Wednesday, July 22, 2015

මහා ඇමති බලයෙන් ගිණි අවි ලඟ තියාගෙන ඉන්නේ පොලිසියේ අනු දැනුම ඇතිවයි. එ් නිසායි අල්ලන්නේ නැත්තේ.

මීටියාගොඩ පොලිස් වසමේ කුළියට මිනීමරන්න්, නීති විරෝධී මත් පැන් හා මත්ද්‍රව්‍ය කාරයින් -සියල්ලන්ම ඉන්නේ මහා ඇමතිගේ රැුකවරණයේ. පොලිසිය ඉන්නෙත් ඔවුන් එක්ක.

කඩු ප‍්‍රදර්ශනය කරමින්, ප‍්‍රසිද්ධියේ අපරාධ කරමින්, ගමම භියගන්වමින් සිටි මේ පිරිස් ගැන, පැමිණිලි කරන අය ගේ්, අත පය හා ජීවිත අහිමිවීමේ තර්ජණයට මුහුණදී තිබෙන බවද, එයට අතීත උදාහරණ එමට ඇති බවද ප‍්‍රකාශ වේ.

යතුරු පැදියෙන් තම වැඩපල වෙත ගමන් කරමින් සිටියදී, එය නවත්වා, කඩු පොලූ රැුගෙන සිටි, උපනන්ද ඇතු`ඵ පිරිස, තමාව ඔවුන්ගේ වත්ත තුලට ඇදගෙන ගොස් පහර දුන් බවද, ඊට පසු පොලිසිය ගෙන්වා, නිවසට පැන, තමා එ් කඩු පොලූ රැුගෙන සිටි පිරිසට පහරදුන් බවට පැමිණිලි කරමින්, පොලිසියට බාරදුන් බවද ප‍්‍රකාශ කරයි.

එයින්, අනතුරුව එම පිරිසේ අවශ්‍යතාවයට තමාට පොලිසිය තර්ජණය කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

ඔහු පොලිස්පති, මානව හිමිකම් කොමිෂමට කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ.

‘‘2015.07.10 වන දින, ප:ව:5.00 ට පමණ, නිවසේ සිට යතුරු පැදියෙන්, මා වැඩකරන ෙදාමංවිල, බෝධි ජයවර්ධන මාවත ඔස්සේ ගමන් කරමින් සිටින විට, උපනන්ද යන අයගේ නිවස ඉදරිපිටදී, යතුරු පැදිය නවත්වා, ගෙමිදුලට ඇදගෙන ගියා. 
එසේ ඇදගෙන ගියේ, උපනන්දගේ පුතා ගීත්, අසල නිවසේ යසන්ත යන අයගේ මව, ඇගේ නංගී දෙදෙනාත්ය. ඔවුන් දෙන්නාගේ නම් දන්නේ නෑ. අඳුරනවා.
ගේට්ටු වසා, මිදුලේදී මාව අල්ලාගෙන, ගීත් යන අය දුරකථනයෙන්, පියා වන උපනන්දට කතා කර ගෙන්වා ගත්තා. උපනන්ද සමග දහ දෙනෙක් විතර ආවා. උපනන්ද, ගීත්, සුද්දා නැමැති අය හා යසන්ත නැමැති අයගේ අම්මා අත කඩු තිබුනා. අනෙක් අය අත පොලූ තිබුනා. 
මට පහර දුන්නේ ගීත් හා උපනන්ද යන අය. ඔවුන් පහර දුන්නේ මගේ හෙල්මට් එකෙන් හා අතින් පයින්.
එසේ පහරදී, උපනන්ද යන අයගේ බිරිඳ පොලිසියට කතාකර, ගෙන්නුවා. මීටියාගොඩ පොලිසියේ පො.ප.දිනේෂ් ඇතු`ඵ කිහිප දෙනෙක් ආවා. පො.ප.දිනේෂ් මට පහර දී ඇදගෙන ගිහිල්ලා ජීප් එකට දමාගෙන පොලිසියට ගෙන ගියා. පාරේ වැටී තිබූ යතුරු පැදියද ගෙන ගියා.
පොලිසියේදී කූඩුවට දමා, පසු දින (11 දින* සවස 2.30 ට පමණ, මා වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයෙකු ලගට ගෙන ගියා. මාව පොලිස් ඇප මත මුදා හැරියා. පොලිසියේදී මගෙන් කටඋත්තරයක් ගත්තේ නෑ. මට පහරදීම ගැන පැමිණිල්ල ලිය ගත්තේ නැහැ. මාව වෛද්‍යවරයෙකු ලඟට ගෙන ගියේ නැහැ. මීළඟ නඩු දිනය වූ 16 දින උසාවියට ගියා. එදින පෙර ඇප මතම මුදා හැරියා. 
පොලිසියේදී, පො.ප.දිනේෂ් නිලධාරියා මට දිවුර දිවුරා කිව්වා, කවුරු හරි මට විරුද්ධව පැමිණිල්ලක් කළොත් බෝම්බයක් දමා, රිමාන්ඞ් එකට යවන බවට.
පො.ප.දිනේෂ් නැමැති නිලධාරියා මට පහර දුන් උපනන්ද යන අය හා ඔහුගේ පවුලේ උදවිය සමග සම්බන්ධකම් පවත්වාගෙන යනවා.
උපනන්ද යන අය සතුව කඩු හතරක් තියෙනවා. එ් කඩු අත ඇතිව තමයි මට පහර දුන්නේ. මෙම කඩු හතර ප‍්‍රදර්ශනය කරමින්, යසන්ත නැමැති අයගේ ෆේස් බුක් තිබූ ජායාරූප ගැන මා පොලිසියට කිව්වා. නමුත් පොලිසිය පියවර ගන්නේ නැහැ’’.
මෙම අපරාධයට ගොදුවුයේ කුරු`දු තලන්නෙකු වු ද, දෙදරු පියෙක් වු ද පුෂ්ප කුමාරය.


Tuesday, July 21, 2015

පොලීසියට බාරවී, පොලීසියේ ඉන්නකොට අල්ලගෙන ගිහිල්ලා කූඩු (හෙරෝයින්) දමා රිමාන්ඞ් කරලා.


පියා

නඩුවකට ඉදිරිපත්වන්න පානදුර මහේස්ත‍්‍රාත් උසාවියට පැමිණ සිටියදී, සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් උසාවි භූමියේදී අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. 

තම නීතිඥවරිය සමග උසාවියෙන් එළියට ඇවිත්, ඇගේ උපදෙස් මත, ඇය හඳුන්වා දුන් නීතිඥවරයා ද සමග පානදුර දකුණ පොලීසියට ගොස් බාර වුණා.

ස්ථානාධිපති ඔහුව අත්අඩංගුවට ගන්න අවශ්‍යතාවයක් නැති බව ප‍්‍රකාශ කළා. එහෙම කියලා ටික වේලාවකින් පොලීසිය ඇතුලෙදීම අත්අඩංගුවට ගත්තා.

ඊට පස්සේ කුඩු විකුණමින් සිටියදී කෝවිල ළඟ අහුවුණා කියලා උසාවියට ඉදිරිපත් කරලා රිමාන්ඞ් කළා. මෙම ප‍්‍රකාශය කරන්නේ මෙසේ අත්අඩංගුවට පත්ව, දැනට රිමාන්ඞ් බාරයේ සිටින විරාජ් සුනන්ද සිල්වා ගේ මව හා පියාය. 

ඔවුන් විසින් කර තිබෙන ලිඛිත පැමිණිලි දෙකෙන් සියලූ කරුණු හෙළිදරව් කර තිබේ.

එම පැමිණිලි දෙක පහත දැක්වේ.

මව ගේ පැමිණිල්ල
 01. සභාපති
    මානව හිමිකම් කොමිෂන් සභාව
    අංක 165
    කිංසි පාර
    කොළඹ 08

02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී
     ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය
     පානදුර

ලිඛිත පැමිණිල්ල

පාලමණ්ඩලිගේ දයානි මල්ලිකා ප‍්‍රනාන්දු, අවු: 45 යි, විවාහක, දරුවන් 03 යි, ලිපිනය: 427/8, ශ‍්‍රී විමලරතන මාවත, කුඩා අරුක්ගොඩ, අලූබෝමුල්ල, පානදුර. දුරකතන අංකය: 077 1804350

2015.07.15 වන දින දීය.

වැලිපිටියගේ විරාජ් සුනන්ද සිල්වා, අවු: 28 යි, අවිවාහක, කාර්මික, මාගේ පුතා වේ.

අද දින එනම්, 2015.07.15 මාගේ පුතා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ ඔහුට විරුද්ධව පවතින නඩුවකට ඉදිරිපත් වීමට උසාවියට පැමිණ සිටියා. (එම නඩු අංකය 05027*

එ් අවස්ථාවේ සිට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි පොලිස් විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර, එම එ්කකයේ සම්පත් චමින්ද සොයිසා ඇතුලූ කිහිප දෙනා මාගේ පුතාව පැහැර ගැනීමට උත්සාහ ගත්තා.

එ් නිසා මෙහිදී, නීතිඥ චන්දන අමරසිංහ මහතා මගින් පානදුර දකුණ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වෙත ඉදිරිපත් වුණා. 

ඔහු එ් අවස්ථාවේදී එම විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර මහතාගෙන් මාගේ පුතාව පොලීසියට අවශ්‍යද කියා විමසා සිටියා. අවශ්‍ය නැති බව ප‍්‍රකාශ කළා. නමුත් එම ප‍්‍රකාශය බොරුය.

එසේ සිටින විට මේ මොහොතේ සවස 4.00 ට පමණ පොලිස් ස්ථානයේ වැසිකිලියට ගිය අවස්ථාවේ ඔහුව පොලිස් විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර, එම එ්කකයේ සම්පත් චමින්ද සොයිසා ඇතුලූ පිරිස ඔලූවට පිස්තෝලයෙන් ඇන මාංචු දමා පානදුර වැල්ලේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ විශේෂ එ්කකයට රැුගෙන යන ලදි.

මා ඉල්ලා සිටින්නේ, 

මාගේ පුතාට වහාම වධ හිංසා දීම නවත්වා, බොරු නඩු දැමීම වළක්වා වරදක් කර ඇති නම් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරවන ලෙසටය. 

පාලමණ්ඩලිගේ දයානි මල්ලිකා ප‍්‍රනාන්දු

පියා ගේ පැමිණිල්ල
01. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

02. නීතිපති,
     නීතිපති දෙපාර්තමේන්තුව,
     කොළඹ.

බොරු නඩු දැමීම, පැමිණිලි බාර නොගැනීම පිලිබඳව 
නීතිමය පියවර ගන්නා ලෙසට කරනු ලබන ඉල්ලීම.

වැලිපිටියගේ රෝහණ සිල්වා, අවු: 49යි, ජා.හැ.අ.66290386ඪ, විවාහක, දරුවන් 03යි, 
රැුිකියාව : මාලූ වෙළඳාම.
ලිපිනය : 427/8, ශ‍්‍රී විමලරත්න මාවත, කුඩා අරුග්ගොඩ, අරුග්ගොඩ, අලූබෝමුල්ල, පානදුර.
2015.07.17 දිනදීය.

වැලිපිටියගේ විරාජ් සුනන්ද සිල්වා, අවු: 28යි, අවිවාහක, - මාගෙ පුතා වේ.

2015.07.15 දින, මාගේ පුතා, ඔහුට විරුද්ධව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩු අංක 05027 ට ඉදරිපත් වුනා.

පානදුර උසාවියෙන් එළියට එන විට, ඔහු අත්අඩංගුවට ගැනීමට, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ පිහිටි විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර, සම්පත්, චමින්ද, සොයිසා යන නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වුනා.

පුතා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නිපුනිකා කරුණාතිලක මිය, මේ බව දැනගෙන, ඇගේ කාර්යාලයට පුතාව රැුගෙන විත් පැය 2 2/1 පමණ තියාගෙන හිටියා.

ඊට පසුව, නීතිඥ චන්දන අමරසිංහ මහතා මගින් පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතට ගෙනවිත් ඉදිරිපත් කලා. 

මමත්, මගේ බිරිඳත් ඔවුන් සමගම, පානදුර දකුණ පොලිසියට පැමිණ ඉදිරිපත් වුනා.

පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපති සිද්ධිය අසා, පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට (වැල්ලේ පොලිසිය* දුරකථනයෙන් අමතා, මාගේ පුතා වන වැලිපිටියගේ විරාජ් සුනන්ද සිල්වා, දැන් තමා ලඟ සිටින බැවින්, ඔහුව බාර ගන්නා ලෙසට ඉල්ලා සිටියා.

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ - විශේෂ එ්කකයේ ස්ථානාධිපති පද්ම කුමාර නිලධාරියා හා අනෙකුත් නිලධාරීන් ප‍්‍රකාශ කලා ඔහුව (පුතාව* අවශ්‍ය නැති බව.

එ්ත් අප පොලිසියට වී සිටියා. මන්ද පොලිසිය තුල හා අවට - ස්ථානාධිපති පද්ම කුමාර, චමින්ද, සම්පත්, සොයිසා යන නිලධාරීන් ගැවසෙමින් සිටි නිසා.

මේ අතර, මාගේ පුතා පානදුර පොලිසිය පිටුපස ඇති වැසිකිලියට ගියා. එ් අවස්ථාවේ ස්ථානාධිපති පද්ම කුමාර, චමින්ද, සම්පත්, සොයිසා විසින් අත්අඩංගුවට ගත්තා.

ස්ථානාධිපති පද්ම කුමාර පුතාගේ හිසට පිස්තෝලය තැබුවා. සම්පත් යන අය මාංචු දැම්මා. ඔහුව යතුරු පැදියකින් ගෙන ගියා.

එ් සමගම මා, පානදුර දකුණ පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පො.ප.අතුල වෙත ගොස්, මෙම අත්අඩංගුවට ගැනීම ගැන පැමිණිල්ලක් දාන්න උත්සාහ ගත්තා. ඔහු එය බාර ගත්තේ නැහැ.

එ් නිසා, මාගේ බිරිඳ, එ් පිළිබඳව ෆැක්ස් මගින් - මානව හිමිකම් කොමිෂමට, පොලිස් මූලස්ථානයට, පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණිලි කලා.

එම නිලධාරින්, මාගේ පුතාට පහරදී හෙරොයින් මිලිග‍්‍රෑම් 540ක් ලග තබාගත් බවට, බොරු චෝදනා නගා, ඊයේ, 2015.07.16 පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලා.

එ් අවස්ථාවේ, නීතිඥ නිපුනිකා කරුණාතිලක මිය විසින් ලබාදෙන ලද නීතිඥ උදේශිකා ප‍්‍රියදර්ශනී මහත්මිය, මේ සියලූම කරුණු, මහේස්ත‍්‍රාත් තුමාට කියා සිටියා.

නමුත්, මහේස්ත‍්‍රාතුමා මාගේ පුතාව, 2015.07.24 දින දක්වා, රක්ෂිත බන්ධනාගාරගත කලා.

2015.07.15 දින රාත‍්‍රියේ, පුතාගේ දුරකථනයෙන් මට, පද්ම කුමාර නිලධාරියා කතා කර කිව්වා, ”උඹලා ෆැක්ස් ගහලා මට විරුද්ධව, එ්ක ඉල්ලා අස්කරගනින්, පුතාව  ඕනිනම්” කිව්වා.

පොලිස්පති තුමනි, නීතිපති තුමනි,

මේ ආකාරයට, අත්අඩංගුවට ගෙන, බොරු නඩු දැමීම මගින් සිදු කරන අපරාධ වලක්වාලීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටිමි.

නොපමාව මැදිහත්ව, මෙම බොරු නඩුව ඉල්ලා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

වැලිපිටියගේ රෝහණ සිල්වා,(පියා)

පොලීසිය බලූ මස් කතිි. එ් බලූ හිමියකු රකින්නට ඉදිරිපත් වීමෙනි.



පාරේ ගමන් කරමින් සිටි මහලූ කාන්තාවක් ව සපාකන ලද බල්ලෙකු පිළිබඳව මේ පුවතින් හෙළිවන්නේ පොලීසියේ බලූ වැඩය.

බලූ හිමියා ප‍්‍රදේශයේ ජාවාරම් කරුවෙක්ලු. ඔහු, පොලීස්කාරයන් හා එක්ව නීතිය ක‍්‍රියාත්මක කිරීම වලක්වා, එම කාත් කවුරුවත් නැති මහලූ කාන්තාව රැවැට්ටුවේය.

ඇය, තමාට සිදුවූ වින්නැහිය ගැන මිල්ලනිය පොලිසි යේ,ස්ථානාධිපතිට,
පොලිස්පතිට, පිටපතක් සහිතව, කරණ ලද පැමිණිල්ලෙන් සියල්ල පැහැදිළිවනු ඇත.

පැමිණිල්ල

ස්ථානාධිපති,
පොලිස් ස්ථානය,
මිල්ලනිය.

අපරාධයට වග කිව යුතු අයට, නොපමවා නඩු පවරන ලෙසට කරනු ලබන ඉල්ලීම.

උක්වත්තගේ දයාවතී, අවු: 52යි, විවාහක, දරුවන් 01යි, රැකියාවක් නොමැත. තොටුපිටියාව, උඳුපියල්ලා වත්ත, පරගස්තොට.
2015.07.13 දිනදීය.

2015.06.20 දින, උදේ 8.30 ට පමණ, පරගස්තොට, මොරොන්තුඩුව පාරේ, මෝහන් නැමැත්තාගේ නිවස ඉදිරිපිටදී, එම ගෙදර බල්ලා මාව හපා කන ලදි.

එ් අවස්ථාවේ එම ගෙදර මෝහන් හා පියශීලි යන අය, මාව ත‍්‍රී රෝද රථයකින් ගෝන¥ව රජයේ රෝහලට යවනු ලැබුවා.

රෝහලේදී මට ප‍්‍රතිකාර ලබා දුන්නා. එයින් පසුව නැවත මාව එම ත‍්‍රී රෝද රථයෙන්ම - නැවත මෝහන් නැමැත්තාගේ නිවසට ගෙන ගියා.

තුවාලයට ගෝන¥ව රෝහලෙන් බෙහෙත් දැම්මේ නැහැ. තුවාලය වහන්න එපා කිව්වා. නමුත් එ් ගෙදර සිටි මෝහන් හා පියශීලි එකතුවෙලා තුවාලයට බෙහෙත් දාලා ගෙදර ඉන්න කිව්වා.

නමුත් මම ටික වෙලාවක් ඉඳලා ගෙදර ආවා. තුවාලය නිසා කකුල ඉදිමුනා. 2015.06.22 දින මම හොරණ රජයේ රෝහලට ගියා. එහදී බෙහෙත් දැම්මා. 

එදිනම, 2015.06.22 වන දින, මිල්ලනිය පොලිසියට ගොස් පැමිණිලි කලා.

2015.06.23 දින පැමිණිල්ල විභාගයට තිබ්බා. එ් අවස්ථාවේ මෝහන් එකඟවුනා රුපියල් හයදහසක් ගෙවන්න. එදත් ප‍්‍රකාශවලට අත්සන් ගත්තා.

2015.06.24 වන දින පොලිසියට එන්න කිව්වා. එදින මෝහන් රු: 1000/=ක් දුන්නා.

සති හයක් යනතෙක් රුපියල් 1000/= බැගින් ගෙවන්න එකඟ වුනා. නැවත 2015.07.01 දින පොලිසියට එන්න කිව්වා. එදිනත් මට රුපියල් 1000/=ක් දුන්නා. 

ඊළඟ සතියේ එනම් 2015.07.08 දින පොලිසියට ගියා. නමුත් මෝහන් කියන අය ආවේ නැහැ. මට 2015.07.11 එන්න කිව්වා. නමුත් එදිනත් මෝහන් කියන අය ආවෙ නැහැ.

එ් අවස්ථාවේ මට පොලිසිය ප‍්‍රකාශ කලා - එ් කොල්ලා එන්නේ නැතිනම්, සල්ලි දෙන්න අපිට බලෙන් ගෙන්න ගන්න බැහැ කියා. නඩුදාන්නත් බැහැ කිව්වා. තවදුරටත් පොලිසිය කිව්වා,  ඕනි නම් ගිහිල්ලා සිවිල් නඩුවක් දාගන්න කියා.

බල්ලාගේ හිමිකරු වන මෝහන් නැමැත්තා පොහොසත්, දේශපාලන සම්බන්ධකම් තියෙන අයෙකි.

මම විශ්වාස කරන්නේ, මෙම බලපුලූවන්කාරකම් උඩ, මට පොලිසියේදී පොරොන්දු වූ මුදල ලබානොදෙන බව හා නඩු නොපවරන බවය.
මා ඉල්ලා සිටින්නේ, දැනට මාසයකට ආසන්න කාලයක් ගතවුවද, මෙම අපරාධය සම්බන්ධයෙන්, මෝහන් නැමැත්තාට හා එම නිවසේ හිමිකාරිය වන පියශීලිට එරෙහිව නඩුපවරන ලෙසටය.

උක්වත්තගේ දයාවතී

පිටපත:
01. ජේ්‍්‍යෂ්ඨ පොලිස් අධිකාරී
    පානදුර.

02. පොලිස්පති

කුඩු ඕනෑ තරම් තියෙනවා. පොලීසිය ඉන්නේ කුඩු ජාවාරම් කරුවන් එක්ක.



කුඩු ජාවාරම්කරුවන්ගේ ඔත්තුවලට අනුව අල්ලාගෙන ගොස් කුඩු ළඟ තබා ගැනීම හෝ විකිණීම යන චෝදනාවලට නඩු දමන බවත්, කුඩු බීමට ඇබ්බැහි තරුණයන් දෙදෙනෙකු ප‍්‍රකාශ කර සිටී.

උසාවියේ වරදකරු බව පිළිගත්තොත් දඩ ගසන බවද, දඩය ගෙවා නිදහස් වීමට පු`ඵවන් බවද පවසන ඔවුන්, නිවැරදිකරු කිවහොත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත්, තමාගේ කතාවට සවන් සවන් දීමට උසාවිය සූදානම් නැති බවත් අවධාරණය කරයි. 

දින කිහිපයකට පෙර පානදුර උතුර පොලීසිය කුඩු විකුණ මිනිහෙක්ව අල්ලලා උසාවි දැම්මා. දැන් ඔහු ඉන්නේ රිමාන්ඞ් එකේ. ඇප අරන් ආපු ගමන් නැවත කුඩු විකුනන්න පටන් ගන්නවා. මේක තමයි චක්කරේ.  

කුඩු ජාවාරම නතර කරන්න පොලීසියට, උසාවියට අවශ්‍ය නැත. කිසි දිනක කුඩු සමග අපව අත්ඩංගුවට ගෙන නැත. ගමේ කුඩු විකුණන එකාව ඇල්ලූ වහාම, ඌට කුඩු ලැබෙන්නේ කොහෙන්ද කියා පොලීසියවත්, උසාවියවත්, ප‍්‍රශ්න කරන්නේ නැත.

කුඩු  ඕනෑ තරම් තියෙනවා. පොලීසිය කුඩු ජාවාරම් කරුවන් එක්ක. දැන් පැකකට් එකක් රු. 600යි.

මේ ජාවාරමට මේ සියල්ලෝම සම්බන්ධයි.

Monday, July 20, 2015

රාජපක්ෂගෙන් කණේ පාර කෑ සුසිල් පේ‍්‍රම ජයන්තගේ ”ආතතිය” දැන් අඩුලූ.



එක්සත් ජනතා නිදහස් සංධෘනයෙන් නාම යෝජනා, දුමින්ද සිල්වාට දෙන්න එපා යයි කිව්වේ මහින්ද රජපක්ෂලූ.

මේ ආරංචිය වෙච්ච, අයියාගේ නාලිකාව ”හිරු” රාජපක්ෂට එරෙහි වන්නට පටන්ගත්තේය.

කලබලයට පත් වූ මහින්ද රාජපක්ෂ දුමින්දට නාම යෝජනා දෙන ලෙසට සුසිල් පේ‍්‍රම ජයන්ත ගෙන් ඉල්ලා සිටි විට, හැමෝගෙම ඉස්සරහා ඇයි ”සර්” නේද දුමින්දට නාම යෝජනා දෙන්න එපා කියලා කිව්වේ යයි, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද රාජපක්ෂගෙන් අසා ඇත.

එ් සමගම සුසිල් ගේ කණ හරහා ගැසූ මහින්ද රජපක්ෂව, අන් අය එකතු වී පිලියන්දල රැස්වීමට පිටත් කර හරිනු ලැබීය.

පිළියන්දල රැස්වීමට කතා කරමින් සිටින විට, හදිසි ඇමතුමක් තියෙනවා කියමින් ඔහුට දුරකථනය දෙන්නේ ලොකුගේය.

එතැන් සිට සිදුවීම වීඩියෝව බලන්න. ලින්ක් එක.
https://www.youtube.com/watch?v=sjlsHl2Q_wk


Saturday, July 18, 2015

අජිත් පී. පෙරේරාය ඡුන්ද නීති අමු අමුවේ කඩයි.

Add caption


මේ වාහන දෙක තිබුෙන් 2015.07.17 දින සවස පානදුර දකුණ පොලීසිය අභියසය . මොහු ඡුන්ද නීති කඩමින් පාර්ලිමේන්තුවට යන්නට තනන්නේ නීතිය රකින්නට නොව සොරකම් කරන්නටය.

පක්ෂය මොකක් වුණත් දුෂණ ලේබල් ගැසූ අෙප්ෂකයන්ට මෙන්ම ඡුන්ද නීති කඩන එවුන්ට ද මනාපය පළ කිරීමෙන් වැළකී සිටින්න.

නොපමාව, මැතිවරණ නීතිවලට පටහැනිව, වාහනවල ස්ටිකර් අලවාගෙන යෑම වළක්වන ලෙසට පොලීසියෙන් ඉල්ලමු.

මහා පරිමාන නිරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වේවා.























Friday, July 17, 2015

වැ.බ.විදුහල්පති ”බුරුසුවා” දැරියක් අපයෝජනයට ලක්කරයි.මවට බුදියගන්න අඬගසයි.

-
දැරිය ෙග් මව
පළමුව තම නිවසට බලයෙන් ඇතුලූවී, තම දියණියට බැන වැදී නින්දා අපහාස කල බවත්, ඉන් අනතුරුව පාසැලේදී යලිත් වරක් ගුරු සිසුන් ඉදිරියේ බැන වැදී නින්දා අපහාස කළ බවත් පවසන මව, එ් පිළිබඳව විමසීමට පාසලට ගිය තමාටද අපහාස කර පාසැලෙන් පන්නා ගත් බවද කියා සිටී.

මෙම සිද්ධිය හෙළිදඑරව් වන්නේ, පානදුර අ`ඵබෝමුල්ලේ, එස්.මහින්ද විද්‍යාලයේ වැඩ බලන විදුහල්පති සෙනෙවිරත්නට එරෙහි එකී මව පොලීසියට, ළමා ආරක්ෂක අධිකාරියාට හා බ.ප/අධ්‍යාපන අමාත්‍යංශයට කර තිබෙන ලිඛිත පැමිණිල්ලෙණි.

බ.ප.අධ්‍යාපන අමාත්‍යංශයට හා ළමා ආරක්ෂක අධිකාරියට කර තිබෙන පැමිණිල්ලේ මෙසේ සඳහන් වේ. 
‘‘.......... අවු: 13යි, බප/හො/එස් මහින්ද මහා විද්‍යාලය -අ`ඵබෝමුල්ල - - ශ්‍රේණීයේ ඉගෙනුම ලබයි. 2015.07.08 දින, පස්වරු 2.30 ට පමණ, මෙම විද්‍යාලයේ වැඩබලන විදුහල්පති සෙනෙවිරත්න, ගේ තුලට අනවසරයෙන් පැමිණ, උස් හඬින් මේ ගෙදර ඉන්න ළමයි කව්ද කියා අසමින් - ”මේ ගෙදර කෙල්ලෝ වගයක් මට බුරුසුවා කිව්වා, මම ගුරුවරයෙක්, එ්ක ඇහිලා තමයි මම ආවේ” කියා කිව්වා. මෙම ශබ්දයට කාමරයේ සිටි, දියණීය ඉදිරියට ආවා. ඇය දුටු මෙම පුද්ගලයා, ”මේ උඹ මොන පංතියෙද, නම මොකක්ද” කියා ඇසුවා. දුව බය වී, පංතිය හා නම කිව්වා. හරි හරි මම බලාගන්නම් කියා ඔහු යන්න ගියා. ඔහු ගියේ, අප පදිංචි ගෙදරට ගෙවල් දෙකක් පමණ එහායින් තියෙන ටියුෂන් දෙන ගෙදරට. පසු දින, මාගේ දියණිය අසනීප නිසා පාසලට ගියේ නැහැ. පසුව ආරංචි වුනා මොහු, 8 සී ශ්‍රේණීයට ගොස් මාගේ දියණීය ඔහුට බුරුසුවා කිවූ බවත්, අද ඉස්කෝලේ ඇවිල්ලා නැහැ, ආවාහම පාඩමක් උගන්වනවා යනුවෙන් කියා තිබෙන බව. ඊට පසු දින, 2015.07.10 දින, උදේ 7.00 ට පමණ, දියණිය පාසැලට ගියා. පාසල ආරම්භ වී, පන්සිල් සමාදන් වීමෙන් අනතුරුව, උදේ 8.00 ට පමණ, වැ.බ.විදුහල්පති සෙනෙවිරත්න, මාගේ දියණියගේ පංතියට ගොස්, උඹ අද ආවාදැයි දියණීයගෙන් අසා, වරෙන් යන්න කියා අඬගසාගෙන විදුහල්පති කාර්යාලයට ගෙන ගොස් තිබේ. කාර්යාලය ඉදිරිපිටදී, උඹ නේද මට එ්ක (බුරුසුවා* කිව්වේ යයි අසමින් බනින්ට පටන් ගෙන තිබේ. උඹ අරූගේ පංතියේ (විදුහලේ දෙමළ විෂය උගන්වන නිෙරෝෂන් නැමැති ගුරුවරයා* නේද ඉන්නේ අමුතු පංතියක්, එකේ ඉන්න එවුන්ගේ (ළමයින්ගේ* ඔලූව ඉදිමිලා යයි කියමින්, එතනට එක්වූ ගුරුවරු ගුරුවරියන්ට, කාර්යාල සේවකයන්ට මේකි තමයි මට එ්ක බුරුසුවා කිව්වේ යයි කියා තිබේ. එ් අවස්ථාවේ රවීන්ද්‍ර, ස්වර්ණ කාන්ති යන ගුරු මහත්ම මහත්මීන් ද, පාසලේ මුරකරු, ලිපිකරු එතැන සිට ඇත. පැය 1/2 අධික කාලවයක් දියණියව කාර්යාලය ඉදිරිපිට සිටුවාගෙන නින්දා අපහාස කර ඇත. එසේ සිටින වට ස්වර්ණ කාන්ති ගුරුවරිය, ඇයට පංකියට යන ලෙස කියා ඇත.දියණිය පංතියේ අඬ අඬා ඉන්න කොට, රවීන්ද්‍ර කියන ගුරුවරයා සමග වැ.බ.විදුහල්පති ද පැමිණ, නිරෝෂන් කියන හිටපු ගුරුවරයාට, පංතියේ ළමුන් ඉදිරියේ විදුහල්පතිවරයා බැන තිබේ. 
වැ.බ. විදුහල්පති ගිය පසු රවීන්ද්‍ර කියන ගුරුවරයා, දියණියව, තවත් පංතියේ ගැහැණු ළමයින් දෙදෙනෙකු සමග, පංතියෙන් එළියට ගෙන, අපි බය නෑ, නමුත් මේක දුරදිග ගෙනියන්න එපා, විදුහල්පතිගෙන් සමාව ගන්න යයි පවසා ඇත. අද දින, 2015.07.13 දින, දියණිය පාසල් යන්න බැහැ කිව්ව නිසා, මම දියණිව අරගෙන උදේ 8.00 ට පාසලට ගියා. මම දියණියව පාසැල තුලට ඇතුල් කර, බාල පුතාව ප‍්‍රාථමික විද්‍යාලයට ඇරලූවා. ඉන්පසු මා පාසැලට ගොස් වැඩ බලන විදුහල්පති සෙනෙවිරත්නව හමුවුනා. මා ඔහුගෙන් විමසුවා ”ඇයි පංතියට ගිහිල්ලා දුවට අපහාස කර බැන්නේ, දුව ඉස්කෝලේ එන්න බැහැ කියා අඬනවා” කියා.

එවිට මෙම වැඩ බලන විදුහල්පතිවරයා, උඹලා අරූගේ පංතියේ නිසාද ඔලූව ඉදිමිලා තියෙන්නේ, මම උඹ එක්ක බුදියගන්න නෙවෙයි ආවේ කියමින්, මට නින්දා අපහාස කරමින් බැන, එ් අසල සිටි ශිවන්ත නැමැති කාර්යාල සහකරුට කිව්වා මාව ඇදලා එළියට දාන්න කියා. එතැනට තවත් ගුරුවරු කිහිප දෙනෙකු ද ආවා. මා පිටව යන අවස්ථාවේ, ගුරුමහත්මියක් කිව්වා ඔය ඉස්සරහාට එන්නේ කලාපේ මහත්තයෙක් කියා. මා ඔහුව නවත්වා ඔහුට ද විස්තර කිව්වා. මේ අවස්ථාවේ වැ.බ. විදුහල්පති කිව්වා, පොලිසිය මගින් මාව රිමාන්ඞ් කරන බව.’’





ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අදට දවස් 2000 යි, මහින්ද රාජපක්ෂ ශ‍්‍රී මහා බෝ සමිදු පිහිට පතයි.


මහින්ද රාජපක්ෂ රෙජිමය ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දවස් 2000 සපිරෙන අද දින, දෛවය සරදමකට ලක් කරමින් යළි බලය ලබාදෙන්නැයි ඉල්ලා ශ‍්‍රී මහා බෝ සමිදු පිහිට පතන්නට තරම් නිවටයකු, බිය ගුල්ලකු බවට ඔවුන් පත්වී ඇත.

මහින්ද රාජපක්ෂ, තමා කළ මහා අපරාධ, රටට කළ විනාශය සුදු රෙද්දකින් මල් වට්ටියෙන් වසා ගන්නට දරන උත්සාහය මේ වන විට ජනතාව තේරුම්ගෙන හමාරය.

අද ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරනලද එවුන්ට පළිගැසිමේ දේව කන්නලව් පවැත්වෙන්නේ  මෝදර කාලි අම්මා කෝවිලේය.

පළිගසන්න හොඳම තැනක් බවට දේව භක්තිකයන් විශ්වාස කරන තැනකි කාලි අම්මා කෝවිල. ඇය යක්ෂණියක් බවද කියති.

දෙවියන් විශ්වාස කරන මහින්ද රාජපක්ෂට කාලි අම්මා කොහොම සලකයිද? දෙයියන් බුදුන් විශ්වාස කරන බව පෙන්වමින් අපරාධ කරන එවුන්ට ජනතාව සවන් නොදෙනු ඇත.


Monday, July 13, 2015

ගහලා කකුල් කඩලා පිස්සෙක් කරලා අං‍ගොඩ දමයි.


මේ ක්‍රියාව සිදුකර ඇත්තේ සිරකරුවන් මනුෂ්‍යයෝය කියා බිත්තියේ ලියාගෙන ඉන්න - ශ්‍රී ලංකාවේ බන්ධණාගාර නිලධාරීන්.

බුදු පිළිම හිටවාගෙන, බෝගස් වවාගෙන හතර පෝයටම බණ කියවන, අන්‍ය ආගමික වැඩ නො අඩුව කරන බන්ධණාගාර නිලධාරීන්. තමන්ගේ භාරයට පත්කරන, තමන් ජීවත් කරවන අසරණයින්ට වධ දෙන එක පුරුද්දක්.

කුඩු කාරයින්ට ගංජා කාරයින්ට රජ දහනක්. දේශපාලකයින්ට සුව මැදුරක්. මේ බන්ධනාගාරයේ හැටි. මේ බන්ධණාගාරයට අධිකරණයේ නියමයෙන් මිනිසුන් යවන්නේ, බාරයේ තබාගෙන රැකබලාගෙන සුමගට යවන්න. එහෙත් වෙන්නේ එයට ප්‍රතිවිරුද්ධ දේ.

ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නඩුවකට ඉදිරිපත් වන ඉන්දික පුෂ්පකුමාරව, පොලොන්නරුව මහේස්ත්‍රාත් රිමාන්ඩ් කරනවා. ගෘහ සේවිකාවකට රෙදි ගලවා පහරදී, ලිංගික අතවර කල බවට චෝදනා එලල්වූ ශ්‍රේෂ්ඨාධිකරණ යේ විනිසුරු සරත් ආබෲව ගෙදර යවන්නේ ශරීර ඇපයක් තියන්න කියා.

අධිකරණයෙන් ඇප නොදී, රිමාන්ඩ් බාරයට පත් කරන ඉන්දිකව එදාම පොලොන්නරුව බන්ධණාගාර නිලධාරීන් තිදෙනෙක් පොලුවලින් ගහලා කකුල කඩා දානවා.

ප්‍රතිකාර කරන්නේ නැ. වේදනාවෙන් කෑගසනවිට, පොලොන්නරුව රෝහලට ගෙනහින් මානසික රෝගියකු ලෙසට හදුන්වා, ප්‍රතිකාර අරන් නොදීම යලින් බන්ධණාගාරයට ගෙනත් දානවා.

මාස දෙකක්ට පසුව, වැලිකඩට මාරැ කරන්නේ, මානසික රෝගියකු ලෙසට හදුන්වමින්. වැලිකඩ හිරගෙදර දොස්තරවරු ඔහුව අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය බාර දෙනවා.

එ අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය ආයතනය අයතනයේ වෛද්‍යවරු ඔහු කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකට බාරදී ප්‍රතිකාර ලබාදෙනවා.

දැනටත් ඔහු ඉන්නේ - අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ.

මොහු ගැන සොයා බලන්න බිරිදට යාමට හැකියාවක් නැහැ. ඒ ඔවුන් දුප්පත් නිසා. බිරිද කියන්නේ එක වරක් බලන්න ගියා, පොලොන්නරැවට එදා රෑ යන්න බැරිව එළිවෙනකම් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න වුනා කියා.

මේ රටේ අධිකරණ පද්ධතියේ, එක් අංශයක් බන්ධණාගාරය. පොලිසි, උසාවිය, නීතිපති දෙපාර්තමේන්තුව වගේම බන්ධණාගාරයත් දූෂණයෙන් පිරිලා. නිලධාරි බහුතරය පරපීඩක මානසිකත්වයෙන් පෙලෙන අය.

රටේ ආණ්ඩුව කරවන අය මේ දවස්වල ඔබ ඉදිරියට එනවා. ඔවුන් අතර කුඩු කාරයෝ, එනතෝල් කාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කප්පන් කාරයෝ, මිනීමරුවෝ ඉන්නවා.

ජාතිය, කුලය හා පුද්ගලික වාසිය ගැන නොසලකා - ඡන්දය පාවිච්චි කරන්න.
හෙට ඔබට, ඔබට, ඔබගේ දරුවාට ඉන්දිකට වුන දේ වලක්වන්න.




Sunday, July 12, 2015

හජ්ජි උත්සවයට ගෙදර ආ රණවිරුවාට බෝම්බ දමා හිරගෙට යවයි.



තෝපූර් මුර පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් මෙම අපරාධය සිදු කර ඇත්තේ ක‍්‍රියාන්විත රාජකාරියේ අවුරුදු 18 සේවය කල මූර්දීන් නැමැති පාබල හමුදාවේ සෙල්දාදුවෙකුටය.

හජ්ජි උත්සවය සැමරීම සඳහා නිවාඩු ගෙන ගෙදර පැමිණි මොහුව අත්අඩංගුවට ගෙන, ජීව බෝම්බයක්, ජිව උණ්ඩ, පුහුණූ උණ්ඩ සමග අත්අඩංගුවට ගෙන, ව්‍යාජ චෝදනා නගා මුතූර් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂීත බන්ධණාගාරගත කරවනු ලැබීය.

ඔහුට ඇප ලබා ගැනීමට මාස 08ක් ගත විය. අපරාධ නඩුවක චූදිතයෙකුවීම නිසා රැකියාවද අහිමි විය.

පොලිස් අපරාධ නවත්වන්නේ නැතිව, රටේ අපරාධ නැවැත්විය නොහැක. අද සෑම පොලිසියකම නීති විරෝධී අවි ගබඩාවන්ය. ගංජා හා කුඩු ගබඩාවන්ය.

මෙම ගිණි අවි, කුඩු, ගංජා අසරණයින්ට ආදේශ කර, බොරු චෝදනා නගා, රිමාන්ඞ් භෘරයට පත්කොට වධ දීම, සාමාන්‍ය පොලිස් සේවාව වී ඇත.

නූර්දීන් මයා, අදාල බලධාරීන්ට ලියන ලද ලිපියෙන් අවධාරනය කරන්නේ පළිගන්න මෙම අපරාධය සිදුකළ බවයි. 

ඔනෑම පොලීසියක කුඩු, ගංජා, ජීව බොම්බ හා පතොරම් ගබඩා කරගෙන සිටින්නේ පොලිස් ඉහළයින්ගේ රැකවරනය යටතේය. මෙම වත්මන් පාලකයෝ තේරුම් ගත යුතුය. පොලිස් ත්‍රස්ථවාදය අවසන් කිරීමට පියවර ගතයුතුය.

රාජපක්ෂ හා ඔහුගේ සහචරයින් යලි බලයට එනන් හදන්නේ, මෙම අපරාධ පවත්වාගෙන යාමට බවද සිත්හී තබා ගන්න.

බුද්ධ පුත‍්‍රයෙකට කැ-රි-යා කියා බැණ වැදී, පහර දුන්න විදුහල්පතිවරයාව අධ්‍යාපන අමාත්‍යංශයට අරගෙන. බුද්ධ පුත‍්‍රයා මහ පාරේ.


මහින්ද රජපක්ෂගේ ගැත්තෙකු වූ, කොළඹ තර්ස්ට් විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ බංඩාර නැමැත්තා, එම විදුහලේ බුද්ධ ධර්මය උගන්වන පූජ්‍ය විජිතසිරි හිමිට, කාර්යාලය තුලද කැ-රි-යා, හු---- පුතා යන වචන භාවිතා කරමින් සිවුරු ගැලවෙන තෙක් පන්න පන්නා පහර දෙනු ලැබුවේ සිසුන් දහස් ගණණක් ඉදිරියේදීය.

මෙම පහරදීම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වූ අතර, තමා බුද්ධ පුත‍්‍රයාට පහර දුන් බව ද පිළිගන්නා ලදි.

මහින්ද රාජපක්ෂ කුප‍්‍රකට කල්ලියේ සාමාජිකයින්ට  ඕනෑම අපරාධයක් කර බේරීමට හැකි වාතාවරණයක් ගොඩ නගා තිබූ අතර, එයට හොඳම නිදසුනකි මේ සිද්ධිය.

නීතියේ ස්වාධීපත්තිය ගැන අද කතා කරන මහින්ද රාජපක්ෂ ගේ එක් කකෙරුවාවක් හෙළී කරන මේ සිද්දීයට අදාල විදුහල්පති, දැනට ඉසුරුපායේ අත්සන් කිරිමට ඉඩදී ඇත.

මොහුගේ පහර කෑමට ලක් වූ පූජ්‍ය විජිත හිමිට මේ දක්වාම පාසලක් ලබාදී නැත. ඔහු මහ පාරේය.

මෙම තත්වය නිසා එම භික්ෂුව දැඩි මානසික රෝගී තත්වයටද පත්ව තිබේ. විශේෂඥ මානසික වෛද්‍ය උපදෙස් පවා පිළිගන්නට අමාත්‍යංශ ලේකම් සුදානම් නැත.

ඔහු පසුගියදා පුජ්‍ය විජිත හිමි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලි.ප.තැ. අමන ලද ලිපිය පහත දක්වමු.

‘‘ උපාලි මාරසිංහ මයා, ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

මහත්මයාණනි

නොපමාව සේවය කිරීමට පාසලක් ලබාදෙන ලෙස, කරණු ලබන ඉල්ලීම.

ඔබගේ 2014.06.11 වන දින හා ඊ.ඞී./2/29/11/07/4 දරන ”උපාධිධාරී අභ්‍යාසලාභී භික්ෂූන් වහන්සේලා හා සෙසු ආගමික පූජකවරුන් ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 ශ්‍රේණියේ පත්කිරීම් 2014 -  පත්වීම් ලිපිය මගින් 2014.06.18 වන දින සිට, බප/කො/තර්ස්ටන් විද්‍යාලයට, බුද්ධ ධර්මය ඉගැන්වීම සඳහා ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 ශ්‍රේණියේ ගුරුවරයකු ලෙසට පත්වීම් ලැබුවෙමි.

2. එම විද්‍යාලයේ මා එදින සිට වැඩ බාරගෙන නිසි පරිදි ඉගැන්වීම් කටයුතුවල නිරත වෙමින් සිටිය දී එවකට විදුහල්පතිව සිටි එ්.ඞී.එම්.ඞී.බංඩාර මහතා විසින් සිදු කරන ලද අපරාධයක වින්දිතයකු බවට මා ද පත්විය. 

3. එම සිද්ධිය අදාලව එවක විදුහල්පතිව සිටි එ්.ඞී.එම්.ඞී. බංඩාර ඇතුලූ එම විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ 03 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා තිබෙන බව ඔබ දන්නා කරුණකි. එම නඩුවේ අංකය ඊ 24657රැු01රැු15 වේ.

4. මෙම තත්ත්වය තුළ ඔබ විසින් ඔබගේ ෑෘරැු01රැු27රැු04රැු01රැු2015 හා 2015.05.22 දරන ලිපියෙන් 2015.06.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාව මත පිළි/වේල්ස් කුමාර විද්‍යාලයට මාරු කරණු ලැබීය.

5. එම ස්ථාන මාරුවට පෙර ඔබගේ නියමය පරිදි අධ්‍යාපන අධ්‍යක්ෂ පී.එන්. අයිලප්පෙරුම මහතා විසින් ෑෘරැු1රැු27රැු04රැු02රැු2015 හා 2015.04.20 දින දරන ලිපියෙන් මාව බප/පිළි/එස්. ද එස්. ජයසිංහ ම.ම. විද්‍යාලයට අනුයුක්ත කරණු ලැබීය.

6. එම අනුයුක්ත කිරීම 2015.05.29 වන දින අවසන් විය. 

7. තවද, එම දිනය දීර්ඝ කරන ලෙසට මා, ලිඛිතව හා වාචිකව ඉල්ලා සිටිය ද එය ඉටු කළේ නැත. 

8. එ් අතර, ඔබගේ 2015.05.22 හා ෑෘරැු01රැු27රැු04රැු01රැු2015 දරන ලිපියෙන්, 2015.06.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි පිළි/වේල්ස් කුමර විද්‍යාලයට ස්ථාන මාරු කරන ලද්දේ සේවා අවශ්‍යතාවය මතය.

9. එ් අනුව 2015.06.12 දින මා පිළි/වේල්ස් කුමර විද්‍යාලයට වැඩ බාර ගැනීමට ගියෙමි.

10. නමුත් පිළි/වේල්ස් කුමර විද්‍යාලයේ විදුහල්පති ජේ.එ්.ඞී. සිරිවර්ධන මහතා එම පත්වීම ප‍්‍රතික්ෂේප කළ අතර එ් බවට සටහනක් ද ඔහු යොදන ලදි.

11. එ් බව මා ඔබ වෙත 2015.06.15 වන දින වාචිකව හා ලිඛිතව දැණුම් දෙන ලදි.

12. මෙහිදී විශේෂ කරුණක් සිහිපත් කළ යුතුව තිබේ. එනම් 2015.03.11 දින, විධිමත් ස්ථාන මාරු අයදුම් පත‍්‍රයක් මගින් වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ඉල්ලූ බව එ් අවස්ථාවේ පත්වීම අනුව වෙනත් පාසලකට මාරුවීමක් දිය නොහැකි බව ප‍්‍රකාශ කර ස්ථාන මාරුව ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලද බව සිහිපත් කරමි.

13. පිළි/වේල්ස් කුමාර විද්‍යාලයේ මට වැඩ බාර දීම ප‍්‍රත්කෂේප කිරීමෙන් අනතුරුව වෙනත් පාසලකට මාරු කිරීම හෝ අනුයුක්ත කිරීම හෝ මේ දක්වාම කර නොමැති බව මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබට වාචිකව හා ලිඛිතව දැණුම් දී තිබේ.

14. දැනට මට සේවය කිරීමට පාසලක් නොමැතිව දින 17 ක් ගෙවී ගොස් තිබේ.

15. මේ අතර අපරාධ නඩුවක පළමු චූදිත හිටපු විදුහල්පති එ්.ඞී.එම්.ඞී. බංඩාර මහතාව කාර්යාලයට අනුයුක්ත කරගෙන තිබේ. අනෙකුත් චූදිතයන් තර්ස්ටන් විදුහලේම සේවය කරණු ලබයි.

16. අපරාධ වින්දිතයකු වූ මාගෙන් අපරාධ සැකකරුවන් හා එක්ව ද්වේශ සහගතව පළි ගැනීමකට මා ඉවත් කර ඇත.

වැඩිදුරටත් මා ප‍්‍රකාශ කරන්නේ ස්ථාන මාරුවක් හෝ අනුයුක්ත කිරීමකට මා හට, සුදුසුකම් ඇති බව ද, මාගේ සේවය ලබා ගැනීමට බප/එස්. ද එස්. ජයසිංහ ම.ම. විද්‍යාලය සූදානම් බවද, මෙම හේතු මත මා හට ස්ථාන මාරුවක් ලබා දිය යුතු බවය.

මේ අනුව තත්ත්වය සලකා බලා තවදුරටත් ප‍්‍රමාද නොකර මා බප/එස්. ද එස්. ජයසිංහ ම.ම. විද්‍යාලයට අනුයුක්ත කරන ලෙසට ඉල්ලා සිටිමි.

එසේ නොමැති නම් නැවත මා හට, තර්ස්ටන් විද්‍යාලයට ම, පත්වීම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. 

පූජ්‍ය මහකන්දේ විජිතසිරි හිමි, 
පරම ධම්ම චේතිය පිරිවෙන
පිරිවෙන පාර, රත්මලාන
2015.07.02

Tuesday, July 7, 2015

දූෂණ වලින් පිරුණු උසාවිවලින් බලා‍පො‍රොත්තු වන යුක්තිය කුමක්ද?


පාදඩ විනිසුරුවරුන් පත් කිරිමෙන් අසරණ වන්නේ මහජනයා. නඩු ප්‍රමාදය තුළ සාක්ෂි විනාශ ‍වෙනවා. නීතිඥයන් නම් කරන්‍‍නේ ‍පොලීසිය. 19 සංශෝධනයෙන්  යුක්තිය ඉටු වන්‍‍නේ නැහැ.

ජුනි 26 වධහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වී‍මේ ජාත්‍යන්තර දිනය. එම දිනය මූලික කර‍ගෙන ‍කොළඹ පැවති කථිකාවකදී ඉදිරිපත් වූ අදහස්වලින් කිහිපයකි ඒ.

සාධාරණ නඩු විභාග හා අධිකරණ පද්ධති‍යේ දූෂණ ‍තේමාව යට‍තේ ජනසංසදය හා  ආසියානු මානව හිමිකම් ‍කොමිෂම (‍හොං‍කොං) විසින් සංවිධානය කරන ලද ‍මෙම කථිකාවට වධහිංසාවට ලක්වුවන් හා අධිකරණවලින් පීඩාවට පත්වූවන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කාන්තා සිවිධාන නි‍යෝජිතයින්, මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය.
‍මෙම කථිකාවට සම්පත් දායකත්වය ලබා‍දෙන ලද්‍දේ, ආසියානු මානව හිමිකම් ‍කොමිෂ‍මේ අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා, හිටපු විගණකාධිපති සරත් මයාදුන්‍‍නේ මහතා, ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ, රංග ශිල්පී, ‍වේදිකා නාට්‍යය අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා, නීතිඥ එස්.ජී. පුංචි‍හේවා මහතා, නීතිඥ ජයන්ත ‍දොලවත්ත මහතා හා සරත් වික්‍රමරත්න මහතා විසිනි.
කථිකාව පිළිබ හැින්වීම කරන ලද්‍දේ නීතිඥ හර්ෂි සී. ‍පෙ‍රේරා විසිනි.
චායාරූප පහතින් බලන්න.



















පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ දෙවන බිරිය තර්ජනය කරනවා.

තම සැමියා වූ පේ‍්‍රම පුෂ්පකුමාරසිරි මදුරප්පෙරුම මීට මාස 15 කට පමණ පෙර අභිරහස් ලෙසට මරණයට පත් වූ බව ප‍්‍රකාශ කරන නන්දනී මහත්මිය, මරණයට මාස දෙකකට පෙර ඔහු සතු සියලූ දේපළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ගේ දෙවන බිරිය වූ නීතිඥ නිර්මලී යසස්වී සිය නමට ලියවාගෙන තිබෙන බවට හෙළිදරව් වූ බව  කියා සිටී.

තම සැමියාගේ මරණය කවර අන්දමට සිදුවූවා දැයි සෙවීමට නොහැකිවන පරිදි, මෙම පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂගේ බලතල යොදාගෙන සියලු සාක්ෂි විනාශ කර දමනු ලැබූ බවද එ් පිළිබඳව විධිමත් අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා සිටිය ද එය සිදු නොවන බව ද ඇය කියා සිටී.

මේ අතර, නීතිඥ නිර්මලී යසස්වී ගේ දෙවන සැමියා වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර හා එක්ව නීිතිඥවරියක් මගින් තමන්ට තර්ජනය කර  ලිපියක් එවා ඇති බවද වැඩිදුරටත් කියා සිටී. 

පානදුර උසාවියට සම්බන්ධ නීතිඥ පී.එ්. සුලෝචනා ධර්මසේන නම් වූ නීතිඥවරිය මගින් එවා ඇති මෙම තර්ජනාත්මක ලිපියට ඇය, නන්දනී මහත්මිය, විසින් 2015.07.09 දාතමින් ලිපියක් යවා ඇති අතර එහි පිටපත් ජනාධිපති, අගමැති, නීතිඥ සංගමයේ සභාපති හා මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

‘‘ ඔබගේ සේවාදායිකාව වූ හෙට්ටිගේ දෝන නිර්මලී යසස්වී ගේ දෙවන සැමියා වූ වර්තමාන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර නැමැත්තා සමග එක්ව 2014.02.13 හෝ ඊට ආසන්න දිනයක මාගේ දෙවන සැමියා වූ පේ‍්‍රම පුෂ්පකුමාරසිරි මදුරප්පෙරුම ඝාතනය කරණු ලැබූ බව,

එම මිනිස් ඝාතනය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පොලිස් විශේෂ විමර්ශන එ්කකයේ සේවය කළ රුවන් ගුණසේකරගේ දෙවන බිරිඳ වූ හෙට්ටිගේ දෝන නිර්මලී යසස්වී හා එක්ව ඝාතනය වසන් කිරීමට සිය බලතල අයුතු ලෙස යොදා ගනිමින් සියලූම පියවර ගත් බව.

මෙසේ මාගේ දෙවන සැමියාව මරා දැමීමට මාස 02 කට පෙර, මොහු (තම සැමියා* සතු වූ සියලූ දේපළ වංචනිකව ඔබගේ සේවාදායිකාවගේ නමට ලියවාගෙන ඇති බව,

මෙම මිනිස් ඝාතනය පිළිබඳව තවමත් මරණ පරීක්ෂණ කටයුතු පවතින බව,

එම මරණ පරීක්ෂණ කටයුතු අප‍්‍රමාදව අපක්ෂපාතීව ඉටුවීම වැළැක්වීමට ඔබගේ සේවාදායිකාව වන දෝන නිර්මලී යසස්වී හා ඇයගේ වත්මන් දෙවන සැමියා වන රුවන් ගුණසේකර නීති විරෝධී හා කුමන්ත‍්‍රණකාරී ලෙසට පියවර ගෙන තිබෙන බව’’ 

සිය ලිපියේ සඳහන් කරන ඇය, වැඩි දුරටත් මෙසේද සඳහන් කර ඇත.  

‘‘ එ් අතර වාරයේ මා හා මාගේ මිය ගිය දෙවන සැමියාගේ එකම පුත‍්‍රයාට හිමි දේපළ වංචනික (හොර අත්සන් යොදා* ලියාගෙන ඉන්පසු, වෙනත් අයකුට/අයවලූන්ට, විකුණා බරපතල අවුල් සහගත තත්ත්වයක් ඇති කිරීමට බාධකයක්ව පවතින, මා විසින් ගෙන තිබෙන නීත්‍යානුකූල පියවර ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට හා එසේ නොකළ හොත් නොපමාව නඩු පවරන බවට තර්ජනය කිරීම’’  පිළිකුල් සහගත ක‍්‍රියාවක් බවය. ඇය එම තර්ජනය ඉවත් කරගන්නා ලෙසට ද ඉල්ලා සිටි.

මෙම කරුණ පිළිබඳව තමා විසින් මීට පෙර අවස්ථා  ගණනාවකදී ජනාධිපති තුමා සහ  අග‍්‍රාමාත්‍ය තුමා දැණුවත් කර ඇති බව පෙන්වා දෙන ඇය, මීනි මැරුම වසන් කිරීමට, දේපළ මංකොල්ල කෑමට පොලිස්  බලතල උපයෝගී කර ගැනීමට ඉඩ නොදෙන ලෙසට යුක්තියේ නාමයෙන් ඉල්ලා තිබේ.                              

එයට අමතරව මිනී මැරුමට හා දේපළ වංචනික ලෙස උදුරා ගැනීමට තැත් කරන දෙදෙනාව නීතිඥවරුන් බව නීතිඥ සංගමයට පෙන්වා දෙන ඇය සත්‍ය හෙළිදරව් කර රටේ නීතිය ස්ථාපිත කිරිමට දායක වන ලෙසට ජන මාධ්‍යයෙන් ඉල්ලා සිටි.