Wednesday, March 23, 2011

නිතිය මානව හිමිකම් ප්‍රවර්දනයට නොව අඩාල කිරීමටය



ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (සීඅයිඞී) නිලධාරින් විසින් පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කොට තිබේ. රහස් පොලිසියේ නිලධාරින් ජෙහාන් පෙරේරා මහතාගෙන් දිගින් දිගටම ප‍්‍රශ්න කර තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ජාතික සාම මණ්ඩලය රටේ කරන වැඩ නැතිනම් ව්‍යාපෘති මොනවාද? කා සමඟ එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරනවාද? මණ්ඩලය සමඟ කටයුතු කරන ප‍්‍රධාන අය කවුරුන්ද යන්න ගැන ප‍්‍රශ්න කොට ඇතැයි ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තාවේ.

‘මහේල -තිලන් අනතුරේ, තරඟ තහනමකට අවදානමක්’ යන සිරස්තලය යටතේ මාර්තු 06 වන දා ‘ලංකා ඉරිදා සංග‍්‍රහයේ’ පළකළ පුවත සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා එම පුවත ලියූ මාධ්‍යවේදිනියට හා ප‍්‍රධාන කර්තෘවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. අද එම පුවත්පත් ආයතනයට දුරකථනයෙන් කථා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයකු විසින් මේ දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීමක් සිදු කරන බැවින් අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමිණිය යුතු බව කර්තෘවරයාට දැනුම් දී ඇත.

මේ පුවත් දෙකම සනාථ කරන්නේ මේ රට සාමය සහ මානව හිමිකම් ගැන කතා කරන ලියන අය‍ට මුහුණ දීමට සිදුව ඇති තත්වයයි. අපේ වැනි දියුණු වෙමින් පවතින දකුණු ආසියානු රටවලට මේ දේවල් පුදුමයට කරුණක් නොවේ. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී නීති ක්‍රියාත්මක වන්නේ මානව හිමිකම් කප්පාදුවකට මිස ඒවා ආරක්ෂා කිරීමට හා ප්‍රවර්දනය කිරීමකට නොවේ.

මිට ටික කාලයකට ඉහත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය මානව හිමිකම් පිළිබද කටයුතුකරන නිතින්ඥවරු ඔවුන්ගේ නම්ද සදහන් කරමින් ද්‍රෝහීන් ලෙස හදුන්වා දෙන ලදී. රටේ ප්‍රදාන විපක්ෂ දෙශාපලනඥයකු වූ සරත් පොන්සේකා සිරගතව සිටි. මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ පට්ටානි රාසික් සහ මාද්‍ය වේදියකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී දැන් වසරකට පමණ වැඩිය.

ඉදිරියේදී මානව හිමිකම් ගැන කටයුතු කරන්නන්ගෙන් රාජ්ජය මැදිහත් වී සිදු කරන ප්‍රශ්න කිරීම් වැඩි වෙනු ඇත. නිතිය යොදාගනු ඇත්තේ රටේ මානව හිමිකම් තත්වය, නිදහසේ කතා කරන්නට ලියන්නට ඇති අයිතිය දියුණු කිරීමට නොව කප්පාදු කිරීමටය.


හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment