Thursday, March 24, 2011

පොලිස්පති හොරාගෙන් පේන අසයි


රංජිත් සුමංගලව නීති විරෝධී ලෙසට අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙසට දින ගණනාවක් රදවාගෙන සිට - වධහිංසා පැමිණවූයේය.

ඊට පසු බොරු නඩු දැම්මේය. මේ සියල්ල කලේ මිරිහාන පොලිසියයි.

රංජිත් සුමංගල මිරිහාන පොලිසියේ නීත විරෝධී ක්‍රියා, අපරාධ පිළිබදව පොලිස්පතිට ලිඛීතව පැමිණීලි කළේය. පොලිස්පති ඒ පැමිණීල්ල විභාග කරන්න මිරිහාන පොලිසියටම බාරදී ඇත.

ඉහත දැක්වෙන්නේ ඔහුට මිරිහාන පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකගෙන් ලැබුණූ පොලිස් පණීවුඩයයි.

මෙතෙක් කල් පේන ඇහුවේ හොරාගේ අම්මාගෙන්ය. දැන් හොරගෙන්ම අහනවාය.
ආශ්චර්යමත් රටක්, මහජන මිත්‍රශීලී අභිමානවත් පොලිසියක් .

සුබ අනාගතයක් ! ඉපදුන සැටියෙම වස දෙයි



පහත උදාහරණය මෙරට මෑතකදී හතු පිපෙන්නාක් මෙන් මරා දමන බිලිදු දරුවන්ට එකතු වන තවත් කෙදවචාකයකි. මෙය සමාජ දේසපාලන ආර්ථික සහ සංස්කෘතිය පිළිබද ප්‍රශ්නයකි. ඒ විතරක් නොව සියල්ලන් කතාකරන සදාචාරාත්මක බව පිළිබද ප්‍රශ්නයකි.

දින දෙකක් වයසැති බිළිඳකුට වස මුසු මවු කිරි දීමට තැත් කළ බව කියන මවක් හා තවත් තරුණයකු සැකපිට අත් අඩංගුවට ගත් බව හලාව පොලිසිය කියයි. දරුවා මවු කිරිවලට හුරු කිරීම සඳහා මවගෙන් දොවාගත් කිරි භාජනයට වස මිශ‍්‍රකර එය පෙවීම සඳහා හෙදියකට දී ඇත. හෙදිය කිරි ස්වල්පයක් දරුවාට පොවා ඇති අතර කිරිවලින් දුඟදක් හැමීම නිසා ඒ ගැන පරීක්ෂා කිරීමේ දී මේ බව අනාවරණය වී තිබේ. එම කිරි පානය කළ දරුවා ප‍්‍රතිකාර සඳහා යොමු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් කීය.

ඇයි මෙසේ වෙන්නේ? කෝ අපි කතා කරන සුබ අනාගතය. අපි කාටවත් ජය ගත නොහැකියි කිවූ යුද්දය ජය ගෙන තිබේ. ගෙයින් එලියට බැස්ස විට යන්න පාරක් ඇත. ඒ පාරේ දැන් වලවල් නැත. හොදින් කොන්ක්‍රීට් කර ඇත. සිංගප්පුරුවට ගොස් පැමිණි අය‍ට පුංචි සිංගප්පුරුවක් වන තම මවුබිම ගැන සුබ සිහිනයක් ඇති වේ.

නමුත් නොවිසදුන දේ බොහෝය. බිලිදුන් මරා දමන්නේ අම්මලාට කිරි එරෙන්න ප්‍රමාණවත් කෑම ළදරු කිරිපිටි අහස උසට නැග ඇති බැවිනි. අනෙක් අතට අවශ්‍ය සියලු නඩත්තු කිරීම් සදහා යන වියදම දරා ගත නොහැක. ඊළගට අපේ කම සහ අපි හැදුනු වැඩුණු අපි බෙරිහන් දෙන සදාචාරයයි. මේ වාට මොකද වෙලා තියෙන්නේ? දැන් ඇතැම් සිරගෙවල් වලත් පිරිත් කණ්ඩායම් බිහි වෙන බව අසන්නට ලැබේ. කුසට ආහාරයක් හිසට සෙවනක් ඇගට ඇදුමක් නැති අම්මලාට සංවර්දනය, අපේ කම සහ සදාචාරය අරුත් සුන් වචන පමණි.


හර්ෂි සි. පෙරේරා

Wednesday, March 23, 2011

මහජන මුදල්

නිතිය මානව හිමිකම් ප්‍රවර්දනයට නොව අඩාල කිරීමටය



ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (සීඅයිඞී) නිලධාරින් විසින් පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කොට තිබේ. රහස් පොලිසියේ නිලධාරින් ජෙහාන් පෙරේරා මහතාගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කර තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ජාතික සාම මණ්ඩලය රටේ කරන වැඩ නැතිනම් ව්‍යාපෘති මොනවාද? කා සමඟ එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවාද? මණ්ඩලය සමඟ කටයුතු කරන ප‍්‍රධාන අය කවුරුන්ද යන්න ගැන ප‍්‍රශ්න කොට ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

‘මහේල -තිලන් අනතුරේ, තරඟ තහනමකට අවදානමක්’ යන සිරස්තලය යටතේ මාර්තු 06 වන දා ‘ලංකා ඉරිදා සංග‍්‍රහයේ’ පළකළ පුවත සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා එම පුවත ලියූ මාධ්‍යවේදිනියට හා ප‍්‍රධාන කර්තෘවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. අද එම පුවත්පත් ආයතනයට දුරකථනයෙන් කථා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයකු විසින් මේ දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදු කරන බැවින් අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමිණිය යුතු බව කර්තෘවරයාට දැනුම් දී ඇත.

මේ පුවත් දෙකම සනාථ කරන්නේ මේ රට සාමය සහ මානව හිමිකම් ගැන කතා කරන ලියන අය‍ට මුහුණ දීමට සිදුව ඇති තත්වයයි. අපේ වැනි දියුණු වෙමින් පවතින දකුණු ආසියානු රටවලට මේ දේවල් පුදුමයට කරුණක් නොවේ. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී නීති ක්‍රියාත්මක වන්නේ මානව හිමිකම් කප්පාදුවකට මිස ඒවා ආරක්ෂා කිරීමට හා ප්‍රවර්දනය කිරීමකට නොවේ.

මිට ටික කාලයකට ඉහත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය මානව හිමිකම් පිළිබද කටයුතුකරන නිතින්ඥවරු ඔවුන්ගේ නම්ද සදහන් කරමින් ද්‍රෝහීන් ලෙස හදුන්වා දෙන ලදී. රටේ ප්‍රදාන විපක්ෂ දෙශාපලනඥයකු වූ සරත් පොන්සේකා සිරගතව සිටි. මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ පට්ටානි රාසික් සහ මාද්‍ය වේදියකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී දැන් වසරකට පමණ වැඩිය.

ඉදිරියේදී මානව හිමිකම් ගැන කටයුතු කරන්නන්ගෙන් රාජ්ජය මැදිහත් වී සිදු කරන ප්‍රශ්න කිරීම් වැඩි වෙනු ඇත. නිතිය යොදාගනු ඇත්තේ රටේ මානව හිමිකම් තත්වය, නිදහසේ කතා කරන්නට ලියන්නට ඇති අයිතිය දියුණු කිරීමට නොව කප්පාදු කිරීමටය.


හර්ෂි සි. පෙරේරා

Monday, March 21, 2011

දණ්ඩ මුක්තිය


කරනු ලබන වැරදිවලට, අපරාධයන්ට නීතියෙන ගැලවී සිටීමේ නිදහස්වීමේ අවස්ථාවන් බොහෝ ඇති රටකි ශ‍්‍රී ලංකාව.

එවන් රටක බරපතලම අපරාධ ලෙසට සැලකෙන්නේ තවත් මිනිසෙකුගේ ජීවිතය නැතිකර දැමීමයි. ස්ත‍්‍රීන් පෝෂණය කිරීම-  ළමුන්ට ලිංගික අපරාධ කිරීම-මෙවන් අපරාධයක් සිදුකර පවතින අධිකරණය මගින් දඬුවම් කලාට පසුව, එසේත් නැත්නම් දඬුවම් කිරීමට දානම් වන අවස්ථාවක, නැතහොත්, නඩුව විභාග වෙමින් පවතින අවස්ථාවක,

අපරාධකරුව, අපරාධ සැකකරුව - නිෙදාස්කොට නිදහස් කිරීමට, රටේ ජනාධිපති ක‍්‍රියා කරන විට, සහ අපරාධ සැකකරුවන්ට එරෙහි නඩු පැවරීම් නවත්වා දමනවිට- අපරාධය පිළිබදව පරික්‍ෂනණ නොපවත්වන විට-

 ඕනෑම වරදකට, අපරාධයකට දඬුවම් නොලබා බේරී සිටීමට තමන්ටද හැකියාව තිබෙන බව, එකී වරප‍්‍රසාද තමන්ටද හිමිබව වටහා නොගන්නේ, මන්ද බුද්ධිකයින් පමණි.හෘදය සාක්ෂය ඇති, ගරුත්වය ඇති පිරිස, දඬුවම් නොලබා සිටීමට ඇති ඉඩකඩ තුලද, වැරදි, අපරාධ නොකර සිටිති.

මෙම පිරිස අතලොස්සකි. ඔවුන් දණ්ඩ මුක්තිය හෙළා දකිති. ශ‍්‍රී ලංකාවේ දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය හිමි කරගන්නට හැකිනම්, ඔවුන්ට සමාජයේ ඇත්තේ ඉහළ තැනකි. පිළිගැනීමකි. එයින් පෙන්නුම් කරන්නේ බහුතරය දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය හිමි කරගන්නට ඇති ආශාවයි,කැමැත්තයි, අපේක්ෂාවයි.

පන්සල්, පල්ලි, කෝවිල් සහ ළමා අපචාර



"ආගම මගේ ස්වාමියාගේ කෘරත්වයට අනුමැතිය දුන් බව මා විසින් ඉහතින් සදහන් කරන ලදී. මෙය ඔප්පු කිරීමට බොහෝ කරුණු කාරණා වූ අතර පහත සදහන් වන්නේ එක් නිදසුනක් පමණි. ඔහු අබාදිත තරුණ කාන්තාවක් එල්ලා හරක් හමින් සැදු කසයකින් නිරුවත් උරහිස් වලින් උණු ලේ දහරා ගලන තුරු තැලුවේය. ඔහු විසින් සිය තිරිසන් ක්‍රියාව හුවා දක්විමෙහිලා බයිබලයේ පහත පාටයද ගෙන හැර දැක්විය. එනම් යමෙක් සුවාමියාගේ කැමැත්ත දන්නාමුත් එයට පටහැනිව කටයුතු කරයිද හෙතෙම බොහෝ කස පහර වලට ලක්විය යුතුය." (උපුටා ගැනීම ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය - වහල්බාවය)

ආගමික ස්ථාන වල ළමා අපචාර ගැන අසන්නට ලැබුනේ අද ඊයේ නොවේ. නමුත් ඒ ගැන දැඩිව කතා කරන්නට, අපරාදකරුවන්ට දැඩි දඩුවම් දීම සහ අපචාරයට ලක්වූ දරුවන් පුනුරුත්ථාපනයට යොමු කිරීම ගැන සමාජයේ ප්‍රබල ජන මතයක් ගොඩනැගුනේ මෑතකදීය. මෙම ළමා අපචාර වලට පන්සලද පල්ලියද යන්න වෙනසක් නැත.

මාද්‍ය වාර්තා කල අලුත්ම අපචාර සිද්දිය වුයේ අපරෙක්කේ පුන්නාන්ද හිමි විසින් සිදු කලයි කියන සමනේරවරු අපචාරයට ලක් කිරීමය. මෙම හිමිනම ජාතික හෙළ උරුමය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු අතින් ලිංගික අපයෝජනයට ලක් වූ සමනේරවරු ගණන 05 කි.

අපි නැවතත් ෆෙඩ්රික් ඩග්ලස් සුයන් චරිතාපදානය වෙත යොමු වෙමු. "මාහට පැහැදිලි අවබෝදයක් ඇති කරුණකි. එනම් දකුණේ ආගම යොදා ගත්තේ අපරාද වසන් කිරීමට, ම්ලේච්චත්වය යුක්තිසහගත කිරීමට සහ දරුණු වංචාවන් මත සුදු හුණු අලේප කිරීමට බවයි. ආගම වහල් ස්වාමින්ට ආරක්ෂාව සපයන පලිහක්ම විය. "

ලංකාවේ පොලිසි සහ පාසැල තුල සිදුවන බොහොමයක් වදහිංසා පැමිණ වීම් වලදී ඒවා සමත කිරීමට පෙරමුණ ගන්නේ ආගමික නායකයින්ය. තවද ඇතැම් අවස්ථා වල පිරිවෙන් වල වදහිංසා පමුණුවනු ලබන්නේ ස්වාමින් වහන්සේලාය.

මෙම ළමා අපචාර පුජනිය ස්ථාන වලින් මුලිනුපුටා දැමීමට නම් කල යුත්තේ නිතිය සමානව ක්‍රියාත්මක කිරීමයි. තවද අපරාද සිදුකරන ආගමික නායකයින් සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීමද මෙහා සමාන්තරව සිදු විය යුතුයි. එසේ නොවුනහොත් මේ සමාජ වියසනය තවදුරටත් ළමා පරපුර විනාශ කරනු ඇත.



හර්ෂි සි. පෙරේරා

Thursday, March 17, 2011

Innocent man illegally arrested, tortured and forced to sign fraudulent documents by police


Mr. Vettuwel Wijayakumar (28) of Kallamale Estate, Bulathsinhala is married, a father of two and a labourer by profession.  
 On 11 December 2010 areound 11 am he went to the Bulathsinhala town to have a haircut. While he was waiting for his turn at the salon he observed that two policemen arrived by motorcycle. One of the officers asked Wijayakumar whether his name is Sinna and he told them that his name is V. Wijayakumar. The police officers arrested him and brought to the Bulathsinhala Police Station. At the police station he was presented with two documents that had already been prepared and was asked to sign them. Wijayakumar refused explaining that he did not know the contents of the documents and that he could not read Sinhala. At that time he was assaulted and again asked to sign the documents. He continued to refuse and the officers, one of whom was later identified as Police Sergeant Chithrananda, beat him with a hose pipe.

Sergeant Chithrananda dragged Wijayakumar to a room in the police station where they continued to beat him and pressuring him to sigh the book. Finally Wijayakumar complied out of fear of further assault. After they got his signature they kicked him out of the station.
When Wijayakumar left the police station Sergeant Chithrananda shouted at him not to go the home of Ms. Siriyawathi (whom he knew). As he had no idea of what the sergeant was talking about Wijayakumar went directly to her house. As she was not at home Wijayakumar went to the next home belonging to Mr. Renuka. Sometime later Ms. Siriyawathi arrived and Wijayakumar showed all the injuries he suffered due to the torture. All the people present were surprised and shocked and informed him that they did not have anything against him.

Then Siriyawathi went with Wijayakumar to the office of the Assistant Superintendent of Police (ASP) in Matugama to make a complaint against the assault faced by Wijayakumar. But the ASP told them to go to hospital for treatment and to come back another day as there were no officers to record his statement. So Wijayakumar went to Pimbura Government Hospital for treatment. At the hospital he revealed to the doctor that he was assaulted by policemen at Bulathsinhala Police Station. He was admitted to the hospital and then transferred to Nagoda General Hospital in Kalutara for further treatment. At the Nagoda Hospital his statement was recorded. He was discharged on 13 December 2010.

After he was discharged from the hospital, he made written complaints to Inspector General of Police (IGP), Human Rights Commission (HRC) and National Police Commission (NPC) and he is eagerly awaiting justice. The victim narrated the way he was tortured in the video link:-  http://www.youtube.com/watch?v=gpzSpuBNlrI

ගණ දෙවියන්ට ගිනි තැබීම සහ අපේ මනුස්සකම

ලංකාවේ ඕනෑම පුද්ගලයකුට නිදහසේ තම ආගම ඇදහිය හැක. ආගම මාරු කල හැක. අවශ්‍යනම් කිසිවකුගේ බලපෑමකින් තොරව ආගම ඇදහීමෙන් වැලකි සිටිය හැක. 

ආගම ඇදහීම හෝ නොඇදහිම මුලික මානව හිමිකමකි. ලොව බහුතර ආණ්ඩු මෙන් ලංකා ආණ්ඩුවද රටේ සිදුවන බොහෝ මානව හිමිකම් උල්ලන්ගනයන් වලදී නිහඩය. කිසිත් සිදු නොවූ ආකාරයට හැසිරෙයි. මෙය ආගමික නිදහස උල්ලංගනය වූ අවස්ථා සම්බන්දයෙන්ද පොදුය.

මේ තත්වය ඉතා බයානක ප්‍රතිපල උදා කරයි. ජාතික සමගියට බදාවකි. සුළුතරය අදහන ආගමකට කෙනෙහෙලිකම් කිරීම ඉතා නින්දා සහගතය. බොහෝකල් ගත වී හෝ මේවායේ අහිතකර ප්‍රතිපල වලට එම රටේ ජනයාට මුහුණදීමට සිදු වේ.

ලංකාවේ අද වන විට බහුතරය වන සිංහල බෝවුද්දයින්ගේ මැදිහත් වීමෙන් හතු පිපෙන්නාක් මෙන් තැනින් තැන බුදුපිළිම ඉදිකෙරේ. මෙහි බයානක කම නම් සුරුවම් අසලත් කිසිදු සිතා බැලීමකින් තොරව බුදු පිළිම ඉදි කිරීමට ඇතැමුන් ක්‍රියා කිරීමයි.

මේ අද මාද්‍ය වාර්තා කල ආගමකට සහ ආගම් ලබ්දියකින්ට ගැරහිය හැකි ඉතාම නින්දාසහගත අවස්ථාවකට නිදසුනකි.

අනුරාධපුර දේවානම් පියතිස්ස මාවතේ පිහිටි හින්දු කෝවිලකට 14 දා රාත‍්‍රී කිසියම් සාහසික කණ්ඩායමක් විසින් ගිනි තබා ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. 1983 සිට පවත්වාගෙන යන මෙම හින්දු කෝවිල දෙමළ ජනයා සේම සිංහල ජනයාද පුද පූජා පැවැත්වීමට පැමිණෙන ස්ථානයකි. මෙම කෝවිලෙහි තබා ඇති ගණ දෙවියන්ගේ ප‍්‍රතිමාවට ටයර් එකක් දමා ගිනි තබා ඇති අයුරු සේයාරුවෙන් දැක්වේ.

අන්‍යයන්ට ගරු කිරීම මනුස්සකමයි. මේ මනුස්සකම ආගම ඇදහීමට මෙන්ම ආගම නොහදා සිටීම සම්බන්දයෙන්ද බාවිතයට ගත යුතයි. සියලු නීති මගින් කල යුත්තේද එයයි. එනිසා නීති හදන නීති රකින ඒ ගැන සොයා බලන ආණ්ඩුව මේ අවස්ථාවේදීවත් තමන් සිටින මර නින්දෙන් අවදි විය යුතුය.


හර්ෂි සි. පෙරේරා 

Monday, March 14, 2011

කවුද බූරුවා මහත්තයා? බන්දනාගාර නිලදාරියාද? ඇමැතිවරයාද?


බන්දනාගාර බලපත්‍ර මණ්ඩලය බලපත්‍ර පිට නිදහස් කිරීමට නියම කල සිරකරුවන් අතර ස්ත්‍රී දුෂකයින් සිටි නිසා එය ඇමතිවරයා විසින් අවලංගු කර ඇත. මේ සිද්දියට බොහෝ මුද්‍රිත මාද්ය වැඩි ප්‍රසිද්දියක් ලබා දී තිබිණි. නමුත් මේ එකදු මාද්යකටවත් මේ රටේ ඇමතිවරු ස්ත්‍රී දුෂණයට මිනීමැරුමට එක්කෝ ජනාදිපති නැත්නම් නීතිපති මාව දී නිදහස් කිරීම මතක් වුයේ නැත. මේ ඇමතිවරු අතර දුමින්ද සිල්වා සහ චන්දන නත්තිරිඅාරච්චි විය. වැඩි ලක් නොගොස් මෙරට බරපතල චෝදනා ලැබූ සිරකරුවන් විශේෂයෙන්ම 88 89 බිශනයේදී මිනිමැරු අයද ආණ්ඩුවට සහය දක්කුවොත් ඔවුන්ද නිදහස් වීම අප පුදුමයට පත් නොකරනු ඇත.

බන්දනාගාර වල අකටයුතුකම් වලට එහි නිලදාරින්ට දෝෂාරෝපණය කරනු ද දක්නට ලැබේ. බන්දනාගාර ලදාරියා කටයුතු කරන්නේ තමන්ට ඉහලින් සිටින කොමසාරිස්ට අමාත්‍යංශයට සහ ඇමතිවරයාට අනුවය. න්දනාගාර වල මත්ද්‍රව්‍ය බාවිතය ගැන මහා හඩින් කෑකෝ ගසයි. ඇයි මේ මාද්ය කරුවන්ට මතක් නොවෙන්නේ මෙරටට කුඩු ගෙන එන්නේ කවුද කියා.? බන්දනාගාර වල නිලදාරී හිගය, තදබදය, වැසිකිලි හිගවීම මේ වාට වගකිවයුත්තේ බන්දනාගාර පාරිපලනයට වග කිව යුතු එහි නිලදාරීන් බවද කියවේ. මේවා සියල්ල තීරණය කරනු ලබන්නේද මෑතකදී වැසිකිලි පහසුකම් නොමැති බන්දනාගාර කුස්සියට ටයිල් ඇල්ලිය යුතු බව කි ඇමතිවරයාමය.

එතකොට බන්දනාගාර තදබදය? බන්දනාගාරයේ 50% වැඩි පිරිසක් සැකකරුවන්ය. ඔවුන් බොහෝ දෙනෙක් සිරගෙදර සිටින්නේ නීතිපති නැතිනම් පොලිසිය එහෙමත් නැතිනම් රස පරීක්ෂකගේ නොසැලකිල්ල සහ කටයුතුකම් නිසාය. මේ ආණ්ඩුවේ ආයතන පාලනය කරන්න බන්දනාගාර නිලදාරියට හැකිද? බන්දනාගාර වල සිටින එල් ටි ටි ඉ සැකකරුවන් නැවත මෙරට ත්‍රස්ත ක්‍රියා කිරීමට කටයුතු කරන බව පැවසේ. මේවා කියන මාද්ය වේදීන්ට අමතක වූ දෙයක් ඇත. එනම් මිට දෙදිනකට පෙර අගමැතිවරයා ඉන්දියාවේ එල් ටි ටි ඉ පුහුණු කදවුරු යෙන බව කියා ඇදගෙන නාගත් හැටිය.
ඉතින් මාද්ය ඔබම තීරණය කරන්න කවුද බූරුවා මහත්තයා කියා?
හර්ෂි සි. පෙරේරා

Saturday, March 12, 2011

බෞද්ධ නාමයෙන් සිදු කරන වංචාව සහ දුෂණයට තිත.



මහබාගේ මත්තුමගල කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් හට විශේෂ පාසල් හැඳුනුම්පතක් සකස් කිරිමට යැයි පවසා පාසලලේ සියලූම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් රුපියල් 125 බැගින් එකතු කිරීමට විදුහල්පතිවරයා මේ දිනවල කටයුතු කරමින් සිටින බව දෙමාපියෝ පවසති.

රජයේ වෙනත් පාසල් වල නොමැති මෙවැනි හැඳුනුම්පත් ක‍්‍රමයක් හදිසියේම කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ ඇති කරන්නට යාම පිළිබඳව සැක පහල කරන දෙමාපියෝ මෙම හැඳුනුම්පත අත්‍යාවශ්‍ය දෙයක් නොවන බවත්, මීට වඩා විද්‍යාලයේ දියුණු කළ යුතු අඩුපාඩුකම් පවතින බවත් ප‍්‍රකාශ කර සිටිති. (ලංකා ඊ නිව්ස්, 2011, මාර්තු.11, ප.ව.2.50)

මේ අල්ලස සහ දුෂණය පිළිබද සිය දහස් ගණන් උදාහරණ වලින් එකකි. විදුහල්පතිලා සහ ගුරාලා නකුට නැති බල්ලන් ලෙස හැදින්වුවිට කිපෙන ලංකා ගුරු සංගමය දැන් කියන්නේ කුමක්ද ?

අපේ රටේ අල්ලසක් නොදී වැඩක් කර ගතහැකි රාජ්‍ය ආයතන ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. මේ තත්වය ප්‍රජාතන්ත්‍රවාදය කාබාසිනියා කර දම්මිමට හේතු වන අතර රට ආර්ථික වශයෙන් කඩා වැටීමටද හේතු වෙයි.

අල්ලස සහ දුෂණය බොහෝ දුරට නැති කල රටවල් ලෝකයේ ඇත. එහිලා හොදම උදාහරණය හොං කෝන්ය. එහි පවතින අල්ලසට එරෙහි ස්වාදින කොමිෂ මේ සම්බන්දයෙන් සුවිශේෂී කාර්ය බාරයක් ඉටු කරයි. හොං කොන් ජනයා තමන්ට අල්ලසක් දීම සලකන්නේ තමන්ට කල අවමානයක් ලෙසයි. ඔවුන් අල්ලස හා දුෂණය ගැන පැමිණිලි කිරීමට දෙපාරක් සිතන්නේද නැත. තවද මෙම ස්වාදින කොමිසමට එහි බලදාරින් ඇගිලි ගසන්නේ නැත. එහි ඇති සුවිශේෂිත්වය නම් පොලිසිය කිසිවකට ගවා නොගැනීමයි.

අපේ බලාපොරොත්තුව ආසියාවේ ආශ්චර්ය ව්මයි. ආශ්චර්යවීම කෙසේවෙතත් මෙරට ආර්ථිකය ප්‍රපාතයකට ඇද වැටීමෙන් වළකා ගත යුතුය. පාසැල තුල සිදුවන මෙම අල්ලස සහ දුෂණය අනාගත පරපුරද වන්චනකයින් කිරීමට අවශ්‍ය ආදර්ශය ලබාදෙයි. මෙම වන්චනිකත්වයට දඩුවම් පැමිණවිය යුතුය. එසේ නැතුව අත්වැරද්දයයි කියා සමාව ගැනීම මේ බයානක පිළිකාවට බෙහෙතක් නොවේ.


හර්ෂි සි. පෙරේරා

Friday, March 11, 2011

මර්දනය පටන්ගන්නේ ස්ත්‍රින්ගෙන්ය..............



"ආගම්" , "චාරිත්‍ර"සංස්කෘතිය මගින් ස්ථාපනය කර තිබෙන ස්ත්‍රීන් පහත් කොට සැලකීම - ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචන්ඩත්යට  පදනම වේ.

ගැහැණුන්න පහත්කොට සලකන, දෙවනකොට සලකන සිරිත්,චාරිත්‍ර සංස්කෘතන් හා ආගමික වතාවන් හෙළා දැකිය යුතුය. අභියෝග කල යුතුය.

රාජ්‍ය මර්ධනයට අත්තිවාරම් දමන්නේ , ගැහැණුන් මර්ධනයට- ආගම සංස්කෘතිය,චාරිත්‍ර නාමයෙන් ගෙනන නීති මගින්ය.

මාර්තු 08 ජගත් කාන්තා දිනය සැමරීමට - විශ්ව නිකේතන සාම නිවහනට එක්වූවන්ට ජනසංසදය දුන් පණිවුඩයයි ඒ.

මෙදින ආගමේ නාමයෙන් මර්ධනය දියත් කර තිබෙන ඉරානයේ - ස්ත්‍රීන් ගල් ගසා මරා දැමීමට තරම් මිලෙච්ජ වී ඇති අයුරු පෙන්වන - සැබෑ කථාවක් ඇසුරෙන් නිපදවා ඇති "ස්ටෝනින් සොරායා එම්" චිත්‍රපටය ප්‍රදර්ශණය කලේ පැමිණී සියල්ලන්ටම සිතන්නට පොළඹවන්නටය.


නීතිය කඩාවැටීම හමුවේ පීඩාවට පත්වන ජනයා බලගැන්වීම නව වසරේ කාර්යයයි.


නීතිය කඩාවැටීම හමුවේ පීඩාවට පත්වන අවදානම් කණ්ඩායම්වලට අයත් ජනයා බලගැන්වීම හා ඔවුන් හා එක්ව ගැටලුවලට මැදිහත්වීම නව වසරේ කාර්යයයි.



ජනසංසදයේ 17 වන වාර්ෂික සාමාජික මහා සභා රැස්වීමේදී ඉහත එකගතාවයට පැමිණීයේ ගතවූ වසර තුල තමන් වෙත පැමිණි පීඩාවට පත් ජනයාගේ ගැටලු පිළිබදව හා ඒවා විසදීමට ගත් උත්සහායන් පිළිබදව විග්‍රහයකින් අනතුරුවය.

මොරටුව, විශ්ව නිකේතන සාම නිවහනේදී පැවති වාර්ෂීක සාමාජික මහා සභා රැස්වීමේදී නව වසර සදහා නිලධාරී මණ්ඩලය තෝරාපත් කරගැනීම සිදු කෙරිණ.

මෝහන්ගේ අතට වඩා පැණි බීම බෝතලය වටිනවද?

වර්ෂ 2011 ක් වූ මාර්තු මස 11 වැනිදා (සිකුරාදා) දිනමිණ පුවත් පත (32 වැනිපිට)
විශාල කර බැලීමට රූපය මත කිලික් කරන්න.


Dinamina e-newspaper :

Thursday, March 10, 2011

මහින්ද සමරසිංහට පිළිතුරක්


මොහු ගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහබාගි විය. ඔහු ඉතා ඉක්මනින් මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරයි.

මේවා විහිලුය. කොණ්ඩ බැදපු චීන්නුන්ට හොදය. මේ රවටන්නේ මේ රටේ යමක් කමක් කල නොහැකි අහිංසක ජනතාවයි. දිනපතාම ලංකාවේ පොලිසිය තුල යමක් කමක් කල නොහැකි පුද්ගලයින් වදහින්සාවට පාත්‍ර වෙති. අතුරුදහන් කිරීම් සහ පුද්ගලයින්ව මරා දැමීම දිනපතාම අසන්නට ලැබේ. ලංකාවේ නඩු කටයුතු වලදී විශේෂයෙන්ම වින්දිතයා පිඩාවට සහ විඩාවට ලක්වෙති. මේ තත්වය නවත්වන්න මානව හිමිකම් සැලැස්මවල් අවශ්‍ය නැත.

අපි නැවත නැවතත් කියන දෙයක් ඇත. ඒ මානව හිමිකම් පිළිබද ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුති හා දේශීය නිතිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් බවයි. අවශ්‍යනම් මහින්ද අමාත්‍යවරයාට සහ මහින්ද ජනදීපතිවරයාට මෙම පොලිස් ඉස්තාන වල සිදුවන වදහිංසා එක්‌ දුරකථන ඇමතුමකින් නතර කල හැකිය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව මෙරට අද්යාපන අයිතීන්ද කප්පාදුවට ලක්වෙමින් තිබේ. ඊයේ ලංකාදීප පුවත් පත ප්‍රකාශයට පත් කලේ බාහිර උපාදිය සදහා ලියාපදිංචි විය හැක්කේ මේ වසරේදී පමණක් බවයි. මෙය ඉතා කණගාටුදායක නැති බැරි මිනිසාව යටත් කර තැබීමට කරන්නා වූ දිර්ගකාලින සැලසුම්ය.

අයිශ්චර්යේ දියණියෝ නැතිනම් මැද පෙරදිග යන ගෘහ සේවිකාවන් ගණනාවක් මෙරටට පැමිණියේ ඇන සහ කටු ගසා ගෙනය.

මේවා නතර කරන්නට අමුතුවෙන් මානව හිමිකම් පිළිබද සැලැස්මවල් අවශ්‍ය නැත. පළමුව තමාවත් තම යමක් කමක් කල නොහැකි ජනතාව රැවටීමේ මානසිකත්වයෙන් අත්මිදිය යුතුය. එවිට මෙරට මානව හිමිකම් තත්වය නගා සිටුවීමට බොහෝ දේ කලහැකිය.


හර්ෂි සි. පෙරේරා

ෆැන්ටා බෝතලයක හිලව්වට එස්.අයි.ගුණරත්න ,මන්ද මානසික තරුණයාගේ අත කඩයි. වීඩියෝ පටය නිකුත් උනා






මෙම සිද්ධියද අනාවරණය කරගැනීමට පොලිස්පතිට හැකියාව නැති බව කවුරු නොදන්නවා වුවද මේ රටේ සාමාන්‍ය ජනතාව නම් හොදින් දන්නා බව ප්‍රකාශ කරමු.

Police brutally torture a man in revenge for complaining to the human rights commission



Mr. Alahendra Acharige Dinesh Priyankara of Panadura North Police Division was a three wheeler diver. He was illegally arrested, detained and severely tortured by the OIC and officers of the Panadura North Police Station to force him to confess to a burglary at the newly constructed luxury house of a retired Deputy Inspector General of Police. He was tortured a second time in revenge for complaining against the police violation of his fundamental rights.

On 23 January 2011 around 6.30am while he was sleeping three police officers came to his home and knocked on his door. When he opened the door he saw two officers in front of his home and asked the reason for their visit. Without any explanation they told him to follow them to the Panadura North Police Station. He followed their instructions knowing that they were police officers as he has seen them before while he was traveling as a three wheeler driver.

Then they took him into the jeep and brought him to the police station. At the station they took him directly to a table. An officer came to him with papers and a pen while the two officers who arrested him sat on the both sides. Then the officer who brought the paper and the pen asked him where is the tiles belonging to the DIG were. Without warning they started to assault him with punches and kicks demanding that he tell the truth. He told them that he did not know anything about the DIG's tiles and explained that he is only a three wheeler driver and he knew nothing about such a case. Further he explained he that he parked his three wheeler at Gorakana Junction where he took on hires and that he had not stolen any tiles. He did, however, recall that he had gone for a hire to transport tiles from Gorakana Junction to First Lane in the same area. Further he told the officers that he can easily show the person who hired his three wheeler for transporting the tiles and where they were delivered to.

Then the officers locked him up in the cell. After a while the officers took him to the place where he unloaded the tiles and the officers took some of them as evidence. Then they took him back to the police station along with tiles and locked him up in a cell.

After a while the officers took him again out from the cell and brought him to the back side of the police station where again he was assaulted. Dinesh told the officers that usually he is being called for hires by the officers and the workers of that said DIG's site. Further Dinesh explained that a man called Danushka told him that he is transporting these tiles from one site to another as they belong to him. That was the reason to go for that hire.

Then again he was brought to the Officer-in-Charge (OIC) office whom he later learned was Mr. Ramya De Silva. He noted that there were two persons in that place. These two people were in conversation with the OIC. Following the conversation he understood that both of them are assistants of the DIG. They were from the same village as Dinesh.

When Dinesh was brought before these two persons they told the OIC that he was from the same village and he never engaged in crime. They further said that they know Dinesh very well but the OIC then started to beat him in front of them. Then the two assistants of the DIG checked the tiles that were brought in and told the OIC that they were are not the tiles that were stolen.

Without considering their refusal of identity of the tiles the OIC ordered to take Dinesh into the jeep. Then the officers drove the jeep to the Nugegoda along with Dinesh. Dinesh was brought to a site where he noted that a few officers were working in construction work. He was asked to check the identity of the workers and Dinesh immediately identified the person who called him for transportation of tiles, Mr. Danushka. After Dinesh pointed to Danushka officers asked him to go to the rear sheet of the jeep. Then officers went and arrested the Danushka as well. Then officers drove back to the police station again.

At the police station Dinesh was again locked Dinesh up in cell and Danushka was brought to the back side of the police station where Dinesh was beaten earlier occasion. Then he noted that Danushka was brought back to the OIC's office. Dinesh was also then brought back to the OIC's office. Then the OIC and other officers started to beat him again.

Meanwhile Dinesh saw that his mother also have come to the police station. Further he noted that officers chased away her when she tried to come and rescue Dinesh by explaining his innocence to the officers. But Dinesh noted that through the window his mother watched the way he was tortured.

Dinesh noted that one officer had a paper. Dinesh noted that few officers of the DIG's company were sitting with OIC. One officer of the company was seated on the chair of the OIC. The OIC who wore two stars on his epaulets was seated next to him. Dinesh noted that the station officers were drunk and that the company men were treated them with alcohol.

Then the OIC asked Dinesh to tell the truth again. Dinesh told the OIC the same story and repeated that he had never engaged in stealing and he only went for a hire at the request of Mr. Danushka. He clearly indicated Danushka who was in front of all of them. Then the OIC told Danushka that if Dinesh was lying to assault him. But Danushka did not do so. The OIC told Danushka that if he did not assault Dinesh they would severely beat Danushka. Upon hearing this Danushka made a light assault on Dinesh's shoulder. When he saw this, the OIC again shouted and gave him a pole and ordered him to beat Dinesh about the head until he died. However, Danushka refused to assault Dinesh.

Then the OIC blamed Dinesh with obscene language saying that his mother had gone to the Human Rights Commission (HRC) to make complaint against police officers. He further told Dinesh that his mother had gone to the officers of the HRC to allow them to have intercourse with her. Dinesh realised that the OIC extremely angry that his mother has gone to complain against them. Then one of the officers told Dinesh that Danushka had provided a paper stating that it was Dinesh who stole the tiles. Dinesh vehemently denied it. But he understood the officers wanted to take revenge from him for his mother's complaint to the HRC.

Then again the OIC started to kick him and as a result Dinesh fell to the ground. Immediately he noted that his nose was bleeding. Then the OIC trampled on his arms while two other officers trampled on his legs. When the OIC noticed that Dinesh's nose was bleeding and asked him to get up. The OIC again tried to force Dinesh to accept the crime which Dinesh again refused.

Then one officer asked him to sign a document prepared by the officers. It was not recorded from him or the contents explained to him. Out of fear and pain he signed the document. The officers forced Dinesh to put a finger print to the document.

Then Dinesh was told that now the officers can file any amount of fabricated charges.

Next day he was brought back to the OIC's office. The OIC started to complain about the Magistrate with obscene language and shouted that if they produced Dinesh in the daytime then the Magistrate would grant bail to him therefore he intended to produce Dinesh after the sessions of the court were completed.

In the evening he was brought to the Magistrate's Court of Panadura. Even before he was produce before the Magistrate he was asked to sign another document in the same manner. Dinesh was produced before the Magistrate who granted him bail. While releasing him on bail the Magistrate ordered the DMO to produce him a Medical Report on his condition.

After he was released immediately the mother brought Dinesh to the hospital and the doctor admitted him for further treatment.

Dinesh stated that police tortured him at the whim and fancy of the former Deputy Inspector General (DIG) of Police who was building a massive house at the bank of Bolgoda River in the same area. The victim has narrated his story in the 
video

Wednesday, March 9, 2011

ඓශ්චර්යේ දියණියෝ වහලුන් නොකරමු



සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් හිංසාවට ලක්ව අතරමං වූ තවත් ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 38 දෙනකු ජෙඩා හි බලාත් නගරයේ රැඳී සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග පවසයි. යළි දිවයිනට පැමිණීමට ගුවන් ටිකට්පත් මිලට ගැනීමට ඔවුන් ළඟ මුදල් නැති හෙයින් ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යලය ඔවුන් ලංකාවට එවීමට කටයුතු කරයි.

මෙම ශ්‍රමිකයින් අතරින් බහුතරය කාන්තා ගෘහසේවිකාවන් වුවාට සැක නැත. වීදේශයන්හි ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ශ්‍රමිකයින් විශාල ගණනක් පිලිබදව අසන්නට හා දකින්නට ලැබිණි. ඒ අතර ඇන හා කටු ගැසූ අයද විය. මෙවැනි කෘර ක්‍රියා වහල්බාවය පැවැති සමාජ වල දක්නට ලැබුණු ප්‍රචණ්ඩත්වය සිහිපත් කරයි.

මේ අය මෙරටට විදේශ විනිමය ගෙනෙන ප්‍රදාන පුද්ගලයින් වේ. ඔවුන්ව ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය. අද අපේ රටේද ජාත්‍යන්තර කාන්තා දිනය සැමරේ. මේ දිනයේදී අපේ දියණියන් පරදෙසයන්හි වහලුන් නොකිරීමට පියවර ගත යුතුය.

එසේ නැතුව පෝස්ටර් ගැසීමෙන් පමණක් මේ අය‍ට ඉටුවන යුක්තියක් හෝ සදාරනත්වයක් නැත. යුක්තිය හා සදාරන්ත්වය අහිමිවීම තුල මෙලෙස හිංසනයට ගොදුරු වූ පිරිස් ඊළගට කුමන පියවරක් ගනීද? ඔවුන් ගන්නා පියවර කිසිවිටක නිතිය හා සාමය රැකිමෙහිලා යහපත් නොවනු ඇත.


හර්ෂි සි. පෙරේරා 

Monday, March 7, 2011

ෆැන්ටා බෝතලයක හිලව්වට එස්.අයි.ගුණරත්න ,මන්ද මානසික තරුණයාගේ අත කඩයි.


25හැවිරිදි අලගුමයිල් මෝහන් මන්ද මානසික තත්වයකින් පෙනේනෙකි. ඉහත දැක්වෙන්නේ තලවාකැලේ පොලිසියේ එස්අයි.ගුණරත්න අලගුමයිල් මෝහන්ගේ අත කඩා ඇති අන්දම පෙන්වන X කිරණ පටලයේ දර්ශණය.



තලවාකැලේ වත්තේ -තේ පැක්ටේරිය අසල රණවීර මුදලාලිගේ කඩෙන් අරන් බිව්ව ෆැන්ටා බෝතලෙයේ මුදල ගෙවීමට අතපසුවීම මේ දඬවම ලබාදීමට හේතුවයි.

රණවීර මුදලාලිගෙන් ලැබුන දුරථන පණිවුඩයට - සිවිල් ඇඳූමින් සැරසුන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත්‍රී රෝද රථයකින් වත්තට යවා අලගුමයිල් මෝහන්ව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආවේ දින දහවල් ට පමණය.

පොලිසියේදී එස්.අයි.ගුණරත්න ඔහුට කුණුහරප කියමින් බැන්නේය. පහර දුන්නේය. ටොකු ඇන්නේය. අනතුරුව අත කරකවා කඩා දැම්මේ ආයෙත් රණවීර මුදලාගේ කඩෙන් ෆැන්ටා බීලා සල්ලි නොදී නොයන්නටය.


ෆැන්ටා බෝතලයක හිලව්වට මේ අපරාධය කල එස්.අයි.ගුණරත්න අදටත් නිදැල්ලේ සිටී.

මෙම සිද්ධියද අනාවරණය කරගැනීමට පොලිස්පතිට හැකියාව නැති බව කවුරු නොදන්නවා වුවද මේ රටේ සාමාන්‍ය ජනතාව නම් හොදින් දන්නා බව ප්‍රකාශ කරමු.

මට අම්මා නැතුව ඉස්කෝලේ යන්න බැහැ....



මට අම්මා නැතුව ඉස්කෝලේ යන්න බැහැ..... මෙසේ කියන්නේ වසන්ත රාණි ජෝමල අම්මා නැතිනම් සැක අංක 385 දරන 28 හැවිරිදි තරුණියගේ වයස අවුරුදු 05 ක් වූ එකම දරුවාය.

ජෝමාල අම්මා සිටින්නේ වැලිකඩ බන්දනාගාරයේ කාන්තා වට්ටුවේය. ඇය ගම්පහ මහදිකරණයේ අංක 315/2004 දරන නඩුවේ පැමිණිල්ලේ ප්‍රදාන සාක්ෂිකාරියයි. ඇයව දුෂණය කිරීම පිලිබදව මෙම නඩුව වදුමෙස්ත්රිගේ බන්දුල සරත් කුමාරට විරුද්දව පවරා ඇත.

මේ ඇගේ නඩුවයි. ඇය රිමාන්ඩ් එකේ ඉන්නේ වසර පහක් තිස්සේ අදිකරණයට ඉදිරිපත් නොවීම නිසා 2006.05.22 දින සිට වරෙන්තු වීම නිසාය.

ඇගේ ඇප කොන්දේසි පහත පරිදිය. රුපියල් 10000/= ක් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකකි. මෙම ශරීර ඇපකරුවන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු ඇගේ මව වියයුතු අතර අනෙක් අය ඇය ගෘහසේවිකාවක් වශයෙන් සේවය කරන නිසා සේවය කරන ඉස්ථානයේ ගෘහ මුලිකයා විය යුතුය.

ජොමලා අම්මා වසරක පමණ කාලයක සිට සිරගේදරය. ඇගේ ස්වාමිපුරුසයා ඇයව අතහැර ගොසිනි. දරුවාව බලාගන්නේ ඇගේ මවයි. ඇගේ මව එදා වෙලා සොයාගන්නේ නුවර එළියේ එළවලු කොටු වල වැඩකිරිමෙනි.
ඇගේ දරුවා පාසල් යන්නේ නැත.

චායාරුපයේ සිටින්නේ ඇගේ වයස අවුරුදු 50 ක් වන මව අන්තෝනි අම්මා සහ වයස අවුරුදු 05 ක් වන පුතු විසොප්ය.


හර්ෂි සි. පෙරේරා

Sunday, March 6, 2011

Criminal justice Research

Torture And Impunity


Growing Concern Over The Wide Spread Use Of Torture In Sri Lanka


The Asian Legal Resource Center (ALRC) has expressed grave concern at the widespread and endemic use of torture in Sri Lanka and the lack of credible government action to combat it.

The comments were made in a written claim in a dialogue with the special rapporteur on torture at the 16th sessions of the UN Human Rights Council in Geneva.

It said the government has failed to implement the many recommendations made by the UN human rights system, notably the Special Rapporteur on Torture, the Committee Against Torture and the Universal Periodic Review.
Police Torture

Janasansadaya is an organisation that works towards a ‘torture free Sri Lanka’. Its secretary, Chitral Perera, told The Sunday Leader that “torture is especially serious in the South. People are routinely assaulted in police custody. Mostly they are hung by their fingers and beaten up. Another favorite is beating the bottom of the heels, the head and the body. Rubber hose is used to cushion the blows, ensuring that the damage is internal and minimising marks on the outside”. He also outlined several other methods like water boarding, petrol soaked polythene suffocation and other methods involving liquid chilli powder that are too grim to mention.

Perera says that the victims are often arrested for no reason. “Extortion is a common motive for the police but an even more common one is the filling of quotas” says Perera, adding that the police routinely ‘pick people off the streets’ and make them confess to crimes like drug running, robberyand so on under the strain of torture. “They often make fake cases against people and then produce them in courts” says Perera.

Sometimes torture victims seek justice against the police. In such cases, according to Perera, they are threatened and bullied into dropping these cases by the police. “They sometimes use people like relatives, religious leaders and politicians to get them to drop the cases”. Janasansadaya has highlighted several cases of torture on its website (janasansadaya.org) and have detailed interviews of victims for public perusal.
System is not victim friendly

According to Perera, victims of torture get a bad deal wherever they turn. “Torture victims are first sent to hospitals and then sent to courts. And especially in the peripheral hospitals, doctors issue reports without properly examining these patients. Even lawyers who are supposed to defend them do not bring up the issue of torture in courts. It is a crime that is occurring with the implicit approval of all involved.”

“Law and order has broken down” he says, adding that “no probable political motive exists here. These things are done at the behest of the police because they have been allowed to run wild. The government has sanctioned it by turning a blind eye.” He thinks it’s a strategy to control the country’s people and keep them in check.

However, the Police Spokesperson Prishantha Jayakody, speaking to The Sunday Leader said “all these reports of torture are unfounded. They are lies told by people who have nothing else to do. If torture was really taking place then these victims can use their constitutional rights to claim justice”.
State of Human Rights

The ALRC Submission said that the issue of torture is a key indicator of the state of human rights in Sri Lanka. It urged the members of the Human Rights Council to ensure that the Government of Sri Lanka takes credible steps to put an end to the system of torture and impunity that it currently operates within. The steps it recommended include adopting a definition of torture that covers all the elements contained in Article 1 of the UN Convention Against Torture and strengthening the Human Rights Commission of Sri Lanka.

It also asked the government to “ensure prompt, impartial and exhaustive investigations into all allegations of torture, ill-treatment and disappearances committed by law enforcement officials” by urgently implementing measures to eradicate impunity and to provide justice to torture victims. It asked the government to “impose appropriate sentences on those convicted, thus eliminating any idea that might be entertained by perpetrators of torture that there is impunity for this crime.”

Other recommendations included the setting up of a programme to monitor, counsel and treat torture victims and the establishment of independent monitors such as Human Rights Watch in the country. The Asian Legal Resource Centre (ALRC) is an NGO having General Consultative status with the Economic and Social Council of the United Nations. It was founded in 1986 by a group of jurists and human rights activists in Asia.

By Abdul H. Azeez
SunDay Leader
March, 06,2011

Saturday, March 5, 2011

රත්තරන් අම්මේ.... අරූ මගේ කට තද කරල මාව කෑවා..

විශාල කර බැලීමට පි‍ටුව CLICK මත කරන්න


මෙගැන් අප  අඩ්වියේ පලවූ වෙනත් ලිපි
http://peoplesforumsl.blogspot.com/2011/02/10000_18.html


අදාල වීඩියෝ පටය
http://www.youtube.com/watch?v=Npc6Y3YRSnc&feature=player_embedded



වැලිකඩ හිරගෙදර කුස්සියට ටයිල් ඇල්ලුවොත් ඔක්කොම හරි


ඇමති කුස්සියට ටයිල් ඇල්ලිය යුතු බව කියයි. මෙය හොදයි. නමුත් මීට වඩා බරපතල ගැටළු එහි ඇත. ලැබෙන ආරංචි මාර්ග වලට අනුව කක්කුස්සි වලට ටයිල් අල්ලන්නේ නැත්තේ හිරිගෙදර වෙනත් ප්‍රදේශයකට ගෙන යන බැවිනි.

රැදවියන්ට ප්‍රමාණවත් ඇදුම් නැත. කන්නට ප්‍රමාණවත් කෑම නැත. වැසිකිලි නැත. තිබුනත් ඒවාට කිට්ටු කල නොහැක. ප්‍රදානම ප්‍රශ්නය ඉඩකඩ ප්‍රමාණවත් නොවීමයි. සැකකරුවන්, අපරාදකරුවන් සහ ළමයින්ව එකට තබා තිබේ.

බන්දනාගර තදබදය බරපතල ගැටළුවක් මෙන්ම ජනප්‍රිය මාතෘකාවකි. තදබදයට ප්‍රදාන හේතුව කිසිම සාදාරන හේතුවක් නැතුව රදවා තබා ගැනීමයි. රටේ සියලුම බන්දනාගාර වල සිටින රැදවියන්ගෙන් 50% කට වඩා සැකකරුවන්ය.

සෝමාවතී වසර නමයක් වැලිකඩ කාන්තා අංශයේ සිටියේ නීතිපතිගේ ඇදහිය නොහැකි පමාව නිසයි. අදටත් සැලකියයුතු සැකකාරියන් ගණනක් වසර දෙක තුන එහි සිටින්නේ එක්කෝ නීතිපති නැතිනම් රස පරීක්ෂකගේ පමාව නිසාය. මෙම ප්‍රමාදයට පිළියම් යොදන්නේ නම් තවදුරටත් බන්දනාගාර තදබදය ගැටළුවක් නොවුණු ඇත. ඇයි ඇමතිවරයා මේ ගැන නිහඩ?


හර්ෂි සි.පෙරේරා

Tuesday, March 1, 2011

ඇයි අම්නේස්ටිය ඇතුළු ජාත්‍යන්තරය වදහිංසාව ගැන එතරම් අවදානයක් නැත්තේ ?

අම්නේස්ටිය නැතිනම් ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය ලංකාවේ බරපතල මානව හිමිකම් උල්ලංගනය කර දඩුවම් නොලබා නිදැල්ලේ සිටින තත්වය ගැන එක්සත් ජාතින් මිට වැඩි බුමිකාවක් සිදුකල යුතයි අවදාරණය කරයි. මෙම සංවිදානය විශේෂ අවදානයක් උතුරට සහ අපරාද සැලකුවහොත් බලය යොදා සිදු කරන අතුරුදහන්වීම වලට සහ මනුෂ්‍ය ගාතනවලට ලබා දෙයි.


ඔවුන් රටේ සෙසු ප්‍රදේශ වලට සහ ලංකාවේ පුළුල්ව වියාප්තව ඇති වදහිංසාව ගැන කතා නොකිරීම ඉතා ශෝචනීය වෙයි. ලංකාවේ සිදුවන බරපතලම මානව හිම්කම් උල්ලන්ගනයන් අතර වදහිංසාව ප්‍රදාන වෙයි. එය උතුරේ පමණක් නොව සෑම ප්‍රදේශයකම ජාති බේදයෙන් තොරව සිදුවෙයි.

ආණ්ඩුව වදහිංසාව ගැන පැමිණිලි කිරීමට තිබු ප්‍රදාන ආයතනයේ එනම් මානව හිමිකම් කොමිෂමේ අවසන් දතද ගලවා දැමුවේ ආණ්ඩු ක්‍රම විවස්තාවට 18 වන සංශෝදනය හදුන්වා දීම මගිනි. දැන් ජනාදිපති රාජපක්ෂට සිය අබිමතය පරිදි එයට කොමසාරිස්වරු පත්කළ හැක.

ඉතාම මෑත එයට නම් කල කොමසාරිස්වරු අතර හිටපු පොලිස්පතිවරයකු වූ ආනන්ද රාජා ද විය. ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටියදී මත්ද්‍රව්‍ය සදහා චෝදනා ලැබුවන් සමග ඉතා කිට්ටු සබදතා තිබිණි. මේවා පිලිබදව මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලබා දෙන ලදී.

ආණ්ඩුව වදහිංසාව නමැති බරපතල අපරාදය මර්දනය වෙනුවට සිදු කරන්නේ එය පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමය. වදහිංසාව සිය අපරාද විමර්ශනය කිරීමේ යාන්ත්‍රනය කරගත් පොලිසියකින් වෙනත් අපරාද විශ්ෂයෙන් අම්නේස්ටිය කතා කරන බලය යොදා සිදු කරන අතුරුදහන් කිරීම සහ ගාතන ගැන අපක්ෂපාති විමර්ශන පවත්වතියි බලාපොරොත්තු විය හැකිද?

ලංකාවේ උතුරේ පමණක් නොව සෙසු ප්‍රදේශ වල සිදුවන වදහිංසාව ගැනද ජාත්‍යන්තරය හඩක් නැගිය යුතුව ඇත. එසේ නොමැතිව උතුර ගැන පමණක් කතා කිරීම සහ වදහිංසාව ගැන කතා නොකිරීම මෙම සංවිදාන පිලිබදව අවිශ්වාසයක් ඇති කරන අතරම රටේ බරපතල තත්වය මතුපිටින් පර්ෂ කිරීමක්ද වෙයි.


හර්ෂි සි. පෙරේරා