Sunday, April 16, 2023

 

දණ්ඩ නීති සංග්‍රහයේ 287 වගන්තිය 
පොලිස්කාරයින් වන අපට වලංගු නෑ! දැන ගනින්.

ප්‍රියා,  24 හැවරිදි තරුණයෙක්. රැකියාව:- ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම.

පරණ අවුරුද්ද දවසේ (අප්‍රියෙල් 13) පස්වරු 4:30 ට පමණ පානදුර පුද්ගලික බස් නැවතුම් පොලේ, කඩවත බස් නවත්වන ස්ථානයේ වාඩි වී සිටියා. පානදුර දකුණ පොලිසියේ අංක 41134 හා අංක 15270 දරන මේ නිලධාරීන් දෙදෙනා, අවට සිටි අයට පහර දෙමින් පන්නා දමන අයුරු ඔහු දුටුවා. අඩි හතරක් පමණ දිග පොල්ලක් අත තිබුණ, 15270 දරන නිලධාරියා ඔහු අසලට පැමිණ ''උඹ මෙතන මොනවද කරන්නේ කියා" ඇසුවිට,  තමා  අලුත්වැඩියා කරන ලද ජංගම දුරකතනයක් හිමිකරුට බාරදීම සඳහා සිටින බව කියා ත්බේ.  

එවිට,  15270 දරන නිලධාරියා, ඔහුගේ සාක්කුවට අත දාන්න හැදුවිට, ''අත දාන්න එපා මම පෙන්නන්නම්" කියා තිබේ. උරනවු  15270 නිලධාරියා,  ''උඹේ අම්මට හු....වා" ''කැ....යා" ආදී කුණුහරප කියමින් අත තිබූ දිග පොල්ලෙන් කකුල් වලට සහ  අතට පහර දි එලවා තිබේ. නමුත් ඔහු  දැඩි වේදනාවෙන්, අලුත්වැඩියා කරන ලද ජංගම දුරකථනයේ හිමිකරු පැමිණෙන තෙක් එහිම රැිසිට, ඔහු පැමිණි පසු එය බාර දී, පහරකෑමට ලක්වූ තවත් අයෙක් සහා ඔහුගේ මිත්‍රයෙක් ද සමග සිද්ධිය ගැන පැමිණිලි කරන්න, පානදුර දකුණ පොලිසිය ට පැමිණ තිබේ. පැමිණිලි බාර ගන්නා නිලධාරියාට,  15 270 දරණ නිලධාරීයාට, තමාට කුණුහරප කියමින් පහර දුන් බවත්, එ පිළිබඳ පැමිණිල්ලක් දැමීමට අවශ්‍ය බවත් කියා තිබේ. එවිට එම නිලධාරීයා 15 270 දරන නිලධාරියාට දුරකථනයෙන් කථා කර ගෙන්වා ගෙන තිබේ. මෙම 15 270 දරන නිලධාරියා පැමිණි විගසම  තුන්දෙනාගේම අතේ තිබූ දුරකථන උදුරාගෙන, පොලීසියේ උඩ තට්ටුවට රැගෙන ගොස් තිබේ. එහි දි මෙම නිලධාරියා ප්‍රියාගේ  බෙල්ලෙන් අල්ලා ගෙන, ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දාන්නට සුදානම් වි තිබේ. 15 270 දරණ නිලධාරීයා අත තිබු තමාගේ දුරකථනය ලබාගෙන විඩියෝ කරන්න පටන් ගත්ත විට, තිදෙනාව යළිත් බිම් මහලට ගෙනවිත් මුදාහරින ලදි. විඩියෝවේ සියල්ලම සටහන් ව තිබේ.

https://www.facebook.com/skeyity.loco/videos/795797055465974

ඉල්ලා සිටින්නේ ප්‍රසිද්ධ ස්ථානයක් කුණුහරප කියමින් පහරදීම සහා ඒ ගැන පැමිණිලි කරන්නට පොලීසියට ගිය විට එහි දිද මෙම 15270 දරණ නිලධාරියා තම බෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කිරිම බොරු පැමිණිලි දැමීමට උත්සහා දැරිම ගැන නීතිමය පියවර ගන්නා ලෙසට සහා මතු ආරක්ෂාව සලසන ලෙසටය.

 

 

 


Monday, April 3, 2023

වසර 12 යි මාස 05 යි දවස් 02 ට පසුව නිදොස් කර නිදහස් කරයි. චෝදනාව වදුරඹ පොලිස් කාරයෝ ‘‘ශුක‍්‍ර සුනඛයින්’ ලෙසට මහා පාරේ ‘‘තාලයකට’’ කීම.

 

නඩු අංක 60665 යටතේ, 2010.10.29 වන දින, ව`දුරඹ පොලීසියේ එවක ස්ථානාධිපති පො.ප. සුමේධ විමලගුණවර්ධන විසින්, දණ්ඩ නීති සංග‍්‍රහයේ 287 වගන්තිය යටතේ, බුද්ධිකට විරුද්ධව නඩුවක් පවරා, එදින ගරු අධිකරණයට ඉදිරිපත්ව නැති බව ප‍්‍රකාශ කරවා ගනී.

එම වරෙන්තුව පාවිච්චි කර, 2011.09.04 දින ව`දුරඹ පොලීසිය, බුද්ධිකව අත්අඩංගුවට ගෙන, මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කර, 2011.09.09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරවනු ලබයි.

2011.09.09 ගාල්ල මහේස්ත‍්‍රාත් තුමාගේ අත්සනින්, බුද්ධිකට චෝදනා පත‍්‍රයක් ලබාදෙයි.

චෝදනා පත‍්‍රය

චූදිත : දොඩම්පෙ ගමගේ බුද්ධික. කොස්ගොඩ, ව`දුරඹ

ඉහත නම් ස`දහන් චූදිත වන නුඹ විසින් මෙම අධිකරණ බල ප‍්‍රදේශය ඇතුලත වූ පොලීසිය ඉදිරිපිටදී 2010.09.26 වන දින හෝ ඊට ආසන්න දිනයකදී ප‍්‍රසිද්ධ ස්ථානයක් වන ව`දුරඹ පොලිස් ස්ථානය ඉදිරිපිට මාපලගම ගාල්ල මාර්ගයේ රැදී සිටිමින් පොලිස් ස්ථායට පැමිණ සිටි මහ ජනතාවට පිලිකුලක් හා අප‍්‍රසන්නතාවයක් ඇති වන ආකාරයෙන් කැරි පොලිස් කාරයෝ මුන් ඔක්කොටම හුකවලා යන්නයි ආවේ කියා අසත්‍ය වචන තාලයකට ප‍්‍රකාශ කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 287 වන වගන්තිය යටතේද ලැබිය හැකි වරදක් කල බවට මෙයින් නුඹට චෝදනා කරමි.

අ/කලේ ........ මහේස්ත‍්‍රාත් - ගාල්ල

09.09.11

මෙම චෝදනාවට නිවැරදිකරු බව ප‍්‍රකාශ කරන, බුද්ධිකව, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරී.

නඩුව, 2012 මාර්තු මස 30 විභාගයට තබයි. 

වසර 12 යි මාස 05 කාලය තුළ, නඩුව විවිධ හේතු මත විභාගයට නොගෙන කල් දමනු ලබයි.

මෙම වඩුවේ ශාක්ෂිකරුවන් වූයේ, එවකට ව`දුරඹ පොලිස් ස්ථානයේ රාජකාරි කරන ලද, 

  • පො.ප. සුමේධ විමලගුණරත්න,
  • උ.පො.ප. ලිහිණි කුසුම්
  • පො.සැ. 59061 පියල්

පොලීසිය කළේ, ඉහත ස`දහන් චෝදනාව නගා, අධිකරණය පාවිච්චි කර දින 14 ක් රිමාන්ඞ් කරවීමය.

චෝදනා ප‍්‍රතික්ෂේප කිරිම නිසා, නඩුව විභාගයට ගැනීම සිදුවිය.

මෙම වසර 12 යි මාස 05 ක කාලය තුළ, පොලීසිය මෙන්ම සමහර නීතිඥයින් දැඩිව උත්සාහ ගත්තේ, අධිකරණය ඉදිරියේ වරද පිළිගැන්වීමටය.

එයට බුද්ධික හිස නැමුවේ නැත. උසාවිය මගින් නඩුව විභාගයට නොගෙන, කල් දැමිම තුළින් ඔහුට පීඩාවට පත් කළේය.

අප රටේ සැමදාම සිදුවෙන මෙවන් සිද්ධීන් ජාත්‍යන්තරයට හා දේශීය නියොජිතයින්ට හා යැපෙන්නන්ට, ගෝචර නැත. ඒ ගැන කථා කිරිමට සරණාගත වීමට හේතු නොවන නිසාය.





Saturday, April 1, 2023

කොරෝනා කාලයේ, මසකට 25,000/- බැගින් බදු ගත්, වාද්දුව පොලීසිය, තිදරු පෙදරේරුවාගේ පිට කොන්ද කඩා, ගෝඩා බැරල් 10 ක් සන්තකයේ තියා ගත්තා කියා නඩුවකුත් දමයි.

 

කොරෝනා කාලයේ රස්සාව කර ගන්නට බැරි වුනා. ප‍්‍රදේශයේ කිහිප දෙනෙක් සරුවට කරන ස්වයං රැකියාවට බැස්සා.

 වඩි 02 (බැරල්) පෙරා ගත්තම, දවස් 04 කින් ශුද්ධ ලාභය රු: 36,000/- යි. මාසයකට, පොලීසියට රු: 25,000/- ක් දුන්නා. ඊට අමතරව නඩුත් දුන්නා.

 අවුරුද්දක ඉදන්, ස්වයං රැකියාවෙන් ඉවත් වුනා. පොලීසියට මාසික බදු ගෙවීමත්, නඩු දීමත් නැවැත්වූ වා.

 2023.03.06 දින, මම, ගෙදර එනකොට, ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් ස්වයං රැකියාවේ යෙදෙන පුද්ගලයෙකු බැරල් 3 ක් සමග අත්අඩංගුවට ගෙන, පාර අයිනේ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු තියා‌ගෙ හිටියා.

 ඔවුන් මට කථා කළා. මම ඔවුන් ළට ගියාම කුණුහරුප කියමින්, මට නින්දා කරමින් තර්ජනය කොට, පන්නා දැම්මා. හයිකොට් නඩුවක් දානවා කියා තර්ජනය කලා.

 මම, හවස ගෙදර ඉන්න කොට, මම දැක්කා, දවල් පොලිස් අත්අඩංගුවේ සිටි මහා පරිමාණ ස්වයං රැකියා කරන්නා ගෙදර ඉන්නවා.

 මම, මට බැනපු පොලිස් කොස්තාපල්ගේ දුරකථනයට කථා කර ඇහැව්වා, ඔහොමද රාජකාරි කරන්නේ කියා. පොලිස් කොස්තාපල් කිව්වා අපිට  ඕනි නඩුවක් විතරයි කියා.

 2023 මාර්තු 11 වන දින, ගෙදරට ආපු ඒ පොලිස් කොස්තාපල්වරු දෙන්නා, මාව අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙනවිත්, අතින් පයින් පහර දුන්නා.

 පසු දින, උසාවියට ඉදිරිපත් කළා. මාව, ඇපයක් මත මුදා හැරියා.

 පසුව, රෝහල්ගත වුනා. මාගේ පිට කොන්ද කැඞී තිබුණා.

 රෝහලෙන් මට නියම කළා, විශේෂ ජැකට් එකක්. ඒක ගන්න රු: 9,000/- ක් වැය කළා. සුව වෙන තුරු මම විවේක ගත යුතුලූ.

 බලපත‍්‍ර ලබා ගන්නේ නැතිව, මද්‍යසාර නිපදවීම (කසිප්පු) නවත්වන්න බැරි පොලීසිය නිසා. ඉතා පහසුවෙන් දින 04 කට වරක්, රු: 36,000/- ක් හොයන්න පුඵවන් වෙනත් රස්සාවක් ගමේ නෑ.

 බලපත‍්‍ර රහිතව, මද්‍යසාර පෙරීම, බෙදා හැරීම හා විකිණීම, පොලීසිය, සුරාබදු දෙපාර්තමේන්තුවද සමග ඒක්ව සහ සම්බන්ධයෙන් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. විටින් විට, සිදුකරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම්, දඩ ගැසීම, බන්ධනාගාරගත කිරීම් වලින් නැවැත්විය නොහැකිය.  දීප ව්‍යාප්තව පවත්වාගෙන යන මෙම ව්‍යාපාරයෙන් සෘජුව, වක‍්‍රව, ලාභ ලබන සියල්ලෝම දනිති.

 යුක්තියට අධිපති දෙවඟන ගේ තිස්තුන් කොටියක් +  සියුම දෙවිවරුන් ගේ පිහිට ඔවුන්ට හිමිය.

 සැ.යු:- මෙම සිදුවිම සම්බන්ධයෙන් තොරතුරු අප සතුව පවතී.