Tuesday, May 15, 2012

ශ්රයමනයෙකුගේ ඉඩම් කොල්ලයට පොලිස් සහාය

උභයසේන රාජපක්ෂ මහතා පොලිස් මර්ධනය විස්තර කරමින් 

ශ්‍රමනයෙකුගේ ඉඩම් කොල්ලයට පොලිස් සහාය
පොලිසිය හා එක්ව පාරම්පරික ඉඩම්වල අයිතිය උදුරා ගැනීමට මහියංගනය රජ මහා විහාරයේ භික්ෂුවක් දරන උත්සාහය පරාජයට පත් කිරීමට ගම්වැසියන් පෙරමුණ ගෙන සිටීමේ පුවතකි මේ.

සුද්දන්ට විරුද්ධව උඩරට කැරැල්ලට දුනු ඊතල කඩු කිනිසි සැපයූ - පන්න -  පරම්පරවට අයත් බව කියන බුලත්වැලකදුර ගමේ වැසියන් මෙසේ පෙරමුණ ගෙන ඇත්තේ - තම පාරම්පරික ඉඩම් වලින් බදු නාමයෙන් කප්පම් ගැනීමටත්, ඒවායේ අයිතිය උදුරා ගැනීමටත් ඉදිරිපත්ව සිටින මහියංගනය රජ මහා විහාරයේ රතනසිරි නැමැති භික්ෂුවකගේ අවශ්‍යතා සපුරා ලීමට ඉදිරිපත්ව සිටින පොලිසියට හා සෙසු රජයේ නිලධාරීන්ට එරෙහිවය.

මැයි මස 12 වනදා තම පාරම්පරික ඉඩම මැන පිඹුරුපත් සකස් කර ගැනීමට කටයුතු කරමින් සිටි ගම්වැසියන් මැදට පැන්න හසලක පොලිස් ස්ථානාධිපතිවරයා එම මැනීම් කටයුතු නීති විරෝධී ලෙසට නවත්වා - එම වැසියන්ව පොලිසියට කැදවා ඇත.

මහියංගනයේ බන්දුල ගුණතිලක නැමැති අයෙකුට එරෙහිව මෙම හිමි විසින් කරන ලද බව කියන පැමිණිල්ලකට මුවාවී මෙම නීති විරෝධී පියවර ගෙන තිබේ.

මෙම භික්ෂුව - මහියංගනය ප්‍රදේශයේ ඉඩම් රජ මහා විහාරයට අයත් බව ප්‍රකාශ කරමින් , එම ඉඩම් වල වෙසෙන්නන්ගෙන් කප්පන් ගැනීමට, එම ඉඩම් විකිණීමට, බදු දීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

බුලත්වැල්කදුර ගමේ වැසියන් පරම්පරා හතරක් පුරා ආබාධිතව භුක්ති විදිමින් පැමිණි පුද්ගලික ඉඩම් වලින් , එම වැසියන් රවටාගෙන බදු නමින් කප්පන් ගැනීමට එරෙහිවීම හා විහාරයේ බෞද්ධකමට සිදුකල සේවයන් , වැඩ වසම් ක්‍රමයේ රාජකාරි ලෙසට අර්ථ දැක්වීමට ගන්නා උත්සාහයද, මේ වන විට පරාජයට පත් කිරීමට ගම්වැසියන්ට හැකියාව ලැබී තිබේ.
මෙතෙක් නීති විරෝධීව ලැබූ ලාභ ප්‍රයෝජන අහිමිවීම නිසා කුපිතව සිටින මේ හිමියන්, පොලිසිය උපයෝගී කරගෙන මර්ධනය දියත් කිරීම ආරම්භ කර ඇත‍.

මෙම පොලිස් නීති විරෝධී ක්‍රියාවන් හෙලා දකින බුලත්වැල්කදුර ගම්වාසීන්, ගොවීන් - හසලක පොලිසියේ නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉදිරිපත්ව ඇත.

මහියංගනය රජ මහා විහාරයේ මෙම රතනසිරි නැමැති භික්ෂුවක කලකට ඉහතදී ආදිවාසියෙකුට වයරයකින් පහරදීම අදාලව මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින අපරාධ නඩුවක චූදිතය.

තවද ඔහු එම ආදිවාසියාට එරෙහිව පොලිසිය සමග එක්ව ව්‍යාජ නඩුවක්ද පවරා ඇත.

1 comment:

  1. ඉස්සර විහාර දේපල පරිපාලනයට ගිහි පිරිසක් පත් කරල හිටිය ආරාමිකයන් කියල.ඒ අයගෙන් පැවත එන අයට තමය පන්නයො කියල දැන් අපහාසෙට කියන්නෙ. ඒ ගොල්ල විහාරයේ රාජකාරියට හිලවවට භුක්ති වින්ද ඉඩම් තමයි මේ ගණයො කොල්ල කන්න හදන්නෙ.

    ReplyDelete