Monday, June 29, 2020

වධහිංසා නඩුවට අවුරුදු 16 යි!





ජාත්‍යන්තරයේ මෙන්ම, දේශීය ඊනියා මානව හිමිකම් ආරක්ෂකයින් ගේ ඉමහත් අමන්දානන්දයට පාත‍්‍ර වූ, 1994 අංක 22 දරන වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ ද`ඩුවම් වලට එරෙහි වූ සම්මුතිය පනතට අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පවරන ලද නඩුවක්, සිද්ධියෙන් වසර 16 කට පසුව නිමාවට පත්විය.

ඒ නඩුව ගැන කෙටි සටහනක් තබන්නේ, ස්වාධීන කොම්ෂන් සභා, ස්වාධීන අධිකරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තොරතෝංචියක් නැතිව කියවන, බුද්ධිමතුන් ලෙසට තමන්ම හදුන්වා ගන්නා, කිහිප දෙනෙක්  විසින් සිංහල කථා කරන බහුතරය ‘මෝඩයින් ලෙසට නිගමනය කර’ බුද්ධිමත්ව සිතන ලෙසට, සමාජ මාධ්‍ය ඔස්සේ කරන ඉල්ලීම් වල නරුම බව තේරුම් ගැනීමට රුකුලක් වශයෙන්ය.

අරක්කැමියෙකුගේ පුතෙකු වූ දහ අට හැවිරිදි ප‍්‍රසාද් ව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවන්නේ රත්නපුර පොලීසියට අනුයුක්තව සිටි පොලිස්කාරයින් සිව් දෙනෙකුය.

ශ‍්‍රී ලංකා පොලීසියට ආවේනික ක‍්‍රමවේදය අනුගමනය කරමින්, වධ හිසාවට ලක්කළ ප‍්‍රසාද්ව  අධිකරණයට ඉදිරිපත් කරන්නේ, පොලිස් කාරයෙකුට පහර දීම හා අයුතු අවහිර කිරීම යන චෝදනා යටතේය.

2003 අගෝස්තු 07 වන දින සිදුවූ මෙම සිදුවීම මූලික කරගෙන, ප‍්‍රසාද් ඇතඵ සිව් දෙනෙකුට විරුද්ධව, අංක: 54821/PC (B 1318/2003)  යටතේ, 2003 අගෝස්තු මස 07 වන දින මෙම නඩුව පවරන ලදි. එදින අධිකරණය, ප‍්‍රසාද්ව, රු: 2500/- ක මුදල් ඇපයක් හා ශරීර ඇපයක් මත මුදාහරින ලදි.

ඒ අනුව, ඔහුට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගත වීමට අවස්ථාව හිමිවිය.

ප‍්‍රසාද්ගේ මව, තම පුතාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා නීතිපතිට ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.

රෝහල්ගතවූ ප‍්‍රසාද් ව, පරීක්ෂාවට ලක් කළ, රත්නපුර මහා රෝහලේ වැඩබලන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය බී.ඞී.එස්. රුවන්පුර මයා විසින් නිකුත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාවේ මෙසේ සටහන්ව තිබින.



රත්නපුර පොලීසිය, ප‍්‍රසාද් ඇතුළු සිව් දෙනෙකුට, පවරා තිබූ නඩුවට සමගාමීව, ප‍්‍රසාද්ට, විශේෂයෙන් ඔහුගේ මවට, පොලීසිය සිදුකරන ලද අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කර ගැනීම සදහා වූ ක‍්‍රියාවලියේ නොසැලී නොබියව අරගල කරන්නට ගරුත්ත්වයක් තිබින.

නීතිපති ඔවුන්ට කියා සිටියේ නඩුවක් තියෙන නිසා මැදිහත්වන්නට නොහැකි බවයි.

ජාතික පොලිස් කොමිෂම සුපුරුදු පරිදි නිදි වදින ලදි. 

මානව හිමිකම් කොමිෂන් සභාව, HRC/ 4186/03/L -6  යටතේ විමර්ශනයක් සිදුකර, නිර්දේශයක් නිකුත් කරනු ලැබීය. එම නිර්දේශයේ මෙසේ සඳහන් වේ.

”ඉහත ස`දහන්  වගඋත්තරකරුවන් 01,02,03,04,05, අගතියට පත් පැමිණිලිකාරියගේ පුතා වන  ”උදයංග පෙරේරාට” අමානුෂික කෲර ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් වෙයි. පළවන වගඋත්තරකරුගේ ආත්මාරක්ෂාව සඳහා සැකකරුව අත්අඩංගුවට ගැනීමට යොදා ඇති අවම බලයක් ගැන කරුණු ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාදක මත පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළ යුතුය. එම නිසා වගඋත්තරකරුවන් සියලූ දෙනා ”උදයංග පෙරේරා” යන තැනැත්තාගේ මානව හිමිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12(1) යටතේ උල්ලංඝනය කර ඇති බවට තීරණය කරමි. වගඋත්තරකරුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීම ස`දහා නීතිපතිවරයාට මානව හිමිකම පනතේ 11(ඌ) වගන්තිය යටතේ ප‍්‍රමාණවත් වන්දි ලබාදීමටත්, පොලිස් කොමිෂමට දැන්වීමත් සුදුසු බව නිර්දේශ කරමි.

අ.ක/ මර්වින් පී. විජේතුංග
උපදේශක, (පරීක්ෂණ)
(විශ‍්‍රාලත් දිසා විනිසුරු)
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ”   

මහේස්ත‍්‍රාත් උසාවියේ, ප‍්‍රසාද් ඇතුලු චූදිතයින් සිව් දෙනාට විරුද්ධ නඩුවට, විත්ති පාර්ශවයෙන් ප‍්‍රසාද්ව පරීක්ෂා කළ  වැඩ බලන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන්පුර මයාව කැඳවීමට ගන්නා ලද උත්සාහය සම්පූර්ණයෙන් අසාර්ථක වූයේ ඔහු ඒ වන විට, ස්වේච්ඡාවෙන් අතුරුදහන් ව සිටි නිසාය.

එම පසුබිම තුළද, 2003 අගෝස්තු 07 වන දින සිදුවූ මෙම සිදුවීම මූලික කරගෙන, ප‍්‍රසාද් ඇත`ඵ සිව් දෙනාට විරුද්ධව, රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති, අංක: 54821/PC (B 1318/2003) යටතේ, 2003 අගෝස්තු මස 07 වන දින පවරන ලද නඩුවේ තීන්දුව වසර 15 කට පසුව, 2017.08.09 වන දින ලබා දෙන ලදි.

එහි මෙසේ සඳහන් වේත

”ඉහතින් විග‍්‍රහ කර දක්වන ලද සියලූ කරුණු ප‍්‍රකාරව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය සහ පැමිණිල්ලේ මෙම සිද්ධිය සම්බන්ධව ක‍්‍රියා කර ඇති ආකාරය පිළිබඳව බරපතල සැකයක් මතුවේ. ඒ අනුව, චෝදනා පත‍්‍රයෙහි සඳහන් වරද මෙම චූදිතයන් විසින්ම සිදු කරන ලද බවට, බැලූ බැල්මට පෙනෙන ආකාරයට හෝ තහවුරු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවට තීරණය කරමි. 

එසේ හෙයින්, මෙහිදී විත්ති වාචකය සළකා බැලීමේ අවශ්‍යතාවයන් පැන නොනගින බවට තීරණය කරමි.

ඒ අනුව, චෝදනා පත‍්‍රයෙහි සදහන් චෝදනාවන් චූදිතයන්ට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවට තීරණය කරමි. 

ඒ අනුව, චෝදනා පත‍්‍රයෙහි සදහන් චෝදනාවන් චූදිතයන්ට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවට තීරණය කරමි. එසේ හෙයින් චූදිතයන් සියලූ දෙනා සියලූ චෝදනාවන්ගෙන් නිෙදාස් කො නිදහස් කරමි.

අත්/කළේ .......

(එම්.එස්. ප‍්‍රිම්කි)
අතිරේඛ මහේස්ත‍්‍රාත් - රත්නපුර
        2017.08.09   


මෙම නඩුව, ශ‍්‍රී ලංකාවේ සියලුම නඩු මෙන්ම ඇදෙමින් පවතිත්දී පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU), ප‍්‍රසාද් විසින් කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කරනු ලැබීය.

එහි ප‍්‍රතිඵලයක් ලෙසට 1994 අංක 22 දරන පනත යටතේ, රත්නපුර පොලීසියේ, ප‍්‍රසාද්ට වධ හිංසා පැමිණ වූ පොලිස් කාරයින් සිව් දෙනෙකුට එරෙහිව රත්නපුර මහාධිකරණය ඉදරියේ නඩු පවරන ලදි. 

2013/10/03 දින, HCR/283/B  යටතේ පවරන ලද එම නඩුවේ තීන්දුව වසර 06කට පසුව එනම් 2019.11.21 ප‍්‍රකාශයට පත් කරන ලදි.

එම තීන්දුවේ මෙසේ සදහන් වේ.

"ඒ අනුව අධිකරණය අවසන් වශයෙන් සඳහන් කරනුයේ, මෙම විත්තිකරුවන් විසින් පැ.සා.01 වන විශ්වජිත් උදයංග පෙරේරා යන අයට 1194 අංක 22 දරණ වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහිවූ සම්මුතිය පනතේ 02 (1) වගන්තිය යටතේ දඬුවම් ලැබීමට ප‍්‍රමාණවත් ආකාරයේ පහරදීමක් සිදුකර ඇති බවට පැමිණිල්ලේ නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරීමට අපොහොසත්ව ඇති බවට තීරණය කරමින් සැකයේ වාසිය විත්තියට ලබාදෙමින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනාවෙන් ඔවුන් නිෙදාස් කොට නිදහස් කරමි.”

මෙහිදි කිවයුතු කරණක් ඇත. එනම් පසුගිය වසර කිහිපය තුල, ඊනියා ස්වාධින කොමිෂන් සභා නිසා වධහිංසා අඩුවි ඇති බවට, හුවා දැක්වීමට උත්සහා  ගන්නා, එකදු වින්දිතයෙක් වත් දැක නැති, හාවර්ඩ්, ඔක්ර්ස්පර්ඩ්, කේම්බ්‍ර්ජ්----- ආචාර්යවරු, දැන වධහිංසා වැඩිවි ඇති බවට තප්පු ලන්නට පටන් ගෙන ඇත.
 
වධහිංසාව හිගන්නාගේ තුවාලය කරගෙන ඇති මෙම පිරිසට දිය යුතු පිළිතුර වන්නේ, රටේ සාමාන්‍ය ජනයා පීඩාවට පත්කරන නීති ක‍්‍රියාපාටිය, අන්තයටම පිරිහුන ආයතන වෙනස් කිරිමට ජනතාව සමග එක්ව පෙළ ගැසිමය. 




Friday, June 26, 2020

බුද්ධි අංශ නිලධාරියෙකුට පොලිස් කාරයෝ වට කරගෙන නෙලයි.




පසුගිය දා, ගන්දරදී, 26 හැවිරිදි, නවක බුද්ධි අංශ නිලධාරියෙකුට, වට කරගෙන, අමානුෂික ලෙස අතින් පයින්, පොලූවලින් හා අවි වලින් පහර දී ඇත්තේ, පානදුර වලාන  දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත හා ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ කණ්ඩායම් දෙකක පොලිස් කාරයින් බව කියැවේ.

මෙම අමානුෂික පහර කෑමට ලක්වූ බුද්ධි අංශ නිලධාරියා, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.ගන්දර, වෙරළේ ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන මෙම පහරදීම සිදුකර ඇත.

වාර්තා වන අන්දමට පළමුව, පානදර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත ඇතුළු කණ්ඩායමක්, වෙරළේදී පහරදී, ගන්දර පොලීසයට බාරදී තිබේ.

ගන්දර පොලීසියේ ස්ථානධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් මොහුට පහරදී ඇත්තේ බැරැක්කයට රැගෙන ගොස්ය.

එහිදී ස්ථානාධිපති කපිල බංඩාර මොහුට වධ දෙන අතර, පුන පුනා කියා ඇත්තේ, උඹලා අපිට කෙළවනවා. අපි දැන් උඹට කෙළවනවා කියාය.

මෙම තරුණ බුද්ධි අංශ නිලධාරියාගේ බිරිඳ, මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට, ආරක්ෂක ලේකම්, පොලිස්පති, මානව හිමිකම් කොමිෂම ට හා ජාතික පොලිස් කොමිෂමට පැමිණිලි කර ඇත. 

අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට, වධ හිංසා පැමිණවීම, ජාත්‍යන්තර මානව හිමිකම් රපෝර්තුකරුවන්, ආරක්ෂකයින් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයින් පවසන හේතු - ඔවුන්ගේ රට බෙදන න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යාම සදහා මවා පාන්නා හේතූන්ය.

මෙය ශ‍්‍රී ලංකාවේ වධ හිංසාව ගැන යථාර්තය හෙළිකරන තවත් එක් උදාහරණයකි. 

ඇය ගේ පැමිණිල්ලේ තමාගේ වයස අවු: 25 ක් බවද, රජයේ සේවිකාවක් බවද, තම සැමියා , අවු: 26, පො.කො. 000, බවද, කොරෝනා වෛරස රෝගය හේතුවෙන්, 2020.03.27 දින සිට --ඒකයට අනුයුක්ත කර තිබු අතර, දැනට මාතර ම/උ නඩු අංක: BR/------  යටතේ, ---- රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවද කියා සිටි. 

2020.06.14 වන දින, උදයේ සුපුරුදු පරිදි ඔහු සේවයට වාර්තා කිරීමට --- පිටත්ව ගිය සැමියා  එදින රාති‍්‍රියේ ගෙදර ආවේ නැති බවත්, පසුදින, (2020.06.15) උදේ 5.45 ට පමණ, ගන්දර පොලීසියෙන්, සැමියාගේ පියාට, සැමියා, පොලිස් අත්අඩංගුවේ සිටින බව දුරකථනයෙන් දැනුම් දුන් බවය. 

ඇය, සැමියාගේ මව හා පියා සමග, ඒ අවස්ථාවේදීම ගන්දර පොලිසීයට ගොස් පොලිස් සිර මැදිරියේ සිටින සැමියා දුටු බව හා ඔහුගේ මුහුණ ඉදිමිලා, තොල් පැලී, නාසයෙන් ලේ දමා, ශරීරයේ සෑම තැන තුවාල තිබුන අතර ඔහු ඉතා අමාරු තත්ත්වයෙන් සිටින බව - කියා සිටි බවද සිය පැමිණිල්ලේ සඳහන් කරයි. ඒ අවස්ථාවේ ඔහු, ‘‘තමා දන්නා හඳුනන අය සමග,මුහුදු වෙරලේ, කතා කරමින් සිටන විට, ඒ  අසල තවත් හය දෙනෙකු අධික ලෙස මත්පැන් පානය කරමින්, සිට ඇති බව. මාගේ සැමියා, ඔවුන්ගෙන්, ‘‘අයියලා කොහේද” කියා අසන ලද බව හා ඒ සමගම, ‘‘උඹට මොකද අපි කොහේද කියා” අසමින්, එම පිරිස සැමියාට පහර දෙන්නට පටන් ගත් බවද, ඒ  අවස්ථාවේදී එම පිරිස අතර, තමන්ට පහර දුන් එක් අයෙකු, පානදුර වලානේ, දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත බව සැමියා හඳුනා ගත් බවද’ පවසා  තිබේ.

ඒ අවස්ථාවේදී, සැමියා, තමාද, පොලිස් කොස්තාපල්වරයෙකු බවත්, --- හි සේවය කරන බවත් පවසා සිටියද, ඒ  කිසිවක් ගණනකට නොගෙන, එම පිරිස සැමියාට දරුණු ලෙස පහරදී, තිබෙන බවත්, එසේ පහර දෙන අතර, ---- නැමැත්තාට පහර දී ඇති බවද, පහරදීමෙන් අනතරුව, පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත, ගන්දර පොලීසියට කථා කර, මොබයිල් එක ගෙන්වාගෙන ඇති බවද, ගන්දර පොලීසියේ මොබයිල් එකේ පැමිණි පිරිසද එක්ව, සැමියාට පහර දී, අත්අඩංගුවට ගන්නා ලද බවද කියා තිබේ. 

සැමියා, පොලීසියට ගෙන ආ පසු, ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බංඩාර, ‘‘බුද්ධි අංශයේ එවුන් ඉන්නේ අපිට කෙළවන්න” - ‘‘අපි උන්ට කෙළවලා දාමු” කියා අනිත් පොලිස් නිලධාරීන්ට පවසා, ඉන්පසු, ඔහු, ‘‘මුගේ අත් පස්සට කරලා අල්ලා ගන්න” යැයි, මොබයිල් එකේ අයට කියා ඇත. ඔවුන් සැමියාගේ අත් පස්සට කර අල්ලා මාංචු දමා ඇත. එයින් අනතුරුව, සැමියාව, බැරැක්කයට ගෙන ගොස්, අතින් පයින් හා අවියකින් පහර දී ඇත. එම පහරදීම්වලින් බිම වැටුන පසුව, පයින් පාගමින්, අවිවලින් ඇන, පහරදුන් බවද සඳහන් කර තිබේ. 

ඇය සිය පැමිණිල්ලේ මෙසේද සඳහන් කර ඇත.

‘‘ගන්දර පොලිස් ස්ථානයේදී, ස්ථානාධිපති කපිල බංඩාර, සැමියාට අමානුෂික ලෙස පහර දීමේදී, ඔහු විශේෂයෙන් සඳහන් කර ඇති කරුණක් වන්නේ, සැමියාද එක්ව, ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බංඩාර, කොරෝනා සමයේ, සිය පවුල සමග නැවතී සිටි හෝටලයේ, අලෙවි කිරීමට තබා තිබූ අරක්කු බෝතල් 300 කට අධික ප‍්‍රමාණයක් සෙයා ගැනීමය. මෙම සොයා ගැනීම, මාතර පොලිස් අධිකාරී ගේ මැදිහත්වීමෙන් නතර කිරීම හා මෙම ප‍්‍රදේශයේ හෙරොයින් කිලෝ 200 ක් පිළිබඳව ලැබූ තොරතුරක් විමර්ශන කිරීමය. 

එසේ පහරදීමෙන් පසුව, කූඩුවට ගෙනවිත් දමා තිබේ. රාත‍්‍රී 8.00 -  9.00 අතර මෙම සිදුවීම සියසින්ඇ සින් දුටු, සැමියාව දන්නා අයෙක්, රාත‍්‍රියේ පොලීසියට ගොස් සැමියාව බලා ඇත. 

සැමියා, ඔහුටද තමාට පහරදුන් බව හා තුවාල හා තැලූම් පෙන්වා තිබේ. එම පුද්ගලයා නිවසට ගොස්, සැමියාට, සිද්ධාලේප හා පැනඩෝල් ගෙනවිත් දීමට උත්සාහ ගනිත්දී, පො.ප. බැට්ටගේ නැමති නිලධාරියා එයට ඉඩ දුන්නේ නැති බවද සැමියා කියා ඇත.

තවද, සැමියා කියා සිටියා, රාති‍්‍රයේ තමාව, තලල්ල ග‍්‍රාමීය රෝහලට ගෙන ගොස්, එහි වෛද්‍යවරයාට ඉදිරිපත් කළ බව. එම වෛද්‍යවරයා තමාව පරීක්ෂා නොකළ බවත්, පොලීසියේ ඉල්ලීමට තමා, බීමත්ව සිටින බවට අධිකරණ වෛද්‍ය පෝරමයේ ලියවා ගත් බවත් බවය.

අලූයම, මාගේ සැමියාට තර්ජනය කර, ඔවුන් ලියන ලද ප‍්‍රකාශයට අත්සන් ගෙන ඇත.

දහවල් (2020.06.15) 10.00 ට පමණ සැමියා, මහේස්ත‍්‍රත් අධිකරණයට ගෙනවිත් ඉදිරිපත් කරනු ලැබුවා. ඔහු වෙනුවෙන්, නීතිඥ දශරාජ් මයා ඉදිරිපත් වුනා. ඔහුව, පළමුව බූස්ස බන්ධනාගාරයට ගෙන ගිය අතර, 2020.06.17 දින මාතර බන්ධනාගාරයට මාරු කරනු ලැබුවා.

2020.06.20 දින, එනම් දින 4 කට පසුව, මාතර මහා රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එතෙක් බන්ධනාගාර රෝහලේ සිටි බව සැමියා ප‍්‍රකාශ කළා. 

2020.06.24 දින දක්වා, දින 5 ක් සැමියාව, මාතර මහා රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබාදෙනු ලැබුවා. මාතර මහ රෝහලේ සිටින විට, සැමියාගෙන් ප‍්‍රකාශයක් ගන්දර පොලීසිය විසින් ලබාගෙන තිබුනා. විශේෂඥ අධිකරණ නිලධාරී පරීක්ෂා කර තිබුනා.

ඒ සෑම අවස්ථාවකම, සැමියා, තමාට, වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් අධිකාරී හේමාල් ප‍්‍රශාන්ත හා ගන්දර පොලීසියේ ස්ථානාධිපති කපිල බංඩාර ප‍්‍රමුඛ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන්න බව ප‍්‍රකාශ කළ බව කියා සිටියා.
පෙර සදහන් කළ පරිදි, සැමියා, මාතර බන්ධනාගාරයේ සිටින අතර, මීළඟ නඩු දිනය: -------
බවද ඇය කියා ඇත. 

                            අද ජුනි 26 

 

වධහිංසාවට පාත්‍රවූවන්ට සහයෝගය දැක්වීමේ ජාත්‍යන්තර දිනය


වධ හිංසා ඉවසා ගන්න බැරිව කූඩුවේ එල්ලිලා මැරෙන්න හදලා.




පානදුර දකුණ පොලීසිය මෙම මස 22 දින රාත‍්‍රියේ, අත්අඩංගුවට ගත්තු, 31 හැවිරිදි පුද්ගලයෙකු වධ හිංසා ඉවසා ගන්න බැරිව කූඩුවේදී එල්ලෙන්න හදලා.

මේ ප‍්‍රකාශ කරන්නේ, හෙට්ටිගේ ප‍්‍රමුදිත අශාන් පෙරේරා නැමති, වසර අටක කාලයක සිට, කුඩුවලට ඇබ්බැහි වී සිටින තරුණයෙකුගේ පියාය.

ඔහු පවසන අන්දමට, 22 වන දින රාත‍්‍රියේ අත්අඩංගුවට ගත් පුතාට අමානුෂික ලෙසට වධ දෙමින් රඳවා ගෙන ඉන්නේ, කුඩු ජාවාරම් කරුවෙකු වෙනුවෙනි.

64 වන වියේ පසුවන, රියදුරෙක් වන පියා, කුඩුවලට ඇබ්බැහි වූ තම පුතාගේ ජීවිතය බේරා දෙන ලෙසට, පොලිස්පතිට, මානව හිමිකම් කොමිෂමට කරන ලද පැමිණිල්ලේ විස්තර අන්තර්ගත වේ.

පැමිණිල්ලථ-

පානදුර දකුණ පොලීසිය, අත්අඩංගුවට ගෙන වධ දීම නිසා, සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරන මාගේ පුතාගේ ජීවිතය රැුක දෙන ලෙස කරනු ලබන ඉල්ලීම.

ඥනසේන පෙරේරා, අවු: 64 යි, ජා.හැ.අ.---- විවාහක, දරුවන් 03 යි, රියදුරු. ලිපිනය: ----
පානදුර. දු.අ.----

2020.06.24 වන දින දීය.

අශාන් පෙරේරා, අවු: 31 යි, අවිවාහක, මාගේ දෙවෙනි පුතා වේ.

2020.06.22 රාත‍්‍රී 12.00 ට පමණ, පානදුර දකුණ පොලීසියේ හය දෙනෙකු පමණ, සිවිල් ඇඳුමින් පැමිණ, දොරට ගසා, දොර කඩාගෙන ගෙට ඇතුළු වුනා.

එම පිරිස, නිදාගෙන හිටිය පුතාව අත්අඩංගුවට ගෙන, සොරකම් කරපු ගෑස් සිලින්ඩරය කෝ කියා අසමින් බෙල්ලෙන් අල්ලාගෙන, ප‍්‍රධාන පාරට ගෙන එන ලදි. ඔහුව, නිල්මිනි සවුන්ඞ් නැමති ස්ථානයට ගෙන ගොස්, පොලූවලින් පහර දී ඇත. 

එයින් පසුව, ඔහුට පහර දෙමින්, පාර දිගේ, තේක්ක වත්ත පැත්තට ගෙන ගොස් ඇත. පසුදින, 2020.06.23 උදේ, 6.30 ට, මා, බිරිඳ සමග පානදර දකුණ පොලීසියට පැමිණියා. පුතා කූඩුවේ හිටියා.

පුතා මට කිවවා, බිම නිදි කරවා, යටි පතුල්වලට පහර දුන්නා කියා. පපුව උඩ නැගලා කැත කළා කියාලා. පපුව රිදෙනවා කිව්වා. නැගිටින්න බැරිව හිටයේ. ඒ අසල සිවිල් පිට හිටිය නිලධාරියෙක්, අපිට ෙදාස් කියා, වෙනිවැල්ගැට තම්බලා ගෙනත් දෙන්න යයි කිව්වා.

උදේ 9.00 ට විතර, පුතාව උඩ තට්ටුවට ගෙන ගියා. අපිට පොලීසියේ ඉන්න එපා කිව්වා.

අප, ගෙදර ඇවිත්, කිදෙල්පිටිය දුවලාගේ ගෙදරට ගියා. එහේ ඉන්න කොට 11.00 ට විතර, මාගේ දුරකථනයට පුතා කරලා කිව්වා ගෙදරට එක්කගෙන ආවා, ඉක්මණට එන්න කියා. මම බිරිඳ සමග ගෙදර එනකොට පුතාව මාංචු දාලා ගෙදරට ගෙනත් තිබුනා.

ඔහුට නැගිට ගන්නවත් බැරිව හිටියේ. ඔහු සමග සිවිල් පිට නිලධාරීන් තුන්දෙනෙක් හිටියා.

ඔවුන්ට ගේ සෝදිසි කරන්න අවශ්‍ය බව කිව්වා. අපි එයට ඉඩ දුන්නා. කිසිවත් හමුවූයේ නැහැ.
සවස 3.00 ට විතර, අපි පොලීසියට ආවා. පුතා පොලීසියේ හිටියේ නෑ. අපි පොලීසිය ඉදිරිපිට පාරේ ඉන්නකොට, ජීප් එකෙන් පුතාව ගෙන ආවා. එවිට සවස 4.00 ට විතර ඇති. පුතා, 2 ණට ගෑස් සිලින්ඩරයක් අරන් බැස්සා. ඔහුව, පොලීසිය තුළට ගෙන ගිය පසුව අපි පොලීසියට ගියා.

පුතාව, උඩ තට්ටුවට ගෙනිහින් පුටුුවක වාඩිකරවා, පුටුවට මාංචු දමා තිබුනා. අපි දෙන්නා, රාත‍්‍රී 7.00 ට පමණ, කෑම අරගෙන ආවා. එවිට පුතා කූඩුවේ හිටියා. පුතා කිව්වා, තව පැය 1/2 කින් අරගෙන වධ දෙන්න සූදානම් වන බව.

අපි ඉන්න කොටත් එතැනට පැමිණි, නිලධාරියෙක්, පුතාට තර්ජනය කළා උඹව තමයි අපි හොය හොයා හිටියේ කියා.

අද (24) උදේ 7.00 ට පමණ අපි පොලීසියට ඇතු`ඵ වෙනවාත් සමග, පොලිස් නිලධාරියෙකු කිව්වා, පුතා බෙල්ලේ වැල දාගන්න හැදුවා, යාන්තමට බේරා ගත්තා කියලා. 

පුතා කූඩුවේ හිටියා. කූඩුවේ හිටපු අනෙක් අය කිව්වා, ? ගහන්න අරන් යන්න හදනකොට, පුතාට හොඳටම අමාරු බව, ඔවුන් කිව්ව නිසා, ගහන්න ගෙනිච්චේ නෑ කියා. 

තවද, ඔවුන් කියා සිටියා, ?, පුතා බෙල්ලේ වැල දාගන්න හැදුවා කියා. ඔවුන් කියා සිටියා, පුතා ඇඳලා හිටිය කලිසම ගලවා, කූඩුවේ ෙදාරේ යකඩ කූරුවල ගැට ගහලා එල්ලෙන්න හැදුවා කියා.

අපිට, අපරාධ අංශයේ  නිලධාරියා කිව්වා, පුතාව උසාවි දාන්නේ නෑ කියා. මේ වන විට, පුතාව අත්අඩංගුවට අරන්, දින 2 කට ආසන්නය.

මාගේ පුතා වසර 8 ක පමණ කාලයක සිට හෙරොයින් වලට ඇබ්බැහි වී සිටින අයෙකි. 

මීට පෙර වතාවක පුතා හෙරොයින් සම්බන්ධ චෝදනාවකට වරදකරුවී ඇත.

මා ඉල්ලා සිටින්නේ,

(1) නීති විරෝධී ලෙස පුතාව, පානදුර දකුණ පොලීසියේ රඳවාගෙන සිටීම,

(2) අමානුෂික වධ හිංසාවට පාත‍්‍ර කිරීම,

නවත්වන ලෙසට, අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට හා රෝහල්ගත කර ජීවිතය බේරා දෙන ලෙසටය.

මෙයට,

අ.ක/ඥනසේන පෙරේරා   


Tuesday, June 23, 2020

බන්දනාගාර නිලධාරීන් ගේ පහර කෑමට ලක් වූ අනුර සේනාරත්න




මෙහි දැක්වෙන්නේ රෝහලේදී ලබා ගත් ඡායාරූප කිහිපයකි. 



මරණ දඩුවමට ලක් ව සිටින මොහුට බන්දනාගාර නිලධාරීන්  පහර දී ඇත්තේ මාර්තු 04 වන දිනය. දැනට මොහු මාතර බන්දනාගාරයට මාරු කර යවා තිබේ.මෙම පහර දීම පිලිබඳ පොලිස් පරීක්ෂන ආරම්බ වී ඇති බව වාර්ථා වේ.මේ සම්බන්දයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ අවදානය යොමු කර තිබේ.


Monday, June 22, 2020

”කුඩු තිලාන් ” ව එල්ලා මරණු - මහාධිකරණය




කුඩු ජාවාරම් කරුවෙකු බවට, ඔප්පු වූ ”කුඩු තිලාන්” ව එල්ලා මරා දමන ලෙසට මහාධිකරණය තීන්දු කර තිබේ. 

2020.06.18 දින එම තීන්දුව ලබාදන්, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා,  තීන්දුව ලබාදෙමින් කියා සිටියේ එකෙක් දෙන්නෙක් මරණ, ”මීනිමරුවෙකුට” වඩා කුඩු ජාවාරම භයානක බවයි. උන් සමාජක්ම මරා දමනු ලබන බවයි.

ජනාධිපති සිරිසේන ”කුඩු” කාරයින් මෙල්ල කරන බවට පුරසාරම් බෑවේය. ඔහු කළේ ”කුඩු” ජාවාරමට වරද කරුවන් වී හා ඒ වන ව්ට මරණ දඬුවම නියමව, සිරගෙදර සුර සැප විඳින, කිහිප දෙනෙකුට මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන ලෙසට සිය අත්සන යෙදීමට ද ඔහු පියවර ගත්තේය.

වහාම ක‍්‍රියාත්මක වූ ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්ෂකයින් හා දේශීය ඒජන්තවරුන් එම තීරණයට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවට ගියහ. ශ්‍රෙෂ්ඨාධිකරණය, ජනාධිපති සිරිසේනගේ නියමය ක‍්‍රියාත්මක කිරීම, අත්හිටවන ලෙසට, බන්ධනාගාරයට නියෝග කළේය.

දැන් නඩුව පවතී. තීරණය කවදා එයිද? 

මේ අතර තමයි එනම් 2020.06.18 වන දින දේවගේ තුෂාර චාමර හෙවත් කුඩු තිලාන් ට විරුද්ධව නඩුව අහලා වරදකරු කර, ඔහුට මරණ දඬුවම නියම කරන්නට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි මහතා ක‍්‍රියා කළේ.

ඔහුට එල්ල වූ චෝදනාව වන්නේ හෙරොයින් ග‍්‍රෑම් 274.68 ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමය.

මොහුව අත්අඩංගුවට ගන්නේ, 2014.06.20 දින, බත්තරමුල්ලේදීය. අත්අඩංගුවේ සිටින අවස්ථාවේ, බන්ධනාගාරයෙන් පලා ගොස් විදෙස්ගත වීමට ද වරක් උත්සාර දැරුවේය.

උසාවිය මරණ දඬුවම නියම කළද, එය කි‍්‍රියාත්මක කිරිමට අවසාන තීරණය දෙන්නේ ජනාධිපතිය.

මේ පසුබිම තුළ, 1962 ආණ්ඩුකාර ධූරයට පත් විලියම් ගොපල්ලවගෙන් පසුව ජනාධිපති සිරිසේන බලයට පත්වන තෙක් සිටි, කිසිම ජනාධිපතිවරයෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට සිය අත්සන තැබුවේ නැත.

මෙම පසුබිම යටතේ ජනාධිපති ජනාධිපති ගෝඨාභයද, අධිකරණය තීරණය කළ පමණට, මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන්නට සිය අත්සන යොදාවිද යයි කිව නොහැක. එය අනාගතයට බාර කරමු.

අප නගන ප‍්‍රශ්නය, කි‍්‍රයාත්මක නොකරන දඬුවම නීති පොතේ තියාගෙන ඉන්නේ ඇයිද යන්නයි. ක‍්‍රියාත්මක නොකරන බව දැන දැන විනිසුරුවන් එම තීන්දු දෙන්නේ ඇයිද යන්නයි.

නීතියට අනුව, යම් අවස්ථාවක මරණ දඬුවම නොදුන්න අවස්ථාවල දි නීතිපති පැනලා ගිහින් එය වෙනස් කරවා නැවත මරණ දඬුවම දිය යුතු බවට නඩු ගොනුවේ කොළයක ලියවා ගන්නේ ඇයි?

  • මේවා මාධ්‍යයට පොල් ගෙඩි අකුරෙන් පළ කරන්නට ප‍්‍රවෘත්තිය.
  • ”විද්වතුන්” කියා ගන්නා අත්ලොස්සකට ඊනියා ජාත්‍යන්තරයට ආවඩමින් කථා කර කර ඉන්න  මාතෘකාය.
  • දේශපාලන කුහකයින්ට රට විනාශවනවා දකින සතුට විඳගන්නට හේතුය.

තීරණය ............. !

Sunday, June 21, 2020

අම්මා වික්කේ KG, කුඩු නෙවෙයි.



මේ පුතෙක් නීතිපතිට කියන කතාව

දැනට කළුතර මහේස්ත්‍රාත් අධිකරණය් පවතින කුඩු නඩුවක සැක කාරිය වෙනුවෙන් ඔහුගේ පුතා නීතිපතිට ලියන ලද ලිපියේ මෙසේ සදහන් වේ.

-----------------
2020.06.19

නීතිපති
නීතිපති දෙපාර්තමේන්තුව
උපරිමාධිකරණ සංකීර්ණය
අ`ඵත් කඬේ 
කොළඹ 12

නීතිපතිතුමනි
ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය
නඩු අංකය : ------------20

ඉහත නඩුවේ, චූදිත ----------- වන මාගේ මව වේ.

2020.05.23 වන දින ක`ඵතර දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මාගේ මව අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අවස්ථාවේ ඇය ළඟ තිබූ, කේ.ජී. කෑලි තුනක් (රු: 1200/- ක් වටිනා) එම පොලිස් නිලධාරීන්ට බාර දුන්නා.

මා හා මල්ලී (අවු: 15) අම්මා සමග ජීවත් වෙමු. පියා අප අතහැර ගොස්ය. අපව ජීවත් කරවන්නේ මවයි. ඇයගේ දකුණු අත පන නැත. දියවැඩියාව, වකුගඩු ආබාධ හා ආතරයිටිස් යන රෝග වලින් පෙලේ. ඒ නිසා රැකියාවක් කළ නොහැක.

මාගේ මවට, ගංජා ළඟ තබා ගැනීම අදාළව නඩු තිබුන බව මා දනිමි.

මාගේ මව කිසි දිනෙක කුඩු විකුණා නැත. විකුණන්නේ ද නැත.

මෙම පසුබිම යටතේ, මවට, ඇප ලබාගැනීමට තිබෙන ඉඩ අහුරන බවට තර්ජනය කරමින්, ඇයට එරෙහිව හෙරොයින් මිළි ග‍්‍රෑම් 2250 ක් ළඟ තබා ගත් බවට බොරු පැමිණිලි දමා තිබේ.

එසේ හෙරොයින් මිළි ග‍්‍රෑම් 2250 ක් ළඟ තබා ගත් බවට ගරු අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත් කරනු ලැබූයේ, ඇයට ඇප ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමටය.

2020.05.03 වන දින අත්අඩංගුවට ගත් බවට කියන හෙරොයින් මිළි ග‍්‍රෑම් 2250 මේ දක්වාම රස පරීක්ෂක වෙත යැවීමට ගරු අධිකරණයට ඉදිරිපත් කර නැත.

හිතා මතා, පොලීසිය, අත්අඩංගුවට ගත් බව කියන හෙරොයින්, ගරු අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ, මාගේ මව රක්ෂිත බන්ධනාගාරයේ තබා දඬුවම් කිරීමටය.

මා ඉල්ලා සිටින්නේ, මෙම බොරු නඩු දැමීම නැවැත්වීමට මැදිහත් වන ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නඩුව ඉවත් කර, අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නියෝග කරන මෙන්ය.

මෙයට,

------------- පුතා 




Friday, June 19, 2020

නීතිය හා භාවිතය අතර පරතරය නැති කරන්න රජය ක‍්‍රියාකාරීව මැදිහත්විය යුතුයි.



2014 දී පවරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්, වසර හයක් ගතවූ විට, එනම් 2020.01.07 විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1) හා 13(2) ව්‍යවස්ථාවන් උල්ලංඝණය කරන ලද පොලිස් කාරයින් දෙදෙනෙකුට, රු: 50,000/- බැගින්ද, රජය වෙනුවෙන් රු: ලක්ෂයක්, පොලිස් අරමුදලින්ද, පෙත්සම්කරුට ගෙවීමට නියම කරනු ලැබීය. ඒ 2020.06.16 දිනය.

තීන්දු ප‍්‍රකාශයට අනුව, මෙම නඩුව පවරනු ලැබුවේ, හෙට්ටිපොල පදිංචිකරුවෙකු වූ සමන්ත පෙරේරා නැමති දෛනික වැටුපක් ලබන කම්කරුවෙකු විසින්ය. හිටපු හමුදා සෙබලෙකි.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ 2013 දෙසැම්බර් 13 වන දින අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන කෲර අමානුෂික වධ හිංසාවට හා අවමන් සහගත සැලකිල්ලට භාජනය කරනු ලැබූ බවයි.

ඔහුට වධ දී ඇත්තේ, ජංගම දුරකථනයක් සොරකම් කිරීම පිළිබඳව මොහොමඞ් ජලීල් නැමැත්තෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.

ඔහුට, ශ‍්‍රී ලංකා පොලීසියට ආවේනික වූ වධ දීමේ සියළු ක‍්‍රමයන් යොදා ගනිමින්, සමන්ත පෙරේරාට වධ දීමට පොලිස් කාරයෝ පියවර ගෙන තිබින.

2013/12/15 වන දින, සමන්තව පොලීසිය, සිය සුපරුදු ක‍්‍රමවේදය අනුගමනය කරමින් හෙට්ටිපොල රජයේ රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කර, තමන්ට අවශ්‍ය අන්දමට අධිකරණ වෛද්‍ය පෝරමය පුරවා ගන්නා ලදි. 

2013/12/16 වන දින, මහේස්ත‍්‍රාත්වරයාට ඉදරිපත් කරන ලදි. සමන්ත පෙරේරා, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව සිටියද, එ් බවට, ලිඛිත සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවද, පොලීසියේ ඉල්ලීම මත, සමන්තව, බෝයගනේ හමුදා පොලීසියට ඉදරිපත් කිරීමට, මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

බන්ධනාගාරය, සමන්ත පෙරේරාව, හමුදා පොලීසියට බාර දුන්නද, තමන්ට අවශ්‍ය නොවන, සමන්ත පෙරේරාව, මුදාහැරීමට බෝයගනේ හමුදා පොලීසිය පියවර ගත්තේය.

වධ හිංසාවේ ප‍්‍රතිඵලයෙන් දැඩි ලෙස ශාරීරික හා මානසික පීඩාවට පත්ව සිටි සමන්ත පෙරේරා, වහාම හලාවත මූලික රෝහලට, ප‍්‍රතිකාර ස`දහා ඇතුළත් විය.

සමන්ත පෙරේරා, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන, වධ දීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ බවට පළමුව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන ලදි. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට පියවර ගනු ලැබීය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම, 2020 ජනවාරි 17 දින විවාදයට ගන්නා ලදි. එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලද්දේ 2020 ජුනි 16 දිනය.

මෙම තීන්දුවෙන්, එවක හෙට්ටිපොල පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පො.ප. සමන්සිරි හා අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සුමනවීර, දිවුරුම් ප‍්‍රකාශ මගින් ඉදිරිපත් කරන ලද සිය`ඵ කරුණු ප‍්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ, 11, 12(1), 13(1) හා 13(2) යන අයිතිවාසිකම් ඔවුන් දෙදෙනා හා පොලිස්පති උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරනු ලැබීය.

එම තීන්දුව, යළිත් වරක් එනම් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දු සිය ගණනකින් ප‍්‍රකාශ කර තිබූ තීන්දු හා ප‍්‍රකාශයන් සනාථ කරමින්, ශ‍්‍රී ලංකා පොලීසියේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාවන් වැළැක්වීමට රජය ක‍්‍රියාකාරීව මැදිහත්විය යුතුව තිබෙන බව සඳහන් කරයි.

2014 පවරන ලද මෙම නඩුවට වසර හයකට ආසන්න කාලයක් ගෙන ලබාදුන් තීන්දුව මගින් වින්දිතයා වූ සමන්ත පෙරේරා ට රුපියල් ලක්ෂ 2 ක වන්දියක් පිරිනමා තිබේ.

ඒ අනුව, පො.ප. සමන්සිරි හා උ.පො.ප. සුමනවීර රු: 50,000/ බැගින්ද, රජයේ වගකීම පැහැර හැරීමට රුපියල් ලක්ෂයක්, පොලිස් අරමුදලින්ද ගෙවීමට නියම කර තිබේ.

මෙම තීන්දුවෙන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව, පිළිගෙන, අත්සන් තබා තිබෙන, එක්සත් ජාතීන්ගේ වධ හිංසාවට එරෙහි සම්මුතිය පිළිබඳව රජයට සිහිකැඳවා තිබේ.

සම්පූර්ණ නඩු තීන්දුව සදහා යොමුව:-  http://www.janasansadaya.org/uploads/files/sc_fr_296_2014.pdf

Wednesday, June 17, 2020

යුුක්තියේ කණපිට .. ශ‍්‍රියාණි එරෙහි ඉද්දමල්ගොඩ නඩුවට අවු: 20 යි.




ලසන්ත ජගත් කුමාර, අකල් මරණයට පත්ව වසර 20 කි. 

එහෙත් වධ දී, මරා දැමූ පොලිස් කාරයින්ට එරෙහිව, නීතිපති විසින් පවරන ලද නඩුව තවමත් කඵතර මහාධිකරණයේ පවතී.

මෙම මිනීමැරුම් නඩුවේ පළමු චූදිත වූ, පයාගල පොලීසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න, අධිකරණය මගින් ඇප මත මුදාහැරීමෙන් අනතුරුව අතුරුදහන් විය. ඒ ස්වේච්ඡුා අතුරුදහන් වීමකි.

දැනට අනාවරණය වී ඇති කරුණු වලට අනුව ඔහු ශ‍්‍රී ලංකාව තුළ නිදැල්ලේ සිටී. පොලීසිය අත්අඩංගුවට ගන්නේ නැත.

ලසන්ත ජගත් කුමාර මිය යන විට එක් දරු පියෙකි. හිටපු සොල්දාදුවෙකු වූ ඔහුව පයාගල පොලීසිය අත්අඩංගුවට ගන්නේ 2000 ජුනි 12 වන දින ය. දින 05 ක් පුරා වධ හිංසාවට පත් කර, 17 වන දින, ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි. එදා මහේස්ත‍්‍රාත් හැටියට වැඩ බැලූවේ නීතිඥයෙකි. ඔහු පොලීසියේ ඉල්ලීමට ලසන්ත ජගත් කුමාර ව රිමාන්ඞ් භාරයට පත් කරනු ලබයි. 2000 ජුනි 20 වන දින, වධ හිංසාවේ ප‍්‍රතිඵලයෙන් ඔහු මිය යන්නේ මැගසින් බන්ධනාගාරය තුළය.

ලසන්ත ජගත් කුමාරගේ බිරිඳ ශ‍්‍රියානි සිල්වා සැමියාගේ ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 

2000/07/18 දින ඉදිරිපත් කළ එම පෙත්සම විභාගයට ගැනීමට, 2000/10/23 දින අවසරය ලබාදෙන ලදි.

ප‍්‍රධාන වගඋත්තරකරුවන් මෙම අවසරය ලබාදීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කරන ලද විරෝධතාවයන් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු විරෝධතාවයන් ප‍්‍රතික්ෂේප කරමින් අවසරය ලබාදීම තහවුරු කරන ලදි. එක් විනිසුරුවරයෙක්, විරෝධතාවයන් අනුමත කරමින් තීන්දුවක් ලබාදුන්නේය.

වගඋත්තරකරුවන්ගේ විරෝධතාවය සලකා බලන ලද ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට, එවක අගවිනිසුරු සරත් එන්. ද සිල්වා, ශිරාණි බණ්ඩාරනායක හා එදිස්සූරිය අයත් විය.

අවසරය ලබාදීම අනුමත කරමින් තීන්දුව ලියන ලද්දේ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක වන අතර, එය අගවිනිසුරු සරත් එන්. ද සිල්වා අනුමත කළේය.

විනිසුරු එදිස්සූරිය, අවසර දීමට එරෙහි වගඋත්තරකරුවන්ගේ විරෝධතා පිළිගනිමින් වෙනම තීන්දුවක් ලියන ලදි.

ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකු ගේ තීරණය පිළිගනිමින්, ලසන්ත ජගත් කුමාරගේ ඝාතනයට අදාළ මූලික අයිතිවාසිකම පෙත්සම විභාගයට ගන්නා ලදි.

2003 ජූලි 13 හා 14 යන දින දෙකේදී මෙම නඩු විභාගයට ගන්නා ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු (සභාපති) විනිසුරු යාපා හා විනිසුරු ජේ.ඒ.එන්.ද සිල්වා ඉදිරියේදීය.

විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු ලියන ලද තීන්දුවට සෙසු විනිසුරුවරුන් දෙදෙනාගේ අනුමැතිය හිමිවිය.

මෙම මූලික අයිතිවාසිකම් නඩුව ඉතිහාසගත හා සන්ධිස්ථානයක් ගත් නඩුවක් ලෙසට සැලකේ. නීති වාර්තාවලටද ඇතුළත් විය. අදටත් නීතිඥයන් මෙන්ම, නීති ශිෂ්‍යයන් විසින් අධ්‍යයනය කරන නිතර නිතර උපුටා දක්වන තීන්දුවකි.

මෙම වැදගත් තීන්දුව ගැන නීති විශාරදයින්, පොලිස් ලොක්කන් හා මානව හිමිකම් කාරයින් කථා කරති.

එහෙත් නොකියන දෙයක් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එදා, වසර තුනක් තුළ අසා නිම කරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ නඩුවට අදාළ වූ ලසන්ත ජගත් කුමාර ඝාතනය කළ පොලිස් නිලධාරීන්ට එරෙහි මිනීමැරුම් චෝදනාව අදාළ නඩුව වසර 20 ක් ගතවූ මේ මොහොතේ ද අසන බව, විභාග වන මේ නීති විශාරදයින්, මානව හිමිකම් කාරයින් දන්නේ නැති බව අපට විශ්වාසය.

එදා වසර 3 ක් අරගෙන විසඳන ලද මූලික අයිතිවාසිකම් නඩු අද විසඳීමට කොපමණ කාලයක් ගත වන්නේද? 
යුක්තිය ගැන කථා කරන ඔස්තාර්ලගෙන් අපි අසමු.

එපමණක් නොවේ, මෙම සිද්ධියට අදාළ ලසන්ත ජගත් කුමාරගේ පවුලේ උදවිය විසින් වන්දි නඩුවක් පවරන ලදි. ඒ නඩුවද තවමත් ඉවර නැත.

පොලීසියට අවශ්‍ය විදියට, ලසන්ත ජගත් කුමාරව පරීක්ෂා කළ බවට සටහන් යොදමින්, ව්‍යාජ තොරතුරු ඇතුළත් පළමු අධිකරණ වෛද්‍ය වාර්තාව නිකුත් කළ එවකට නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පියසෝමට එරෙහිව, ශ‍්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ඉදිරියේ පවරන ලද නඩුවෙන්, එම වෛද්‍යවරයා වැරදිකරු බවට තීරණය විය. නමුත් අදටත්, විශේෂයෙන් පර්යන්ත රෝහල්වල වෛද්‍යවරු පොලීසියේ පදයට ව්‍යාජ වෛද්‍ය වාර්තා නිකුත් කරනු ලබයි. ඒ ගැන කරන පැමිණිලිවලට දැන් වෛද්‍ය මණ්ඩලයේ ඉඩක් නැත.

දශක දෙකක් ඉකුත්ව ඇතත් නිම නොවී පවතින, මිනීමැරුම් නඩුව, වන්දි නඩුව මෙය පමණක් නොවේ.
මෙම ප‍්‍රමාදය අපේ යුක්තිය පසිඳලීමෙ ක‍්‍රමයට ආයතනගත වූවකි.

මෙම අධිකරණ ක‍්‍රියාවලියෙන් පොලීසියේ වධ දීම් ඇතුළු සිදුකරන අපරාධ ගැන ඉහළයින් කථා කරන්නේ නැත.
දේශපාලකයෙක් අපරාධ සැකකරුවෙකු වූ විට, තම අභිමථාර්තයන් ඉටු කරගන්න අධිකරණය උපයෝගී කරගැනීමට ක‍්‍රියා කරන විට අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරයි.

දිනූ පාර්ශවයට එම තීන්දුව අපක්ෂපාතී වන අතර අධිකරණයේ ස්වාධීනත්වය ගැන උදම් අනති. පරාජිතයන් ට තීන්දුව ”පක්ෂපාතී” එකක් වේ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන ප‍්‍රශ්න මතු කරති.

මෙහෙම වෙන්නට පු`ඵවන්ද?

සාධාරණ කාලයක් තුළ නඩු අහලා ඉවර කරන්න බැරි රටක නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හුදු වචන පමණි. නීති ”ලූමිනාරිස්ලා” විසඳුම් දෙයි. එදා හොඳයිෟ අද නරකයිෟෟ කියති. එදාත් නරකයි. අදත් නරකයි.

මේ නඩුවේ නොකියැවෙන කථාව, 

ශ‍්‍රියානි ද සිල්වා, ජගත් ලසන්ත කුමාරගේ වැන්දඹුවට මොකද වුනේ. එ් කථා වැළලෙන්නට ඉඩ දිය යුතුද? නැත. මන්ද අප සමාජයේ කැටපතකි එම කථාව.

ජගත් ලසන්ත කුමාර සමග විවාහ වුනේ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කරගෙන. එම විවාහයට ඔහුගේ පාර්ශවය විරුද්ධ විය. ඒ ශි‍්‍රයානි ද සිල්වා ගැහැණියක් නොවීම නිසා නොවේ. කුලය පහත් වීම? දෙමාපියන්, ව්‍යවස්ථාපිත නීති වලට පටහැනි රැුකියාවන්වල නිරත වීම? දුප්පත් වීම?

අසීරුවෙන්, මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කාරිය ලෙසට ඉදිරිපත්වීමට ඇයව එකඟ කර ගන්නා ලදි.
ඇය කළේ නීතිඥවරුන් සකස් කළ ලේඛණවලට අත්සන් කිරීම පමණි.
නඩුව අවසන් විය. තීන්දුව ප‍්‍රකාශයට පත්විය. යුක්තිය ගැන බොරු සිහින මවපු අප ඇතු`ඵ සියලූ දෙනා උද්දාමයට පත්විය. ප‍්‍රකාශ නිකුත් කරන ලදි. සම්මන්ත‍්‍රන පවත්වන ලදි. අදටත් නීති ශිෂ්‍යයන් මේ නඩු තීන්දුව කට පාඩම් කරගෙන විභාග වලට උත්තර ලියති. නීතිඥයෝ, පොලිස්කාරයෝ අග මුල නොදන්නා පේ‍්‍රක්ෂකයින්ට දේශන පවත්වතිි.
ලසන්ත ජගත් කුමාර හමුදාවෙන් ,ඇබ්සන්ට්, වූවේ, බිරිඳ හා දරුවා තනිකරන්න බැරි නිසා. රට ජාතිය බේරා ගන්නට පෙර පවුල රැුක ගැනීමටය.
යුද්ධ සමයේ සු`ඵ සොරකම් වලට සැක කළේ ”ඇබ්සන්ට්” රණවිරුවන්ය. ලසන්ත ජගත් කුමාර සැකකරුවෙක් විය. එයට තවත් හේතු තිබෙන්නට පු`ඵවන.
ලසන්ත ජගත් කුමාරගේ අවසන් කටයතු ගමේ බසින්, මෘත දේහය අස්කළ පසු දින, සම්ප‍්‍රදායට පිටින් යමින්, මරණ කටයුතු කළ, සැමියාගේ මහ ගෙදරින් ඇය පිටවිය.
දරුවා ගේ වගකීම බාර ගත්තේ, සැමියාගේ පවුලේ උදවියයි. ඇයට සැමියාද දරුවාද අහිමි විය.
ශ‍්‍රියාණි සිල්වාට, ජගත් ලසන්ත කුමාරගේ වැන්දඹුව හැටියට, ඇයට රුපියල් ලක්ෂ අටක්                        වන්දියක් ගෙවන ලෙසට රජයට හා වගඋත්තර කරුවන්ට නියම විය.
එම ලක්ෂ අටෙන් ලක්ෂ හතරක පුතාගේ නමින් බැංකුවක් තැමිපත් කර, එයට මාසිකව ලැබෙන පොලිය, පුතාගේ නඩත්තුව සඳහා ඇයට ලබා ගැනිමට ඉඩ දෙන ලදි.
එම වන්දිය ගැනීම ශ‍්‍රියාණි ද සිල්වා ප‍්‍රතික්ෂේප කළේය. මට මිනිහා නැති වුනා. දරුවාද නැති වුනා. මිනිහාව මරාගත් එවුන්ගේ සල්ලි මට එපා. ඇය කියන්නට ඇතිෟ සිතන්නට ඇති.  
රුපියල් ලක්ෂ හතරක් හා මාසික පොලිය අත හරින්නට තරම් ගරුත්ත්වයක් ශ‍්‍රියාණි ද සිල්වාට තිබින. සල්ලි වලින් සෑම දෙයම විසඳන්නට දඟලන ගැහැණු පිරිමි සැමට ඇය ආදර්ශයකි. 
ඉතා කෙටියෙන් ඇය මේ වන විට ජීවතුන් අතර නැත. ඇගේ මරණයද ඛෙදවාචකයකිි. ඇය හා එකට සිටිය මිනිහා, නුවරඑළිය ලැගුම් හලකට ගෙන ගොස් ඇයව, මරා දමන්නේ ගෙල කපාය.
එ් ඝාතනය ගැනද නඩුවක් නුවරඑළිය මහාධිකරණයේ පැවතිනි. ප‍්‍රතිඵලය අපට ප‍්‍රශ්නයකි.

නඩු තීන්දු ගැන කථා කිරීම නතර කරමුද?
හයිකෝට් නඩුව?

නීතිපති, ලසන්ත ජගත් කුමාර ඝාතනය ගැන පයාගල පොලිස් ස්ථානයේ අපරාධ අශයේ හිටපු ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්නට එරෙහිව, මිනීමැරුම් චෝදනා යටතේ හා වධ හිංසා පනත යටතේ අධි චෝදනා ගොනු කරනු ලැබීය. අංක: HC 570/13 යටතේ කළුතර මහාධිකරණයේ මෙම නඩුව තවමත් පවතී.

පයාගල පොලිස් ස්ථානයේ අපරාධ අශයේ හිටපු ස්ථානාධිපති ප‍්‍රසන්න වික‍්‍රමරත්න, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට, ශ‍්‍රී ලංකාවේ පොලීසියට තවමත් බැරිවිය. නඩුව අසන්නේ චූදිත නැතිවය. මේ වන විට නඩුවට අදාළ වැදගත් ලේඛණ අතුරුදහන්ව ඇත. 

මෙය මේ නඩුවට පමණක් සීමාවූ නොවුවක් බව අවධාරණයෙන් ප‍්‍රකාශ කරමු. 

ගරු අධිකරණවල මෙවන් සිදුවීම් සාමාන්‍ය දෙයක් යයි කීම හෝ අපහාසයක් ලෙස හෝ සැළකීමට පුළුවන. 








Sunday, June 14, 2020

තිස් දාහක KG කෑල්ලකින් පනස් දහසක් හොයන්න පුළුවන්.




සිර ගෙදර ඉදලා පවුල නඩත්තු කරන්න සල්ලි එවන්නේ eZ cash ක්‍රමයට

 

මෙම තොරතුරු හෙළි කරන්නේ ආච්චි. තම මිනිබිරිය අල්ලන්නේ නැතුව තමාව රිමාන්ඩ් කරන්න හදන්න අපරාධය ක සුලමුල හෙළි කරමින්.

නාලනී හැටපස් වන වියේ පසුවන්නියක්. ඇගේ මිනිබිරිය මැයි මස 24 වන දින සිට දරුවන් දෙදෙනා සමග අතුරුදහන්ව සිටි. ඇය එසේ අතුරුදහන් වූයේ කළුතර රිමාන්ඩ් භාරයේ සිටින තම සැමියා විසින් නඩත්තුව සඳහා ඊෂි කෑෂ් ක්‍රමයට එවන ලද රුපියල් නවදහසක මුදල පොලිසියට හසු වීම නිසාය. දුරකථනයේ හිමිකරු වන්නේ ආච්චිය. මිනිබිරිව අල්ලා සංවිධානාත්මක සිදුකරන මත්ද්‍රව්‍යය ජාවරමේ ස්‍රුල මුල සොයනිනේ නැතිව, පොලිසිය හදන්නේ තමාව අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර  උසාවිය යොදාගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ය.

ඇය, තමන්ට සිදුකරන්නට යන  මෙම අපරාධය පිළිබඳව, පොලිස් පතිවරයාට පිටපතක් සහිතව, කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලියන ලිපියේ සියුලු කරුනු පැහැදිලි කරයි.

එම ලිපිය පහත දක්වන

 

මුලස්ථාන පොලිස් පරීක්ෂක

පොලිස් ස්ථානය

කලුතර දකුණ

 

මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාල පුද්ගලයා අල්ලා ගැනීමට බැරිව අසරණ මාව අත්අඩංගුවට ගෙන ව්‍යාජ චෝදනා නගා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දරන උත්සාහය.

 

නාලනි -----, අවුරුදු හැටපහයි.

ජාතික හැඳුනුම්පත් අංකය- 55----------V. විවාහක. දරුවන් 01යි.

 

----, ----වත්ත, ----ටිය, කළුතර

 

2020 ජුනි මස 7 වන දින රාත්‍රී දහයට පමණ කළුතර පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ මාගේ මිණිබිරිය වන ---------- , අවුරුදු 28යි. දරුවන් දෙදෙනයි. ඇය ගෙදර ආවේ නැද්ද යැයි කියා ඇසුවා. ඇය මැයි මස 24 වන දින නිවසින් පිටවූ පසුව ගෙදර ආවේ නැති බව ප්‍රකාශ කළා. ඉන්න තැන නොදන්නා බව කියා සිටියා. පොලිසිය එය පිළිගත්තේ නෑ. පොලිසිය කියා සිටියා පසුදින එනම් ජුනි 28 පොලිසියට එන ලෙසට. මා ඒ අනුව පොලිසියට ගියා. ඒ අවස්ථාවේ මට කිව්වා මිනිබිරිය ඉන්න තැන හෙට (ජූනි 09) කිව්වේ නැත්නම් මාව අත්අඩංගුවට ගෙන හයිකෝට්  නඩුවක් දානවා කියා.  -------- මිණිබිරිය වන, දැනට කළුතර රක්ෂිත බන්ධනාගාරයේ සිටින ඇගේ සැමියා වන -------- මාගේ ජංගම දුරකථන අංකය ලබා දී ඇත. ඔහු බන්ධනාගාර තුළ සිට එම දුරකථන අංකයට ඊෂි කෑෂ් ක්‍රමයෙන් රුපියල් නවදහසක් ඒවා තිබී පොලිසියට අසු විය. ඇය, එදින (2020 මැයි 24 ) සිට පොලිසියෙන් මිදී සැඟවී සිටිති. දරුවන් දෙදෙනා ද ඇය රැගෙන ගොස් ඇත. පොලිසියට ඉන්න තැනක් සොයා ගැනීමට මේ දක්වා නොහැකිව තිබේ. ඇගේ සැමියා  ----------- මත්ද්‍රව්‍ය පානය කරන හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවකි. ඔහු ගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවකි. බන්ධනාගාරය තුල සිටින ඔහු මුදල් ඒවා ඇති මාගේ ජංගම දුරකථනය මේ වනවිට පොලිසියේ භාරයේ තිබේ.

 

මේ පසුබිම තුළ මා ගේ මිණිබිරිය වන -------, අත්අඩංගුවට ගන්න බැරිව, මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඔබ පොලිස් ස්ථානය ගන්නා උත්සාහයේ න් වළකින ලෙසට ඉල්ලන අතර, එය අපරාධයක් බවද ප්‍රකාශ කරමි.

 

මා ඉල්ලා සිටින්නේ කිසිදු ආකාරයක නීති විරෝධි ක්‍රියාවකට සම්බන්ධ නැති මට කරදරයක් නොමැතිව ජීවත් වීමට ඉඩ සලසන ලෙසටය.

 

මෙයට,

අ.ක/නාලනි

 

පිටපත-

පොලිස්පති

පොලිස් මුලස්ථානය

කොළඹ

 


Saturday, June 13, 2020

බොරිස් ජොන්සන් ගේ පුතා අවජාතක නැති නම්, උන් දුන්න නීතියට අනුව මගේ පුතා අවජාතකයි ලෙබල් ගසන්නේ කොහොමද?




මේ අපේ රටේ, අසරණ වූ අම්මාවරුන්ගේ කථාවයි. පොතේ අත්සන් කර, විවාහ සහතිකය නම් වූ කොළය අත ඇතිව උපදින දරුවන් සුජාත ලෙසටත්, එසේ නොමැති දරුවන් අවජාතක ලෙසටත් හංවඩුව තබන්නේ සුද්දෝ අපිට හඳුන්වා දීපු නීතිය පදනම් කරගෙනය. 

උන් හදලා දීපු උප්පැන්න සහතිකයේ, සහතික කරන්නේ උපන්දිනය පහණක් නොවේ.  හතරවරිගේ තොරතුරු ඇතුලත් කරයි. 

උන් අපට දුන්න මේ  ”නීතිය”  සුද්දෝ මේ වනවිට කුණු කූඩයට දමා ඇත. ඒ අනුව එංගලන්ත අගමැතිට කොරෝනාව සෑදී ඉන්න විට ඔහුගේ පෙම්වතියට ලැබුන දරුවා සුජාතය. උප්පැන්න සහතිකයට නම ලබාදුන්නේ කසාද සහතිකය නැතිවය. ඔහු අනාචාරයේ හැසිරී නැත. එය අපේ රටේ නීති ලූමනාරිස්ලාගේ හා ඒරොප්පෙට වහින කොට මෙහේ කුඩ ඉහළ එව්න්ට දැනුනේ පුදම ජොලියකි.

තවමත් එංගලන්තයේ නීතිය කරපින්නාගෙන, බඩගොස්තරයට නීතියේ ආධිපත්‍යය, අයිතීන් ගැන කථා කරන්නන් ඉවත දමා, ජනතාවගේ මානව හිමිකම් සුරැකෙන නීති ගෙන ඒමට ඉදිරියට ආ යුත්තේ පෑගෙන ජනයා ය. 

අප රටේ ”අවජාතක” යෙකු ලෙසට හංවඩු ගසා කොනකරන ලද දරුවකු, වසර ගණනාවක් පුරා අපයෝජනයට ලක්කර ඇති අයුරු පිළිබඳව තොරතුරු ඇතුලත් පැමිණිල්ලක් පොලීසියට හා ළමා අධිකාරියට ඉදරිපත් කර ඇත.

මාධ්‍යය සංදර්ශණ වලින් ඈත්ව - දරුවන් අපයෝජනය ආර්ම්භ කරන උප්පැන්න සහතිකය, උපන් දිනය සහතික කරන ලේඛනයක් බවට වහාම පත් කිරමට, රජය පියවර ගත යුතුයි.  

පානදුර මූලික රෝහලේ ලෙඞ්ඩුන්ගේ කෑම සොරකම් අදටත් පවතිනවා. හෙරියන් හා හොරු රකින්නේ ලොක්කෝ ....!





කාලයක් තිස්සේ, රෝගීන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සඳහා ආහාර පිසින රෝහල් කුස්සියට ලැබෙන අමු ආහාර ද්‍රව්‍යය එහි සේවකයින් සොරකම් කරනු ලබයි.

මෙම සොරකම් පිළිබඳව, බලයක් නැති කණිෂ්ඨ සේවකයින් පිරිසක් විසින් රෝහල් බලධාරීන්ගේ අවධානයට යොමු කර ඇත.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2019 ජූලි මස 01 දින හෝ ඊට ආසන්න දිනයක, නියෝජ්‍ය වෛද්‍ය අධිකාරීගේ නියෝගයෙන් කුස්සිය හදිසි පරීක්ෂාවකට භාජනය කරනු ලැබීය.

රෝහල් කුස්සියේ නිරීක්ෂිකාවන් දෙදෙනාගේ ලැගුම් කාමරයේ සහ පොල් ගාන කාමරයේ සඟවා තිබූ හාල්, කඩල, පරිප්පු, මුං ඇට තිබී හසුවෙන ලදි.
මෙම අමු ආහාර ද්‍රව්‍යය වල වටිනාකම,  රුපියල් 17026.51 කි. 

මෙම අමු ආහාර ද්‍රව්‍යය දින 4 ක ඒවා බවද කියවේ.

පරීක්ෂණ වාර්තාවෙන් පසුව, රෝහල් කුස්සියේ කාර්ය මණ්ඩලයට අයත් නිරීක්ෂිකාවන් දෙදෙනාගෙන්, අරක්කැමියන් තිදෙනාගෙන් හා පිරිසිදු කිරීම් කරන කම්කරුවාගෙන් එම අමු ආහාර ද්‍රව්‍යයවල වටිනාකම හා එයට එකතු කළ 25% රජයේ භාරය සමග අයකර ගැනීමට තීරණය විය.

එ් අනුව, එක් අයෙකුගේ වැටුපෙන් රුපියල් 3547.18 ක් අය කර ගැනීමටද, එක් වැටුප් වර්ධකයක් විලම්බනය කිරීමටද, තරවටු කිරීමේ ලිපි පෞද්ගලික ලිපි ගොනු වලට ඇතුළත් කිරීමට හා ස්ථාන මාරු කිරීමට බස්නාහිර පළාතේ, ක`ඵතර ප‍්‍රාදේශීය සෞඛ්‍යය අධිකාරී තීරණය කරන ලදි.

මෙම තිරණය අනුව, ස්ථාන මාරු ක‍්‍රියාත්මක කර ඇත්තේ, රෝහල් කුස්සියේ පහළම සේවකයා වන පිරිසිදු කිරීම් කම්කරුවාව හා එක් අරක්කැමියෙකුට පමණි.

අරක්කැමියාට බාර දී ඇති ස්ථාන මාරු ලිපියෙන්, ඔහුගේ බාරයේ ඇති ලේඛණ, භාණ්ඩ, තවත් චූදිතයෙකු වූ අරක්කැමියෙකුට බාර දෙන ලෙසටද නියම කර ඇත. එ් අනුව ස්ථාන මාරු ක‍්‍රියාත්මක වීම සැමට ක‍්‍රියාත්මක නොවන බව පෙනෙන්නට තිබේ.

වාර්තාවන අන්දමට රෝගීන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සඳහා සපයන අමු ආහාර ද්‍රව්‍යය වලින් කොටසක් නිරීක්ෂිකාවන්, අරක්කැමියන් විසින් සොරා ගනු ලැබේ. 

එය ඉතා පහසුවෙන් කිරීමට හැකිව ඇත්තේ, ආහාර සැපයීම අදාළව පවතින රෙගුලාසි වලට අනුව රෝහල් බලධාරීන් ක‍්‍රියාත්මක නොකිරීම හා එම බලධාරීන් සමහරක්, කුස්සියේ කාර්ය මණ්ඩල සමග පවත්නාවූ අයුතු සම්බන්ධකම්ය.

එය ස්ථාන මාරු නියෝග මගින් පැහැදිළි වන බවද ප‍්‍රකාශ වේ.

මේ වන විට, ස්ථාන මාරු නියෝග ලැබූ කම්කරුවා හා අරක්කැමියා තමන්ට ලබාදී ඇති ස්ථාන මාරු අවලංගු කරන මෙන් සෞඛ්‍යය බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

රජයේ දේපළ සොරකම් කිරීම යනු මහජන මුදල් සොරකම් කිරීමය.

රජයේ රෝහල්වල නේවාසික රෝගීන් අතුරින්, රෝහල් වලින් සපයන ආහාර වේල ලබාගන්නේ අග හිඟකම් වලින් පෙළෙන අන්ත අසරණයින් බව පෙන්වා දෙන, රෝහල් සේවකයින් එම රෝගීන්ගේ ආහාර වේල සොරකම කිරීමට තරම් පහත් තත්ත්වයට පත්ව ඇති ඊනියා නිලධාරීන් ආරක්ෂා වන්නේ ඉහළයින්ගේ ක‍්‍රියා කලාපය නිසා බව පෙන්වා දෙයි. 

සොරකම දූෂණය අවම කිරීමට, නීතිය මත පාලනය ස්ථාපිත වියි යුතුයි. එය ඉහළින්ම ආරම්භ විය යුතුයි. ජනමතයක් ගොඩ නැගිය යුතුය.  

Thursday, June 11, 2020

පූසාට වස දැමූ පොලිස් කාරයා තවමත් නිදැල්ලේලූ !



කොරෝනා ඇඳිරිය අස්සේ කුණුවලට වන රංඩුව කෙළවර වුනේ පූසෙකුගෙන්.

කාන්ති දෙදරු මවක්. සැමියා විදෙස්ගතව සිටින රටවිරුවෙක්. අසල්වැසියා පොලිස් කාරයෙක්. ඔහු තමන්ගේ වත්ත මායිමට සීමා නොවී, කාන්තිගේ වත්තේ සීමාවටද පැමිණෙන්නේ පාරේ කුණු අතු ගාන්නටය.
ඔහු එම කුණු සියල්ල, කාන්තිගේ වත්තට තල්ලූ කරනවා පමණක් නොව, ඇගේ වැටට හානි වන අන්දමට ගිණි තබයි.

2020/04/13 වන දින, ගමගේ නම් මේ පොලිස් කාරයා සිය අතුගෑම ආරම්භ කර කාන්තිගේ වත්තේ මායිමටද අතුගාමින්, කුණු එකතු කරන විට එය නොකරන ලෙසට කීමත් සමග ඇතිවූ සංවාදය ශුද්ධ සිංහල විවාදයකට පෙරළින.

කාන්ති කියන්නේ, ගමගේ පොලිස් කාරයා ඔහු අත තිබූ ඉදලෙන් තමන්ට ඇන්න බවයි. කාන්ති ද නිකම් සිට නැත.

පසුදින අළුයම කාන්තිගේ පවුලේ සුරතලා වූ පූසා මැරී සිටිනු දකින්නට ලැබින.

නිවසේ cctv කැමරා පරීක්ෂා කිරීමේදී ගමගේ ගේ නිවස පැත්තෙන් තාප්පයට උඩින් යමක් වැටෙනවා පෙනෙන්නට තිබින.

අළුයම පූසා එම දෙය කන හැටිද දිස්වින.

ටික වේලාවකින් දඟලන්නට පටන් ගත් පූසා අවසන් හුස්ම හෙලන හැටිද දිස් විය.

මෙය අපරාධයකි. 

මෙම අපරාධය ගැන කොරෝනා ඇඳිරිය අතර පැමිණිලි කරන්නට, කාන්ති පානදුර පොලීසියට පැමිණියේය.

එතැන් පටන් සියලූ විස්තර ඇය විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. 

පොලීසිය, සිය සගයා ගමගේ පොලිස් කාරයාව බේරන්න කටයුතු කරන බව කාන්ති චෝදනා කරයි.

                              කියවන්න කාන්තිගේ පැමිණිල්ල.

 01. සභාපතිනිය                
    මානව හිමිකම් කොමිෂන් සභාව        
    අංක 14
    ආර්.එ්. ද මැල් මාවත
    කොළඹ 04
02. පොලිස්පති                  
    පොලිස් මූලස්ථානය         
    කොළඹ 01

පොලිස් නිලධාරියෙකු (විශ‍්‍රාමික) විසින්, පොලිස් බලය උපයෝගී කරගෙන අපරාධයක් වසන් කිරීමට ගන්නා උත්සාහය වලක්වා, යුක්තිය ඉටු කරන ලෙසට කරන ඉල්ලීම.

කාන්ති රත්නායක, අවු: 52, ජා.හැ.අ. 687570***V, විවාහක, දරුවන් 02 යි. ලිපිනය: ********** දු.අ. 076 700****

2020.06.09 වන දින දීය.

2020/04/13 වන දින, අපේ වත්තට, වස කලවම් කනර ලද මස් කැබලි, විසිකර තිබිනි. එම වස මිශ‍්‍ර මස් කැබලි අපගේ පූසා, 2020.04.14 වන දින කන ලදි. එම වස වලින් පූසා උදේ 7.30 ට පමණ මිය යන ලදි.

මේ සිදුවීම අපගේ නිවසේ, cctv කැමරාවල ඉතා පැහැදිළිව සටහන්ව තිබින. 

ඒ අනුව, 2020.04.13 වන දින රාත‍්‍රී 7.20 ට පමණ, අපගේ නිවසට යාබද නිවසේ පුද්ගලයකු, තාප්පයට උඩින්, වත්තට විසි කරනවා සටහන්ව තිබේ.

එම විසි කළ දේ, පසු දින, 2020.04.14 අළුයම 5.15 ට පමණ, අපගේ පූසා කන අයුරු සහ ඉන් අනතුරුව, එම වස ශරීරගත වීම නිසා, එදින උදේ 7.30 වන තෙක් පණ ඇද මිය යන අයුරුද සටහන්ව තිබේ.

මෙම වස මිශ‍්‍ර මස් කැබැල්ල අප වත්තට විසිකරන ලද්දේ, අප නිවසට යාබද නිවසේ පදිංචි නෙවිල් ගමගේ නැමැත්තා බව ප‍්‍රකාශ කරමි.

එසේ ප‍්‍රකාශ කරන්නේ, 2020.04.17 වන දින, උදේ 7.15 ට පමණ, මෙම නෙවිල් ගමගේ නැමැත්තා අප නිවස ඉදිරිපිට පාරේ, අප වැට දිගටම අතුගාමින් කුණු, වැටට හේත්තු වන අන්දමට එකතු කරමින් සිටියා.

මීට පෙරද, මොහු මෙසේ අතුගා වැට අයිනට එකතු කරන කුණු රොඩු රාත‍්‍රියේ ගිනි තබන හෙයින්ද, එ් නිසා අපගේ වැටට හානි වන නිසාද, මා ඔහුට කිව්වා, ඔය ආකාරයට පාරේ අපට හිමි සීමාවේ අතුගෑම නොකරන ලෙසට.

එයට උරන වූ ඔහු, අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරමින්, නොහොබිනා ආකාරයට හැසිරෙන්නට පටන් ගන්නා ලදි. එ් අතර, ඔහුගේ බිරිඳ පැමිණ, එතැනින් ඔහුව ඉවත් කර ගනු ලැබීය.

එදිනම හවස 3.30 ට පමණ, මෙම නෙවිල් ගමගේ, අප නිවස ඉදිරිපිටින් යතුරුපැදියෙන් යන අතර, කාන්ති බලා ගනින්, ඉස්සෙල්ලා ගස් වලට වස දාපු විදියට, උඹලාට කරනවා කියමින් යන්න ගියා.

මෙම පුද්ගලයා කාලයක සිට අපට හිරිහැර වන අන්දමට, නොහොබිනා ආකාරයට හැසිරෙන අතර, අප නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට මූලික හේතුව වූයේ, ඔහු විශ‍්‍රාමික පොලිස් නිලධාරියෙකු නිසාය.

පවතින වාතාවරණය තුළ, මොහු සිදුකළ අපරාධය ගැන නිහඬව නොසිටය යුතුය යන පදනම යටතේ, 2020.04.14 දින පානදුර දකුණ පොලීසියේ පැමිණිලි කරන ලදි. පැමිණිලි අංකය: CIB-4/103/4J වේ.

මෙම පැමිණිල්ලට, එදින ප.ව. 2.30 ට පමණ, පානදුර පොලීසියේ, උ.පො.ප. ප‍්‍රනාන්දු පැමිණියා. ඔහු ස්ථානගත පරීක්ෂණය කර, පශු වෛද්‍යවරයෙකුගේ නිරීක්ෂණය ලබාගත යුතු බව පවසා, පූසාව වල නොදමන ලෙසට උපදෙස් දී, යන ලදි.

එදින සවස 5.00 ට, උ.පො.ප. ප‍්‍රනාන්දු දුරකථනයෙන් අපට කථා කර, කොරෝනා වසංගත තත්ත්වය තුළ, පශු වෛද්‍ය සහය ගන්නට නොහැකි බව ප‍්‍රකාශ කර, පූසාව වල දමන ලෙසට කියා සිටියා.

ඔහු කිව්වා, පූසාට වස දී ඇති බවට, නිරීක්ෂණ සටහන් ලියා තිබෙන නිසා, ගැටළුක් නැති බව.
එම උපදෙස් අනුව, අප පූසාව වල දැමුවා.

ඇඳිරි නීතිය පැවති සමය අවසන් වූ, 2020.05.11 වන දින පොලීසියට ගොස් අපගේ පැමිණිල්ල ගැන විමසා සිටියද, එහිදී අගේ ඉල්ලීමට ප‍්‍රතිචාර ලැබුනේ නෑ. අපට තර්ජනාත්මකව, යන ලෙසට නියම කළා.

ඊට පසුව, 2020.05.28 දින, පොලීසියට ගොස් විමසූ විට, පසුදින, 2020.05.29 දින උදේ 10.00 ට එන ලෙසට දැනුම් දුන්නා. ඒ අවස්ථාවේදීම, නෙවිල් ගමගේට දුරකථනයෙන් පොලීසියට එන ලෙසට දැනුම් දුන්නා.

පොලීසියේ උපදෙසු අනුව, 2020.05.29 නියමිත වේලාවට ගියා. නෙවිල් ගමගේ පැමිණ සිටියේ නැහැ.

අපට, 2020.05.30 දින එන ලෙසට දැන්නුවා. නෙවිල් ගමගේට පැමිණෙන ලෙසට දැනුම් දෙන බව කිව්වා.

2020.05.30 දන අප ගියා. නෙවිල් ගමගේ පැමිණ සිටියේ නෑ.

2020.05.31 පොලීසියට ගියද, නෙවිල් ගමගේ පැමිණ සිටියේ නැති නිසා, උ.පො.ප. ප‍්‍රනාන්දු, පොලිස් කොස්තාපල් වරයෙකු, නෙවිල් ගමගේ ගේ, නිවසට යවා, 2020.06.05 දින විමර්ශනයට එකඟ කරවා ගනු ලැබුවා.

නමුත් නෙවිල් ගමගේ, 2020.06.05 ද, පැමිණියේ නෑ.

එයින් පසුව, 2020.06.07 දින ඔහුව ගෙන්වා ගැනීමට පොලීසිය සමත් වුනා.

මේ දිනයේදී, උ.පො.ප. ප‍්‍රනාන්දු, ඉදිරියට පැමිණි, නෙවිල් ගමගේ, අපගේ පැමිණිල්ල ලබාගෙන කියවා, ”මම මේවා පිළිගන්නේ නෑ” කියා අප නිවසේ cctv කැමරාවල, සටහන් ඇතුළත් CD තැටියක් ලබාදෙන ලෙසට ඉල්ලූවා.

උ.පො.ප. ප‍්‍රනාන්දු ඉදිරියේදීම, මෙම නෙවිල් ගමගේ අපට, තර්ජනය කරමින්, විවිධ අවලාද නගමින් දොස් පවරන විට, පොලිස් නිලධාරීන් නිහඬව සිටියා.

ඉන්පසුව උ.පො.ප. ප‍්‍රනාන්දු, රතු අකුරෙන් ලියන ලද ප‍්‍රකාශයට, අපට කියවන්නට ඉඩ නොදී අත්සන් ගෙන, පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන බව කියා සිටියා. අපගේ cctv කැමරාවල CD තැටියක් ලබාදෙන ලෙසට ඉල්ලා සිටියා.

මා ප‍්‍රකාශ කරන්නේ, නෙවිල් ගමගේ ගේ, පොලීසිය හා පවත්නා සම්බන්ධය මත මාගේ පැමිණිල්ල යටපත් කිරීමේ උත්සාහයක් ඇති බවයි.

අපගේ පූසාව, සැලසුම් සහගතව වස ලබාදී, මරා දැමීම පිළිබඳව, නෙවිල් ගමගේ එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙම අපරාධය ගරු අධිකරණයට වාර්තා කර, අප සතුව පවතින සියලු සාක්ෂි ලබාගෙන නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

මෙයින් පසුවද, මෙම පුද්ගලයා අප ඉඩමේ සීමාව අතුගාමින්, කුණු රොඩු එකතු කිරීම සිදුකර අප ප‍්‍රකෝප කිරීමටට කි‍්‍රයා කරයි.

පොලීසියේදී, අපට තර්ජනය කිරීමද සිදු කරයි.

පොලීසිය පූසාගේ මරණය පිළිබඳව පශු වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට ක‍්‍රියා නොකළ නිසා අධිකරණය මගින් නියෝගයක් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කරවීමට පියවර ගන්නා ලෙසත්,

අපගේ පූසාගේ මරණය සම්බන්ධ සියලු ම cctv කැමරාවල දර්ශණ, අධිකරණ නියෝග මත ලබාගැනීමට පියවර ගන්නා මෙන්ද වැඩිදුරටත් ඉල්ලා සිටමි.

මෙයට,

කාන්ති රත්නායක

පිටපත: ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
            ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
            පානදුර