Monday, June 30, 2014

පවුලේ නම්බුව රකින්න අලුත බැඳි ජෝඩුවගේ බෙලි කපා මරයි.



පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ මෙම තිරිසන් ඉරණමට මුහුණදුන්නේ, ගැහැණු ළමයාගේ පවුලේ කැමැත්තට විරුද්ධව විවාහ වූ තරුණ යුවලකටය.

ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරන මෙම ප්‍රාන්තය, පවුලේ නම්බුව රැක ගැනීම සඳහා කරන ඝාතන වැලැක්වීමට පකිස්ථාන රජය කිසිදු උත්සාහයක් නොගනී.

පසුගිය ජූනි 18 වන දින, 31 හැවිරිදි පුද්ගලයෙකු, ප්‍රේම සම්බන්ධයක් මත 17 හැවිරිදි තරුණියක් විවාහ කර ගන්නා ලදි.

මෙම විවාහයට තරුණියගේ පියා විරුද්ධ විය.

විවාහයෙන් පසුව, උත්සවයක් ගන්නා බවට පොරොන්දුවී දෙදෙනාව නිවසට ගෙන්වා ගත් තරුණියගේ පවුලේ උදවිය, ඔවුන් පැමිණි පසු ගස් බැඳ බෙලි කපා මරා දමන ලදි.

දෙදෙනාගේම බෙලි කපා ඇත්තේ, තරුණියගේ පියා විසින් බවත්, ඔහුව අත්අඩංගුවට ගත් බවත් එරට පොලීසිය කියා සිටී.

නමුත් ඉස්ලාමීය නීිතය යටතේ, ඕනෑම මිනී මැරුමකට සමාව දීමට හැකිය.

මේ අනුව, තරුණියගේ මව විසින් තම දියණිය හා ඇගේ සැමියාව ගෙල සිඳ මරා දමන ලද පියාට සමාව දෙනු ඇත.

ඉස්ලාමීය ආගම දෙවියන්ගේ නාමයෙන් සිදුකරන මෙවන් තිරිසන් ක්‍රියාවන්ට එරෙහිව, හඬ නැගීමට එරට සාමාන්‍ය ජනයා  ඉදිරිපත් නොවන අතර ස්ත්‍රී කණ්ඩායම් පමණක් මෙම ඉස්ලාමීය නීති වලට එරෙහිව නැගී සිටිති.



ආරක්ෂක ජින්ස් හා බ්‍රෙසියර් ඉන්දීය සිසුවියන්ගේ නිපදවීමක්.


ඉන්දියාව පුරා පැතිර යන ස්ත්‍රී දූෂණ අවම කිරීමටවත්, එරට පොලීසියට නොහැකි වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පාලක පකෂය තවමත් දක්වන්නේ උදාසීන පිළිවෙතකි.

සෑම මිනිත්තු 22 කටම, එරටින් ස්ත්‍රී දූෂණයක්  වාර්තා වේ. බහුලව ස්ත්‍රී දූෂණ වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර  ප්‍රෙද්ශයෙනි.

ස්ත්‍රී දූෂණ වලට එරෙහිව එරට ස්ත්‍රී සංවිධාන උද්ඝෝෂණ පවත්වනු ලබන, බරනාසි (බරණැස) රාජ්‍යය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවියන් පිරිසක් එක්ව, ස්ත්‍රී දූෂකයින්ට මුහුණදීම සඳහා ආරක්ෂක මෙවලම් නිර්මාණයට පෙළඹෙන ලදි.

ඔවුන්ගේ පළමු අවධානය යොමු වූයේ සෙරෙප්පු ආරක්ෂක මෙවලමක් ලෙසට යොදා ගත හැකි බවයි.

විදුලි සැර යොදන ලද සෙරෙප්පුවකින් දූෂකයාට පහර දීමෙන් ස්වල්ප වේලාවකට ඔහුව අකර්මන්ය කිරීමට හැකියාව ලැබෙන අතර, එම කාලය තුළදී යම් ආරක්ෂක පියවරකට ඉඩ තිබේ.

එයට අමතරව, හදිසි පණිවුඩ නිකුත් කළ හැකි උපකරණ, ජින්ස් වලට හා බ්‍රෙසියර් සවිකිරීම මගින් තම හිතවතුන්ට පමණක් නොව අසල පොලීසි වලට පවා SOS පණිවුඩ නිකුත් කිරීමට හැකි වේ.

මෙම මෙවලම් ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවන අතර, ඒවා වෙළඳපොලට හඳුන්වාදීමට ද, ඔවුන් පියවර ගෙන තිබේ.

තාක්ෂණයෙන් යම් යම් කරුණු සඳහා පිලිතුරු සෙවිය හැකි බව එම සිසුවියන්ගේ විශ්වාසයය.





Friday, June 27, 2014

සොම්බි නඩුකාරයින්ට විරුද්ධ වන්න.මානව හිමිකම් කොමිෂම කියන්නේ බොරු.



පොලිස් වධකයින් රකින නඩුකාරයින් ප්‍රමුඛ අධිකරණ කාර්ය මණ්ඩලවලට එරෙහිව - ගත හැකි හා ගත යුතු සියලු පියවර ගත යුතුයි.

ඒ සදහා රට වැසියාට තියෙන්නේ අයිතියක්.

රටේ නීතිය තිබුනාට, සමුඵ සම්මන්ත්‍රණ, වැඩ මුඵ පැවැත්වූවාට - පොලිස් කාරයෝ වධ දීම නතර කරන්නේ නෑ.

වධ දීම රාජ්‍ය අවශ්‍යතාවයක්. වධ දීමට පක්ෂ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් එකගයි.

සමාජ ඉහළයින්, පූජක පක්ෂ සියල්ලන්ගේ ආදර්ශය එයට තියෙනවා.

ඉහළයෝ අධිකරණ කාර්ය පටිපාටිය ගැන - රටවැසියාව මුලා කරනවා.බෙලහීන කරනවා. මෙය වැලැක්වීම සිවිල් සමාජයේ වගකීමක්.

ජූනි 26 - වධහිංසාවට එරෙහි ජාත්‍යණ්තර දිනය නිමිති කරගෙන - කොළඹ 07, ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩලයේ පැවැති - සංවාදයේදී ඉහත කරුණු ප්‍රකාශ වුනේ - වධහිංසාවට පාත්‍රව, අධිකරණ ක්‍රියාකාරීත්වය තුල පීඩාවට පත්ව, එම පීඩාවට පත්කල නඩුකාරයින් ප්‍රමුඛ අධිකරණ සේවා නිලධාරීන්ට එරෙහිව අරගල කරන - වින්දිතයින්ගේ කතාන්දර මූලික කරගෙන.

මෙය - දේශණ වලින්, බණ වලින් බැහැර වූ අධිකරණ වල හා නඩු කාරයින් පිළිබදව ගොඩ නගා තිබෙන - මිත්‍යා මත, දුර්මත - අභියෝග කරමින් - පැවැත්වූ සුවිශේෂ සම්මන්ත්‍රණයක්.

තිස්දෙනෙකුට ආසන්න, විවිධ ක්ෂේත්‍ර නියෝජණය කරමින් පැමිණි පිරිසක් මෙම සංවාදයට එක් විය.


වධහිංසා අඩු බවට - මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමාසරිස්වරයෙකු වන ප්‍රතිභා මහානාම නැමැත්තාගේ - අමූලික බොරු ප්‍රකාශ මෙහිදී දැඩි පිළිකුලට භාජනය විය.




Friday, June 13, 2014

කක්කුස්සි බාල්දි මාස 04කින් හිස් කරලා නෑ.


එයට විරෝධය පළ කරමින්, මහ පාරේ නිරුවත්ව පස්ස පැත්ත පෙන්වමින් උද්ඝෝෂණය කල, දකුණු අප්‍රිකාවේ, ජොනැනස්බර්ග් නුවර සොවෙබ් ප්‍රදේශයේ ජනයාව, විසුරුවා හැරීමට එරට පොලිසිය රබර් උණ්ඩ හා කදුලු ගෑස් පාවිච්චි කර තිබේ.

සමහරු මහ පාරේ, මළ පහ කළ අතර, තවත් සමහරු පිරුනු කක්කුස්සි බාල්දි පෙන්වමින් මහ පාරේ හලා ඇත.


පසුගියදා පැවැති මහා මැතිවරණයේදී, යලිත් වරක් ජය ගැනීමට අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් පක්ෂයට හැකි වුවද, එම ආණ්ඩුවේ දූෂණයට එරෙහිව ජන විරෝධය එල්ල වන්නට පටන් ගෙන තිබේ.

ඉන්දීය පොලිස් කාරයෝ 04 - ගැහැණියක්ව දූෂණය කරයි.




මෙම රංචු ගැසී කරන ලද ස්ත්‍රී දූෂණය වාර්තා වන්නේ, උත්තර ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින්ය.

අත්අඩංගුවට පත්ව සිටි සැමියාව නිදහස් කරන්න, අල්ලසක් ඉල්ලා, එය ප්‍රතික්ෂේප කිරිම, දූෂණය කිරීමට ආසන්න හේතුව වී තිබේ.

එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක වරයෙකුගේ කාමරය තුල, පොලිස් කාරයින් හතර දෙනෙකු විසින් තමාව දූෂණය කල බව කාන්තාව සිය පැමිණිල්ලෙන් කියා තිබේ.

මෙම ප්‍රාන්තයේම - මීට පෙර, දූෂණය කල වයස අවුරුදු 14-17 අතර ගැහැණු ළමුන් දෙදෙනෙකු එල්ලා මරා තිබින.

ඒ අතර, 19 හැවිරිදි තරුණියක්ව මරා දමා, ගසක එල්ලා දමා තිබින.

මෙම ප්‍රාන්තයේ, ඉන්දීය අගමැති මෝඩි පාක්ෂික, මහා ඇමතිවරයා ප්‍රාන්තයේ නීතිය හා සමාජය රැකීමට අසමත්ව සිටින බව වාර්තා වේ.

එමෙන්ම, මෙම ඝාතන සැකකරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ හැරීමට ඔහුද  වගකිවයුතු බවට චෝදනා එල්ල වී තිබේ.

ස්නෝඩන් ව ආරක්ෂා කරනු


ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කාලයක් මුලුල්ලේ කරන ලද, අන් රටවල් වල තොරතුරු සෙවීම, හෙළිකල ස්නෝඩන් ප්‍රමුඛ, සත්‍ය හෙළිකරන්නන් වෙනුවෙන් පෙනී සිටින - නව සංවිධානයක් ජර්මනියේ පිහිටුවීමට පියවර ගෙන තිබේ.

කරේජ් - නමින්, නම්කර තිබෙන මෙම සංවිධානය පිහිටුවීමට මූලිකත්වය ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ, එස්.එස්.ඒ, එම්.අයි.එස් ඇතුලු, බටහිර රටවල ඔත්තු සේවාවන්හී සේවය කරන ලද පිරිසක් විසින්ය.

රුසියාවේ තාවකාලික රැකවරණය ලබා සිටින, ස්නෝජන් ට එහි රැදී සිටීමට ලබාදී තිබෙන අවසරය ජූලි මසින් අවසන් වීමට නියමිතය.

ලොව රාජ්‍යයන් විසින් සිදු කරන ඔත්තු බැලීම ඇතුලු, නීති විරෝධී ක්‍රියාවන් හෙළි දරව් කරන, අනතුරු අඟවන්නනට, මාධ්‍යකරුවන් ට, ශක්තිය ලබාදීම හා ඔවුන් වෙනුවෙන් ක්‍රියා කිරීම මෙම සංවිධානයේ අරමුණ වේ.



Wednesday, June 11, 2014

මුහුදට බිලිවෙන මාෂල් දූපත.


දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය, ජපාන සොල්දාදුවන් ගේ ඇට සැකිලි ඔවුන්ව මිහිදන් කළ, සොහොන් ගැබ් වලින් මතුපිටට පැමිණ, අසල දූපත් වලට ගසාගෙන ගොස් තිබේ.
ගෝලීය උෂ්ණත්වය වැඩි වීම නිසා, ඉහළ යන මුහුදු මට්ටම නිසා, අතුරුදහන්ව යෑමේ තර්ජනයට මුහුණ පා සිටින රටවල් අතරින් එකකි මාෂල් දූපත.
දෙවන ලෝක යුද්ධ සමයේ, ජපාන හමුදා කඳවුරක් පැවති මාෂල් දූපත ඇමෙරිකානු ප්‍රහාර වලින් විනාශ වූ අතර පසුව එම දූපත් ඇමරිකාව අත්පත් කර ගත්තේය.
ඉන්පසු එම දූපත්, ඇමෙරිකානු න්‍යෂ්ටික අවි පර්යේෂණ සඳහා උපයෝගී කරගනු ලැබීය.
දූපත් 1000 කට වැඩි ප්‍රමාණයකින් යුක්ත මාෂල් දූපතේ රාජ්‍ය මුහුදු මට්ටමින් මීටර් 02 ක් පමණ උසින් පිහිටා ඇත.
1993 සිට 2009 දක්වා මුහුදු මට්ටම මිලිමීටර් 12 කින් වැඩි වී ඇත. විද්‍යාඥයින්ගේ මතය අනුව මෙම ශත වර්ෂය අවසන් වන විට, මුහුදු මට්ටම මීටර් 2 ක් පමණකින් ඉහළ යනු ඇත.
70,000 ක් පමණ ජනගහනනයකින් යුක්ත වන මාෂල් දූපග් වල නිග නාමය මාෂල් අයිලන්ඩ් ජනරජය වේ.








මාතලේ මහේස්ත‍‍රාත් උසාවියේ රෙජිස්ට්‍රාර් නඩු වාර්තාව දෙන්නේ නෑ.



මාස දෙකක් ගත වී ඇතත්, තමාට අදාල නඩු වාර්තා ලබා නොදෙන බව ප්‍රකාශ කරන මාතලේ අජිත් ගුනරත්න, මෙය පොලිස්කාරයින්ගේ අවශ්‍යතාව සපුරාලීමක් ද යන ප්‍රශ්නය නගයි.
රථවාහන නඩු විභාගයට සූදානම් වීම සහා සම්පූර්ණ නඩු වාර්තා අධිකරණයෙන් ලබාගත යුතුයි.
එය ලබා ගැනීම සහා ඔහු ඉල්ලුම් කරන ලද්දේ අප්‍රෙල් මාසයේය.
නමුත් මේ දක්වාම එම වාර්තා  නොදී ඔහුව රස්තියාදු කරනු ලබයි.
මේ පිළිබව ඔහු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇති අතර එහි පිටපතක් අධිකරණ සේවා කොමිෂන් සභාවට ද යවා තිබේ.





































Tuesday, June 10, 2014

මාව රිමාන්ඩ් කළේ මොන අපරාධයක් කළාට ද?


රිමාන්ඩ් කරනවා කිව්වාම ඒක දඬුවම් කිරීමක් නෙමෙයි කියලා තමයි නීති විශාරදයෝ කියන්නේ. මුන් එහෙම කියන්නේ අසරණයින් සාමාන්‍ය මිනිසුන් ගොන්නු කියලා හිතාගෙන.
බොරු නඩු දමනවා පමණක් නොවෙයි, ඒවාට නිවැරදිකරු කිවුවාම රිමාන්ඩ් කර වධ දෙනවා. අද කිසිම වරදක් නොකරපු මිනිසුන්ව නඩු කාරයෝ රිමාන්ඩ් කරන්නේ පොලිස් කාරයන් එක්ක එකතු  වෙලා පොලිස් කාරයින්ගේ ආණ්ඩුවේ මඩිය තර කර ගන්න.
ඒවාට විරුද්ධ වුණාම, ඒ අසරණයින්ට තලා පෙළන්න, අධිකරණ කාර්ය මණ්ඩල වල උදවියත් හවුල් වෙනවා.
මාතලේ අස්නක නුවන් අගවිනිසුරු නීතිපති හා අධිකරණ සේවා කොමිෂමට ලියන ලද ලිපිය කියවන්න.
නඩු අංක 20754/රත්තොට -  මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණය. උක්ත නඩුවේ චූදිත මම වෙමි. 2014 වසර, ප‍්‍රථම මාස තුන ඇතුළත, දිනය නිශ්චිත නැත, පල්ලේගම ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටිය දී රත්තොට පොලීසියේ රථවාහන අංශයේ, නිලධාරීන් දෙන්නෙක්, මා නවත්වා, මාගේ බලපත‍්‍ර පරීක්ෂා කළා.
මා පැදවූයේ, ක්ඡු ඊ්ණ 6459 දරන යතුරු පැදියය.
අදාල ලේඛන සියල්ල තිබූ අතර, මා සතුවූයේ මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව නිකුත් කළ බලපත‍්‍රයකි. එය නීත්‍යානුකූල එකකි.එය මා ඔවුන් දෙපලට පෙන්වා සිටින ලදි. ඔවුන් දෙන්නා මාගේ තොරතුරු යතුරු පැදියේ තොරතුරු සටහන් කරගනු ලැබුවා.
මා වරදක් කර ඇති බවට චෝදනා කළෙත් නැහැ. දඩ කොළයක් දුන්නෙත් නැහැ. එසේ තිබියදී මාගේ, ඥතිවරියකට මා හට බාර දෙන්න යැයි කියා සිතාසියක් බාර දී තිබිණ. එය බාර දී තිබුණේ රත්තොට පොලීසිය මගින්ය.
එම සිතාසියට අනුව, 2014.05.30 දින, පෙරවරු 8.30 ට මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියෙමි. මෙදින පස්වරු 4.00 දක්වාම මාගේ නම් හෝ නඩු අංකය හෝ කතා කළේ නැත.
මහේස්ත‍්‍රාත්තුමාද අසුනින් බැස ගිය අතර, අධිකරණයේ සියලූ දෙනා පිටව යන ලදි. මා විනිසුරු ආසනය අසල සිටි, අධිකරණ කාර්ය මණ්ඩලයේ කාන්තාවක් අසලට ගොස්, මට සිතාසියක් ලැබුණා එ්ත් නඩුව කතා කළේ නැහැ යයි කියා සිටියා.
එවිට ඇය සිතාසිය රැගෙන අසල සිටි පොලිස් නිලධාරියෙකුට කතා කොට ඔහු සමග අධිකරණ ශාලාවෙන් බැහැර කාර්යාලය තුළට ගියා. ඇය මට රැඳී සිටින්න යැයි කියා සිටියා.
විනාඩි කිහිපයකින්, එම කාන්තාව හා පොලිස් නිලධාරියා පැමිණියා. පොලිස් නිලධාරියා මාව මහේස්ත‍්‍රාත් නිල කාර්යාලය තුළට රැුගෙන ගියා.  ඔහු කාර්යාලය තුළට මාව ගෙන්නාගෙන ඉන් පසුව දඩයක් ගහයි වරද පිළිගන්න යැයි කිවුවා. එම අවස්ථාවේ මහේස්ත‍්‍රාත්තුමා හැරුණු විට එම කාර්යාලය තුළ පොලිස් නිලධාරීන් තුන් දෙනෙක් හිටියා.
මාව ඇතුළට ගෙන ගිය  පොලිස් නිලධාරියා කොළ කිහිපයක්  මහේස්ත‍්‍රාත්තුමා අතට පත් කළා. එය බැලූ මහේස්ත‍්‍රාත්තුමා, මාගෙන් නිවැරදිකරුද, වැරදිකරුද කියා විමසුවා. මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කළා.
මහේස්ත‍්‍රාත්තුමා මා හට කිසිවක් කියා ගැනීමට අවස්ථාව දුන්නේ නැහැ. රුපියල් 2000/ු ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප ගෙව්ව පසු මුදා හරින්න යයි කිව්වා.
එම පොලිස් නිලධාරියා මාව, රැගෙන ගොස් නඩු අසන ශාලාව තුළ පිහිටි කූඩුව ළඟට ගොස් බන්ධනාගාර නිලධාරීන්ට බාර දුන්නා. ඔවුන් මාව කූඩුවට දැම්මා.
මා සමග අධිකරණයට පැමිණි, මාගේ මිත‍්‍රයෙකු වූ නන්දික ඇල්ලේපොල, ඇප මුදල් ගෙවීමට හා  රෙජිස්ට‍්‍රාර්වරිය හමු වීමට ගියා. මාගේ මිත‍්‍ර නන්දික ඇල්ලෙපොල ගෙන්, මුදල් ගෙවන ස්ථානයේ සිටි නිලධාරිණිය අසා තිබුණා, ඔහුට නඩු තියෙනවාද කියා. එවිට ඔහු ඔව් කියා තිබෙනවා. එහෙනම් ඇප අත්සන් කරන්න බැරි බව ඇය පවසා තිබුණා.
මාගේ මිතුරා වෙනත් අයෙකු කැඳවාගෙන, ඇප ලබා ගැනීම සඳහා නැවත මුදල් ගෙවන ස්ථානයට ගියා. එවිට, ඇය දැන් අපට යන්න තියෙන වෙලාව හරි කියා, ඇප බාර ගැනීම ප‍්‍රතික්ෂේප කර යන්නට ගියා.
මේ නිසා මට ඇප ලබා ගැනීමට නොහැකි වුණා. මාව රක්ෂිත බන්ධනාගාර ගත කළා.
2014.05.30 දින රාත‍්‍රියේ මා බන්ධනාගාරයට ගෙන ගියා. එදින සිකුරාදා දිනයක්. ඒ නිසා මට 2014.05.31 සෙනසුරාදා, 2014.06.01 ඉරිදා සහ 2014.06.02 සඳුදා බන්ධනාගාරයේ සිටින්නට සිදුවුණා.
2014.06.03 සඳුදා මාගේ මිත‍්‍රයෙකුගේ මව ගොස් ශරීර ඇප හා මුදල් ඇප නිසි පරිදි බැඳීමට ගිය විට, ඇයව මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ නිලධාරීන්, දැඩි අපහසුතාවයට පත් කරනු ලැබුවා.

එක් වරක් නඩු කොපිය නැහැ කියමින්, එය ගන්න බැහැ කියමින් සවස 2.30 වනතුරු රස්තියාදු කළා.
එමෙන්ම අදාල ලේඛන ඇයට ලබාදීම ප‍්‍රතික්ෂේප කළා. එදින, බොහෝ ඇවිටිලි කිරීමෙන් පසුව, අධිකරණයට පැමිණ සිටි බන්ධනාගාර නියාමකවරු අත අදාල ලේඛන බන්ධනාගාරය වෙත යවනු ලැබුවා.
2014.06.03 මාව, අධිකරණයට ගෙනවිත් මුදා හැරියා.
මේ ආකාරයට බොරු නඩු දමා, අධිකරණ කාර්ය මණ්ඩලය හා එක්ව, මාව සැලසුම් සහගතව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් මා හට බරපතල වේදනාවක් ඇති කළ අතර, මෙය අපරාධයක් බවද, කියා සිටිමි.
අධිකරණ කටයුතු අවසානයේදී, මා මහේස්ත‍්‍රාත්තුමාගේ නිල කාර්යාලයට ඉදිරිපත් කළ අවස්ථාවේ මා හට කතා කිරීමට අවස්ථාව ලබාදුන්නා නම්, එම අවස්ථාවේ මාගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාව තිබූ බවද ප‍්‍රකාශ කරමි.
මෙම අකටයුත්ත පිළිබඳව අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින අතර, මෙම බොරු නඩුවෙන් මා නිදහස් කරන ලෙසට ඉල්ලා සිටිමි.

තවද, මෙම නඩුවට අදාල සම්පූර්ණ නඩු වාර්තාවේ සහතික පිටපතක්ද, මෙම නඩුව හා අදාල මුල් පැමිණිල්ලේ සහතික පිටපතක්ද, ලබාදෙන ලෙසට මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් වරයාට හා රත්තොට පොලිස් ස්ථානාධිපතිට නියෝග කරන මෙන් ඉල්ලා සිටිමි. අ.ක/ ජී.බී.එම්.ඒ.එන්. තිලකරත්න

පොලිසියෙන් කියා කියද්දීත් අපිට හොදටම ගැහුව්වා.

Aruna & Asoka

තමන් පොලිසියේ නිලධාරින් තිදෙනෙකුට පහර දුන් බවට චොදනා කරමින් දෙදෙනෙකුව අධිකරණයට ඉදිරිපත් කරමින්  කඵතර දකුණ පොලිසිය කියා සිටීයේ - එක් අයෙකුට හොඳටම තුවාල බවයි.

පසුගිය සිතුරාදා (6) කඵතර කටුකුරුන්දේදී, ත්‍රී රෝද රථයක් පැහැර ගැනීමට උත්සාහගත් කඵතර දකුණ පොලිසියේ තිදෙනෙකුට පහරදී - එම උත්සාහය වැළැක්වීමට හැකිවී තිබේ.

එම උත්සාහයේ නිරතවූ සංගීත කණ්ඩායම් සාමාජිකයෙකු වූ අරුනව හා කාර්මික ශීල්පියෙකු වූ අශෝක ට, එයින් අනතුරුව, පොලිස් ජීප් රථයකින් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන, කඵතර දකුණ පොලිසියට ගෙනගොස් තිබේ. පොලීසියේදි අලුයම 3.00 පමණ වන තෙක් ඔවුන්ට කොසු මිටවලින්, තුවක්කු බට වලින් හා පයින් පහරදී ඇත්තේ, පොලිස් සිර මැදිරිය ඉදිරිපිට බිම දමා, එක් අතක් ඔසවා - සිර මැදිරියේ යකඩ කූරුවලට තබා මාංචු දැමීමෙන්ය.

මෙම පහරදීමට, ත්‍රී රෝද රථය පැහැර ගැනීමට උත්සාහ ගත් නිලධාරීන් හා එදින රිසව් එකේ සිටි නිලධාරීන් සම්බන්ධවී ඇත.

පසු දින මොවුන් දෙන්නාව - වැඩ බලන මහේස්ත්‍රාත්වරියකට ඉදිරිපත් කර - 9 වන දා තෙක් රිමාන්ඩ් කරවා තිබේ.

09 දින කඵතර මහේස්ත්‍රාත් අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කල අවස්ථාවේ - කඵතර දකුණ පොලිසිය අධිකරණයට කියා ඇත්තේ අරුණ හා අශෝක යන දෙන්නා, පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට පහරදුන් බවත්, එයින් පොලිස් නිලධාරීන් තුවාල ලබා සිටින බවත්ය.

රාත්‍රී 8.30 ට පමණ, තිදෙනෙක් ත්‍රී රෝද රථය නවතා පැහැර ගැනීමට ගත් උත්සාහය වැලැක්වීමට, එම ත්‍රී රෝද රථයේ පැමිණි තමන් උත්සාහ ගත් බවත් ඒ අවස්ථාවේ එම තිදෙනා තමාටද, තමාට පරහ දෙන්නේ ඇයි ද යයි විමසමින් එතැනට පැමිණි තම සොහොයුරාටද පහරදි, පොලිසිය ගෙන්වා අත්අඩංගුවට ගනු ලැබු බව අරුණ කියා සිටි.  හොදටම බීලා  සිවිල් ඇදුමින් සිටි ඔවුන්, පොලිස් නිලධාරීන් බව පසුව හැදිනගත් බව ද ඔහු අධිකරණයට කියා සිටියේය.


ඔවුන් දෙන්නාව ඇප මත නිදහස් කල මහේස්ත්‍රාත්වරයා - උසාවියට එනකොට පමණක් යුනිෆෝම් එකෙන් ආවට මදියයි - පොලිසියට කියා සිටියේය.

Monday, June 9, 2014

බ්‍රිතාන්‍යෙය් ලියන්නට කියන්නට එකතු කරන්නට බැරි 10 -18 අතර ළමුන් ගේ සංඛ්‍යාව 129,000 ක් ලු.



2013 වසරේ, එංගලන්තයේ හා වේල්ස් හි, බාලාපරාධ කරුවන් 34,600 කට දඬුවම් ලබා දී තිබේ.
වයස අවුරුදු 10 -17 අතර වයස් සීමාවේ, ළමුන් අතරින් 120 කු තවමත් ප්‍රාථමික පාසල් වල ඉගෙනුම ලබන අය බව එරට අධිකරණ අමාත්‍යාංශය කියා සිටී.
මෙම ළමුන් අතරින් බහුතරයක් මීට පෙර කිහිප වතාවක්ම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවට හෙළි වී ඇත.
මෙම ළමුන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කර ඇතත් ඔවුන්ට කියවීමට, ලිවීමට හා එකතු කිරීම, අඩු කිරීම පවා බැරි බව හෙළි වී ඇත.
එංගලන්තයේ හා වේල්ස් හි අධ්‍යාපනය දරුණු ලෙස පිරිහී ඇති බව පවසන එරට අධ්‍යාපනඥයින් වහාම ඒ පිළිබව අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් බ්‍රිත්‍රාන්්‍ය ආණ්ඩුව පවසන්නේ 2012 වසරේ බාල අපරාධ කරුවන්ගේ සංඛ්‍යාව 67,000 ක් වූ බවයි. ඒ අනුව 2013 වසරේ සංඛ්‍යාත්මක අඩුවීමක් පෙන්නුම් කරන බව ප්‍රකාශ කරයි.



ලන්ඩන් ආදර්ශය කොළඹටත් ගෙනෙයිද?


ලන්ඩන් නුවර - නිවාස රහිතයින් තම අගුපිල් වල රාත්‍රිෙය් නිදා ගැනීම වැලැක්වීම සහා උල්කටු සවිකිරීමේ ප්‍රයත්නය එරට සාමාන්‍ය ජනයාගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
ලන්ඩන් නුවර ඉහළයින් වෙසෙන, සුඛෝපභෝගී ප්‍රෙද්ශ වල ගොඩනැගිලි අගුපිල් වල හා පදික වේදිකාවල මෙම උල්කටු සවි කිරීම ආරම්භ කර ඇත.
කොළඹ නගරය අලංකරණය කිරීමේ මුවාවෙන්, සාමාන්‍ය ජනතාව සෙවන ලබා ගත් ප්‍රෙද්ශ ක්‍රමයෙන් අහිමි කිරීමේ වැඩපිළිවෙල දියත් කරන රාජපක්ෂ ආණුඩුවට ද මෙය ආදර්ශයට ගත හැක.
කොළඹ නගරයේ  නිවාස නැති දහස් ගණනක් අගුපිල් වල රෑ පහන් කරති.
එය අලංකාරයට බාධාවකි. රටේ දුප්පත්කම, දරිද්‍රතාවය, අසමාන තාවය, නිවාස හිකම ලොවට ප්‍රදර්ශනය කරන්නකි.
ඒ නිසාම එවන් දර්ශන තිබිය යුතු නොවේ. ඉවත් කළ යුතුය.