Thursday, September 23, 2021

ගුරුවරුන්ගේ අමානුෂික ක‍්‍රියා නිසා අපිට ඉතිරි වෙන්නේ, ආබාධිතයින් පිරිසක්. සියලු ගුරුන් දෙවිවරු නොවෙති.

 

මේ අද ඊයේ සිද්යධියක් නොවේ. අදටත් වලංගු සිද්ධියකි. 

අසංක 13 න් හැවි්රි දි , 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි, ගොඩකවෙල නියාගම විද්‍යාලයේ එවකට ගුරුවරයෙකුව සිටි, මාරසිංහ දසනායක ආරගේ කීර් උපුල් දසනායක ගේ කෲර අමානුෂික පහරදිමට ලක්විය.

මෙම පහර දිම නිසා, බරපතල තුවාල සිදුවූ සිසුවාව රෝහල්ගත කිමට, විදුහල්පතිවරයා හා ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් ඉඩ මන්නේ නැත.

නීතිමය පියවර නොගා සෙට විමහලපති, එදා ‌වේල හම්බ කරගෙන ජිජිවත්ත්වෙන දෙමාපියන්ට බලපෑම් කෙ‌ළේය.

තම දරුවාගේ බරපතල රෝගී තත්ත්වය වටහා ගත් පියා, අසංකව රෝහල්ගත කිරිමටත්, සිද්ධිධියයා ාඩකවෙල පොලීසියට පැමිණිලි කිරිමටත් පියවර ගත්තේය.

පොලීසිය, ගුරුවරයාට එරෙහිව, දණ්ඩ නීති සංග‍්‍රහයේ 316 යටතේ නඩු පවරනු ලැබීය. මෙය වසර 07 දක්වා වු සිරදඩුවමකට හා දඩයකට යටත් විය යුතු අපරාධයකි.

මෙම කෲර අමානුෂික පහරදිම ගැන මානව හිමිකම් කොමිෂන් සභාව හෝ අධ්‍යාපන බලධාරින් හෝ ක‍්‍රියා නොකෙළේය.

කෲර අමානුෂික ලෙස පහරදිම, ගුරුවරයා, සද්භාවයෙන් කරන ලද ක‍්‍රියාවක් ලෙසට ඔවුන්ගේ පිවළිගැනීම විය.

නඩුවේ දි,  තමා නිවැරැැකරු බව ප‍්‍රකාශ කල මෙම ගුරුවරයා, පසුව, රු: 75,000ා- ක වන්දියක් ගෙවා, සමථයකට කැමැත්ත පල කෙළේය.

අධිකරණය, එම සමථ යෝජනාවට ඉඩ දෙන ලදි.

ගුරුවරයාව නිදහස් කරන ලදි. 

නමුත් චෝදනාවෙන් නිදෝස් කොට නිදහස් කිරිමක් සිදු නොවින. 

මුදලකට සමථ විම, වරද පිලිගැනීමකි. ෂ්රියා  නිතිය මෙන්, අපරාධයේ තක්සේරුව, රු: 75,000ා- ක් විය.  2007 ජූලි 27 දින නඩුව අවසන් විය.

ගුරුවරයාගේ රැකියාව හිමි විය.

මෙම සිද්යධිය එකල පුවත්පතක පලවිය.  





Sunday, September 19, 2021

කුඩු ජාවාරම්කරුවන්ගේ මානුෂීය අයිතීන් රකිනු ! අවු:15 ක් පුරා කුඩු බොන, දවසට රු: 1500/- ක් නොදුන්නොත් මව මරා දමන්නට සූදානම් පුතෙක් !!


 හතර දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමල් පුතා. දැන් වයස අවුරුද 40 යි. බැඳලා දරුවෙක් ඉන්නවා. අවුරුදු 15 ක් වෙනවා කුඩු බොන්න පටන් අරන්.

ඉස්සර දුන්නේ, දවසට රු: 500/- ක්. දැන් දවසට රු: 1500/- ක් ඉල්ලනවා.
බැරිම තැන මව, ආරක්ෂක ලේකම් ට ලියපු ලියුම,
කුඩු ජාවාරම්කරුවන්ගේ අයිතීන් රකින්න, අවශ්‍යතාවය තිබෙන ”ඊනියා සිවිල් සමාජයට’’  පණිවුඩයක්.
කියවන්න.
මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා    
ආරක්ෂක ලේකම්
ආරක්ෂක අමාත්‍යාංශය
15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03

වසර 15 ක් පුරා, මත් ද්‍රව්‍යය වලට ඇබ්බැහිව සිටින, 40 හැවිරිදි පුතාව
හා දරු පවුල බේරා දෙන ලෙසට කරනු ලබන ඉල්ලීම.

පෙරේරා මහත්මිය, අවු: 62 යි, වැන්දඹු, දරුවන් 04 යි, රැුකියාව: බුලත්විට සාදා කඩ වලට දැමීම, ලිපිනය:*******. දු.අ.*****
2021.09.17 වන දින දීය.

******ප‍්‍රදීප් අවු: 40 යි, විවාහක, දරුවන් 01 යි, රැුකියාව : කුලී වැඩ, මාගේ පුතා වේ.

1. ඔහු, වසර 15 ක සිට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූවෙකි.

2. මා දන්නා පරිදි, ඔහුව ********පොලීසිය අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එ් අවස්ථා කිහිපයේදීම ගරු අධිකරණයට කරුණු කියා පුනරුත්ථාපනයට යොමු කරනු ලැබුවා.

3. එයට අමතරව, ඔහුට විරුද්ධව සොරකම් නඩු 2, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතී. එම නඩු  2ටම ඔහු නිවැරදිකරු බව ප‍්‍රකාශ කර, ඇප මත සිටී.

4. වසංගතයට පෙර, ඔහු ඉඳ හිට, මත්ද්‍රව්‍යය ලබා ගැනීමට, රු: 500/- ඉල්ලූ අවස්ථා තිබුණා.
5. කොරෝනා වසංගතය සමග,
 රැුකියා අවස්ථා නැති වුනා.
 හෙරොයින් මිළ, රු: 500/- සිට රු: 1200/-, 1500/- දක්වා ඉහළ ගොස් තිබෙන නිසාත් රැුකියාව නොමැතිකම නිසාත් මොවුන් ඉතා දරුණු ලෙසට අපහසුතාවයට පත්ව තිබෙන බව ඔබ දන්නා කරුණකි.
 මෙම පසුබිම තුළ, ඔහු ”අවශ්‍යතා” ඇති වූ විට, මාගෙන් රු: 1000/- ක් 1500/- ක් අතර ඉල්ලා සිටීමට පටන් ගෙන තිබේ.
 මුදල් නොමැති බව ප‍්‍රකාශ කළ විට, ප‍්‍රචණ්ඩකාරී වේ. මන්නා පිහිය, වැනි ගෘහයේ තිබෙන ආයුධ ගෙන, මරණීය තර්ජන කිරීමට, කබඞ් කැඞීම උත්සාහ ගනී.
 මත්ද්‍රව්‍යය අවශ්‍යය වූ විට, ඔහු ප‍්‍රචණ්ඩව හැසිරෙයි. ගෘහ භාණ්ඩ විනාශ කර දැමීමටත්, අප ඝාතනය කිරීමටත් පෙළඹෙයි.
6. ආසන්නතම සිදුවී වන්නේ, 2021.09.16 දින, රාත‍්‍රියේ, ඔහු මන්නයක් රැුගෙන ප‍්‍රචණ්ඩ ලෙසට හැසිරී, මරණ තර්ජන කරමින් බලයෙන් කබඞ් ඇර, මා බුලත්විට විකුණා ඉතිරි කරගෙන තිබූ,    රු: 1500/- ද රැුගෙන ගියා.
7. අප අවට, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වූ, 60 කට වැඩි පිරිසක් සිටිති.
ඔවු හා එක්ව, සංවිධානය වී, සොරකම් කිරීමට තිබෙන ඉඩකඩ බොහොා් වැඩිය.
මාගේ පුතා, මුදල් ලබා ගැනීමෙන් අනතුරුව ගෙදරින් පිටව, පැයක් දෙකක් ගත කර, මත්ද්‍රව්‍යය රැුගෙන එයි. දැන් පැකට් එකක්, රු:1200/- ත් රු:1500/- අතර බවද ප‍්‍රකාශ වේ.
මෙයින් පෙන්නුම් කරන්නේ, අප අසල, මෙම ජාවාරම සිදුවන බවය.
මා, මව වශයෙන් බිරිඳ හා මුණුපුරා වෙනුවෙන් ඉල්ලා සිටින්නේ,
මාගේ පුතා, ෆෆෆ ව, ඉතා ඉක්මණින අත්අඩංගුවට ගෙන, අධිකරණය මගින් වසරකට වැඩි කාලයකට, පුනරුත්ථාපනයට යොමු කරන ලෙසටය.
මෙම ඉල්ලීම කරන්නේ, ව්‍යාජ චෝදනා නගා බන්ධනාගාරගත කිරීමෙන් පලක් නොවන බවද සිහිපත් කරමි.
මෙය ඔබට යොමු කරන්නේ, වෙනත් බලධාරීන්ට යොමු කිරීම පලක් නොවන නිසාය.
මෙයට,

***  පෙරේරා

නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අයිතිය ඊනියා - ගුරු දෙවිවරු ගැන අතීත කථාවක් - අදටත් වලංගුයි


සමන් දෙවියන්ගේ අඩවියේ පවතින පාසලකඅ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා ඉගෙනුම ලබමින් සිටි ඇගේ වයස අවු: 15 කි.

ඇයපියා මරාගෙන ඉපදුනු තැනැත්තියකි. මවඇයවආච්චී හා සීයාට බාරදීවෙනත් විවාහයක් කරගන්නා ලදි.

ආච්චීසීයා විසින් හදා වඩා ගත් ඇය, 2007 ජූලි 03 පාසලට ගියාය.

විභාගය අත ළඟ නිසා සවස 3.00 දක්වා ඉගැන්වීමට සිදුවිය.

සීයා සුපුරුද පරිදිමිනිබිරිය රැගෙන එන්නටසවස 3.00 ටපාසලට ගියේය.

එදා අදාළ ගුරුවරයා නිවාඩු ගොස් සිටි බැවින්වෙනදා වෙලාවටසිසුන්ව ගෙදර ඇරිය බව පැවසින.

එ් අතරසීයාට දුරකථනයෙන් පණිවුඩයක් ලැබුනේ අසල්වැසි තරුණයෙකුගෙනි. ”   ........... ” මම එක්කගෙන ආවා. පුලූවන්නම් අල්ලන්න යනුවෙනි.

දුරකථනය විසන්ධි විය.

සීයාදුරකථන පණිවිඩය දුන්න තරුණයාගේ නිවසට යන ලදි. එහි මිනිබිරිය විය. නමුත්තරුණයාගේ පියාඇයට සීයා සමග යෑමට ඉඩ නොදෙන ලදි. සීයා පොලීසියට යන ලදි.

පොලීසියඇයවතරුණයාවඔහුගේ පියාව අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන එන ලදි.

පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කළේය. මිනිබිරිය හා තරුණයාවවෛද්‍ය පරීක්ෂණ වලට ඉදිරිපත් කරපරිවාස වාර්තා සමග අධකරණයට ඉදිපත් කරනු ලැබීය. තරුණයාව රක්ෂිත බන්ධනාගාර ගතකළ අධිකරණයඇයට පාසල් යන ලෙසට උපදෙස් දීසීයාට හා ආච්චිට බාරදෙන ලදි.

එයින් අනතුරුව පාසලට ගිය විටඇයව බාර ගන්නට බැරි බව විදුහල්පති කියා සිටියේය.

සීයාමේ ගැන බලධාරීන්ට දැනුවත් කළේය.

පොලීසියටඅධ්‍යාපන කාර්යාලයට පමණක් නොවමානව හිමිකම් කොමිෂමට ද ඔහු ගියේය. එහි ප‍්‍රතිඵලයෙන් ඇයටසිය අධ්‍යාපන කටුයතු ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබින.

ඇය අ.පො.ස. (සා/පෙළ) විභාගය පමණක් නොවඅ.පො.ස. (උ/පෙළ) විභාගය ඉහළින් සමත් විය. එහෙත් සරසවි යන්නට වරම් හිමි නොවීය.

ඇයදෙමළ භාෂාව ප‍්‍රගුණ කළේය. පුද්ගලික ඉගැන්වීම වල නිරත විය.

ග‍්‍රාම නිලධාරී විභාගයෙන්දිස්ත‍්‍රික්කයේ පස්වන තැනටතේරින. නමුත් රැකියාව හිමි නොවීය. සමන් දෙවි පිහිට නොලැබූ නිසා වන්නට ඇත.

මේ වන විටඇයදෙමළ බස උගන්වන ගුරුවරියකි.

විවාහ දිවියක්ද ගත කරයි. අන් අයගේ අයිතීන් උදෙසා පෙනී සිටින්නේ ස්වේච්ඡුාවෙන්ය.

ඇයගේ සීයානිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අයිතිය පිළිබඳව නොදැන සිටියේ නම්ඇගේ ජීවිතය කාලකණ්නි විදුහල්පතිවරයෙකු ඇතුලූ ගරු පිරිසකට බිලි වෙනු ඇත.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙනගුරු පත්වීම් රැගෙන උගන්වන සෑම ගුරුවරයෙකුම 'දෙවියෙක්' නොවන්නේය.

 

Tuesday, September 7, 2021

උස්සපු "වැගන් R" එක උකසට අරන් තියෙන්නේ පොලිසියේ අයලු! බඩුයි, නඩුයි හමුදුරුවන්ගේ වෙයිද?

 

රුපිකා සහා සැමියා බලධාරින්ට කරනු ලැබු ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පහැදිලි වනු ඇත.

"පොලිස් නිලධාරීන්ගේ අවශ්‍යතාවයට, නීති විරෝධී ලෙස වාහනය රඳවා තබාගෙන, මුදල් ඉල්ලා සිටීම."

සෙල්ලපෙරුමගේ රූපිකා ප‍්‍රසාංධනී ප‍්‍රනාන්දු, අවු: 44 යි, ජා.හැ.අ. 775193476 ඪල විවාහක, දරුවන් 04 යි, ලිපිනය : තිසර කලමුල්ල, `ඵතර. දු.අ. 077 2976312

 

2021.09.06 වන දින දීය.

උඡුල ක්‍්ඪ 9821 දරන සුදුපාට වැගන් ආර් වර්ගයේ වාහනයේ, හිමිකාරිය මා වෙමි.

2. මාගේ මෙම වාහනය, 2021.07.26 දින, මාගේ සැමියා වන නිශාන් සුගත් ගේ හිතවතෙකු වන, සඳුන්ට ගමනක්යෑමට බාර දෙන ලදි.

3. ඔහු පදිංචි, `ඵතර, කටුකුරුන්ද, ඉලේපෙරුම මාවතේය.

4. සවස් වන තුරු වාහනය, ගෙනාවේ නැති නිසා, සැමියා එ් ගැන සොයා බැලීමේදී ඔහුව සතියක් යන තුරු සොයා ගැනීමට නොහැකි විය.

5. 2021.08.01 වන දින, ඔහු හමු වූ විට, හදිසියකට වාහනය උගස් තැබූ බව කියා සිටින ලදි.

6. වාහනය, උගස් තියා තිබුනේ, ප‍්‍රසන්න නැමති අයෙකුටය. ඔහු පදිංචි ගල්ලස්ස (නාගොඩ* හි ය.

7. 2021.08.12 වන දින, මා, ගල්ලස්සේ ප‍්‍රසන්න නැමති අය හමුවුනා.

8. ඔහු ප‍්‍රකාශ කළා, වාහනය, වස්කඩුවේ පොලීසියේ අයියලාගේ ගෙදර බවත්, එම ගෙදර නිරෝධායනය කර තිබෙන බවත් කියා සිටියා.

9. 2021.08.31 දින, ප‍්‍රසන්නගෙන් විමසා සිටි විට, ඔහු වාහනය පෙන්වන්න, පැමිණෙන ලෙස කිව්වා.

10. ප‍්‍රසන්න නැමති, පොලීසියේ අයියා කියන අයගේ ගෙදරට එක්කගෙන ගොස් තිබුණා. එහි වාහනය තිබුනේ නෑ.

11. පොලීසියේ අයියා කියන ලද පුද්ගලයා, පිටුපස ගෙදරකට රැුගෙන ගියා. එම නිවස, ඔහුගේ සහෝදරයෙකුගේ බව කිව්වා.

12. වාහනය එහි තිබුනා.

13. සැමියා, වාහනය ඉල්ලූවා. එවිට, පොලීසියේ අයියා හා එම පුද්ගලයාට, සියලූ ලියකියවිලි පෙන්නා සිටියා. එවිට ඔවුන් වාහනය දෙන්න, රුපියල් ලක්ෂ 03 ක් ඉල්ලා සිටියා.

14. වාහනය දෙන්නේ නැති නිසා, මා හා සැමියා ක`ඵතර දකුණ පොලීසියට ගොස් පැමිණිලි කළා.

15. පැමිණිල්ල ලියා නොගෙනම, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්, ජීප් රථයෙන්, වාහනය තිබූ නිවසට ගියා.

 

16. පොලීසිය, එහිදී, අපගෙන් හා වාහනය තියාගෙන හිටිය අයගෙන් ප‍්‍රශ්න කර, වාහනය පොලීසියට ගෙන ආවා. වාහනය පැදවූයේ මාගේ සැමියාය.

17. පොලීසියේදී, මාගෙන් හා සැමියාගෙන් ප‍්‍රකාශ ගත්තා. වාහනය දුන්නේ නෑ. පස්සේ එන්න කිව්වා.

18. 2021.09.04 වන දින, එ් අනුව පොලීසියට ගියා.

සියලූ ලියකියවිලි රැුගෙන, 2021.09.06 (අද දින* ක`ඵතර පොලීසියට ගියා. එසේ ගියේ නීතිඥ තරිඳු මහතා සමගය.

19. නමුත් වාහනය දුන්නේ නෑ. වාහනය, උසාවියට දාන්න අවශ්‍ය බව කිව්වා.

මා ප‍්‍රකාශ කරන්නේ, වාහනය, නීති විරෝධීව, සඟවා තබාගෙන සිටි පුද්ගලයින් කිසිවෙකුට එරෙහිව නීතිමය පියවර ගත්තේ නැති බවත්, වාහනය දුන්නේ ද නැති බවය.

මෙ ආකාරයට, `ඵතර දකුණ පොලීසිය ක‍්‍රියාකරන ලද්දේ, මාගේ වාහනය නීති විරෝධී ලෙස උගසට ගෙන, සඟවා තබාගෙන සිටි, ගල්ලස්සේ පදිංචිකරුවන්,

·         එක් අයෙකු වන්නේ, පොලිස් නිලධාරියෙකු වන උපුල් වික‍්‍රම ආරච්චි (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත අයෙන් බව ප‍්‍රකාශ විය*

·         ඔහුගේ, බිරිඳ ද, කාන්තා පොලිස් නිලධරිණියක් බවත්, ඇය නියෝජ්‍යය පොලිස්පතිවරයෙකුගේ කාර්යාලයකට අනුයුක්තව සේවය කරන බවත් ප‍්‍රකාශ විය.

·         මෙම නීති විරෝධී ලෙස වාහනය උකසට ගෙන, සඟවාගෙන සිටි පුද්ගලයින් වන ප‍්‍රසන්න ඔවුන්ගේ සොහොයුරෙක් බවත්, ප‍්‍රකාශ විය.

මෙම පසුබිම යටතේ, නීති විරෝධීව ක‍්‍රියා කළ, පොලිස් නිලධාරීන් ඇතු`ඵ ඔවුන්ගේ සොහොයුරා, ප‍්‍රසන්න ව ආරක්ෂා කරන්නේ, `ඵතර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක, සුනෙත් ශාන්ත බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,

කිසිදු ආකාරයක නීති විරෝධී ක‍්‍රියාවකට සම්බන්ධ නැති, සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් සමාගමේ කල්බදු ක‍්‍රමයට ලබාගෙන තිබෙන, නිසි පරිදි වාර්තා ගෙන ඇති මාගේ වාහනය පොලීසියට සම්බන්ධ පුද්ගලයින්ට මුදල් ලබා ගැනීමට, ”ඇපයටතබාගෙන සිටීම ගැන වහාම මැදිහත්ව, වාහනය මුදාහරින ලෙසට හා මෙම නීති විරෝධී ක‍්‍රියාවට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

සෙල්ලපෙරුමගේ රූපිකා ප‍්‍රසාංධනී ප‍්‍රනාන්දු

 

 

 

 

ශ්‍රි ලංකාවේ ෆිනෑන්ස මාෆියාව! ලීසිං වාහන ගත් අය ප්‍රාණ ඇපකරුවන් වෙලා!! කියන්න කෙනෙක් නෑ! අහන්න කෙනෙක් නෑ!!!

 


ල්බදු ක්‍රමය හෙවත් පියෝ සිංහලෙන් ලීසිං මරණ උගුලට අසුවන්නේ දැන දැන.

  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ නීතිය හදා ඇත්තේ ණය ගන්න එවුන්ට නොව දෙන එවුන්ට හිරි මාංශ සූරා කන්නට ය

  ආනන්ද ව්‍යාපාරිකයෙක්. එය පවත්වාගෙන යන්නට ඔහු ණයක් ගන්නට සිදුවිය.

ප්‍රකාශ කරන පරිදි, ඔහු.  යුබි ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් 122,500/- ගන්නේ ව්‍යාපාර කටයුතු සඳහා කැබ් රථයක් ගන්නටය. අදාළව එම ණය මුදල ට අදාළව තමාගෙන්  රුපියල් 218,200/-ක් වංචාකර ඉන් නොනැවතී, තවත් රුපියල් 447, 55ක් ලබාගැනීමට උත්සාහ දරණ බව කියා සිටී.

 ඔහු යූබී ෆිනෑන්ස් සමාගමේ සභාපති අතුල් මලික් ඇතුළු වගකිවයුත්තන්ට ලිඛිතව සිදුකරන ලද කරුණු දැක්වීම:- "උද්ධෘත" පහත දක්වමු. 

  රු: 218,333/- ක් වංචා කිරීම හා තවත් රු: 447,744/55 ක් බලහත්කාරයෙන් ලබා ගැනීමට දරන උත්සාහය.

 (1) මා, 2016.12.30 වන දින, ”බොලවර්වර්ගයේ කැබ් රථයක්, රු: 122,500/- කට ෆිනෑන්ස් කරන ලදි.

 1.1. වාහනයේ වටිනාකම, රු: 1,750,000/- කි.

 1.2. මුදලින්, රු: 262,500/- ක් ගෙවන ලදි.(15%) එවිට හි`ග මුදල 1,487,500/- කි. මෙය වාහනයේ වටිනාකමින් 85% කි. රජයේ නියමයට අනුව කල්බදු ක‍්‍රමයට ලබාදිය හැකි ණය මුදල 70% කි.

 1.3. එම නිසා තවත් රු: 262,500/- ක් (15%) බිරිඳ ණයට ගත් වශයෙන් සටහන් කර, එම මුදල් මාස 24 කින් (මසකට, රු: 13,618/- බැගින්* ගෙවීමට නියම විය.

 මේ අනුව, රු: 525,000/- ගෙවා වාහනය ලබා ගන්නා ලදි. (මුදලින් රු: 262,500/- ක් හා බිරිඳ ලබාගත් ණය, රු: 262,500/-*

 (2) වාහනයේ පරම අයිතිකරු වශයෙන් ඹඊ ෆිනෑන්ස් සමාගම, වාහනයේ පොත, (ලියාපදිංචි සහතිකය* තබා ගත් අතර, වාර්ෂිකව රක්ෂණය කළ යුතු වූයේ, කොන්ටිනෙන්ටල් ඉන්ෂූවරන්ස් සමාගමේ ය. එම සමාගම විසින්ම කරනු ලබයි.

 (3) 2018.12.31 දක්වා වාහනයේ, ෆිනෑන්ස් වාරිකය (මාසික* රු: 25,214/- ක් විය.

 බිරිඳ නමින් වූ වාරිකය, රු: 13,618/- ක් විය.

 මසකට රු: 38,832/- වාහනයේ වාරිකය, රු: 25,214/- හා බිරිඳ ලබාගත් ණය මුදලේ මාසික වාරිකය, රු: 13,681/- එකතුව, පෙරදාතම කරන ලද චෙක්පත් මගින් ගෙවා නිම කරන ලදි. මේ අනුව, බිරිඳ නමින් වූ ණය වසර 2 කින් මුදල ගෙවා නිම විය.

 (4)2016 ජනවාරි 01 සිට 2021 දෙසැම්බර් 31, ෆිනෑන්ස් වාරිකය අවසන් වීමට නියමිත විය. බිරිඳගේ ණය මුදල ගෙවා අවසන් වුවද, එයද සමග ගෙවූ

 මාසික වරිකය වූ, රු: 38,832/- චෙක්පත් මගින් ගෙවන ලද අතර, අඛණ්ඩව ගෙවන ලද හිඟ මුදල් බැංකුගත කරන ලදි.

 (5) 2020 මාර්තු 31 සිට 2020 අගෝස්තු 31 දක්වා, කොවිඞ් 19 වසංගතයට අදාළ, ණය සහන කාලයේ, (මාස 06* වාරික ගෙවීම සිදු කළේ නැත.

 (6) මෙම හය මසක සහන කාලය නිසා, වාරිකය ගෙවීම් කාලය, 2022 ජූලි 30 දක්වා දීර්ඝ කෙරිණ.

 (7) වාරික නොගෙවා සිටීමේ සහන කාලය (මාස 06* සඳහා ගෙවිය යුතුව තිබූ මුදලට, පොලිය වශයෙන්, මසකට, රු: 1872/05 ක් එකතු කරන ලදි.

 (8) එ් අනුව වාරික මුදල රු: 40,704/05 (රු: 38,832/- ූ රු: 1872/05* ක් විය.

 (9) මෙම රු: 40,704/05 මුදල, ඉදිරි මාස 22 ක තුළ ගෙවීමට නියමිත බව ප‍්‍රකාශ විය.

 (10) 2016.12.31, මා, වාහනය, කල්බදු ක‍්‍රමයට ලබා ගත්තේ, රු: 1,225,000/- කටය.

 (11) 2021.07.31 දිනට, මා ලබාගත් මු`ඵ මුදල (ඉහත විස්තර කරන ලද පරිදි* රු: 1,225,000/-කි. මේ අනුව පොලිය ඇතු`ඵව, රු: 2,548,233/- ක් ගෙවා තිබේ.

 (12) එ් අනුව, ගිවිසුම් ප‍්‍රකාරව ගෙවිය යුතු මුදල වූ, රු: 2,329,920/- ට වඩා රු: 218,333/- ක් ගෙවා තිබේ.

 (13) එසේ තිබියදී, 2021.03.30 දින, රු: 198,000/- ක හිග මුදලක් ඇති බව කියමින් වාහනය පැහැර ගන්නා ලදි. (සීස් කිරීම*.

 (14) මට, කර කියා ගත හැකි දෙයක් නැති නිසා, රු: 198,000/- ක් ගෙවා වාහනය නිදහස් කර ගන්නා ලදි.

 මෙම පසුබිම යටතේ, 2021 අගෝස්තු සිට, රු: 40,704/05 බැගින් වාරික 11 ක් ගෙවන ලෙසට බල කරයි.

 මා ඉල්ලා සිටින්නේ,

 කූඨ ලෙස, ගිවිසුමේ පිටපතක්, මට හෝ මාගේ ඇපකරුවන්ට ලබා නොදී,

 කොවිඞ් 19 වසංගතයට ලබාදුන්න, 06 මසක සහන කාලයට, රු: 1872/05 බැගින් පොලියක් අය කිරීමෙන්,

 මාගෙන්, රු: 584,649/- ක් ලබා ගැනීමට දරන උත්සාහය වළක්වන ලෙසටත්, වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත* මා හට මුදාහරින ලෙසටත්ය.

 මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

 (1) ඹඊ ෆිනෑන්ස් එකට ගෙවිය යුතු මුදල වශයෙන්, ක්‍ඍෂඊ හි ස`දහන් (වාරිකය* වන්නේ,         රු: 25,214/- ක් බව.

 (2) ක්‍ඍෂඊ හි ණය මුදල පෙන්වන්නේ, රු: 1,487,500/- කි. (මෙය මහ බැංකු නියෝග කඩ කිරීමකි*

 නමුත්, මා ලබාගත් සත්‍ය ණය මදුල වන්නේ, 1,225,000/- කි.

 මාගෙන්, වාරික වශයෙන් අයකරගෙන ඇති මුදල, රු: 38,832/- කි.

 රජයේ නියමය අනුව, කල්බදු ක‍්‍රමයට ලබාදිය හැක්කේ, වටිනාකමින්, 30% කි. (එයද කූඨ ලෙස මෙම සමාගම වෙනස් කර ඇත)

 එ් අනුව, මා ලබාගත් මුදල නිවැරදිය.

 මෙයට,

 ආනන්ද

 

 

 

Saturday, September 4, 2021

MASK නැතිව ගේ සෝදිසි කළේ, ගෙදර කොරොනා රෝගියෙක් සිටියදි. බස් මුදලාලිගේ පෙත්සමට?

 


කුමාර, සිද්ධිය පිළිබඳව, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කරුණු පැහැදිලි වනු ඇත.                        

‘‘පෙත්සමක් පදනම් කරගෙන, අනවසරයෙන් නිවසට ඇතු`ඵ වී, සෝදිසි කිරීම, පොලීසියේදී,

නින්දා අපහාසවලට භාජනය කිරීම, ඡුායාරූප ගෙන භිය වැද්දීම.’’

කුමාර, වයස: අවු: 53 යි, ජා.හැ.අ. 070 724463 ඪල විවාහක, දරුවන් 03 යි, රියදුරු, ලිපිනය : 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 077 9276650

නන්එදිරි දේවගේ සුගන්ධිකා මදුවන්ති, අවු: 34 යි, ජා.හැ.අ. 875041622 ඪල විවාහක, දරුවන් 03 යි, 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 075 8756924 (දුව*

2021.09.01 වන දින දීය. මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

2021.08.30 වන දින, රාත‍්‍රී 9.25 ට පමණ, නිවසේ පිටුපසින් සිවිල් ඇඳුමින් සැරසුනු 06 දෙනෙකු නිවස තුළට කඩා වැදුනා. එක් අයෙක් ප‍්‍රකාශ කළා, තමා පානදුර උතුර පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති බව.

ඔවුන් නිවස සෝදිසි කළා. එ් වෙලාවේ නිවසේ සිටියේ මාගේ දියණිය වන නන්එදිරි දේවගේ සුගන්ධිකා මදුවන්ති, ඇගේ දරුවන් තිදෙනා හා කොරෝනා වැළඳී සුවවී සිටින මාගේ බිරිඳ පමණි.

මෙම පොලිස් නිලධාරීන් නිසි ලෙස මුව ආවරණ පැළඳ සිටියේ නැත. මේ වන විට, පානදුර උතුර පොලීසියේ 12 දෙනෙකුට කොරෝනා වැළඳී තිබේ.

ඔවුන්, නිවස සෝදිසි කරන අතර, මා හා මාගේ දියණිය කුඩුමහා පරිමාණයෙන් කරන බවට පෙත්සමේ තිබෙන බව කියා සිටියා.

සෝදිසි කිරීමෙන් පසුව ඔවුන් යන්න ගියා.

පසුදින, (2021.09.31) ප.ව. 3.30 ට පමණ, මා හා දියණිය, පානදුර උතුර පොලීසියට ගොස්, මේ ආකාරයට නිවස සෝදිසි කළේ කුමන කරුණක් නිසාද යැයි විමසා සිටියා.

මට හෝ දියණියට, කිසිදු ආකාරයේ චෝදනාවක් නැත. අප කිසිදු ආකාරයේ නීති විරෝධී ක‍්‍රියා සිදු කරන්නේ ද නැත.

මේ බව අපි, ස්ථානාධිපතිවරයාට කියනවාත් සමගම, ඔහු මටත්, දියණියටත්, කුණුහරුප කියමින් බැන වැදුනා.

දියණිය, ඇගේ අධෝ මාර්ගයේ සඟවාගෙන, කුඩු විකුණන බවට, මහ පොළොව නුහුලන චෝදනා කළා.

ඔහු, එ් අසල සිටි නිලධාරියෙකු මගින් මාගේ දියණියගේ පිංතූර ගත්තා.

ලැබී තිබෙන පෙත්සම ලොකු තැන්වලට ද ගිහින් තිබෙන බව කිව්වා.

පොලීසිය, කියන පෙත්සම එවා ඇත්තේ, කව්රුන්ද යන්න සොයා බලන ලෙසට ඉල්ලා සිටිනවා.

අසල්වැසියෙකු වූ, තොම්සන් ප‍්‍රනාන්දු, මෙම පෙත්සම්කරු බව සැක කරමි.

මොහු, අසල නිවෙස් වලට විවිධ දේ විසි කරමින්, හිරිහැර කරන්නෙක්. මොහු දියණියට, අයුතු යෝජනාවක් කරද ඇත. එම වෛරය ද ඇත.

ඉදිරියේදී ද, මොහුගේ මෙහෙයවීමෙන් අපට, හිරිහැර කිරීමට ඉඩ තිබේ.

එම නිසා අප ඉල්ලා සිටින්නේ,

ව්‍යාජ චෝදනා නැගීම ගැන, විමර්ශන කරන ලෙසටත්,

මෙම වසංගත සමයේ, පෙත්සම් වලට පොලිස් නිලධාරීන්, නිවස පරීක්ෂා කිරීම නිසා, අප අනාරක්ෂිත තත්ත්වයට ඇද දමනු ලබයි. මේ පිළිබඳව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලමි.

මෙයට,

නන්එදිරි දේවගේ චන්න පුෂ්ප කුමාර