Tuesday, May 29, 2012

තරුණ තරුණියන්ට පමණයි.



අද පමණක් නොවේ - සෑම යුගයකම වැඩිහිටි පරම්පරාව වැඩියෙන්ම කථා කළේ තරුණ තරුණියන් ගැන -    අනාගත පරපුර ලෙසට හැ`දන්වූ ඔබ ගැනයි. 


මේ වැඩිහිටියෝ තරුණ තරුණියන්ට දේශණ පැවැත්වූහ. බණ කිවූහ. උපදෙස් දෙනු ලැබූහ. විවිධ නම් වලින් විවිධ පැතිකඩ වලින් වැඩ සටහන් පැවැත්වීය. 


වර්ණයෙන්, හැඩයෙන්, හඬෙන්, වදන් වලින්, සැරසිලි වලින් වෙනස් වූ, මේ සියල්ලේම කිසිම අ`ඵත් දෙයක් නොවීය.


මේ වාතාවරණය තුළ හැදී වඩුන තරුණ තරුණියන් වැඩිහිටි පරපුරට එක් වූ විට, එ් දේම, එ් සැටියෙන්ම, වෙනස් වර්ණ වලින්, හැඩ වලින්, ශබ්ද වලින් වචන වලින් තරුණ තරුණියන්ට ඉදිරිපත් කළේය.


මේ විෂම චක‍්‍රයේ, අද තරුණ ඔබ හෙට වැඩිහිටි වූ විට, ඔබගේ තරුණ පරපුරට දෙන්නේ කුමක්ද?


ඔබට ඔබගේ වැඩිහිටි පරපුර දායාද කළ ප්‍රෝඩාව, කුහක කම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, හා නිවට කමද?
මෙයින් මිදී සිටිනවාද? නනැති නම් ඔබ ඔබගේ වැඩිහිටි පරපුරට අනුගත වනවාද?


2012 මැයි 28 උදේ 8.00 ට අපට, දැඩි අකමැත්තෙන් බණකට සවන් දෙන්නට සිදු විය. බලහත්කාරයෙන් බණ ශ‍්‍රවණය කරනු ලැබීය. අප අල්ලපු වත්තේ පිහිටි ශාන්ත ජෝන් බාලිකා විදුහලේ කුඩා දරුවන්ට වයස අවුරුදු 5 - 10 අතර දරු දැරියන්ට ශබ්ද විකාශන යන්ත‍්‍රය උපයෝගී කරගනිමින් දේශනා කළ බණකි ...... 


අපට ශ‍්‍රවණය වූ ආකාරයට බණ දෙසුම පැවැත් වූයේ බෞද්ධ චීවරධරයෙකි. ඔහු මේ කුඩා දරු දැරියන්ට ගොරෝසු හඬින් කිව්වේ වැඩිහිටියන්ට සළකන්න කියාය. කාමයේ වරදවා හැසිරෙන්න එපා කියාය. තවත් බෙහෝ දේ කිව්වේය. අවසානයේ සාදු කාරයක් දෙන ලෙසට දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කළේය. සියල්ල මහා හඬින් සාදු කාරයක් දුන්නේය. කන් කරච්චලයක් ඉවර වීමේ සතුටින් විය හැක. 


අද ‘‘ වැඩිහිටියෝ ’’ -  තමාගේ වැඩිහිටියන්ට සළකන්නේ කෙසේද?


ප‍්‍රශ්ණය සරල කරනවා නම්, අද මහලූ මඩම් වල, සමහර නිවෙස් වල හිරකරුවන්, හිරකාරයින් ලෙසට ඉන්නේ කව්ද?


ඔබගේ දෙමාපියන්ද? එසේ නැත්නම් දෙමාපියන්ගේ දෙමාපියන්ද?


ඔබ, ඔබගේ දෙමාපියන් සමග, ඔවුන්ගේ සෙවනේ පසුවන අය වෙති. ඔබගේ දෙමාපියන් මහලූ මඩම් වල නැත. ඔබගේ දෙමාපියන් ගෙදර හිරකරුවන් හිරකාරයින් නොවෙති.


එසේ නම් වැඩිහිටියන්ට ගරු කරන්න ගුණ දම් රකින්න බණ දේශණා කළ යුතුව ඇත්තේ ඔබට නොව වැඩිහිටි පරපුරට නොවේද?


අද රටේ -    
. පරිසරය වනසන්නේ තරුණ පරපුරද? වැඩහිටි පරපුරද?
. මත් ද්‍රව්‍ය ගෙන්වන්නේ්, බෙදා හරින්නේ තරුණ පරපුරද? වැඩිහිටි පරපුරද?
. මත් පැන් නිපද වන්නේ, බෙදා හරින්නේ, අලෙවි කරන්නේ, තරුණ පරපුරද? වැඩිහිටි පරපුරද?
. මහජන මුදල් වංචා කරන්නේ, මහා පරිමාන හොර ජාවාරම් කරන්නේ කව්ද? තරුණ පරපුරද? වැඩිහිටි  පරපුරද?
. දරුවන් අපචාරයට ලක් කරන්නේ, අපයෝජනය කරන්නේ කව්ද? මේ බණ කියන, උපදෙස් දෙන, අපට . ගරු කරන්නැයි කියන වැඩිහිටියන් නොවේද?


මේ ප‍්‍රශ්ණ කිහිපයකි. දෑස් විවර කර බලන්න. හොඳින් සවන් දෙන්න. ඔබට මෙතෙක් වැඩිහිටි පරපුර ලබා දී ඇත්තේ කුමක්ද? ප‍්‍රශ්ණ කරන්න.


වත්මන් වැඩිහිටි පරපුර ජීවිතයට බලපාන, අත්‍යාවශ්‍ය නීතිය ගැන ඉගෙන ගන්නේ නෑ. ඉගෙන ගන්න  ඕන කමකුත් නෑ. උගන්වන්න දෙන්නෙත් නෑ. ඒ තරුණ පරපුර සැමදා අඳුරේ තබන්න. ඔබත් එ් අඳුර ඔබගේ තරුණ පරපුරට ගෙනියනවාද?
කඩතුරාව බිඳ දමනවාද?


කථා කරන්න. ප‍්‍රශ්ණ කරන්න. අනුකරණයෙන් මිදෙන්න. නිර්මාණශීලී වන්න. කුහකත්වයෙන් මිදෙන්න, මිත්‍යාවෙන් මිදෙන්න, හෘදය සාක්ෂියට අනුව ජීවත් වන්න.


මිනිසත් බව ලැබූ ඔබ -    ගරුත්වයක් ඇති අයෙකු ලෙසට 
ඉදිරියට එන්න


Friday, May 25, 2012

Panadura South Police abducted( today -25th May 2012) a man who came to appear in a case at the Magistrate Court, Panadura.

Padma Warnesooriya -wife


Panadura South Police abducted( today -25th May 2012) a man who came to appear in a case at the Magistrate Court, Panadura.
U.L. Pathmasiri, 30 years old married with two children, came in the morning to appear in the Magistrate Court today (25.05.2012). He had two cases against him for manufacturing unauthorized liquor and waited in the Court. At about 12.45 pm the Court was adjourned for lunch and as he too wanted to have a cup of tea, he went out to the nearby boutique. His wife, mother and two relatives accompanied him. As they came near the main entrance, three policemen grabbed him, pushed him into the police jeep forcibly and took to the Panadura South Police Station. The policemen attached to Pnadura South Police were identified as Meeral, Ranawaka and Herath. Immediately his wife followed the jeep to the Panadura South Police Station and at the gate she was barred from entering the Police Station. At that moment a policemen called Nayanajith came near her and told that she will be allowed to see her husband only after proper treatment were given to him.  

Thursday, May 17, 2012

ප්රuදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී= රුප කියන කතා

ප්‍රදිප් කාරියවසම් ජනාධිපති සමග
ප්‍රදිප් කාරියවසම්
ජනතා විෙරා්ධය

ජනතා විෙරා්ධය

Tuesday, May 15, 2012

ශ්රයමනයෙකුගේ ඉඩම් කොල්ලයට පොලිස් සහාය

උභයසේන රාජපක්ෂ මහතා පොලිස් මර්ධනය විස්තර කරමින් 

ශ්‍රමනයෙකුගේ ඉඩම් කොල්ලයට පොලිස් සහාය
පොලිසිය හා එක්ව පාරම්පරික ඉඩම්වල අයිතිය උදුරා ගැනීමට මහියංගනය රජ මහා විහාරයේ භික්ෂුවක් දරන උත්සාහය පරාජයට පත් කිරීමට ගම්වැසියන් පෙරමුණ ගෙන සිටීමේ පුවතකි මේ.

සුද්දන්ට විරුද්ධව උඩරට කැරැල්ලට දුනු ඊතල කඩු කිනිසි සැපයූ - පන්න -  පරම්පරවට අයත් බව කියන බුලත්වැලකදුර ගමේ වැසියන් මෙසේ පෙරමුණ ගෙන ඇත්තේ - තම පාරම්පරික ඉඩම් වලින් බදු නාමයෙන් කප්පම් ගැනීමටත්, ඒවායේ අයිතිය උදුරා ගැනීමටත් ඉදිරිපත්ව සිටින මහියංගනය රජ මහා විහාරයේ රතනසිරි නැමැති භික්ෂුවකගේ අවශ්‍යතා සපුරා ලීමට ඉදිරිපත්ව සිටින පොලිසියට හා සෙසු රජයේ නිලධාරීන්ට එරෙහිවය.

මැයි මස 12 වනදා තම පාරම්පරික ඉඩම මැන පිඹුරුපත් සකස් කර ගැනීමට කටයුතු කරමින් සිටි ගම්වැසියන් මැදට පැන්න හසලක පොලිස් ස්ථානාධිපතිවරයා එම මැනීම් කටයුතු නීති විරෝධී ලෙසට නවත්වා - එම වැසියන්ව පොලිසියට කැදවා ඇත.

මහියංගනයේ බන්දුල ගුණතිලක නැමැති අයෙකුට එරෙහිව මෙම හිමි විසින් කරන ලද බව කියන පැමිණිල්ලකට මුවාවී මෙම නීති විරෝධී පියවර ගෙන තිබේ.

මෙම භික්ෂුව - මහියංගනය ප්‍රදේශයේ ඉඩම් රජ මහා විහාරයට අයත් බව ප්‍රකාශ කරමින් , එම ඉඩම් වල වෙසෙන්නන්ගෙන් කප්පන් ගැනීමට, එම ඉඩම් විකිණීමට, බදු දීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

බුලත්වැල්කදුර ගමේ වැසියන් පරම්පරා හතරක් පුරා ආබාධිතව භුක්ති විදිමින් පැමිණි පුද්ගලික ඉඩම් වලින් , එම වැසියන් රවටාගෙන බදු නමින් කප්පන් ගැනීමට එරෙහිවීම හා විහාරයේ බෞද්ධකමට සිදුකල සේවයන් , වැඩ වසම් ක්‍රමයේ රාජකාරි ලෙසට අර්ථ දැක්වීමට ගන්නා උත්සාහයද, මේ වන විට පරාජයට පත් කිරීමට ගම්වැසියන්ට හැකියාව ලැබී තිබේ.
මෙතෙක් නීති විරෝධීව ලැබූ ලාභ ප්‍රයෝජන අහිමිවීම නිසා කුපිතව සිටින මේ හිමියන්, පොලිසිය උපයෝගී කරගෙන මර්ධනය දියත් කිරීම ආරම්භ කර ඇත‍.

මෙම පොලිස් නීති විරෝධී ක්‍රියාවන් හෙලා දකින බුලත්වැල්කදුර ගම්වාසීන්, ගොවීන් - හසලක පොලිසියේ නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත්ව ඇත.

මහියංගනය රජ මහා විහාරයේ මෙම රතනසිරි නැමැති භික්ෂුවක කලකට ඉහතදී ආදිවාසියෙකුට වයරයකින් පහරදීම අදාලව මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අපරාධ නඩුවක චූදිතය.

තවද ඔහු එම ආදිවාසියාට එරෙහිව පොලිසිය සමග එක්ව ව්‍යාජ නඩුවක්ද පවරා ඇත.

Saturday, May 12, 2012

උඹද මිනිහා ? කියලා අහලා ගහගෙන ගහගෙන ගියා.


උඹද මිනිහා ? කියලා අහලා
ගහගෙන ගහගෙන ගියා.

මීගහතැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු යයි කියන රාජපක්ෂ, තිස් අට හැවිරිදි දෙදරු පියෙක් වන, ගොවි මහතෙකුට පහරදී ඇත්තේ උඹද මිනිහා කියා අසමින්ය.

මිනිහෙකුට තියා තිරිසෙනකුටවත් පහර දීමට යම් හේතුවක් තිබිය යුතුයි. එහෙත්  ශ්‍රීලංකා පොලිසියේ පොලිස් කාරයින්ට එසේ පහර දෙන්නට හේතුවක් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත.

අපරාධය පිළිබදව - පහර දීමට ලක්වූ සම්පත් විජේවර්ධන ගේ කථාව.

මම සවස, මගේ අම්මවයි, තාත්තාවයි බලන්න මහගෙදරට ගියා. එහේ ඉන්න කොට, සවස 6.30 ට විතර මීගහතැන්න පොලිසියේ උ.පො.ප.රාජපක්ෂ, ග්‍රාම ආරක්ෂක කරුණේ පැමිණීයා.

එක පාරටම උඹද මිනිහා කියලා අහලා මට ගහගෙන ගහගෙන ගියා. අතින් පයින් ගැහැව්වා. මාව බිම වැටුණා. බිම වැටුණට පස්සෙත් මට අතින් පයින් ගහගෙන ගහගෙන ගියා.

ළග හිටිය මගේ පියා, ගහන්න එපා කියමින් උ.පො.ප.රාජපක්ෂගේ අතින් අල්ලා ගත්තා.

එවේලේ මරයි කියන බයෙන් මා එතනින් මිදිලා අසල තේ වත්තට ගියා. මම කැලේ එලිවෙනකන් ඉදලා ගෙදර ආවා.

මාව නාගොඩ මහා රෝහලට ගෙනිච්චා. මම නැගිටගන්න බැරිව හිටියේ. කෙලින්ම රෝද පුටුවේ තියාගෙන තුනේ වාට්ටුවට ගෙන ගියා. ටිකට් කැපුවේ 11 වෙනිදා.

උ.පො.ප.රාජපක්ෂ හිටියේ සිවිල් ඇදුමින්. ග්‍රාම ආරක්ෂක ටී - 56 ක් තියාගෙන බලාගෙන හිටියා.

මම රෝහලේ ඉන්න කොට, මගේ මව පොලිස්පති , මානව හිමිකම් කොමිෂම, පොලිස් කොමිෂමට පැමිණිලි කලා.

මමද ඒ තැන්වලට පැමිණිලි කලා.

අසල්වැසි ස්ත්‍රියකගේ අවහ්‍යතාවයට මට ගහපු බව පස්සේ මට දැනගන්නට ලැබුනා.

මට ගහපු පොලිස් කාරයින්ට විරුද්ධව නීතිමය හා විනායනුකූල පියවර ගනියි කියලා මම හිතනවා.
මීගහතැන්න පොලිසිය මිනිසුන්ට වධ දුන්න පළමු අවස්ථාව මෙය නොවෙයි. කොතෙක් පැමිණීලි කලත්, ඉහළයින්ගේ ආශිර්වාදය මැද්දේ නීති විරෝධී වැඩ හා අපරාධ කිරීම පොලිසිය නවත්වන්නේ නෑ.
මට ඒ ගැන දැන් තේරෙනවා.

Friday, May 11, 2012

The Police Torture Epidemic in Sri Lanka -- a documentary

The Police Torture Epidemic in 
Sri Lanka -- a documentary

The Asian Human RightsCommission wishes to announce the release of a newdocumentary entitled: The police torture epidemic in SriLanka.
Directed filed and edited by Josefina Bergsten; translated by Harshi Perera and Nilantha Illangamuwa; sound editing by Mark Chappell of Fork Media. The film was produced by Pictures by the Wayside and sponsored by the Asian Human Rights Commission, Hong Kong and the Rehabilitation and Research Centre for Torture (RCT Denmark) -- length 21minutes.
In this film several victims talk about their experience of torture by the Sri Lankan police and the continuing ordeals they suffer, psychologically and socially due to this torture. All of them state that their arrests were baseless and that after their arrest the police tortured them even before asking any questions at all. Torture has been used asa means of trying to collect evidence in cases which thepolice have failed to investigate and solve.
A senior lawyer, Janaka Perera, describes torture as a routinely used method by the police whose sole approach investigations into crime is to illicit information by beating people up. Torture is the language of investigation in Sri Lanka.
A retired Superintendant of Police describes the loss of discipline within the policing system and the popular disillusionment with the police. He describes how the peoples' distrust of the policing system is so widespread.
Basil Fernando of the Asian Human Rights Commission explains torture as a product of a policing system that is sick and calls for radical reforms of the system.
The cases on which this documentary is based have been from the archives of the Asian Human Rights Commission which has extensively researched and published on police torture in Sri Lanka for the past 15 years.
The documentary may be seen here: SRILANKA: The Police Torture Epidemic in Sri Lanka
For detailed reports on torture also see SRI LANKA: Cases of torture and ill treatment recorded from2006-2010 and the Special Compilation: Torture & Ill-treatment in Sri Lanka

දඩුවමට ලක්වන්නේ අපරාධ වින්දිතයා........ ආශ්චර්ය ශ්රීන ලංකාව


දඩුවමට ලක්වන්නේ
අපරාධ වින්දිතයා
ආශ්චර්ය ශ්‍රී ලංකාව

ඇගේ වයස අවුරුදු 14යි, ඇයව ලිංගික අතවරයන්ට පත්කරනනේ ඇගේම ඥාතීන්.
මව ඇය සමග පොලිසියට යන්නේ පැමිණිලි කිරීමට.

 පොලිසියේ ලොක්කා ඇයව ලිංගික අතවරයට පාත්‍ර කරනවා.

ඇය ඒ ගැනද පැමිණිලි කරනවා.

පොලිසිය කරන්නේ ඇයව අතවරයට පත්කල ඥාතීන්ට විරුද්ධව නඩු පැවරීම. පොලිස් නිලධාරියාව බේරනවා.

පරිවාස නිලධාරී - අධිකරණයට සැබෑ තොරතුරු ඉදිරිපත් කරන්නේ නෑ.
ඒ වාර්තාව පදනම් කරගෙන අධිකරණයට ඇයව ගැලවීමේ හමුදාව බාරයට පත් කරනවා.

එතනදී ලැබෙන තොරතුරු මත ඇය වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥවරිය ළමා අධිකාරියට ඉදිරිපත් කරන පැමිණිල්ල මත - පොලිස් නිලධාරියාගේ හා සිද්ධිය වසන් කිරීමට එක්වූ පොලිස් නිලධාරීගේ වැඩ තහනමට ලක් කරනු ලබනවා.මෙය හුදකලා සිද්ධියක් නොවේ. පොලිසියට ආවේනික වූ දෙයක්. මෙවන් සිදුවීම් විශාල සංඛ්‍යාවක් හෙළිදරව් වන්නේ නෑ. අපරාධ කරුවන්ට රැකවරණය ලැබෙනවා.

පරිවාස නිලධාරීන් මෙයට පෙරද සත්‍ය කරුණු යටපත් කර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා. එම නිලධාරීන්ව ආරක්ෂා කරනවා. ඒ නිසා ළමුන්ට ආරක්ෂාව හිමි වන්නේ නෑ. මෙවන් සිද්ධියක් අධිකරණය හමුවේ කෙරතම් කාලයක් පල්වෙයිද ? නීතිපති මැදට පැන අපරාධකරුවන් නිදහස් කරගනීද ?

උඩ ඉන්නවායැයි කියන ඇත්තන්ට බාරදී අපි නිහඩ වෙනවාද ? අපිටම මෙවන් දෙයක් සිදුවෙනකම්.















සිසුන් දෙදෙනෙකුට පහරදීම - මූලික අයිතිවාසිකම් නඩුවට අවසර


මාතලේ, අකුරම්බොඩ වීර කැප්පෙට්ටිපොල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන ලෝරි කොස්වත්ත, එම විදුහලේ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමට එරෙහිව, එම සිසුන් තුන්දෙනාගේ දෙමාපියන් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධීකරණය ඔක්තොම්බර් මස 01 දින විභාගයට නියම කළේය.

ලෝරි කොස්වත්ත ගුරුවරයා පිළීවෙලින් අවුරුදු 16 හා 15 වන අමිලට හා ගිහාන් පහර දුන්නේ 2011.10.24 දිනය.

මෙම පහරදීම පිළිබදව එම දිනයේම පොලිසියට හා අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දුන්නද නිසි නීතිමය හෝ හෝ විනයානුකූල පියවරක් ගනු නොලැබීය. ඔවුන් කළෞ අපරාධ සැකකරැව ආරක්ෂා කිරීමය.

 ආයතන නීති රීති වලට අනුව මෙම ගුරුවරයාගේ වැඩ තහනමට ලක්විය යුතුයි. එහෙත් අවම වශයෙන් ඔහුව මාරු කර ගැනීමටවත් අධ්‍යාපන බලධාරින් අසමත්ව සිටී.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමද වගඋත්තරකරැවන් වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ශාන්ත ජයවර්ධන මහතාය. නඩු අංකය  එස්.සී/එෆ්.ආර්/139/2012 වේ.

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව එකින්නේ අපරාධ සැකකරුවන් හා අපරාධකරුවන් බවට සනාථ කෙරෙන තත්වයන්ට එක් නිදසුනක් පමණි මෙය.

ලෝරි ගහලා තියෙන්නේ ද්වේෂයෙන්ද , මහවෙල පොලිසිය සොයයි.
සමථ සහතිකය ගන්න පංසලට එන්නලු.

Saturday, May 5, 2012

ලිංගික අකවරයට පත් සුපිරි පාලසල් ගුරුතුමියට ෙශ්ෂ්ඨාධිකරණය සහන පිරිනමයි.........

මහනාම විදුහල
නිතිඥ වැලිඅමු
සුපිරි ජාතික පාසල්වලින් ඒකක්වු ෙකළඹ මහනාම පාසැෙල්  ගුරුවරියකට ඒහි ගුරුවරෙයකු ලිංගික අතවර කිරිම අදාලව නීතිමය හා විනයානුකුල පියවර ෙනාෙගන සිද්ධිය යට ගැසිමට ෙපාලිසිය, අධ්‍යාපන බලධාරයින් උත්සහ ගත්ෙත් ඒ සම්බන්ධව අැය මාධ්‍යයට කල ප්‍රකාශයක් දඩමිමා කරෙගන, අැෙග් වැඩ තහනම් කරමින්ය.

අැය යුක්තිය උෙදසා ෙශ්ෂ්ඨාධිකරණයට ගිෙය්ය. අධ්‍යාපන ෙල්කම් ගුණෙෙස්කර නැමැත්තා අැතුලු 12කු වගඋත්තරකරුවන් කරමින්ය. ෙපත්සම සලකා බැලු අධිකරණය ඒම ෙපත්සම විභාගයට අවසර දුන්ෙන් අැයට පනවන ලද වැඩ තහනම හා විනය පරික්ෂණය අත්හිටවමින්ය.

අෑ දැන් පාසැෙල් වැඩය. විදුහල්පති ෙප්‍ර්මලාල් කුමාරසිරිව 2012. 03. 14 සිට විශ්‍රාම ගන්වා අැත. ස්ත්‍රි දුෂක ගුරුවරයාට ඒෙරහිව ෙම් දක්වා විනය ෙහා් නීතිමය පිවර ෙගන නැත.

වාර්තාවන අන්දමට දිවයිෙන් සුපිරි පාසල් ෙබාහමයක් පවත්වාෙගන යන "මාපියාව" ගුරු ෙදගුරුන් ෙගන් ලිංගික අල්ලස් ගැනිම හා අතවර කිරිම් අබාධිතව සිදුකරන බවත්, ඒවාට ඒෙරහි වන්නන් ෙපළිමට අධ්‍යපන බලධරයින් මැළි ෙනාවන බව ෙමම සිද්ධිෙය්න ෙපන්නුම් කරන බවත්ය.

ෙකා‍/ මහනාම විද්‍යාල ෙය්  ෙපලකැටිය ගුරුතුමිය ෙවනුෙවන් අධකරණය ඉදිරිෙය කරුණු දැක්වුෙය් නිතිඥ ෙස්නුර අෙබ්ගුණවර්ධන මයා ෙග් උපෙදස් මත ෙජෂ්ඨ නිතිඥ ෙජ්. සි. වැලිඅමුණ මහතාය.  



ලිංගික අකවරයට පත් සුපිරි පාසල් ගුරුතුමියට ෙශ්ෂ්ඨාධිකරණය සහන පිරිනමයි.........  


Thursday, May 3, 2012

පුතාට යුද්ධ හමුදා පොලිසිය වධ දෙනවා - පියා.

සොමපාල මයා


පුතාට යුද්ධ හමුදා පොලිසිය වධ දෙනවා -  පියා.
අප්‍රේල් මස 25 වන දින, සිවිල් ඇදුමින් පැමිණි යුද්ධ හමුදා පොලිසියේ නිලධාරීන් තම පුතාව අත්අඩංගුවට ගත් බවත්, එයින් අනතුරුව බූස්ස කදවුරටද, අප්‍රේල් 27 පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් මූලස්ථානයටද ගෙන ගිය පවසන- රත්ගම, සෝමපාල මහතා, යුද්දධ හමුදා පොලිස් මූලස්ථානයේ රදවා තබාගෙන සිටින තම පුතට වධ දෙන බවද ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන ලෙසට ඔහු, මැයි 02 වන දින මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ, දැනට නීති විරෝධී රදවා තබාගැනීමට හා වධහිංසාවට පාත්‍ර කිරිමට දින අටක් ගතවන බව අවධාරනය කරමින්ය.
මෙසේ අත් අඩංගුවට පත්ව සිටින්නේ, 25 හැවිරිදි එක් දරු පියෙක් වන , ලාන්ස් කොප්‍රල් ලසන්ත සමන් කුමාරය. ඔහු අටවන පාබල හමුදාවේ සෙබලෙකි.සේවයට වාර්තා නොකිරීම අත් අඩංගුවට ගැනීමට හේතුව බව පියා පවසයි.
වධහිංසා පැමිණවීම, නීති විරෝධී රදවා තබා ගැනීම - දේශීය නීති යටතේ නීති විරෝධී වේ.
ශ්‍රී ලංකාණ්ඩුව වධහිංසාව නතර කරන බවට ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු දී ඇත. ගිවිසුම් වලට පැමිණ ඇත.