Tuesday, July 27, 2021

එන්නත් ප්‍රමාදය ආණ්ඩුවට සල්ලි නැති නිසාලු! රනිල් කියයි!! වසංගතය ව්‍යාප්තිය අතින් තමවත් 01 ඇමරිකාවයි. ඉන්දියාව 02, ලංකාව 68, චීනය 105

 

කොරෝනා වසංගතය මේ වන විට දේශපාලනීකරණය වි හමාරය. බහුජාතික ඖෂධ සමාගම් (BIG PHARMA) පවත්වගෙන ගිය ඒකාධිකාරිය ට මරු පහරක් වැදීම මෙයට හේතුවයි. එම සමාගම් වලට හා ඔවුන් සමග එක්ව ලොව පුරා රෝගීන්ව, ප්‍රාණ ඇපයට ගෙන ක්‍රියාකළ ඊනියා විශේෂඥයන්ට  මෙය දරා ගත නොහැකිව තිබේ.

බටහිර බලවතුන් ගේ පාලනයට අවනත විශේෂයෙන් සංවර්ධනය වන හා ඌන සංවර්ධිත රටවල් වලට බලපෑම් කිරීමට ''ඒන්නත" යොදා ගෙන තිබේ. තම රටවල ට ඇතුළුවීමට මෙම බහුජාතික සමාගම් වල නිෂ්පාදන එන්නත් ගත යුතු බවට අනිවාර්ය කර තිබීම මගින් එය තහවුරු කරයි. මෙම සමාගම් වල ඒජන්සි ලංකාවේ වසංගත මර්දන වැඩපිළිවෙළ අසාර්ථක කිරීමට පියවර ගනිමින් සිටී.

 වසංගතය පිළිබඳ ලෝක තත්ත්වය පිළිබඳ සටහනක් දක්වන්නෙ යථාර්ථය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමට ය.

 ඇමරිකා එක්සත් ජනපදයේ සෑම දස ලක්ෂයකටම සිටින රෝගීන් ගණන 105,937කි.  දස ලක්ෂයකට මිය යන ගණන 1882 කි.

 ඉන්දියාවේ දස ලක්ෂයකට සිටින රෝගීන් සිටින ගණන  22471කි. මිය ගිය යන ගණන 300කි‍.

 ලෝක සෞඛ්‍යය සංවිධානයේ ආසාදිත ලයිස්තුවේ 68 වන ස්ථානයේ සිටින ලංකාවේ දශසලක්ෂයකට සිටින රෝගීන් ගණන 13628 ක් වන අතර දශලක්ෂයකට මියගොස් තිබෙන සංඛ්‍යාව 186කි.

 එංගලන්තයේ යටත් විජිතයක් බවට පත්වීම අදටත් අපේක්ෂා කරන විවිධ අංශ නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන කරගෙන තොරතෝංචියක් නැතිව ෆොස්ට් දාන අය, බ්‍රිතාන්‍යයේ දශලක්ෂ්‍යකට 82592 ක් රෝගීන් සිටින බවත්, දශලක්ෂයකට මියගොස් ඇති සංඛ්‍යාව 1890 බවත් තවම සිටින්නේ හයවන ස්ථානයේ බවත් දැන ගත යුතුය.

 ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වන්නේ සල්ලි නැති නිසාද? එන්නත් ගන්නට බැරිව තිබෙන නිසාද? වෛරසය උපත ලැබූ චීනයේ දශලක්ෂයකට සිටින රෝගින් ගණන 64කි. මියගොස් තිබෙන සංඛ්‍යාව 03කි. ආසාදිත ලේඛනයේ සිටින්නේ 105 වන තැනය.

 ලංකාවේ සමහර දේශපාලඥයින් බහු ජාතික සමාගම් වල සෘජුව හා අනියම් ලෙස යැපෙතන වුවන්ය. මොවුන්ට අවශ්‍යව ඇත්තේ වසංගතය පැතිරවීම හා මරණ ගණන වැඩි වනු දැකිමය.

 සාමාන්‍ය ජනතාව මෙම වසංගතයෙන් ආරක්ෂා කිරීම වීම වළක්වාලීම සඳහා විවිධ වූ ක්‍රියාමාර්ග අඛණ්ඩව ගනි. මෙය ඔවුන්ගේ ප්‍රධාන උපාය මාර්ගයයි.

 

කුඩු බොන සැමියාට බිරිඳව බාර දුන්නේ, පහරදී, කොණ්ඬේ කපා දාන්න?

 


සැමියා කුඩුබොන නිසා වෙන්ව ජීවත්වූ 29 හැවිරිදි ස්ත‍්‍රියක්ව, පොලීසියට ගෙන්වා බිරිඳ අයිති සැමියාටයයි කියමින්, ඇයව බලහත්කාරයෙන් සැමියාට බාරදී, අපරාධයකට පොලීසිය හවුල් වීමේ පුවතකි මේ.

සියලූ විස්තර ඇය විසින් 01. පොලිස්පති,  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී- පානදුර හා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

 නීති විරෝධී නියෝග දීම, අත්අඩංගුවට ගැනීම හා අපරාධයක් වසන් කිරීම,

වින්දිතයින්ට ව්‍යාජ නඩු දමන බවට තර්ජනය කිරීම.

 තෙ. මු. .සි දර්ශනී, අවු: 29 යි, ජා.හැ.අ. 92-----V විවාහක, දරුවන් 01 යි, ලිපිනය : -----වත්ත, ----, වාද්දුව. දු.අ. 075--   2021.07.26 වන දින දීය.

2021.07.14 වන දින, රාත‍්‍රී 7.00 ට පමණ, පානදුර, නල්ලූරුව, දිබ්බැද්ද පාරට හැරෙන තැන, (ගාලූ පාර හංදියේදී) ------ කුමාර, කපිල --- යන දෙදෙනා පොල්ලකින් පහර දී, බිම වැටුන පසුද පහර දී, මාව නැගිට්ටුවා, මන්නයකින් මාගේ කොණ්ඩය කපන ලදි.

මට පහර දුන්න ඉහත දෙදෙනා, ත‍්‍රීරෝද රථයකට දමා ගත්තා. ඔවුන් පිංවත්ත පොලීසියට ගියා. මා, ත‍්‍රී රෝද රථයේ සිටියදී, පොලීසියේ සිටි නිලධාරියෙකුට, ---කුමාර, --- කුමාර යන අය මගේ කොණ්ඬේ කැපුවා කියා කිවිවා.

එම නිලධාරියා කිව්වා, රෝහලට ගෙනියන්න කියා. එ අනුව, මාව පානදුර මූලික රෝහලට ගෙන ආවා. මාව රෝහලට බාර දුන්නේ ----- කුමාර. මට, ප‍්‍රතිකාර ලබාදී, 3 වාට්ටුවට ඇතුළත් කළා.

එ වෙලාවේ එතනට, පිංවත්ත පොලීසියේ, ජයසිංහ (බොක්සර්) යන නිලධාරියා ඇතු`ඵ නිලධාරීන් තුන්දෙනෙකු පැමිණියා.

ජයසිංහ (බොක්සර්) නැමති නිලධාරියා මාගෙන්, මොකද වුනේ කියලා ඇහුවා. මම ඔහුට කිව්වා, ලසන්ත පුෂ්ප කුමාර පහර දුන් බව හා කපිල ප‍්‍රනාන්දු මාගේ කොණ්ඩය කැපූ බව. මාගේ කථාවට බාධා කරමින්, කොණ්ඩය කැපුවේ, සජිත් කුමාර නැමති අය බව ලසන්ත පුෂ්ප කුමාර කියා සිටියා.

එ වන විට, කපිල කුමාර යන අයද එතැන හිටියා. මා ඔහුව පෙන්නා කියුවා, කොණ්ඩය කැපුවේ, ඔහු කියා. ඉන්පසු ඔවුන් පිටව ගියා. මාව වාට්ටුවට ගෙන ගියා.

පසුදින, (2021.07.15) පානදුර රෝහල් පොලීසියෙක් පැමිණ, මොකද වුනේ කියා ඇසුවා. ප‍්‍රකාශයක් ගත්තේ නෑ.

 

2021.07.16 දින, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත මා ගෙන ගියා. ඔහුගේ කාර්යාලය අසල, පිංවත්ත පොලීසියේ කා.පො.කො. ධම්මිකා හිටියා. ඇය මගේ ප‍්‍රකාශය ලියා ගන්නට පටන් ගත්තා. ටිකක් ලියාගෙන, වෙනත් වැඩකට යන්න තියෙනවා කියා, මට ටිකට් කපාගෙන යන අතර, පිංවත්ත පොලීසියට එන ලෙසට දැනුම් දුන්නා. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මාව පරීක්ෂා කළා. ප‍්‍රකාශයක් ලබා ගත්තා. එදින දවල් ටිකට් කැපුවා.

මට දුන්න උපසේ අනුව, ටිකට් කපාගෙන යන අතර, පිංවත්ත පොලීසියට ගියා. එහිදී,  කා.පො.කො.  ධම්මිකා මාගේ පැමණිල්ල ලියා ගත්තා.

ඉන්පසු ඇය මට කිව්වා, අපරාධය කරන ලද පුද්ගලයින්ව, අත්අඩංගුවට ගන්නා බව. අවශ්‍යය වුනොත් නැවත කැඳවන බව කිව්වා.

එයින් පසුව, මා, වාද්දු, ------දරන තැන,  කුමාරගේ නිවසට පදිංචිය සඳහා ගියා. මා ඉදිරියේදී  කුමාර සමග විවාහ වීමට අපේක්ෂාවෙන් සිටිමි.

මෙම සිද්ධියට පසුබිම සංක්ෂිප්තව ප‍්‍රකාශ කර සිටිමි.

2016 වසරේදී, 27/4, ගල්වැටිමෝදර පාර, නල්ලූරුව, පානදුර පදිංචි ලසන්ත පුෂ්ප කුමාර සමග විවාහ වීමි. ඔහුගේ රැුකියාව, ලීබඩු පොලිෂ් කිරීම. ඔහුට දාව, 2016 දී පුතා ලැබුනා.

මා, ලසන්ත පුෂ්ප කුමාර හා එක්වූයේ ලෙබනනයේදී. දරුවා ලැබීමට 2016 දී ලංකාවට පැමිණියා. එසේ පැමිණ, 2016 සැප්තැම්බර් විවාහ වුනා.

එම වසරේදීම, නැවත ඔහු විදෙස්ගත වුනා. මා, සැමියාගේ ගෙදර නැවතුනා. 2018 දී සැමියා ලංකාවට පැමිණියා. ඔහු පැමිණියේ මත්ද්‍රව්‍යය වලට (හෙරොයින් වලට) ඇබ්බැහිව. මත්ද්‍රව්‍යය වලින් මිදීමට උපදෙස් දුන්නද ඔහු දිගටම මත්ද්‍රව්‍යය ගත්තා. එක් වරක් ඔහු, අත්අඩංගුවට පත්විය. නිරන්තරයෙන් ඔහු මට හිරිහැර කරන්නද පටන් ගත්තා.

එම පසුබිම තුළ, මා ඔහුගෙන් වෙන්වීමට තීරණය කළා.

මෙම පසුබිම තුළ, 2021.06.26 වන දින, මා හට බල කෙරුවා ඔහුගෙන් වෙන්වීමට. ගෙදරින් පිටවූයේ උදේ 10.00 ට පමණ.

2021.06.27 වන දින, `ඵයම 2.00 ට විතර, පානදුර දකුණ පොලීසියේ අමිල නිලධාරියා, තවත් තිදෙනෙක් සමග පැමිණියා. ඔවුන් සමග ලසන්ත පුෂ්ප කුමාර ද පැමිණියා.

ඔවුන්, මාව හා -- කුමාරව අත්අඩංගුවට ගත්තා. ---- කුමාරට මාංචු දමා, පහර දුන්නා.

පොලිස් නිලධාරීන් ඉදිරියේ, මාගේ බෙල්ලේ තිබූ, රු: 40,000/- ක් පමණ වටිනා මාලය, රු: 12,000/- ක් පමණ වටිනා කරාබු කුට්ටම ගලවා ගත්තා.

ඔවුන් අප දෙන්නාව පානදුර දකුණ පොලීසියට ගෙනවිත්, කූඩු දෙකක දැම්මා. එදින උදේ 9.00 ට පමණ, කූඩුවෙන් එළියට ගෙන, උඩ තට්ටුවට ගෙන ගියා. මාගෙන් හා --- කුමාරගෙන් ප‍්‍රකාශ ගෙන මාව මුදා හැරියා. ------ කුමාරව අත්අඩංගුවට ගත්තා. වරෙන්තුවක් තියෙනවා කියා.

පසුදින, 2021.06.28 දවල් 11.00 පමණ වනතුරු පොලීසියේ නීති විරෝධී ලෙස රඳවාගෙන හිටියා.

2021.07.13 වන දින, මට පිංවත්ත පොලීසියෙන් දුරකථන ඇමතුමක් දුන්නා, මාගේ පෙර සැමියා, -- කුමාර පැමිණිල්ලක් දමා ඇති බවට.

2021.07.14 දින, දහවල් 11.00 ට පමණ, --- කුමාර, ඔහුගේ මව හා පුංචි අම්මා පැමිණ, කෑ කෝ ගසා. ජනෙල් වීදුරු කඩා, රු: 3,000/- ක පමණ අලාභයක් කළා.

එ පිළිබඳව -- කුමාරගේ, ආච්චි, වාද්දුව පොලීසියට පැමිණිලි කළා. -- කුමාර ගේ මවට, රු: 3,000/- ක් ගෙවා සමථ වුණා.

එදින, 2021.07.14 දින සවස, පිංවත්ත පොලීසියේ දැනුම් දීම උඩ, සවස 4.00 ට පමණ පිංවත්ත පොලීසියට ගියා.

පෙර සැමියා,  කුමාර, ඔහුගේ මව, පුංචි අම්මා, අක්කා, මාගේ දරුවා පැමිණියා.

මා, පැමිණිල්ල කමක්ද කියා, නිලධාරියෙකුගෙන් විමසුවා. එවිට ඔහු කිව්වා, මම ගෙදරින් ගියා පැමිණිල්ලක් තියෙනවා කියා.

එවිට මා ඔහුට කිව්වා, 2021.06.26 දින පානදුර දකුණ පොලීසියේ මේ ගැන පැමිණිලි කළ බවත්, විස්තර කිව්වා.

මාව, ස්ථානාධිපතිවරයා ළඟට දැම්මා. ඔහු මට, කා.පො.කො. ඞී.එම්. ධම්මිකාට, කටු උත්තරයක් දෙන්න කිව්වා.

මා ඇයට ප‍්‍රකාහයක් දුන්නා.

එ අවස්ථාවේදී, කා.පො.කො. ඞී.එම්. ධම්මිකා, මට තර්ජනාත්මකව කිව්වා, තවමත් නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ---- කුමාර බවත්, එ නිසා මාව ඔහුට බාර දුන්නා.

මාව, මගේ උපන් ගම වන, බදුල්ලට, ඔහු ගෙන ගොස් බාරදෙන බවට, පොතේ අත්සන කළා යැයිද කිව්වා.

මම, , කා.පො.කො. ඞී.එම්. ධම්මිකාට, අඬලා කිව්වා, පෙර සැමියා මාගේ කොණ්ඩය කපන බවට තර්ජනය කරනවා, එ නිසා යන්න බෑ කියලා.

කා.පො.කො. ඞී.එම්. ධම්මිකා, මට තර්ජනය කර කිව්වා, අත්අඩංගුවට ගෙන කූඩුවට දානවා කියලා.

එ නිසා, ඔවුන් සමග එළියට ආවා. ඔවුන් මාව ත‍්‍රීරෝද රථයකට දමා ගත්තා.

ත‍්‍රී රෝද රථයේදී, පෙර සැමයා මට තර්ජනය කරන්නට පටන් ගත්තා. ඔහු මාව, ඔහුගේ ගෙදරට ගෙනියන්න, පාරට හරවන විට, මා කෑ ගැසුවා.

එවිට මා විවාහ ගිවිසගෙන සිටින, -- කුමාර, තී‍්‍ර රෝද රථය හරස් කර නැවැත්වූවා.

එ අවස්ථාවෙ ඔවුන්ගෙන් මිදී, මම, සුජිත් කුමාර සමග පැන දිව්වා. පෙර සැමියා හා කපිල ප‍්‍රනාන්දු, අප එළවාගෙන ඇවිත්, දිබ්බැද්ද පාර, (ගාලූ පාර) හංදිය අසලදී, අල්ලාගෙන ඉහත ස`දහන් කළ ආකාරයට, පහරදී කොණ්ඩය කැපුවා.

2021.07.22 වන දින, පිංවත්ත පොලීසිය, මට දුරකථනයෙන් කථා කර, අපරාධය කළ පුද්ගලයින් පොලීසියේ සිටින බැවින්, මට පොලීසියට එන ලෙසට දැනුම් දුන්නා.

මම ගියේ නෑ. 2021.07.23 දින, නැවත එන්න කිව්වා. නමුත් ගියේ නෑ.

2021.07.24, ස්ථානාධිපති, ජයසිංහ (බොක්සර්) හා තවත් නිලධාරියෙක් ත‍්‍රී රෝද රථයකින් මා පදිංචි, -- කුමාරගේ නිවසට පැමිණියා.

ඔවුන්, මාගෙන් පැමිණියේ නැත්තේ ඇයි කියා විමසුවා. මම කිව්වා, පොලීසියට ඇවිත් සිදුවුන දේ නිසා බයට ආවේ නෑ කියා.

එවිට, 2021.07.26 දින උදේ 10.00 ට පොලීසියට එන ලෙසට දැනුම් දී යන්න ගියා.

මට මහ පාරේදී පහරදී, කොණ්ඩය කපා දැමීමට, පෙර සැමියා -- කුමාර හා කපිල ප‍්‍රනාන්දු යන අයට ඉඩ ලබා දුන්නේ, පිංවත්ත පොලීසිය බව අවධාරණය කරමි.

මේ වන විටත්, පිංවත්ත පොලීසියේ කා.පො.කො. ඞී.එම්. ධම්මිකා නැමති නිලධාරිණිය,  038 2240020 අංකයෙන්, පොලීසියට එන ලෙසට බලපෑම් කරනවා.

පෙර සැමියා --කුමාර, 2021.06.26 දින, පානදුර දකුණ පොලීසියට කරන ලද පැමිණිල්ල, දින 17 කට පසුව, 2021.07.13 වන දින, නැවත පිංවත්ත පොලීසියට පැමිණිල්ලක් කර, එහි නිලධාරීන් හා එක්ව, කුමන්ත‍්‍රණකාරී ලෙසට, නීති විරෝධී ලෙසට මාව බලහත්කාරයෙන් ඔහුට (මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පෙර සැමියාට) බාර දී, මට පොලූවලින් පහරදී, කොණ්ඩය කපා දැමීමට ඉඩ ලබාදීම,

ඉන්පසුව නැවතත් පිංවත්ත පොලීසියට ගෙන්වා, පීඩාවට පත් කිරීමට ගන්නා උත්සාහය වළක්වාලන ලෙස හා මට සිදු කළ අපරාධය ගැන නීතිමය පියවර ගන්නා ලෙසට හා නීතියවිකෘති කළ පිංවත්ත පොලීසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටත්,

පවතින තත්ත්වය තුළ, පිංවත්ත පොලීසියට යෑමට හැකියාවක් නොමැති බවද, ප‍්‍රකාශ කරමි.

මහා මාර්ගයේදී, පොලූවලින් පහරදී, කොණ්ඩය කපා දැමීමේ අපරාධය, පිළිබඳව, ක්‍ක්‍ඔඪ කැමරා දර්ශන ලබාගෙන, නිසි විමර්ශන කර, අපරාධකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයට,

------- දර්ශනී

 

 

Friday, July 23, 2021

නඩු තුනක්! එක් අයෙක් නිදහස්!! දෙදෙනෙකුට ඇප!!! අභියාචනාධිකරණයේ තීන්දු!!!!

 

'කුඩු' අදාල නඩු තුනක් සම්බන්ධයෙන් මේ මස, 2021 ජුලි 13, 10 හා 20 දින වල අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව 3කින් එක් අයෙකු නිදහස් කර, දෙදෙනෙකුට ඇප ලබා දී තිබේ.

එම නඩු පිළිබඳ සංෂිප්ත සටහනකි.

කුඩු ජාවාරම මර්දනය කිරීමට ආණ්ඩුව දරන විශේෂ ප්‍රයත්නය හමුවේ ලබාදී තිබෙන මෙම නඩු තීන්දු කෙරෙහි ජනතාවගේ අවධානය යොමු වූ යොමු විය යුතුය.

ජාවාරම නවත්වන්න අවංක අවශ්‍යතාවයක් ඇති සියලු දෙනාගේ ද අවධානය යොමු විය යුතුයි.

 

·          බෙනඩික් සෙල්වරාජ් විජය බාස්කරන් හෙවත් 'විජි'

 නීතිපතිවරයා විසින් 2014 ජනවාරි 29 වැනි දින කොළඹ මහාධිකරණය ඉදිරියේ මොහුට විරුද්ධව නඩු පැවරුවේ හෙරොයින් ග්‍රෑම් 7.93ක් ළඟ තබාගැනීම හා ප්‍රවාහනය කිරීම චොදනා යටතේය. කොළඹ මහාධිකරණ විනිසුරු වරයා 2018 ජූලි 18 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මොහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කරන ලදී.

 මෙම තීන්දුවට එරෙහිව ඔහු එම වසරේම, අංක CA 228/ 2018 යටතේ අභියාචනයක්, අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කරන ලදී.

 අදාළ නඩු විභාගය 02/02/2021 හා 30/04/2021පැවති අතර එහි තීන්දුව 16/07/ 2021වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

අභියාචනාධිකරණය, මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ඉවතලා ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

 ඔහුව නිදහස් කිරීමට හේතුව වශයෙන් සඳහන් කරන්නේ පොලිසිය නිසි අයුරින් ක්‍රියා කර නොමැති බවය. එමෙන්ම නිශ්චිත පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර නැති බවය.

 ·          වන්නි ආරච්චිගේ දිනේෂ් පෙරේරා හෙවත් 'සනා'. 

 'සනා' වෙනුවෙන් ඔහුගේ බිරිඳ අසංගි මදුමාලි  අභියාචනාධිකරණය ඉදිරියට යන්නේ, පානදුර මහාධිකරණයෙන් ඔහුට ඇප ලබාදෙන ලෙසට ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවය.

 මෙම ප්‍රතිශෝධන ඉල්ලුම් පත්‍රය 2021 ජුනි 22 වැනි දින විභාගයට ගෙන 2021 ජූලි 13 දින තීන්දුව ලබාදෙමින්, මහාධිකරණ විනිසුරුවරයාගේ ක්‍රියාව වැරදි සහගත බවට තීරණය කර, ඔහුට ඇප ලබා දෙන ලෙසට නියෝග කරන ලදී.

 මොහුට විරුද්ධව අඟුලාන පොලීසිය නගා තිබූ චෝදනාව වූයේ හෙරොයින් මිලිග්‍රෑම් 5200 ක් හා 69930 ළඟ තබා ගැනීමය. රස පරික්ෂක වාර්තාවට අනුව තිබු හෙරොයින් ප්‍රමාණය පිළිවෙලින් ග්‍රෑම් 3.249 ක් හා ග්‍රෑම් 6.735කි.

 2018. 11. 04 දින අත්අඩංගුවට ගෙන 2018. 11.14 වන දින මොහුව රිමාන්ඩ් භාරයට පත් කරන ලදි. රක්ෂිත බන්ධනාගාරයේ සිටි කාලය වසර දෙකකට වඩා වැඩි බවත්, 2019.05.30 දින ලැබූ රස පරීක්ෂක පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුවද වසර දෙකක් ගත වී ඇති බවත්, පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව සඳහන් කරන අභියාචනාධිකරණය, මෙම තත්ත්වය තුළ අධි චෝදනා නැගීමට අපහසු අපෝසත් වීම නිසා ඔහුට ඇප ලබා දීම අභියාචනාධිකරණය තීරණය කරන බව ප්‍රකාශ කරළේය. ප්‍රමාද නොකර නඩු විභාග විය යුතු බව මෙම තීන්දුවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

 අභියාචනාධිකරණය සැකකරු ව රුපියල් ලක්ෂ 2 ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්, සෑම ඉරිදාවකම පෙරවරු 8:30 හා පස්වරු 12:30 තර අඟුලාන පොලිසියේ පෙනී සිටීම හා විදේශ ගමන් තහනම යන ඇප කොන්දේසි මත මුදා හැරීමට නියම කරන ලදී.

 

·          කුලසූරිය දිලීප බෙලන සුමේධ


මොහු වෙනුවෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නේ 2020 දිය.

2021 ජුනි 29 වන දින විභාගයට ගන්නා මෙම නඩුවේ තීන්දුව 2021 ජූලි 20 ලබාදෙමින්, මොහුව ඇප මත මුදාහැරීමට නියෝග කරනු ලැබිය.

 2018. 11. 06 වන දින මාරවිල පොලීසිය මොහු අත්අඩංගුවට ගන්නේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 04ක් තිබූ බවට චෝදනා කරමින් ය. ඉන් අනතුරුව ඔහුගේ නිවසේ පිටුපස මිදුලේ තිබි හෙරොයින් ග්‍රෑම් 18ක් සොයාගත් බව පොලිසිය කියා සිටියා.

2018.11.06 රස පරික්ෂක වරයාගේ වාර්තාවට අනුව පොලිසිය ඉදිරිපත් කර තිබු 'හෙරොයින්' වල තිබු සුද්ධ හෙරොයින් ප්‍රමාණ ග්‍රෑම් 01.192 හා ග්‍රෑම් 05.181කි.

 රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කර වසර දෙකක් ගතවී ඇතත් අධිචෝදනා ඉදිරිපත් කිරීමට අතපසු වීම යන පදනම මත මොහුව ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 මොහුගේ ඇප ඉල්ලුම් පත්‍රය හලාවත මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික ක්‍රියාවක් ලෙසට ද අභියාචනාධිකරණය සඳහන් කරයි.

 ඇප මත මුදා හැරීම සඳහා වන විශේෂ කරුණු වලට නඩු ප්‍රමාදය ද ඇතුලත් වන බව සඳහන් කරයි.

 රුපියල් ලක්ෂ 2 ක මුදල් ඇපයක්, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්, සෑම ඉරිදාවකම පෙරවරු 8:30 12.00 අතර මාරවිල පොලිසියේ පෙනී සිටිය යුතු බවටත්, මොහුගේ විදේශ ගමන් තහනම් කළ යුතු බවටත් යන ඇප කොන්දේසි යටතේ මොහුව මුදා හැරෙනු ඇත.

 ඉතා දීර්ඝ ලෙස කරුණු සටහන් කර තිබෙන මෙම නඩු තීන්දු සාමාන්‍ය ජනතාවට කියවීමට හෝ සලකා බැලීමට අවස්ථාවක් නැත. ඒ මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර  ඇත්තේ ඉංග්‍රීසි බසින් වන නිසාය.

  ඉහළයින්ට මෙවන් ප්‍රශ්න, ප්‍රශ්න නොවේ. රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරෙන හා පැතිර පවතින 'කුඩු' - මත්ද්‍රව්‍ය ජාවාරම හා නීති විරෝධී මත්පැන් ජාවාරම  සම්බන්ධයෙන් වගකිව යුත්තේ දේශපාලකයින් බවට හඬ නගන මේ ඉහළියින් යුක්තිය පසිඳලන පද්ධතිය තුළ පවතින කරුණු ඉදිරියේ අ ගොලුවන් ලෙසට හැසිරෙයි.

 මෙම නඩු තීන්දුවල ප්‍රකාශිත දේ සාකච්ඡාවට ගන්නේ නැත.

මේ කරුණු කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ නම්, මත්ද්‍රව්‍යය හා නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩපැවැත්වීමට නොහැකි වනු ඇත.

මෙම ජාවාරම පිටුපස සිටින්නේ ඉහළයින්ය.

විශේෂයෙන් යුක්තිය පසලීමේ පද්ධතියට සම්බන්ධ නිල හා නිල නො වන යන දෙපාර්ශ්වයම නොසිටින්නේ යයි කිව හැකිද?

 ·          නඩු පමාව නතර කරනු!

·          කුඩු ජාවාරමට තිත තියනු!!

                යනුවෙන් පෝස්ටර් නොගසන්නේ ඇයි?