Friday, February 28, 2014

ස්ත්‍රී ලිංග ව්‍යංගිකරණයට මලාලා ද විරුද්ධයි.


පිරිමි ළමුන් සුන්නත් කිරීමට සමානවම, ගැහැණු ළමුන්ගේ ස්ත්‍රී ලිංග විච්ජේදනය කිරීමේ (ව්‍යංගිකරණය) - මිලේච්ජ ක්‍රියාවට එරෙහිව, බ්‍රිතාන්‍යයේ17 හැවිරිදි මුස්ලිම් පාසලේ ශිෂ්‍යාවක් වන ෆාතිමා මොහොමඩ්, එරට ගාඩියන් පුවත්පත හා එක්ව ආරම්භ කල සටනට, පූර්ණ සහාය පළ කිරීමට මලාලා යුෂුප් ද එක්ව තිබේ.

ගැහැණූ දරුවන් ඉගෙනගැනීම, ඉස්ලාම් දහමට පටහැනි බව පවසමින්, පකිස්ථානයේ තලෙයි බාන් අන්තවාදීන්ගේ වෙඩි පහරට ලක්වූ මලාලා, මේ වන විට ඉස්ලාමීය අන්තවාදීන් ගේ ස්ත්‍රීන් ට මර්ධනයට ඉස්ලාම් ආගම උපයෝගි කර ගැනීමට පෙරට විත් සිටී.

ඉස්ලාමීය දහමට අනුව සෑම පිරිමි ළමයෙකුම - සුන්නත් කළ යුතුය. එය ශ්‍රී ලංකාවේ සිදු කරන අතර, එම ක්‍රියාව, ළමා අයිතීන් උල්ලංගණය කිරීමක් හෝ කෘෘර  ක්‍රියාවක් හෝ බව පිළිගැනීමට, ප්‍රකාශ කිරීමට බලධාරීන් හෝ ළමා අයිතීන් පිළිබද කතා කරන්නන් තවමත් සූදානම් නැත.

මේ අතර, ඉතා රහසිගතව, පිරිමි ළමුන් සුන්නත් කරනවා හා සමානවම, කුඩා අවධියේදීම ගැහැණු දරුවන්ගේ ස්ත්‍රී ලිංගික කොටස් කපා ඉවත් කිරීම සිදු කරනු ලබයි. ලොව පුරාම Female genital mutilation  නමින් ප්‍රකට මෙම ස්ත්‍රී ලිංග ව්‍යංගිකරණය එංගලන්තයේ මුස්ලිම් ප්‍රජාව අතර ඉතා පුලුල්ව පවතින බවත්, එරටදි මෙම මෘග ක්‍රියාව සිදු කිරීම අපහසු නිසා, පාසල් නිවාඩු කාල වල මෙම මිලෙච්ජ ක්‍රියාවට තම දූවරුන් භාජනය කිරීමට, විදේශ ගත කිරීම සිදු කරන බවත් හෙළිව තිබේ.


මෙම මිලෙච්ජ ක්‍රියාව - ඉස්ලාමීය ධර්මයට අනුව, සහිරා නීතියට අනුව හා ඉස්ලාමීය දහම හදුන්වා දුන්න, නබිනායකගේ ඉගැන්වීම් බවත් ප්‍රකාශ වේ.

ආගමේ හා සංස්කෘතියේ නාමයෙන් සිදුකරන මෙම ශරීර කොටස් විකෘති කිරීම, ගරුත්වය හා අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.  ස්ත්‍රීන් පාලනය කිරිමට ඉස්ලාමීය ආගමික් ඉගැන්වීම උල්ලංඝණය කිරිම මරණයෙන් පවා දුවම් ලැබිය හැකි වරද වල් ලෙසට පිළගෙන ක්‍රියාත්මක කරයි. පක්ස්ථායයේ ඉස්ලාම් අන්නවාද් තලෙයිබාන්වරු එරට ගැහැණු ළමුන්ට පාසැල් යෑම තහනම් කළෙය. එම තහනම නොතකා පාසල් ගිය ශිෂ්‍යාවන්ට තලෙයිබන් වරු වෙඩි තැබීය. එයින් බරපතල තුවාල ලැබු මලාලා යුෂ්ප ව ජිවිතය බේරා දීමට බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සමත්විය. සුවය ලැබු ඇය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ස්ත්‍රි අයිතීන් වෙනුවෙන් කථා කිරිමට පෙරට ආවේය.


ඇය ගැහැණු ළමුන් ගේ ලිංග   ව්‍යංගිකරණයට එරෙහිව ෆාතිමා මොහොමඩ් ශිෂ්‍යාව හා එක්ව තිබේ. ආගමට හ සංස්කෘතියට අයිතිවාසිකම් පාගා දැමිමට  ඉඩ නොදිය යුතුයි.

Thursday, February 27, 2014

පොලිස් අපරාධකාරයින්ට දඩුවම් නැහැ.


අසරණයින් අල්ලා, දස වධ දී බොරු නඩු දාන පොලිස් කාරයින්ට - රාජපක්ෂ ආණ්ඩුවේ පූර්ණ රැකවරණය, ආශිර්වාදය හිමි වෙලා. රටේ නීතිය මෙම පොලිස් කාරයින් භියක් සැකයක් නැතිව උල්ලංඝණය කරන්නේ, නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවන බවට තිබෙන සහතිකය නිසාය.

මීගල්ලැව පොලිසියේ උප පොලිස් පරීක්ෂක අබේරත්න, සැරයන් වරුන් වන 24326 සෝමදාස, 31189 වීරසූරිය හා 31194 ලයනල්, වැඩ නිමකර නිවස බලා ගමන් කරමින් සිටි උපාලිව අත්අඩංගුවට ගෙන වධ දී, වෙළදසැලක සිදුවූවායයි කියන සොරකමකට සම්බන්ධ කර නඩු පැවරුවේ 2011දීය.

නීතියට අනුකූලව පොලිසිය, උපාලිව අධිකරණයට ඉදිරිපත් කරන්න පෙර, මීගල්ලෑව රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා හමුවට පත්කළේ අධිකරණ වෛද්‍ය පෝරමය සමග. නීතිය පමණක් නොව, වෛද්‍යවරයකු විසින් අනුගමනය කළයුතු ආචාර ධර්ම පවා උල්ලංඝණය කරමින්, පොලිසියේ නරුම ආශාවන්ට ඉඩ දෙමින්, කිසිම පරීක්ෂාවක් නොකර, කිසිදු පරික්ෂාවකින් හෝ ප්‍රකාශය සටහන් කිරිමක් හෝ නොකර, පොලිසියට උපාලිව බාර දුන්නේය.

පොලිසිය උපාලිව අධිකරණයට ගෙන ගොස් ඉදිරිපත් කරනු ලැබීය. නීතියට අනුව - උපාලි වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරිය, උපාලිට පොලිසිය පහර දුන්න බව ප්‍රකාශ කලා. නමුත් අධිකරණයද පියවරක් ගත්තේ නෑ. ඇප නියම කරන කලද, කොන්දේසි සපුරාලන්න නොහැකිවීම නිසා දවස් හතරක් වාරියපොල බන්ධනාගාරයේ ගතකරන්නට උපාලිට සිදුවුනා.

බන්ධණාගාරයද, වෛද්‍යවරයා හා අධිකරණය අනුගමනය කරමින්, පොලිසිය පහරදීම පිළිබද ප්‍රකාශ ලියා ගත්තේ නැත. ප්‍රතිකාර දුන්නේ නැත.

නඩුවාර ගණනකින් පසුව, චෝදනා ඔප්පු කරන්නට තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකි වූ නිසා, අධිකරණය උපාලිව මුදාහැරියා. ඒ නැවත අවශ්‍ය වුනොත් යලි නඩු පවරන බවට සහතිකයක්ද එක්කය.

උපාලි මීගලෑව පොලිසියේ ඉහත සදහන් පොලිස් කාරයින් සිදුකල අපරාධය ගැන- අදාල අයට පැමිණිලි කලා. මානව හිමිකම් කොමිෂන් සභාව, උපාලිගේ පැමිණිල්ල සටහන් කරන ලද විමර්ශණය අනුව ඉහත නම් සදහන් පොලිස් කාරයින් - උපාලිගේ මූලික අයිතීන් උල්ලංඝණය කර තිබෙන බවට නිගමනය කරනු ලැබුවා. ඒ 2014 පෙබරවාරි 10ය.

ඒ අනුව ඉහත පොලිස් කාරයින් එක් අයෙකු රු: 5000/= බැගින්, රු: 20,000/=ක වන්දියක් ගෙවිය යුතු බවද තීරණය කලා.මේ නිර්දේශය පොලිස්පතිටද යවලා තියෙනවා.

නමුත් 2011 මැයි මස සිදුවූ මෙම අපරාධයට සම්බන්ධ පොලිස් කාරයින්ට එරෙහිව කිසිම විනය පරීක්ෂණයක්, නීතියට අනුව නඩු පැවරීමක් සිදු කරලා නැහැ. උපාලි - සිංහල බෞද්ධ තරුණයෙකි.

අදාල වීඩියෝව-

Tuesday, February 25, 2014

SPC වංචාකාරු පරළොව ගියාද? යවලාද? හැංගිලාද?



මහනුවර ඓතිහාසික දළදා පෙරහැරේ නිළමේට අඳින බව කියන, රාජ්‍ය මුද්‍රණ නීති ගත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ වත්මන් සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද මිළියන ගනනාවක වංචාවක් කර තිබේ. ඔහුගේ සහයක් අයි.එ්.ජි බංඩාර ගේ මරණය අභිරහසකි.
මීට පෙරද මෙම ජයම්පති බංඩාර හීන්කෙන්ද වංචා වලට හල්ව ඇති බවද ප‍්‍රකාශවේ. රාජපක්ෂ ආණ්ඩුවේ කෙහෙළිය රඹුක්වැල්ල යටතේ  රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පවතී.
රාජ්‍ය මුද්‍රණ නීති ගත රාජ්‍ය මුද්‍රණ නීති ගත ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ සභාපති නිල කාමරයේ සිට අයි.එ්.ජි බංඩාර ගේ පෙරට දමා පවත්වාගෙන ගිය පාසල් ළමුන්ට පහසු මිළට පාසල් පොත් ලිපි ද්‍රව්‍යය සැපියිමේ ව්‍යාපෘතිය නමින් මෙම වංචාවන් සිදුකර තිබේ.
මෙම වංචාව හෙළි දරව් කරමින් පැමිණිලි කර සිටින්නේ මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත‍්‍රික් නියෝජිත තනතුරු වලින් පිදුම් ලැබු ව්‍යාපාරිකයෙකු වන ඉලංගකොන් මහතා සහ නිතිඥ වරයෙකු වන ප‍්‍රදීප් මහතාය. රාජපක්ෂ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබු මේ දෙදෙනාම තරුණයින්ය.
මෙම මහා පරිමාණ වංචාව හා අයි.එ්.ජි බංඩාර ගේ අභිරහස් මරණය ගැන මෙම දෙදෙනා මිරිහාන පොලිස් විශේෂ අපරාධ වමර්ශණ එ්කකය වෙත පැමිණිලි කර තිබේ. එයට අමතරව ඔවුන් දෙදෙනා පොලිස්පති වරයාගේ අවධානය යොමු කරන්නේ මෙම වංචාව හා අයි.එ්.ජි බංඩාර ගේ අභිරහස් මරණය පිළිබඳව අපක්ෂපාති පරින්ෂණ පවත්වන ලෙසය.
2013 ඔක්තොබර් මස ලංකාදීප පුවත්පතේ පළවු දැන්වීම් වලට අනුව මොවුන් දේනා රාජ්‍ය මුද්‍රණ නීති ගත සංස්ථාවේ -දිස්ත‍්‍රික් අළෙවි නියෝජිත තනතුර සඳහා අයදුම් කර තිබේ.
එම අයදුමට අනුව කළ කැඳවීම මත රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට හා හෝමාගම, හයිලෙවල් පාරේ, අංක 45/5 හි පිහිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංථාවේ ,ගබඩාවට ගොස්, අයි.ජී.එ්.බංඩාර හමුවී, රුපියල් ලක්ෂ දහය බැගින් තැම්පත් මුදල් සංස්ථාවට ගෙවා තිබේ.
අයි.ජී.එ්.බංඩාර සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද සමග සභාපති නිල කාමරය තුල එකට සිටිමින් මෙම ගණුදෙනු සිදු කර තිබේ. එම ගණුදෙනු සඳහා ලදුපත් නිකුත් කර ඇත. එවාට සංස්ථාව වෙනුවෙන් අත්සන් කර ඇත්තේ අයි.ජී.එ්.බංඩාර හා ඉහත ගබඩාවවේ සිටි අයි.ජී.එ්.බංඩාරගේ සහයක ජයරත්න නැමති අයයි.
තැම්පත් මුදල් ලබාදීමෙන් අනතුරුව එක් අයෙකුට එම අවස්ථාවේ දීම ඔවුන් රුපියල් එක්ලක්ෂ හතිලිස් අටදහස් හාරසිය හතයි සත විසිපහක් පොත් හා ලිපි ද්‍රව්‍යය නිකුත් කර තිබේ. අනෙක් තැනැත්තාට ප‍්‍රමාදවී  රුපියල් දෙලක්ෂ පනස් දහස් හාරසිය පනස් නවයක් වටිනා පොත් ලබා දි තිබේ.
එයින් පසුව, 2013.11.06 දින එක් අයෙකු ගේ සේවක මණ්ඩලයේ 04 කු, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට කැඳවා එහි සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්දගේ නිල කාමරයේදි පුහුණුවක් ද ලබා දි ඇත. එය සිදු කර ඇත්තේ් අයි.ජී.එ්.බංඩාරය.
පත්වීම් ලිපි ලබා නො දිමත් අලෙවිය අදාලව ලබා දීමට පොරොන්දු වු පහසුකම් ලබා නොදීමත් නිසා ඔවුන් සිය නියෝජිත තනතුරු අත හරින බව සංස්ථාවට දන්නවා තැම්පත් මුදල් ආපුසු ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් ඔවුන් සංස්ථාවේ සාමාන්‍යාධිකාරිට හා අළෙවි කළමණාකරු තිලක් පෙරේරාට ද දැනුම් දි ඇත. තැම්පත් මුදල් ආපුසු ලබාදීම ප‍්‍රමාද වන වීට ඔවුන් නැවත නැවත එ් හා සම්බන්ධව සාමාන්‍යාධිකාරිට හා අළෙවි කළමණාකරු තිලක් පෙරේරාට සහා සභාපති, ජයම්පති බංඩාර හීන්කෙන්දව දැනුවත්ව කර තිබේ.
එක් අවස්ථාවක සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද ඔවුන් ඉදිරිපිට දීම තැන්පත් මුදල ආපසු ගෙවන ලෙසට අයි.ජී.එ්.බංඩාරට  උපදෙස් දි, ඉන්පසු අයි.ජී.ඒ.බංඩාරව ඔහු ගේ් ( සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ* නිල රථයට නංවාගෙන රැුගෙන ගොස් තිබේ.
මේ අතර එක් අයෙකුට 2013.12.30 දින තැන්පත් මුදල ආපසු ගෙවන බවට ට අයි.ජී.ඒ.බංඩාර පොරොන්දු වී තිබේ. නමුත් එදින 2014.01.20 දින මුදල් දෙන බවට පොරොන්දු වී තිබේ. එදින ද මුදල් ලබා නොදුන්  අයි. ජි. එ් බංඩාර එම මුදල 2014.02.13 දෙන බවට පොරොන්දු විය.

2014.02.11 දින, මුදල් ගැන සිහිපත් කල විට ස්ථිර වශයෙන්ම - පොරොන්දු වූ පරිදි 2014.02.13 එම මුදල් ලබා දෙන බවට ප‍්‍රකාශ කර ඇත.
2014.02.13 දින ඔහු අයි. ජි. එ් බංඩාර ව දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකිවු නිසා, අයි.ජි.එ්. බංඩාරගේ සහයක ඇමතුමක් දුන්න විට ඔහු කියා ඇත්තේ පෙර දින එනම් 2014.02.12 දින අයි.ජී.ඒ.බංඩාර මිය ගිය බවය.
ඔම පුවත, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ කළමණාකරු තිලක් පෙරේරා සනාථ කර   අයි.ජී.ඒ.බංඩාර මිය ගියත්, මුදල් ආපසු ගැනීමට ප‍්‍රශ්ණයක් නැති බව පවසා ඇත. ඉන් පසුව  සාමාන්‍යාධිකාරීට  කතා කළ විට කියා ඇත්තේ අයි.ජී.ඒ.බංඩාර සංස්ථා සෙවකයෙකු නොවන බවත් ඔහු ගෙන් සංස්ථාවටද රුපියල් ලක්ෂ 50ක් අය වෙන්න තිබෙන බවත්ය.
මෙම පසුබිම යටතේ මොවුන් මිරිහාන පොලිස් විශේෂ අපරාධ එ්කකයට ගොස් පැමිණීලි කර තිබේ. එම එ්කකයේ පො.ප. සුනිල් ශාන්ත ඒ අවස්ථාවේ දිම හෝමාගම, හයිලෙවල් පාරේ, අංක 45/5 හි පිහිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංථාවේ ගබඩාවේ ජයරත්න රත්නායක නැමැති අයට දුරකථනයෙන් කතාකර 2014.02.17 උදේ 10.00 ට මිරිහාන පොලිස් විශේෂ අපරාධ එ්කකයට පැමිණෙන ලෙසට දැන්වුවද ඔහු, ජයරත්න පැමිණියේ නැත.
එදින (2014.02.17* පො.ප.සුනිල් ශාන්ත, පො.කො.ගජනායකට ම් පිළිබඳව පරීක්ෂන කරන්න පවරනු ලැබීය. ඔහු, පො.කො.ගජනායක එක් අයෙකුගේ වාහනයෙන්්, රාජ්‍ය නීතිගත සංස්ථාවට ගිය ද රාජ්‍ය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා , ඇතුලූවීමට ඉඩ දීම ප‍්‍රතික්ෂේප කර තිබේ. එ් අවස්ථාවේ පො.කො.ගජනායක, සාමාන්‍යාධිකාර වරයාට උසාවි නියෝගයක් අරන් එන බව කීවිට අළෙවි කළමණාකරු තිලක් පෙරේරාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අවසර දී තිබේ.
අළෙවි කළමණාකරු තිලක් පෙරේරා පොලීසියට ප‍්‍රකාශයක් දෙමින් කියා තිබුනේ අයි.ජී.ඒ.බංඩාර, සංස්ථාවෙ සේවකයකු නොවන බවයි. නමුත් ප‍්‍රශණ කිරමේදි හා පොත්පත් පරික්ෂා කිරිමේදි  අයි.ජී.ඒ.බංඩාර සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ ලේකම් වශයෙන් කටයුතු කළ අයෙකු බවද, ඔහු විශේෂ ව්‍යාපෘතියක් වු ‘පාසල් ළමුන්ට සහන මිළට පොත් ලබාදිමේ  රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ විශේෂ ව්‍යාපෘතිය’ බාරව කටයුතු කරන ලද බවද හෙළි දරුව් කර තිබේ.
එම විශේෂ ව්‍යාපෘතියට බඳවා ගන්නා ලද දිස්ත‍්‍රික නියෝජිතයින් ගෙන් හා ප‍්‍රාදේශිය නියෝජිතයින්ගෙන් මෙසේ තැන්පත් මුදල් අයකිරීම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වන ජයම්පති බංඩාර හීන්කෙන්ද ගේ නිල කාමරයේ සිටිමින්, අයි.ජී.එ්.බංඩාර සිදුකරන ලද බවද තහවුරු වී තිබේ.
අයි.ජී.එ්.බංඩාර ව මැදිහත් කරු කරගෙන  මිළියන ගණනක් මුදල් වංචා කර, එම මුදල් තැම්පත් කරුවන් ආපසු ලබා ගැනීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වන ජයම්පති බංඩාර හීන්කෙන්ද ප‍්‍රමුඛ වගකිව යුතු ඉහළ නිලධාරින්ට බලපෑම් කරන විට ඉතාමත් අභිරහස් අන්දමට 2014.02.12 වන දින අයි.ජේ.එ්.බංඩාර මියගොස් තිබේ.
මේ පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ වමර්ශණ එ්කකය , අයි.ජේ.එ්.බංඩාර ගේ සහයක රත්නායක මුදියන්සේලාගේ ජයරත්න අත්අඩංගුවට ගෙන, 2014.02.19 වන දින හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහරිනු ලැබීය.
තැම්පත් කරුවන් ප‍්‍රකාශ කරන්නේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද, ප‍්‍රමුඛ සංස්ථා ප‍්‍රධානින් අභිරහස් ලෙසට මිය ගිය බවට ප‍්‍රකාශ කරන අයි.ජේ.එ්.බංඩාර මගින්, වංචාකාරීව ලබාගෙන තිබෙන මුදල රුපියල් ලක්ෂ සියයකට වැඩි බවයිි.
මේ අතර, මෙම වංචාව අදාලව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදාහල රත්නායක මුදියන්සේලාගේ ජයරත්න නැමැති අයට, මෙම  වංචාව හා අදාලව තොරතුරු හෙලිකල හොත් මරා දමන බවට තර්ජණ ලැබෙන බවද වාර්තා වි තිබේ.
මෙම වංචාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද විසින්ම කර තිබෙන බවත්, මෙයට එම සංස්ථාවේ ඉහළ නිලධාරීන්ගේද සම්බන්ධ බවත් ඉතා පැහැදිලි බවට්  කරුණු  දක්වන තැම්පත් කරුවන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජයම්පති බංඩාර හීන්කෙන්ද මීට පෙර මුල්‍ය වංචා කර ඇති පුද්ගලයෙකු බවට වාර්ථා තිබෙන බවද කියා සිටී.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය යටතේ පවතින අතර එය බාර ඇමති වරයා කෙහෙළිය රඹුක්වැල්ල බවද සඳහන් කළ යුතුවේ.

අැත්ත වශෙයන් ෙමම බංඩාර ෙග් මිය යෑම අභිරහසකි.

Monday, February 24, 2014

HRC කොමාලා පස් දෙනාටම යළිත් පත්වීම් දෙයි.


පසුගිය 18 වන දින අහෝසි වූ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමසාරිස්වරුන් පස් දෙනාට තවත් වාරයකට එම තනතුරු වල රැී සිටීමට ජනාධිපති රාජපක්ෂ වරම් දී තිබේ.
මේ අනුව, මානව හිමිකම් කොමිෂමේ සේවකයින් සහා වෙන්වූ විදේශ පාඨමාලා සහා ශිෂ්‍යත්ව මොවුන් අතර බෙදා ගැනීමේ උත්සාහයට ඉඩ ලැබේ.

මොවුන් පස් දෙනා, මානව හිමිකම් කොමිෂමේ අංක 01 දූෂිත ආයතනය බවට පත් කිරීමේ මහින්ද චින්තනයේ භාරදූර අපේක්ෂාව ඉටු කරන්නට දිවා රෑ වෙහෙස වනු ඇත.මේ මගින් රිසි සේ තම පුද්ගලික පරිහරණයට රාජ්‍ය හා විදේශ ආධාර යොදා ගැනීමට ද මොවුන්ට හිමිකම් හිමිව තිබේ.

මිලියන 35 ක දේපල ලියාගෙන මරලා පුච්චන්න හැදුවා.


ජනාධිපති විමර්ශන අංශයේ ඒ.එස්.පී වරයෙකු බව කියන රුවන් ගුණසේකර හා ඔහුගේ දෙවන බිරිඳ, නීතඥවරියක් වන නිර්මලී යසශ්‍රී තම සැමියාගේ මරණයට වගකිව යුතු බව ප්‍රකාශ කරන බිරි, ඒ සහා නාගොඩ මහා රෝහ‍ලේ හා වාද්දූව පොලීසියේ සහය ලබාගත් බවට ද චෝදනා කරයි.
පසුගිය 2014.02.13 වන දින නාගොඩ මහා රෝහලේදී මිය යන ලද කුමාරසිරි මදුරප්පෙරුම ගේ බිරි වන නන්දනී පෙරේරා, පොලිස්පති වෙත ලිඛිතව පැමිණිලි කරමින් මේ මරණය පිළිබව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටී.
2013 ඔක්තෝබර් මස, සැමියාගේ වැඩිමහල් සොහොයුරිය හා ඇගේ දියණිය නීතිඥවරියක් වන නිර්මලී යසශ්‍රී, සිය නිවසට පැමිණ ඇත.
නිර්මලී යසශ්‍රීගේ සැමියා, ජනාධිපති විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරය. මේ දෙදෙනො අතර ඇති වූ පවුල් ආරවුලක් නිසා, මෙම දෙපල සොහොයුරාගේ පිහිට පතාගෙන ඇවිත් තිබේ.
මෙම දෙදෙනා, නිවසේ රැී සිටීමට ගන්නා උත්සාහයට ඇය විරුද්ධ වී ඇත. මේ තත්ත්වය තුළ ඇය හා සැමියා අතර අමනාපකම් වර්ධනය වීම නිසා, මොවුන් පිට යනකම් ඇය තම පුතා ළට ගොස් තිබේ.
එයින් පසුව මිලියන 35 ක් පමණ වන සැමියාට අයත් නිශ්චල හා චංචල දේපල නීතිඥ නිර්මලී යසශ්‍රී ලියාගෙන තිබේ.
මිය ගිය අයගේ එකම පුතාට වත්, බිම් අඟලක් නොදී, සියල්ල මැය ලියාගෙන ඇති බව බිරිඳ වැඩිදුරටත් කියා සිටී.
මෙයින් පසුව, 2014.02.12 වන දින හදිසියේ අසනීප වූ තම සැමියාව, තමාට නොදන්වා නාගොඩ මහ රෝහලට ඇතුලත් කර තිබේ. එසේ කර ඇත්තේ ඒ.එස්.පී. රුවන් ගුණසේකරය බව ඇය කියා සිටී.
පසු දින, දැඩි සත්කාර ඒකකය තුළ ඔහු මිය ගොස් තිබේ. රෝහල් ආරංචි මාර්ග ඇයට පවසා ඇත්තේ නීතිඥවරියක් හා පොලීසිය පැමිණ, අයිතිවාසිකම් කියා, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව දේහය රැගෙන ගිය බවයි.
ඉතා ටික වේලාවකින් දේහය, නාගොඩ රෝහල ඉදිරිපිට ලයනල් මල් ශාලාවට බාරදී, සිරුර එම්බාම් කරවා, නිවසට ගෙනවිත් තිබේ. මෙහිදී නාගොඩ රෝහලේ දී මිය ගිය තම සැමියා පිළිබ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටී. මේ පිළිබව ආරංචිය ලැබුණ වහාම සියලු තොරතුරු 119 ට දැන්වුව ද ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ වාද්දූව පොලීසියට දැනුම් දෙන ලෙසටය.
වාද්දූව පොලීසිය පැමිණිල්ල ලියා ගැනීම වෙනුවට කර ඇත්තේ ඇයව දැඩි අපහසුතාවයට පත් කිරීමය.
එයින් අනතුරුව ඇය පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ, සියලු කරුණු හෙලි කර තිබේ.
එයින් අනතුරුව, 2014.02.15 වන දින, පානදුර පොලිස් අධිකාරී කාර්යාලය අධිකරණයට කරුණු වාර්තා කර, විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් වාද්දූව පොදු සුසාන භූමියේ ආදාහනාගාරය අභියසදී, මෘත දේහය අත්අඩංගුවට ගෙන පානදුර මූලික රෝහලට ගෙනවිත් භාර දි තිබේ.
පානදුර මූලික රෝහලේ සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී කිසිදු කරුණක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව පවසන ඇය පවසන්නේ, සිරුර මල් ශාලාවේ තබාගෙන සිරුර අභ්‍යන්තර කොටස් සියල්ලම ඉවත් කරවා තිබෙන බවයි.
එයින් අනතුරුව ජනාධිපති විමර්ශන ඒකකයේ ඒ.එස්.පී රැවන් ගුණසේකර හා නීතිඥ නිර්මලී යසශ්‍රී සියලු බලතල උපයෝගී කර ගෙන, වාද්දූව පොලීසියේ පූර්ණ අනුග්‍රහය ඇතිව සැමියා ගේ දේහය ආදාහනය කර අපරාධය වසන් කිරීමට සැලසුම් කර තිබූ බවයි.
පානදුර සහකාර පොලිස් අධිකාරී ගේ මැදිහත්වීම නිසා දේහය ආදාහනය කර අපරාධය වසන් කර දැමීමට දැරු උත්සාහය අවසාන මොහෙතේ වලක්වා ලූ අතර, දේහයේ අයිතිය ද ඇයට හිමි වූ බව සහන් කරයි.

ඇය පොලිස්පති වරයාගෙන් ඉල්ලා සිටින්නේ බලපෑම් වලට යටත් නොවී සැමියාගේ මරණය ගැන අපක්ෂපාති පරික්ෂණයක් නොපමාව පැවැත්වීමට පියවර ගන්නා ලෙසටයි.

Crimes today are more brutal and sudden, say experts



An army officer was found dead near the bus stand in Pasyala, Aththanagalla area around 1.30am on Friday (February 21) with his throat sliced open and stab wounds on his back.
His mobile phone, National Identity Card and bank card were found near the body.
The 25-year-old man, Ruwan Sameera Jayawickrema, a father of one, was last seen at a Ja-Ela camp at round 6pm the previous day. He was attached to the Panagoda Army Camp.
This was one among a string of murders which have been reported during the past few weeks, at least two homicides being reported daily.
Earlier this week an open verdict was reported into the death of a police inspector attached to the Intelligence Division of the Mount Lavinia Police. His body was found in a paddy field last Sunday (February 16) at Godagama.
Police spokesman SSP Ajith Rohana said IP G.W.M. Samarakoon had apparently committed suicide by shooting himself in the head with his official firearm. His firearm and NIC were found close to his body.
Athurugiriya police are yet to ascertain, however, whether the deceased had committed suicide or whether he was murdered.
The coroner who had conducted the post mortem gave an open verdict on the death.
A number of reasons have been attributed to the trend of murders with some of those being murdered in the most brutal manner.
“Nowadays people are more aggressive and have less control over themselves which ultimately results in fatalities,” said Attorney Dr. Ranjith Fernando, criminal lawyer of the Court of Appeal.
He said many murders nowadays were caused by sudden flare-ups and personal animosities rather than being premeditated acts of crime.
Personal disputes, poverty or property disputes were among the main causes of most of such killings. “People are more vulnerable to the difficulties that they are going through,” he noted.
His view was that the death penalty was not a deterrent to such crimes.
Contracted murders were on the decline, Dr. Fernando added.
“Trials against murder crimes would be fairer if there are more trained judicial officers. Unlike in the past the verdict relies more on facts than on the law,” Dr. Fernando said.
Civil society activist Mr. Chitral Perera of Janasansadaya said that in a system dominated by extra judicial factors no one feared to commit crimes such as murders.
“There is a large group in our society above the law of the country. It is not only the most powerful or richest persons but also members of the ordinary public who feel they could act in a manner beyond the law,” he said.
Citing the court case against the OIC of the Payagala Police over charges of allegedly torturing a person in custody for five days, causing death with 42 internal injuries, he said the murder suspect was released on bail within a day and disappeared after three days of trial.
“The media should look into cases deeply and wisely rather than being satisfied with whatever police say. In most of the cases in Sri Lanka the media constantly report the initial incident in a very serious manner but rarely follow up investigations,” Mr. Perera said.
“For instance in the Biyagama village murder case the media gave huge publicity to the case in the beginning, compelling the police to arrest the criminal, and police arrested the wrong person but the media was silent. It was since revealed that the deceased’s son had committed the murder and was arrested but no one reported that,” he said.
Prof. Jayasundara, Head of the Department of Criminology at the University of Jayawardenapura said statistics showed a decrease in murder cases.
“The past few years marked the lowest rate of murder cases in the history of the country,” he said, explaining that in 2011/12 the rate was only 3.5 (per 100,000) whereas before 2005 it was around a minimum of six or seven.
“People tend to believe that there is an increase of murders due to instant reporting by the media and the constant reporting of the same incident by several media channels,” he said.
“Compared to the past there is a slight change in the motives that lead to a murder such as killing over trifles, Facebook and other modern technology,” said the professor.
By Kosala Ranabahu

Saturday, February 22, 2014

ව‍රෙන්තු ආ‍දේශයකයාට රු: 50,000/ ක වන්දියක්.


ව‍රෙන්තුකරු ‍වෙනුවට, ‍වෙනත් පුද්ගල‍යෙකු අත්අඩංගුවට ‍ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කළුතර දකුණ ‍‍පොලීසි‍යේ හිටපු අපරාධ අංශ‍යේ ස්ථානාධිපති උ.‍පො.ප. සිරිමාන්නට, රු: 50,000/ ක වන්දි වශ‍යෙන් එකී පුද්ගලයාට ගෙවන ‍ලෙසට මානව හිමිකම් කොමිෂම නියම කර ති‍බේ.
දැනට වව්නියාව පොලිස් ස්ථාන‍යේ ‍සේවය කරන බවට සහන් ‍මෙම උ.‍පො.ප. සිරිමාන්න, ව‍රෙන්තුවක් ඇති බව කියමින්, බෝඹුවල ව්‍යාපාරික‍යෙකු වූ එම්.දයාරත්න මහතාව අත්අඩංගුවට ‍ගෙන, පසුදින කළුතර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
රාත්‍රී 10.00 ට පමණ අධික ‍ලෙස බීමතින් පැමිණ, තමාව අත්අඩංගුවට ගත් බව පවසන දයාරත්න මහතා, තමාට කිසිදිනක අධිකරණයකින් ව‍රෙන්තුවක් නිකුත් වී නැති බව ප්‍රකාශ කළද, ‍මෙම උ.‍පො.ප. සිරිමාන්න, ඔහුට පරිභව කරමින්, අවමන් කරමින්, අනන්‍යතාවය පැහැදිලි කර ගැනීම ප්‍රතික්‍ෂේප කර ‍මෙම නීච ක්‍රියාව සිදු කර ඇත.
2012.03.17 වන දින සිදු වූ ‍මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු කියා සිටි විට ක‍ළේ ඔහුව මුදා හැරීම පමණකි.
ඉන් අනතුරුව ‍මෙම කාරණය පිළිබව ඔහු ‍පොලිස්පති, මානවහිමිකම් ‍කොමිෂම හා ජාතික ‍පොලිස් කොමිෂමට වාර්ථා කරනු ලැබීය.
‍පොලිස්පති හා ජාතික ‍පොලිස් කොමිෂම සුපුරුදු පරිදි, මෙම නීති වි‍රෝධී ක්‍රියාව කළ ‍දුෂිත පොලිස්කාරයාට එ‍රෙහිව කිසිදු නීතිමය හෝ විනය පියවරක් නොගත්‍‍තේය.
ජාතික ‍පොලිස් ‍කොමිෂම ඉන් එහාට ‍ගොස්, දයාරත්න මහතා වරදක් කර ඇති බවට කියාපෑමට තරම් නිවට විය.
මානව හිමිකම් ‍කොමිෂන් සභාව සිය විමර්ශන‍යෙන් අනතුරුව, පැහැදිලිව ‍මෙම පොලිස්කාරයා, දයාරත්න මහතා‍ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ති‍බෙන බවට නිගමනය කරනු ලැබීය.
ඒ සම්බන්ධ‍යෙන් දයාරත්න මහතාට රු: 50,000/ ක වන්දියක් ගෙවීමට ද, උ.‍පො.ප. සිරිමාන්නට නියම කළේය.
මෙම නිර්‍දේශය - විනය පියවර ගැනීම සහා ‍පොලිස්පතිවරයාට යොමුකර ති‍බේ.
දයාරත්න මහතා ‍මෙම නිර්‍දේශය පිළිබව ‍පොලිස්පතිවරයාට හා ජාතික ‍පොලිස් ‍කොමිෂම‍මේ සභාපති ‍සේනක වල්ගම්පාය ට ලිඛිතව දැනුම් දී තිබේ.

HRC සභාපති වහනය අරන් ගිහින්. පත්තරත් ගෙන්වා ගන්නවා.


අ‍නේ අපිට තවත් කන්න ඉඩ ‍දෙන්න -     හිටපු කොමාලා ගෙන් ඉල්ලීමක්. ශ්‍රී ලංකා මානව හිමිකම් ‍කොම්ෂන් සභා‍වේ, වර්ථමාන සභාපති හා ‍කොමසාරිස්වරුන් ‍ගේ ආයු කාලය ‍මෙම මස 18 වන දින අවසන් විය. එහෙත් සභාපති ප්‍රියන්ත පෙරේරා වහනය අරන් ගිහින්. මානව හිමිකම් ‍කොම්ෂමෙන් පත්තරත් ගෙන්වා ගන්නවා.

මෙම විලි ලැජ්ජා නැති වැඩ අත්ම ගරුත්වයක් සේවකයින් බලවත් කනස්සල්ලට පතව තිබේ.

ඉදිරි මාස කිහිපය තුළ ජිනීවා හා ලන්ඩන් නුවර සංචාර සූදානම් කර ති‍බෙන මෙම හිටපු සභාපතිවරයා ඇතුලු කොමසාරිස්වරුන්, ජනාධිපති රාජපක්ෂ මගින් තවත් වසර තුනකට පදවි කාල දික් කර ගැනීමට දරන උත්සාහය සාර්ථක වනු ඇතැයි මානව හිමිකම් ‍කොමිෂ‍මේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටී.

මහින්ද චින්තනය තවත් කාටවත් වඩා ‍හොින් ඉටු කරන ලද මානව හිමිකම් ‍කොමිෂ‍මේ හිටපු සභාපති ඇතුලු කොමසාරිස් වරුන්‍ගේ උත්සාහය, මානව හිමිකම් කොමිෂම අංක 01 දූෂිත ආයතනය බවට පත් කර ගැනීමටය.

ජනාධිපති රාජපක්ෂ ස්වාධීන කොමිසන් සභාවක් ලෙසට පවත්වාගෙන ආයුතු මානව හිමිකම් කොමිසන් සභාවට තමාට ගැති පුද්ගලයින් පත් කර ගැනීමට ක්‍රියා කළේ, 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර දමාය.

අහේතුවක මහත වන්නනේ කිසිදු ස්වාධිනත්වයක් නැති  මානව හිමිකම් කොමිෂමට තවමත් විදේශ ආධාර ලැබිමයි.


මහින්ද චින්තනය ප්‍රතිඵල අංක -  05.  

Thursday, February 20, 2014

IP ගේ සුපිරි බංගලාවට පරාව් මාලු පෙට්ටියක්.



දවස් හතක් නීති විරෝධිව රඳවා තබා ගෙන වධදීමේ සතුට සමරන්න අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ පො.ප. දමිත් ගේ සුපිරි දෙමහල් බංගලාවට පරව් මාලු පේට්ටියක් තෑගි.
මානව හිමිකම් කොමිෂන් සභාව හා පොලිස්පති වෙත ලිඛිතව පැමිණිල්ලක් කරන අම්බලන්ගොඩ, ASB සේල්ස් ෂොප්හි හිටපු සහකාර කළමණාකරු චන්දන සමන්තතමාව නීති වීරෝධිව අත්අඩංගුවට ගෙනරඳවා තබාගෙන වධදි බොරු නඩු දැමීම ගැන මෙසේ සඳහන් කරයි.
‘‘ 2014.02.13 දිනදීය.
2009 ජුලි 07 දින සිට මාඅම්බලන්ගොඩ ASB සේල්ස් ෂොප් හි සහකාර කළමණාකරු වශයෙන් 2014.01.30 දින දක්වා සේවය කළෙමි.2017.01.31 දිනමම සේවය සඳහා ගියේ නැත.
2017.01.31 උදේ 9.30 ට පමණ මට ප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් දුරකථනයෙන් දැනුම් දුන්නා - ෂොප් එක හොරු කඩලා කියා. මා හිටියේ මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ. ඔහු දහවල් 12.30 ට පමණ නැවත දුරකථනයෙන් අමතා, ”ෂොප් එකට” එන්න කිව්වා.
ඒ සමගම වාගේ මට ගෙදරින් දුරකථන පණිවුඩයක් ලැබුනා. ගෙදරින් කිව්වේ පොලිසිය සමග ASB එකේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා කිව්වා. මම,නැවත සම්පත්ට කතාකර ඇහුව්වාමම කොහාටද එන්න  ඕනි කියා. එවිටගෙදරට එන්න කිව්වා.
මම ගෙදරට යන විට, ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ජයසිරි සිල්වාගේ පුතා වන සඳුන් යන අයප‍්‍රාදේශීය කළමණාකරු සම්පත්අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. දමිත් හා පො.කො. ධනුෂ්ක හිටියා.
පො.ප.දමිත් හා පො.කො.ධනුෂ්ක පැමිණ සිටියේ සිවිල් ඇඳුමිනි. ඔවුන් පැමිණ සිටියේ ASB සමූහ ව්‍යාපාරයේ අයිතිකරු ගේ WP KX 0086 දරන වාහනයෙනි. 
පො.ප.දමිත්අපිත් එක්ක යන්න  ඕනි යයි කිව්වා. මම කැමැත්ත පලකලා. මෝටර් රථය දොඩන්ගොඩින් අධිවේගී මාර්ගයට ඇතුලූ කරගමන් කොට,වැලිපැන්න හයිවේ රෙස්ට්ටුරන්ට්’ එකේ නවත්වා කෑම ගත්තා. මට කෑම දුන්නේ නෑ. ඉන්පසු කුරුඳුගහ හැතැක්ම පිවිසුම් මාර්ගයෙන්අම්බලන්ගොඩ පොලිසියට ආවා.
මා මෝටර් රථයේ සිටියා. පො.ප.දමිත් හා පො.කො.ධනුෂ්ක පොලස් ස්ථානය තුලට ගොස් ටික වේලාවක් සිට පැමිණමාව එම රථයෙන්ම අකුරැස්සට ගෙන ගියා. මාඅම්බලන්ගොඩ ASB සේල් ෂොප් හී සේවය කරන කාලයේ මට  ASB සමූහ ව්‍යාපාරයේනිවසක් ලබා දී තිබුනා. එය තිබුනේ අකුරැස්සේ බංගම පාරේ.
මාබිරිඳ හා දරුවා සමග පදිංචිවී සිටියේ එහි. මෙම පිරිස එම නිවසට ගියා. මෝටර් රථයේ මා හා සඳුන් (ASB  අයිතිකරුගේ පුතා) සිටියදීපො.ප. දමිත්පො.කො. ධනුෂ්ක හා ප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් සමග මගේ නිවස තුලට ගියා. ඔවුන් කිව්වා නිවස පරීක්ෂා කරන්න  ඕනැ කියා. පසුව දැනගත්තා ඔවුන් මගේ නිවසේ අල්මාරිකබඞ්මේස ලාච්චු ඇද පරික්ෂා කර තිබූ බව. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ බිරිඳ හා අවුරුදු 3ක් වයසැකි පුතා පමණි.
මාව - නිවස තුලට ගෙන ගියේ නැහැ. ඔවුන් බිරිඳගෙන් හා අසල්වැසියන් ගෙන් මා ආ ගිය වේලාවන් ගැන ප‍්‍රශ්ණ කර තිබුනා. ඔවුන්ට කිසිවක් හම්බවුනේ නෑ කියා ප‍්‍රකාශ කරනැවත අම්බලන්ගොඩ පොලිසියට පැමිණියා. එවිට වේලාව රාත‍්‍රී 10.00 ට පමණ ඇති.
පොලිසියේදී මාවඅපරාධ අංශයේ කාමරය තුල තිබූ මේසය පෙන්වා මට එහි නිදා ගන්න කිව්වා. මා මේසය මතට වී ඇඳ සිටිය ඇඳුම් එක්ක මුදුරුවන්ට බිළිවෙමින් සිටියා.
පසු දින 2014.02.01 දිනපෙ:ව:9.30 ට පමණමාව පොලිසියේ උඩ තටටුවේ පොලිස් නිලධාරීන් නිදා ගන්න කාමරයකට ගෙන ගියා. එහිදීමාව පුටුවක වාඩි කෙරෙව්වා. සැරයන් ගමගේකොස්තාපල් ධනුෂ්ක යන දෙදෙනාඑහි තිබූ ඇඳේ වාඩිවී මගෙන් ප‍්‍රශ්ණ කලා.
පස්වරු 2.30 ට පමණ,  ASB සේල්ස් ෂොප් එකට අයිතිඩොල්පින් සුපර් GL වෑන් එක පැමණියා. එය එළෙව්වේ ආරියරත්න යන රියදුරුය. පො.ප. දමිත්පො.ප. පෙරේරාසැරයන් ගමගේකොස්තාපල් ධනුෂ්කප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් සමගමාව වෑන් රථයට නංවා ගෙනහොරවලට පැමිණියා. මේ අවස්ථාවේ නිල ඇඳුමින් සිටියේ සැරයන් ගමගේ පමණි.
හොරවලදීබජාජ් සර්විස් සෙන්ටර් එකට ගොස් මා පිලිබඳව විස්තර විමසා සිටියා. එතැනින් මතුගම පශු වෛද්‍ය කාර්යාලයට පැමිණියා. යන විට පශු වෛද්‍ය කාර්යාලය වසා තිබුනා. ඒ අසල තිබූ රෙස්ටුරන්ට් එකකට ගොස්එතැන සේවකයින්ගෙන් මා ගැන විපරම් කලා.
එතැනින්පො.ප. දමිත් ගේ - අගලවත්ත පිහිටි නිවසට ගියා. ASB  වෑන් රථයේ තිබූ මාලු පෙට්ටිය නිවස තුලට ගෙන ගියා. පො.ප. දමිත්ගේ සුපිරි දෙමහල් නිවස තුල ස්වල්ප වේලාවක් ගත කොටගල්ලස්හේන හංදියේඩ‍්‍රැගන් රෙස්ට්ටුරන්ට් එකට පැමිණියා. එතැන - ඔවුන් බියර් පානය කලා.
ඉන්පසුනාගොඩ සෙන්ට‍්‍රල් හංදියේ චීන හෝටලයකට පැමිණියා. එහිදී ආහාර ගත්තා. එතැනින් - අම්බලන්ගොඩ පොලිසියට පැමිණියා. එවිට රාත‍්‍රී7.30ට පමණ ඇති. එදින රාත‍්‍රියේ 10.00 ට පමණපෙර පරිදිමාව අපරාධ අංශයේ කාමරයක මේසය උඩ නිදාගන්න කිව්වා.
2014.02.03 දිනමු`ඵ දවසේම පොලිසිය තුල රඳවාගෙන හිටියා. 2014.02.04 දින උදේ 8.45 ට පමණනීතිඥ මධුර චින්තක ගමගේ මහතා මා බැලීමට පැමිණියා. එදින දහවල් 11.00 ට මාව අධිකරණයට ගෙන යන බවඒ මහතා මා සමග පවසා සිටියා. නමුත් ගෙනිච්චේ නැහැ. එදින මු`ඵ දවසේම පෙර දින මෙන්පොලිසිය තුල සිටියා. රාත‍්‍රියේ පෙර දින මෙන්ම අපරාධ අංශයේ කාමරයක මේසය මත නිදාගන්න දුන්නා.
පසුදින එනම් 2014.02.05 දිනඋදේ 8.00ට පමණයලිත් නීතිඥ මධුර චින්තක ගමගේ මයා මා බැලීමට පැමිණියා. ඒ මහතාඅද අනිවාර්යයෙන් උසාවි දාන බව ප‍්‍රකාශ කලා. නමුත් දැම්මේ නැහැ. එදිනද පෙර සේම මා පොලිසියේම ගත කලා.
2014.02.06, මාගේ බිරිඳ මාතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් පැමිණිලි කර තිබුනා. එහිදී ඇයවනියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි පීඩාවට පත්කරලා තිබුනා. එදින, 2014.02.06, සවස 2.00 ට පමණ මාගෙන් සැරයන් ගමගේ ප‍්‍රකාශයක් ගත්තා. එයින් පසුව සවස 3.00ට පමණමාව බලපිටියේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා.
එහිදීමට විරුද්ධවව්‍යාජ චෝදනා නගා තිබුනා. 2014.02.30 වන දිනරාත‍්‍රියේ සොරකම පිළිබඳව කිසිවක් සඳහන්වී තිබුනේ නැහැ. මාවරුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරියා.’’
ඔහු සිය පැමිණිල්ලෙන්න ඉල්ලා සිටින්නේ,
‘‘ 2014.01.31 වන දිනඅම්බලන්ගොඩ පොලිසිය විසින් තමා නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම,  එදින සිට, 2014.02.06 දින දක්වාදින 07ක් පුරානීති විරෝධීව රඳවා තබාගෙනශාරීරික හා මානසික වධහිංසාවන්ටදඅවමන් සහගත සැලකිලිවලට හා දඬුවම් වලට භාජණය කිරීමනීති විරෝධී ලෙස මාගේ නිවස සෝදිසි කිරීම, ASB  සමූහ ව්‍යාපාරයෙන් අල්ලස් ලබාගෙන මේ සියල්ල සිදුකිරීමපැමිණිල්ලක් කිරීමට ගිය විට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මාගේ බිරිඳට අවමන් කිරීම - සම්බන්ධයෙන්අම්බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිඑම පොලිසියේ අපරාධ අංශයේ පො.ප. දමිත්පො.කො. ධනුෂ්කසැරයන් ගමගේ සහා මෙම ක‍්‍රියාවට හවුල් වූ ASB  සමූහ ව්‍යාපාරයේ අයිතිකරුගේ පුත් සඳුන් හා ප‍්‍රාදේශීය කළමණාකරු සම්පත් යන අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.’’
මෙම ක‍්‍රියාවන් ඔහු ගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කඩ කර ත්බෙන බවද ප‍්‍රකාශ කර සිටී.