Saturday, September 4, 2021

MASK නැතිව ගේ සෝදිසි කළේ, ගෙදර කොරොනා රෝගියෙක් සිටියදි. බස් මුදලාලිගේ පෙත්සමට?

 


කුමාර, සිද්ධිය පිළිබඳව, මානව හිමිකම් කොමිෂන් සභාවට, පොලිස්පති කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙන් කරුණු පැහැදිලි වනු ඇත.                        

‘‘පෙත්සමක් පදනම් කරගෙන, අනවසරයෙන් නිවසට ඇතු`ඵ වී, සෝදිසි කිරීම, පොලීසියේදී,

නින්දා අපහාසවලට භාජනය කිරීම, ඡුායාරූප ගෙන භිය වැද්දීම.’’

කුමාර, වයස: අවු: 53 යි, ජා.හැ.අ. 070 724463 ඪල විවාහක, දරුවන් 03 යි, රියදුරු, ලිපිනය : 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 077 9276650

නන්එදිරි දේවගේ සුගන්ධිකා මදුවන්ති, අවු: 34 යි, ජා.හැ.අ. 875041622 ඪල විවාහක, දරුවන් 03 යි, 274, දිග්ගල පාර, කෙසෙල්වත්ත, පානදුර. දු.අ. 075 8756924 (දුව*

2021.09.01 වන දින දීය. මෙසේ ප‍්‍රකාශ කර සිටිමි.

2021.08.30 වන දින, රාත‍්‍රී 9.25 ට පමණ, නිවසේ පිටුපසින් සිවිල් ඇඳුමින් සැරසුනු 06 දෙනෙකු නිවස තුළට කඩා වැදුනා. එක් අයෙක් ප‍්‍රකාශ කළා, තමා පානදුර උතුර පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති බව.

ඔවුන් නිවස සෝදිසි කළා. එ් වෙලාවේ නිවසේ සිටියේ මාගේ දියණිය වන නන්එදිරි දේවගේ සුගන්ධිකා මදුවන්ති, ඇගේ දරුවන් තිදෙනා හා කොරෝනා වැළඳී සුවවී සිටින මාගේ බිරිඳ පමණි.

මෙම පොලිස් නිලධාරීන් නිසි ලෙස මුව ආවරණ පැළඳ සිටියේ නැත. මේ වන විට, පානදුර උතුර පොලීසියේ 12 දෙනෙකුට කොරෝනා වැළඳී තිබේ.

ඔවුන්, නිවස සෝදිසි කරන අතර, මා හා මාගේ දියණිය කුඩුමහා පරිමාණයෙන් කරන බවට පෙත්සමේ තිබෙන බව කියා සිටියා.

සෝදිසි කිරීමෙන් පසුව ඔවුන් යන්න ගියා.

පසුදින, (2021.09.31) ප.ව. 3.30 ට පමණ, මා හා දියණිය, පානදුර උතුර පොලීසියට ගොස්, මේ ආකාරයට නිවස සෝදිසි කළේ කුමන කරුණක් නිසාද යැයි විමසා සිටියා.

මට හෝ දියණියට, කිසිදු ආකාරයේ චෝදනාවක් නැත. අප කිසිදු ආකාරයේ නීති විරෝධී ක‍්‍රියා සිදු කරන්නේ ද නැත.

මේ බව අපි, ස්ථානාධිපතිවරයාට කියනවාත් සමගම, ඔහු මටත්, දියණියටත්, කුණුහරුප කියමින් බැන වැදුනා.

දියණිය, ඇගේ අධෝ මාර්ගයේ සඟවාගෙන, කුඩු විකුණන බවට, මහ පොළොව නුහුලන චෝදනා කළා.

ඔහු, එ් අසල සිටි නිලධාරියෙකු මගින් මාගේ දියණියගේ පිංතූර ගත්තා.

ලැබී තිබෙන පෙත්සම ලොකු තැන්වලට ද ගිහින් තිබෙන බව කිව්වා.

පොලීසිය, කියන පෙත්සම එවා ඇත්තේ, කව්රුන්ද යන්න සොයා බලන ලෙසට ඉල්ලා සිටිනවා.

අසල්වැසියෙකු වූ, තොම්සන් ප‍්‍රනාන්දු, මෙම පෙත්සම්කරු බව සැක කරමි.

මොහු, අසල නිවෙස් වලට විවිධ දේ විසි කරමින්, හිරිහැර කරන්නෙක්. මොහු දියණියට, අයුතු යෝජනාවක් කරද ඇත. එම වෛරය ද ඇත.

ඉදිරියේදී ද, මොහුගේ මෙහෙයවීමෙන් අපට, හිරිහැර කිරීමට ඉඩ තිබේ.

එම නිසා අප ඉල්ලා සිටින්නේ,

ව්‍යාජ චෝදනා නැගීම ගැන, විමර්ශන කරන ලෙසටත්,

මෙම වසංගත සමයේ, පෙත්සම් වලට පොලිස් නිලධාරීන්, නිවස පරීක්ෂා කිරීම නිසා, අප අනාරක්ෂිත තත්ත්වයට ඇද දමනු ලබයි. මේ පිළිබඳව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලමි.

මෙයට,

නන්එදිරි දේවගේ චන්න පුෂ්ප කුමාර

 

 

 

 

No comments:

Post a Comment