Thursday, March 10, 2011

මහින්ද සමරසිංහට පිළිතුරක්


මොහු ගිය සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහබාගි විය. ඔහු ඉතා ඉක්මනින් මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරයි.

මේවා විහිලුය. කොණ්ඩ බැදපු චීන්නුන්ට හොදය. මේ රවටන්නේ මේ රටේ යමක් කමක් කල නොහැකි අහිංසක ජනතාවයි. දිනපතාම ලංකාවේ පොලිසිය තුල යමක් කමක් කල නොහැකි පුද්ගලයින් වදහින්සාවට පාත්‍ර වෙති. අතුරුදහන් කිරීම් සහ පුද්ගලයින්ව මරා දැමීම දිනපතාම අසන්නට ලැබේ. ලංකාවේ නඩු කටයුතු වලදී විශේෂයෙන්ම වින්දිතයා පිඩාවට සහ විඩාවට ලක්වෙති. මේ තත්වය නවත්වන්න මානව හිමිකම් සැලැස්මවල් අවශ්‍ය නැත.

අපි නැවත නැවතත් කියන දෙයක් ඇත. ඒ මානව හිමිකම් පිළිබද ලංකාව අත්සන් කර ඇති ජාත්‍යන්තර සම්මුති හා දේශීය නිතිය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් බවයි. අවශ්‍යනම් මහින්ද අමාත්‍යවරයාට සහ මහින්ද ජනදීපතිවරයාට මෙම පොලිස් ඉස්තාන වල සිදුවන වදහිංසා එක්‌ දුරකථන ඇමතුමකින් නතර කල හැකිය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව මෙරට අද්යාපන අයිතීන්ද කප්පාදුවට ලක්වෙමින් තිබේ. ඊයේ ලංකාදීප පුවත් පත ප්‍රකාශයට පත් කලේ බාහිර උපාදිය සදහා ලියාපදිංචි විය හැක්කේ මේ වසරේදී පමණක් බවයි. මෙය ඉතා කණගාටුදායක නැති බැරි මිනිසාව යටත් කර තැබීමට කරන්නා වූ දිර්ගකාලින සැලසුම්ය.

අයිශ්චර්යේ දියණියෝ නැතිනම් මැද පෙරදිග යන ගෘහ සේවිකාවන් ගණනාවක් මෙරටට පැමිණියේ ඇන සහ කටු ගසා ගෙනය.

මේවා නතර කරන්නට අමුතුවෙන් මානව හිමිකම් පිළිබද සැලැස්මවල් අවශ්‍ය නැත. පළමුව තමාවත් තම යමක් කමක් කල නොහැකි ජනතාව රැවටීමේ මානසිකත්වයෙන් අත්මිදිය යුතුය. එවිට මෙරට මානව හිමිකම් තත්වය නගා සිටුවීමට බොහෝ දේ කලහැකිය.


හර්ෂි සි. පෙරේරා

No comments:

Post a Comment