Monday, March 21, 2011

දණ්ඩ මුක්තිය


කරනු ලබන වැරදිවලට, අපරාධයන්ට නීතියෙන ගැලවී සිටීමේ නිදහස්වීමේ අවස්ථාවන් බොහෝ ඇති රටකි ශ‍්‍රී ලංකාව.

එවන් රටක බරපතලම අපරාධ ලෙසට සැලකෙන්නේ තවත් මිනිසෙකුගේ ජීවිතය නැතිකර දැමීමයි. ස්ත‍්‍රීන් පෝෂණය කිරීම-  ළමුන්ට ලිංගික අපරාධ කිරීම-මෙවන් අපරාධයක් සිදුකර පවතින අධිකරණය මගින් දඬුවම් කලාට පසුව, එසේත් නැත්නම් දඬුවම් කිරීමට දානම් වන අවස්ථාවක, නැතහොත්, නඩුව විභාග වෙමින් පවතින අවස්ථාවක,

අපරාධකරුව, අපරාධ සැකකරුව - නිෙදාස්කොට නිදහස් කිරීමට, රටේ ජනාධිපති ක‍්‍රියා කරන විට, සහ අපරාධ සැකකරුවන්ට එරෙහි නඩු පැවරීම් නවත්වා දමනවිට- අපරාධය පිළිබදව පරික්‍ෂනණ නොපවත්වන විට-

 ඕනෑම වරදකට, අපරාධයකට දඬුවම් නොලබා බේරී සිටීමට තමන්ටද හැකියාව තිබෙන බව, එකී වරප‍්‍රසාද තමන්ටද හිමිබව වටහා නොගන්නේ, මන්ද බුද්ධිකයින් පමණි.හෘදය සාක්ෂය ඇති, ගරුත්වය ඇති පිරිස, දඬුවම් නොලබා සිටීමට ඇති ඉඩකඩ තුලද, වැරදි, අපරාධ නොකර සිටිති.

මෙම පිරිස අතලොස්සකි. ඔවුන් දණ්ඩ මුක්තිය හෙළා දකිති. ශ‍්‍රී ලංකාවේ දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය හිමි කරගන්නට හැකිනම්, ඔවුන්ට සමාජයේ ඇත්තේ ඉහළ තැනකි. පිළිගැනීමකි. එයින් පෙන්නුම් කරන්නේ බහුතරය දඬුවම් නොලබා සිටීමේ වරප‍්‍රසාදය හිමි කරගන්නට ඇති ආශාවයි,කැමැත්තයි, අපේක්ෂාවයි.

No comments:

Post a Comment