Thursday, December 16, 2021

පුතාව සසුනට ජූජා කළේ ආවතේව කාරයින්ගෙන් ගුටි කන්නට නොවේ.

 


දරු තිදෙනාගෙන්, වැඩිමහල් පුතාගේ කැමැත්තට ඉඩදුන් දෙමාපියන් ඔහුව, සසුනට පූජා කළේ සංසාර ගමන කෙටි කර ගන්නට නොවේ.

පානදුරය බොදු නගරයකි. විහාරස්ථාන ගණනාවකි. පිරිවෙන් ද ගණනාවකි. නගරයට ආසන්න පිරිවෙනකට පුතාව බාර දී, අනුරාධපුරයේ පැවති, මහා උළෙලක දී, මහණ කරනු ලැබීය. එදින පැවිදි කරන ලද ළමුන්ගේ ගණන 86 කි බන කියයි.

පසව, බාල පුතාවද, එම පිරිවෙනටම ඇතුළත් කළේය. වඩු කාර්මිකයෙකු වූ පියා, එතැන් පටන් විහාරස්ථානයේ අ`ඵත්වැඩියාවන්ට ද හවුල් විය.

දෙම්බර් 05 දා, එම පිරිවෙනේ, ඉංග‍්‍රීසි උගන්වන හා නායක හාමුදුරුවන්ගේ රියදුරු, තමන්ට පහර දුන් බවට කරන ලද පැමිණිල්ලට, නායක හිමි නමගේ ප‍්‍රතිචාරය ගැන කළකිරුණු මෙම 15 හැවිරිදි සාමනේර හිමි, පොලීසියට පැමිණියේ යුක්තිය ඉටු කර ගන්නටය.

පැමිණිල්ල බාර ගත්ත ද, යුක්තිය ඉටු කිරීමට පොලීසිය, සූදානම් නැති බව පෙනී යෑම නිසා ලිඛිතව පැමිණිලි කිරීමට පියවර ගනු ලැබීය.

එම නිසා එවුන්ට ලිඛිත පැමිණිල්ලක් දැමීමට සිදුවිය.


එයින් පසුව, පොලීසිය, දෙපාර්ශවය සමථ කරවීමට පියවර ගෙන ඇත. සාමනේර හිමියන්ට වෙනත් විහාරස්ථානයක් ලබාදීමට දෙමාපියන්ට හැකි විය. මෙය ළමා අපයෝජනයක් නොවන්නේ ද?



No comments:

Post a Comment