Showing posts with label child abuse. Show all posts
Showing posts with label child abuse. Show all posts

Thursday, July 20, 2023

6 වසර ඉගෙනුම ලබන 10 හැවිරිදි පිරිමි දරුවෙකු ''ටියුෂන්'' මුවාවෙන් කාමරයට ගෙන්වා අපයෝජනය කිරීමට වරදකරු කරනු ලැබූ, තංගල්ලේ, උස්වැව, වරාය, අංක: 719 පදිංචි සුජිත් ප්රෝසන්න හෙට්ටිආරච්චි නැමති ඉංග්රිිසි ගුරුවරයාට, ඇඹිලිපිටිය මහාධිකරණය ලබාදුන් වසර 12 ක බරපතල වැඩ සහිතිව සිර දඬුවම හා රු: 12,000/- දඩය සමග වින්දිත දරුවාට රු: ලක්ෂ 2 ක වන්දිය ගෙවන ලෙසට නියම කරමින් ලබාදුන්න තීන්දුව, 2023.07.11 දින අභියාචනාධිකරණය විසින් ස්ථිර කරනු ලැබීය. මෙම නඩු තීන්දුවේදී, ලිංගික අපයෝජනයට ලක්වන ළමුන්ගේ සාක්ෂි සම්බන්ධයෙන් ශ්රීම ලංකා අභියාචනාධිකරණය හා ඉන්දීය අධිකරණ ලබාදුන් තීන්දු 02 ක සඳහන් කරුණු අවධාරණය කර ඇත. "It was held in the Court of Appeal Case of D. Tikiribanda Vs. The Attorney General-decided on 06-10-2009 reported in Bar Association Law Reports 2010 (B.L.R.) 92 that; “Mostly the victims of sexual harassment prefer not to talk about the harrowing experience and would like to forget about the incident as soon as possible (withdrawal symptom). The offenders should not be allowed to capitalize or take mean advantage of these natural inherent weaknesses of small children.” At this stage, I find it appropriate to refer to the Indian case of Bhoginbhai Hirjibhai Vs State of Gujarat (AIR 1983-SC 753 at pp 756-758) very often cited in our Courts. It was held: Page 11 of 13 1) By and large a witness cannot be expected to possess a photographic memory and to recall the details of an incident. It is not as if a video tape is replayed on the mental screen. 2) Ordinarily, so happens that a witness is overtaken by events. The witness could not have anticipated the occurrence which so often has an element of surprise. The mental faculties therefore cannot be expected to be attuned to absorb the details. 3) Ordinarily, a witness cannot be expected to recall accurately the sequence of events which take place in rapid succession or in a short time span. A witness is liable to get confused or mixed up when interrogated later on. 4) A witness, though wholly truthful, is liable to be overawed by the court atmosphere and the piercing cross-examination made by counsel and out of nervousness mix up facts, get confused regarding sequence of events, or fill up details from imagination on the spur of the moment. The subconscious mind of the witness sometime so operates on account of the fear of looking foolish or being disbelieved though the witnesses is giving truthful and honest account of the occurrence witnessed by him – perhaps it is a sort of a psychological defense mechanism activated on the spur of the moment.

Wednesday, March 15, 2023

අවුරුද්දක් පුරාවට අපයෝජනයට ලක්වූ දරුවා ගැන නීතිය ක‍්‍රියාත්මක නොකර, පොලීසියේ සූදානම දෙවියන්ට බාරදෙන්න.

 



පානදුර, හේනමුල්ල, ජීලාන් ජාතික පාසලේ පළමු වසරට ඇතු`ලවූ මොහොමඞ් ට, සතුටින් ඉස්කෝලේ යන්නට වුනේ, මාස 02 කි.

පළමු වසර පංතියේ ගුරුතුමිය ඔහුට, ශාරීරිකවත්, මානසිකවත් කෙනෙහිලිකම් කරන්නට පටක් ගත්තේය.

මොහොමඞ්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවෙකි. ඒ ගැන දෙමාපියන්, විදුහල්පති, අංශ බාර, පංති බාර ගුරුවරියන් දැනුවත් කර තිබින.

මොහොමඞ් අග හිගකම් වලින් පෙළෙන පවුලකට අයත්ය.

මේ ජාතික පාසලේ කොන් වන්නේ, අග හිගකම් ඇති දරුවන්ය. 

2023.03.02 දින, මොහොමඞ්ගේ කම්මුල ඉදිමී, කණ තුවාල වී ඇති බවත්, දැඩි කම්පනයට ලක්ව තිබෙන බවත් නිරීක්ෂණය කළ, මව හා පියා සිදු වූ දේ අසීරුවෙන් දැනගෙන, පානදුර උතුර පොලීසියට ගොස් ඒ ගැන පැමිණිලි කරනු ලැබීය.

පොලීසිය දුන්න ටිකට් එක රැගෙන, පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගැනීමෙන් අනතුරුව, පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

2023 මාර්තු 11 හා 13 දින 02 දීම, දෙපාර්ශවය, පොලීසියට කැ`දවන ලදි. 

පොලීසිය, දැඩිව උත්සාහ කළේ, දරුවාව, වසරක් පුරා, අපයෝජනයට ලක් කර, 2023.03.02 දින, ශාරීරිකව දැඩිය හිංසයට පත් කළ, විදුහලේ 01 ් හා 01 ඊ පංති දෙකේ ගුරුවරියන් දෙදෙනාගේ lක්‍රියාවන් යම් හේතුවක් නිසා අනුමත කරන ලද විදුහල්පතිව ආරක්ෂා කර ගැනීමය.

ළමා අධිකාරිය, පොලීසිය, අල්ලසට, බලපෑමට යටක්ව, ළමා අපචාර, අපයෝජන යටගසන අතර, ආන්දෝලනාත්මක සිදුවීම් ුලික කරගෙන, මාධ්‍යවලට ''වොයිස්" කට් දෙමින් බන දෙසති. ර`ගපාති. 

ජනතා බදු මුදලින් නඩත්තු වන, මහජන මුදල් කාබාසිනියා කරන කොමිෂම ගැනද නොපමාව සොයා බැලිය යුතුයි.


Thursday, December 16, 2021

පුතාව සසුනට ජූජා කළේ ආවතේව කාරයින්ගෙන් ගුටි කන්නට නොවේ.

 


දරු තිදෙනාගෙන්, වැඩිමහල් පුතාගේ කැමැත්තට ඉඩදුන් දෙමාපියන් ඔහුව, සසුනට පූජා කළේ සංසාර ගමන කෙටි කර ගන්නට නොවේ.

පානදුරය බොදු නගරයකි. විහාරස්ථාන ගණනාවකි. පිරිවෙන් ද ගණනාවකි. නගරයට ආසන්න පිරිවෙනකට පුතාව බාර දී, අනුරාධපුරයේ පැවති, මහා උළෙලක දී, මහණ කරනු ලැබීය. එදින පැවිදි කරන ලද ළමුන්ගේ ගණන 86 කි බන කියයි.

පසව, බාල පුතාවද, එම පිරිවෙනටම ඇතුළත් කළේය. වඩු කාර්මිකයෙකු වූ පියා, එතැන් පටන් විහාරස්ථානයේ අ`ඵත්වැඩියාවන්ට ද හවුල් විය.

දෙම්බර් 05 දා, එම පිරිවෙනේ, ඉංග‍්‍රීසි උගන්වන හා නායක හාමුදුරුවන්ගේ රියදුරු, තමන්ට පහර දුන් බවට කරන ලද පැමිණිල්ලට, නායක හිමි නමගේ ප‍්‍රතිචාරය ගැන කළකිරුණු මෙම 15 හැවිරිදි සාමනේර හිමි, පොලීසියට පැමිණියේ යුක්තිය ඉටු කර ගන්නටය.

පැමිණිල්ල බාර ගත්ත ද, යුක්තිය ඉටු කිරීමට පොලීසිය, සූදානම් නැති බව පෙනී යෑම නිසා ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගනු ලැබීය.

එම නිසා එවුන්ට ලිඛිත පැමිණිල්ලක් දැමීමට සිදුවිය.


එයින් පසුව, පොලීසිය, දෙපාර්ශවය සමථ කරවීමට පියවර ගෙන ඇත. සාමනේර හිමියන්ට වෙනත් විහාරස්ථානයක් ලබාදීමට දෙමාපියන්ට හැකි විය. මෙය ළමා අපයෝජනයක් නොවන්නේ ද?



Wednesday, October 27, 2021

වැරදි කරලා තියෙන එක ඇත්ත ! බොරු නඩු දාන එක අපරායක් !! හැදෙන්න ඉඩ දෙන්න !!!






මාල කඩා ගැනීම් හා මත්ද්‍රව්‍යය ජාවාරමට සම්බන්ධව සිට, අච්චු විඳින ලද පුද්ගලයෙක්.

විවාහ වී, කුලී වැඩ කරමින් ජීවත්වෙන්න පියවර ගෙන ඇති කෙනෙක්. එ් වුනාට පොලීසිය එ්කට ඉඩ දෙන්නේ නෑ. හේතුව, ප‍්‍රකට මත්ද්‍රව්‍යය ජාවාරම් කාරියක් සමග පවත්වන සම්බන්ධය.

ඔහු කියා සිටින්නේ, එම ජාවාරම්කාරිය මේ වන විටත්, බන්ධනාගාරගතව සිටින බවයි. ඇගේ සැමියා, මීට පෙර බන්ධනාගාරගතව සිටින කාලයේ, ඇය සමග එකට ජීවත්වූ බවයි.

එම කාලයේදීත්, කරපු වැරද වලට මෙන්ම නොකරපු වැරදි වලට, පොලීසිය, නඩු පැවරූ බවද ප‍්‍රකාශ කරයි.

කළ වැරදි වලට වරද පිළිගෙන දඬුවම් විඳින ලද නමුත්, නොකළ වැරදි පොලීසියේ කීමට, පිළි නොගැනීම නිසා, දිගින් දිගටම, තමාට පොලීසිය හිරිහැර කරන බව අවධාරණය කරයි.

ඔහු පසුගියදා, පොලිස්පති හා මානව හිමිකම් කොමිෂමට කරන ලද ලිඛිත පැමිණිල්ලේ උද්ධෘතය පහත දක්වා සිටින්නේ, මත්ද්‍රව්‍යය ජාවාරම අවම කිරීමටවත් පොලීසියට නොහැකි වී ඇත්තේ මන්ද යන්න වටහා ගැනීමටය.

"පොලීසියට ගෙන්නාගෙන, බොරු නඩු දැමීමට දරන උත්සාහය වළක්වන ලෙසට  හා ආරක්ෂාව සලසන ලෙසට කරනු ලබන ඉල්ලීම.

ද සිල්වා, අවු: 35 යි, ජා.හැ.අ. 19-----, විවාහක, රැකියාව : කුලී වැඩ, ලිපිනය : ------  දු.අ.--------

2021.10.23 වන දින දීය.

2021.10.23 වන දින, මා, ගෙදර ඉන්න විට, යතුරුපැදියෙන්, සිවිල් පිට, නිශ්ශංක හා චානක යන වාද්¥ව පොලීසියේ, කොස්තාපල්වරු දෙන්නා පැමිණියා.

ඔවුන් මට, ළඟට කථා කළා. මා පැමිණි පසු, අපරාධ අංශයේ, ස්ථානාධිපති, උ.පො.ප. ජයලාල්, මට එන්න කිව්වා යැයි කිව්වා. කාරණය කිව්වේ නෑ. ඔවුන් මට යතුරුපැදියට නගින්න කිව්වා. මම ෂර්ට් එක ඇඳගෙන යතුරුපැදියට නැග්ගා.

තුන්දෙනා සමග, පොලීසියට එන අතර, මගදී නැවැත්වූවා. එහිදී ඔවුන් බැස, අසල සුසන්ත යන අයගේ නිවසට ගොස්, එහි සිටි, පේ‍්‍රමතිලක යන අයව රැගෙන ආවා.

මට, බැස පොලීසියට එන්න කියා, පේ‍්‍රමතිලක යන අයව, නංවාගෙන ගියා.

මීට පෙර, මා මත්ද්‍රව්‍යය චෝදනා නඩු, සොරකම් සම්බන්ධ නඩු කිහිපයකට සම්බන්ධ අයෙක්. අච්චු විඳ තිබේ. පවතින නඩුවක් ද ඇත. ඇප කොන්දේසි වශයෙන් පොලීසියට ගොස් අත්සන් කිරීම ද සිදු කරමි.

මෙම පසුබිම තුළ, නිතර මට, වාද්¥ව පොලීසියේ, අපරාධ අංශයේ ස්ථානාධිපති ජයලාල් හා නිශ්ශංක යන නිලධාරීන්, මහ මගදී දුටුවත්, නතර කර, උඹට, අපි කුඩු හයිකෝට් එකක් හරි බෝම්බයක් හරි දානවා කියා තර්ජනය කරනවා.

මෙම පසුබිම තුළ, අද දින (2021.10.23)පොලීසියේ නියෝගය මත, මා පොලීසියට ගිය විට, අත්අඩංගුවට ගෙන, බොරු නඩුවක් දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ,

ව්‍යාජ චෝදනා මත නඩු පැවරීම වළක්වාලන ලෙසට හා ආරක්ෂාව සලසා දෙන ලෙසටය.

මෙයට,

-----------ද සිල්වා


 


Wednesday, January 18, 2012

යටවත්ත පොලීසියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවට අවසර ලැබෙයි.



පහලොස් හැවිරිදි දරeවෙක්  අත්අඩංගුවට ගෙන පහර දීම අදාලව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලබාදීමට - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

යටවත්ත පොලිස් ස්ථානයේ සැරයන් ඩග්ලස්, පොලිස් පරීක්ෂක බංඩාර, හෙට්ටි ආරච්ච් හා ස්ථානාධිපති නිෂංක මෙම පෙත්සමේ වග උත්තර කරeවන් වේ.

යටවත්ත පොලිස් බල ප්‍රදේශයේ කුමාරිහාමි, මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ, 15 හැවිරිදි තම පුතා වන, පුබුදුට, යටවත්ත පොලීසියේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන, වධ හිංසා පැමිණවීමට එරෙහිවය.

අසල නිවසක සෙල්ලම් බඩු සොරකම් කළාය යන චෝදනාව මත මෙම දරeවා අත් අඩංගුවට ගෙන තිබින. මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මෙම දරවාට පොලීසිය පහර දී ඇති බවට තීරණය කර, ඔහු විෂේශඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කිරීමට නියම කර තිබින.

තවද, මෙම පහර දීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට, නීති ආධාර කොමිෂමට නියම කරනු ලැබීය.

2011/11/16 දින  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම නඩුවේ පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ  පුලස්ති හේවාමාන මහතා ඉදිරිපත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරතුංග, විනිසුරු මාසුරුප් හා විනිසුරු ඉමාන් යන මහත්වරුන් ඉදිරියේ පැවැති මෙම නඩුව 2012 ජුනි 11 දින විභාගයට තැබීය.


Wednesday, November 9, 2011

Sex abuser at Large (ලිංගික අපයෝජකයා සහ විදුහල් පති.)


ලිංගික අපයෝජකයා සහ විදුහල් පති....


දිනෙන් දින උග්‍ර වන නීතිය කඩා වැටීම හේතුවෙන් පාසැල් ළමුන්ද දැන් අසරන තත්වයට පත් වෙනවා. අප කියන්න යන කතාවද එවැනිම  දෙයක්. මේ පිරිමි ළමයා අපයෝජනයට ලක්වුනේ ගමේ තරුණයෙක්ගෙන් හා පනස් පස් හැවිරිදි ගමේ වැඩිහිටියෙකුගෙන්. සවන් දෙන්න මේ කතාවට... යමක් ගන්න සිතට... 



...

Saturday, October 29, 2011

විදුහල්පතියෙකුගේ තිරිසන් වැඩක් >> විඩියෝව නිකුත් උනා





14 හැවිරිදි  , මොහොමඩ් ජිල්ලාන් සිනර් පළමු ශ්‍රේණියේ සිට ගියේ, පානදුර උපාධ්‍යා විද්‍යාලයට.

2011.10.17 දින විදුහල්පති බර්ටි, සුපුරුදු පරිදි වේවැල අතින් රැගෙන පංතිය ඉදිරියට පැමිණ වේවැල දික්කර මෙහෙ වරෙන් කියා ළමයින්ට කතා කරලා. ළමයි පංතියෙන් එළියට ආවත් බර්ටි විදුහල්පති  පෙනෙන්න ඉදලා නැහැ. ළමයි එළියට වෙලා බලන් ඉදලා.

එක පාරටම මතුවුනු බර්ටි විදුහල්පති, ඉස්සරහින්ම හිටිය මොහොමඩ් ජිල්ලාන් සිනර් ව අතින් අල්ලලා කරකවලා දිගට හරහට පහර දීලා. මේ තිරිසන් විදුහල්පති, ඊට පස්සේ  මොහොමඩ් ජිල්ලාන් සිනර් ලවා ඩෙස්, පුටු අද්දවලා, තනකොළ ගලවලා.

මීහරක් දක්කන්න වාගේ කෙවිට්ට අතේ තියාගෙන සැරිසැරූ බර්ටි විදුහල්පති - මේ අසරණයට පහරදීලා, සෙන්පති වෙස්ගෙන ගිහිල්ලා.

Wednesday, August 17, 2011

අතවරයට ලක්වූ දරුවන්ට විෂාදය වැළදීමේ අනතුර වැඩිය.

 
 
විද්යන්ඥයින් පවසන ආකාරයට කුඩා කල අතවරයට ලක්වූ පුද්ගලයින්ට දීර්ගකාලීනව විෂාදය වැලදීමේ අනතුර දෙගුණයකි.
ඔවුන් ප්‍රතිකාර සදහා යොමුවීමේ කැමැත්ත අඩුබව මනෝවිද්‍යාව පිළිබද ඇමෙරිකානු සගරාවක පලවූ ලිපියකින් කියවේ.
පර්යේෂකයින් පවසන ආකාරයට බ්‍රිතාන්‍යයේ විෂාදය වැළදුණු පුද්ගලයින් 20 දෙනෙකුගෙන් එක් අයෙක් කුඩා කාලයේදී කිසියම් හෝ අතවරයකට ලක්වී ඇත.
මානසික සවුක්ය පිළිබද සහන සලසන සංවිදානයක්වූ ස්නේ හි ප්‍රදාන විදායක අද්‍යක්ෂ මජෝරි වල්ලස් කිවේ අපේ ජීවිතවල සිදුවන කම්පිත සිදුවීම් විෂාදයට හේතු වන බවත් අපේ මොලය වර්දනය වෙමින් තිබෙන කුඩා කල සිදුවන කම්පිත සිදුවීම් විශේෂයෙන් හානිදායක බවයි.
 
 
හර්ෂි සි. පෙරේරා
 

Friday, August 12, 2011

පහලොස් හැවිරිදි දරුවෙකුගේ රහසඟත් මිරිකූ අපේ පොලිස්ලොක්කා. [[වීඩියෝව]]


පුබුදු දිල්ශාන්ට මාතලේ යටවත්ත පොලීසියේ පොලිස් කාරයෝ, පුබුදුව අත්තඩංගුවට ගෙන නොසෑහෙන්න, වධහිංසාවට ලක්කොට, පුබුදුගේ රහස් අවයව මිරිකා මොවුන් සතු‍ටුවුනා. දැන් පුබුදු මානසික ආතතියකින් පෙලේ. මෙවැනි පොලිස්කාරයෝ සිදුකරන්නේ කුමක්ද? මේවාට අප නැගීසිටිය යුතු නොවේද? කතාකරමු, නිඬතාවය බිඳිමු. මක්නිසාදයත් කෙදිනකකෝ මෙවන් දෙයක් ඔබට මෙන්ම ඔබගේ දරුවෙකුටද විය හැකිනිසා.

Thursday, July 21, 2011

අපරාධකරු රකින්න පෙරමුණ ගෙන ඇත්තේ චීවරධාරියෙක්.

මොහොමඩ් නසීම්

 12 හැවිරිදි මොහොමඩ් නසීම්ට නාස් පොල්ල කැඩෙන්න පොලු පහර දුන්නේ, මාතලේ, ඇල්වල මහා විදුහලේ විදුහල්පති ගොඩගෙදර ය.

ඒ 2011 ජූලි 11 දිනය. එදින විවේක කාලයේදී පොල්ලක් අත ඇතිව පැමිණි විදුහල්පති ගොඩගෙදර, 07 වසර පංතියේ සියලුම ළමුන්ට එයින් පහර දුන්නේය.

මාතලේ පොලිසිය විදුහල්පති ගොඩගෙදර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

එම විදුහලේ උගන්වනු ලබන චීවරධාරියෙක් ප්‍රමුඛ ගුරුවරු පිරිසක්ද, ඇටිපොල නැමැති ප්‍රදේශීය සභා මංත්‍රීවරයෙක්ද, අපරාධය යටගැසීමට නසීම් ට හා ඔහුගේ පවුලේ උදවියට කරනු ලබන බලපෑම්වලට මුහුණ දීමට සිදුවී ඇති නිසා, ප්‍රශ්ණය වඩාත් බරපතල වී ඇත.මෙම බලපෑම් නිසා - නසීම් පාසල් යෑම ප්‍රතික්ෂේප කරනු ලබන බව පියා පවසයි.

ඔහුගේ නාසය ශෛල්‍ය කර්මයකටද භාජනය කලයුතුව ඇති අතර, මානසික වශයෙන් ගැටලු මතුව ඇති බවද කියනු ලැබේ.මෙම සියලු තත්වයන් තුල , ඉහත කී චීවරධාරියා සමග, එම විදුහලේ උගන්වනු ලබන ඥානවතී නැමැති ගුරුවරියන්ද බලපෑම් කිරීමට එක්ව තිබේ.
මේ අතර,  ඥානවතී ගුරුවරියගේ පොලිස් සැමියාද බලපෑම් කිරීමට එක්ව තිබේ.

ළමයාගේ පියා විසින් කර ඇති ලිඛීත පැමිණිල්ලේ මෙසේ සදහන් වේ.

ළමයාගේ පියා
එදිනම සවස නැවතත්, ඥානවතී නැමැති ගුරුවරියත්, නුවර පොලිසියේ සේය කරන ඇයගේ ස්වාමිපුරුෂයාත් නිවසට පැමිණියා. ඇවිත් මට කිව්වා නසීම් හොදට ඉගෙන ගන්න ළමයෙක්, මේක වැඩිදුර ගෙනියන්න එපා, මෙතනන් සාමදාන වෙන්න, පොලිසියට ගිහින් පොඩි අත්සනක් තමයි තියන්න ඕනා, ප්‍රින්සිපල්ට මොනවා හරි වුනොත් ටීචර්ලා සේරම අස්වෙනවා කිව්වා. ඔයාට කීයක් ඕනාද කියා ඇහුවා. මම කිව්වා කීයක්වත් එපා, මට මගේ ළමයවයි වටින්නේ කියා. එවිට එම ගුරුවරිය පැවසුවා සවස 7.00ට විතර ඔවුන්ගේ නිවසට එන්න පුලුවන්ද කියා. මම බේරෙන්න බැරි තැන හා කව්වා. නමුත් මම ගියේ නැහැ.

අප රටේ සදාචාරය, ආචාර ධර්ම, ආගම් සියල්ල පොලදි බැදගෙන ඉදිරිපත් වන්නේ අපරාධනකරුවන් බේරාගන්නටය.මේ පිරිස - තරාතිරම කවරෙක් වුවත් අපරාධකරුවන්ට වඩා භයානක බව කිව යුතුය.

Tuesday, June 28, 2011

දරුවන් තිදෙනෙක්ට අමානුෂිකව පහරදුන් පොලිස් මාමලාගේ වීඩියෝව



ටිකිරි බන්ඩාරගේ දරුවන් තිදෙනාට ඇල්ල පොලිස් මුරපොලේ පොලිස් මාමලා දෙන්නෙක් හොඳටම ගැහුවේ, සාත්තරයක අහලා. සාවදානව අහන්න මේ අපරාධය. සිතන්න රට වැටී ඇති ආගාධය ගැන. මෙය ඔබගේ දරුවාටද විය හැක.

අපගේ කලින් ලිපිය
http://peoplesforumsl.blogspot.com/2011/06/blog-post_25.html


Saturday, June 25, 2011

ටිකිරි බණ්ඩාර දරුවන්ගේ සුබ අනාගතය


මේ දරුවන් තිදෙනා  බෞද්ධ කුල දරුවන්ය. අවු: 13, අවු: 11 හා අවු: 10 වන මේ තිදෙනා එක බඩවැල කඩාගෙන ආ අයයි. බස්නාහිර පලාතේ නෙලුකැටිය ගමේ රටේ ආර්ථීකයට ලේ දහඩිය මුසු කරන අයයි.

අසල්වැසියෙකුjq නිශ්සංක හා රේණුගේ  නිව‍සේ නැතිවූ රන්මාලයක් සොයාගන්නට සාස්තර අසා දෙවි පිහිට ලබාගත් අයිතිකාරිය රේණු - ඥාති පොලිස් කාරයින්ට කිතුල් රා පොවා මාල සොරකමට මේ දරුවන් සැකකරන බව කියා සිටියේය.

බදුරලිය පොලිසියට අයත් ඇල්ල පොලිස් මුරපොළේ පොලිස්කාරයින්වන මහින්ද හා ලියනගේ එම ස්ථානයේදීම මේ දරුවන්ට මළපහ වන්නට පහරදී, රන් මාලය සොයාගන්නට බැරිව - පිරිමි දරුවන් දෙදෙනාව ඇල්ලේ පොලීසියට ගෙන ගොස් පැදුරු කඩමල්ලක හිදවා රෝස් පාන් ගෙඩියක් රෑටද, හාල්මැස්සෝ හොද්දක් සමග බත් ටිකක් උදයටද දුන්නේ වතුර පොදක් නොදීය. පසුදින බදුරලිය පොලිසියට ගෙනගොස් උසාවියට ඉදිරිපත් කළේ කාපු ජරාවට ළමුන්ව පරිවාසයට දාන බවට පාරම් බාමින්ය.

 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසී, මහත් උත්කර්ෂවත් ලෙසට පොසොන් පෝයද - සියලු වත් පිළිවෙත් අනුන්ගේ අනුග්‍රහයෙන් ඉෂ්ඨ සිද්ද කර, දින තුනක් ගතවු තැන -, මේ මස 18 වනදිනය.

සුදු රෙද්දෙන්, බෞද්ධ කොඩියෙන්, මල්වට්ටියෙන්, ලවුඩ්ස්පීකර් බණ පිරිත් වලින්- සියලු දුසිරිත් වසා ගන්නට, හැමදාම පුලුවන්වනු ඇතැයි සිතා සිටින පොලිසියේ මෙවන් පාහර අසික්කිත වැඩ වසා ගන්නට - සාරධර්ම බෝඩ් 

ගැසීමට සැරසෙන්නේ - තවදුරටත් රැවටෙන්න සූදානමින් සිටින දෙනා රවටන්නටය.

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයන් අතුරින් පළමු තැන ගන්නට අසමත්ව ,  විසිනවවන තැනින් ඉදිරියට ගෙන එන්නට ශ්‍රී ලංකා පොලීසිය දරන මේ උත්සහායට අපි සුභ පතමු.

සුභ අනාගතයක්.......................

(සියලු තොරතරු ඉදිරියට)

Wednesday, April 27, 2011

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ තවත් අපචාරයක්





මගේ නම විතානගමගේ රන්ජන්. වයස අවුරුදු 40 යයි. කුලී වැඩ කරන්නේ. විවාහකයි. දරුවන් 06 ක් සිටිනවා. 04 ක් ඉස්කෝලේ යනවා. බිරිද රැකියාවක් කරන්නේ නැහැ. මම කුලී වැඩ තියෙන දවස් වල රුපියල් 600 ක් පමණ සොයනවා.

2000 අගෝස්තු මාසේ දිනක වේලපහින් ගෙදර අවා. මගේ බිරිද වයස අවුරුදු 12 ක් වූ මගේ පුතාව කඩේට ඇරියා පොල් ගෙඩියක් ගෙන්න. දරුවා සැහෙන වෙලාවකින් ගෙදර ආවේ නැති නිසා මම බලන්න යන්න හදන කොට මල්ලි කෙනෙක් මොටර්ස්යිකලයකින් ඇවිත් කිව්වා අයියේ පොඩි ප්‍රශ්නයක් වෙලා කලබල වෙන්න එපා කියලා. මම දිගින් දිගටම ඔහුගෙන් ඇහුව මොක්කක්ද වෙලා තියෙන්නේ කියන්න කියලා.

දක්ෂිණ ලංකා අදිවේගී මාර්ගයේ 21500 නිවසක් අසල දොරුව ලගට මගේ දරුවාව පුද්ගලයෙක් අරන් ගිහිල්ලා උඩට උස්සලා ඇදුන් අයින් කරලා හිරිහැර කරලා තියෙනවා. මේ සිද්දිය ඒ අසල නිවසක බෝඩ් වෙලා ඉන්න මල්ලි කෙනෙක් දැකලා එයා ලග තිබු ඉදලක් අරගෙන අපරාදකාරයට හොදටම ගහල තියෙනවා. මේක අහල මමත් දෙකේ දෙකේ පොල්ලක් අරන් ගිහිල්ලා පෝමන් කෙනෙකුට ගහන්න හැදුව. එවිට ඔහු කිවුව මම නෙමෙයි අපරාදය කලේ බැකෝ එකේ වැඩ කරන පෝමන් මහත්තය කියලා. ඔහුව මට හම්බ වුනේ නැහැ.

පස්සේ ගමේ අයත් එක්ක එකතු වෙලා ලමයව සෙවුවා. මට පුතා කැලෑවක හැංගිලා ඉදල හම්බ වුනා. ඊට පස්සේ පොද්දල පොලිසියට ගිහිල්ලා පැමිණිලි කලා. පොලිසිය කීවුවා අපරාදකරයින්ට එරෙහිව නීතිමය පියවර ගන්න බව. දින කිහිපයකට පස්සේ නැවත පොලිසියට ගියා වැඩක් වුනේ නැහැ. අද දක්වාත් පොලිසිය මේ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. දරුවාව රෝහලකට ගෙනිච්චේ නැහැ පොලිසිය එපයි කීවුව නිසා.

ළමයා සිද්දිය වෙලා දවස් දහයකට විතර පස්සේ පාසල් ගියා. නමුත් දැනුත් ළමයා කල්පනා කරමින් බලාගත්තු අතේ බලා ගෙන ඉන්නවා. ඉස්කොලේදීත් ඇතැම් ගුරුවරු සහ අනිත් ළමයි මගේ ලමයව කොන් කරනවා.

Monday, March 21, 2011

පන්සල්, පල්ලි, කෝවිල් සහ ළමා අපචාර



"ආගම මගේ ස්වාමියාගේ කෘරත්වයට අනුමැතිය දුන් බව මා විසින් ඉහතින් සදහන් කරන ලදී. මෙය ඔප්පු කිරීමට බොහෝ කරුණු කාරණා වූ අතර පහත සදහන් වන්නේ එක් නිදසුනක් පමණි. ඔහු අබාදිත තරුණ කාන්තාවක් එල්ලා හරක් හමින් සැදු කසයකින් නිරුවත් උරහිස් වලින් උණු ලේ දහරා ගලන තුරු තැලුවේය. ඔහු විසින් සිය තිරිසන් ක්‍රියාව හුවා දක්විමෙහිලා බයිබලයේ පහත පාටයද ගෙන හැර දැක්විය. එනම් යමෙක් සුවාමියාගේ කැමැත්ත දන්නාමුත් එයට පටහැනිව කටයුතු කරයිද හෙතෙම බොහෝ කස පහර වලට ලක්විය යුතුය." (උපුටා ගැනීම ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය - වහල්බාවය)

ආගමික ස්ථාන වල ළමා අපචාර ගැන අසන්නට ලැබුනේ අද ඊයේ නොවේ. නමුත් ඒ ගැන දැඩිව කතා කරන්නට, අපරාදකරුවන්ට දැඩි දඩුවම් දීම සහ අපචාරයට ලක්වූ දරුවන් පුනුරුත්ථාපනයට යොමු කිරීම ගැන සමාජයේ ප්‍රබල ජන මතයක් ගොඩනැගුනේ මෑතකදීය. මෙම ළමා අපචාර වලට පන්සලද පල්ලියද යන්න වෙනසක් නැත.

මාද්‍ය වාර්තා කල අලුත්ම අපචාර සිද්දිය වුයේ අපරෙක්කේ පුන්නාන්ද හිමි විසින් සිදු කලයි කියන සමනේරවරු අපචාරයට ලක් කිරීමය. මෙම හිමිනම ජාතික හෙළ උරුමය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ සමනේරවරු ගණන 05 කි.

අපි නැවතත් ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය වෙත යොමු වෙමු. "මාහට පැහැදිලි අවබෝදයක් ඇති කරුණකි. එනම් දකුණේ ආගම යොදා ගත්තේ අපරාද වසන් කිරීමට, ම්ලේච්චත්වය යුක්තිසහගත කිරීමට සහ දරුණු වංචාවන් මත සුදු හුණු අලේප කිරීමට බවයි. ආගම වහල් ස්වාමින්ට ආරක්ෂාව සපයන පලිහක්ම විය. "

ලංකාවේ පොලිසි සහ පාසැල තුල සිදුවන බොහොමයක් වදහිංසා පැමිණ වීම් වලදී ඒවා සමත කිරීමට පෙරමුණ ගන්නේ ආගමික නායකයින්ය. තවද ඇතැම් අවස්ථා වල පිරිවෙන් වල වදහිංසා පමුණුවනු ලබන්නේ ස්වාමින් වහන්සේලාය.

මෙම ළමා අපචාර පුජනිය ස්ථාන වලින් මුලිනුපුටා දැමීමට නම් කල යුත්තේ නිතිය සමානව ක්‍රියාත්මක කිරීමයි. තවද අපරාද සිදුකරන ආගමික නායකයින් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙහා සමාන්තරව සිදු විය යුතුයි. එසේ නොවුනහොත් මේ සමාජ වියසනය තවදුරටත් ළමා පරපුර විනාශ කරනු ඇත.



හර්ෂි සි. පෙරේරා