Wednesday, March 15, 2023

අවුරුද්දක් පුරාවට අපයෝජනයට ලක්වූ දරුවා ගැන නීතිය ක‍්‍රියාත්මක නොකර, පොලීසියේ සූදානම දෙවියන්ට බාරදෙන්න.

 



පානදුර, හේනමුල්ල, ජීලාන් ජාතික පාසලේ පළමු වසරට ඇතු`ලවූ මොහොමඞ් ට, සතුටින් ඉස්කෝලේ යන්නට වුනේ, මාස 02 කි.

පළමු වසර පංතියේ ගුරුතුමිය ඔහුට, ශාරීරිකවත්, මානසිකවත් කෙනෙහිලිකම් කරන්නට පටක් ගත්තේය.

මොහොමඞ්, වෛද්‍ය ප‍්‍රතිකාර ලබන දරුවෙකි. ඒ ගැන දෙමාපියන්, විදුහල්පති, අංශ බාර, පංති බාර ගුරුවරියන් දැනුවත් කර තිබින.

මොහොමඞ් අග හිගකම් වලින් පෙළෙන පවුලකට අයත්ය.

මේ ජාතික පාසලේ කොන් වන්නේ, අග හිගකම් ඇති දරුවන්ය. 

2023.03.02 දින, මොහොමඞ්ගේ කම්මුල ඉදිමී, කණ තුවාල වී ඇති බවත්, දැඩි කම්පනයට ලක්ව තිබෙන බවත් නිරීක්ෂණය කළ, මව හා පියා සිදු වූ දේ අසීරුවෙන් දැනගෙන, පානදුර උතුර පොලීසියට ගොස් ඒ ගැන පැමිණිලි කරනු ලැබීය.

පොලීසිය දුන්න ටිකට් එක රැගෙන, පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ගැනීමෙන් අනතුරුව, පොලීසිය විමර්ශන ආරම්භ කළේය.

2023 මාර්තු 11 හා 13 දින 02 දීම, දෙපාර්ශවය, පොලීසියට කැ`දවන ලදි. 

පොලීසිය, දැඩිව උත්සාහ කළේ, දරුවාව, වසරක් පුරා, අපයෝජනයට ලක් කර, 2023.03.02 දින, ශාරීරිකව දැඩිය හිංසයට පත් කළ, විදුහලේ 01 ් හා 01 ඊ පංති දෙකේ ගුරුවරියන් දෙදෙනාගේ lක්‍රියාවන් යම් හේතුවක් නිසා අනුමත කරන ලද විදුහල්පතිව ආරක්ෂා කර ගැනීමය.

ළමා අධිකාරිය, පොලීසිය, අල්ලසට, බලපෑමට යටක්ව, ළමා අපචාර, අපයෝජන යටගසන අතර, ආන්දෝලනාත්මක සිදුවීම් ුලික කරගෙන, මාධ්‍යවලට ''වොයිස්" කට් දෙමින් බන දෙසති. ර`ගපාති. 

ජනතා බදු මුදලින් නඩත්තු වන, මහජන මුදල් කාබාසිනියා කරන කොමිෂම ගැනද නොපමාව සොයා බැලිය යුතුයි.


Friday, March 10, 2023

ලීසින් මාෆියාව ඒක්ව හොර ඔප්පු ලියයි..............

 අල්ලස් හා දුෂණ චොදනා විමර්ෂණ කොමිෂන් සභාව, ශාන්ත මහතාට දැනුම් දි ඇත්තේ ඔහු විසින් එම කොමිෂමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බාරගෙනය.

 ශාන්ත මහතා ඩිමෝ ලොක්කා ලොරියක් කල් බදු ක‍්‍රමයට ගන්න, රු: ලක්‍ෂ 08ක් කල්තොට ෆිනෑන්ස් සමාගමට ගෙවීමට, ලක්‍ෂ 20ක් වටිනා ගේ හා ඉඩම ලක්‍ෂ 08කට, එම සමාගමටම උකස් තියන්නට කැමැත්ත දුන්නේය. උකස් ඔප්පුව ලියන්නට සමාගම බාර දුනනේ නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ නැමැතියටය.

 ලොරිය ගන්න තදියමේ සිටි ශාන්ත මහතාගේන් ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගත් මෙම නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, යන්න ගියේ සියල්ල සම්පුර්ණ බව කියමිණි.

 ඩිමෝ ලොක්කා ලොරිය අරන් ගෙදර ගියේ සිහින සැබෑ කර ගන්නටය. ශාන්තට, ‘‘උකස’’, සින්නක්කරයක් වශයෙන් කල්තොට ෆිනෑන්ස් සමාගමට ලියා ඇති බව දැන ගත්තේ, ගෙයත් ඉඩමත් බාර දී, පාරට බහින්න යයි කියන එන්තරවාසිය ලැබිමෙන් පසුවය.

 පානදුරයේ, ලක්‍ෂ 20කට වැඩි වටිනාමක් ඇති ගේ හා ඉඩම, ‘‘හිස් කොළ වලට’’ අත්සන් ගෙන, සින්නකරයක් වශයෙන් ලියපු, නීතිඥ හා නෙතාරිස් දමයන්ති තබෲ, වංචා කර ඇත්තේ තමන්ට පමණක් නොවන බව පෙනවා දෙන ශාන්ත මහතා, එ මගින් ඇය, රජයට හිමිවිය යුතු බදු මුද් වංචාකර ඇති අතර මැය, නීතිඥ හා නෙතාරිස් වරියක් වශයෙන් වෘතීය ආචාර ධර්ම කෙළසා ඇති බවත් ප‍්‍රකාශ කරයි.