සමන් දෙවියන්ගේ අඩවියේ පවතින පාසලක, අ.පො.ස. (සා/පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා ඉගෙනුම ලබමින් සිටි ඇගේ වයස අවු: 15 කි.
ඇය, පියා මරාගෙන ඉපදුනු තැනැත්තියකි. මව, ඇයව, ආච්චී හා සීයාට බාරදී, වෙනත් විවාහයක් කරගන්නා ලදි.
ආච්චී, සීයා විසින් හදා වඩා ගත් ඇය, 2007 ජූලි 03 පාසලට ගියාය.
විභාගය අත ළඟ නිසා සවස 3.00 දක්වා ඉගැන්වීමට සිදුවිය.
සීයා සුපුරුද පරිදි, මිනිබිරිය රැගෙන එන්නට, සවස 3.00 ට, පාසලට ගියේය.
එදා අදාළ ගුරුවරයා නිවාඩු ගොස් සිටි බැවින්, වෙනදා වෙලාවට, සිසුන්ව ගෙදර ඇරිය බව පැවසින.
එ් අතර, සීයාට දුරකථනයෙන් පණිවුඩයක් ලැබුනේ අසල්වැසි තරුණයෙකුගෙනි. ” ........... ව” මම එක්කගෙන ආවා. පුලූවන්නම් අල්ලන්න යනුවෙනි.
දුරකථනය විසන්ධි විය.
සීයා, දුරකථන පණිවිඩය දුන්න තරුණයාගේ නිවසට යන ලදි. එහි මිනිබිරිය විය. නමුත්, තරුණයාගේ පියා, ඇයට සීයා සමග යෑමට ඉඩ නොදෙන ලදි. සීයා පොලීසියට යන ලදි.
පොලීසිය, ඇයව, තරුණයාව, ඔහුගේ පියාව අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන එන ලදි.
පොලීසිය නීතිය ක‍්‍රියාත්මක කළේය. මිනිබිරිය හා තරුණයාව, වෛද්‍ය පරීක්ෂණ වලට ඉදිරිපත් කර, පරිවාස වාර්තා සමග අධකරණයට ඉදිපත් කරනු ලැබීය. තරුණයාව රක්ෂිත බන්ධනාගාර ගතකළ අධිකරණය, ඇයට පාසල් යන ලෙසට උපදෙස් දී, සීයාට හා ආච්චිට බාරදෙන ලදි.
එයින් අනතුරුව පාසලට ගිය විට, ඇයව බාර ගන්නට බැරි බව විදුහල්පති කියා සිටියේය.
සීයා, මේ ගැන බලධාරීන්ට දැනුවත් කළේය.
පොලීසියට, අධ්‍යාපන කාර්යාලයට පමණක් නොව, මානව හිමිකම් කොමිෂමට ද ඔහු ගියේය. එහි ප‍්‍රතිඵලයෙන් ඇයට, සිය අධ්‍යාපන කටුයතු ඉදිරියට ගෙන යෑමට හැකියාව ලැබින.
ඇය අ.පො.ස. (සා/පෙළ) විභාගය පමණක් නොව, අ.පො.ස. (උ/පෙළ) විභාගය ඉහළින් සමත් විය. එහෙත් සරසවි යන්නට වරම් හිමි නොවීය.
ඇය, දෙමළ භාෂාව ප‍්‍රගුණ කළේය. පුද්ගලික ඉගැන්වීම වල නිරත විය.
ග‍්‍රාම නිලධාරී විභාගයෙන්, දිස්ත්‍රික්කයේ පස්වන තැනට, තේරින. නමුත් රැකියාව හිමි නොවීය. සමන් දෙවි පිහිට නොලැබූ නිසා වන්නට ඇත.
මේ වන විට, ඇය, දෙමළ බස උගන්වන ගුරුවරියකි.
විවාහ දිවියක්ද ගත කරයි. අන් අයගේ අයිතීන් උදෙසා පෙනී සිටින්නේ ස්වේච්ඡුාවෙන්ය.
ඇයගේ සීයා, නිදහස් අධ්‍යාපනය හා අධ්‍යාපන අයිතිය පිළිබඳව නොදැන සිටියේ නම්, ඇගේ ජීවිතය කාලකණ්නි විදුහල්පතිවරයෙකු ඇතුලූ ගරු පිරිසකට බිලි වෙනු ඇත.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, ගුරු පත්වීම් රැගෙන උගන්වන සෑම ගුරුවරයෙකුම 'දෙවියෙක්' නොවන්නේය.
No comments:
Post a Comment