුරා බරපතල තුවාල ලැබ තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එ්කකයේ පසුවෙන බව ප‍්‍රකාශ කරමි.

මෙම අනතුර සිදුකරන ලද, ඉංගිරිය පොලිසියේ රියදුරු කහපලගේ පුෂ්ප කුමාර, පො.කො. විමල් චන්ද්‍රසේකර හා පො.කො.රවීන්ද්‍ර ලක්මාල් බංඩාර සිටියේ බීමත්ව බව ප‍්‍රකාශ කරමි.

අනතුරෙන් පසුව, මෙම පොලිස් නිලධාරීන්, අනතුරට පත්වූ අය මිය යනතෙක් බලා සිටින ලද අතර, අවට ප‍්‍රදේශවාසීන් එක්ව, පලා යෑමට තැත් කල පොලිස් නිලධාරින්ගේ කැබ් රථය නවතා, අනතුරට පත්වූවන් ඉංගිරිය රෝහලට යවනු ලැබ තිබින.

මෙම පොලිස් නිලධාරීන්, මගේ පුතාව හා මිතුරාව රෝහලට බාරදී තිබුණේ, අනතුරකින් පාරේ වැටී සිටි පුද්ගලයින් දෙදෙනෙකු වශයෙන් හඳුන්වාය. ඉන් අනතුරුව මේ පිලිබඳව සත්‍ය තොරතුරු වසන් කිරීමට, ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ පිරිස පියවර ගත්තේය.

මෙම අනතුර පිළිබඳව, පසුදින (11 දින* විද්‍යුත් මාධ්‍යය මගින් ප‍්‍රචාරය වීම සමග, පරීක්ෂණ සඳහා යයි පවසමින්, පානදුර දකුණ, මතුගම, හොරණ, බුලත්සිංහල පොලීසි වලින් නිලධාරින් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියා.

මේ සිය`ඵ දෙනා අතුරින් පිරිසක්, පරීක්ෂණ නොව, අපරාධකාර පොලිස් නිලධාරීන්ව බේරා ගැනීම ට උත්සහ කිරිම පමණකි. පොලිස් නිලධාරීන් සෙදාස් කිරීමට සිය බලය අයුතු ලෙස උපයෝගී කර ගනිමින් විවිධ ප‍්‍රකාශ කිරීමය.

මේ අතර, මතුගම පොලීසිය අපරාධය හා අදාල සියලූම සාක්ෂි සටහන් කර ගත් අතර, අදාල පොලිස් නිලධාරීන් තිදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කිරීමට කටයුතු කළ ද 

1. අනතුරෙන් පසුව, අනතුර වූ ස්ථානය පිළිබඳව කිසිදු සලකුණක් නොකර, පාර පිරිසිදු කර, අදාල ක්ෂේත‍්‍ර පරීක්ෂණ නොකර, හොර රහසේම යතුරු පැදිය, පොලිසියට ගෙනවිත්, සාක්ෂි විනාශ කර දමනු ලැබීය. 

2. අනතුරට අදාල වූ කැබ් රථය, පොලිසියට ගෙනවිත්, සෝදා, සිය`ඵ සලකුණු මකා, සාක්ෂි විනාශ කර දමනු ලැබීය. 

3. ඉහත පොලිස් නිලධාරීන් තිදෙනාව, රජයේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් නොකර, ඔවුන් බීමත්ව සිටි බවට වන සාක්ෂිය, විනාශ කළේය. 

  3.1  මෙහිදී මේ දක්වාම අනතුරට භාජනය වූ පොලිස් කැබ් රථය හා අනතුරට පාත‍්‍ර වූ යතුරුපැදිය මෝටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් නොකර එ් හා අදාල සාක්ෂිද යටපත් කොට ඇත. 

4. තවද, 2014.09.11 දින, ප:ව: 1.00 ට පමණ, අනතුර වූ ස්ථානයට, නඩුකාර නෝනා පැමිණෙන බවත් එ් නිසා එතනට අපට යන්න ලෙසටත්, ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති උපදෙස් දුන්නා.

 4.1 එ් අනුව, මා පවුලේ සාමාජිකයින් ද අසල්වැසියන් ද එතනට ගියා.

 4.2 එම ස්ථානයට, හොරණ නීතිඥ මානෙල් ගුණතිලක මිය පැමිණියා. ඇය පැමිණියේ ඉංගිරිය
     පොලිසිය සමග. ඇය වැඩබලන මහේස්ත‍්‍රාත්තුමිය බව ප‍්‍රකාශ වුණා. 

 4.3 ඇය පැමිණ, ස්ථානය පිළිබඳව, විස්තර පළමුවෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගෙන් විමසුවා.

4.4 ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර, වැඩ බලන මහේස්ත‍්‍රාත්තුමිය නීතිඥ මානෙල් ගුණතිලක මියට ප‍්‍රකාශ කළා, ඉංගිරිය පොලිසියේ ජීප් රථය, එතැන හරවන විට (යූ ටර්න්* ඉංගිරිය දෙසට වේගයෙන් පැමිණී යතුර පැදිය පාලනය කරගත නොහැකිව, පොලිස් රථයේ වැදුණු බව.

4.5 මම ඉදිරිපත් වෙලා, මහේස්ත‍්‍රාත්තුමියට ප‍්‍රකාශ කළා, හැපිලා නෙවෙයි හප්පලා කියා.     එවිට, මහේස්ත‍්‍රාත්තුමිය මට සාක්ෂි තියනවාද කිියා ඇහැව්වා. මම කිව්වා මේ වෙලාවේ     සාක්ෂි ඉදිරිපත් කරන්න විදිහක් නෑ කියා. එවිට මගේ බිරිඳ කිව්වා, දැන් ළමයා මැරිලා     ඉන්නේ කියා. 

4.6 එවිට වැ.බ. මහේස්ත‍්‍රාත් තුමිය, නීතිඥ මානෙල් ගුණතිලක මිය, මට සැර කරමින් කිව්වා, සාක්ෂි ඉදිරිපත් කරන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න, නැත්තම් අපිට කරන්න දෙයක් නෑ, සාක්ෂි
ඉදිරිපත් කළොත් තමයි අපිට මොනවා හරි කරන්න පු`ඵවන් කියා.

4.5 තවද, එතැන සිටි අයෙක් අනතුර සිදුවූ ස්ථානය පිරිසිදු කර තිබුන ද, එම ස්ථානයේ ඉතිරිව
තිබූ, සයිඞ් කණ්නාඩියේ බිඳුනු වීදුරු කටු පෙන්නුව ද, මට එ්වා වැඩක් නැහැ, ඇසින් දුටු       සාක්ෂි දැන් ඉදිරිපත් කරන්න යයි තර්ජනාත්මකව ප‍්‍රකාශ කළා.

 4.6 ඉන්පසු, මිනිය පරීක්ෂා කරන්න යන් කියා, ඉංගිරිය රෝහලට ගියා. ඉංගිරිය රෝහලේදී, වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ මානෙල් ගුණතිලක මිය, ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති සමග, මෘත ශරීරාගාරයට ගියා. මා ද ඔවුන් කැටුව මෘත ශරීරාගාරය තුලට ගියා.

4.7 එහිදී, මෘත ශරීරාගාරයේ තිබූ, පුතාගේ මළ සිරුර පරික්ෂා කර, මෘත දේහයේ බාහිරින් පෙනෙන්නට තිබූ තුවාල, එ්වා සු`ඵ තුවාල කියමින්, සටහන් කෙරෙව්වා. ඇය ඔලූවේ තුවාලය සු`ඵ එකක් කිව්වා.

4.8 මෘත ශරීරය පෙරලා බැලීමේදී පිටේ හරහට අඩියක් පමණ දිග, අගල් 6 ක් පමණ පළල, සම ගොස්, ක`ඵ පැහැ ගැනුණු තුවාලයක් තිබුනා. මා එය මහේස්ත‍්‍රාත්තුමියට පෙන්වූවා. ඇය කිව්වා, එම තුවාල අගල් 2 ක පමණ එකක් බව කියා, ලියන්න කිව්වා. 

 4.9 ඉන්පසුව, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා, මෘත දේහය පානදුර මූලික රෝහලට ගෙන
ආවා.

5. එයින් පසුව, අධිකරණය මගින් පැවැත්විය යුතුව තිබෙන මරණ පරීක්ෂණ සඳහා, මේ වන තෙක් මාව හෝ පවුලේ උදවිය හෝ කැඳවූයේ නැහැ.

6. ඉංගිරිය රෝහලට, මාගේ පුතාව හා බරපතල තුවාල ලැබූ මිත‍්‍රයාව බාරදීම අදාල කිසිදු සටහනක් නැති බව මා පසුව දැන ගතිමි.

7. 2014.09.11 වන දින, මේ සිදුවීම අදාලව, සවස 3.00 ට පමණ, පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව දැන ගත්තා.

8. 2014.09.15 වන දින, අපට, පුවත්පත් වලින් දැනගන්නට ලැබුණා එදින, මෙම අපරාධය කළ පොලිස් නිලධාරීන්ව හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙන එන බව.

9. එ් අනුව, මා හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගියා. එහිදි, අපරාධය සිදු කළ පොලිස් නිලධාරීන්ව ඇප මත මුදා හැරියා.

10. නඩුව ආරම්භයේදී, අධිකරණය ඇසුවා, මරණකරුගේ පාර්ශවයෙන් කව්රු හරි ඇවිල්ලා තියෙවාද කියා. ඊළඟට ඇසුවා තුවාලකරුගේ පාර්ශවයෙන් කව්රුහරි ඇවිල්ලා තියෙනවාද කියා.

11. එවිටම, මමත් පුතාගේ තුවාල වූ මිතුරාගේ පියාත් ඉදිරියට ගියා. එවිට එක් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් මා ළඟට ඇවිත් රුපියල් 25,000/ු ක් දුන්නා. මා එය ගැනීමට මැලි වුණා. නමුත් අධිකරණය කිව්වා අත්සන් කරන්න කියා. එ් තුළ මා අධිකරණයේ අත්සන් කළා. 

මුදල් ගත් පසුව විත්ති කූඩුවේ හිටිය, අපරාධය සිදු කළ පොලිස් නිලධාරියෙකු වන රවීන්ද්‍ර ලක්මාල් බංඩාර මට කිව්වා, සල්ලි ගත්තා වගේ නෙවෙයි වමාරන්න වෙයි කියලා කිව්වා. 

මෙහිදී පැහැදිළි වුණු කරුණක් නම් අපට නොදන්වා සැකකරුවන් ව අධිකරණයට ගෙන්වා ඇප මත මුදාහැරිම හා අධිකරණය උසාවි භූමියේ සිටි අපට මුදල් දීමද බරපතල සැකයට හේතුවක් බවයි.

තවද, අපට කැඳවීමක් නැතිව, අධිකරණයට සැකකරුවන් ගෙන්වා, ඇප ලබාදීමට පියවර ගැනීමද, අධිකරණයෙන් නියම කරන්නට යන මුදල පෙර සිට දැනගෙන සිටිමද බරපතල සැකයට හේතුවක් බවයි.

මාධ්‍යයෙන් දැන ගත්තේ නැති නම් අප එදින අධිකරණයට පැමිණෙන්නේ නැත. එවිට සිදුවන්නේ කුමක්ද යන්නවත් දැන ගැනීමට අපට නොහැකි වනු ඇත.

මෙම පොලිස් නිලධාරින් හා මෙම අපරාධය අදාලව සාක්ෂි වසන් කළ ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා දැනටමත් මෙම සිද්ධිය දුටු සාක්ෂිකරුවන්ට බලපෑම් කර තිබෙන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි. 

මා ප‍්‍රකාශ කරන්නේ, ඉහත කරුණු අනුව මාගේ පුතාගේ මරණයට වගකිව යුතු ඉංගිරිය 
පොලීසියේ,
1. කහපලගේ පුෂ්ප කුමාර, 
2. පො.කො. විමල් චන්ද්‍රසේකර  
3. පො.කො. රවීන්ද්‍ර ලක්මාල් බංඩාර
යන පොලිස් නිලධාරීන් බේරා ගැනීමට පොලීසිය ද ඇතුලූ වගකිව යුත්තන් උත්සාහ දරන බවයි.
එම නිසා මෙම අපරාධය ඉතා සැලසුම් සහගතව යට ගැසීමට ක‍්‍රියා කරන බවයි.
මෙම අපරාධය වසන් කිරීමට, අපරාධකරුවන් බේරා ගැනීමට සාක්ෂි විනාශ කළ ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපති උදය කුමාරට එරෙහිව පරීක්ෂණ පවත්වන බව ප‍්‍රකාශ කළ ද, ඔහු තවමත් ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපති වශයෙන් තබා ගනිමින්, තවදුරටත් සාක්ෂි විනාශ කිරීමට ඉඩ සලසා ඇති බව ප‍්‍රකාශ කරමි.  
එමෙන්ම, මෙය අනතුරක් වළක්වා ගැනීම ට නොහැකි වූ සිද්ධියක් නිසා හා එයින් වූ මරණයක් නොව, හිතාමතාම අනතුර වසන් කිරීමට කරන ලද මිනීමැරමක් බව ද ප‍්‍රකාශ කරමි. 




පොලිස් කාරයෝ දක්කාගෙන ආපු චිවරධාරියා ඉවසන් කියා බණ කියලා


ඉංගිරිය පොලිසිය තරුණයන් දෙන්නෙකු යට කර එක් අයෙකුව මරා දමා තවත් අයෙකුට මරණිය තුවාල සිදුකළ අපරාධය වසන් කිරීමට ඉඩ නොදෙන ලෙසට දෙමාපියන් බලධාරින් ගෙන් ඉල්ලා සිටී.

2014.09.10 වන දින, රාත‍්‍රියේ ඉංගිරිය පොලීසියේ කැබ් එකේ යටකර එක් තරුණයෙකු ජිවිතක්ෂයට පත්කොට තවත් අයෙකුව බරපතල තුවාල ලැබීය. ඉංගිරිය පොලිස් වසමේ, හඳපාන්ගොඩ පදංචි රොෂාන් මධුසංඛ ලක්රුවන් වන ඔහු ගේ පියා විල්සන් (අවු: 65)තම එකම දරුවා ට සිදුකළ අපරාධය ගැන පොලිස්පති, නීතිපති, මානව හිමිකම් කොමිෂන් සභාව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහණි. 

සවස 6.30 ට පමණ ධනුෂ්ක පැමිණියා. රාත‍්‍රී 7.00 පමණ වන තෙක් නිවසේ කතා බහ කරමින් සිටියා. ඉන් අනතුරුව දෙන්නා ඉංගිරියට ගොස් එන බව පවසා පිටත්ව ගියා. යතුරුපැදිය පැදවූයේ මාගේ පුතා. 

මහ ඉංගිරිය, නාකඳ පාලම අසල, සමූපකාරය ඉදිරිපිට දී, ඉංගිරිය පොලිසියේ කැබ් රථය යතුරු පැදියේ හප්පා, වැටුණ පුතාගේ, ඇඟ උඩින් දෙපාරක් ගෙන ගොස් තිබු අතර, එහි ප‍්‍රථිඵලයෙන් මාගේ පුතා සමග ගිය යතුර පැදියේ පිටුපස ගිය ධනුෂ්ක එ් අවස්ථාවේදීම ජිවිතක්ෂයට පත්වූ අතර, මාගේ පුතා බරපතල තුවාල ලැබුවා.

මෙම අනතුර සිදුකරන ලද, ඉංගිරිය පොලිසියේ රියදුරු කහපලගේ පුෂ්ප කුමාර, පො.කො. විමල් චන්ද්‍රසේකර හා පො.කො.රවීන්ද්‍ර ලක්මාල් බංඩාර සිටියේ බීමත්ව. 

මෙම පොලිස් නිලධාරීන්, අනතුරට පත්වූ අය මිය යනතෙක් බලා සිටින ලද අතර, අවට ප‍්‍රදේශවාසීන් එක්ව, පලා යෑමට තැත් කළ පොලිස් නිලධාරින්ගේ කැබ් රථය නවතා, අනතුරට පත්වූවන් ඉංගිරිය රෝහලට යවනු ලැබ තිබින.

මෙම පොලිස් නිලධාරීන්, මගේ පුතාව හා මිතුරාව රෝහලට බාරදී තිබුණේ, අනතුරකින් පාරේ වැටී සිටි පුද්ගලයින් දෙදෙනෙකු වශයෙන් හඳුන්වාය.

ඉන් අනතුරුව මේ පිලිබඳව සත්‍ය තොරතුරු වසන් කිරීමට, ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ පිරිස පියවර ගෙන තිබෙන බව මා පසුව දැනගත්තා.

මෙම අනතුර පිළිබඳව, පසුදින (11 දින* විද්‍යුත් මාධ්‍යය මගින් ප‍්‍රචාරය වීම සමග, පරීක්ෂණ සඳහා යයි පවසමින්, පානදුර දකුණ, මතුගම, හොරණ, බුලත්සිංහල පොලීසි වලින් නිලධාරින් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණි බවද පසුව මා දැන ගත්තා.

තවද :-

1. අනතුරෙන් පසුව, අනතුර වූ ස්ථානය පිළිබඳව කිසිදු සලකුණක් නොකර, පාර පිරිසිදු කර, අදාල ක්ෂේත‍්‍ර පරීක්ෂණ නොකර, හොර රහසේම යතුරු පැදිය, පොලිසියට ගෙනවිත්, සාක්ෂි විනාශ කර දමනු ලැබු බවද, 

2. අනතුරට අදාල වූ කැබ් රථය, පොලිසියට ගෙනවිත්, සෝදා, සිය`ඵ සලකුණු මකා, සාක්ෂි විනාශ කර දමනු ලැබු බවද, 

3. ඉහත පොලිස් නිලධාරීන් තිදෙනාව, රජයේ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් නොකර, ඔවුන් බීමත්ව සිටි බවට වන සාක්ෂිය, විනාශ කර ඇති බවද,

3.1. මෙහිදී මේ දක්වාම අනතුරට භාජනය වූ පොලිස් කැබ් රථය හා අනතුරට පාත‍්‍ර වූ යතුරුපැදිය මෝටර් රථ පරීක්ෂකවරයාට ඉදිරිපත් නොකර එ් හා අදාල සාක්ෂිද යටපත් කොට ඇති බව මා හට දැන ගැනීමට ලැබී තිබේ.

4. පුතාව කොළඹ රැුගෙන ගිය විට මාද එ් පසු පස කොළඹ ජාතික රෝහලට ගියා. ඔහුුව එ් මොහතේම ශෛල්‍යකර්ම වලට භාජනය කර දැඩි සත්කාර එ්කකයට ඇතුලත් කලා. මේ ලියන මොහතේදිත් ඔහු දැඩි සත්කාර එ්කකයේ පසුවේ.

5. ඉංගිරිය රෝහලට, මාගේ පුතාව හා බරපතල තුවාල ලැබ මිය ගිය මිත‍්‍රයාව බාරදීම අදාල කිසිදු සටහනක් නැති බව මා පසුව දැන ගතිමි.

6. 2014.09.11 වන දින, මේ සිදුවීම අදාලව, සවස 3.00 ට පමණ, පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව දැන ගතිමි.

7. 2014.09.11 මා කොළඹ ජාතික රෝහලේ සිට සවස ගෙදර පැමිණ සිටින විට, රාත‍්‍රී 7.30 ට පමණ, ගමේ ළමයෙක් ඇවිත් කිව්වා, ධනුෂ්කලාගේ ගෙදරට පොලීසියෙන් කට්ටියක් ඇවිල්ලා, අපට ද එන්න කිව්වා කියා. 

8. එ් අනුව මම පවුලත් එක්ක ධනුෂ්කලගේ ගෙදරට ගියා. එහි යන විට පොලිස් නිලධාරීන් පිරිසක් හිටියා. හාමුදුරුනමක් ද සිටියා.

9. එක් පොලිස් නිලධාරියෙක් අපට කිව්වා, තමා පානදුරෙන් බවත්, ක`ඵතර දිසා බාර ලොක්කා බවත් කියලා කිව්වා. පසුව දැන ගත්තා ඔහු පානදුර කොට්ඨශය බාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි බව.

10. ඔහු කිව්වා, කලබල වෙන්න එපා, ඉංගිරිය පොලීසියේ කව්රුත් නෑ, මාත් එක්ක ආව අය තමයි ඉන්නේ, කියා ඇවිත් හිටිය අනිත් පොලිස් නිලධාරීන් ව පෙන්නුවා. 

11. රණ්ඩු සරුවල් කරන්න එපා. තුන්දෙනාවම කූඩු කළා කියා කිව්වා. තවද ඔහු කිව්වා, ඩ‍්‍රයිවර් ඇත්ත කිව්වා නම් එක්කෙනයි අහුවෙන්නේ, බොරු කියපු නිසා අනෙක් දෙන්නත් කූඩු කළා කියා ද කිව්වා.

12. තවද, ඔහු කිව්වා තමන් ත‍්‍රස්තවාදී වෙලාවේ යාපනයේ හිටියා, කිලිනොච්චියේ හිටියා, එ් හිටපු හොඳකම නිසා තමයි මට මේ තානාන්තර පටි හම්බ වුණේ කියලා, කෝට් එක පෙන්නුවා.

13. මම ඔහුට කිව්වා, හොඳින් හිටපු නිසානේ පටි හම්බ වුණේ, එ්කට මට සන්තෝෂයි කිව්වා. ඊළඟට මම කිව්වා, ජීප් එකට එක පාරක් යට කළාට පස්සේ, රිවස් කරලා ආපහු යට කරලා තියෙනවා කියළා. 

එවිට ඔහු ඇහැව්වා, මට සාක්ෂි තියෙනව ද කියා.

මම ඔහුට පැහැදිළි කළා ඇසින් දුටු සාක්ෂියක් තියෙන බව, එ් විස්තර ඔහුට කිව්වා.

එවිට ඔහු මට කිව්වා, පොලීසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න කියා. 

මම ඔහුට කිව්වා, අද පාන්දර 3.30 බස් එකේ කොළඹ ගියේ, පුතාව බලන්න. ගිහිල්ලා හවස 6.00 ට විතර ආවේ කියලා. 

ඉන්පසු මම ඔහුගෙන් ඇහැව්වා, ඔබතුමාට මේ වගේ සිද්ධියක් වුණා නම් ගන්න පියවර මොකක්ද කියලා පහදලා දෙන්න කියා. 

ඔහු පිළිතුරු දුන්නේ නැහැ කරබා ගත්තා. 

14. එතැනට ඔහු සමග ආ භික්ෂුව බණ කීමට පටන් ගත්තා. ඉවසන්න කිව්වා. 

මම එ් හිමි නමට කිව්වා මේ තියන තත්ත්වය අනුව බුදු බණේ තියෙන විදියට වැඩ කරන්න බෑ, ඉවසීමට සීමාවක් තියෙනවා කියා. එ් හිමි නම ද කරබා ගත්තා.

ඔහු කරපු පරීක්ෂණයක් නෑ, ඇවිත් තියෙන්නේ අපව රවටලා යන්න. 

15. 2014.09.15 වන දින, අපට, පුවත්පත් වලින් දැනගන්නට ලැබුණා එදින, මෙම අපරාධය කළ පොලිස් නිලධාරීන්ව හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගෙන එන බව.

16. එ් අනුව, මා හොරණ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ගියා. එහිදි, අපරාධය සිදු කළ පොලිස් නිලධාරීන්ව ඇප මත මුදා හැරියා.

17. නඩුව ආරම්භයේදී, අධිකරණය ඇසුවා, මරණකරුගේ පාර්ශවයෙන් කව්රු හරි ඇවිල්ලා තියෙවාද කියා. ඊළඟට ඇසුවා තුවාලකරුගේ පාර්ශවයෙන් කව්රුහරි ඇවිල්ලා තියෙනවාද කියා.

11. එවිටම, මමත් පුතාගේ මිය ගිය මිතුරාගේ පියාත් ඉදිරියට ගියා. එවිට එක් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් මා ළඟට ඇවිත් රුපියල් 10,000/ු ක් දුන්නා. මා එය ගැනීමට මැලි වුණා. පුතාට බේත් ගන්න මුදල් ගන්න කියා ඇය ඉල්ලා සිටියා. අධිකරණය කිව්වා අත්සන් කරන්න කියා. එ් අනුව මා අධිකරණයේ අත්සන් කළා. මුදල් ගත්තා.

12. තවද, අපට කැඳවීමක් නැතිව, අධිකරණයට සැකකරුවන් ගෙන්වා, ඇප ලබාදීමට පියවර ගැනීමද, අධිකරණයෙන් නියම කරන්නට යන මුදල පෙර සිට දැනගෙන සිටීමද බරපතල සැකයට හේතුවක් බව කියා සිටිමි.

13. මාධ්‍යයෙන් දැන ගත්තේ නැති නම් අප එදින අධිකරණයට පැමිණෙන්නේ නැත. එවිට සිදුවන්නේ කුමක්ද යන්නවත් දැන ගැනීමට අපට නොහැකි වනු ඇත.

14. මෙම පොලිස් නිලධාරින් හා මෙම අපරාධය අදාලව සාක්ෂි වසන් කළ ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා දැනටමත් මෙම සිද්ධිය දුටු සාක්ෂිකරුවන්ට බලපෑම් කර තිබෙන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි. 

මා ප‍්‍රකාශ කරන්නේ, ඉහත කරුණු අනුව මාගේ පුතාව හප්පා යටකළ ඉංගිරිය 
පොලීසියේ, 
1. රියදුරු, කහපලගේ පුෂ්ප කුමාර, 
2. පො.කො. විමල් චන්ද්‍රසේකර  
3. පො.කො. රවීන්ද්‍ර ලක්මාල් බංඩාර
යන පොලිස් නිලධාරීන් බේරා ගැනීමට පොලීසිය ද ඇතුලූ වගකිව යුත්තන් උත්සාහ දරන බවයි.
එම නිසා මෙම අපරාධය ඉතා සැලසුම් සහගතව යට ගැසීමට ක‍්‍රියා කරන බවයි.
මෙම අපරාධය වසන් කිරීමට, අපරාධකරුවන් බේරා ගැනීමට සාක්ෂි විනාශ කළ ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපති උදය කුමාරට එරෙහිව පරීක්ෂණ පවත්වන බව ප‍්‍රකාශ කළ ද, ඔහු තවමත් ඉංගිරිය පොලීසියේ ස්ථානාධිපති වශයෙන් තබා ගනිමින්, තවදුරටත් සාක්ෂි විනාශ කිරීමට ඉඩ සලසා ඇති බව ප‍්‍රකාශ කරමි.  

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාල යේ නොහොබිනා වැඩග



වෙනස් කමකට භාජනය නොකොට, තම දරුවාව පාසලට ඇතුලත් කර ගැනීමට පියවර ගන්නා ලෙසට ඉල්ලන්නේ 14 වසරක් එම විද්‍යාලයේ කරනු ලබන අනධ්‍යයන කාර්යමණ්ඩල යේ සේවය කරන්නියකි.

ඇය පවසන්නේ තමාට වඩා අඩු සුදුසුකම් ඇති කාර්ය මණ්ඩල සේවකයින් ගේ දරුවන් වසර අගදි පවා පාසලට ඇතුලත් කරගෙන තිබියදිත් තම දරුවාව ඇතුලත් කර නොගන්නා බවයි.

තමා තම දරුවාව පාසලට ඇතුලත් කර ගැනීමට උත්සහ දරන්නේ 2013 සිට බවද ඇය කියා සිටි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විමසිමේදි පවසන්නේ අනධ්‍යය කාර්ය මණ්ඩල වල දරුවන් පාසලට ඇතුලත් කර නැති බවය. නමුත් මෙම ප‍්‍රකාශය බොරු බව අවධාරනය කරයි.

අනෙකුත් ජාතික හා ජනප‍්‍රිය පාසල් මෙන්ම ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයද ළමුන් ඇතුලත් කිරිමේද රජ කරන්නේ අල්ලස බවත්, විද්‍යාලයේ දුෂණ හෙළිකිරිම වළක්වන්නේ ”නමට කැළලක් වීම වැළක්වීමේ සුද්ධ චේකනාවෙන්” බවත් ප‍්‍රකාශ වේ.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පමිණිලි කර තිබේ. යුක්තිය ඉටු කරගන්නට ඇයට මුදල් නැත. ස්නායු ආබාධයකින් පෙළෙන දරුවා ව මසකට වරක් කොළඹ සායනයට වලටද, දෙවරක් කරාපිටියටද ගෙන යෑමට සිදුව තිබෙන බවද ඇය වැඩි දුරටත් කියා සිටි.





වැඩියෙන් ගෙවලා “මැක්ඩොනල්ඩ්” කාලා ලෙඩ වෙයල්ලා.


මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං වැනි ඇමෙරිකානු ක්ෂණික ආහාර සෞඛ්‍යයට අහිතකර බව පෙන්වා දෙන ඉක්වදෝරය, එම එම ආහාර වලට අතිරේක බද්ධක් අය කිරීමට තීරණය කර තිබේ.
තම රුචිය අනුව, ඕනෑම දෙයක් කන්නට පුලුවන්. නමුත් ලෙඩ වුනාම වැය වන්නේ මහජන මුදල්. ඒ නිසා වැඩියෙන් ගෙවලා කාලා ලෙඩ වෙන්න අතිරේක බදු ආදායම සෞඛ්‍ය සේවයට යෙදවීමට ඉක්වදෝරය තීරණය කර තිබේ.
නව බදු වැඩි කිරීම යටතේ ඉක්වදෝරයේ මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං අලෙවි සැල් වල මිළ ඉහළ දමා ඇත. ලෝ ප්‍රකට මැක්ඩොනල්ඩ්, බර්ගර් කිං අලවිසැල් වල සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි වන බව මීට පෙර නිගමනය කළේ රුසියාවයි. ඒ අනුව එම අලවි සැල් වසා දැමීමට නියම කෙරණි.
මෙම ක්ෂණික ආහාර නිසා, ස්ථුලභාවය, හෙවත් බර වැඩිවීම අනිවාර්යයෙන් සිදු වේ. ඇමරිකාවේ ස්ථුලභාවය, බරපතල, සෞඛ්‍යය ගැටළුවක් බවට පත්ව ඇත.
මෙම තත්ත්වය හේතු වන, පැණි බීම වලට අතිරේක බද්ධක් අය කිරීම පසු ගිය දා මෙක්සිකෝව තීරණය කළේය.
කැමති අයට ආහාරයක් ගන්නට බාධාවක් නොවේ. එහෙත් එම ආහාර අනුභවයෙන් ලෙඩවීම රටට බරකි.

ඒ අනුව, ලෙඩ වෙන්න කැමති අය වැඩියෙන් ගෙවා කාලා ලෙඩවීමට මේ අනුව නිදහස හිමි වේ. 

Sunday, September 14, 2014

පොලිසි වලට වාර්තා කර වීමේ ඇප කොන්දේසිය නීති විරෝධියි.

සැකකරුවන්ට හා චූදිතයින්ට, ඇප කොන්දේසියක් ලෙසට, පොලිසි වලට වාර්තා කරන ලෙසට මහේස්ත‍්‍රාත් වරුන් හා මහාධිකරණ විනිසුරුවරුන් නියම කිරීම, නීතියට පටහැනි, නීති විරෝධී, නියම කිරීමකි.

මෙම නීති විරෝධී නියම කිරීම, එනම් සැකකරුවන්ට, චූදිතයින්ට, ඇප කොන්දේසියක් ලෙසට පොලිසියට ගොස්, මසකට වරක්, සතියකට වරක්, එසේ නැතිනම් දිනපතාම පෙනී සිට අත්සන් කරන ලෙසට නියම කිරීම අදටත් ක‍්‍රියාත්මක වේ. 

මෙම විනිසුරු තීරණය නීතියට පටහැනි වුවත්, අධිකරණ නියමයට අනුව, සැකකරුවන්, චූදිතයින්ට පොලිසිවලට ගොස් පෙනී සිට අත්සන් කරයි.

මෙම සැකකරුවන්, චූදිතයින් අති බහුතරය, සමාජයේ නිරන්තරයෙන් අවදාමට ලක්වූ දුප්පතුන්ය. එම නිසා, ඔවුන්ට මෙම නීතියට පටහැනි නියමය අභියෝග කරන්නට දැනුමක්, නිර්භීත කමක්, දක්ෂතාවයක් ඇති නීතිඥවරන්ගේ සහාය ලබා ගැනීමට හැකියාවක් නොමැත.

එ් බව, මෙම තීන්දු දෙන විනිසුරුවරුන් ද, එවන් පුද්ගලයින්ව අල්ලා වධ දී ව්‍යාජ චොදනා නගා අධීකරණයට ඉදිරිපත් කරන පොලිසියද, එ් සඳහා උඩගෙඩි දෙන සිවිල් සමාජ සාමාජිකයෝද, ව්‍යාපාරකයින්ද, හොඳාකාරව දනී.

දණ්ඩනීති සංග‍්‍රහයේ 296, 316 හා 380 වගන්ති යටතේ වරදවල් සිදුකරන ලද බවට චෝදනා ලැබූ සැකකරුවකුවූ, රක්ෂිත බන්ධණාගාර ගතව සිටි, අරුමගමගේ සුගත් චන්දන කිරින්දගෙදර වෙනුවෙන්, වැලිවිට ආරච්චිගේ චන්ද්‍රිකා, රත්නපුර මහාධිකරණයේ උගත් විනිසුරුවරයා විසින් 2013.09.14 වන දින දෙන ලද නියෝගය ප‍්‍රතිශෝධනය කරන ලෙසට ඉල්ලමින්, අභියාචනා අධිකරණය වෙත පෙත්සමක් ගොනු කළේය.

මෙම පෙත්සමේ අරමුණ වූයේ, සැකකරුව මුදාහැර තිබූ ඇප නියමය අවලංගු කර, නැවත ඔහුව රක්ෂිත බන්ධණාගාරගත කිරීමට දෙන ලද නියෝගයේ උචිත භාවය අභියෝගයට ලක් කිරීමය.

මෙම සැකකරුව, 2007.05.10 වන දින, රත්නපුර මහාධිකරණ විනිසුරු විසින්, රු: 25,000/=ක මුදල් ඇපයක් හා රු: 100,000/=ක් වටිනා ශරීර ඇපයක් මත සහ සෑම මසකම අවසන් ඉරිදා බෙලිඅත්ත පොලිසියට වාර්තා කල යුතුය යන - නියමය මත මුදාහැරියේය.

ඇප මත මුදාහැරීමෙන් වසර 4 1/2කට පසුව, මෙම සැකකරු රත්නපුර මහාධිකරණයට, මෝසමක් මගින් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම ඉල්ලීම වූයේ, ඇප කොන්දේසියක් වූ බෙලිඅත්ත පොලිසියට ගොස් වාර්තා කිරීමේ කොන්දේසිය වෙනස්කර සහනයක් සලසන ලෙසටය.

මෙම මෝසම මත, උගත් මහාධිකරණ විනිසුරු, බෙලිඅත්ත පොලිසියෙන් එ් සම්බන්ධ වාර්තාවක් කැඳවීය.

එම ඉල්ලීම මත, පොලිසිය, අධිකරණයට දැනුම් දී කියා සිටියේ, සැකකරු කිසි දිනක පොලිසියට වාර්තා කර නොමැති බවයි.

එයින් පසුව, ඇප පනතේ 14 වන වගන්තියේ අර්ථයට අනුව ය යන නිගමනය මත, උගත් මහාධිකරණ විනිසුරු, සැකකරුට ලබාදී තිබූ ඇපය අවලංගු කර, නැවත රක්ෂිත බන්ධණාගාර ගත කරනු ලැබීය.

අභියාචනාධිකරණ යේ මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම ඉදිරිපත් කළ සැකකරු වෙනුවෙන් ඉදිරිපත්වූ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, පොලිසියට වාර්තා නොකලාය යන්න මත, ඇප අවංලංගු කිරීමට කිසිම ප‍්‍රතිපාදනයක් ඇප පනතේ නොමැති බවයි.

එකී තර්කයට හානි නොවන පරිදි, නීතිඥවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ, සැකකරුට, මහාධීකරණ විනිසුරු විසින් නියම කළ පරිදි, පොලිස් ස්ථානයට ගොස් වාර්තා නොකළේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වූ සාධාරණ භිය නිසා බවය. තවද මෙය පොලිස් නිලධාරියකු මරා දැමීම හා අදාලවූ නඩුවකි. මෙම මිනීමැරුම ට අදාල සැකකරු වන් කිහිප දෙනෙකු අද්භූත අයුරින් මරණයට පත්ව තිබේ.

මෙහිදී, අභියෝගයට ලක් නොවූ කරුණකි, මෙම සැකකරු, නියම කළ සෑම දිනකම, වසර 4 1/2 පුරා ම  අධිකරණයේ පෙනී සිට තිබීම. මෙම පැහැදිලි කිරීම් උගත් මහාධිකරණ විනිසුරු ප‍්‍රතික්ෂේප කර, ඇප ලබාදීම අවලංගු කර නැවත රක්ෂිත බන්ධණාගාරගත කරනු ලැබූ බව.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් වු නීතිපති හා නිවිතිගල පොලිසියේ ස්ථානාධිපති වෙනුවෙන් පෙනී සිටි, රජයේ නීතිඥවරයා, දැඩි වෙහෙසක් ගත්තේ, සැකකරුට සහනයක් ලබා ගැනීමට අයිතියක් නැති බව, එ්ත්තු ගැන්වීමටය.

තවද ඇයගේ තර්කය වූයේ, මෙම සැකකරු නඩු විභාගයට ඉදිරිපත් නොවනු ඇති බවට ප‍්‍රබල සාක්ෂි තිබෙන බවය. මෙම තර්ක ප‍්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය, ප‍්‍රකාශ කළේ අධිකරණ නියමය පරිදි, පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම, ඇප අවංලගු කිරීමට හේතුවක් නොවන බවයි.

මෙම නඩු තීන්දුවෙන් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ ඇප කොන්දේසියක් ලෙසට, පොලිසියට වාර්තා කිරිම ට නියම කිරිම නීතියට පටහැනි බවයි.

පොලිසිය නඩු පැවරීමේ කාර්යයයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පොලිසියට වාර්තා කිරීමේ නියමය මත, සැකකරුව, පැමිණිලි පාර්ශවයේ සාක්ෂිකරුවන් හමුව පත්කරනු ලබයි.

මේ මගින්, අණ ගුණ නැති, දුෂ්ඨ පොලිස් නිලධාරීන් බලය අයුතු ලෙස උපයෝගී කර ගනිමින්, අසරණ හා සැකකරුගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට ඉඩකඩ තිබේ.

එම නිසා, නඩු විභාගය පවතින අතරතුර සැකකරුවන්ට පොලිසියේ පෙනී සිටින ලෙස නියම නොකළ යුතුයි. 

සැකකරුව නිරන්තර පරීක්ෂාවට ලක් කල යුතුව තිබෙන අවස්ථාවක, ඉතාම සුදුසු ක‍්‍රියාව වන්නේ සැකකරුවන්ට අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා වෙත හෝ වෙනත් අධිකරණ නිලධාරියෙකු වෙත හෝ වාර්තා කිරීමට නියම කිරිමය. එම නිලධාරී පැමිණීල්ලට හෝ විත්තියට සම්බන්ධය අයෙකු නොවිය යුතුයි.

මේ මගින්, පොලිසියට වාර්තා කිරීම නිසා ඇති කරන ¥ෂණ හා බලය අයුතු ලෙස භාවිතය වැළැක් වීමට හේතු වනු ඇත. තවද, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්  සහතික කර තිබෙන, වරදකරු බවට ඔප්පුවන තෙක් නිර්දේෂීය යන්න යථාර්තය ක් වනු ඇත.

රක්ෂිත බන්ධණාගාරගත කර සිටි සැකකරුව වහාම මුදාහැරීමටද, පොලිසියේ වාර්තා කළ යුතු බවට වන කොන්දේසිය ඉවත් කිරීමටද - අභියාචනාධිකරණය තීන්දු කළේය.

මෙම තීන්දුව මගින්, මෙතෙක් පවත්වාගෙන ආ, සැකකරුවන්, වග උත්තරකරුවන්, චූදිතයින් පීඩාවට පත්කරනු ලැබූ පොලිසියට වාර්තා කිරීමේ කෝනදේසිය, පනවන්නේ නැතිව සිටීමට උගත් විනිසුරුවරුන් ක‍්‍රියාකරනු ඇතැයි යනු විශ්වාසයයි.

එමෙන්ම, සැකකරුවන්, වග උත්තරකරුවන් හා චූදිතයින් වෙනුවෙන් පෙනී සිටින උගත් නීතිඥවරුන්, යම් විනිසුරුවරයෙක් මෙම දුෂ්ඨ, නීතියට පටහැනි ඇප කොන්දේසිය පනවනු ලැබුව හොත් එය වැරදි බව පෙන්වා සිටීම කළ යුතුම කාර්යයක්.

එම පෙන්වා දීම පිළිනොගෙන, එකී කොන්දේසිය පනවන්නේ නම් එයට එරෙහිව, ඉහළ අධිකරණයට තම සේවාදායකයා වෙනුවෙන් යා යුතුය.

 මෙවන් තත්වයන් අධිකරණයෙන් ඔබ්බට ගෙනයා යුතුයි. එනම් අධිකරණ ක‍්‍රියාවලියේ නීතියට පටහැනි, නීති විරෝධී ක‍්‍රියාවන්, අධිකරණ ක‍්‍රියාමාර්ග වලින්ම විසඳා ගැනීමට බාහිරව ජන මතයක් ඇති කළ යුතුයි.

යුක්තිය ඉටු කර ගැනීමට, අදාල දනුම ජනතාවට ලබාදිය යුතුයි. එමෙන්ම යහපත් සමාජයක් උදෙසා ක‍්‍රියාමාර්ග ගත යුතුයි. අධීකරණ තීරණ නීතියට පටහැනි නම්, එ් ගැන කතා කිරීමට, විරෝධය දැක්වීමට, රට වැසියන්ට අයිතියක් ඇත.

නිහඬව නොසිටින්න.

දැනට ඇප කොන්දේසියක් වශයෙන් පොලිසිවල ට ගොස් අත්සන් කිරීමට නියමිත සැකකරුවන්ට, වගඋත්තර කරුවන්, චූදිතයින්ට, එම නියෝගය ඉවත් කරන ලෙසට අදාල අධිකරණයෙන් ඉල්ලා සිටීමට බල ගැන්වීම.

එම ඉල්ලීම නීතිඥවරයෙකු මගින් හෝ සැකකරුට, වගඋත්තරට, චූදිතට ඉදිරිපත් කල හැකිය. 

Saturday, September 13, 2014

මා මළ පසු පණුවන්ට ආහාර සඳහා මිහිදන් කළ යුතුය



ට දැන් වයස අවුරුදු 72 යි. ඉතින් මම දැන් දීර්ඝ කාලයක් ජීවත් වෙලා තියෙනවා.

තව අවුරුදු දෙක තුනකින් මරණය මා වෙත එයි. සමහර විට ඊටත් කලින්.

ඉතින් මරණය ගැන හිතන්න දැන් කාලය හරි.

මා මිය ගිය පසු සිදුවන්නේ කුමක්ද?

මගේ ශරීරයේ සිදු වූ ක්‍රියාතාරීත්වය නැතුන විට අපි ඊට මරණය යැයි කියන්නෙමු. නමුත් ඒ ඇත්තටම මරණය ද? සැම දේම මියගොස් පූර්ණ නැවතීමට පැමිණෙනවාද? එහෙම නැත්තම් සමහර දේවල් දිගටම ජීවත් වෙනවාද? ඒවායේ ක්‍රියාකාරීත්වය දිගටම පවතිනවවාද? සමහර විට වෙනත් විදියකට.
භෞතික ශරීරය ජීර්ණය වීම ආරම්භ වේ. ක්ෂුද්‍ර ජීවීන් සහ පණුවන් ක්‍රියාකාරී වීම අරඹයි.

ඔවුන් වැදගත් කාර්යභාරයක් සිදු කරයි. ඔවුන් තමන්ව පෝෂණය කර ගනිමින් සාරවත් පසක් නිර්මාණය කරයි. ඒ පස් මත ශාක වැඩීම ආරම්භ වේ. වඩා සාරවත් පසක් ඇති වූ විට වඩා හොඳින් ශාක වර්ධනය වේ. ඉතින්, මෙය ඵලදායී ක්‍රියාවලියක් වේ. මගේ ශරීරය මිය ගොස් නැත. එය ඵලදායී ක්‍රයිවලියක් සිදු කිරීම අරඹා ඇත.

මගේ ශරීරය නොදැවිය යුතුය. පණුවන්ට ආහාර සඳහා එය මිහිදන් කළ යුතුය. ඵලදායී ගසක් ඒ මත සිටවිය යුතුය. එයින් එම භූමිය ප්‍රායා්ජනවත් වේ.

මගේ ආත්මයට සිදු වන්නේ කුමකක්ද? එය මරණයට පත් වන්නේ ද? එහෙමත් නැත්තම් ස්වර්ගයට හෝ නිරයට යන්නේද? ආත්මය මිය යන්නේ නැත. එය නැවත උපදී. නමුත් තවදුරටත් එය මගේ නොවේ.

මා හොඳ දෙය කළොත් ආත්මය සතුටු වේ. එය සතුටුදායක ස්ථානයක ජනිත වී අනෙක් අයට සතුට ලබාදෙනු ඇත.

ඒ මගේ සිතිවිලියි. ඒ මගේ සිහිනයි. මා කළ දේයි සහ මා කිරීමට බලාපොරොත්තු වන දේයි. මේ කිසිවක් මිය යන්නේෙ  නැත. ඒවා වෙනත් තැනක උපදිනු ඇත. ඒ මා නෙවෙයි. නමුත් ඒ මාගේ කොටසකි. මා නැවත ජනිත වී නැත.

එම නිසා මා ආත්මාර්ථකාමී නොවිය යුතුය. මා කළ හොඳ දේ නැවතී ඉපදී අනෙක් අයටත් සමස්ථ ලෝකයටත් සතුට ලබා දෙනු ඇත. මා කළ නරකත් යළි ජනිත වී අනෙක් අයට කනගාටුව හා ශෝකය ලබාදෙනු ඇත. බුදුන් වහන්සේ එය කර්මය ලෙස හඳුන්වයි. ජේසුස් වහන්සේ එය ආත්මය ලෙස හඳුන්වයි. ස්වර්ගය සහ නිරය යන දෙකම ඇත්තේ මේ ලෝකයේමය. ඒ අනෙක් අයට විඳීමට හෝ විඳවීමට මා කළ දේ සහ මා තබා යනදේයි. මා සතුට විනෝදය පමණක් තබා යා යුතුය. මා අනුන් ගැන සිතිය යුතුය.

මාගේ බොහෝ සිහින සැබෑ වී ඇත. සමහර ඒවා තවමත් සැබෑ වෙමින් ඇත.

අනෙක් අය ඒවා රැලෙන යනු ඇත. අවසන් දින කීපයේ මා මහන්සි වී වැඩ කළ යුතුය. මා විසින් බොහෝ හොඳ දේ අරඹා ඇත. සමහර දේවල් අඩක් නිම කොට ඇත. සමහර දේවල් තවමත් සිදුකර නැත. ඉතින් අනෙක් අය ඒවා රැගෙන යන අයුරු දැකීමට මා මහන්සි වී වැඩ කළ යුතුය. නමුත් මා කලබලයට හෝ බියට පත්විය යුතු නැත. මාගේ සෑම සිහිනයක්ම සන්නිවේදනය කිරීමට නොහැකි  වුවහොත් අනෙක් අය ඒවා වටහාගෙන වඩා හොඳ සිහින නිර්මාණය කරනු ඇත. ඉතින් මා කණගාටුවට පත් නොවෙමි. මා නික්ම යන්නට සූදානමින් සිටිමි.

අවසර ගැනීමට සූදානමින් සිටිමි.

මාගේ සිහින නොමියෙන නිසා මා මිය යන්නේ ද නැත. යම් දිනක යම් අයෙකු විසින් ඒ සිහින සැබෑ කරනු ඇත.  ඒ මා විසින් නොවනු ඇත. මා විසින් විය යුතු ද නැත.

මේ මාගේ අන්තිම කැමැත්තයි. මාගේ අන්තිම ඉල්ලීමයි.

“කරුණාකර මාගේ සිහින ඔබේ කර ගන්න. යම් දිනක ඒවා සැබෑ කර ගන්න.”


සරත් ප්‍රනාන්දු -   2014 ජූලි 21