Wednesday, May 29, 2019

පොලිසියයි ඉස්පිරිතාලෙයි එකතුවෙලා, අපරාධ කාරයෝ බේරන්න - ලෙඩාව මැරෙන්න ඇරලා!


දොන් චන්දන 41 හැවිරිදි දෙදරු පියෙක්. පුද්ගලික බස් රියදුරෙක්.

2019 මැයි 12 වන දින, වැඩට ගිය දොන් චන්දන එදින රාත‍්‍රියේ ගෙදර පැමිණියේ නැත.

බිරිඳ, සැමියාගේ අතුරුදහන්වීම ගැන මොරටුව හා මතුගම පොලිසියේ පැමිණිලි කලා. දවස් 07 කට පස්සේ, මතුගම පොලිසියේ සැරයන් විජයරත්න ඇයට දුරකථනයෙන් දැනුම් දෙනවා, කොළඹ ජාතික රෝහලේ දැඩි සකත්කාර එකකයේ කාත්කවුරුවත් නැති ලෙඩෙක් ඉන්නවා ගිහින් බලන්න කියා.

ඇය ජාතික රෝහලට ගොස් බලන විට ඒ ඉන්නේ තම සැමියා බව හඳුනා ගන්නවා.

2019.05.20 - දොන් චන්දන මිය යනවා.

කාත් කවුරුවත් නැති පුද්ගලයකු මතුගම තානායම අසල වැටී සිටියදී හමුවූ බවට ප‍්‍රකාශ කරමින් දොන් චන්දනව - වෑත්තෑව රෝහලට බාරදී තිබුනේ, 2019 මැයි 12 රාත‍්‍රියේ.

වෑත්තෑව රෝහල - දොන් චන්දනට බෙහෙත් උගුරක් දෙන්නේ නැහැ. ඒ වන විට ඔහුට කතා කරන්න පුලූවන්කම තිබිලා තියෙනවා. 

පසුදා උදේ සිහිය නැතිවුනාම,  චන්දනව ගිලන් රථයෙන් නාගොඩ මහා රෝහලට එවනවා.

චන්දන ගේ තත්වය මත, රෝගියාව බාර ගැනීම ප‍්‍රතික්ෂේප කරන නාගොඩ මහා රෝහල ඔහුව කොළඹ ජාතික රෝහලට එවනවා. 

ජාතික රෝහලේ 2019 මැයි 13 දින සිට, 2019 මැයි 20 මිය යන තෙක් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ.

නන්නාදුණන කෙනෙක් ලෙසට මතුගම පොලිසිය හා වෑත්තෑව රෝහල හඳුන්වන ලද -  චන්දන ගේ මුදල් පසුම්බිය. පසුව වෑත්තෑව රෝහලේ 1 වාට්ටුවේ තිබිලා බිරිඳට බාර දෙනවා. 

එහි චන්දනගේ ජාතික හැඳුනුම්පත, ගෙදර ලිපිනය ආදි සියලු තොරතුරු  තිබිලා.

තම සැමියාගේ මරණය ගැන, පළාතේ ප‍්‍රකට දේශපාලඥයෙකු වූ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම  හමුවි ප‍්‍රකාශ කරන්නේ එමගින් යුක්තිය ඉටු කර ගන්න.

දැනට හෙළිවී ඇත්තේ, මතුගම තානායම තුල හෝ පිටතදී, චන්දන ගේ හිසට 2x 2 පොල්ලකින් ගසා ඇති බව. එම පහරදීමට පලාතේ තවත් දේශපාලකයෙකු ගේ පොලිස් සහෝදරයකු සම්බන්ධ බව.

මේ සියලූ කරුණු කාරණා මත පෙනි යන්නේ, මතුගම පොලිසිය, වෑත්තෑව රෝහල ද හවුල් කරගෙන  චන්දනව මැරෙන්නට හැර, කාත් කවුරුවත් නැති අයෙකු ලෙසට හංවඩු ගසා, වළලා දමන්නට - ආණ්ඩුවේ පිහිටෙන්. මතුගම හා අවට පොලිසි, වෑත්තෑව රෝහලේ දොස්තරලා එක්ව පවත්වාගෙන යන්නේ කුප‍්‍රකට සම්බන්ධයකි.

මෙම ඝාතනය වසන් කරන්න පොලිසිය මීළඟට යොදා ගනු ඇත්තේ නීති යයි.  චන්දනගේ බිරිඳ - මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් වෙත කර ඇති ලිඛිත පැමිණිල්ල පහත දක්වමු.

‘‘ මතුගම පොලීසියේ නිලධාරියකු විසින් සිදුකළ මිනිස් ඝාතනයක් වසන් කිරීමට, මතුගම පොලීසියේ නිලධාරීන් සැලසුම් සහගතව ක‍්‍රියා කිරීම. 

මරණකරු: 
දොන්න් චන්දන, අවු: 41 යි, පෞද්ගලික බස් රියදුරු, මාගේ ස්වාමි පුරුෂයා වේ.

2019.05.12 දින, පෙ.ව. 3.45 ට පමණ, මොරටුව බල යෑමට පිටත් වුනා. ඔහු සේවය කරන්නේ මොරටුව පිටකොටුව මාර්ගයේ බස් රථ රියදුරකු වශයෙන්ය.

ඔහු 2019.05.12 දින, වෙනදා මෙන් නිවසට පැමිණියේ නැත. පසුවදා, එනම් 2019.05.13 දිනද ඔහු නිවසට පැමිණියේ නැත. 

2019.05.13 සඳුදා දින ද රාත‍්‍රියේ මු`ඵ දිවයිනටම රාත‍්‍රී 9.00 සිට පසුදා උදෑසන 4.00 දක්වා ඇඳිරි නීතිය පැනවූ නිසා ඔහු එදිනද ගෙදර අවේ නැත්තේ, බස් නැතිවූ නිසා යැයි මා සිතුවා.

2019.05.14 අඟහරුවාද දින දිවයිනටම රාත‍්‍රී 9.00 සිට උදෑසන 4.00 දක්වා ඇඳිරි නීතිය පැනවූ නිසා ඒමට නොහැකි වූ බව මා සිතුවා.

එක දිගටම දින 03 ක් නිවසට නොපැමිණි නිසා, 2019.05.15 දින උදෑසන 6.00 ට පමණ මතුගම තාවකාලික පදිංචි නිවසේ සිට දරු දෙදෙනා සමග ස්වාමි පුරුෂයා රැකියාව කරන මොරටුව රාවතාවත්ත ට සොයා ගියා.

මාත්, දරු දෙදෙනාත් 2019.05.15 දින උදේ 7.10 ට පමණ රාවාතාවත්ත බස් නැවතුමෙන් බැස, බස් රථ රියදුරන්ගෙන් සහ කොන්දොස්තර වරුන්ගෙන් මාගේ ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණීම ගැන විමසා සිටියා.

මා හට දැනගන්නට ලැබුනේ, 2019.05.12 දින, මුදල් ද රැගෙන මතුගම බලා මොරටුවෙන් පිටත් වී ආ බවයි. මා ඒ වෙලාවේම, මොරටුව, පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැම්මා. මොරටුව පොලීසියේ උපදෙස් මත, එදිනම 2019.05.15 දින සවස මතුගම පොලිස් ස්ථානයේද පැමිණිල්ලක් දැම්මා. එදිනම, ස්වාමිපුරුෂයා නිවසට නොපැමිනි නිසා දරු දෙදෙනා සමග මාතර සිටින මාගේ දෙමව්පියන්ගේ නිසට ගියා. 2019.05.17 දින මා හට, මොරටුව පොලිස්ථානයේ දුරකතනයෙන් කතා කර, ස්වාමිපුරුෂයාගේ ඡයාරූපයක් රැගෙන පැමිණෙන ලෙස දැනුම් දුන්නා. මා 2019.05.17 දින මාගේ දුව සමග මොරටුව පොලීසියට ගියා. ස්වාමිපුරුෂයාගේ ඡයාරූප 03 ක් මා එවේලේම පොලීසියට භාර දුන්නා. අතුරුදහන් වූවන් පිළිබඳ සම්පූර්ණ කළ යුතු පෝරමය පුරවා, ස්වාමිපුරුෂයාගේ ඡයාරූපයේ පිටපතක් ද අලවා බාර දුන්නා. ඉතා ඉක්මණින් සියලුම පොලීසිවලට දැණුම් දෙන බව එම නිලධාරීන් මා හට පැවසුවා. ස්වාමිපුරුෂයා ගැන තොරතුරක් දැනගැනීමට නොහැකි වුවහොත් තවත් ඡයාරූප 09 ක් ද රැගෙන පොලිස් මූලස්ථානයට යන ලෙස දැනුම් දුන්නා. එදිනම සවස 5.30 ට පමණ මා හා මාගේ දියණිය මාගේ දෙමව්පියන් සිටින මාතර නිවසට පැමිණියා. 2019.05.19 දින උදේ 7.35 ට පමණ මතුගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ සාජන් විජයරත්න මහතා, දුරකතනයෙන් කථා කර මා හට පැවසුවා, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ කාත් කව්රුත් නැති රෝගියකු සිටින බවත්, ස්වාමිපුරුෂයාද කියා හඳුනාගන්නා ලෙසත් ඔහු මාගෙන් ඉල්ලා සිටියා. එදින, 2019.05.19 දින මාතරින් වව්නියාව බලා යන දුම්රියෙන් මාගේ මව සහ දියනීය සමග ජාතික රෝහලට ගියා. එහි සිටින්නේ, මාගේ ස්වාමිපුරුෂයා වන චන්දන බව මා, මාගේ මව හා දියණිය හඳුනා ගත්තා. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරයා මාගේ ස්වාමිපුරුෂයාට, අසාධ්‍යය බවත්, ජීවිතය බේරා ගැනීමට අපහසු බවත් පවසා සිටියා. එම අවස්ථාවේදීම වාගේ නැවතත් මතුගම පොලිස් ස්ථානයේ විජයරත්න මා හට දුරකතනයෙන් කතා කර, මහත්තයා හඳුනාගත්තා ද කියා විමසුවා. මා එදිනම, සවස 6.15 ට පමණ මතුගම පොලීසියට දියනිය සමග ගොස් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකව හමුවුනා. ඔහු මා හට දැනුම් දුන්නා, 2019.05.20 දින පෙ.ව. 8.00 පමණ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති බංඩාරව හමුවන ලෙසට. මා, 2019.05.20 දින, පෙ.ව. 9.00 ට මතුගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ බංඩාර හමු වුනා. ඔහු මාගෙන් ප‍්‍රකාශයක් ලබාගත්තා. ප‍්‍රකාශය ගන්නා අතරතුර කෙනෙකුට ගහපු දෙන්නෙක්ව අත්අඩංගුවට ඇති බව කිව්වා. මා මාගේ ස්වාමිපුරුෂයාගේ මුදල් පසුම්බිය ලබාදෙන ලෙස බංඩාර මහතාගෙන් ඉල්ලා සිටියා. මුදල් පසුම්බිය පොලීසියේ නොමැති බවත්, නාගොඩ මහ රෝහලට ගොස් ලබාගන්නා ලෙස ද දැනුම් දුන්නා. එම නිලධාරියා ඒඅවස්ථාවේ මා හට දැනුම් දුන්නා, මාගේ ස්වාමිපුරුෂයා මතුගම තානායම අසල බහින්බස් වීමකදී, නාඳුනන පුද්ගලයකු ලෙස සිතා, ගම්බාරේ නැමති කෙනෙකු ඔහුගේ හිසට 2x2 පොල්ලකින් පහරදී සිටියදී, මතුගම මොබයිල් එකෙන් වෑත්තෑවේ රෝහලට ඇතුළත් කළ බව. ඔහු දේශපාලනය කරන අයකු බවද ප‍්‍රකාශ වේ. ගම්බාරේ නැමති පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු මතුගම පොලීසියට බාර වූ බව ද ඔහු මා හට දැනුම් දුන්නා. මා, ඒ අවස්ථාවේ මාගේ දියනිය සමග වෑත්තෑව රෝහලට ගොස් මාගේ ස්වාමිපුරුෂයාගේ මුදල් පසුම්බිය ගැන විමසා සිටියා. ඔහුගේ මුදල් පසුම්බිය එහි නොමැති බව මුලදී මට ඔවුන් දන්වා සිටියා. එම අවස්ථාවේදී, 2019.05.12 දින වෑත්තැව රෝහලේ, සේවය කළ උපස්ථායකවරයෙක්, පහර කෑමට ලක්වූ ලෙඩාගේ මුදල් පසුම්බිය 1 වන වාට්ටුවේ තිබෙන බව දන්වා සිටියා.1 වන වාට්ටුවෙන් විමසූ විට, පළමුව මුදල් පසුම්බිය නෑ කියා, පසුව මුදල් පසුම්බිය මා වෙත ලබාදුන්නා. එය ලබාදෙන විට එහි, 01. ජාතික හැඳුනුම්පත
02. රන් භාණ්ඩ උකස් කරන ලද නිවසේ ලිපිනය පැහැදිළිව සඳහන් බිල්පත් 2 ක් 03. මාගේ මවගේ දුරකතන අංකය, පන්සලේ හාමුදුරුවන්ගේ දුරකතන අංකය සහිත කොලයක් 04. රුපියල් 880/- ක මුදලක්  තිබුනා. එය මාහට බාරදී, එය ලබාගත් බවට ද රෝහල මගින්, අත්සනක් ගත්තා.
2019.05.20 දින, මා ජාතික රෝහලට යන විට මාගේ ස්වාමිපුරුෂයා මිය ගොස් සිටියා. මා නැවතත් මතුගම පොලිස් ස්ථානයට ගොස් ස්වාමිපුරුෂයා මිය ගොස් ඇති බව දැනුම් දුන්නා. බංඩාර නැමති නිලධාරියා, මෘත ශරීරය බාර ගැනීමට, ජාතික රෝහලට යෑමට, 2019.05.21 දින පෙ.ව. 6.00 ට මතුගම පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස මා හට දැනුම් දුන්නා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්තුමාගේ අන පරිදි, මෘත ශරීරාගාරයට ගොස් මෘත ශරීරය හඳුනාගැනීමෙන් පසු, මා හට බාර දුන්නා. ඉන්පසු මාගේ ස්වාමිපුරුෂයාගේ මෘත ශරීරිය, කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කළා. අවසන් කටයුතු පොද සුසාන භූමියක සිදු කරන ලෙසට ද දැනුම් දුන්නා. මතුගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, බංඩාරගෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කරුණු විමසූ විට, ඔවුන්ගේ මොබයිල් එකේ නිලධාරීන් පහර කා වැටී සිටි පුද්ගලයකු දැක වෑත්තෑව රෝහලට බාරදුන බව පවසා සිටියා. වෑත්තෑව රෝහලෙන්, නාගොඩ රෝහලටත් ඉන්පසු කොළඹ ජාතික රෝහලට යවා ඇති බවත්, එහිදී 2019.05.20 වන දින රෝගියා මිය ගිය බව දැනගන්නට ලැබුන බව වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියා. මාගෙන් කරුණු විමසූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, ස්වාමිපුරුෂයා මත්පැන් බොනවාද කියා ඇසුවා. රාත‍්‍රියේ රිය අනතුරකට ලක්වී ඇත්ද, දැක්ක අයෙක් නැද්ද කියා විමසුවා. එවිට මා කියා සිටියා මාගේ සැමියාට පහරදුන් ගම්බාර නැමති පුද්ගලයා හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය මට දැනුම් දුන් බව. අධිකරණ වෛද්‍යවරයා, නැවතත්  ඕ.අයි.සී. බංඩාරගෙන් එම ස්ථානයේ CCTV කැමරා තිබෙනවාද කියා විමසා සිටි බවත් එම නිලධාරියා එම ස්ථානයේ CCTV කැමරා නොමැති බවත් දැනුම් දුන්නා. පහරදුන් පොල්ල සහ පුද්ගලයන් තිදෙනා පොලිස් බාරයේ ඇති බව දැනුම් දුන්නා. මාගේ ස්වාමිපුරුෂයාගේ දකුණු කණ අයිනේ, ඔලූව ඇතුලෙන් පිටට තුවාලයක් නැතිව, ශත පනහක කාසියක් තරමේ කුහරයක් සෑදී ඇති බව අධිකරණ වෛද්‍යවරයා දැනුම් දුන්නා. 2019.05.12 දින, මාගේ ස්වාමිපුරුෂයාට පහර දී ඇත්තේ මතුගම පොලිස් ස්ථානයේ පේ‍්‍රමලාල් නැමති නිලධාරියා බව අපට හිතවත් අයෙකුගෙන්, 2019.05.21 දින දැනගන්නට ලැබුනා. 2019.05.12 දින සිට 2019.05.20 දින දක්වා මාගේ ස්වාමිපුරුෂයාගේ මුදල් පසුම්බිය වෑත්තෑව රෝහලේ තිබුනද, මාගේ ස්වාමිපුරුෂයාගේ අනන්‍යතාවය රහසිගතව තබා ගැනීම. මතුගම පොලිස් ස්ථානයේ පේ‍්‍රමලාල් නැමති නිලධාරියා, මාගේ ස්වාමිපුරුෂයාට පහරදීම අදාළව, පරීක්ෂණ නොකර, ඔහු බීමතින් පාරේ සිටි බවට, ප‍්‍රකාශ කර රෝහලට බාර දීම. වෑත්තෑව රෝහලේදී මාගේ සැමියාට කිසිදු ප‍්‍රතිකාරයක් ලබා නොදීම. සියලූ තොරතුරු වසන් කිරීම මගින් මතුගම පොලීසියේ අවශ්‍යතාවයට නිසි ප‍්‍රතිකාර ලබා නොදී මිය යෑමට සැලැස්වීම. මාගේ ස්වාමිපුරුෂයාගේ මරණයට වගකිව යුත්තේ මතුගම පොලීසිය බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි. මෙම තොරතුරු බංඩාර සැඟවූයේ මෙම අපරාධයට වගකිව යුත්තේ මතුගම පොලීසියේ පේ‍්‍රමලාල් බව දැනගන බව. මෙම අපරාධයට ප‍්‍රධාන සැකකරු මතුගම පොලීසියේ පේ‍්‍රමලාල් නැමැත්තා, ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලඥයකු වන රංජිත් සෝමවංශ යන අයගේ සහෝදරයකු බවද ප‍්‍රකාශ වේ. මෙම අපරාධය සිදුව ඇත්තේ මතුගම තානායම තුළ හෝ ඒ අසලදීය. මෙම ප‍්‍රදේශය අධි ආර්ක්ෂිත කලාපයක් ලෙසට හැඳින්වීම නිවැරදිය. මන්ද මතුගම තානායම මහේස්ත‍්‍රාත් නිල නිවස, තැපැල් කාර්යාලය, ටෙලිකොම් ආයතනය පිහිටි ප‍්‍රදේශය. මෙම ස්ථායේ සිට මතුගම පොලීසියට ඇත්තේ මීටර් 500 කට වඩා අඩු දුරකි. මෙම ප‍්‍රදේශයේ CCTV කැමරා නැති බව ප‍්‍රකාශ වීම පිළිගත නොහැක්කකි. තවද මෙය පහරදීමක් බව මතුගම මෙබයිල් එකේ නිලධාරීන් වෑත්තෑව රෝහලට, රෝගියාව බාරදෙන අවස්ථාවේ ප‍්‍රකාශ කළා නම් මාගේ සැමියා මිය නොයනු ඇත.  මෙම ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන මෙන්ද, ඉහත කරුණු අනුව මතුගම පොලීසියේ පරීක්ෂණ කටයුතු  ඉවත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට බාරදෙන ලෙස ද ඉල්ලා සිටිමි.

මෙයට, බිරි`ද  




Tuesday, May 21, 2019

“ඩිවිෂන්” මහත්තයා සහන්න ක`ඵතර දකුණ පොලීය නීතිය නවයි.



 අප්‍රේල් 25 වන දින, මොහොමඞ් අස්හාල් ව, අත්අඩංගුවට ගන්නේ, ක`ඵතර “ඩිවිෂන්” මහත්තයාගේ නියෝගයෙන්. ඒ කියන්නේ පොලිස් අධිකාරී.

අස්තාල් -  මග්ගොන පදිංචිකරුවෙක්. ක`ඵතර නගර සභා පාරේ යමින් සිටිය දී “ඩිවිෂන්” මහත්තයා වාහනේ නවත්තලා ඔහුගේ නම කියා කතා කරනවා. එහෙම කතා කරලා තමයි, ඔහුව ක`ඵතර දකුණ පොලීසියට බාර දෙන්නේ. ඔහුගේ නම “ඩිවිෂන් මහත්තයා” දන්නේ කොහොමද? අස්තාල්ට තියෙන ප්‍රශ්නය.

අස්තාල් සඳහන් කරන පරිදි පොලීසියේ ඉහළයින් එක්ක ඇයි හොඳයිකම් පවත්වන, ඥාති සම්බන්ධකම් ඇති පවුලක් එක්ක කලක සිට පවතින ආරවුල මේ අත්අඩංගුවට ගැනීමට පසුබිම බව. ක`ඵතර දකුණ පොලීසියේ දවස් දෙකක් රඳවා තබාගෙන සිටින ඔහුව. චෝදනාවක් නොනගාම, පොලිස් ඇපයක් මත නිදහස් කරනවා. ඒ වුනත ඒ දවස දෙකේ දී ඔහුට වධ දෙනවා. ඔහුව අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගහනවා. 

කෙනෙක්ව අත්අඩංගුවට ගත්තාම, පොලීසිය, ඒ බව සඳහන් කර ලදුපතක් නිකුත් කරන්න ඕන. ඒ තමයි නීතිය.නමුත් අස්හාල්ව, අත්අඩංගුවට ගැනීමේ සහතිකය නිකුත් කරන්නේ නෑ. ඔහු ඒ බව ක`ඵතර ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරනවා. එයින් පස්සෙ අත්අඩංගුවට ගැනීමේ ලදුපත අස්හල්ට නිකුත් කරනවා. ඒ අත්අඩංගුවට ගත්තු දිනය වෙනස් කරලා.

නීතිය මත පාලනය ඇති කරන්න ක්‍රියා නොකර සංහිඳියාව ගැන දේශනා තිබ්බට සංහිඳියාව ඇත් වෙන්නේ නෑ. ඒක දැන් ඔප්පුවනා. 

බොරු වෙන් ජීවත් වෙන්න ඉහළයින් පිරිසක් අලෙවි කරපු වදනක් “සංහිඳියාව”.
    

ඇප දිලා, ඒත් නිදහස් කරන්නේ නෑ!! පියාව උසාවියට ඉදිරිපත් කරලා තින්නේ වෙනත් නමකින්‘



මැයි මස 9 වැනිදා, අටලුගම පදිංචි අබ්දුල් මජිඞ් මොහමඞ් ෆයසිර් ව මොරොන්තුඩුව පොලිසිය, විසින් අත්ඩංවට ගෙන බණ්ඩාරගම පොලිසියට බාරදෙන ලදි. ඒ සොදිසි මෙහෙයුමකදිය.  ඔහුව බණ්ඩාරගම පොලිසිය පසු දිනම අධිකරණයට ඉදිරිපත්කර දින 14කට රිමාන්ඞ් භාරයට පත්රනු ලැබීය. මැයි මස 30 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්වේථාවේ ඔහුව ඇප මත මුදාහරිනු ලැබු නමුත් මේ දක්වාම ඔහුට ඇප ලබා ගැනීමට නොහැකිව තිබේ.
ඔහු ගේ පුතා මෙම අසාධාරණය සම්න්බණධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවේ  ලේකම් වෙත ලිඛිතව ප්‍රකාශ කර සිටින්නේ බණ්ඩාර.ම පොලිසිය හිතා මතාම තම පියාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ “අබ්දුල් මජිඞ් මොහොමඞ් ඉස්මයිල්” යන  නමින් බවයි. 
මේ  ආකාරයට ඔහුව වෙන නමකින්    අධිකරණයට   ඉදිරිපත්   කළේ ඔහුගේ  ඔහු   ජාතික හැදුනුම් පත බණ්ඩාරම පොලිසියේ තබා ගෙන  බවද ඔහු අවධාරණය කරයි.  
ජාතික හැදුනුම් පත අධිකරණයට ලබා දුන්නද පියාට ඇප ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ අධිකරණයේ සටහන්ව තිබෙන්නේ අබ්දුල් මජීඩ් මොහොමඞ් ඉස්මයිල් නැමැත්තාව රක්ෂණ රක්ෂි; බන්ධනාගාර කර තිබෙන නිසාය. පසුව අධිකරණය විසින් මෙම නම නිවැරදි කර තිබේ.  එහෙත් විවිධ කරුණු දක්වමින් තම පියාව මුදාහරින්නේ නැත.
මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඔහුගේ පුතා විසින් යවන ලද , ලිපියෙන් යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලා තිබේ.   

Monday, May 6, 2019

ගහපු එවුන් ව අල්ලගන්න බැරුව හනුවරයේ එකෙකුට බෝම්බයක් දමා රිමාණ්ඩ් කරවන්න උසාවිය යොදාගෙන.



අලුත්ගම, මූණ මල්වත්තේ කඳවුරු බැඳගෙන ඉන්න විශේෂ කාර්ය බලකායට අයත් නිළධාරීන් දෙදෙනෙකුට පහරදීම අදාළව දර්ගා නගරේ  වීරසේකර පවුලේ අයියා මලෝ දෙදෙනාව පොලිසියට අවශ්‍යව ඇත.
නමුත් ඔවුන්ට විරුද්ධව පැමිණිල්ලක් ගුටිකාපු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දාලා නැත. ඔවුන් සිදු කරන්නේ වරින්වර මේ දෙදෙනාගේ  ගෙවල් වලට කඩාපැන සොදිසි කර, නිවැසියන්ට  තර්ජනය කිරීමය.
මෙම පවුලේ වැඩිමහල් සොයුරා චන්දන හතළිස් දෙහැවිරිදි බස් රථ රියැදුරෙකි. දෙකරු පියෙක්. ඔහු මාර්තු 22 තම මවුපියන් හමුවීමට ධර ගා නගරයේ මහ ගෙදරට ගියේය.  එහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන අමානුෂික පහර දී වැලිපැන්න පොලිසියට බාර දුන්නේ විදේශ රටක නිෂ්පාදිත බවට කියන අත් බෝම්බයක් ද සමගය. පොලිසිය විශේෂ කාර්ය බලකායේ බලකායේ වශ්‍යතාවයට චන්දන පසුදින මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළේ විදේශයක නිෂ්පාදනය කරන ලද අත් බෝම්බයක් සන්තකයේ තබා ගැනීම යන චෝදනාව යටතේය. මෙම චෝදනාව 1996 අංක 18 පීඩාකාරී ආයුධ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
මෙම වැලිපැන්න පොලිස්යේ නිලධාරීන් විශේෂ කාර්ය බලකාය අවශ්‍යතාවයට චන්දනව මතුගම මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළේ ඉහතකි චෝදනාව යටතේය.
මහේස්ත්‍රාත්වරයා පොලීසිය කියන කරුණු සැලකිල්ලට ගෙන ඔහුව රිමාන්ඩ් බාරයට කළේය. එදින සිට අද දක්වාම ඔහු රිමාන්ඩ් සිරකරුවකු ලෙස ට කළුතර බන්ධනාගාර සිටිති. පොලිසිය උසාවියට කියන පරිදි බෝම්බය නිශ්ක්‍රීය කර එහි කොටස් රස පරීක්ෂක වෙත යවන බවට නඩු වාර්තාවේ සඳහන් වේ. මෙම චෝදනාවට හේස්ත්‍රාත්වරයාට ඇප දිය නොහැකි ය.  ඔහුට ඇප ලබා ගැනීමට හැකි වන්නේ මහාධිකරණයෙන්ය.
පොලිසිය හා විශේෂ කාර්ය බලකාය බොරු නඩු දැමීම රාජකාරිය කොටසක් ලෙසට පත්කරගෙන ඇත. නීති විරෝධීව කටයුතු කරමින් සිවිල් වැසියන් පීඩාවට පත් කිරීම අපරාධයකි.

Sunday, May 5, 2019

ලලිත් හා සිසිලියා කොතලාවලගේ ගොල්ඩන්කි වලෙන් නැගිට හොල්මන් කරයි.


 මීට වසර තිහකට පමණ පෙර තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කරලා පැන්න ලලිත් කොතලාවල හා රට සිසිලියා කොතලාවලාට විරුදුධව ගන්නා ලද නීතිමය පියවර පියවරක් නැත.

 මෙම මහා ජාවාරම මේ වනවිට කිසිවෙකුටත් මතක ඇතැයි නොසිතමු. මේ පසුබිම යටතේ ගොල්ඩන්කි සමාගමේ වැඩ කර රැකියාව අහිමිවු  සේවකයින්ට එම්. ජයසිංහ නමැති නමැති නිතිඥ හා ප්‍රසිද්ධ නම්වු  නොතාරිස්වරයෙකු ගේ මුද්‍රාව යටතේ එන්තරවාසි නිකුත් කරන්නට පටන් ගෙන ඇත.
එම සමාගමේ වැඩ කරන ලද පානදුර ප්‍රදේශයේ ධනපාල නම් වූ සේවකයාට 2019 අප්‍රේල් මස 03 දින ලිපියක් යවමින් ඔහු විසින් රුපියල් දෙලක්ෂ තිස්පන් දහසකට වැඩි මුදලක් ගෙවීමට ඇතිබවට සටහන් කරමින් ඒ පිළිබඳව උපසේ ලබා ගැනිමට 0715268753 දරන දුරකථන අංකයට අමතන ලෙස ට දැනුම්දී ඇත.
එසේ නොකළහොත් ඔහුට විරුද්ධව නඩු පවරන බවද එහි සඳහන් වේ. 
මෙම කූට ලේඛන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඔහු බලාපොරොත්තුවන අතර මෙවැනි ලිපි ලැබී ඇති වෙනත් හිටපු ගොල්ඩන්කි සේවකයින් සිටීනම් ඒ පිළිබඳ නොපමාව පොලිස් ස්ථානවලට ගොස් පැමිණිලි කරන ලෙසටද ඉල්ලා සිටි.