Sunday, January 31, 2016

හෙලූවෙන් තියලා ගහලා, ගහලා, දෙකට නවලා ගුද මාර්ගයත් පරීක්ෂා කලා.


පානදුර දකුණ පොලිසියේ ටෙරන්ස් නැමැති නිලධාරියා හා තවත් අයෙක්, පාරේ යමින් සිටි තරුණයෙකුට පහරදී, ජීප් රථයේ දමාගෙන පොලිසියට ගෙනවිත්, එහි බැරැුක්කයට දමා නිරුවත් කොට පහර දීම හා ඉන් අනතුරුව ගංජා ග‍්‍රෑම් 10ක් එක්ක උසාවියට දැමීම පිළීබඳව කතාවකි මේ.
මේ දක්වාම පොලිසිය ශීලාචාර එකක් කරන්නට රජයට බැරිවී ඇත. පොලිසිය බාර ඇමතියෙක් ඇත. ඔහුද පොලිස් මාද්‍ය ප‍්‍රකාශකයාට නොදෙවෙනිය.
පොලිස් කොමිෂම පිහිටුවා ඇත. පොලිසියට එරෙහිව පැමිණිල්ලක් කල විට කරන්නේ, පැමිණිලි කල අයට පෝරම එවීමය. පරීක්ෂණ නැත. ආචාර්ය මහාචාර්යවරු ලිපිගොනු අරිමින්, ලියුම් එහාට මෙහාට යවමින් සිටිති.
මාධ්‍යට ඇවිත් බණ කියති. ඇත්ත කතා කරන්නේ නැත.
මෙය තහවුරු කරන, විදුවංශ ගුණරත්න විසින් පොලිස් කොමිෂමට, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට කර තිබෙන ලිඛීත පැමිණිල්ලෙන් පැහැදිලි වේ.
මෙම පුද්ගලයාව, පානදුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබුනත් එසේ කර නොමැත. උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඔහුට නීතිඥ සහායවත් ලබා ගැනීමට ඉඩ තිබී නැත.
පොලිස් අපරාධ නවත්වා, දුෂණ හා අක‍්‍රමිකතාවන් අවම කර, අපරාධ මර්ධනය කිරීමට, කළ යුතු කාර්යයන් නීති පොතේ ඇත. එ්වා නීති පොතට සීමාවී ඇත. ජනතාව දැනුවත් නැත.
යහපාලනය යනු සටන්පාඨයක් නොවේ.භාවිතයයි. යහපාලනය ඇති කරන්න අත්‍යවශ්‍ය වන එක් කොන්දේසියක් දුෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර පොලිසියක්, උසාවියක් රටේ ඇති කිරීම.
විදුවංශ ගුණරත්න වයස අවු: 23 ය,ි විවාහක, දරුවන් 01 යි, රැුකියාව වඩු කාර්මික ශිල්පී.  ඔහු ලිඛීතව  මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට, පොලිස්පති ට, කරන ලද පැමිණීල්ල ට අවධානයට යාමු කරන්න. 

‘නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, ව්‍යාජ චෝදනා නගා  රක්ෂිත බන්ධනාගාරගත කිරීම.

2016.01.30 වන දින දීය.

2016 ජනවාරි 26 දින දහවල් 12.15 ට පමණ, මා බෙක්කේගම මිතුරකු හමුවීමට යන අතර, බෙක්කේගම ඉඳිගහ පාරේ ”පුෂ්පා” නැමැත්තිය විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැල ඉදිරිපිට දී, මා අසල පානදුර දකුණ පොලීසියේ ජීප් එක නැවැත්තුවා. 

සිවිල් ඇඳුමින් සිටි නිලධාරියකු එම ජීප් රථයෙන් බැස මා අසලට පැමිණ, එදා ගෙනාපු බයික් එක (යතුරුපැදිය) කෝ කියා මාගෙන් ඇසුවා.

මම ඔහුට කිව්වා, එ්ක අයිතිකාරයා ගෙනිච්චා කියා. එ් සමගම මූ ළඟ ගංජා තියෙන්න  ඕනි කියා, මට පහර දෙමින් මාව සෝදිස්සි කරන්න පටන් ගත්තා.

මම ඔහුට කිව්වා, මම කලිසම ගලවලා හරි පෙන්නන්නම් සාක්කුවලට අත දාන්න එපා කියා.

එවිට, ජීප් එකේ ඉදිරිපස අසුනේ වාඩි වී, නිල ඇඳුමින් සිටි අපරාධ අංශයේ පො.ප. ටෙරන්ස් නැමති නිලධාරියාට කිව්වා සර් මූ චෙක් කරන්න දෙන්නේ නෑ කියා.

ඔහු ජීප් එකෙන් බැස මා අසලට පැමිණ පහර දී, බලයෙන් මාව ජීප් රථයට ඇද දමා ගත්තා.

ජීප් එකේ ෂීට් එකේ වාඩි වෙන්නට දුන්නේ නෑ. බිම දමා පහර දුන්නා. මෙසේ පහර දුන්නේ සිවිල් ඇඳුමින් සිටි නිලධාරියා.

ඔවුන් දෙන්නා මට පහර දුන්නේ මූනෙන්, කොණ්ඩයෙන් ඇද බෙල්ල කරකවා.

ඉන්පසු පානදුර දකුණ පොලීසියට ගෙන ආවා. ජීප් රථය ඇතුලූ කළේ පිටුපස ගේට්ටුවෙන්.

ජීප් එක පොලීසිය ඇතුළට අරගෙන, මාව බිමට දාලා යළිත් පහර දුන්නා. එතනදී මගේ ෂර්ට් එක ගලවලා එ්කෙන් අත් දෙක බැන්දා. ඊට පස්සෙ මට පහර දෙමින් පොලීසියේ උඩ තට්ටුවට ගෙන ගියා. මාව ගෙන ගියේ එම තට්ටුවේ වැසිකිලිය අසල තට්ටු ඇඳන් තිබුණ තැනට. මට ඇඳුම් ගලවපන් කියමින් ගැහැව්වා. මම ඇඳුම් ගැලෙව්වා. සම්පූර්ණයෙන්ම නිරුවත් කළා.

එහිදී මගේ කොණ්ඩය අල්ලා බිම දමා බෙල්ල කරකවමින් පයින් ගහන්න පන් ගත්තා. එහෙම ගහන අතර පො.ප. ටෙරන්ස් පොල්ලක් අරගෙන ඇවිත් මගේ අත්වලට, කකුල්වලට, බෙල්ලට, ඇඟට ගහගෙන ගියා. ටික වේලාවකින් කකුල් දෙක උඩ නැගලා යටිපතුල්වලට ගැහුවා. ඉන්පසු පොල්ල සිවිල් ඇඳ සිටි අයට දීලා යන්න ගියා. ඔහු පොල්ල අරන් පෙර විදියටම මට පහර දුන්නා. පැය භාගයක් විතර ගැහැව්වට පස්සෙ, මාව නැගිට්ටවලා දෙකට නවා මාගේ ගුද මාර්ගය පරීක්ෂා කළා.

එසේ මට පහර දෙන විට, එතනට පැමිණි ප‍්‍රභාත් නැමති නිලධාරියා, මට පුටුවක වාඩිවෙන්න දුන්නා. මම නිරුවතින්ම පුටුවේ වාඩි වුණා. ඔහු මාගෙන් විස්තර ඇසුවා. මම කිව්වා.

එසේ කථා කරන අතර, මට දිගටම පහර දුන් තැනැත්තා මගේ කොණ්ඩෙන් අල්ලා පුටුවේ ඇන්දට තබා නවා, බෙල්ලට, පපුවට ගැහුවා.

පැයකට පමණ පසුව, මට ඇඳගන්න කියා බංකුවක වාඩි කෙරෙව්වා. විනාඩි 20 කින් පසුව කූඩුවට ගෙනත් දැම්මා.

කූඩුවට දාන්න හදනකොට රිසව් එකේ නිලධාරියා මාව කූඩුවේ දාන්න බෑ කිව්වා. එවිට මට පහර දුන්න නිලධාරියා ඔහුට කිව්වා, උඹට වැඩක් නෑ, ටෙරන්ස් මහත්තයා කිව්වේ කියා.

සවස 3.30 ට පමණ සිවිල් පිට සිටිමින් මට පහර දුන්න නිලධාරියා පැමිණ, මගේ නමයි ලිපිනයයි අසා ලියාගෙන ගියා.

මු`ඵ රාත‍්‍රියේම මම වේදනාවෙන් කූඩුවේ හිටියා. මාව බලන්න මගේ පවුලේ උදවිය හා මිත‍්‍රයින් පැමිණියා. මම ඔවුන්ට සියලූ විස්තර කිව්වා.

පසුදින උදේ (2016 ජනවාරි 27) උසාවි යන සාජන්වරයා පැමිණ, මගේ නම ලිපිනය අසා පොතක ලියාගෙන ගියා. 

උදේ 10.30 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. ත‍්‍රීරෝද රථයකින්    මාව සහ තවත් දෙන්නෙක් ගෙන ආවා.

ත‍්‍රීවිල් එක පාරේ ගිය එකක්. උසාවිය ට ගෙන එන අතරේ පොලිස් සැරයන්වරයා මට කිව්වා, මට විරුද්ධව ගංජා දාලා තියෙන්නේ, නිවරුදිකරු කිව්වොත් අඩු ගානේ දවස් දාහතරකටවත් ක`ඵතර යවාවි, එ් නිසා වැරදිකාරයා කියා පිළිගනින්, තුන් හාරදාහක දඩයක් ගහවි, ගෙවන්න බැරි නම් ප‍්‍රජා සේවයට දාලා දෙන්නම් කිව්වා.

කූඩුවට නැග්ගාම, මගෙන් නඩුකාරතුමා ගංජා ග‍්‍රෑම් 10 ක් ළඟ තබා ගත්තාට වැරදිකරු ද, නිවරුදිකරු ද කියා විමසුවා. පොලිස් සැරයන්වරයාගේ උපදෙස් අනුව මම වැරදිකරු බව කිව්වා. මට නීතිඥ උපදෙස් ගන්නවත් අවස්ථාව තිබුණේ නැහැ.

මට රුපියල් හයදාහක දඩයක් නියම කළා. දඩය ගෙව්වා.

නඩු අංකය: 34911, දිනය 2016.01.27, ලදුපත් අංකය: 0- 381154.

අධිකරණයෙන් පිට වූ මා, ගෙදර ගියා. රාත‍්‍රියේ අමාරු වුණා. පසුදින 2016.01.27 උදේ පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා පැමිණියා. මාව පළවෙනි වාට්ටුවට ඇතුළත් කළා. මට පොලීසියෙන් පහර දුන්න බව කිව්වා. 

රෝහල් පොලීසිය මට බලපෑම් කළා. නඩු අවශ්‍ය නැති බව කියමින් ඔවුන් මාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කළේ නෑ. 2016.01.29 දින ටිකට් කැපුවා. මට හොඳටම අමාරුයි. මම නැවත රෝහල්ගත වනවා.

මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසියේ, (1) අපරාධ අංශයේ ස්ථානාධිපති, ටෙරන්ස් නැමති අයට, (2) සිවිල් ඇඳුමින් මට වධ දුන් අයට (දුටුවොත් හඳුනාගත හැකිය) යන අයට එරෙහිව, (අ) නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, (ආ* නීති විරෝධීව රඳවා තබා ගැනීම,
(ඇ) ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම, (ඈ) වධ දීම, කෲර අමානුෂික, අවමන් සහගත සැළකිලිවලට පාත‍්‍ර කිරීම අදාල නීතිමය පියවර ගන්නා ලෙසටය.

ඉහත සියලූම තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

අ.ක/විදුවංශ ගුණරතත්න’’


Saturday, January 30, 2016

පොලිස් බැලයන්ගේ පාහර ක‍්‍රියාවන්ට රජය වගකිව යුතුයි.


ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රරචාරක කාර්යාලයක් රාජපක්ෂ බැලයන් විසින් ගිනි තබා විනාශ කරන ලදි. ඒ 2009 දකුණු පළාත් සභා මැතිවරණ සමයේදී ය. 

තංගල්ල පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ මෙම කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම පිළිබඳව පැමිණිල්ල, පක්ෂ ක‍්‍රියාකාරීන් වූ කුමාර වාහලතන්ත‍්‍රී හා ඩැනිස්ටර් ගුණසේකර විසින් තංගල්ල පොලීසියට කරණු ලැබීය. 

පොලීසිය රාජපක්ෂ බැලයන්ට එරෙහිව පියවර ගත්තේ නැත. ගුණසේකර මෙම ගිනි තැබීමට විරෝධය පළ කිරීම සඳහා, පිළිස්සුන කාර්යාලය ඉදිරිපිට බැනරයක් දැම්මේය. 

එහි සඳහන් වූයේ ”මහ ජරා රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද?” යනුවෙනි.

තංගල්ල පොලීසියේ ස්ථානාධිපති කාලිංග හා පොලිස් පරීක්ෂක සුවාරිස් දින දෙකකට පසුව, බිරිඳ සමග යමින් සිටි ගුණසේකරව අත්අඩංගුවට ගෙන රිමාන්ඞ්භාරයට පත් කරණු ලැබීය.

එ් සමගම ජ.වි.පෙ. බැනරය ද කපා ඉවත් කරන ලදි. 

ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා තංගල්ල පොලීසියේ මෙම නීති විරෝධී ක‍්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරණු ලැබීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12), 13(1) හා 14(1) ආ වගන්ති උල්ලංඝණය කිරීම මගින් තම මූලික අයිතීන් කඩකරන ලද බව පෙත්සමෙන් ප‍්‍රකාශ විය.

නීතිඥ පුලස්ති හේවාමාන්න සමග නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේය.

නඩුවේ වගඋත්තරකරුවන් වූ තංගල්ල පොලීසියේ ස්ථානාධිපති කාලිංග, පොලිස් පරීක්ෂක සුවාරිස්, පොලිස්පති හා නීතිපතිි වෙනුවෙන්, නීතිපති නියෝජනය කරමින් ජේ්‍යෂ්ඨ රජයේ නීතිඥ දීපිකා හෙට්ටිගේ පෙනී සිටියේය.

2009 පවරන ලද නඩුවට අදදාලව, පෙත්සම්කරුවන් වූ ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනා වෙනුවෙන් ලිඛිත දේශන ඉදිරිපත් කරණු ලැබුවේ 2012 මාර්තු මසය. පොලිස්කාරයන් වෙනුවෙන් රජයේ නීතිඥවරිය ලිඛිත දේශන ඉදිරිපත් කරණු ලැබුවේ වසරකුත් මාස හතරකට පසුව 2013 ජූලි මසය.

2015 අගොස්තු මස නඩුව විභාගයට ගැනුණු අතර, 2015 මාර්තු මස තීන්දුව ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

තංගල්ල පෙලිස් ස්ථානාධිපති කාලිංග හා පො.ප. සුවාරිස් ජ.වි.පෙ. ක‍්‍රියාකාරීන් දෙදෙනාගේ මූලික අයිතීන් උල්ලංඝණය කරන ලද බවට තීන්දු කරණු ලැබීය. 

මෙම තීන්දුව මගින් ආණ්ඩුව විවේචනය කරමින් බැනර් ප‍්‍රදර්ශනය මූලික අයිතිවාසිකමක් බවට, එය අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බව යළිත් වරක් තහවුරු කළේය.

මීට පෙර අවස්ථා ගණනාවක දී පොලීසිය පාලකයන්ගේ වුවමනා එපාකම් ඉටුකරන්නට නීතිය උල්ලංඝණය කිරීම, අධිකරණයේ දෝෂදර්ශනයට ලක්ව තිබීම.

මෙම නඩුවේ තීන්දුවෙන් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, භාවිතය පිළිබඳ පැහැදිළි කර, පොලිස් නීති විරෝධී ක‍්‍රියා දෝෂදර්ශනයට ලක් කරණු ලැබ තිබුණේ, පොලීස් නීති විරෝධී ක‍්‍රියාවන්ට රජයේ (ආණ්ඩුවේ* වගකීම අවධාරණය කරමින්ය.

එ් අනුව,

නඩුවේ දෙවන පෙත්සම්කරු වූ ගුණසේකරට, රු: 20,000/- ක වන්දියක් ගෙවන ලෙසට පොලිස්පතිට නියම කෙරිණ.

පොලීසියේ සියලූම නීති විරෝධී ක‍්‍රියාවන්ට රජය වගකිව යුතුයි. එම නිසා නීති ගරුක පොලීසියක් බිහි කිරීම, නීති උල්ලංඝණය කරන, ¥ෂිත පොලිස් කාරයින්, ලොකු කුඩා භේදයකින් තොරව දඬුවමට ලක් කිරීම ආණ්ඩුවේ වගකීමයි.

වැරදි කරන අපරාධ කරන පොලිස්කාරයන් වෙනුවෙන් මහජන මුදලින් වන්දි ගෙවීම ද අපරාධයකි. 

සම්පූර්ණ නඩු වාර්තාව සඳහා පිවිසෙන්න.


Friday, January 29, 2016

”හු.... ති යන්’’ ගෙන් කරදරලූ. පුතාව ගෙනත් නොදුන්නොත් අල්ලගෙන ඇවිත් බෝම්බ දමනවාලූ.


හුලං මෙට්ටයක් සොරකම් කල බවට කරන ලද පැමිණිල්ලක් පදනම් කරගෙන, අසල්වැසි තරුණයෙකුට බොරු නඩු දාන්න ගන්නා උත්සාහයක් පිළිබඳවයි  මේ.

ඉරේෂා - පොලිසිය සමග ඇයි හොඳයි දක්වන තැනැත්තියකි. ඇගේ නිවසේ තිබූ හුලං මෙට්ටයක් නැතිවූ බවට ඇය ෙදාඩංගොඩ පොලිසියේ පැමිණිල්ලක් කරනලදි.

අල්ලපු ගෙදර අය නිතර තම නිවසට එන නිසා, ඔවුන් පිළිබඳව සැකයක් ඇති බව - ඇය පොලිසියට කියා තිබින.

ෙදාඩංගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක සිවිල් ඇඳුමින් තවත් පොලිස්කාරයින් දෙන්නෙක් එක්ක, අසල්වැසි පද්මිණී ගේ නිවසට පැමිණ, ගේ සෝදිසි කළේය.

හුලං මෙට්ටය හමුවූයේ නැත. පද්මිණීටත්, 21 හැවිරිදි පුතාටත් පසුදින පොලිසියට එන ලෙසට නියම කල අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක යන්න ගියේය.

පොලිස් අණට කීකරුව ඇය පුතාවද කැටුව පොලිසියට ගියේය. ඉරේෂා ද පැමිණ සිටියේය.

හුලං මෙට්ටය ගෙදර තියෙන බව ඉරේෂා පොලිසියට කිව්විට, දෙපාර්ශවයට පිටව යන ලෙසට ස්ථානධිපති ගුණතිලක නියම කළේය.

දිනකට පසුව, රාත‍්‍රියේ, පද්මිණී ගේ ගෙදරට පැමිණි ෙදාඩංගොඩ පොලිසියේ කොස්තාපල්වරයෙක් පසුදින පැමිණ පද්මිණිටපොලිසියට එන ලෙසට නියම කරනු ලැබීය.

ඇය පැමිණිලිකාරිය වූ ඉරේෂා ද කැටුව ගොස් ස්ථානාධිපති ගුණතිලක හමුවිය.

හුලං මෙට්ටය හමුවී ඇති නිසා, පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න අවශ්‍ය බව ඉරේෂා ස්ථානාධිපති ගුණතිලකට පැවසීය.

මේක ඇසු සථානාධීපති ගුණතිලක මේ ”හුත්තියන් දෙන්නාගේ කරදරය” යයි කියා පොලීසියෙන්  පන්නා දමන ලදි. 

එ් අතර, පද්මිණිට සිය, පුතාව පෙලීසියට බාර දෙන ලෙසට නියම කළේය. එසේ නොකලොත් අල්ලාගෙන ඇවිත් බෝම්බ දමන බවට තර්ජණය කරමිණි. 

ස්ථානාධිපති ගුණතිලක ට හුලං මෙට්ටයට නඩු දාන්න බැරිය. මන්ද, නඩු භාණ්ඩය උසාවියට බාරදී නැත. ඉරේෂා ගංජා විකුණන තැනැත්තියකි. කිහිප වරක්ම සිරගතව  සිටින්නියකි. ඇය පොලිසිය සමග කු`ඵපගුය. ස්ථානාධිපති ගුණතිලකට අවශ්‍යව ඇත්තේ, ඉරේෂාගේ ගංජා මෙම තරුණයාට පැටලවීමටය.

මේ පාහර ක‍්‍රියාව - සෑම පොලිසියක්ම සිදු කරයි. ප‍්‍රජා පොලිසි ගැන කතා කරන්නන් පොලිසියේ පාහර වැඩ කතාකරන්නේ නැත. මෙම ක‍්‍රමය වෙනස් කළ යුතුය.

පද්මිණි මෙම කරුණු ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම හා පොලිසපතිය පැමිණිලි කරන ඇත.






Thursday, January 28, 2016

පොලිස් අපරාධ වලට වන්දි ගෙවන්නේ මහජනයා.


පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීමට පොලීසියට ඉඩ නොදීම හා මහජනයාව පොලීසියෙන් ආරක්ෂා කිරීම පොලිස් කොමිෂමේ වගකීමකි. ඒ ස`දහා මෙම නඩුවේදි අපරාධයක් පමණක් නොව මුලික අයිතිවාසිකම් කඩකල නිලධාරියා බවට නිගමනය කර තිබෙන පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි නිලධාරියා ජිවතුන් අතර නැතත් ඔහුට විරුද්ධව විනය පියවර ගත යුතු බව අවධාරණය කරමු.

මන්ද ඔහු විසින් සිදුකරන ලද අපරාධයට මහජනතාවට වන්දි ගෙවන්නට ඉඩ දීම මගින් නරක පුර්වාදර්ශයක් පොලිස් අපරාධ කරුවන්ට ලබා දෙන නිසාය.

ජාතික පොලිස් කොමිෂන් සභාව, එහි සභාපති - මහාචාර්ය එස්. හෙටටිගේ,  පොලිස්පති මහතා එන්.කේ. ඉලංගකෝන්,  පොලිස් මානව හිමිකම් අංශය හා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අමතමින් ඉහත කරුණු අවධාරණය කරන ජනසංසදය සිය ලිපියේ මෙසේ සඳහනු කරයි. 

‘‘SC/FR 1006/2001දරන උක්ත මූලික අයිතිවාසිකම් නඩුවේ පෙත්සම්කරු හපුගොඩ ජගත් පෙරේරා යන අය වේ. ඔහු විසින්, 2009 12.29 වන දින එවක මීරිගම පොලිස් ස්ථානයේ සේවය කළ,

1.සු`ඵ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පො.ප. ගෝතමී රණසිංහ, 2.රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි හා 3.උ.පො.ප. මිලින්ද පේ‍්‍රමනාථ කුමාරරත්න යන නිලධාරින්ට එරෙහිව පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ, 2015.12.15 දිනැති තීන්දුව ප‍්‍රකාර දැනට ජීවතුන් අතර නැති, පො.ප. මිල්ලවිතාරන හෙවත් මිල්ලවිතාවාච්චි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11 හා 12(1) වගන්ති උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර තිබේ.
එ් අනුව, පෙත්සම්කරු හපුගොඩ ජගත් පෙරේරා ට, රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ලෙසට රජයට නියම කර තිබේ. එම ගෙවීමේ වගකීම පොලිස්පතිට පවරා තිබේ.

මෙම තීන්දුවෙන් ප‍්‍රකාශ වන්නේ පොලිස් නිලධාරීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන විට එහි වගකීම මහජනතාව වෙත පැවරෙන බවයි. රජය වෙනුවෙන් පොලිස්පති වගඋත්තරකරුට වන්දි ගෙවන්නේ මහජන මුදලින්ය. 

පොලීසිය නීතිගරුක කිරීමේ සෘජු වගකීම් දැරිය යුත්තේ පොලිස්පතිවරයාය. සමස්ථයක් වශයෙන් පොලීසිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියා අවම කිරීමටවත් හැකියාවක් හෝ ඔනෑ කමක් ඔහු ඇතුලූ පොලීසියේ ඉහළ නිලධාරීන්ට නැත. එයට එකම හේතුව එම නිලධාරීන් ද නීති විරෝධී ක‍්‍රියාවන්හි නියැලෙන නිසාය.’’ 

මෙම තත්ත්වය වෙනස් කර මහජනයාව පොලීසියෙන් ආරක්ෂා කිරීම පොලිස් කොමිෂමේ වගකීමකි. එම වගකීම මහජනතාව පීඩාවට පත් නොකර ඉටු කරන මෙන් ද, මෙම නඩු තීන්දුව හා සමාන මෑතක ලබාදුන් නඩු තීන්දු පිළිබඳව මහජන කථිකාවක් ආරම්භ කරන ලෙසට ද ඉල්ලා සිටින පොලිස් නීති විරෝධී ක‍්‍රියාවන් වසන් කිරීමට පොලීසියට ඉඩ නොදෙන ලෙසද ඉල්ලා සිටි.

Wednesday, January 27, 2016

මානව හිමිකම් කොමිෂම පොලිස් වධකයින් රැක්කේ මෙහෙමයි.


15 හැවරිදි සිසුවකුට වධදුන්න යටවත්ත පොලිසියේ පොලිස් කාරයින් තිදෙනෙකු ව රකින්න පසුගිය කාල පරිචේඡුයේ කොමිෂම ක‍්‍රියා කර තිබෙන ආකාරය ගැන වත්මන් කොමිෂම වෙත ලිඛිතව කරුණු දක්වන ජනසංසදය, ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි.
සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මිය අමතන ලද සම්පුර්ණ ලිපිය පහත දක්වමු.

2016.01.27 දින.

ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය, සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව.         

පැමිණිලි අංක ්‍යඍක්‍රැු2282රැු11රැුඍක්‍රැු්

පැමිණිලිකාරිය :- එච්.එම්.වයි. කුමාරිහාමි මිය, යටවත්ත, මාතලේ 

වගඋත්තරකරුවන් :- මාතලේ, යටවත්ත, පොලීසියේ, පො.සැ. ඩග්ලස් ඇල්ලෙපොල, පො.සැ. බණ්ඩාරනායක, පො.සැ. හෙට්ටිආරච්චි හා ආර්. නිශ්ශංක ස්ථානාධිපති.
                     
සිද්ධිය සංක්ෂිප්තව :- පැමිණිලිකාරිය, එච්.එම්.වයි. කුමාරිහාමි මිය තනි මවකි. දැනට වයස අවුරුදු 62 යි. ඇගේ එකම දරුවා, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න දැනට වයස අවුරුදු 18 යි.

2011 ජුනි 30 වන දින,  ඒ වන විට, මා/වීර පරාක‍්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ 9 වසර ඉගෙනුම ලබමින් සිටි, 15 හැවිරිදි එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න ව, යටවත්ත පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු පැමිණ, අත්අඩංගුවට ගන්නා ලදි. ඔවුන් එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නව, යටවත්ත පොලීසියට ගෙන ගොස් රඳවා තබාගෙන වධහිංසා පමුණුවා, ව්‍යාජ චෝදනා නගා මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.  

එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න, තමන්ට වධහිංසා පැමිණවීම අදාලව අධිකරණයේදී, කරන ලද ප‍්‍රකාශය අනුව, ගරු මහේස්ත‍්‍රාත්තුමිය ඔහුව මාතලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරණු ලැබීය.

මාතලේ පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නව, පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර අධිකරණය වෙත වාර්තා කරණු ලැබීය. එම වාර්තා සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්නට වධ දීම අදාලව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන ලෙසට නීති ආධාර කොමිෂමට නියෝග කරණු ලැබීය.

එම නියෝගයට අනුව නීති ආධාර කොමිෂම 2011 වසරේ ීක්‍රැුත්‍ඍ 578රැු2011 නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරණු ලැබීය. එම නඩුවේ තීන්දුව 2016.01. 16 ප‍්‍රකාශයට කරන ලදි.

ප‍්‍රශ්නය

මෙම සිද්ධිය, එස්.ජී. පුබුදු දිල්ශාන් තිලකරත්න ගේ මව එච්.එම්.වයි. කුමාරිහාමි මිය, 2011.07.20 වන දින ලියාපදිංචි තැපෑලෙන් ඔබ කොමිෂම වෙත ඉදිරිපත් කරණු ලැබීය.

ඔබ කොමිෂමේ පවතින සම්ප‍්‍රදායට අනුව එම පැමිණිල්ල මහනුවර ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කාර්යාලයට යොමු කර තිබිණ. එම කාර්යාලය පැමිණිලි අංක ්‍යඍක්‍රැු2282රැු11රැුඍක්‍රැු් යටතේ ලියාපදිංචි කරණු ලැබීය.

ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරියාගේ නියමයෙන් විමර්ශන නිලධාරී එම්.එන්. අපොන්සු විසින් 2011.09.03 දාතමින් එච්.එම්.වයි. කුමාරිහාමි මිය වෙත ලිපියක් යවමින්, ඇගේ පැමිණිල්ල අදාල කරුණු සම්බන්ධව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් කොමිෂමට එවන ලද ලිපියේ පිටපතක්, එච්.එම්.වයි. කුමාරිහාමි මිය වෙත යොමු කර, එහි සඳහන් කරුණු ගැන විරෝධතාවයන්/අදහස් දන්වන ලෙසටත්, එ් සඳහා. 2011.09.16 දින දක්වා කල්දෙන බවත් කියා සිටින ලදි. 

මලපොතේ අකුරු නොදන්නා ඇය, එම ලිපිය හා වාර්තා කියවාගෙන පිළිතුරු සැපයීමට කල් ඉල්ලා සිටින ලදි.

එසේ කල් ලබාගෙන ඇයගේ අදහස්, විරෝධතා කොමිෂමට ලිඛිතව දන්වා සිටිනු ලැබීය.

කරුණු එසේ තිබියදි, 2012.05.23 දාතමින් එවක සභාපති වූ ප‍්‍රියන්ත පී.ආර්. පෙරේරා, අතිරේක ලේකම් (නීති* වු  නිමල් පී. පුංචිහේවා හා මහනුවර ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරී වූ නිරංජන ඩයස් සුමනසේකර යන තිදෙනාගේ අත්සනින් ‘‘මේ දක්වා විරෝධතා ඉදිරිපත් නොකිරීම යන’’ කරුණු සඳහන් කර පරීක්ෂණ කටයුතු අවසන් කරන බවට දැණුම් දෙන ලදි.

එම තීරණය තුළද, 2012.06.02 දාතමින්, එච්.එම්.වයි. කුමාරිහාමි මිය, සිද්ධියට අදාලව පවරන ලද SC/FR 578/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමට අවසර ලැබී ඇති බවද කොමිෂමට දන්වන ලදි.

මෙම කරුණ ඔබ වෙත මේ අවස්ථාවේ ඉදිරිපත් කරණුයේ වධහිංසා සම්බන්ධයෙන් තවමත් ඔබ කොමිෂමේ විමර්ශන නිලධාරියකු ලෙසට කි‍්‍රියා කරන නිරංජන ඩයස් සුමනසේකර, එවක සභාපති, අතිරේක ලේකම් (නීති* ඇතු`ඵ කොමසාරිස්වරුන්ගේ ක‍්‍රියාකලාපය පැහැදිලි කිරීමටය.

ඔබ කොමිෂම ගත වූ කාල පරිච්ෙඡ්දයේ වධහිංසා කිරීම් පිළිබඳ පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී, වගඋත්තරකරුවන්ගෙන් (වධකයන්ගෙන්* වාර්තා ලබා ගෙන එම වාර්තාවට  උත්තර බඳින ලෙස ට නියම කිරිම හෝ එම වාර්තාව පදනම් කරගෙන නිගමනයට එළඹීම මත විමර්ශනය අත්හිටුවීම ට ක‍්‍රියා කරන ලද්දේ වගඋත්තරකරුවන් ආරක්ෂා කිරීමට හා වින්දිතයාව අපහසුතාවයට/පිඩාවට පත් කරවන්නටය. එය කොමිෂම අනුගමනය කරන ලද පිළිවෙත විය.

මෙම සිදධියට අදාල මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පොලීසිය පවරන ලද නඩුවේ සම්පුර්ණ වාර්තාව ගෙන්වා ගැනීමට, අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ගෙන්වා ගැනීමට හෝ පොලිස් ලේඛන පරික්ෂා කිරිමට හෝ අවම වශයෙන් පැමිණිලිකරුවන් ගෙන්වා විස්තර විමසා සිටීමට විමර්ශන නිලධාරීයා ට  අවශ්‍යතාවයක් නොතිබීමය. මෙම ක‍්‍රියා පිළිවෙත මෙම විමර්ශන නිලධාරී ගේ ¥ෂිත ක‍්‍රියා පිළිවෙත ට තවත් එක් උදාහරණයක් පමණි. 

මෙම කරුණු ඔබගේ අවධානයට කැඳවන්නේ ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වාලීමටය.

මේ සමග SC/FR 578/2011 මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අමුණා එවමු.
Link:-  http://www.janasansadaya.org/page.php?id=605&lang=en

මෙම සිද්ධියට අදාල මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති අංක 97799 නඩුවේ සම්පූර්ණ වාර්තාව ගෙන්වාගෙන අධ්‍යයනය කිරීමෙන් මෙම ¥ෂිත නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපය පැහැදිළිවනු ඇත.

සැ.යු. 2015.11.16 දින සිවිල් සංවිධාන සමග මානව හිමිකම් කොමිෂන් සභා රැුස්වීමේ දී අප ඉදිරිපත් කරන ලද සටහන ට ඔබ කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇතැයි සිතමු.

ස්තුතියි. මෙයට අ.ක/ චිත‍්‍රාල් පෙරේරා(ලේකම්)




Saturday, January 23, 2016

පොලිස් පහරින් කැඩුනු දතට රු:-ලක්ෂ පහක වන්දියක්. ගෙවන්න පොලිස්පතිට නියම කරයි. සිද්ධියට මුල ගම්බට්ටියක්!


පසුගියදා තීන්දුව ලබාදුන් මුලික අයිතිවාසිකම් නඩුවක, වරදකරු බවට පත්වු පොලිස්කාරයා එ් වන විට මෙලොවින් තුරන්ව ගොස්ය. මැරුනත් වන්දිය ගෙවිය යුතුයි. එය රජයේ වගකීමකි. එ් වරදකරුවු මළ පොලිස්කාරයා වෙනුවෙන් නියම කල රුපියල් ලක්ෂ පහ, රජය වෙනුවෙන් පොලිස්පති ට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙය 2009 වසරේ සිදුවීමකි.
ජගත් පෙරේරා මීරිගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. අසංක ඔහු යටතේ සේවය කරයි. අංසක බිරිඳගෙන් වෙන්ව ජිවත් වෙයි. බිරිඳ මීරිගම පොලීසියට අනුයුක්ත සිවිල් ආරක්ෂකාවියකි. ඇගේ පැමිණිල්ලකට අනුව අසංකව පොලීසියට කැඳවා තිබින. තම සේවකයා කැටුව ජගත් පෙරේරා ද පොලිසියට යන ලදි. එ් 2009.11.17 දිනය. සු`ථ පැමැණිලි අංශයේ පො.ප. ගෝතමි රණසිංහ පැමිණිල්ල විභාග කරන අතර, අසංක වෙනුවෙන් ඉදිරිපත්වු ජගත් පෙරේරා, දරුවා ගැන සලකා, දෙපාර්ශවය සමගි කරන ලෙසට ඉල්ලා සිටියේය. එ තැනට පැමැණි රථවාහන අංශයේ පො.ප. මිල්ල විතාරණ හෙවත් මිල්ලවිතානච්චි, ජගත් පෙරේරාව එතැනින් ඉවතට ගෙනගොස් පහර දෙන ලදි. ඔහුගේ දතක් කැඩුනු පසුව කුඩුවට ගෙනගොස් දමන ලදි.
පසු දින අධිකරණයට ඉදිරිපත් කළ විට, තමාට පහර දුන් බව උසාවියට කියා සිටින ලදි. උසාවිය, බන්ධනාගාර රොහලින් ප‍්‍රිතිකාර ලබා දෙන ලෙසට වන නියෝගයද සමග ජගත් පොරේරාව රිමාන්ඞ් භාරයට පත්තරන ලදි. 2009.11.26 දින ඇප මත නිදහස්වු වහාම ඔහු රාගම ශික්ෂණ රොහලට ඇතුලත්ව 2012.12.02 දින දක්වා නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්නා ලදි. 
ඔහු සිය නිතිඥ පි.කේ.ප‍්‍රින්ස් පෙරේරා මගින් 2012.12.29 දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නඩු විභායේදි පොලීසිය නිදහසට ඉදිරිපත් කරන ලද සිය`ථ කරුනු ප‍්‍රතික්ෂේප කරන ලදි.
2015.09.29 දින දෙපාර්ශවයේ වාචික කරුනු දැක්විම් වලින් අනතුරුව, 2015.12.15 දින ඉහත තීන්දුව ප‍්‍රකාශයට පත්කරන ලදි.
පොලීසිය මේ මොහතේත් නීති විරෝධි අත්අඩංගුවට ගැනිම්, රඳවා ගැනීම්, වධදිම්, බොරු නඩු දැමිම් අඛණ්ඩව සිදුකරනු ලබයි. එම තත්වය වළක්වා නීතියට ගරුකරන, නීතියට යටත් පොලීසියක් ඇති කිරිම පොලිස් කොමිසමේ වගකීමයි.
නඩු තිනිදුවේ ප‍්‍රකාර වරදකරු වු පොලිස් නිලධාරියා මිය ගියද, ඔහුට විරුද්ධව විනයානුකුල පියවර ගෙන දඬවම් කළ යුතුය. හොඳ ක‍්‍රියාවක් කර මිය ගිය පසුව උසස්වීම් දෙන්නා සේම, වැරැුදි කොට මිය ගිය පසුව දඬවම් කළ යුතුය. 
සම්පුර්ණ නඩුවාර්තාව සඳහා යොමුවන්න.......



ලිඟුව මිරිකා වධ දුන්නාට, පොලිස්පතිට රු: 50,000/- ක් ගෙවන්න නියම වෙයි.


15 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන නිරුවත් කොට පුරුෂ ලිඟුව මිරිකා වධදුන්න මාතලේ යටවත්ත පොලීසියේ පොලිස්කාරයන් හතරදෙනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් බවට පත් කරණු ලැබීය. 

පොලිස් ස්ථානාධිපති ඇතු`ඵ එම පොලිස්කාරයන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද, අත්විඳින්ට සිදු වූ ශාරීරික හා මානසික පීඩාවට වන්දි වශයෙන් එම සිසුවාට          රු: 50,000/- ක වන්දියක් ගෙවන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කළේය. 

මෙය 2011 වසරේ සිදු වූ සිදුවීමකි. මාතලේ යටවත්ත පොලීසියේ සැරයන් ඩග්ලස් ඇල්ලේපොල, පො.ප. බංඩාර, හෙට්ටිආරච්චි හා ස්ථානාධිපති නිශ්ශංක යන පොලිස්කාරයන්, 15 හැවිරිදි පුබුදුව අත්අඩංගුවට ගෙන වධදුන්නේ සොරකමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමටය. 

පොලීසිය පුබුදුව, මහේස්ත‍්‍රාත් අධිකරණයට කළ අවස්ථාවේ, ඔහුව රෝහල්ගත කිරීමට එවක මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.

මාතලේ පළාත් මහ රෝහලේ වශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය අජිත් ජයසේන  මහතා, පුබුදුව පරීක්ෂා කොට, විශේෂඥ මානසික වෛද්‍යවරයා වෙත යොමු කරණු ලැබීය.

විශේෂඥ මානසික වෛද්‍යවරයාගේ නිගමනය වූයේ, වධ දීමේ ප‍්‍රතිඵලයෙන් පුබුදු, දැඩි මානසික ආතතියකට (ඡුඔීෘ* පත්ව තිබෙන බවයි.

එවක මාතලේ මහේස්ත‍්‍රාත්වරිය, මෙම පසුබිම යටතේ, පුබුදුට වධදුන්න පොලිස් නිලධාරීන්ට එරෙහිව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවරන ලෙසට නීති ආධාර කොමිෂම ට නියම කළේය.

නීති ආධාර කොමිෂමේ උපදෙස් මත, නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා පුබුදු හා මව කුමාරිහාමි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.

2015 ඔක්තෝබර් 13 දින පෙත්සම අදාලව විවාදය පැවැත්වී අතර තීන්දුව 2016 ජනවාරි 14 දින ප‍්‍රකාශයට පත් කරණු ලැබීය.

විනිසුරු වනසුන්දර හා විනිසුරු උපාලි අබේරත්න ගේ එකඟතාවය මත, තීන්දුව ප‍්‍රකාහයට පත් කරණු ලැබුවේ විනිසුරු අනිල් ගුණරත්න විසිනි.

පොලීසියේ වධහිංසා පැමිණවීම් අදාලව දීර්ඝව කරුණු දැක්වීමකින් අනතුරුව, පොලීසිය ඉදිරිපත් කරන ලද සියලූම සාක්ෂි, තර්ක ප‍්‍රතික්ෂේප කර පුබුදු ට වධ දී ඇති ආකාරය නිර්දය ලෙස විවේචනයට ලක්කරණු ලැබීය.

පුබුදු ට සාධාරණ යුක්තිසහගත වන්දියක් රජය ගෙවිය යුතු බවත්, එය පොලිස්පති විසින් ගෙවිය යුතු බවටත් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඉහත නම් කළ පොලිස්කාරයන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට ද නියම කළේය.

පොලිස් අපරාධකරුවන් ආරක්ෂා කිරීම පොලිස්පති ගේ කාර්යයි. එ් නිසා, මෙම පොලිස් අපරාධකරුවන් හතරදෙනාට එරෙහිව විනය පියවර ගනු ඇතැයි විශ්වාස කළ නොහැක.

වර්තමානයේ මෙහි වගකීම ඇත්තේ ජාතික පොලිස් කොමිෂමටය. එ් නිසා ජනසංසදය, මෙම නඩුවේ තීන්දුව ජාතික පොලිස් කොමිෂමට ඉදිරිපත් කර, එ් අනුව කඩිනම් පියවර ගන්නා ලෙසටත්, එ් මගින් ජාතික පොලිස් කොමිෂමට සිය ස්වාධීනත්වය ප‍්‍රදර්ශනය කිරීමට හැකිවනු ඇතැයි යන විශ්වාසය පළ කර සිටී.

2011 දි මෙම සිද්ධිය, පුබුදුගේ මව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද ඉදිරිපත් කළේය. කොමිෂම කළේ ඇයගේ පැමිණිල්ල මහනුවර පිහිටි මානව හිමිකම් කොමිෂමේ ප‍්‍රාදේශීය කාර්යාලයට යොමු කිරීමය.

එහි සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, සිද්ධියට අදාල යටවත්ත පොලීසියේ, පොලිස් අපරාධකරුවන් විසින් කොමිෂමට ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමේ ලිපියේ ඡුායා පිටපතක් පුබුදුගේ මවට යවා, එයට විරෝධතා දක්වන ලෙසට දැණුම් දීමය. 

එයට පිළිතුරු දීමට මළ පොත කියවන්නටවත් බැරි පුබුදුගේ මවට නොහැකි විය.

සම්බන්ධීකාරක සුමනසේකර නැමැත්තා කළේ, නියමිත දිනට පිළිතුරු එව්වේ නැත යන පදනම මත පොලිස්කාරයන්ට එරෙහි පැමිනිල්ල කුණු කූඩයට දැමීමය.

මේ පිළිබඳව ද, ජනසංසදය වත්මන් කොමිෂමේ සභාපතිනියගේ අවධානය කැඳවා පොලිස් අපරාධ වසන් කිරීමට කාලයක් තිස්සේ ක‍්‍රියා කළ මානව හිමිකම් කොමිෂමේ විමර්ශන නිලධාරීන්ට එරෙහි ව විනය පියවරක් ගන්නා ලෙසට ද ඉල්ලා තිබේ. 

x නඩු තීන්දුව හා විස්තර සඳහා;

        පිවිසෙන්න.
                                                    
x පුබුදු ගේ කථාවට සවන් දෙන්න;
  https://www.youtube.com/watch?v=B3lw_7BVo3c
පිවිසෙන්න.


   

Friday, January 22, 2016

ලීසිං කොම්පැනිකාරයෝ පොලීසියත් ලීසිං කරයි.


කලබදු (ලීසිං) කොම්පැනි, මේ වන විට ගෙවීම් පැහැර හරින්නන්ගෙන් මුදල් අයකර ගන්න යොදාගෙන ඇත්තේ පොලීසියයි.

ලීසිං කොම්පැනිවල ජරාවට යටවී සිදු කරන මෙම අපරාධය පිළිබඳ හෙළිදරව් කිරීමට අද හැකි වී තිබේ.

අසංක, කොමර්ෂල් ලීසිං හා ෆිනෑන්ස් කොම්පැනියෙන් කල්බදු ක‍්‍රමයට ත‍්‍රීරෝද රථයක් මිළයට ගත්තේය. එම ත‍්‍රීරෝද රථය, ඔහු ලීසිං කොම්පැනියේ අනුමැතියට යටත්ව, විකුණන ලදි. 2014.08.19 වන දින දෙවන ගැණුම්කරු වූ මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත්, එම ත‍්‍රීරෝද රථය අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට විකුණන ලදි. එම ගණුදෙනුව කළේ ද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගමේ ක`ඵතර ශාඛාවේ කලමණාකරු ඉදිරිපිටදීයි.

තෙවන ගැණුම්කරු, සියලූම ණය වාරික ලීසිං සමගම ගෙවා, තමා නමට ත‍්‍රීරෝද රථය පවරා ගැනීමට ඉදිරිපත් විය.

එ් අවස්ථාවේ, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම, එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර මුල් ගැණුම්කරු අසංක එ් සඳහා ඉදිරිපත් විය යුතු බව කියා සිටී.

අසංක, ලීසිං සමාගමේ එකඟතාවය යටතේ, ලිඛිත ගිවිසුමකින්, ත‍්‍රීරෝද රථය, මොහොමඞ් ෆයිලි මොහොමඞ් පර්හත් ට විකුණන ලදි. ඊ්ට පසු එම ත‍්‍රීරෝද රථය ලීසිං සමාගමේ අනුමැතිය යටතේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් අරගත්තද, ණය වාරික සඳහා ලදුපත් නිකුත් කර ඇත්තේ අසංක නමටය. අඩුම වශයෙන් අසංකගේ වෙනුවෙන් ණය වාරික රු: 15,100/- බැගින් වූ වාරික 11 ක් ගෙවන ලද්දේ අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් විසින් බවට සටහනක්වත් සමාගමේ නැත.

එසේ සටහනක් ලා දීමද කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම ප‍්‍රතික්ෂේප කර ඇත. මෙම තත්ත්වය තුළ තමන්ගේ නමට ණය වාරික ගෙවන ලද ලදුපත් නිකුත් කරන්නේ නැතිනම්, ණය වාරික නොගෙවන බව අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් කියා සිටී.

මේ තත්ත්වය යටතේ ණය වාරික අය කර ගැනීමට, කොමර්ෂල් ලීසිං හා ෆිනෑනස් පී.එල්.සී. සමාගම පොලිස් කාරයෝ මිළයට ගෙන සිටී.

නම් නොකියන මේ පොලිස් කාරයෝ තමා මිරිහාන පොලීසියේ  ඕ.අයි.සී. බව පවසමින් අබ්දුල් වඩූඞ් අබ්දුල් අසීස් ට තර්ජනය කරණු ලබයි. මේ තත්ත්වය වහාම වැළැක්වීම ජාතික පොලිස් කොමිෂමේ වගකීමකි.


බාලවයස්කාරියගේ තුනටියට පිහියෙන් ඇන්නේ, පරණ ලව් එකටලූ ! පොලීසිය කියයි !!



දුවගේ පිංතූරය මුහුණු පොතේ දමාගෙන සිටින, මෙම අරාධ සැකකරු එමගින්, අයුතු බලපෑම් කරන බව මව කියා සිටී.

වාද්දුවේ පදිංචි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නිවසට ඇතුලූව, අත කපා, තුනටියට පිහියෙන් ඇන ඇත්තේ, 17 හැවිරිදි පාසල් සිසුවෙකුයි. මෙම අපරාධය පිළිබඳව පොලීසිය පරීක්ෂණ කිරීමේදී දියනියව අවමානයට ලක් කරන බවද මව කියා සිටී.

දැනට ඇප මත නිදැල්ලේ සිටින මෙම බාල වයස්කාර පාසල් සිසුවා, මුහුණු පොතේ දියණියගේ ඡුායාරූප දමාගෙන මිතුරන් අතරේ ගෙන යන කත කථා නිසා බියට පත්ව සිටින මව හා දියණිය, නඩු යන අතරතුර දියණියගේ ජීවිතයට හානියක් වේ යැයි බියෙන් පසුවෙති.

මේ පිළිබඳව වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව පැමිණිල්ලක් කරමින්, අපරාධ සැකකරුවන් මුහුණු පොතේ තම දියණියගේ ඡුායාරූප පළ කර, සිදුකරන අයුතු බලපෑම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා මෙන් ඉල්ලා සිටී.


කාලේ හරි නෑ ! නැතිනම් කරන දේ දන්නවා !!අඟුරුවාතොට පොලීසිය කියයි.



තරුණයකු අත්අඩංගුවට ගෙන පහර දී බොරු නඩුවකට පැටලීම අදාල මේ ප‍්‍රකාශය කළේ අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති ඇපලකොටුව නැමැත්තාය.

මෙම තරුණයා මීමැස්මොර රෝගය වැළඳී සුව වී ඇති අයෙකු හෙයින්, ඔලූවට ගහන්න එපා යැයි පියා, මෙම ස්ථානාධිපතිවරයාට කිව්ව විට, වධ දෙන්න පු`ඵවන් බවට නීතියේ තියෙන බව පෙන්වීමට පොතක් ගෙන පිටු පෙරලමින් සිට, දැන් කාලෙ හරි නෑ, නැතිනම් කරන දේ දන්නවා යයි ඔහු කියා තිබේ.

ප‍්‍රදේශයේ මොස්තරකාරියකගේ චේන් එකක් කඩා ගත්තායි චෝදනා කරමින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන වධ දී බොරු චෝදන මත රක්ෂිත බන්ධනාගාරගතපියවර ගෙන තිබේ.

මෙම පීඩාවට පත් වුණේ කම්කරුවකු වන, 21 හැවිරිදි විවාහකයකු වූ ඉංගිරියේ සෂීන්ද්‍ර නැමති තරුණයෙකි.

ඔහු පවසන අන්දමට මෙම මස 11 වන දින, වැඩපලේ සිට දිවා ආහාරය සඳහා නිවස බලා එමින් සිටිය දී අඟුරුවාතොට පොලීසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරියේදීය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට ඔහුට වධ දී ඇත. පසුදින බණ්ඩාරගම සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ්බාරයට පත් කරවා තිබේ.

දින තුනකට පසුව එනම් මෙම මස 14 වන දින, හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ විට මහේස්ත‍්‍රාත්වරිය, ඔහුගේ බිරිඳගෙන් කරුණු විමසා මොහුව ශරීර ඇප මත මුදාහැර තිබේ.

මොහු මේ පිළිබඳව 2016.01.20 දාතමින්, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට ළිඛිතව පැමිණිලි කර තිබේ.


Thursday, January 14, 2016

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.


මේ වනවිට, ම.රා පාලන සමයේ , තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ අභ්‍යන්තර කොටස්කරුවන් කුපිතව සිටින බව සැවොම දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල ව කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට සිවිල් සංවිධාන විසි දෙකක් අමතමින් ජසදංසදය කරන ලද ඉල්ලීම පහත දැක්වේ.

‘‘ 2015 ජනවාරි 08 ඇති කළ වෙනස සහ විශේෂයෙන් 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද මානව හිමිකම් කොමිෂන් සභාව, පවැරී තිබෙන බලතල යටතේ,

(1* 2015 ඔක්තෝබර් 29 දින පොලීසිය, උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය
    පිළිබඳව පවත්වන ලද විමර්ශනය හා එහි නිර්දේශයත

(2* ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තර්ගත, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන නීති, දණ්ඩ නීති
    සංග‍්‍රහයට සංශෝධන වශයෙන් ඇතුළත් කිරීමට ගත් උත්සාහය පිළිබඳ, ආණ්ඩුවට ඉදිරිපත්
    කරන ලද කරුණු දැක්වීම සහ එම සංශෝධනය ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

(3* මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ සමහර කොටස් දරන ලද උත්සාහය
    සම්බන්ධයෙන් ආණ්ඩුවට, ඉදිරිපත් කරන ලද නිර්දේශය, එනම් මරණ දඬුවම නීති පොතෙන්
    ඉවත් කරන ලෙසට කරන ලද ඉල්ලීමත

මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිඹිබු කරන්නක් විය.

එහෙත් මෙම ‘‘ස්වාධිනත්වය’’ වත්මන් ආණ්ඩුවේ සමහර පාර්ශවයන්ගේ සහ පොලීසිය ප‍්‍රමුඛ සමහර රාජ්‍යය ආයතනවල දැඩි අප‍්‍රසාදයට හා දෝෂ දර්ශනයට ලක්ව තිබෙන බව අප දුටුවෙමු.

මේ වන විට උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය පිළිබඳ නිර්දේශය පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ අභියෝගයට ලක්කර තිබේ.

එමෙන්ම ගත වූ කාල පරිච්ෙඡ්දයේ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, තම පොෟද්ගලික අභිප‍්‍රායන්ට, න්‍යාය පත‍්‍රයන්ට අනුව යොදාගත් හා විවිධ දුෂනයන් හි නිරතවු එහි අභ්‍යන්තර කොටස්කරුවන්ගේ ද දැඩි අප‍්‍රසාදයට පාත‍්‍ර වී තිබෙන බව ද අප දන්නා කරුණකි.

එම පසුබිම යටතේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය හා ව්‍යවස්ථානුකූල කොමිෂම වෙත පැවරී තිබෙන වගකීම් ඉටු කිරීම් වළක්වාලීමට කරුණු කාරණා නොදන්නා ජනතාව නොමග යැවීමට, අධිකරණ හ බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ කරලියට පැමිණීම අහම්බයක් හෝ පුදුම විය යුතු හෝ කරුණක් නොවේ.

සේයා දැරියගේ මරණය අලවි කරන ලද පුද්ගලයන් සිය විකෘති ආශාවන් සපුරා ගැනීමට මරණීය දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට අදෝනා නගන්නට පටන් ගති.

ජන මාධ්‍ය මගින් ආන්දෝලනයක් බවට පත් කරන සෑම අපරාධයක්ම එල්ලූම් ගහ ක‍්‍රියාත්මක කිරීම මගින් විසඳිය හැකි බවට ගෙන යන ප්‍රෝඩාකාරී ප‍්‍රචාරයට අන් කරුණු වලදීම මෙන් සිදු කරන්නේ රටේ බරපතල ප‍්‍රශ්න යට ගැසීමය. පොදු ජනතාවට එ්වා ටික කලකට හෝ අමතක කරවීමටය.

ශ‍්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතා නිවැරදිව, මරණ දඬුවම ශි‍්‍ර ලංකාවේ නීතියෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය සහ එක්සත් ජාතීන්ගේ මරණ දඬුවම අහෝසි කිරීමේ සම්මුතියට  එකඟ වීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබීය.

මෙය සිය බලතල ඉක්මවවා යෑමක් ලෙසට හුවා දැක්වීමට අධිකරණ ඇමති වශයෙන් විජයදාස රාජපක්ෂ කරන ලද ප‍්‍රකාශය මගින්, ඔහුගේ අරමුණ වන්නේ, ගතවූ කාල පරිච්ෙඡ්දයේ මෙන්ම, වත්මන් ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝණය, මානව හිමිකම් විරෝධී ක‍්‍රියාවන් වලට සුදු හුණු ගාන කොමිෂමක් ඇති කිරීමය.

ස්වාධීනත්වය යනු බෝඞ් ලෑල්ලක් නොවන බව ඇමති විජයදාස රාජපක්ෂ දැනගත යුතුය.

සිවිල් සමාජ සංවිධානයක් වශයෙන්, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ මානව හිමිකම් කොමිෂම බාල්දු කරන ප‍්‍රකාශයන්ට විරෝධය පළ කරන ලෙසට ඉල්ලමු.

ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ දුර්වලතා, අක‍්‍රමිකතා ¥ෂණ ආදියට එරෙහිවන අතරම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරිමට ඉදිරිපත් වීමද අපේ වගකීමකි’’.



Wednesday, January 13, 2016

ජනාධිපතිට හොරකම ගැන කිව්වා. ජනාධිපති එක හොරාගේ අම්මට කව්වා.


විදුහල්පතිගේ දුෂණ ගැන ජනාධිපතිට පැමිණිලි කිර්මේ විපාකයෙන්, දරුවන් දෙනාට ඉගෙනීම අහිමි ව්මේ පුවතකි මේ. විදුහල්පති, කලාප අධ්‍යක්ෂිකා හා පළාත් අධ්‍යක්ෂක ගජ මිතුරන් ලූ. පොලීසියත් උන්ගේ පැත්තේ. 

පිළිවෙලින් අවු: 10 හා අවු: 07 දියණියන් දෙන්නාට පාසලට ඉගෙන ගන්නට ඉඩ නොදීම පිළිබඳව අධ්‍යාපන බලධාරින්ට හා ළමා ආරක්ෂකයින්ට පැමිණිලි කර මාස 05ක් ගතව ඇතත්, වෙනත් පාලසක් ලබා දීමටත් පියවර ගෙන නැති බව ප‍්‍රකාශ කරන්නේ හොරණ, මුණගම පදිංචි රණවක මහතාය.

ඔහු ජකාධිපතිට පිටපතක් සහිතව, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂට, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට, මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට කර තිබෙන අලූත්ම පැමිණිල්ලේ මෙසේ සඳහන් ය.
                                 
‘‘ උදාරා අවු: 10* සහ ගගනී (අවු: 07* වන මාගේ දියණියන් දෙදෙනා පළමු වසරේ සිට ඉගෙනුම ලබන්නේ ක/හො/ගුරුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ් ය.  මෙම විදුහලේ 2015 පෙබරවාරි මස නව ගොඩනැගිලි දෙකක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරණු ලැබීය දැනට එම ගොඩනැගිලි දෙක ඉදිකිරීම් නිමා කර තිබේ. මෙම නව ගොඩනැගිලි දෙක ස`දහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් එක් කෝටි විසිහත් ලක්ෂයකි.

1මෙම ගොඩනැගිලි දෙකේ පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර, එහි වැඩ කරගෙන යනු ලබන අවස්ථාවේ එහි ඉදිකිරීම් කටයුතු ප‍්‍රමිතියෙන් තොරව සිදුකරන බව මට තහවුරු විය. එමෙන්ම මෙම ගොඩනැගිලි දෙක ඉදිකිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව ලබාදී තිබුණේ, එම විදුහලේ ප‍්‍රාථමික පංතිවලට උගන්වනු ලබන පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකා ශානිකා ගුරු මහත්මියගේ සැමියා වූ ප‍්‍රියංකර නැමති අයයට ය. ඔහු, හොරණ මීවනපලාන පදිංචි ”ප‍්‍රියංකර කොන්ක‍්‍රීට් වර්ක්ස්” හි හිමිකරුය.  ඔහු මධ්‍යම රජයේ හෝ බස්නාහිර පළාතේ හෝ ක`ඵතර දිස්ත‍්‍රික්කයේ හෝ ලියාපදිංචි කොනත‍්‍රාත්කරුවකු නොවේ.

මෙම ගොඩනැගිලි දෙක ඉදි කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂය ලබා දී තිබුණේ කොරියානු ජාතික දානපතියන් විසින්ය. මෙම ගොඩනැගිලි දෙක හොරණ අධ්‍යාපන කළාපයේ ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලෙසට පවත්වාගෙන යෑමට යොදාගෙන තිබේ.

පළමු ගොඩනැගිල්ලේ ඉදිකිරීම්වල සිදුවන ¥ෂණ පිළිබඳව මා විසින් අදාල පාර්ශවයන්ට පැමිණිලි කළ බව දැනගන්නට ලැබීමෙන් පසුව, විදුහල්පතිගේ මෙහෙයවීම යටතේ 2015.05.28 දින රාත‍්‍රියේ මාගේ නිවසට පිරිසක් පහර දෙන ලදි. එ් පිළිබඳව මා හොරණ පොලීසියට පැමිණිලි කළෙමි. එ් පිළිබඳව හොරණ පොලීසිය දෙපාර්ශවය කැඳවා විභාග කළ අතර දෙපාර්ශවය සමථ කරන ලදි.

මෙම කාල පරිච්ෙඡ්දය තුළ මාගේ දරුවන් දෙන්නා වන, පාසලට ගොස් ඉගෙනුම ලැබුවා. එම වසරේ 2015 ජූලි මස සිට විදුහල්පතිට පක්ෂපාතී දෙමාපියන් පිරිසක් පාසල අවට සිට, මාගේ දරුවන් දෙදෙනාට කාලකණ්නි මේ පාලසට එන්නේ නැතිව වෙන පාසලකට පලයල්ලා ආදී දේ කියන්නට පටන් ගන්නා ලදි. මේ ආකාරයට මාගේ දරුවන් දෙන්නාට, විදුහල්පති විසින් ගමේ පිරිස් යොදවා අපහාස, තර්ජන කරන්නට හේතුව මා විසින් ගොඩනැගිලි ඉදිකිරීම් අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමතන ලද ලිපිය, අක‍්‍රමිකතා සිදුකළ විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර අතට පත් කර තිබීමය.

විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාරට, එම ලිපිය බාරදී තිබුණේ හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතීය. මා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කර තිබූ ලිපිය ඔහු, අවශ්‍ය පියවර ගැනීම ස`දහා හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී මහත්මියට යොමු කර තිබිණ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට, ¥ෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව කරන ලද පැමිණිල්ල කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී, ¥ෂණ අක‍්‍රමිකතාවල නියැලූණු විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර අතට පත්කර තිබුණේ ඔහු ලවා මාවත්, මාගේ දරුවන්වත් අසීරුතාවයට පත් කිරීමටය.

මේ සම්බන්ධයෙන් මා, හොරණ කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී ට එරෙහිව, 2015.10.28 දින හොරණ පොලීසියේ පැමිණිලි කළෙමි. පැමිණිලි විභාගය පැවති, 2015.11.04 දින කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතී පොලීසියට නොපැමිණි අතර, ඇය වෙනුවට විදුහල්පති අජිත් පේ‍්‍රමකුමාර පැමිණියේය. ඔහු පැමිණියේ දෙමාපිය පිරිසක් ද සමගය. පොලීසියේදී පැමිණිල්ල ට අදාල කළාප අධ්‍යක්ෂිකා චන්ද්‍රාවතීට දැණුම් දීමක්ද කර නැති බව හෙළිවිය. පැමිණිල්ලේ දිනය හා අංකය ක්‍ෂඊ:3*148-346-2015රැු11රැු28 වේ. විමර්ශනය බාරව කටයුතු කළ හොරණ පොලීසියේ සිවිල් පිට සිටි නිලධාරියා(නම හෙළි නොකල* පරීක්ෂණය අඩාල කර දමන ලදි. මේ ආකාරයට මාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය විනාශ කර දැමීමට, ¥ෂණය එලිකළ මාගෙන් පළි ගැනීමට අධ්‍යාපන බලධාරීන් ද පොලීසිය ද එක්විය.

අදටත් මාගේ කුඩා දරුවන් දෙදෙනා පාසලක් නැත’’. 

Monday, January 11, 2016

කසිප්පු නවත්වන්න බෑ. පොලීසිය කරන්නේ පගාව ගන්න එක. නඩු ගන්න එක.


තාත්තා මොකද පුතා මොකද යන දුෂ්ඨ ප‍්‍රකාශය කරමින් තමාට බොරු නඩු දැමීම කරන බව  කියන්නේ කලක් මහා පරිමාන කසිප්පු ජාවාරමට සම්බන්ධව තරුණයෙක්. මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාවට හා පොලිස්පති අමතමින් කරන ලද පැමිණිල්ලෙනි. 

ඔහු ඉල්ලා සිටින්නේ, පළිගැනීම සඳහා තමාට විරුද්ධව බොරු නඩු දැමීම නතර කරවන ලෙසටයි.  

චතුරංග ව්‍යාපාරිකයෙක්. 28 හැවරිදි දෙදරු පියෙක්. තම පියා මහා පරිමාණයෙන් කසිප්පු හෙවත් නීති වීරෝධි මත් පැන් නිෂිපාදනය කරනු ලැබු බව පිළිගනි. එය ඉතා ලාභදායි ව්‍යාපාරයක් බව පවසන ඔහු, මෙම ව්‍යාපාරයට පොලීසිය සම්බන්ධ බවත්, එ් නිසාම නවත්වන්න බැරි බවත් කියයි. 

ඔහු සිය පැමිණිල්ලෙන් නම් කර ඇත්තේ පාදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා, උ. පො. ප. නිශාන්ත හා උ.පො.ප.සංජීව යන නිලධාරින්වය. ඔහුගේ පැමිණිල්ලේ මෙසේ සඳහන්වේ.

‘‘2016 ජනවාරි 05 වන දින, පානදුර දකුණ පොලිසියෙන් මට බොරු නඩුවක් දමා ඇති බවත්, එ් සඳහා මාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සූදානම් වන බවත් දැනගන්නට ලැබුනා. මාගේ පෙර නඩුවකට පෙනී සිටින නීතිඥ මහත්මිය මට ප‍්‍රකාශ කලා, 2016.01.08 දින, පානදුර දකුණ පොලිසිය මට විරුද්ධව නඩුවක් අධිකරණයේ ගොනු කරනු ලැබූ බව. එම නඩුවෙන් මට චෝදනා කර ඇත්තේ ගෝඩා බැරල් 3කට සහ නීති විරෝධීව නිපදවූ මත්පැන් බෝතල් 20 ක් සඳහා නඩු පවරා ඇති බව. තවද, එම භාණ්ඩ අත්අඩංගුවට ගන්න යන අවස්ථාවේ මා පලා ගිය බවද සඳහන් කර තිබේ. මෙම නඩුව පවරා ඇත්තේ පානදුර දකුණ පොලිසියේ උ.පො.ප.නිශාන් කුමාර නැමැති අය බවද දැනගන්නට ලැබුනා. නඩු අංකය 34099 වේ.

මෙම නඩුවට මා අධීකරණයට ඉදිරිපත්ව කරුණු දක්වන බව සඳහන් කරමි. 

මේ අතර, උ.පො.ප.නිශාන්ත හා උ.පො.ප.සංජීව, මා යන එන තැන් සොයමින්, කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමට ප‍්‍රයත්න දරන බව මා හොඳාකාරවම දන්නා බවද ප‍්‍රකාශ කරමි.

මෙයට අමතරව, පානදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා සහ උ.පො.ප.සංජීව යන දෙදෙනා, පුද්ගලිකව මාගේ පියා වන සුනන්ද පාල සිල්වා සමග වෛර බැඳගෙන සිටිති. 2015.12.12 හෝ ආසන්න දිනයක, මාගේ පියාව මාදුපිටියේ පිහිටි මාගේ ඉඩමේදී අත්අඩංගුවට ගෙන, 2010 වසරේ සිට පවතින බොරු නඩුවට වරදකරු බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා තිබේ. එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල විට, මෙම නිලධාරීන් නැවත බොරු නඩුවක් පවරනු ලැබීය.

මාගේ පියාට, 2015.12.12 හෝ ආසන්න දිනයක පවරන ලද 94501 නඩුවට පියා වරදකරු බව පිළීගන්නේ නැතිනම්, උඹේ පුතාට (මට*, නඩු දාන බවට තර්ජණය කර තිබේ. දැනට වරා ඇති නඩුවට අමතරව තවත් බොරු නඩුවක් පැවරීම පො.ප.ටෙරන්ස් සිල්වා හා උ.පො.ප.සංජීව උත්සාහ දරයි. 

මාගේ පියා නීති විරෝධී ක‍්‍රියාවන්හී නියැලූනු අතර, ඔහු පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරනු ලැබීය.පොලිසියේ අවශ්‍යතාවය සපුරා ලීමට අසමත්වූ අවස්ථාවලදී බොරු නඩු පැවරීම සිදු කරනු ලැබීය. 

මෙම විෂම චක‍්‍රයට, තරුණ කාලයේ සිටම මාවද පොලිසිය සම්බන්ධ කළේ තාත්තා මොකද පුතා මොකද යන දුෂ්ඨ ප‍්‍රකාශය කරමින්ය. පානදුර දකුණ පොලිසියේ පො.ප.ටෙරන්ස් සිල්වා හා උ.පො.ප.සංජීව මූලිකව, මාගේ පියා සමග බැඳගෙන තිබෙන වෛරය පිරිමහන්න, මාගෙන් පළිගැනීමට කරන බොරු නඩු දැමීම වළක්වන ලෙසටය.

එමෙන්ම, නීති විරෝධී මත්පැන් ජාවාරම මැඩ පැවැත්වීම වෙනුවට පොලිසිය කරන්නේ අල්ලස් ගැනීමය. පොලිසිය සෘජුව අල්ලස් ගන්නා අතර, විවිධාකාරයෙන් ලාභ ප‍්‍රයෝජන ලබා ගනී. එ් අතර නඩු ලබාගැනීම ප‍්‍රකට කාරණයයි.’’

ඔහු ඉල්ලා සිටින්නේ, තම පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරනා ලෙසටයි.





  



Sunday, January 10, 2016

ළමුන් අපයෝජනයට ලක්කරන විදුහල්පතිනිය රකින්න ළමාරක්ෂකයෝ පෙළ ගැසෙති.අධ්‍යාපන වේසියෝ හා පිම්පියෝ 2

‘‘යහපාලනයේ ’’ නීතියට උඩින් තියාගෙන සිටින්නේ, 14හැවරිදි සිසුවියක ගේ පාසැල් ජිවිතය අහිමිකර අපයෝජනයට ලක්කල ගා/සංඝමිත්තා බාලිකා විදුහල්පතිනිය වන චාන්දනී උඩුකුඹුර නැමතිය බව පෙන්වා දෙමු.

මේ දක්වාම, පොලීසිය, ළමා අධිකාරිය, මානව හිමි කොමිසම සහ අධ්‍යාපන අමාත්‍යංශය මෙම නීති විරෝධි, ළමා අයිති උල්ලංඝණය පිළිබඳව දස මසක් ඉකුත්ව ඇතත් කිසිම පියවරක් ගෙන නැත.

මීට මාස 10කට පෙර ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයෙදි එහි පොලිස්කාරියන් අපයෝජනයට ලක් කල මෙම ශිෂ්‍යවගේ අධ්‍යාපනය විනාශකර දැමිමට නීති වාරෝධිව, කුඨ හා වංචනික ලෙසට ක‍්‍රියා කළේ ඇය පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලැබු ගා/සංඝමිත්තා බාලිකා විදුහල්පතිනිය වන චාන්දනී උඩුකුඹුර නැමතියයි.

පසුගිය දිනක ඇගේ මව විසින් කොළඹ, පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයට කරන ලද පැමිණිල් පිළිබඳ ප‍්‍රකාශයක් ගන්නට පැමිණි එහි සේවය කරන බව කියන ............ නිලධාරියා (දුරකථන අංක ............* ඇගේ මව හා සිසුවිය ට අයුතු බලපැම් කර ඇති බව, මව මාලනි එම කාර්යංශයේ ස්ථානාධිපතිට ලිඛිතව පැමැණිලි කර තිබේ.

එම පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. ‘‘ 2016.01.08 දින ඔහු උදේ 9.00ට පමණ යතුරු පැදියකින් පැමිණියා. ඔහු තමා කව්ද යන්න හෙළි කළේ නැහැ. ඇඳ සිටි නිළ ඇඳුමේ අංකයක් හෝ නම හෝ සඳහන් කර තිබුනේ නැහැ. එම නිලධාරියා නිවසට පැමිණ, පළමුවෙන් පුටුව උස වැඩි බවට මැසිවිලි කිව්වා. ඔහු හැසිරුනේ කේනිතියෙන්, නොරුස්සන ස්වරූපයෙන් ඔහු අප පවුලේ පුද්ගලික තොරතුරු විමසා සිටියා. එ්වා ඔහු ලියා ගත්තා. ඉන්පසු සිද්ධිය මා මුල සිට ප‍්‍රකාශ කලා. එ් අතර මා කියන දේට බාධා කරමින්,  විකෘති කරන්න උත්සාහ ගත්තා. එ් අතර මොනවාද ලියන්න ගත්තා. ඊට පසුව අපට ෙදාස් පවරමින්, මාගේ දියණියගේ චරිතය අට වසරේ සිට හොඳ නැති බවට ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයට රිපෝට් එකේ ලියා ඇති බව මට කිව්වා. මට රිපෝට් එක පෙන්නුවේ හෝ තියෙන්නේ මොනවාද කියාවත් කිව්වේ නැහැ. මා එය අභියෝග කල විට - විදුහල්පතිනිය සුද්ද කරමින්, අමාත්‍යංශය තමාට එ් බව දැන්වු බවද පැවසුවා.  විදුහල්පතිවරු බොරු නොකියන බවද ඔහු කියා සිටියා. සිසුන්ගේ චරිතය ඝාතණය කරන රිපෝට් ග/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන චාන්චනී උඩුකුඹුර ලියා ඇත්නම් එයද අපරාධයකි. එම රිපෝට් එකේ සහතික පිටපත්ක් මට ලබාදෙන ලෙසට ඉල්ලමි. එවිට මට පිලිතුරු දිමට හැතියාව තිබේ. විදුහල්පතිවරු බොරු නොකියන බවද ඔහු කියන්නේ මොන පදනමින්ද යන්න පැහැදිලි කළ යුතුයි.  ඔහු දියණියව පොඩි පාසලකට දාන්න තමන්ට නියෝග කරන්න පුලූවන් බවද කියා සිටියා.එ් අතර දියණීයව, උපකාරක පංතිවලට යවන්නේ ඇයි කියාද ඔහු ප‍්‍රශ්ණ කලා. මේ නිලධාරියා හැසිරුනේ, මා අපරාධයක් කල තැනැත්තියක් හැටියට. 
අවම වශයෙන් මේ නිලධාරියා ළමා අයිතීන් ගැනවත්, එ් හා අදාලව පවතින අධ්‍යාපන චක‍්‍රලේඛ ගැනවත් දන්නේ නැති බව පැහැදිලි වුනා, අවම වශයෙන් මේ වනවිට පොලීසිය වංචනික, දුෂිත විදුහල්පලිවරුන් ට එරෙහිව නඩු පවරා තිබෙන බවවත් දන්නේ නැති බව ද පෙනෙන්නට තිබුනා. ඔහු ඉතා කේන්තියෙන්, නොරුස්සන ලෙස හැසිරුන බවත් කියා සිටිමි. 
ඔහුගේ මු`ඵ උත්සාහයම වූයේ මාගේ දියණියව පොඩි ඉස්කෝලෙකට යවනන් බැරි ඇයි කියමින්, තේරුමක්  නැති ප‍්‍රශ්ණ අසමින්, අයුතු බලපෑම් කරමින් බලවත් ලෙස පීඩාවට පත් කිරීමයි. 
අන්තිමේදී ඔහු - හිස් පිටුවක අන්තිමට මගේ අත්සන් ගන්නා ලදි. ඔහු මට ලියූ කිසිවක් කියවීමට හෝ කියවා තෙරුම්කර දීමට හෝ ක‍්‍රියා කළේ නැහැ.’’

ඇය සිය පැමිණිල්ලේන් ඉල්ලා සිටින්නෙ මෙම නිලධාරියා ව එවන ලද්දේ  පොලසිස් කාන්තා හා ළමා කාර්යාංශයෙන් නම්, එම නිලධාරියාගේ ක‍්‍රියා කලාපය ගැන විනය පියවර ගන්නා ලෙසට හා  දියණීය ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම හා පාසලට ගොස් ඉගෙන ගැනීමට තිබෙන නීත්‍යානුකූල අයිතිය ලබාදෙන ලෙසටය. 

මෙයට, අමතරව ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඩබ්. එම්.චන්ද‍්‍රසේන ට නැවත ලිඛිතව 
කියා සිටන්නේ මේ පිලිබඳව තමා, 2015.10.11 හා 2015.12.03 දාතමින් එවන ලද ලිපි, ලැබුණු බවවත් දන්වා නොමැති බවයි.

මෙම විදුහලිපතිනි චාන්දනි උඩුකුඹුර ගේ නීති විරෝධි ක‍්‍රියාවන් යටපත් කරමින්, ඇය නීතියට යටත් නැති අයෙක් ලෙසට සැලකනු ලබන්නේ මන්ද යන්න පැහැලි කළයුතු බව කියා සිටින ඇය, 
විදුහල්පතිනියකට නුසුදුසු ලෙස හැසිරෙමින්, නීති විරෝධීව ක‍්‍රියා කරමින්, දැරියගේ ජීවිතයට තර්ජණය වන අයුරින් ක‍්‍රියාකල ගා/සංඝමිත්තා බාලිකා විදුහල්පතිනිය වන චාන්දනී උඩුකුඹුර මිය ආරක්ෂා කරන්නේ නැතිව,  මාගේ දියණිට, ගා/සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට තිබෙන නීත්‍යානුකූල අයිතිය ආරක්ෂා කරන ලෙසටද, ඉල්ලා සිටී.

විදුහල්පතිනිය වූ චාන්දනී උඩුකුඹුර මිය, කූඨ ලෙෂ, වංචනිකව, බලය අයුතු ලෙස භාවිතා කරමින් මාගේ දියණියගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ඇති බව නැවත අවධාරණය කරමින්,  ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය අමතන මාලනි මහත්මිය,– ්‍යඍක්‍ රැු3157රැු15 –: ප‍්‍රධාන කාර්යාලය * හා ්‍යඍක්‍ රැුඵදරැු 3157රැු15රැුභ – :මාතර ප‍්‍රාදේශීය කාර්යාලය* යටතේ ලියා ප අදාල පැමිණිල් නොපමාව විමර්ශණයට ගන්නා ලෙසට ඉල්ලා සිටි.

ළමා අධිකාරිය ට සිංහල බැරිය. එ් නිසා සිංහලෙන් යවන කිසිම ලිපියකට උත්තර නැත. මාලනි මහත්මිය ගේ කිසිම ලිපියක් ලැබුන බව වත් දැන්වීමට ශිලිචාර වි නැත්තේ එනිසාය.











Saturday, January 9, 2016

නීති විරෝධිවව ර`දවා තබාගෙන වධදෙනවා.


තම පුතාව, පානදුර දකුණ පොලීසිය දින තුනක් පුරා නීති විරෝධිව රඳවා තබාගෙන වධදෙන බව ප‍්‍රකාශ කරන මව, ඔහු අවු.13ක් අච්චු විඳ පැමිණි අයෙක් බවද කියා සිටි. 

මව, ජෙනට් ප‍්‍රනාන්දු, අවු: 70 යි, වැන්දඹු, රැකියාවක් නැත. පදිංචිය  පානදුර, මෝදරවිල තට්ටු නිවාස.  ඇය මානව හිමිකම් කොමිෂන් සභාවට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලේ මෙසේ සඳහන් කරයි. 

‘‘ ශාන්ත පීරිස්, අවු: 37 යි, අවිවාහක, මාගේ පුතා වේ. 2016.01.07 වන දින උදේ 7.00 ට පමණ, මාගේ පුතා වැඩට යන විට, හොරණ පාරේදී පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
එදින එනම් 07 වන දින සවස 6.00 ට පමණ මා පුතා බලන්න යන විට ඔහු කූඩුවේ සිටියා. ඔහුට හොඳටමප හර දී තිබුණා. ඔහුගේ මුදල් පසුම්බිය, ජාතික හැඳුනුම්පත, ජංගම දුරකථනය අරගෙන තිබුණා. අද (08) දින උදේ 8.00 ට පමණ මා පුතාව බලන්න ගිය විට ඔහු කූඩුවේ හිටියා. ඔහු මට පවසා සිටියා, ඊයේ රාත‍්‍රියේ එල්ලා පහර දී, ඇස්වලට කොච්චි දැමූ බව. තවමත් උසාවි දමා නැත. අද දින පහර දෙන බවට තර්ජනය කර තිබේ. වරදක් කර ඇත්නම් නොපමාව උසාවි දාන ලෙසට නියම කරන ල ඉල්ලමි.’’ 

පොලසි නීති විරෝධි ක‍්‍රියාවන් තවමත් නතර කර නැත. මෙම තත්වය වෙනස් කිරිම ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප‍්‍රමුඛ කාර්ය විය යුතුයි. 

Friday, January 8, 2016

මුදලාලි ගැණිව සතුටු කරන්න SI ප්‍රනාන්දු, ‘‘හුත්තා වරෙන්” කියා අඩගහලා පාසල් ශිෂ්‍යෙයකුට පහර දෙයි.



බදුරලිය පොලීසිය තුළදී මෙම පහර දීම කර ඇත්තේ මුදලාලිව හා ගෑනිගේ ඉදිරිපිට. පාසල් යන 16 හැවිරිදි රවීන්ද්‍ර පැමිණිල්ලක් දැමීමට පොලීසියට ගිය විට මෙම පහර දීම සිදු කර ඇත.

පහර දීමට අමතරව උ.පො.ප. ප්‍රනාන්දු මෙම දරුවාට අසභ්‍ය වචන කියමින් නින්දා අපහාස කර ඇත.

පහර දීමෙන් පසු කිසිදු ෙචාදනාවක් නැතිව ගෙදර යෑමෙන් අනතුරුව රෝගාතුර වී නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට දෙමාපියන්ට සිදුව තිබේ.


මෙම සිද්ධියට පෙර, බදුරලිය ‘‘සිරිපාල ස්ටෝරස්” නැමති කඩේ මුදලාලි, බිරිඳ හා මස්සිනා රවීන්ද්‍රෙග් පුංචි අම්මාගේ නිවසට ගොස් ඔහුට හා ඔහුගේ පුංචි අම්මාට පහර දී රු: 5000/= ක මුදලක් ද ලබාගෙන තිබේ. රවීන්ද්‍ර, මව හා පුංචි අම්මා සමග බදුරලිය පොලීසියට ගොස් ඇත්තේ ඒ පිළිබඳව පැමිණිල්ලක් කිරීමටය.


පොලිස්කාරයන් ජනතාවගේ බදු මුදලින් යැපෙන, ජනතාවට සේවය කරන පිරිසක්.  අවම වශෙයන්  මොවුන්ට සභ්‍ය වචනයෙන් ජනතාවට කථා කිරීමට ඉගැන්වීම පොලිස් කොමිෂමේ වගකීමක්.