Saturday, August 30, 2014

මළවුන් නැගිටීම - මළගිය ඇත්තෝ මිනී කාමරය තුල දඟලති.


54 හැවිරිදි බ්‍රසීලියානු ජාතික ඔලිවරියා මිය ගිය බවට තීරණය කළ වෛද්‍යවරු මෘත දේහය මිනී කාමාරයට බාර දී ඥාතීන්ට දැනුම් දුන්නේය.
පැය දෙකකට පමණ පසුව මෘත දේහයට ඇදුම් ඇන්දවීමට මිනී කාමරය තුළට ගිය ඥාතියාට දැක ගන්නට හැකි වූයේ මෘත දේහය බහා තිබූ බෑගය දඟලන බවයි.
වහා අන් අයවද කැඳවා, පරීක්ෂා කළ විට, දුටුෙව් දෙපා එක්කර බැඳ නාස් පුඩු වලට හා කන් වලට පුළුන් ගසා තිබූ තම ඥාතියා අපහසුවෙන් හුස්ම ගන්නා බවයි.

මළ බවට තීරණය කොට, මෘත ශරීරාගාර වලට දමනු ලැබූ රෝගීන් මියගොස් නැති බවට සොයාගත් අවස්ථා ගණනාවක් වාර්තා වී තිබේ.

මෙම වසර ජනවාරි මස, වස පානය කරන ලද මිය ගිය බවට තීරණය කරන ලද කෙන්යානු ජාතිකයෙකු පසුදින නැගිටීම නිසා රෝහලම විශ්මිත වූ බව වාර්තා විය.

කැලිපෝනියාවේ රෝහලක මිය ගිය බවට ප්‍රකාශ වූ 80 හැවිරිදි, මරියා මිය ගියේ මෘත ශරීරාගාරයේ ශීතකරණය තුළ බව, ප්‍රකාශ කරන ඇගේ පවුලේ උදවිය, රෝහලින් වන්දි ලබා ගැනීම ට පවරන ලද නඩුව තවමත් පවතී. මෙම සිද්ධිය 2010 දී සිදු වූවකි.






සෑම ඉන්දියානුවෙකුටම බැංකු ගිණුමක්.




ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාවේ බිලියන 127 ක් වන ජනගහනයෙන්, අඩකට ආසන්න ප්‍රමාණයක දෛනික ආදායම රුපියල් 130 කට අඩුය.

මෙම තත්ත්වය වෙනස් කර, දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය ආධාර සැපයීම සඳහා සෑම නිවසකටම බැංකු ගිණුමක් ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගනු ඇත.

මෙම බැංකු ගිණුම සමග, ක්‍රෙඩිට් කාඩ් ඒකක ද ඇමරිකානු ඩොලර් 1654 ක හදිසි අනතුරු රක්ෂණයක් පිරිනමනු ඇත.

පසු ගිය දා ලෝක වෙළඳ සංවිධානය යෝජනාවක් ඉන්දියාව නිෂේධ බලය යොදා වැලැක්වීමේ අරමුණ වූයේ එරට ගොවීන් ආරක්ෂා කිරීමටය.







පොලීසියත් ප්‍රාෙද්ශිය ෙල්කම් වරයාත් චීවරධාරියා බළල් අතක් කරගනී.


2014. 12.26  සුනාමියෙන් අවතැන් වූවන් වසර 10 ක් ගෙවීමට ආසන්නව තිබිය දීත් අවතැන් වූවන්ට සුනාමිය ඉවර වී නැත.

බේරුවල සුනාමියෙන් අවතැන් වූවන්ට ආධාර ලබාගෙන, නිවාස හදා දී මහත් ප්‍රසිද්ධියක් ලබා දී ඒවායේ පදිංචිකරුවන්, පලවා හැරීමට පන්සල් පල්ලි දරන උත්සාහයන් පිළිබඳව වාර්තා වේ.

පයාගල මලේගොඩ, පන්සල් වත්තේ, නන්දනායක නැමති චීවරධාරියා විසින් සුනාම් ආධාර යටතේ නිවාස ඉදිකර, සුනාමියෙන් අවතැන් වූ බෞද්ධයින්ට එම නිවාස බෙදාදෙන බව ප්‍රසිද්ධ කර, සුනාමියෙන් අවතැන් වූ පවුල් කිහිපයකට ලබා දී ඉතිරිවා වෙනත් අයට පවරා ඇත.

මෙම නිවාස වලින්, එම පවුල් පලවා හැරීමට, මෙම චීවරධාරියා බළල් අතක් කරගන්නට උත්සාහ ගන්නේ පයාගල පොලීසිය හා බේරුවල ප්‍රාෙද්ශිය ලේකම්වය.

තමන්ට නීත්‍යානුකූලව හිමි වූ නිවාස වලින් පන්නා දැමීමට පොලීසියට හෝ ප්‍රාෙද්ශිය ලේකම්වරයාට හැකියාවක් නැත.

ඒ පිළිබඳව මෙම පිරිස මානව හිමිකම් කොම්ෂමට පැමිණිලි  කර තිබේ.




යුක්තිය ගබ්සා කිරීමට පොලීසිය ලව්වා ගත් උත්සාහය වලකී.


කළුතර ග්‍රේස් කුමරි අනාථ නිවසින්, එහි උපන්දා සිට හැදී වැඩී තරුණයින් බවට, පත් ළමුන් පිරිසක්ව, එම නිවසින් පන්නා දැමීමට, එම අනාථ නිවාසයේ පාලකයින් වන කතෝලික සභාව උත්සාහ ගත්තේය.

එම උත්සාහයට යටත්වූ, එම නිවාසයේ තරුණියන් එයින් පිට වූ අතර, තරුණයින් එයට විරුද්ධ විය. ඒ අවස්ථාවේ කතෝලික සභාව, පයියාගල පොලීසිය හා එක්ව, එම තරුණයින් ඉවත් කරන ලෙසට කළුතර අතිරේක මහේසත්‍රාත් වරියගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ඉඩ දෙමින් එම අනාථ නිවසින් තරුණ ළමුන් ඉවත් කිරීමට නියෝග කරන ලදි. එම නියෝගය නීතියට පටහැනි හෙයින් එය අත්හිටවන ලෙසට කළුතර මහාධිකරණයට ඉල්ලීමක් කළේය.

එවක කළුතර මහාධිකරණ විනිසුරුවරයා, මහේස්ත්‍රාත්වරියගේ තීන්දුව නිවැරදි බව තහවුරු කළේය. මෙම තීන්දු අත්හිටවන ලෙසට ඉල්ලමින්, අභියාචනාධිකරණය වෙත යෑමට එම තරුණ ළමුන්ට සිදු විය.

තරුණ ළමුන් ඔවුන් හැදුනු වැඩුනු නිවසින් ඉවත් කිරිමට කළුතර අතිරේක මහේස්ත්‍රාත්වරිය දෙන ලද, කළුතර මහාධිකරණයේ එවක විනිසුරු අනුමත කළ තීන්දුව අත්හිටවූ අභියාචනාධිකරණය ඒ පිළිබව නඩුව විභාග කර, 2014.08.29 වන දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ අනාථ නිවසින් තරුණ ළමුන් ඉවත් කිරීමට දෙන ලද තීරණය වැරදි බවයි.

මෙම අභියාචනාධිකරණ තීන්දුව සියලු අවංක මානව හිමිකම් ක්‍රියාකාරින්ට ආරක්ෂකයින්ට වැදගත් වන්නකි.

කතෝලික සභාව ළමුන් අපයෝජනය කිරීම අදාලව විස්තර මෙයට ෙපර ඉදිරිපත් කර තිබේ.

මේ රටේ නීතිය මත පාලනය බි දැමීමට “බලය” ඇති පුද්ගලයින්, ආගමික ආයතන දරන උත්සාහයන් පිළිබඳව, අධිකරණ තීන්දු පදනම් කරගෙන, ජනයා දැනුවත් කිරීමට පියවර ගත යුතුව තිබේ.

සම්පූර්ණ නඩු තීන්දුව හා ඒවාට පදනම් වූ කරුණු යථා කාලයේ ඔබ අතට පත් කරනු ලබන බව සලකන්න.


Friday, August 22, 2014

පිල්ලේ ආරක්ෂක මණ්ඩලයට බැට දෙයි.



එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබ මහ කොමසාරිස් නවී පිල්ලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් වගකීමෙන් ක්‍රියා කළේ නම් දස දහස් ගණනක ගේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණ බව ප්‍රකාශ කළේය.

පටු අරමුණු සහා ආරක්ෂක මණඩලයේ නිත්‍ය සාමාජිකයින්, වැළැක්විය හැකිව තිබූ ගැටුම් නතර නොකළ බව උදාහරණ සහිතව පෙන්වා දුන්නේය.

සිරියාවේ හා යුක්ක්‍රේනය පිළිබව සහන් කරමින් ඇය පවසා සිටින්නේ ඇමරිකාව හා රුසියාව නිෂේධ බලය උපයෝගී කර ගනිමින් කටයුතු කිරීම නිසා, සිය සිය දහස් ගණනක් ජීවිත නැතිවෙන බවයි.

මානව හිමිකම් පිළිබ ගැටළු පවතින රටවල්, මානව හිමකිම් නිරීක්ෂකයින් කිහිප දෙනෙකුට අවසර දී අවි ආයුධ ලබා ගන්නා බවද, ඇය පෙන්වා දී තිබේ.


මෙම මස 31 සිය පදවියෙන් සමු ගන්නා පිල්ලේ, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහා විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අවධාරණය කළේය.  

යකඩ ෂර්මිලාව යළිත් අත්අඩංගුවට


මම සියදිවි නසාගන්නේ නෑ. මම ගාන්ධි අනුගමනය කරමින් උපවාස කරන්නේ.
වසර 14 ක් පුරා නඩු නැතිව බන්ධනාගාරයේ තබාගෙන සිටි ඉරෝමි ෂර්මිලාව නැවත, මනිපූර් පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.

ඇය උපවාසය ආරම්භ කිරීම සමග, ඇය අත්අඩංගුවට ගැනීම ප්‍රකාශ කරන මනිපූර් මහ ඇමති කියා සිටියේ ඇයව අත්අඩංගුවට නොගත් බවයි.

නමුත් ඇයව අත්අඩංගුවට ගැනීම මනිපූර් පොලීසිය තහවුරු කළ අතර චෝදනාව කුමක්ද යන්න පිළිබ හෙළිදරව් කර නැත.


නැවත සිය දිවි නසා ගැනීමට තැත් කිරීම යටතේ නඩු පවරනු ඇතැයි එරට මාධ්‍ය විශ්වාසය පළ කරයි.

Thursday, August 21, 2014

ඉන්දිරා ගාන්ධි ඝාතන චිත‍්‍රපටය තහනම් කරයි.

අද, 22 සිකුරාදා මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණයට නියමිතව තිබිණ. 1984 දි ඉන්දිරා ගාන්ධිව ඝාතනය කළේ ඇගේ රැුකවලූන් දෙදෙනා විසින්ය. ෂික් ජාතිකයින් වු මෙම ආරක්ෂකයින් දෙන්නා ඉන්දිරා ගාන්ධිව ඝාතනය කළේ 1984දි පන්ජාබයේ ෂික් සටන්කාමින් සැ`ගවී සිටි රන්දෙවොල ආක‍්‍රමණය කිරිමට පළිගැනිම සඳහාය. 
”පන්ජාබයේ දියමන්ති” යන අරුත ඇති "කවුන් දේ හීරේ” පාන්ජාබ් චිත‍්‍රපටය මගින් ඉන්දිරා ගාන්ධිව ඝාතනය කළ ආරක්ෂකයින්ව වීරයින් කර ඇති බවට නැගෙන චෝදනාව චිත‍්‍රපටය තහනම් කිරිමට හේතු වී තිබේ.
මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කළහොත් ජන කැළඹීම් ඇති විය හැකි බවට පාලක භාරතීය ජනතා පක්ෂය මෙන්ම කොන්ග‍්‍රස් පක්ෂයද බිය පළකර ඇත. ඉන්දිරා ගාන්ධි ඝාතනය සමග නව දිල්ලි නුවර ෂික් ජාතිකයින් දහස් ගනනක් මරා දමනු ලැබීය. එම අතීතය තවමත් රැව් පිළි රැව් දෙති.

ඉන්දිරා ගින්ධිට වෙඩි තැබු බියන්ට් සිං ව ඊට ටික වේලාවකට පසුව පොලීසිය වෙඩි තබා මරා දමන ලද අතර, සැවනන්ට් සිං ව නඩු විභාගයෙන් පසුව එල්ලා මරා දමනු ලැබීය. මෙම ෂික් ජාතිකයින් වටා චිත‍්‍රපටය ගොඩනගා තිබේ.

තම චිත‍්‍රපටයේ වීරයින් හෝ දුෂ්ටයින් නැති බව ප‍්‍රකාශකරන අධ්‍යක්ෂ රවින්ද්‍ර රවි තනම් ගැන විරෝධය පළකර තිබේ. මේ අතර චිත‍්‍රපට ප‍්‍රදර්ශණ සහතික නිකුත් කිරිම සඳහා අල්ලස් ලබාගත් බවට චෝදනා කර පසුගියදා මුම්බායි පොලීසය අත්අඩංගුවට ගත් එරට චිත‍්‍රපට පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක රකේෂ කුමාර හා මෙම චිත‍්‍රටයේ නිෂ්පාදක අතරද සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව ද පරික්ෂණ පවත්වන බව ඉන්ධිය ප‍්‍රවෘති දේපාර්තුමේන්තුව ප‍්‍රකාශකර තිබේ. 

Wednesday, August 20, 2014

14 වසරකට පසු යකඩ ගැහැණිය නිදහස් කරයි


මනිපුරයේ ඉරෝම් ශර්මිලා ව ඉන්දිය පොලීසිය අත්අඩංගුවට ගත්තේ 2000 වසරේදීය. ඒ අැය විසින් ආරම්භ කළ උපවාසය නිසාය. මනිපුර්යේ බස් නැවතුම් පොලකට ඉන්දීය හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ළමුන් දෙදෙනෙකු ඇතු`ථ දස දෙනෙක් මරුමුවට පත්විය.
ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදි වැළක්වීමේ පතනට නෑකම් කියන ඉන්දීය හමුදාව සඳහාවු විශේෂ බලතල පනත ක්‍රියාත්මක වන මනිපුරයේ සිදුකළ මෙම ඝාතනයට වගකිව යුතු හමුදා නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරිම නිසා ඉරෝම් ශර්මිලා උපවාසය ආරම්භ කළෙය.
ඉන්දීය නීතිය යටතේ සිය දිවි හානිකර ගැනීමට තැත් කිරිම වරදකි. උපවාස කිරිම සියදිවි හානි කර ගැනීමට තැත් කිරිමක් ලෙසට සලකා අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර  බලහත් කාරයෙන් නල මගින් ආහාර දීමට පියවර ගත්තේය.
දවසට කිහිප වරක් නල මගින් ආහාර ශරිර ගත කරමින් වසර 14 ක් ඇයව බන්ධනාගාර රොහලේ  තබාගෙන සිටි ඇයව නිදහස් කරන ලෙසට අධිකරණය නියෝග කළේය.  නිදහස්වු ඇය හමුදා වල මිනිමැරිම් දුෂණ වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනා යුතු බව හා හමුදාවල මිනිස් ඝාතන ඇතුලූ නීති විරෝධි ක්‍රියාවන් ට ඉඩ සලසා ඇති හමුදාවලට විශෙෂ බලතල දෙන පනත අහෝසි කරන තුරු උපවාසය අත්නොහරින ඇතැයි විශිවාස කෙරේ.

හමුÞව සිදුකරන අපරාධ වලට දුවම් නොලබා සිටිමට වරම් ලබාදී තිඛෙන මෙම පනත ඉවත් කළ යුතු බව මානව හිමිකම් ක්‍රියා කාරින්ගේ හා නිදහස් මතධාරින් ගේ අදහසයි.

අවු : 90 යි, යුක්තිය වෙනුවෙන් පාරට බැස - පොලිස් අත්අඩංගුවට



හිට්ලර්ගේ වධක කවුරින් බේරුණු කිහිප දෙනා අතරින් කෙනෙකු වූ 90 හැවිරිදි, හේඩි එපස්ටියන් ඇමෙරිකාවේ මිසොරි ප්‍රාන්තයේ පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වූ කළු ජාතික මයිකල් බ්‍රවුන් ට සාධාරණය ඉටු කර ගැනීම වෙනුවෙන් පවත්වන පෙළපාලි වලට එක් විය.

ඉතා තරුණ වයසේ සිට යුක්තිය වෙනුවෙන් සටන් කළ තමාට, අවු : 90 දී, මේ ආකාරයට පාරට බසින්නට සිදු වේ යැයි නොසිතූ බව පොලිස් අණ නොතකා පෙළපාලියේ යෑම නිසා අත්අඩංගුවට පත්වීමෙන් පසුව ප්‍රකාශ කළේය.

කළු ජාතික නිරායුධ තරුණයෙකු වූ 18 හැවිරිදි මයිකල් බ්‍රවුන්ව පොලීසිය වෙඩි තබා මරා දැමීමට එරෙහිව, එම ප්‍රන්තයේ ආරම්භ කළ විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබේ.

වෙඩි තැබීම ගැන යුක්තිය ඉටු කරන බවටත්, සන්සුන් වන ලෙසටත් ඇමරිකානු ජනාධිපති ඔබාමා මිසොරි ප්‍රාන්ත ජනයාට කළ ආයාචනය පලක් වී නැති බව වාර්තා වේ.

එරට මේ වන විට,  මයිකල් බ්‍රවුන්ව වෙඩි තැබූ නිලධාරියා ලෙසට ඩැරන් විල්සන් නම් වූ නිලධාරියා ව හුනාගෙන තිබේ.

 මයිකල් බ්‍රවුන්ගේ සිරුරේ වෙඩි පහරවල් දහතතුනක් තිබූ බව, ඔහුගේ සිරුර පරීක්ෂා කළ පවුලේ වෛද්‍යවරයා අධිකරණයට වාර්තා කළේය.

ඇමෙරිකාවේ පොලීසිය මිලිටරිකරණය කිරීමට එරෙහිව මේ වන විට විරෝධතාවයන් එල්ල වී තිබේ. පොලීසිය නිරායුධ කළ යුතු බව ඔවුන් ගේ ඉල්ලීමයි.

මෙම විරෝධතාවයන්ට නායකත්වය දුන් 90 හැවිරිදි, හේඩි එප්ස්ටියන් නට්සි යුද්ධ අපරාධ ගැන නියුරන්බර්ග් නඩු විභාගයදී සාකෂි දුන් තැනැත්තියෙකි.

ඇය කියා සිටින්නේ ඉදිරියට අවු 90 අයට විරෝධතාවලට එක් නොවී සිටින්නට හැකි සාධාරණ සමාජයක් බිහිවිය යුතු බවයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇය ඇමරිකාවේ පදිංචියට පැමිණි අයෙකි.


 

ඉස්ලාමීය අන්තවාදීන් ඇමෙරිකානු මාධ්‍යෙව්දියාගේ හිස ගසා දමයි.



2012 වසරේදී, සිරියානු ගැටුම් වාර්තා කිරීමේ නිරතව සිටි, ඇමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පී ජේම්ස් ෆොලේව, ඉස්ලාමීය අන්තවාදීන් පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රවා තබාගනු ලැබීය.

ඉස්ලාම් රජ්‍යය සංවිධානය නම් වූ (අයි.එස්.අයි.එස්.)  මෙම සංවිධානය, ඉරාකයේ හා සිරියාවේ ප්‍රෙද්ශයේ ගණනාවක බලය තහවුරු කරගෙන තිබේ.

අල්කයිඩා සංවිධානයට සම්බන්ධ මෙම ඉස්ලාමීය අන්තවාදී සංවිධානය විසින්, තම ඉල්ලීම් ලබා නොදුන්නහොත්, තම අත්අඩංගුවේ සිටින ඉතිරි ඇමෙරිකානු වන්ගේද, හිස ගසා දමන බව ට ප්‍රකාශ කර තිබේ.

ඉරාකයේ  අයි.එස්.අයි.එස් සංවිධානය බලය අල්ලාගෙන සිටින ප්‍රෙද්ශවලට ඇමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කරමින් ඉරාක හමුදාවන්ට සහය පල කිරීම ආරම්භ කර ඇත.

මෙම ඇමෙරිකානු මාධ්්‍ය වේදියා ගේ හිස ගසා දැමීමට පෙර ඔහු ඇමෙරිකාවට ප්‍රකාශය කළ බවද, එම සංවිධානය කියා සිටී.

ලොව පුරා මාධ්‍යෙව්දීන් පැහැර ගැනීම මරා දැමීම හා තම අරමුණු ඉල්ලීම් දිනා ගැනීමට ප්‍රාණ ඇප කරුවන් ලෙසට රවා තබා ගැනීම වර්ධනය වී ඇති බව මාධ්‍යෙවේදීන්ගේ සංවිධාන ප්‍රකාශ කරයි.




බාහිර අස්ථිපංජරය - අස්ථි රෝගීන්ට නව ජීවයක් ලබාදෙයි.



රුසියාව මගින් නිපදවා තිබෙන, ඉතා ලාභදායි බාහිර අස්ථිපංජරය නිසා, අස්ථි හා පේශි රෝග නිසා, ඇවිද ගන්නට බැරි රෝගීන්ට, ඇවිදීමට හා තම කටයුතු කරගෙන යෑමට මහත් පිටුවහලක් වී තිබේ.

බටහිර නිපදවන, බාහිර අස්ථි රෝගයන් ඉතා මිළ අධික හෙයින් එය සාමාන්‍ය ජනයාට මිළදී ගැනීමට නොහැකිව තිබේ.

රුසියානු බාහිර අස්ථි පංජරය ඉතා සහනදායි මිළකට රෝගීන්ට ලබාදීමට පියවර ගන්නා බව විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබේ.



භූමිකම්පා, ජල ගැලීම් වලට හේතුව “අයිස් කන්‍යාවගේ” මමිය ගොඩ ගැනීමයි.


 වසර 2500 කටත් වඩා පැරණි, ඉතා හො තත්ත්වයේ පවතින මමිය කෙතුකාගාරයෙන් එය තිබූ සොහොන් ගැබට ගෙන යෑමට අටාලායි වැඩිහිටියෝ තීරණය කර තිබේ.
අටාලායි සමූහාණ්ඩුව රුසියාවේ ප්‍රාන්තයකි. මොන්ගෝලියාව, චීනය, කසකස්ථානයට මායිම්ව පිහිටි මෙම ප්‍රාන්තයේ වෙසෙන අටාලි ස්වදේශිකයින් තවමත් භූතයින් පිළිබව විශ්වාස කරති.
මෙම මමිය, ක්‍රිස්තු පූර්ව 5 වන සිය වසට අයත් එකක් බව විද්‍යඥයින්ගේ මතයයි. 1993 පුරාවස්තු කැනීම් වලදී සොයා ගන්නා ලද ඉතා හො තත්ත්වයේ පවතින මමිය  අටාලායි ප්‍රාන්තයේ ස්වදේශිකයින් විශ්වාස කරන්නේ, මමිය එම ප්‍රාන්තය පාලනය කළ අටලී කුමරියගේ බවයි.
සයිබීරියානු අයිස් කන්‍යාව ලෙසට ද හුන්වනු ලබන මෙම කුමරිය ගේ බවට විශ්වාස කරන මමිය, සොහොන් ගැබෙන් ගොඩ ගැනීම නිසා, ඇගේ භූත ආත්මය කෝප කරවා ඇති බවට ස්වදේශිකයින් අතර විශ්වාසයක් පවතී.
මෙම ප්‍රාන්තයේ ඇතිවූ භූමි කම්පා, ජල ගැලීම් එහි ප්‍රතිඵලය වන බව ඔවුන්ගේ විශ්වාසය වී තිබේ.
මෙම මමිය, පර්ෂෙණ සහා යොදා ගන්නා අතර, මමිය ප්‍රතිනිර්මානය කර ඇත.ඉතා හො තත්ත්වයේ පවතින මමිය ස්ත්‍රියකගේ බවට සැකයක් නොමැත.
ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට භාජනය කරන, මමිය ඉදිරියේ ඉතා වැදගත් පර්යේෂණ වලට අවශ්‍ය බව විද්‍යාඥයින් ගේ මතයයි. මෙම මමිය, කිසිදු වෙනසකට භාජනය නොවී පවතින බවත්, එයට ගල්වා තිබෙන බෙහෙත් මගින්, ආරක්ෂා කර ඇති බවත් ඔවුන් පවසයි.

නමුත් ප්‍රෙද්ශයේ ස්වදේශිකයින් කාලයක් මුලුල්ලේ ගෙන ගිය බලපෑම් මත, පසු ගිය දා, ප්‍රාන්ත වැඩිහිටියන්ගේ සමුළුව මගින්, මමිය තිබූ තැන තැන්පත් කර, භූත බලවේග වලින් ප්‍රාන්තය රැක ගත යුතු බව කියා තිබේ. භුත බලවේග වලින් ප්‍රාන්තය රැකගත යුතු බව කියා තිබේ. ඒ අනුව, මෙම මමිය, තිබූ සොහොන් ගැබේම තැන්පත් කරනු ඇත.
ලෝකයේ, මමිය ගැන ප්‍රකට ඊජිප්තුවේ පිරමීඩ වල තැම්පත් සිරුරු හා සමානව, ඉතා සුරක්ෂිතව, දිරාපත් නොවී, තිබෙන මෙම මමිය කෙතුකාගාරයෙන් ඉවත් කර, යළි මිහිදන් කිරීමට විද්‍යාඥයෝ අකමැති වුවත් රුසියානු රජය, ස්වදේශිකයින්ගේ ඉල්ලීමට ඉඩදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම මමිය තිබූ සොහොන් ගැබේම තැන්පත් කරනු ඇත.

 
ප්‍රතිනිර්මාණය කරන ලද මමිය



Tuesday, August 19, 2014

මළ කතුන් 100ක් දුෂණය කළා.


මළමිනී දුෂණය කල මෝචරි සේවකයාව සේවයේ යෙදවූ, ඔහියෝ ප්‍රන්තයේ ප්‍රාදේශීය සභාවට එරෙහිව, වන්දි ඉල්ලා නඩු පැවරීමට, මියගිය අයගේ ඥතීන් පියවර ගෙන තිබේ.
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ මිනී කාමර සේවකයකු ට, මිය ගිය ස්ත්‍රින් දුෂණය කිරීමට ඉඩ හැරීමට ප්‍රාදේශීය සභාව වගකිවයුතු බව පවසන, මියගිය කතුන්ගේ ඥතීන්, සිය ගණනක් මළ කතුන් දුෂණය කරන තෙක් ප්‍රාදේශීය සභාව සුපරික්ෂාකාරී නොවීම මගින් සිය වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා කරයි.
කෙනෙත් ඩග්ලස් නම් වූ මෙම මිනී කාමර සේවකයා, තමා 100කට අධික කාන්තා මළ සිරුරු සමග ලිංගිකව හැසිරී ඇති බව අධිකරණය හමුවේ පිළිගෙන තිබේ.
මොහුගේ බිරිඳ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මොහුව අත්අඩංගුවට ගත් එරට පොලිසිය, මරා දමන ලද 17 හැවිරිදි තරුණියකගේ සිරුරේ තැන්පත්ව තිබූ ශුක්‍රාණු ඞී.එනඒ.පරීක්ෂණ මගින් මොහුගේ බවට අනාවරණය කරගෙන තිබේ.මෙම තරුණිය ඝාතනය කළ තර්ණයා මිනි මැරිමේ චොදනාව පිළිගත් නමුත් දුෂණය කිරිමේ චොදනාව ප්‍රතික්ෂේප කර තිබින. මෙම සොයා ගැනීම නිසා මෙම තරුණිය දුෂණ කොට මරා දමන ලද බවට චෝදනාවෙන්, දුෂණය කිරීමේ චෝදනාවෙන් නිදහස් වීමට මිනීමරුවාට හැකි විය.
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන තමා, රාත්‍රි  වැඩ මුරයේදී, ශීතකරණවල බහා තිබෙන ස්ත්‍රි මළ සිරුරු එළියට ගෙන, තම ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගන්නා බව ඔහු අධිකරණයේදී පවසා තිබේ. කෙනෙත් ඩග්ලස් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවෙක් හා අසාමන්‍ය හැසිරිම් ගැන පැමිණිලි ලැබී තිබුන ද ප්‍රාදේශිය සභාව ඔහු හා අදාල පියවර නොගැනීමේ චොදනාවට ලක්ව තිබේ.
වගකීම, වගවීම, නීතිය කුමක්ද යන්න පැහැදිලි කෙරෙන තවත් උදාහරණයකි මේ.