ජාත්‍යන්තරයේ මෙන්ම, දේශීය ඊනියා මානව හිමිකම් ආරක්ෂකයින් ගේ ඉමහත් අමන්දානන්දයට පාත‍්‍ර වූ, 1994 අංක 22 දරන වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ ද`ඩුවම් වලට එරෙහි වූ සම්මුතිය පනතට අනුව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පවරන ලද නඩුවක්, සිද්ධියෙන් වසර 16 කට පසුව නිමාවට පත්විය.
ඒ නඩුව ගැන කෙටි සටහනක් තබන්නේ, ස්වාධීන කොම්ෂන් සභා, ස්වාධීන අධිකරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන තොරතෝංචියක් නැතිව කියවන, බුද්ධිමතුන් ලෙසට තමන්ම හදුන්වා ගන්නා, කිහිප දෙනෙක් විසින් සිංහල කථා කරන බහුතරය ‘මෝඩයින් ලෙසට නිගමනය කර’ බුද්ධිමත්ව සිතන ලෙසට, සමාජ මාධ්‍ය ඔස්සේ කරන ඉල්ලීම් වල නරුම බව තේරුම් ගැනීමට රුකුලක් වශයෙන්ය.
අරක්කැමියෙකුගේ පුතෙකු වූ දහ අට හැවිරිදි ප‍්‍රසාද් ව, නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවන්නේ රත්නපුර පොලීසියට අනුයුක්තව සිටි පොලිස්කාරයින් සිව් දෙනෙකුය.
ශ‍්‍රී ලංකා පොලීසියට ආවේනික ක‍්‍රමවේදය අනුගමනය කරමින්, වධ හිසාවට ලක්කළ ප‍්‍රසාද්ව අධිකරණයට ඉදිරිපත් කරන්නේ, පොලිස් කාරයෙකුට පහර දීම හා අයුතු අවහිර කිරීම යන චෝදනා යටතේය.
2003 අගෝස්තු 07 වන දින සිදුවූ මෙම සිදුවීම මූලික කරගෙන, ප‍්‍රසාද් ඇතඵ සිව් දෙනෙකුට විරුද්ධව, අංක: 54821/PC (B 1318/2003) යටතේ, 2003 අගෝස්තු මස 07 වන දින මෙම නඩුව පවරන ලදි. එදින අධිකරණය, ප‍්‍රසාද්ව, රු: 2500/- ක මුදල් ඇපයක් හා ශරීර ඇපයක් මත මුදාහරින ලදි.
ඒ අනුව, ඔහුට ප‍්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගත වීමට අවස්ථාව හිමිවිය.
ප‍්‍රසාද්ගේ මව, තම පුතාව නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන වධ හිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට හා නීතිපතිට ලිඛිතව පැමිණිලි කරනු ලැබීය.
රෝහල්ගතවූ ප‍්‍රසාද් ව, පරීක්ෂාවට ලක් කළ, රත්නපුර මහා රෝහලේ වැඩබලන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය බී.ඞී.එස්. රුවන්පුර මයා විසින් නිකුත් කරන ලද අධිකරණ වෛද්‍ය වාර්තාවේ මෙසේ සටහන්ව තිබින.
රත්නපුර පොලීසිය, ප‍්‍රසාද් ඇතුළු සිව් දෙනෙකුට, පවරා තිබූ නඩුවට සමගාමීව, ප‍්‍රසාද්ට, විශේෂයෙන් ඔහුගේ මවට, පොලීසිය සිදුකරන ලද අපරාධ වලට එරෙහිව යුක්තිය ඉටු කර ගැනීම සදහා වූ ක‍්‍රියාවලියේ නොසැලී නොබියව අරගල කරන්නට ගරුත්ත්වයක් තිබින.
නීතිපති ඔවුන්ට කියා සිටියේ නඩුවක් තියෙන නිසා මැදිහත්වන්නට නොහැකි බවයි.
ජාතික පොලිස් කොමිෂම සුපුරුදු පරිදි නිදි වදින ලදි.
මානව හිමිකම් කොමිෂන් සභාව, HRC/ 4186/03/L -6 යටතේ විමර්ශනයක් සිදුකර, නිර්දේශයක් නිකුත් කරනු ලැබීය. එම නිර්දේශයේ මෙසේ සඳහන් වේ.
”ඉහත ස`දහන් වගඋත්තරකරුවන් 01,02,03,04,05, අගතියට පත් පැමිණිලිකාරියගේ පුතා වන ”උදයංග පෙරේරාට” අමානුෂික කෲර ලෙස පහරදුන් පොලිස් නිලධාරීන් වෙයි. පළවන වගඋත්තරකරුගේ ආත්මාරක්ෂාව සඳහා සැකකරුව අත්අඩංගුවට ගැනීමට යොදා ඇති අවම බලයක් ගැන කරුණු ඉදිරිපත් වී ඇති සාක්ෂි සහ සාදක මත පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළ යුතුය. එම නිසා වගඋත්තරකරුවන් සියලූ දෙනා ”උදයංග පෙරේරා” යන තැනැත්තාගේ මානව හිමිකම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12(1) යටතේ උල්ලංඝනය කර ඇති බවට තීරණය කරමි. වගඋත්තරකරුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීම ස`දහා නීතිපතිවරයාට මානව හිමිකම පනතේ 11(ඌ) වගන්තිය යටතේ ප‍්‍රමාණවත් වන්දි ලබාදීමටත්, පොලිස් කොමිෂමට දැන්වීමත් සුදුසු බව නිර්දේශ කරමි.
අ.ක/ මර්වින් පී. විජේතුංග
උපදේශක, (පරීක්ෂණ)
(විශ‍්‍රාලත් දිසා විනිසුරු)
ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ”
මහේස්ත‍්‍රාත් උසාවියේ, ප‍්‍රසාද් ඇතුලු චූදිතයින් සිව් දෙනාට විරුද්ධ නඩුවට, විත්ති පාර්ශවයෙන් ප‍්‍රසාද්ව පරීක්ෂා කළ වැඩ බලන අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන්පුර මයාව කැඳවීමට ගන්නා ලද උත්සාහය සම්පූර්ණයෙන් අසාර්ථක වූයේ ඔහු ඒ වන විට, ස්වේච්ඡාවෙන් අතුරුදහන් ව සිටි නිසාය.
එම පසුබිම තුළද, 2003 අගෝස්තු 07 වන දින සිදුවූ මෙම සිදුවීම මූලික කරගෙන, ප‍්‍රසාද් ඇත`ඵ සිව් දෙනාට විරුද්ධව, රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති, අංක: 54821/PC (B 1318/2003) යටතේ, 2003 අගෝස්තු මස 07 වන දින පවරන ලද නඩුවේ තීන්දුව වසර 15 කට පසුව, 2017.08.09 වන දින ලබා දෙන ලදි.
එහි මෙසේ සඳහන් වේත
”ඉහතින් විග‍්‍රහ කර දක්වන ලද සියලූ කරුණු ප‍්‍රකාරව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය සහ පැමිණිල්ලේ මෙම සිද්ධිය සම්බන්ධව ක‍්‍රියා කර ඇති ආකාරය පිළිබඳව බරපතල සැකයක් මතුවේ. ඒ අනුව, චෝදනා පත‍්‍රයෙහි සඳහන් වරද මෙම චූදිතයන් විසින්ම සිදු කරන ලද බවට, බැලූ බැල්මට පෙනෙන ආකාරයට හෝ තහවුරු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවට තීරණය කරමි.
එසේ හෙයින්, මෙහිදී විත්ති වාචකය සළකා බැලීමේ අවශ්‍යතාවයන් පැන නොනගින බවට තීරණය කරමි.
ඒ අනුව, චෝදනා පත‍්‍රයෙහි සදහන් චෝදනාවන් චූදිතයන්ට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවට තීරණය කරමි.
ඒ අනුව, චෝදනා පත‍්‍රයෙහි සදහන් චෝදනාවන් චූදිතයන්ට එරෙහිව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී නොමැති බවට තීරණය කරමි. එසේ හෙයින් චූදිතයන් සියලූ දෙනා සියලූ චෝදනාවන්ගෙන් නිෙදාස් කො නිදහස් කරමි.
අත්/කළේ .......
(එම්.එස්. ප‍්‍රිම්කි)
අතිරේඛ මහේස්ත‍්‍රාත් - රත්නපුර
2017.08.09
මෙම නඩුව, ශ‍්‍රී ලංකාවේ සියලුම නඩු මෙන්ම ඇදෙමින් පවතිත්දී පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU), ප‍්‍රසාද් විසින් කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කරනු ලැබීය.
එහි ප‍්‍රතිඵලයක් ලෙසට 1994 අංක 22 දරන පනත යටතේ, රත්නපුර පොලීසියේ, ප‍්‍රසාද්ට වධ හිංසා පැමිණ වූ පොලිස් කාරයින් සිව් දෙනෙකුට එරෙහිව රත්නපුර මහාධිකරණය ඉදරියේ නඩු පවරන ලදි.
2013/10/03 දින, HCR/283/B යටතේ පවරන ලද එම නඩුවේ තීන්දුව වසර 06කට පසුව එනම් 2019.11.21 ප‍්‍රකාශයට පත් කරන ලදි.
එම තීන්දුවේ මෙසේ සදහන් වේ.
"ඒ අනුව අධිකරණය අවසන් වශයෙන් සඳහන් කරනුයේ, මෙම විත්තිකරුවන් විසින් පැ.සා.01 වන විශ්වජිත් උදයංග පෙරේරා යන අයට 1194 අංක 22 දරණ වධ දීමට සහ අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම් වලට එරෙහිවූ සම්මුතිය පනතේ 02 (1) වගන්තිය යටතේ දඬුවම් ලැබීමට ප‍්‍රමාණවත් ආකාරයේ පහරදීමක් සිදුකර ඇති බවට පැමිණිල්ලේ නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරීමට අපොහොසත්ව ඇති බවට තීරණය කරමින් සැකයේ වාසිය විත්තියට ලබාදෙමින් විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනාවෙන් ඔවුන් නිෙදාස් කොට නිදහස් කරමි.”
මෙහිදි කිවයුතු කරණක් ඇත. එනම් පසුගිය වසර කිහිපය තුල, ඊනියා ස්වාධින කොමිෂන් සභා නිසා වධහිංසා අඩුවි ඇති බවට, හුවා දැක්වීමට උත්සහා ගන්නා, එකදු වින්දිතයෙක් වත් දැක නැති, හාවර්ඩ්, ඔක්ර්ස්පර්ඩ්, කේම්බ්‍ර්ජ්----- ආචාර්යවරු, දැන වධහිංසා වැඩිවි ඇති බවට තප්පු ලන්නට පටන් ගෙන ඇත.
වධහිංසාව හිගන්නාගේ තුවාලය කරගෙන ඇති මෙම පිරිසට දිය යුතු පිළිතුර වන්නේ, රටේ සාමාන්‍ය ජනයා පීඩාවට පත්කරන නීති ක‍්‍රියාපාටිය, අන්තයටම පිරිහුන ආයතන වෙනස් කිරිමට ජනතාව සමග එක්ව පෙළ ගැසිමය.
No comments:
Post a Comment