පනස් එක් හැවිරිදි නිමල් තිකකසිරිව නොවැම්බර් මස 04 පස්වරු 4.00 ට විතර, මතුගම පොලීසියෙන් අත්අඩංගුවට ගන්නේ උසාවි වරෙන්තුවක් මත.
තමාට “වරෙන්තුවක්” තිබිය නොහැකි බව රැගෙන යන්නට පැමිණි පොලිස්කාරයන්ට, නිමල් තිලකසිරි පහදා දෙන්න දැඩි උත්සාහයක් ගන්නවා.
ඒත් වැඩක් වෙන්නේ නෑ. උසාවි නියෝගය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්කාරයින් ඔහුට කියනවා.
කාට කියන්නද? දෙයියො ඉන්නෙ පොලිස්කාරයො එක්ක. හිත හදාගන්නා නිමල් තිලකසිරි එදා රෑ පොලිස් කූඩුවේ ළගිනවා.
ඒ අතර පොලිස්කාරයින් ගේ සුන්දර වදන් අසා සිත සනසා ගන්නත් වුණා.
පහුවදා, නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගැනීම ගැන, ඔහුගේ නීතිඥයා උසාවියට කරුනු කියනවා.
නඩුකාරයා, නඩු පොත බලා “මුදාහරිමි” කියා, එහි ලියනවා.
විත්ති කූඩුවේ හිටගෙන සිටින, නිමල් තිලකසිරිට බැහැලා යන්න යැයි, අසල සිටි පොලිස්කාරයා ඔහුට නියම කරනවා.
නිමල් තිලකසිරිව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන්න යැයි, කියන “වරෙන්තුව” නිකුත් කළේ කව්ද? මොකටද? කාගේ වුවමනාවකටද?
උත්තරීතර යැයි කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) අනුව, පොලිස්කාරයෝ කටයුතු කර ඇත.
නීතියට පරිබාහිරව, පොලිස්කාරයින්ට අත්අඩංගුවට ගන්න, රඳවා තබා ගන්න, පෞද්ගිලක නිදහස අහිමි කරන්න බැරිය. එසේ කිරීම මූලික අයිතීන් උල්ලංඝණ්‍ය කිරීමකි.
නමුත්, එසේ කරන්න පු`ඵවන්. එය “නීතියේ ආධිපත්‍යය” ද?
නිමල් තිලකසිරිව, අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන, නිදහස අහිමි කර දැමීම ගැන, ඒ කාලය තුළ ඔහුව මානසික හා ශාරීරික වධහිංසාවට පාත්‍ර වීම, අවමන් සහගත සැළකිලිවලට දඬුවමකට පාත්‍ර වීම ගැන ඊනියා සිවිල් සමාජ කෙළ පිඩක්වත් හල්නනේ නැත.
මේ ගැන කථා කරමු ..........
මේ කථා කථා කරන්න
ජනතාවගේ පරමාධිපත්‍යය කිසිවෙකුට උදුරා ගන්න ඉඩ නොතබමු.
No comments:
Post a Comment