Wednesday, August 24, 2011

පොලිසිය අත්අඩංගුවට ගත් ගංජා කිලේ බාගයට මොකද වුනේ ?


මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පො.ප.ලියනාරච්චි අත්අඩංගුවට ගත් බවට අධිකරණයට ප්‍රකාශ කල ගංජා කිලෝ බාගය උසාවියට බාර දීලා නැත.

මේ බව අනාවරණය වුනේ, අදාල නඩුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ විමසුමට ලක්වූ විටය. ඒ 2011.08.16 දිනය.

එස්.ඒ.වසන්තව

2011.01.01 දින, එස්.ඒ.වසන්තව, ඔහු වැඩකරන කර්මාන්ත ශාලාවේදී පොලිසිය අත්අඩංගුවට ගන්නා ලදි. පානදුර පොලිසියෙන් බව අත්අඩංගුවට ගැනීමේදී ප්‍රකාශ කල පොලිස් නිලධාරීන් මොරොන්තුඩුව පොලිස් මුරපොලට අයත්වූවන්ය.

මොරොන්තුඩුව පොලිස් මුරපොලේ 2011.01.04 දින දක්වා නීති විරෝධී ලෙසට රදවා තබාගෙන, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ගංජා කිලෝ භාගයක් ප්‍රවාහනය කිරීමේ බොරු චෝදනාව යටතේය.

එම චෝදනාව යටතේ අධිකරණය ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පො.ප.ලියනාරච්චි අධිකරණය ඉදිරියේ බොරු ප්‍රකාශයක් කර තිබෙන බව ඔප්පු කර සිටීමෙන් අනතුරුව - ඔහුව 211.03.03 දින, එනම් දින 6කට පසුව නිදහස් කළේය.

එයින් අනතුරුව පොලිසිය ඉදිරිපත් කල, ගංජා ප්‍රවාහනය කල යතුරු පැදියේ අයිතිකරු කවුද යන ප්‍රශ්ණය පැන නගින ලදි.



එහිදී එම යතුරු පැදියේ අයිතිකරු ප්‍රියන්ත සිල්වා නැමැති අයෙක් බවත්, එය එල්.බී ෆිනෑන්ස් කොම්පැණියේ ෆිනෑන්ස් කර තිබෙන බවත් එලි දරව් විය.

 අධිකරණය හමුවේ ප්‍රියන්ත සිල්වා කියා සිටියේ, තමා නිවසේ නැති වේලාවක ෆිනෑන්ස් කොම්පැණියෙන් යතුරු පැදිය රැගෙන ගොස් තිබූ බවයි.

 එහෙත් ඒ ගැන ඔහු පැමිණිලි කර තිබුනෙ නැත.

 ෆිනෑන්ස් කොම්පැණිය කියා සිටියේ තමන් එවැන්නක් ‍නොකල බවයි.

 ප්‍රියන්ත සිල්වා යතුරු පැදිය බාර නොගැනීම නිසා, එය ෆිනෑන්ස් කොමිපැණියට බාර කළේය.

 පොලිසියට ප්‍රියන්ත සිල්වාගේ යතුරු පැදිය ගියේ කොහොමද ?

මේ ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්නේ කවුද ? සොයන්නේ කව්ද ?

 මෙහිදී පැන නගින ලද අනෙක් ප්‍රශ්ණය වූයේ -
පොලිසිය අල්ලාගත් ගංජා කිලෝ බාගය කාගේද යන්නයි.


ඒ අවස්තාවේ හෙළිදරව් වූයේ - අත්අඩංගුවට ගත් බවට පො.ප.ලියනාරච්චි ප්‍රකාශකල ගංජා කිලෝ බාගය අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
 ගංජා කිලෝ බාගයට මොකද වුනේ ?
 මේ ගැන හොයන්න - පොලිස්පතිට අවශ්‍ය නැද්ද ?

 නඩුවේ අංකය 96749 - ම/උ පානදුර

 පොලිසිය ගංජා, කුඩු, ගිණීඅවි ජාවාරම් කරන බවට මෙය හොද නිදසුනක් නොවේද ?




Wednesday, August 17, 2011

අතවරයට ලක්වූ දරුවන්ට විෂාදය වැළදීමේ අනතුර වැඩිය.

 
 
විද්යන්ඥයින් පවසන ආකාරයට කුඩා කල අතවරයට ලක්වූ පුද්ගලයින්ට දීර්ගකාලීනව විෂාදය වැලදීමේ අනතුර දෙගුණයකි.
ඔවුන් ප්‍රතිකාර සදහා යොමුවීමේ කැමැත්ත අඩුබව මනෝවිද්‍යාව පිළිබද ඇමෙරිකානු සගරාවක පලවූ ලිපියකින් කියවේ.
පර්යේෂකයින් පවසන ආකාරයට බ්‍රිතාන්‍යයේ විෂාදය වැළදුණු පුද්ගලයින් 20 දෙනෙකුගෙන් එක් අයෙක් කුඩා කාලයේදී කිසියම් හෝ අතවරයකට ලක්වී ඇත.
මානසික සවුක්ය පිළිබද සහන සලසන සංවිදානයක්වූ ස්නේ හි ප්‍රදාන විදායක අද්‍යක්ෂ මජෝරි වල්ලස් කිවේ අපේ ජීවිතවල සිදුවන කම්පිත සිදුවීම් විෂාදයට හේතු වන බවත් අපේ මොලය වර්දනය වෙමින් තිබෙන කුඩා කල සිදුවන කම්පිත සිදුවීම් විශේෂයෙන් හානිදායක බවයි.
 
 
හර්ෂි සි. පෙරේරා
 

VIDEO- වාද්දුව පොලිසිය සහ වැලි ජාවාරම්කරුවන්.


වාද්දුව පොලිසිය සහ වැලි ජාවාරම්කරුවන්.

Tuesday, August 16, 2011

“ඩප්පියා” හා “දනුක” දිනුක පසුපස පන්නයි

දිනුක නිමේෂ්

කලුතර උතුර පොලිසියේ පොලිස් නිලධාරින් හත් දෙනෙකුට එරෙහිව දිනුක නිමේෂ් පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කරවා ගැනීමට පාතාල සාමාජිකයින් යොදවා ගැනීමට ගත් නිවට උත්සාහය පරාජය කිරීමට හැකිවිය.

මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසට බලපෑම් කළ පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර ප්‍රදේශයේ චීවරධාරීන් දෙදෙනෙකු ලවා, දිනුකට බලපෑම් කළේය. එයින් පසුව පොලිස්කාරයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් දිනකගේ නීතිඥයින්ට සමථ යෝජනා ඉදිරිපත් කළේය. එහිදී දිනුක සමථයකට කැමති බව කීමට තරම් එම නීතිඥයින් නිවට වී තිබිණ.

එයින් අනතුරුව, රසික අබේසිංහ නමැති නීතිඥයා දිනුක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සුමාලිකා මහත්මිය හමුවී රුපියල් ලක්ෂ පහක් අරගෙන නඩුව ඉල්ලා අස්කරගන්නා ලෙසට යෝජනා කළේ, එයට දිනුක කැමති බව ප්‍රකාශ කරමින්ය.

2010 පෙබරවාරි 03 කලුතර උතුර පොලිසියට ගිය දිනුකව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කළේය. ඒ අසල නිවසක සොරකමක් සම්බන්ධයෙන් සැකකරුවෙකුව අල්ලා ගැනීමට කලුතර පොලිසියේ අසමත්කම වසා ගන්නටය.

දිනුක තමාව කෲර වධහිංසාවට පත්කළ නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුව පැවරුවේ යුක්තිය ඉටුකර ගන්නටය.

දිනුකගේ නඩුවට උත්තර දී ගන්නට බැරිව දඟලන කලුතර උතුර පොලිසියේ නිලධාරින් - පළමුව චීවරධාරින්, දෙවනුව නීතිඥයින් යොදවාගත් අතර, දැන් මැරයින් යොදවා ගන්නට තරම් නිවටයින් වී ඇත.

2011. 08. 13 වන දින උදේ දිනුකගේ බුත්තල නිවසට, කලුතර ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බවට සලකන “ඩප්පියා” හා “දනුක” ගියේ, මෙම නිලධාරින්ගේ අවශ්‍යතාවයට බවට සැකයක් නැති බව ප්‍රකාශවේ.

එදිනම බුත්තල ගෝනගන් ආර පොලිසිය හා වගුරුවෙල පොලිස් මුරපොළ “ඩප්පියා” ව හා “දනුක”ව අත්අඩංගුවට ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුවක් ඉල්ලා අස්කරවා ගැනීම සඳහා චීවරධාරින්, පොලිස්කාරයින් හා නීතිඥයින් ගන්නා ලද උත්සාහයට අද මැරයින් එක්ව ඇති බව මේ සිද්ධියෙන් පැහැදිළිය. බලපෑම්වලට යටනොවී, යුක්තිය ඉටුකර ගැනීමට ගන්නා උත්සාහය අගය කළ යුතුයි.

නඩුපවරන්නන්, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි.

Sunday, August 14, 2011

පොලිස් ලොක්කා වෙත



ග්‍රීස් ගැවුන විට ඇරීම ලේසි නැත. ග්‍රීස් යකා මේවනවිට පොලිසියට ඉමහත් හිසරදයක් වී ඇත. එපමනක් නොව ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතනය හැටියට පොලිසිය පිළිබද ජනතා සිත් සතන් බිද වැටී ඇත. හොදම නිදසුන ජනතාව නිතිය අතට ගෙන අපරදාකරුවන්ට දඩුවම් දීම සියතට ගැනීමයි.
දශකයක පමණ සිට ජනතාව තමනට පොලිසියෙන් සිදුවන අකටයුතුකම් නිර්බයව අදාල ආයතන වලට පැමිණිලි කළහ. මේ අතර පොලිසිය සිදු කරන බරපතල අපරාදයන් වන අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව සිදු කරන මරා දැමීම, වදහිංසාව, බොරු නඩු දැමීම, වංචාව සහ දුෂණය විය.
මින් පිඩාවට පත් ජනයා ඒ පිලිබදව පැමිණිලි කල ප්‍රදාන ආයතන දෙකවුයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සබාව සහ ශ්‍රී ලංකා පොලිස් කොමිසම් සබාවයි. වර්තමානයේ ජනාදිපති රාජපක්ෂ හදුන්වාදුන් 18 වැනි සංශෝදනය මගින් මේවා දත් නැති කොටින් බවට පත්කලද ක්‍රයාත්මක වේ. විශේෂයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සබාව පොලිස් නිලදාරීන්ට විරුද්දව දී ඇති නිර්දේශ වලින් 99% ක්ම ක්‍රියාත්මක කිරීමට පොලිසිය උවමනාවෙන් මගහැර ඇත.
සාමාන්‍ය රටවැසියන්ට අවාසනාව ගෙන දෙන මෙම තත්වයට තවත් නිදසුනකි, පොලිස් ෙක‍ෂ්ස්ත්‍ර බලකා මූලස්ථානයේ සේවය කල උප පොලිස් පරීක්ෂක නිශාන්ත පතිරණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශයන් කොළයකට සීමාවී තිබීම.
දර්ගා නගරයේ කුසුමාවතීට පොල්ලකින් පහරදී ඇගේ අත කඩා දැමුවේ මෙම පොලිස් නිලධාරියා අලූත්ගම පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියේ රාජකාරි කරන අතරතුරය. සිද්ධිය වූයේ 2002.10.22 වන දිනය. ඇය මානව හිමිකම් කොමිෂමට පැමි‚ලි කලේ 2002.11.13 දිනය. 2011.04.06 වන දින සිද්ධිය අදාල නිර්දේශය නිකුත් කරන මානව හිමිකම් කොමිෂම- මෙම සිද්ධිය මගින් පොලිස් නිලධාරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය උල්ලංඝනය කර තිඛෙන බවට නිගමනය කර තිබේ. රුපියල් 25,000 ක වන්දියක් ගෙවන ලෙසට හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත පතිරණට නියම කර ඇත.
මේ ලොකු තැන අගෝස්තු 12 වැනිදා මාද්‍යට කල ප්‍රකාශයකි.
 
“රාජකාරියේදී දක්වන දක්ෂතා සහ යහපත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරින් වෙත ලබාදෙන ත්‍යාග සහ උසස්වීම් එම සිද්ධිය වූ වහාම ලබාදීමට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා තීරණය කර තිබේ. එසේම දූෂණ, වංචා, කොල්ලකෑම්, මුදල් අයැදීම් ඇතුළු අපරාධවලට සම්බන්ධ වන පොලිස් නිලධාරින්ට ඒ අවස්ථාවේම දඬුවම් ලබාදීමද සිදුකෙරේ. මේ සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇත.”
 
යාපනයේ උදයන් පුවත්පතේ ජෙෂ්ට මද්යවෙදියකුට නොබෝදා පහරදුන්නේ ඔහුගේ වයසවත් නොසළකාය. මේ පිළිබද බරපතල චෝදනා එල්ලවන්නේ ඩග්ලස් දේවානන්දගේ ඉ පි දී පි පක්ෂයටයි. ලොකු තැන වාර්තාවක්ද තබමින් මේ ගැන වාර්තාවක්ද ඉදිරිපත් කළේය. නමුත් මේවන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වී ඇත.
පොලිස් ලොක්කා අලුතෙන් පත්වූ විගසම වුවත් බොහෝ දෙකල හැක. පළමුව දේශපාලනික හස්තයෙන් පොලිසිය මුදවා ගන්න. දෙවනුව සාමාන්‍ය ජනයා තලා පෙලීම නතර කරන්න. එවිට සාමාන්‍ය ජනයාගේ විශ්වාසය සහ ගවුරවය දිනා ගත හැක.



හර්ෂි සි. පෙරේරා


Friday, August 12, 2011

පහලොස් හැවිරිදි දරුවෙකුගේ රහසඟත් මිරිකූ අපේ පොලිස්ලොක්කා. [[වීඩියෝව]]


පුබුදු දිල්ශාන්ට මාතලේ යටවත්ත පොලීසියේ පොලිස් කාරයෝ, පුබුදුව අත්තඩංගුවට ගෙන නොසෑහෙන්න, වධහිංසාවට ලක්කොට, පුබුදුගේ රහස් අවයව මිරිකා මොවුන් සතු‍ටුවුනා. දැන් පුබුදු මානසික ආතතියකින් පෙලේ. මෙවැනි පොලිස්කාරයෝ සිදුකරන්නේ කුමක්ද? මේවාට අප නැගීසිටිය යුතු නොවේද? කතාකරමු, නිඬතාවය බිඳිමු. මක්නිසාදයත් කෙදිනකකෝ මෙවන් දෙයක් ඔබට මෙන්ම ඔබගේ දරුවෙකුටද විය හැකිනිසා.

Wednesday, August 10, 2011

පොලිස් ඕ.අයි.සී ලාට පේෂල් එකක්


පොලිස් ස්ථානාධිපතිවරු හැඩගැන්වීමේ පුහුණු වැඩසටහනක් පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
කිසිම හැඩයක් නැති මේ පිරිස හැඩ ගැන්වීමට ගන්නා උත්සාහය අගය කල යුතුය.
රජයෙන් දෙන නිල ඇදුමෙන් පවා හැඩ නොවී - ටී ෂර්ට්, කබල් කොට කලිසන් ඇදගෙන - රස්තියාදු කාරයින්, චංඩින් මෙන් හැසිරෙන මේ පොලිස් කාරයින්ව හැඩගැන්වීමට, ස්කොට්ලන්ඩ්යාඩ් එකේ පොලිස් කාරයෙක්ද එක්වී ඇතැයි ද වාර්තාවේ.
මූසල පෙනුම ඉවත්කොට මනුස්ස පෙනුම ලබාගැනීම, කන හැටි බොන හැටි ඇවිදින හැටි - විශේෂයෙන් මව් බසින් කථා කරන හැටි මේ හැඩගැන්වීමේ පාඨමාලාවට අයත් නැතිනම් වහාම ඇතුලත් කලයුතුව තිබේ.
ඒ සදහා සුප්‍රකට රූපලාවන්‍ය වේදිනියකගේ උපදෙස් ගත යුතුය. මොකද ස්කොට්ලන්ඩ්යාඩ් එකේ සුද්දන් මේවා ගැන මෙලෝ හසරක් නොදන්නා නිසාය.
මොකද ඒගොල්ලන් මංත්‍රීලාට පෝස්ටර් ගසන, පඩික්කම් හෝදන, බැලමෙහෙවරකම් කරන අය නොවන බැවිනි.

බණ්ඩාරගම ක්‍රයිම් ඕ.අයි.සී. පොලිස් වෙයි



26 හැවිරිදි තරුණයෙකුව -පොලිස් කිරීමට- සූදානම් වූ බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපති උදය කුමාර, සියලු දෙනා ඉදිරියේ නකුට ගසා ගත් අයුරු මෙසේ ඉදිරිපත් කරන්නේ - මානව හිමිකම් කාරයින් ඇතුලු පොලිසිය වන්දනා කරන සියලු දෙනාට දැනගැනිම පිණිසය.

2011.07.28 දින චේන් එකක් කඩාගත්තැයි චෝදනා කරමින් නිවසේ සිටි ඔහුව අත්අඩංගුවට ගත්තේ - බීමත්ව, නිලඇදුම් නැතිව හයදෙනෙකු පිරිවරාගෙන පැමිණි මේ උදය කුමාරය.නොකැඩූ ‍චේන් එකක් ඉල්ලමින් ඔහුට උදය කුමාර වධ දුන්නේය. නිරුවත් කොට ධර්මචක්‍රයේ දමා පහර දුන්නේය. කොච්චි කොටා ඇස්වල ඇතුල්ලුවේය. දින තුනක් නීති විරෝධී ලෙසට අත්අඩංගුවේ තබාගෙන පොලිස් ඇප පිට මුදාහැරියේ 2011.08.04 දින උදේ යලිත් පොලිසියට පැමිණිය යුතු බව නියම කරමින්ය.
තවද ඔහු පැමිණිය යුත්තේ පොලිසියවත්, ඔහුවත් නොදන්නා පුද්ගලයකු රැගෙන බවට නියම විය.පොලිස් නිගමනය පරිදි 2011.08.04 දින උදේ ඔහු බණ්ඩාරගම පොලිසියට ගියාය.
උදය කුමාර ඔහුගෙන් මම කියපු එක්කෙනා ගෙනාවාදැයි විමසීය.

ඔහු කියා සිටියේ තමා එවැන්නෙක් නොදන්නා බවයි.


“ගනින් මූව පොලිස් ” කරන්න යයි සගයන්ට කිව්ව උදය කුමාර , කම්මුලට වැරෙන් ගසා, වධකාගාරයට ඇද ගන යන්නට සූදනාම් විය.
ඔහු උදය කුමාරටත් සියලු පොලිස් කාරයින්ටත් මෙසේ කියන්නේ - මට ගහන්න, මරන්න, හැබැයි සර්ලාත් අමාරුවේ වැටෙන බව හිතේ තියාගන්න. මම මෙතනට ආවේ අදාල තැන්වලට පැමිණිලි කරලා යයි වැඩි දුරටත් කිව්වේය.
සිංහ වෙස් ගෙන සිටි උදය කුමාර - දණ්ඩෙන් පහර කෑ පර බල්ලෙකු සේ හැකිලුනේය. 'පොලිස්' කරන්න්න සූදානම් වූ වධකයෝ මුහුණට මුහුණ බලාගත්තේය.

උදය කුමාර ඔහුව සිය කාමරයට ගෙනගොස් වහාම පොත්, ෆයිල් පෙරලන්නට විය. අරුන්ව ඉක්මනින් ගෙන්නා ගනින් යයි සගයන්ට නියෝග කළේය.

සවස තුන පමණ වනකම් එහාට මෙහාට දිව්ව උදය කුමාර හා සගයන්, පොතේ අත්සන් කරලා - රදවා ගෙන සිටි යතුරු පැදිය ඔහුට ලබාදුන්නේය.පොලිසිය බාරයේ දින 7ක් තිබූ ඔහුගේ යතුරුපැදිය - ඒ දිනවල පොලිස් කාරයින් ඔහුගේ යතුරැපැදිය රැගෙන අවලමේ ගියේය. හෙල්මටය සොරාගෙන ගොස්ය. එහෙම කරලා යතුරැ පැදිය බාරදුන්නේ රෝද දෙකේම හුලං ඇරලාය.
සියලු තොරතුරු රැගත් වීඩියෝව ලගදීම.

Tuesday, August 2, 2011

වධකයෝ රැකෙත්වා! දිනේවා !!


මානව හිමිකම් කොමිෂමේ නිගමනයන් හා නිර්දේශයන් ආරක්ෂකයෝ පයිසේකටවත් ගණන් නොගනී.
එ ගැන කථාකරන්න, නිසි පියවර, ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යතාවයක් සහ කොන්දක් මානව හිමිකම් කොමිෂමට නොමැත.


රජය වධදීම ප්‍රතිපත්තියක් කරගෙන ඇත. තම බලය පවත්වා ගෙන යෑමට, දූෂකයින් රැකීමට වධදීම අවශ්‍යම සාධකයක් නිසාය.


සාමාන්‍ය රටවැසියන්ට අවාසනාව ගෙන දෙන මෙම තත්වයට තවත් නිදසුනකි, පොලිස් ෙක‍ෂ්ස්ත්‍ර බලකා මූලස්ථානයේ සේවය කල උප පොලිස් පරීක්ෂක නිශාන්ත පතිරණ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ නිගමනයන් හා නිර්දේශයන් කොළයකට සීමාවී තිබීම.


දර්ගා නගරයේ කුසුමාවතීට පොල්ලකින් පහරදී ඇගේ අත කඩා දැමුවේ මෙම පොලිස් නිලධාරියා අලූත්ගම පොලීසියට අනුබද්ධ සංචාරක පොලීසියේ රාජකාරි කරන අතරතුරය.


සිද්ධිය වූයේ 2002.10.22 වන දිනය. ඇය මානව හිමිකම් කොමිෂමට පැමි‚ලි කලේ 2002.11.13 දිනය.
2011.04.06 වන දින සිද්ධිය අÞල නිර්දේශය නිකුත් කරන මානව හිමිකම් කොමිෂම- මෙම සිද්ධිය මගින් පොලිස් නිලධාරියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය උල්ලංඝනය කර තිඛෙන බවට නිගමනය කර තිබේ. රුපියල් 25,000 ක වන්දියක් ගෙවන ලෙසට හිටපු උප පොලිස් පරීක්ෂක නිශාන්ත පතිරණට නියම කර ඇත.


එහෙත් නිගමන හා නිර්දේශ කොළයකට සීමාවී තිබේ.


සිද්ධියෙන් පසුව කුසමාවතී මහත්මිය රටේ පතින නීතියට අනුව යුක්තිය ඉටු කර ගැනීමට ඉදිරිපත් විය.
ඇය මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළෙය. බාරගත් නීතිඥයා නඩුව විනාශ කර දැම්මේය.


නීතිපති, වධහිංසා වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කළේය. ඔහු චෝදනා පත්‍රය සකස් කර තිබුනේ වැරදි ආකාරයටය.


නිශාන්ත පතිරණ නිදහස් විය.


මේ සියලූ කරුණු වලින් එළිවන්නේ කුමක්ද ? රටේ සමස්ථ නීතිය කඩා වැටීම හා නීතිය රකින්න ඉන්න එවුන් නීතිය අමුවේ මරා දැමීමය.