Saturday, January 31, 2015

සමහර කලු ‍කෝට් කාරයින්‍ගේ වසල කතා හා ජ.නි.යෙකුගේ බල්ටිය


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මිය, පලවා හැරීම නීති වි‍රෝධී බව ‍ලොවම පිළිගත් කරුණකි. එම පලවා හැරීමට එ‍රෙහිව නීතිඥවරුන් ‍මෙන්ම සිවිල් රටවැසියන් නැගී සිටියහ. ජාත්‍යන්තර ප්‍රජාවගේ වි‍රෝධය එල්ල විය.

ඒ කිසිවකට සවන් ‍නොදුන්න මහින්ද රාජපක්ෂ ශිරාණි බණ්ඩාරනායක මිය තනතු‍රෙන් ඉවත් කර, ඔහු‍ගේ ගැත්‍තෙකු වූ ‍මොහාන් පීරිස් තනතුරට පත් කර ගත්‍තේය.

මෛත‍්‍රිපාල සිරිසේන පොදු අ‍පේක්ෂක ‍ලෙසට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විපක්ෂ ‍දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එකතුව ඉදිරිපත් කළ දින 100 වැඩපිළි‍වෙ‍ලේ එක් ‍පො‍රොන්දුවකි, ශිරාණි බණ්ඩාරනායක මිය යළි තනතු‍රේ පිහිටුවීම.

ඒ අනුව, ක්‍රියා කිරීමට මෛත්‍රීපාල සිරි‍සේන ජනපති සිය ජනාධිපතිවරණ ‍පො‍රොන්දු ඉටු කිරීම සඳහා ක්‍රියා කරන විට එයට එ‍රෙහිව නීති විරෝධී ‍ලෙසට පත්වීම ලැබූ ‍මොහාන් පීරිස්, ධුර‍යේ රැඳී සිටීමට, නිවට‍යෙකු ලෙසට කටයුතු ක‍ළේය.

ආත්ම ගරුත්වයක්, ලැජ්ජාවක්, යම්තම් ‍හෝ ආත්මඅභිමානයක් ‍මොහුට ති‍යෙනවා නම් ‍මොහු ඉල්ලා අස්වනු ඇතැයි වි‍ශේෂයෙන් නීතිඥ ප්‍රජාව‍ගේ මතය විය. නමුත් එය එ‍සේ ‍‍නොවීය. කුමන ජඩ වැඩක් කර අසුවූවත් තනතුර අතහරින්නට සිංහලයන් සූදානම් නැති  බව, රාජපක්ෂ ‍රෙජිම‍යේ මැති ඇමතිවරු නිලධාරීන් ඔප්පු කර සිටි‍යේ එක්වරක් ‍නො‍වේ.

මොහාන් පීරිස් ද වැඳවැ‍ටෙමින් තමා රැක ‍දෙන්න යැයි ඉල්ලා සිටි‍යේ කියන ඕනෑම ‍දෙයක් කරන බවට විලි ලැජ්ජා නැති ප්‍රකාශ ද කරමින්ය. ඔහු තනතුර රැක ගන්න නොකළ බලු වැඩක් නැත.

එපමණක් ‍නොව, ‍මොහාන් පීරිස්, පරාජය වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ බල‍යේ තියා ගන්නට ජනාධිපතිවරණ දින 2015.01.08 රාත්‍රියේ සිට ප්‍රතිඵල නිකුත් ‍වෙමින් තිබූ 22015.01.09 අලුයම දක්වා අරලියගහ මැදුරේ සිටිමින් කුමන්ත්‍රණය කළේය.

මේ සියලු පසුබිම තුළ, නීතිඥ සංගමය හා නීතිඥ එකතුව ‍මොහාන් පීරිස් ට ඉල්ලා අස්වන ‍ලෙසට බල කළේය. ඒ සඳහා උද්ඝෝෂණ ද ආරම්භ ක‍ළේය. 2015.01.28 දින, නීතිඥ එකතුව, සිවිල් සංවිධාන, වෘතීය සමිති එක්ව, අලුත් ක‍ඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට උද්‍ඝෝෂණයක නිරත විය.

නමුත් මෙදින මෙම උද්‍ඝෝෂණයට, එක් වූ‍යේ ක්‍රියාකාරී නීතිඥවරුන් පිරිසක් පමණි. අ‍නෙක් නීතිඥවරුන් උද්‍ඝෝෂණය මග හැරි‍යේය. එය ‍නොකළ යුතු බවට ද තර්ක ක‍ළේය. ‍මෙහිදී සමහර නීතිඥවරු ප්‍රකාශ කර ඇත්‍තේ කලු කෝට් දා‍ගෙන උද්‍ඝෝෂණය කිරීම වෘතියට නුසුදුසු බවයි. ඒ පමණක් නොව එදා හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක මිය, පලවා හැරීම නීති වි‍රෝධී බව පවසමින් වීදි බසින ලද නිතිඥවරුන් අතරින් ඉදිරියෙන් සිටි ජනිධිපති නිතිඥ ශ‍්‍රිනාත් පෙරේරා, මොහාන් පිරිස්ගේ පත්කිරිම බල රහිත කිරිමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගත් පියවර වැරදි බවට කියා සිටියේය. මොහු එක්සත් ජාතික පක්ෂිකයෙකි. මේ බල්ටිය ගැන අගමැති රනිල් කියන්නේ කුමක් ද!

මෙහිදී අපට කිය යුතු ‍දෙයක් ඇත. කලු කෝට් දා‍ගෙන සමහර නීතිඥවරැන් හැසි‍රෙන්‍නේ මං‍කොල්ලාකරුවන් ‍ලෙසට බව. අධිකරණ ‍සේවකයින්ට අල්ලස් ‍දෙන ‍මේ නීතිඥවරු ‍පොලිස්කාරයින්‍ගේ පස්‍සෙන් ‍ගොස් නඩු ලබා ගනිති. සල්ලි අර‍ගෙන උසාවි ‍නඩු බවාදෙන මේ බඩගොස්ත්‍ර නීතිඥ නඩය උද්‍ඝෝෂණ වලට බය බව අපි දනිමු. වැඩි හරියක් නඩු කරන්‍නේ දක්ෂකම් මත ‍නොව නඩුකාරයින් හා ‍පොලිස්කාරයින් තෘප්තිමත් කරමින්ය. ‍මෙම නීතිඥවරු සිදු කරන නීති වි‍රෝධී අපරාධ ‍ලේඛණයක් ඉදිරි‍යේදී අප ප්‍රකාශයට පත් කරන්‍නෙමු.

වෘතීය ගරුත්වය රැ‍කෙන්නේ ඇඳු‍මෙන් නොවේ. කබායෙන් නො‍වේ. යුක්තිය උ‍දෙසා නිර්භයව අවංකව ඉදිරිපත් වී‍මෙනි.



Monday, January 26, 2015

මල්වතු අස්ගිරි මහ හිමිපානන් කියනු මැන මොහාන් පිරිස් සමග දෙඩු දේ.


පසුගියදා අතිශයින් රහසිගතව ඔබ වහන්සේ දෙපළ මුණ ගැසුණු දුෂිත රට ටම එපාවු අගවිනිසුරු පදවියේ නීති විරෝධිව රැුඳි සිටින මොහාන් පිරිස් කිව්වේ මොනවාද රටට හෙළි කරන්න.

ජනවරම කුමන්ත‍්‍රණකාරිව පෙරළා දැමිමට මොහු දායකවු බව, නීති විරෝධි තින්දු දෙමින් රටටම ආගාධයට ඇද දැමු බව ඔබ වහන්සේලා හොඳා කරවම දනී. එසේ තිබියදි ඉතාම රහසිගතව ඔබ වහන්සේලා දෙපළ හමුවීමේ අරමුන දැන ගැනීමට මු`ථ මහත් ජනතාව බලා සටි.

මෛත‍්‍රිපාලනයට කණකොකා හඬවන්න දුෂිත මොහාන් පිරිස් අගවිනිසුරු පදවියේ තබාගන්න යු.ඇන්.පි ලොක්කන් වලිකයි.


වාර්තාවන පරිදි චන්ද පෙත්මක් මගින් මෛත‍්‍රිපාල සිරිසේන ගේ තේරිපත් වීම අභියෝග කරන්න පරාජිත මහින්ද රාජපක්ෂ ගන්නා උත්සහය සාර්ථක කරගන්න කෙසේ හෝ මොහන් පිරිස්ව අගවිනිසුරු ධුරයේ තබා ගතයුතුව තිබේ.
එම කාර්ය සඳහා තවදුරටත් ඔහුව ධුරයේ තබා ගැනීම සඳහා අගමැති රනිල් වික්ක‍්‍රමසිංහට බලපෑම් කරනේ යු.ඇන්.පියේ ප‍්‍රබලයින් වන හිටපු නීතිපතිවරයෙකු වන තිලක් මාරපන හා දයා පැල්පෙල යන නිතිඥයින් ය. එමෙන් ම වත්මන් අධිකරණ ඇමත් විජයදාස රාජපක්ෂ මොහාන් පිරිස් රැකීමට ඉදිරිපත්ව තිබේන බව වාර්ථාවේ.

 අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙම දුෂිතයින්ගේ බලපෑම් වලට යට වුවහෝත් පොරොන්දු වු යහපාලනය බල්ලාට යනු ඇත. මෛත‍්‍රිපාලනයටද  කණකොකා හ`ඩනු ඇත.

මොහාන් පිරිස් තක්කඩියා පන්නා දැමිමට ජනතාව පෙළගැසේ.


නීති විරෝධි ලෙසට අගවිනිසුරු පදවිය ලබාගෙන මහින්ද රාජපක්ෂව රැකීමට ක‍්‍රියාකළ බරපතල දුෂණ චොදනා එල්ලවී තිබෙන මොහාන් පිරිස් තක්කඩියා පන්නා දැමිමට ජනතාව ඉදිරිපත්ව තිබේ.
ලබන බදාදා (28දා) උදේ 8ට අලූත් කඬේ ශ්‍රේෂඨධිකරණය ඉදිරිපිටින් ඇරඹෙන මොහාන් පිරිස් තක්කඩියා පන්නා දැමිමේ අඛණ්ඩ ජනතා ව්‍යාපාරයට එක්වන ලෙසට නිතිඥ එකමුතුව, යහපාලනය අපේක්ෂා කරන සියලූ දෙනාගෙන් ඉල්ලා සිටි. මෙම ආයචනයට වෟතීය සමිති ඇතුලූ සිවිල් සංවිධාන ගණනාවක ගේ සහය පළව තිබේ.

ඡන්දයෙන් පරාජයට පත්වු මහින්ද රාජපක්ෂව බලයේ තබා ගැනීමට උත්සහ කළ මොහුගෙන් දැනටමත් රහස් පොලීසිය ප‍්‍රශ්ණ කර තිබේ. මෛත‍්‍රිපාල සිරිසේන මයා ඉදිරිපත් කළ දින 100 යේ වැඩ පිළවළේ එක් අංගයකි මොහාන් පිරිස් තක්කඩියා පන්නා දැමිම. 

Tuesday, January 20, 2015

නීතියේ ආධිපත්‍යය හා යහපාලනය සංවාදය,


ආසියානු මානව හිමිකම් කොමිෂමේ (හොංකොං) අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග නීතියේ ධිපත්‍යය හා යහපාලනයතේමාව යටතේ පැවැත්වෙන සාකච්ඡාව, 2015 ජනවාරි 23 (සිකුරාදා), පෙ.ව. 9.30 - ප.ව. 1.00 දක්වා කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය,ශ‍්‍රවණාගාරයේදි පැවත්වීමට නිමිතය.
ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකළ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතාට පසුගිය දා විකල්ප නොබෙල් ත්‍යාගය ලෙසට හඳුන්වන රයිට් ලයිව් හුඞ් අවෝර්ඞ් (Right Livelihood Award)  ජාත්‍යන්තර සම්මානය පිරිනමනු ලැබීය.
පසුගිය කාලපරිච්ෙඡ්දය තුළ ඔහුට තම මව් බිමට එ්මට හැකියාවක් නොතිබූ බව ඔබ සැම දන්නවාට සැකයක් නැත. විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව පිළිබඳ සෘජුව මැදිහත්ව කටයුතු කළ ඔහු අදාළ ප‍්‍රකාශන ගණනාවක් ද සම්පාදනය කර ඇත. තවද ඔහු ලේඛකයෙකු හා කවියෙකු බව ද සඳහන් කිරීමට කැමැත්තෙමු.

ඒ් මහතා ෙමම මස 25 දින පානදුරෙය්දි හා 27 වන දින මහනුවර දි පැවැත්ෙවන සංවාද වලට ඒක්වීමට නියමිතය.


යහපාලනයකට ඉඩ සලසමින් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් නීති තනතුරුවලින් ඉල්ලා අස්වනු.


මෙම ඉල්ලීම කරන ජනසංසදය සිය කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්නේ නැති නම් ඉල්ලා අස්වන ලෙසට බල කළ යුතු බව කියා සිටී. විවෘත ලිපියකින් මෙම ඉල්ලීම කර තිබේ. සම්පුණ ලිපිය හා සිවිල් සංවිධාන වෙත කරන ලද ආයාචනය පහත දැක්වේ.
2015.01.19 දින දී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අයුතු ලෙසට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ඉවතට දමමින් සම්මත කරගත් ඊනියා 18 වන සංශෝධනය යටතේ, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධූරය හා කොමසාරිස් ධූර නිවටලෙස ලබාගෙන, රාජපක්ෂ රෙජිමයේ සියලූ මානව හිමිකම් උල්ලංඝණයන් සාධාරණීය කරමින් කටයුතු කළා පමණක් නොව, සාමාන්‍යය ජනතාව මුලා කර නොමග යැවීමට ද, තව දුරටත් ඔවුන් ව පීඩාවට පත් කිරීමට ද කටයුතු කළේ ය.
එපමණක් නොව, කොමිෂමේ දුෂිත නිලධාරීන් ආරක්ෂා කරමින්, අල්ලස හා දුෂණයට මං පෑදුවේ ය. කොමිෂම හමුවට, යුක්තිය අපේක්ෂාවෙන් එන සාමාන්‍යය ජනයා පීඩාවට පත් කළේ, දුෂිත, නීති විරෝධී කි‍්‍රියාවන්හි නියැළි රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට ය; තෘප්තිමත් කිරීමට ය.
හිටපු ජනාධිපතිගේ දුෂිත පාලනය රැුක ගනිමින්, දුෂිත ක‍්‍රියාවන්ට හවුල් වෙමින් නීතිඥ නිමල් පුංචිහේවා මහතා අතිරේක ලේකම් පදවියේ රැුඳී සිටින්නේ මු`ඵ ලොවම පිළිගත් තනතුරු දැරීමේ පටිපාටියන් කෙලසමින් ය; නීති විරෝධීව ය; හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවශ්‍යතා පිරිමැසීමට ය.
නීතියට පටහැනිව දුෂිතව තනතුරුවලට පත්කිරීම මෙන්ම දුෂිත ආකාරයට ලබාදෙන පත්වීමී බාර ගැනීම ද එක හා සමාන වරදවල් ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව ජනතාව දෙන ලද ඡුන්දය, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ සභාපති, කොමසාරිස්වරු, අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප‍්‍රමුඛ දුෂිත නිලධාරීන්ට විරුද්ධව දෙන ලද ඡන්දයකි.
ජනාධිපති ධුරයට පොදු අපේක්ෂක ලෙසට මෛත‍්‍රීපාල සිරිසේන මහතා බහුතරය ඡුන්දයේදී බලයට පත් කළ එක් ප‍්‍රධාන කාරණයකි, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති විරෝධී ව පත්වීම් ලබාගෙන ධුර හොබවන සභාපති, හිටපු විනිසුරු ප‍්‍රියන්ත පෙරේරා වන ඔබ ඇතු`ඵ සියලූ ම කොමසාරිස්වරු හා එ් ආකාරයෙන් ම පත්වීම් ගෙන සිටින අතිරේක ලේකම් නීතිඥ නිමල් පුංචිහේවා ඉවත් කරවීම
එ් නිසා, නොපමාව ඔබ සියලූ දෙනා හොබවන තනතුරුවලින් ඉල්ලා අස්ව, යහ පාලනයට ඉඩ සලසන ලෙසට ඉල්ලා සිටිමු. ස්තූතියි. අ.ක/චිත‍්‍රාල් පෙරේරා (ලේකම්) ජනසංසදය
සියලූ ම සිවිල් සංවිධාන, වෘතීය සමිති, දේශපාලන පක්ෂ, යහපාලනය අපේක්ෂා කළ පුරවැසියන් අමතන ලද ලිපිය.
ගරු ස්වාමින්වහන්ස, පුජක තුමනි, මහත්මයාණනි/මහත්මාවනි
  යහපාලනයකට ඉඩ සලසමින් තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට කරණු ලබන ඉල්ලීම.
උක්ත මාතෘකාව යටතේ අප විසින් ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් වෙත යවන ලද ලිපිය මේ සමග අමුණා ඇත. අනෙකුත් ආයතනවල තනතුරු හොබවන දුෂිත නිලධාරින් මෙන්ම, ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති, කොමසාරිස්වරු හා අතිරේක ලේකම් බලයේ රැඳිසිටීමට උපරිම උත්සාහය ගන්නා බව ඔබ හොඳින් දන්නා කරුණකි. මෙම පිරිස ස්වේච්ඡාවෙන් තනතුරු අතහරින්නේ නැත. මොවුන් කිසිවකුටත් ආත්මගරුත්වයක් නැත. ප‍්‍රතිපත්තියක් නැත. සොරකම් කිරිමට අයුතු ලාබ ප‍්‍රයෝජන ලබා ගැනීමට  ඕනෑම අයෙකු ඉදිරියේ දණින් වැටීමට සුදානම් පිරිසකි. අංශු මාත‍්‍රයක් හෝ ගරුත්වයක් මොවුන් ගේ එකෙකුට හෝ තිබුණා නම් මේ වනවිටත් තනතුරු අතහැර ගොස්ය.
දින 100 ගැන බලාපොරෙත්තු තබා ගෙන සිටිය යුතු අවස්ථාවක් නොවන බව ප‍්‍රකාශ කරමු. මොවුනට ඉවත් වන ලෙසට ඉල්ලා සිටින්න, බල කරන්න, එ් සඳහා බලපෑම් කරන්න, ඉදිරියට මොවුන් හමුවීමේන් වළකින්න. මොවුන්ගේ ආරාධනයෙන් හෝ සහභාගීත්වයෙන් පැවැත්වෙන කිසිදු රැුස්වීමකට, සාකච්ඡුාවකට, සම්මන්ත‍්‍රණයකට සහභාගි නොවීමෙන්, අප‍්‍රසාදය හා විරෝධය පළකරන්න. එම බලපෑම මෙම පිරිසේ ආයු කාලය අවසන් කිරීමට උපකාරි වන බව විශ්වාසයෙන් යුතුව ප‍්‍රකාශ කරමු. යහපාලනයක් උදෙසා තර්ජන ගර්ජනවලට පමණක් නොව රැුකියා හා ජිවිත පරදුවට තැබූවන්ට ගරු කිරිම උදෙසා මෙවන් පියවර ගතයුතු ව තිබෙන බව ද අප විශ්වාස කරමු.
ස්තුතියි, චිත‍්‍රාල් පෙරේරා.(ලේකම්)

සැ:යු:- මෙවන් බලපෑම් පොලිස් කොමිෂම ඇතුලූ අනෙකුත් කොමිෂන් හා ආයතන වෙත කළ යුතුව තිබේ.

Thursday, January 15, 2015

මහමත් තුමාගේ කාටූන පළ කිරීම, මාධ්‍යවේදීන් මරා දැමීමෙන් වළක්වා ගන්නට බැරිවෙයි.




පසුගියදා, ප්‍රංශයේ විකට සගරාවක් වන චාලි හෙබ්ඩො (Charlie Hebdo) සගරාවේ මුල් පිටුවේ, මහමත් තුමාගේ කාටූනයක් පළ කිරීම නිසා, එම කාර්යාලයට කඩා වැදුනු සන්නද්ධ කල්ලියක්, එහි කතුමඩුල්ලේ සාමාජිකයින් 10කු හා ආරක්ෂක පොලිස් නිලධාරීන් 02කු මරා දැම්මේය.

මෙම ඝාතනය, ඉස්ලාමීය අන්තවාදී අල්කයිඩා සංවිදානය විසින් කරනු ලැබීය. මෙම ඝාතනයට යොදා ගනු ලැබුවේ ප්‍රංශ මුස්ලිම් සහෝදරයින් 02කි. මොවුන් අපරාධකරුවන් වන අතර, අල් කයිඩා සාමාජිකයින් ය.

සෑම ආගමක්ම, දේශාපලකයින්ව හාස්‍යයට ලක්කරන, කාටූන් රැගත් සති පතා පළවන විකට සගරාවක් වන චාලි හෙබාඩෝ, හැටදහසකටත් වඩා අඩු පාඨකයින් සිටින කුඩා පරිමාණයේ ප්‍රකාශනයකි.

මෙම ඝාතනයෙන් පසුව, මෙම සගරාවට තිබෙන ඉල්ලුම, මිලියන පහ දක්වා වැඩි වුනු අතර, සගරාව මිළදී ගැනීමට පෝලිම් ගැසී සිටින අයුරු දකින්නට ලැබින.

මහමත් තුමා කාටුන් රැගත් නවතම කලාපය පලකිරීමෙන්, තම නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, මරා දැමීමෙන්, බිය ගැන්වීමෙන් කළ නොහැකි බව - යලිත් වරක් මාධ්‍යවේදීන් ඔප්පු කර සිටියේය.
ලොව පුරා හිස ඔසවන ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව, විශේෂයෙන් යුරෝපය පුරා ‍ගොඩ නැගෙන මුස්ලිම් විරෝධය, මෙම ඝාතනය සමග උත්සන්නව තිබේ.

චාලි හෙබ්ඩෝ සගරාවේ, මහමත් තුමා නිරූපණය කරන කාටුන්, මේ වන විට, තුර්කියේ පුවත්පත්වල පවා පළකිරීමට පටන්ගෙන තිබුනා.

චාලි හෙබ‍ඩෝ සගරාව ප්‍රකාශ කරන්නේ තමාගේ අවිය පැන්සල හා කඩදාසි බවයි.

තම අදහස් පළ කිරීම මගින් යමෙකුට සිත් රිදුනාට කළහැකි දෙයක් නැති බවද ඔවුන් ප්‍රකාශ කරයි. මෙම විකට සගරාව හාස්‍යයට ලක්කරන්නේ මහමත් තුමාව පමණක් නොවේ. ක්‍රිස්තියානි, යුදෙව් ආගම් වල නායකයින් ද, ප්‍රංශ ජනාධිපති ඇතුඵ ලොව ප්‍රකට පුද්ගලයින්වද මෙම සගරාව විසින් හාස්‍යයට ලක්කර තිබේ.

ප්‍රංශයේ මෙන්ම, යුරෝපයේ මධ්‍යස්ථ ඉස්ලාමීය නායකයින් හා මුස්ලිම් බැතිමතුන් මෙම ඝාතනය හෙළා දැකීමට වීථි බසින ලද අතර, තම සිත් රිදුනත්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට, ඕනෑම ආගමක් දහමක් විවේචනය කිරීමට තිබෙන අයිතිය පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, යුරෝපය, සංක්‍රමික ජනයාට එරෙහිව ඒකරාශී වන අන්ත දක්ෂිනක කණ්ඩායම්, ප්‍රංශය ඇතුලු යුරෝපා රටවල් ගණනාවක මුස්ලිම් දේවස්ථානවලට පහරදී තිබේ. කදින් වෙන්කල ඌරුහිස්, දේවස්ථාන භූමි වල දමා තිබෙනු දකින්නට ලැබින. තාප්පවල ඉස්ලාමීය විරෝධී සටන්පාඨ ලියා තිබින.
නවතම කලාපය 

Add caption



Wednesday, January 14, 2015

ඔජඩ දේශාපලනයේ කටවුට් කෙළිය.

                                               


රාජපක්ෂ, රජෙක් කරන්නට ආරම්භ කළ ඔජඩ දේශපාලනයේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබලතම කොටස වූයේ පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ ගැසූ දැවැන්ත කටවුට්ය.

මෙම කටවුට් කෙළිය ඊළගට රාජපක්ෂ ගැත්තන් විසින්ද නොඅඩුව අනුගමනය කළේය.

මේ සියල්ල මගින් මහජන මුදල් විනාශ කළ අතර, පරිසරය කා දමන ලදි.

යහපාලනයක් ඇති කිරීමේ සටන් පාඨය ප්‍රමුඛ කරගෙන පෙරට ආ, මෛත්‍රීපාල සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරය සදහා කටවුට්, උපයෝගී කර‍ගත්තේ නැති තරම්ය.

ඔහුගේ ජයග්‍රහනයෙන් පසුව, ඔහුගේ ඡායාරූප ඇතුලත් පෝස්ටර් ලංගම බස්රථවල සමහරක අලවා ගෙන තිබෙනු දකින්නට ලැබින.

ඒ අතර, 365 දවසේම ප්‍රදර්ශණය වූ මහින්ද රාජපක්ෂගේ හා රෙජිනෝල්ඩ් කුරේ වැන්නන්ගේ රූප රැගත් දැවැන්ත කටවුට් එකක් පානදුර ඔරලෝසු කණුව අසල ප්‍රධාන මං සංධියේ ඉදිකර තිබුනා.
ජනපති මැතිවරණයෙන් පසුව, එම පුවරුවේ රාජපක්ෂ හා කුරේ මුහුණත් තහඩු නැත. අච ඒහි මෛත්‍රීපාල සිරිසේන හා නන්දන ගුණතිලක ෙග් මුහුණු අලවා තිබේ.

මෙය යලිත් මජඩ දේශපාලනයට පිවිසීමේ මං සලකුණු ද ? අසන්නට සිදුව තිබේ.

කටවුට් දේශපාලනය වහා අවසන් කල යුතුව තිබේ.


Tuesday, January 13, 2015

අප්පච්චී! පප්පච්චී !!




අපරාජිතව සිටින්නට, හෙළයේ සියලු දරුවන් ජාතක කළේ තමා බව පවසමින්, නොදරුවන් ලවා, මැතිවරණයට පෙර, ප්‍රචාරය කළ අප්පච්චී අප්පච්චී සිංදුව, තමන්ට කරන ලද නින්දාවක් ලෙසට තේරුම් ගත් කුඩා දැරියන් පිරිසක් පප්පච්චී පප්පච්චී කියමින්, උඩ පනිමින් කියන්නට පටන් ගත්තේ පසුගියදා ඔවුන් අතට පත්වූ පාසල් නිල ඇදුම් සදහා ලැබූ රෙදි පාර්සලය තුල ද, රාජපක්ෂගේ පණිවුඩය දැකය.

පෙර දිනයේ ඩිපෙන්ඩිර් යවා, තෝරාගත් කුඩා දරුවන් රැස්වීම් ඉදිරිපිටට පෙළ ගස්වා, ඔවුන් වඩාගෙන රග දක්වමින්, නැටූ නාඩගමට රැවටුනු පිරිසක්ද විය. ඔවුන් ගැන අනුකම්පා කල යුතුය.


මෛත්‍රී පාලනය මෙවන්, ඔජඩ වැඩ නොකරනු ඇතැයි යන්න අපේක්ෂාවයි.

Friday, January 9, 2015

ශ‍්‍රී ලංකාව: ජනතා ජයග‍්‍රහණයට සුභපැතුම්; අගවිනිසුරට ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු දෝෂාභියෝගයට ලක් කළ යුතුය

                                                                                 (ආසියානු මානව හිමිකම් කොමිසමෙන් ප‍්‍රකාශයක්)
රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සඳහා ශ‍්‍රී ලාංකිකයන්ගේ කැපවීම දැඩි ලෙස තහවුරු කරන ජනතා තීරණයේ ප‍්‍රතිඵලක් ලෙස ශ‍්‍රී ලංකාවේ දේශපාලන දිවියේ තීරණාත්මක නව අදියරක් උදා වී ඇත. නව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ නව ප‍්‍රජාතාන්ති‍්‍රක සන්ධානයේ ජයග‍්‍රහණය පොරොන්දු වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය සහ සෙසු ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ජනතාව විසින් ලබාදුන් වරමකි. සියල්ලටම පෙර මේ වරම,  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17වන සංශෝධනය ස්වයංක‍්‍රීයව සකි‍්‍රය කරවමින්   18 වන සංශෝධනය වහාම අහෝසි කිරීම සඳහා ලබාදුන් ජන වරමක් වන අතර, ඉන්පසු රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බලගැන්වීම සඳහා බාධක වශයෙන් පවතින 1978 ආණ්ඩුක‍්‍රමයේ සියලූ අනර්ථකාරී වගන්ති ඉවත් කළ යුතුය. ලෝකයේ අන් කිසිදු තැනක විධායක ජනාධිපතිවරයා හට පරම බලය පාවිච්චි කිරීමට මෙතරම් බලතල ලබාදී නැති බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය. ඇමරිකා එක්සත් ජනපදය සහ ප‍්‍රංශය වැනි රටවල් ජනාධිපතිවරයාගේ බලතල සීමා කර තිබෙන්නේ ඔවුන්ගේ ජනාධිපතිවරුන් විස්තීරණ ආයතනමය රාමුවකට බැඳ තැබීමෙන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නීතියේ ආධිපත්‍යයත් උත්තම්භනය වන තිතර සම්ප‍්‍රදායන්ට බැඳ තැබීම මගිනි. ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රමයේ තිබෙන අනර්ථකාරී ප‍්‍රතිපාදනයන් හැකි තාක් කඩිනමින් ඉවත් කළ යුතුය. මාධ්‍ය නිදහස ට බාධා කිරීම, මාධ්‍යවේදීන්ට හා සෙසු මත දරන්නන්ට සිදුකරන පහර දීම් වැනි ජනතා සහභාගිත්වය සඳහා වන සියලූ බාධක අවසන් කළ යුතු අතර, ඒ අනුව ජනතාවට එකී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා දායක විය හැකිය. 
මැතිවරණ කොමසාරිස්ට ආචාරය
විධායක ජනාධිපතිවරුන් කිහිප දෙනෙකු විසින් සිදුකළ බරපතළ ප‍්‍රහාරයන් තිබියදීත්, නිදහස් හා සාධාරණ මැතිවරණවලින් තොරව පැවති රටක් වශයෙන් ලංකාව නැවත වරක් සනාථ කර තිබෙන්නේ එහි මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යූහය තවමත් පවතින බවයි. 1931 වසරේදී හඳුන්වා දුන් ඡුන්ද බලය ශ‍්‍රී ලංකාවේ දේශපාලන ව්‍යූහයේ සහ ජනතාවගේ මානසිකත්වයේ තිර අංගයක් බවට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන්, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා අයිතිය ධෛර්යමත්ව ආරක්ෂා කරදීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත විය යුතුය. ඔහු සහ ඔහුගේ කණ්ඩායම ජනතාවගේ නියම ගරුත්වය ලබාගෙන ඇති අතර, ඉදිරි අනුප‍්‍රාප්තිකයන් විසින් ද කි‍්‍රයා කළ යුතු අන්දම පිළිබඳව පූර්වාදර්ශයක් ලබාදී තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා විසින් ගන්නා ලද ශක්තිමත් ස්ථාවරය, 17 වන සංශෝධය යටතේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හැකිතාක් ඉක්මනින් පිහිටුවීම දක්වාම වැඩිදියුණු වේ යැයි විශ්වාස කෙරේ. 
සියලූ ප‍්‍රජාතාත්ත‍්‍රික ආයතන ශක්තිමත් කිරීම
1978 ආණ්ඩුක‍්‍රමයේ අරමුණ වූයේ ශ‍්‍රී ලංකාවේ සියලූ ප‍්‍රජාතාන්ති‍්‍රක ආයතන විනාශ කිරීම නොවේ නම් අඩපණ කිරීමය. අවසාන වශයෙන් ශ‍්‍රී ලාංකික ජනතාව එහි ඇති භයානකකම වටහාගෙන පොලිස් සේවය, මැතිවරණ කොමසාරිස් ධුරය, සිවිල් සේවය, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිසම සහ සෙසු සියලූ ඒ හා සබැඳි ආයතන වැනි ශ‍්‍රී ලංකාවේ මහජන ආයතනවලට එල්ල වී තිබෙන සියලූ මර්දනයන් අවසන් කරනු වස් එක හෙළා ඡුන්දය ප‍්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන්, නීතිියේ ආධිපත්‍යය නැවත පිහිටුවීමේ දැක්මෙන් බලන විට ශ‍්‍රී ලංකා පොලිසියේ ස්වාධීනත්වය තහවුරු කිරීම ප‍්‍රමුඛතර දෙය ලෙස පවතියි. පොලිසිය ප‍්‍රධාන නීති සාධන ආයතනය බවට පත් කළ යුත්තේ නීතියේ ආධිපත්‍යය සුරකිමින් සහ ජනතාවට විවිධාකාර කි‍්‍රයාකාරකම්වල නිතර වීම සඳහා ආරක්ෂිත වාතාවරණයක් ඇති කරමිනි. පොලිස් ආයතනය ට හානිකර බොහෝ දේ සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් ‘දේශපාලනීකරණය’ යන ජනපි‍්‍රය යෙදුමෙන් හැඳින්වෙන, දේශපාලනඥයන් සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා පොලිස් සේවය පාලනය කිරීම යන සරල අදහස වැදගත්ම බාධකයයි. මේ ක‍්‍රමයේ කොටසක් බවට පත්ව තිබෙන එබඳු සෘණාත්මක කි‍්‍රයාදාමයක් ප‍්‍රමාණාත්මක ලෙස සමාලෝචනය කළ යුතු වන අතර ඒවා ඉවත් කිරීම සඳහා ප‍්‍රතිශෝධන පියවර ගත යුතුය. 
සීඝ‍්‍ර ආර්ථික දියුණුවක් ල`ගා කර ගැනීම සහ සියලූ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම යන දෙයාකාරයෙන්ම ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කර තිබෙන එක් ප‍්‍රමුඛතර කරුණක් වනුයේ ශ‍්‍රී ලංකා පොලිසිය නවීකරණය කිරීමයි. රටේ පවතින පැරණි මොඩලයේ පොලිස් ක‍්‍රමය නවීන ජාතියක සංකීර්ණතාවට සරිලන සේවා ලබාදීමට අපොහොසත් ය. බි‍්‍රතාන්‍යය විසින් හඳුන්වා දුන් බි‍්‍රතාන්‍ය-අයිරිෂ් මාදිලියේ පොලිස් ක‍්‍රමය ලෝකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් උකහා ගැනීමට අසමත්ව තිබෙන අතර, මේ අනුව යල්පිනූ ආයතනයක් බවට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව වැනි යටත් විජිත මෙන් නොව, ලන්ඩන් නගරයේ වැඩිදියුණු කර තිබෙන්නේ සම්මුතිය මගින් හඳුනාගත්-නාගරික ක‍්‍රමයේ පොලිසියකි. මෙවැනි පොලිස් ක‍්‍රමයක් ශ‍්‍රී ලංකාවේ ආයතනයික රාමුවේ කිසිකලෙකත් කොටසක් නොවීය. මේ අනුව අවශ්‍ය වී තිබෙන්නේ රැුඩිකල් ක‍්‍රමයේ නැවත ගොඩනැංවීමකි. නූතන හැකියාවන් ළ`ගාකර ගැනීමේ මෙම ප‍්‍රමාද වූ කාර්යය ඉටුකිරීමට සහ පොලිසිය පිළිබඳ තිබෙන ප‍්‍රතිරූපය වෙනස්කිරීමට පොලිස්පතිවරයා සහ උසස් නිලයන් විසින් එළඹෙනු ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම විශ්වාස කරයි. 
භීතියේ සහ විනිර්මුක්තියේ සංස්කෘතිය අවසන් කිරීම
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමග ආරම්භ වූ මෙම සංස්කෘතියට, ආණ්ඩුවේ බලධාරිත්වයෙන් යුත් අධිකරණමය නොවන ඝාතන, බලහත්කාරයෙන් සිදුකරන අතුරදන් කිරීම් ද ඇතුලූව, සියලූ පොලිස් ස්ථානවල පුරුද්දක් වශයෙන් සිදුකෙරෙන වධහිංසාව, ආණ්ඩුවේ සියලූ විරුද්ධවාදීන් හට මරණ තර්ජන සිදුකිරීමේ ආරක්ෂක උපක‍්‍රමය සහ හමුදා, පොලිස් හෝ සමාන්තර හමුදා සේවයට අයත් වරදකාරී නිලධාරීන්ට නඩු පැවරීමට සහ ඔවුන්ව විමර්ශනයට අසමත්වීම ඇතුළත් ය. මේ ගැටලූව සම්බන්ධයෙන් විචාරාත්මක විමසීමක් සහ එය නතර කිරීම සඳහා ගත යුතු පියවර, පොලිස් සේවය නවීකරණය කිරීමේ එක් සංරචකයක් විය යුතුය. 
හොංකොං හි ICAC ආකාරයේ දූෂණ මර්දන කොමිසමක් සංස්ථාපනය කිරීමේ වැදගත්කම
ශ‍්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසම ජනතාවගේ අවමානයට ලක්ව ඇත. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ මේ කොමිසම නිවාඩු යවා ඇත්තා සේය. එම කොමිසම විසින් සිදුකරතැයි අපේක්ෂිත නීත්‍යානුකූල කාර්යයන් එය ඉටුනොකරන බව සහතික කරන්නට ආණ්ඩුව පියවර ගත්තේය. මේ දක්වා බිහිවූ ශී‍්‍ර ලංකාවේ සියලූ ආණ්ඩු, අල්ලස සහ දූෂණය පිටුදැකීම සඳහා කිසිදු බරපතළභාවයකින් යුතුව අරගල කිරීමට සමත් වී නැත.
ශ‍්‍රී ලංකාවේ ආර්ථික දියුණුව සඳහා මෙන්ම රට තුළ නීතියේ ආධිපත්‍යය ද සුරක්ෂණය වීම සඳහා ගත යුතු තවත් එක් ප‍්‍රබලතම පියවරක් වන්නේ අල්ලස හා දූෂණයට එරෙහි සැබෑ කොමිසමක් පිහිටුවීමයි. දූෂණය මර්දනය කිරීම සඳහා වන බලාත්මක රාජ්‍ය ආයතනය සඳහා ලොව පුරා උදාහරණ ගණනාවක් තිබේ. එවැනි එක් ආයතනයක් වන්නේ හොංකොං හි පිහිටා තිබෙන දූෂණයට එරෙහි ස්වාධීන කොමිසමයි. 
නව ජනාධිපතිවරයා ව අනාගතයේ කෘතවේදිත්වයෙන් යුතුව සිහිපත් කළ හැකි, ඔහු විසින් ලබා යුතු එක් විශාල දායකත්වයක් වන්නේ දූෂණය සමග සටන් කරන එවැනි විශ්වාසනීය ආයතනයක් පිහිටුවීමයි. නව ජනාධිපතිවරයා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ මෙවැනි කොමිසමක් පිහිටුවීම සඳහා ප‍්‍රමුඛත්වය ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරමු. එය, අලූත තේරී පත්වූ ආණ්ඩුවට, මහින්ද රාජපක්ෂගේ පෙර ආණ්ඩුව මෙන්ම සිය විධිනියම පත‍්‍රයට ද්‍රෝහී වනු ඇත්දැයි ජනතාව තුළ තිබෙන බිය ඉවත් කළ හැකි එක් මගක් වේ. 
අධිකරණයේ ස්වාධීනත්වය: අග විනිසුරු මොහාන් පීරිස් දෝෂාභියෝගයට ලක්කිරීමේ අවශ්‍යතාවය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කීර්තියට ඇති වූ අති දැවැන්ත කැළලක් වූයේ ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු පදවියෙන් නීතිවිරෝධී ලෙස ඉවත් කිරීමයි. අධිකරණයේ ස්වාධීනතාවයට එල්ල වූ එවැනි ප‍්‍රහාරයක් නැවත ඇති නොවන බව සහ එවැනි ප‍්‍රහාරයකින් ආරක්ෂා වීමම සඳහා සුරක්ෂණයන් ඇති කරන බවට ශ‍්‍රී ලංකා ජනතාවට නැවත සහතික විය යුතුය. 
මේ සම්බන්ධයෙන් කළයුතු පළමු පියවර වන්නේ දැනට පදවියේ සිටින ඞී ෆැක්ටෝ අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කිරීමයි. ඔහු එසේ අස් නොවන්නේ නම් දෝෂාභියෝගයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය අර්ථයන් තුළ එසේ කළ යුතු වේ. ඔහුගේ කිළිටි වෘත්තීය ජීවිතය, ඔහු ව දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා පමණටත් වැඩි පදනමක් සපයයි. තවද මේ සමග විනිසුරුවරුන් පත්කිරීම, මාරුකිරීම සහ ඉවත්කිරීම සම්බන්ධ කි‍්‍රයාවලියේදී දේශපාලනමය අතපෙවීම් ඉවත්කිරීම සඳහා සියලූ පියවර ගත යුතුය. 17 වන සංශෝධනය වහා බලාත්මක කිරීම මෙයට දායක වනු ඇත. මේ හැරුණු විට, විනිසුරුවරුන් විසින් සිදුකරන බලය අයුතු ලෙස යොදාගැනීම් හා දූෂණයන් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ක‍්‍රම නිර්මාණය කළ යුතුය. තවද එබඳු පැමිණිලි විශ්වාසනීය ලෙස සහ  සීඝ‍්‍රයෙන් විමර්ශනය කර සුදුසු පියවර ගත යුතුය.  
සිවිල් සමාජය
පෙර පැවති ආණ්ඩුවේ සිරිතක් වූයේ සිවිල් සමාජයේ කි‍්‍රයාකාරකම් රටට පහරදීමක් සේ පෙන්වීමයි. ජනතාව දේශපාලනයට මැදිහත්වීම සීමාකිරීමට බොහෝ දේ කරන ලදී. එම ප්‍රොපගැන්ඩාව ඉවත්කිරීමට සහ සිවිල් සමාජයේ සියලූ ආයතනවලට ජාතියේ කි‍්‍රයාකාරිත්වයට දායක වීමට හැකි වන පරිදි දැඩි පරිශ‍්‍රමයන් ගත යුතුය. 
මෙතරම් දශක ගණනක් 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කි‍්‍රයාත්මක වීමට ඉඩ දී තිබීම ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජයට එක් වූ කැළලක් ලෙස පවතියි. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුලපටන්ම විරෝධය දැක්විය යුතුව තිබිණි. සිවිල් සමාජය එවැනි විරෝධයක් දැක්වීමට අසමත් වූයේ මන්ද යන්න ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කළ යුතු වන අතර, ලිබරල් ප‍්‍රජාතාන්තී‍්‍රය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා සිවිල් සමාජයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කළ යුතුය. මෙම සෘණාත්මක අත්දැකීම නැවත වරක් අත්විඳීමට ඉඩ නොතැබිය යුතුය. 
ජාතික ශක්තිය සඳහා අලූත් සමීකරණයක්: සුලූතරය සහ බහුතරය එක්ව නැගී සිටීම
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක්වූ සෑම තීරණාත්මක අවස්ථාවකදීම දමිල, මුස්ලිම් සහ සෙසු ආගමික සුලූතරයන් හෙවත් සුලූ ජාතික ප‍්‍රජාව සිංහල බෞද්ධ බහුතරය සමග එක්ව නැගී සිටියහ. මෙම මැතිවරණය එයට තවත් එක් නිදසුනකි. මෙම ප‍්‍රතිඵලය මගින්, ශ‍්‍රී ලංකාවේ මහත් දුක්ඛයන් සහ අහිමිවීම් නිර්මාණය කළ ප‍්‍රධාන ගැටලූවලින් සමහරක් විසඳීම සඳහා ජන සංජානනය යොදාගැනීමටත්, සුලූතරයට සහ බහුතරයට ස්වකීය නිර්මාණාත්මක හැකියාවන් භාවිතා කිරීමටත් හැකිවන සමීකරණයක් සපයයි. 
අවශ්‍ය වන්නේ සමාජයේ සියලූ කොටස් කතිකාවතට සම්බන්ධ වී, සාධාරණ සම්මුතියක ජීව ගුණයක් තුළ දේශයට පීඩා කරන සියලූ ගැටලූ නිරාකරණය කර ගත හැකි බව විශ්වාස කිරීමයි. නව ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ සන්ධානයද, සුලූ ජාතික පක්ෂ ඇතුළත්ව සියලූ දේශපාලන පක්ෂ ද එකිනෙකාට උපකාර කරගත හැකි මෙම නව දේශපාලන සහයෝගිතා සමීකරණය තුළ වැඩ කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. 
නැවත වරක් සිය දේශපාලනමය බුද්ධිමත්භාවය සහ ප‍්‍රඥාව විදහා දැක්වූ ශ‍්‍රී ලාංකේය ජනතාවට අපි සුබ පතන්නෙමු. එම බුද්ධිමත් භාවය සහ ප‍්‍රඥාව මේ රටෙන් කිසිදා නැති නොවේවායි ද පතන්නෙමු. අද සිදුවූ මෙම වෙනසේ ප‍්‍රතිඵලවල ප‍්‍රතිලාභය අනාගත පරම්පරාවන් ලබනු ඇතැයි අප විශ්වාස කරන අතර, අනාගතය පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂා නැවත කිසිදිනෙක පාවා නොදෙනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු.

Friday, January 2, 2015

රාජපක්ෂ මජඩ දේශපාලනය- අදත් (02දා) පොලීසියට යතුරු පැදි බෙදයි.


මැතිවරණ නිති උල්ලංඝණය කරමින් අද(02* පස්වරුවේ බජාජ් යතුරු පැදි 40ක් ලොරි 02කින් පානදුර දකුණ පොලීසියට ගෙඩබාන ලදි. මේ දෙස බොහෝ පිරිස් බලා සිටියේ දැඩි පිළිකුලයකිනි.

රාජපක්ෂලා දුප්පතාගේ වාහනයටත් කෙලින හැටි. ත්‍රීරෝද රථයකට රුපියල් 16,000/= ක් වැඩි පුර. ඒ හම්බන්තොට ඉඳලා කොළඹ ගේන්නලු.



හම්බන්තොට වරායට ගොඩබාන ත්‍රීරෝද රථයක් කොළඹට ගෙන ඒම සහා රුපියල් 16,000/= ක අතිරේක මුදලක් අයකරන බවත්, එකවර ත්‍රීරෝද රථ 10ක් පටවාගෙන එන බවත් වාර්තා වේ. ඒ් අනුව ත්‍රීරෝද රථ 10ක් ප්‍රවාහනය කිරිෙමන් රු. 1,60,000/= ක අතිෙර්ක මුදලක් සමාගමට හිමි වේ.

නමුත් මේ මුදලින් වැඩි කොටසක් ආණ්ඩුව ගන්නා බවත්, ඒ නිසා සමාගමට කළ හැක්කක් නැති බවත් වාර්තා වේ.


විවිධ ආකාරයෙන් ජනතාවගෙන් මුදල් ගරා ගන්නා රාජපක්ෂලා දුප්පතාගේ වාහනයටත් කෙලින හැටි මෙයින් පැහැදිළිය.