Saturday, December 29, 2018

ක`ඵ ගඟ හා අවට විනාශ කරන පැනෝරාමා අයිතිකරු ව දෙයියෝ බලාගෙන ......... !!



රටේ පවතින සියලුම ඉදිකරීම් නීති උල්ලංඝණය කරමින්, අඛණ්ඩව ඉදිකරීම් කරගෙන යන - පැනෝරාමා අයිතිකාර යුවල හා එම නීති විරෝධී ඉදිකරීම්වලට නීතිමය පියවර ගැනීම වැළැක්වීමට අදාල ආයතනවල නිලධාරීන් හා එක්ව සිටින්නේ ඇමතිවරු, නගර සභා මංත්‍රීවරු මෙන්ම, ජ.වි.පෙ. නියෝජිතයන් බව, මෙම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව තනි සටනක යෙදී සිටින වීරක්කොඩි මහත්මිය ප්‍රකාශ කරයි.

පැනෝරාමා හෝටලයේ අයිතිකරු ඉන්දික ප්‍රේමලාල් නැමැත්තාය. නිල අයිතිකරු වන්නේ ඔහුගේ බිරිඳ ඉහළ ගමගේ අමාලි ඉනෝකා නැමැත්තියයි.

ක`ඵතර උතුර, කොස්පනාවත්ත පාරේ ඉදිකරන හෝටලයේ ඉදිකරීම්වලට අදාල ආයතන අවසර දී නැත.

මෙම ඉදිකිරීම්වලට අමතරව, අවට පරිසරය සැලසුම් සහිතව විනාශ කරයි. ඉදිකිරීම් මගින් සිදුකර තිබෙන හානිය ක`ඵතර නගර සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලිඛිතව පෙන්වා දී ඇත. පරිසර අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැත. 

මෙම හෝටල් අයිතිකාරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන රජයේ ඉඩම්, විශේෂයෙන් රක්ෂිත ප්‍රදේශ හා ඇල මාර්ග නිවැරදිව සටහන් කර, නිරවුල් කර දීම, බිම් සවිය, ප්‍රතික්ෂේප කරන බවද ඇය කියා සිටී.

වීරක්කොඩි මහත්මිය විසින් මෙම හෝටලයේ අයිතිකාර පවුල්වල අය සිදුකරන පරිසර විනාශ ඇතුලු නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව ඒ ඒ අවස්ථාවලදී පැමිණිලි කළද ප්‍රයෝජනයක් වී නොමැත.

ඇය විශ්වාස කරන්නේ, අසීමිත ලෙස රාජ්‍යය නිලධාරීන්ට හා ප්‍රාදේශීය දේශපාකයන්ට ලබාදෙන අල්ලස් වලින් සියලු දූෂණ, අක්‍රමිකතාව යටපත් කර ඇති බවයි.

ඉතා කෙටිකාලයක් තුළ අසීමිත ලෙස මුදල් වැය කිරීම පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශය, මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ හා බදු දෙපාර්තුමේන්තුවේ අවධානය යොමු විය යුතු ද, එසේ වන්නේ නැති බව ද ඇය කියා සිටී.

Tuesday, December 25, 2018

පොලිස් බලයෙන් ගෙවත්තට ඇතුල් වෙන්න බැරිවෙන්න වැටක් ගහලා.

වසර 15කට වැඩි කාලයක්, නිරවුල්ව භුක්ති විඳගෙන එන හා පදිංචි ව සිටින නිවස හා ඉඩම මංකොල්ලා කෑමට, උප පොලිස් පරික්ෂකවරයෙක්  දරන උත්සහයක් පිළිබඳව පැමිණිල්ලකි. මේ වන විට ඔවුන්ට  නිවස අතහැර යෑමට සිදුව තිබේ.

මෙම උවදුරට මුහුණ පා සිටින කොස්ගොඩ. මා`ථ වෙළදාම් කරන්නෙකු වු ප්‍රසන්න ද සොයිසා පොලිස්පති වරයා වෙත ලිඛිතව කර තිබෙන පැමිණිලිල්ලේ මෙසේ සඳහන් වේ.  
                
“2018. 11. 21 දින උදේ 9.00 ට පමණ අප කිසිවකු නිවසේ නැති විට, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, සහෝදරවරන් වන දන්ත, කේමන්ත හා අසල්වැසියෙක් වන ජගත් යන අය පැමිණ නිවසේ කඩුල්ල හරස් කර බලහත්කාරයෙන් වැට ගසා යන ලදි. මගේ බිරිඳ සිද්ධිය දැන ගැනිමෙන් පසුව වහාම පැමිණ නිවසට ඇතුලු වීමට උත්සහා ගනිද්දි, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, සහෝදරවරන් වන දන්ත, කේමන්ත, අසල්වැසියන් යෙක් වන ජගත් සහා නලින් පැමිණ මාගේ බිරිඳට පහර දිමට උත්සහ කර, තර්ජනය කරන ලදි. එමෙන්ම මට කුඩු දමා රිමාන්ඞ් කරන බවට උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා ප්‍රකාශ කර තිබේ. මාගේ බිරිඳ බියවි නිවසට ඇතුලු නොවි, කොස්ගොඩ පොලිසියට ගොස් පැමිණිලි කරන ලදි. පැමිණිලි අංකය:- සිඅයිබි11-පිටුව 2 ඡේදය 127. පොලිසිය පැමිණිල්ල නිවරැදිව ලියන්නේ නැතිව, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වාට වාසිදායක වන පරිදි, විකෘති කර ලියා අත්සන් ගන්නා ලිදි. තවද එහි මට කුඩු දාන බවට  උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා කළ ප්‍රකාශය සටහන් කර නොමැත. 
මේ අතර මම, උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වාගේ  මව වන රුක්මනීව තල්ලු කළ බවට බොරු චොදනාවක් දමා මාව අත්ඩංගුවට ගෙන වධ දිමට උත්සහ කරන බවට ලැබු ආරංචිය මත, මා ගරු අධකරණයට ඉදිරිපත් වන ලදි. ඒ 2012.11. 28 වේ. එ දින මා ඇප මත මුදාහැරිය අතර මිළඟ නඩු දිනය 2019. 06. 12. වේ.උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, සහෝදරවරන් වන දන්ත, කේමන්ත, අසල්වැසියන් යෙක් වන ජගත් සහා නලින් අපට නිවසට යෑමට ඉඩනොදි සිටින්නේ පොලිස් බලතල යොදා ගනිමින්ය.මෙම නීති විරෝධි ක්‍රියාව ගැන කොස්ගොඩ පොලිසිය කිසුදු ක්‍රියා මාර්ගයක් ගන්නේ නැත.” 
ප්‍රසන්න ද සොයිසා ඉල්ලා සිටන්නේ, නිවසට ඇතුලු විම වලක්වාලමින් උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා හා ඔහුගේ මව වන රුක්මණි ප්‍රමුඛ පිරිස ගසා තිබෙන නිති විරෝධි වැට ඉවත්කර, නිවසේ පදංචි විමට ගන්නා උත්සහය ට නිතිවිරොධි ලෙස  පොලිසිය මැදිහත් නොකරන ලෙසටත්,
උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා, ඔහුගේ මව වන රුක්මණි, ප්‍රමුඛ පිරිස ගේ මැර තර්දන වලක්වාලන ලෙසටත්, 
පොලිස් බලතල උපයෝගි කරගෙන අපරාධ සිදුකරන උප පොලිස් පරික්ෂක හේමන්ත සිල්වා හා ඔහුගේ මව වන රුක්මණි ප්‍රමුඛ පිරිසට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙසටත් ය.




Monday, December 17, 2018

මදින පිහියෙන් පිට කැපුවාට වන්දිය රු: 225,000/- යි. පොලිස්පතිට රු:125,000/- යි, පොලිස්කාරයන්ට රු: 100,000/- යි




රත්නසිරි, සුරාබදු ආඥා පනත යටතේ ලියාපදිංචි මදින්නෙක්. මේ පනත යටතේ, රා මදින්න බලපත්‍රයක් තියෙන්න ඕන. 

ඒ වුනාට, විකුණන්න බෑ. විකිණීම වරදක්. මොකද විකුණන්න බලපත්‍රයක් තියෙන්න ඕන නිසා. 

සුරාබදු ආඥාපනත යටතේ වන වැරදි අල්ලන්න සුරාබදු නිලධාරීන්ට මෙන්ම පොලීසියටත් පු`ඵවන්.

වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න හා පො.කො. මධුසංඛ රත්නසිරි සොයා යන්නේ පගාව ගන්න. නඩුවක් ඉල්ලා ගන්න.

ඒ, 2010.08.09 වන දින.  

රත්නසිරි, පොලිස්කාරයන්ට, රා දෙන්නවත්, පගාව දෙන්නවත්, නඩු දෙන්නවත් සූදානම් වුනේ නෑ.

හොඳටම බිලා, රාජකාරි කරන්න ගිය මේ පොලිස්කාරයින් ඊළඟට කළේ රත්නසිරිව අත්අඩංගුවට ගන්න එක. එසේ කළේ රත්නසිරිගේ මදින පිහියෙන්ම, රත්නසිරිගේ පිට කපලා.

මෙම සිද්ධිය, ඒ අසලින් ගමන් කරමින් සිටි තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා.

නරඹන්න වීඩියෝව 


පොලීසිය, අත්අඩංගුවට ගත් රත්නසිරිට විරුද්ධව, නඩු දෙකක් දැම්මා.

1. නඩු අංක : 62608/10 - මහේස්ත්‍රාත් අධිකරණය, මතුගම

2. නඩු අංක : 62289/10  -  මහේස්ත්‍රාත් අධිකරණය, මතුගම

ඒ අතර, රත්නසිරි, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස්, වැලිපැන්න පොලීසියේ සැරයන් දයාරත්න (501), පොලිස් කොස්තාපල් මධුසංඛ (67080) මූලික කරගෙන, මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරුවා.

ීක්‍රැත්‍ඍ 514රැ2010 දරන එම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2018.11.27 වන දින ප්‍රකාශයට පත් කරනවා.

සැරයන් දයාරත්න (501), පොලිස් කොස්තාපල් මධුසංඛ (67080) මූලික අයිතිවාසිකම් වල, 11 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට නිගමනය කර, එම දෙදෙනාට හා මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම දරන රජයට, රත්නසිරිට වන්දි ගෙවන ලෙස නියම කරණු ලැබුවා.

පොලිස් කාරයින් දෙන්නා, රු: 50,000/- බැගින්ද, රජය වෙනුවෙන් පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂයක් ද, රු: 25,000- නඩු ගාස්තු ද ගෙවීමට නියම කරණු ලබනවා.

මේ අනුව රත්නසිරි ට, රුපියල් දෙලක්ෂ විසිපන් දහසක් වන්දි වශයෙන් හිමිවනු ඇත.

ප්‍රශ්නය වන්දි මුදල් හිමි වීම නොවේ.

පහර දී මන්නයකින් කපා, ඉන් අනතුරුව බොරු නඩු දෙකක් දැමූ පොලිස්කාරයින්ට, එයට වගකිව යුතු ස්ථානාධිපතිට එරෙහිව ගන්න පියවර කුමක්ද කියන එක. 


අසරණයන් තලා පෙළන වරෙන්තු “නීතියේ ආධිපත්‍යයේ !!!!!! ”



පනස් එක් හැවිරිදි නිමල් තිකකසිරිව නොවැම්බර් මස 04 පස්වරු 4.00 ට විතර, මතුගම පොලීසියෙන් අත්අඩංගුවට ගන්නේ උසාවි වරෙන්තුවක් මත.

තමාට “වරෙන්තුවක්” තිබිය නොහැකි බව රැගෙන යන්නට පැමිණි පොලිස්කාරයන්ට, නිමල් තිලකසිරි පහදා දෙන්න දැඩි උත්සාහයක් ගන්නවා.

ඒත් වැඩක් වෙන්නේ නෑ. උසාවි නියෝගය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්කාරයින් ඔහුට කියනවා.

කාට කියන්නද? දෙයියො ඉන්නෙ පොලිස්කාරයො එක්ක. හිත හදාගන්නා නිමල් තිලකසිරි එදා රෑ පොලිස් කූඩුවේ ළගිනවා.

ඒ අතර පොලිස්කාරයින් ගේ සුන්දර වදන් අසා සිත සනසා ගන්නත් වුණා.

පහුවදා, නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගැනීම ගැන, ඔහුගේ නීතිඥයා උසාවියට කරුනු කියනවා.

නඩුකාරයා, නඩු පොත බලා “මුදාහරිමි” කියා, එහි ලියනවා.

විත්ති කූඩුවේ හිටගෙන සිටින, නිමල් තිලකසිරිට බැහැලා යන්න යැයි, අසල සිටි පොලිස්කාරයා ඔහුට නියම කරනවා.

නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න යැයි, කියන “වරෙන්තුව” නිකුත් කළේ කව්ද? මොකටද? කාගේ වුවමනාවකටද? 

උත්තරීතර යැයි කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) අනුව, පොලිස්කාරයෝ කටයුතු කර ඇත.


නීතියට පරිබාහිරව, පොලිස්කාරයින්ට අත්අඩංගුවට ගන්න, රඳවා තබා ගන්න, පෞද්ගිලක නිදහස අහිමි කරන්න බැරිය. එසේ කිරීම මූලික අයිතීන් උල්ලංඝණ්‍ය කිරීමකි.


නමුත්, එසේ කරන්න පු`ඵවන්. එය “නීතියේ ආධිපත්‍යය” ද?

නිමල් තිලකසිරිව, අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන, නිදහස අහිමි කර දැමීම ගැන, ඒ කාලය තුළ ඔහුව මානසික හා ශාරීරික වධහිංසාවට පාත්‍ර වීම, අවමන් සහගත සැළකිලිවලට දඬුවමකට පාත්‍ර වීම ගැන ඊනියා සිවිල් සමාජ කෙළ පිඩක්වත් හල්නනේ නැත.

මේ ගැන කථා කරමු ..........

මේ කථා කථා කරන්න

ජනතාවගේ පරමාධිපත්‍යය කිසිවෙකුට උදුරා ගන්න ඉඩ නොතබමු.

Sunday, December 9, 2018

පොලිස් කාරයාව තද කරපන් මාව බේරපන් කියා හිරණ පොලිස් මුරපොළේ ඕ.අයි.සී. ඉල්ලුවාලු!



බීලා වාහන එලවන්න අපිට බැරි වුනාට පොලිස්කාරයින්ට පු`ඵවන්.

2018.12.06 වෙනිදා හොඳට බීලා යතුරුපැදියෙන් යන අතර, තමන් ඉදිරියට ආපු යතුරුපැදි කරුවෙකු නවත්වා, පහරදී, පොලීසියට ගෙන ගොස්  ඕ.අයි.සී. ලවාද පහරදී, තුවාල සිදුකිරීමේ පුවතකි මේ.

පහර කෑමට ලක්වූයේ 21 හැවිරිදි කම්කරුවෙකි. නම සුමුදු.

බීලා යතුරුපැදියෙන් යන අතර, තරුණයාව නවත්වා පහරදී ඇත්තේ, පානදුර පදිංචි කොස්තාපල් චමිලය. 

මෙම තරුණයාව, පානදුර හිරණ පොලිස් මුරපොළට රැගෙන යෑමෙන් පසුව අතින් පයින් පහරදී ඇත්තේ එම පොලිස් මුර පොළේ ස්ථානාධිපති සිවිල් ඇඳුමින් සිටි චාමරය.

පහරදී විනාඩි 45 ක් පමණ කූඩුවේ දමාගෙන සිට, මොහුව මුදාහැර ඇත.

නිදහස් වීමෙන් පසුව, පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඇතු`ඵ වූ මෙම තරුණයා, එහි වාට්ටු අංක 01 සිටියදී, ඔහුට මුලින්ම පහර දුන්න පොලිස්කාරයා වූ චමිල ද, රෝහලට පැමිණ ඇතුළත්ව ඇත.

මේ චමිල නැමති පොලිස්කාරයා රෝහලට පවසා ඇත්තේ, සුමුදු නම්
තරුණයා තමාට පහර දුන්න බවයි.

රෝහලේදී, පොලිස් මුරපොලේ පොලිස් කාරයා, තරුණයාගෙන් විස්තර අසා, හිරණ පොලීසියේ  ඕ.අයි.සී. චාමර ට කතා කර ඇත. කතා බහ අතර එම දුරකතනය තරුණයාට දුන්න විට,  ඕ.අයි.සී. චාමර තරුණයාගෙන් ඉල්ලා ඇත්තේ තමාව බේරා, චමිල පොලිස්කාරයාව තද කරන ලෙසටයි.

මේ පිළිබඳව පළමුව, තරුණයාගේ මවද, දෙවනුව, තරුණයා ද ලිඛිතව පැමිණිලි කර ඇත.

එය පහත දැක්වේ.

01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, 02. පොලිස්පති,
    
නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන, අමානුෂික ලෙස පහර දී, රඳවා තබා ගැනීම.

සුමුදු අවු: 21යි, අවිවාහක, කම්කරු. පානදුර. 2018.12.07 දිනදීය.

2018.12.06 දින සවස 4.00 ට පමණ, මා ගෙදර සිට, මා වැඩකරන, හිරණ, පිංකෑල්ල පාරේ,  කර්මාණ්ත ශාලාවට වැඩට වාර්තා කරන්න යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියෙමි.

හිරණ - පානදුර ට‍්‍රාන්ස්ෆෝමර් හංදිය අසලදී මා ඉදිරියට යතුරු පැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙක්, මා පසුකර දුරක් ගොස්, ආපසු හැරී ආවා. ඔහු මාව ඉස්සර කරන ගමන්, නවත්තපන් ප-යා කිව්වා. 

මා අයින්කර යතුරු පැදිය නැවැත්වූවා. මා අසලට පැමිණි මෙම පොලිස් නිලධාරියා උඹව අල්ලගන්න තමයි හිටියේ කියමින්, මගේ මුහුණට පහරවල් දෙකක් ගසා, මාව හිරණ පොලිසියට ගෙනියන්න හැදුවා. මා කිව්වා, මාගේ යතුරු පැදියෙන් එන්නම් කියා. එ් අනුව මා ඔහු සමග හිරණ පොලිසියට ගියා. එ් අවස්ථාවේ ඔහු සිටියේ හොඳටම මත්පැන් පානය කරලයි. පොලිසියට ගිය වහාම, එම නිලධාරියා එහි සිටි ස්ථානාධිපතිට මොනවාද කියා යන්න ගියා. 

මා ස්ථානාධිපති අසලට ගිය වහාම, ඔහු නැගිට ඇවිත්, උඹලා තමයි මේවා කන්නේ, උඹගේ අම්මට හු--වා, කැ-යා, වේසි- පුතා ආදී, වශයෙන් අමු තිත්ත කුණුහරප කියමින් මගේ මුහුණට, අතින් පහර දෙමින්, පයින් බඩට ගැහුව්වා. ඉන්පසු මාව කූඩුවට දැම්මා. කූඩුවට දානවිට මගේ පසුම්බිය, දුරකථනය ගත්තා. මා ගෙදරට කතා කරන්න ඉල්ලූවත් කතා කරන්න දුන්නේ නැහැ. 

විනාඩි 45ක් විතර මාව කූඩුවේ තියාගෙන සිට එළියට ගත්තා. ස්ථානාධිපති, උඹ වැඩපලේ බොස්ට එහෙම කියන්න එපා කියා, මට යන්න කිව්වා. මම එතැනින් පිටවී ගොස් ,මම වැඩ කරන කර්මාණ්ත ශාලාවේ අයිතිකරුවන රොෂාන් ප‍්‍රනාන්දු මහතාට කිව්වා. මට උපදෙස් දුන්නා රෝහල් ගතවන ලෙසට. මා පානදුර රෝහලට ඇවිත්, මට පහර දුන්න බව ප‍්‍රකාශ කලා. මාව අංක 01 වාට්ටුව ඇතුලත් කලා. එවිට වේලාව ප:ව: 6.30 පමණ ඇති. 

රෝහලේ සිටින විට රෝහල් පොලිසියෙන් ආවා. මා ඉදිරිපිටදී, එම නිලධාරියා දුරකථනයෙන් ස්ථානාධිපතිට කතාකර, මොනවදෝ ලිව්වා. එ් අවස්ථාවේ රෝහල් පොලිසියේ නිලධාරියා මට පවසා සිටියා අපි  ඕ.අයි.සී ව බේරලා අනිත් එක්කෙනාව තද කරමු, ඔයාව පොලිසියට ගෙනිච්චට පස්සේ ඔයා වැඩකරන තැනට ගියා, චමිල කියන නිලධාරියාත් යන්න ගියා කියලා ලියමු කිව්වා. එසේ කියා මට ස්ථානාධිපති චාමර සමග කතා කිරීමට දුරකථනය දුන්නා. ස්ථානාධිපති චාමර මගෙන් ඇහුවා ඇයි කොල්ලෝ ඉස්පිරිතාලේ නැවතුනේ කියා. මම කිව්වා මට ගහපු නිසා මම නැවතුනේ කියා. එවිට ස්ථානාධිපතිවරයා අපි චමිලව තද කරමු මාව දාන්න එපා කියා මට පවසා සිටියා. ලියපු දේවලට මගෙන් අත්සන් ගත්තේ නැහැ. 

අධිකරණ වෛද්‍ය නිලධාරී මාව පරීක්ෂා කලා. මට පහර දී මාව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා, කොස්තාපල් චමිල බව දන්නවා. ඔහු වැඩ කරන්නේ කොළඹ පොලිසියක. 

මෙම චමිල කියන පොලිස් නිලධාරියා, සවස 7.30 ට පමණ රෝහල් ගත වුනා. ඔහු සිටියේ ඇඳ අංක 07 ඇඳේ. 

මට පහර දුන්න ස්ථානාධිපතිගේ නම චාමර වේ. ඔහු සිටියේ සිවිල් පිට.

මා ඉල්ලා සිටින්නේ,

1. මාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, පහර දුන්න, පොලිස් කොස්තාපල් චමිලට
   හා,
11. මට අමානුෂික ලෙස පහර දී, විනාඩි 45 කාලයක් කූඩුවේ දමාගෙන සිට මාහට වධ හිංසා පැමිණ වූ - හිරණ පොලිස් මුරපොලේ ස්ථානාධිපති බව කියන චාමර ට,

එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය. 

මෙයට,

 සුමුදු