Friday, October 26, 2018

රු: 750,000/- ක් වටිනා, මාතෘ සායනයට සවිකරන්න ගෙනා, වායු සමීකරණ, පොහොට්ටුවේ හිටපු සභාපති ගෙදර ගෙනිහිල්ලා.


පානදුර ප‍්‍රාදේශීය සභාවට අයත් පානදුර තොටවත්ත මාතෘ සායනයට සවි කිරීම සඳහා රුපියල් හත්ලක්ෂ පනස් දාහක් වැයකර, ඇණවුම් කර තිබූ, වායු සමීකරණ යන්ත‍්‍ර 04, හිටපු සභාපති ඉෆාස් නබුහාන් ගෙදර ගෙනිහිල්ලා.

එම යන්ත‍්‍ර ඔහු ගෙදර ගෙන ගොස් ඇත්තේ පානදුර ප‍්‍රාදේශීය සභාවට අයත් අංක 251 - 3799 දරන කැබ් රථයෙනි.

මෙම හිටපු සභාපති, ඉෆාස් නබුහාන් නැමැත්තා පොහොට්ටු පක්ෂයේ ප‍්‍රබලයෙකි.

මෙම රජයේ දේපොළ සොරකම් කිරීම පිළිබඳව පානදුර උතුර පොලීසියට, පැමිණිලි කළ විට, ස්ථානාධිපතිවරයා කර ඇත්තේ, ඉෆාස් නබුහාන් ගේ ගෙදරට ගොස්, සොරාගත් වායු සමීකරණ යන්ත‍්‍ර 04, ආපසු පානදුර ප‍්‍රාදේශීය සභාවේ කෙසෙල්වත්ත උප කාර්යාලයට ගෙන එ්මය.

රජයේ දේපොළ සොරකම් කළ පොහොට්ටු නායක ඉෆාස් නබුහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් වැළකී තිබේ.

මෙම රජයේ දේපොළ සොරකම් කිරීම පිළිබඳව හා එ් හා අදාලව පොලීසියේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව, වත්මන් විපක්ෂ නායක තාහීර් ෆාසි පැමිණිලි කර ඇත.

එමෙන්ම එ් හා අදාල සියලූ තොරතුරු හෙළි කරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඉල්ලීමක්, පානදුර ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර ඇත.

   

 


Thursday, October 25, 2018

පොලිස්කාරයින් වරදකරුවන් කරවන්න, සංඝ නායකයින්, දේශපාලූවන් හා ෙදාස්තරලා අභියෝග කරමින් වසර නවයක අරගලයකින් ලැබුණ වන්දිය රු: 300,000/- යි.



අධිකරණ සංඝනායක හරංකහපත ශීවලී නමු වූ, චීවරධාරී තැන, ”පොලීසියට විරුද්ධව පවරා ඇති නඩුව ඉල්ලා අස්කරගන්න, රු: 25,000/- ක් අරන් දෙන්නම්, විරුද්ධව දාලා තියෙන නඩු අස්කරවා දෙන්නම්” යැයි පැවසූ විට, උසාවියෙන් දාලා තියෙන නඩු අයින් කරන්නේ කොහොමද යන ප‍්‍රශ්නය නැගූ විට මේ චීවරධාරියා පවසා ඇත්තේ තමාට එය කළ හැකි බවත්, තමාට අවශ්‍ය වන්නේ පොලීසියේ මහත්වරු හිරේ යන එක වළක්වා ගන්න එක බව - චීවරධාරියාගේ පිළිතුරු විය.

මේ 2009 ජුනි 23 වන දින සිදුවීමක්. මේ දිනයේදීම ප‍්‍රාදේශීය සභාවේ උදේනි අතුකෝරල, මීගහතැන්න පොලිසියේ ස්ථානාධිපති හිමාල රාජපක්ෂ, උ.පො.ප. සෙනෙවිරත්න තවත් කිහිප දෙනෙකු සමග පැමිණ පොලිසියට විරුද්ධව පවරා ඇති නඩුව ඉවත් කර ගන්නා ලෙසට බලපෑම් කර ඇත.

මේ, එල්ලවූ බලපෑම් අවස්ථා දෙකක් පමණි. තවද මෙම බලපෑම් කිරීම්වලට එවකට මානව හිමිකම් කොමිෂන් සභාවේ සිටි විමර්ශන නිලධාරීන් ද හවුල් විය.

2009 මාර්තු 01 වන දින සුනිල් ශාන්තව අත්අඩංගුවට ගන්නා මීගහතැන්න පොලිසිය ඔහුට දස වධ දී, රක්ෂිත බන්ධනාගාර ගත කරවනු ලබයි. 

ඊට දින දෙකකට පසුව එනම් 2009 මාර්තු 03 වන දින අත්අඩංගුවට ගනු ලබන එල්.එන්. ශාන්තට, ලේ වමනය යන තෙක් පහර දී, රක්ෂිත බන්ධනාගාරගත කරවයි. 

මොවුන් දෙදෙනාම මීගහතැන්න පොලිස් වසමේ කුලී වැඩකර ජීවත්වන අයයි. එහෙත් මීගහතැන්න පොලීසියේ අත්අඩංගුවට ගැනීම, වධහිංසා පැමිණවීම ඔවුන් අධිකරණය හමුවේ සහ බන්ධනාගාරයට ඇතුලත් කරණු ලැබූ අවස්ථාවේ කියා සිටීන ලදි.

එ් නිසා ඔවුන්ට බන්ධනාගාර රෝහලේදී මෙන්ම නාගොඩ මහා රෝහලෙන්ද ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගනී.

අධිකරණය මගින් ඔවුන් ඇප මත මුදාහැරීමෙන් පසුව ඔවුන් ජනසංසදය හා එක්ව, මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට ද පියවර ගනු ලබයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරීම නිසා මානව හිමිකම් කොමිෂන් සභාව සිය විමර්ශන කටයුතු අතහැර දමනු ලැබීය.

සුනිල් ශාන්ත හා එල්.එන්. ශාන්ත ඥති සොහොයුරන්ය. සුනිල් ශාන්ත ගේ සොහොයුරිය හා එල්.එන්. ශාන්ත ගේ බිරින`ද බලපෑම්වලට යට නොවී, පෙර ස`දහන් කළ චීවරධාරියාට, දේශපාලූවන්ට හෝ පොලීසියට යට නොවී, යුත්තිය උදෙසා නොබියව නොපැකිලව ඉදිරිපත් විය.

මූලික අයිතිවාසිකම් නඩුව මුල් අවස්ථාවේ පැවරීම සිදුකළේ, නීතිඥ ශාමේන් ගුණරත්න මහත්මිය ය. 
ඉන් අනතුරුව නඩුව ඉදිරියට ගෙන ගියේ නීතිඥ එර්මිසා ටීගල් මෙනවියයි. පොලිස්කාරයින් වෙනුවෙන් පෙනී සිටියේ, නීතිඥ ෂ්‍යාමෙල් කොල්ලූරේ ය. 

මෙම නඩුව, පවරන අතරවාරයේ විවිධාකාරවූ ආර්ථික, ශාරීරික හා මානසික ගැට`ඵවලට මුහුණ දුන්න එල්.එන්. ශාන්ත සිය දිවි හානි කර ගත්තේය. එල්.එන්. ශාන්ත වෙනුවට ඔහුගේ බිරිඳ ව ආදේශ කර, නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලදි.

2018.10.23 වන දින, තීන්දුව ප‍්‍රකාශයට පත් කෙරිනි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා ජයසුන්දර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු ගේ එකඟතාවය අනුව, ප‍්‍රකාහයට පත් කරන ලද නඩු තීන්දුව ප‍්‍රකාරව, වගඋත්තරකරුවන් වූ, මීගහතැන්න පොලීසියේ උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න හා එවකට ස්ථානාධිපතිවරයා, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය උල්ලංඝණය කර ඇති බවට තීන්දු කරණු ලැබිය.

එ් අනුව, එම පොලිස් නිලධාරීන් දෙදෙනා, එක් අයෙකු විසින් රු: 50,000/- බැගින් වන්දියක්, සුනිල් ශාන්තට හා එල්.එන්. ශාන්ත වෙනුවට ඔහුගේ බිරිඳට ගෙවීමට නියම කරන ලදි.

එමෙන්ම, රජය, එක් අයෙකුට රු: 50,000/- බැගින් ගෙවීමට ද, නියම කරන ලදි. මෙය ගෙවිය යුත්තේ පොලිස්පතිවරයාය. 

එ් අනුව එක් අයෙකුට රු:- 150,000/-ක වන්දියක් හමිවනු ඇත.

මූලික අයිතිවාසිකම් නඩුවෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද බවට නිගමනය කර තිබේන මීගහතැන්න පොලීසියේ උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න හා එවකට ස්ථානාධිපතිවරයා යන නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පියවර ගත යුතුය.

එමෙන්ම, වධහිංසාවට එරෙහි පනත යටතේ නඩු පැවරිය යුතුය.

මෙම දෙදෙනාගෙන් වදයට පාත‍්‍ර වූ, එල්.එන්. ශාන්ත දිවි තොර කර ගත්තේ ය. ජීවත්වන සුනිල් ශාන්ත අබ්බගාතයෙකි. 

මේ ධර්මිශ්ඨ, භාවානා කරන, බණ අහන, පිරිත් කියන, කැරොල් යන පොලීසිය, අද වනතුරු වධ දීම, බොරු නඩු දැමීම, නවත්වා නැත. මෙම තත්ත්වය වෙනස් කිරීමට අද බලයේ සිටින යහපාලන ආණ්ඩුවට ද අවශ්‍ය නැත.

මෙම නඩු තීන්දුව වධහිංසාවට විරුද්ධ අවංක සියලූ මානව හිමිකම් ක‍්‍රියාධරයින් අධ්‍යයනය කළ යුතුය.

පිටු 23 කින් සමන්විත මෙම නඩු තීන්දුවෙන් ඉස්මතු වන කරුණු බොහෝය. ඉන් ප‍්‍රධාන වන්නේ පොලිස් නිලධාරීන් අධිකරණයට බොරු කීමය. එය වරදක් වන්නේ නැත යන සහතිකයක් ඉහළ පොලිස් නිලධාරීන් ලබාදී ඇත. අනෙක බොරු වාර්තා දෙන ෙදාස්තර මහත්වරුන් ගැන කතා කරන්නට දෙයක් නැද්ද. ඇයි නැත්තේ කතා කරමු. 

ඡයාරූප ස`දහා සඳහා පිවිසෙන්න:-  

සම්පූර්ණ නඩු තීන්දුව සඳහා පිවිසෙන්න:- 



පොලීසිය උසාවිය පාවිච්ච් කර, පුද්ගලයන් රිමාන්ඞ් කරවීම.



ශ‍්‍රී ලංකා පොලීසියේ සියලූ දුෂණ වසන් කර ගැනීමට, පාවිච්චි කරන්නේ, උසාවියයි. එ් ”බී” වාර්තාවක් උසාවියට ඉදිරිපත් කර, අධිකරණයෙන් අදාල තැනැත්තාව, රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඉල්ලීමයි.

මේ ඉල්ලීමට අභියෝගයකින් තොරව, අනුගත වන උසාවිය, එම පුද්ගලයාට එරෙහිව නගා තිබෙන චෝදනාව කවරක් වුවත්, ඔහුගේ ඇයගේ නිදහස අහිමි කරමින් රිමාන්ඞ් බාරයට පත් කරයි.

රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට අනුව දඬුවමක් නොවන්නේය.

මේ නිසාම උසාවිය පුද්ගලයින් රිමාන්ඞ් කරවීම වරදක්ද නොවන්නේය.

නමුත් පුද්ගලයෙකුගේ නිදහස අහිමි කිරීම බරපතල අපරාධයකි. මූලික අයිතීන් උල්ලංඝණයකි.

සියලූම දෙවි දේවතාවුන්ගේ බැල්ම තියෙන බැල්ම තියෙන, සියලූම ආගම් රාජ්‍ය ආගම් වන ශ‍්‍රී ලංකාවේ රටවැසියන්ගේ බහුතරය තම විරුද්ධවාදියෙකු රිමාන්ඞ් බාරයේ සිටිනවා දැකීමට තරම් සතුටට හේතුවන තවත් දෙයක් නැත.

රට වැසියන්ගේ පරපීඩක මානසිකත්වය ට සවන් දීම පොලීසියේ, උසාවියේ කාර්යය කරගෙන තිබේ යයි කිවහොත් එයට විරුද්ධ වන අබ බොහෝ බව දනිමු.

මේ තවත් එක් නිදසුනක් පමණි.

දයාරත්න වලස්මුල්ලේ පදිංචිකරුවෙකි. භක්තිමත් කතෝලිකයෙකි. 

ඔහු වලස්මුල්ල පොලිස් ස්ථානයට, පසුගිය 13 යන්නේ, පැමිණිල්ලක් කිරීමටය.

එ් වලස්මුල්ල දිසා අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් කඩ කිරීම පිළිබඳවය.

දයාරත්නව දුටු විගස කුලප්පු වූ පොලීසිය ඔහුට පහරදී, කුඩුවට දමා පසුදා වනතුරු, වතුරවත් නොදී තියාගෙන වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයා ලෙසට ක‍්‍රියා කළ නීතිඥවරයාගේ නිවසට ගෙන ගොස් රිමාන්ඞ් බාරයට පත් කරණු ලැබීය.

දින තුනකට පසුව ඇප ලබාගෙන නිවසට පැමිණි ඔහුට වලස්මුල්ල පොලීසියෙන් එවන ලද ලිපියක් ඔහු අතට පත්විය.

2018 ඔක්: 08 දාතමින් ස්ථානාධිපතිගේ අත්සනින් එවන ලද ලිපියෙන් ඔහුට කියා තිබුණේ 15 දින පොලීසියට පැමිණෙන ලෙසටය. නමුත් එය ඔහු අතරට පත් වුනේ 17 දිනය. ලිපිය තැපැල් කර තිබුණේ 16 දිනය. 

ලිපිය ලද විගස පොලීසියට ගිය දයාරත්න එදින පොලීසිය එළවා ගත්තේ ”තමුසේ” කියා ආමන්ත‍්‍රණය කරමින්ය.

කොළඹ අයට ”තමුසේ” යන ආමන්ත‍්‍රණය තමුසේ මාත් තමුසේ වුනාට, දකුණේ ”ඔහේ” ලාට තමුසේ යන ආමන්ත‍්‍රණය බරපතල අවමන් සහගත ආමන්ත‍්‍රණයක් බව හොඳාකරව දනී.



Saturday, October 20, 2018

රෙදි ඉරා, පහර දෙමින් පාරේ ඇදගෙන ගොස් ගෑනිව මරණ්න හදපු කුඞ්ඩාව රකින්නේ පොලීසිය.



බේරුවල පොලීසියේ ආශිර්වාදය ලබාගෙන සිටින කුඞ්ඩෙක්ගෙන් දස වධයට ලක්ව සිටින 22 හැවිරිදි දෙදරු මවකගේ කතාව.

ඇය බේරුවල පදිංචිකාරියක්. විවාහ වූ දිනයේ සිටම, ඇය සැමියාගේ වධහිංසනයට ගොදුරු විය. දෙවියන් ඇය ගැන බැලූවේ නැත. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව නීතිය ඇයට පිහිට වූයේ නැත. දෙවියෝ වගේම පොලීසිය පෙනී සිටියේ කුඩු බොන සැමියා වෙනුවෙන්.

ඇයට පහරදී, ඇගේ නිවස ඉදිරිපිටට ඇදගෙන ඇවිත් බෙල්ල කපන්න හදනකොට ඇයව බේරාගන්න අසල්වැසියන් ඉදිරිපත් විය. ඒ සඳහා බලය යොදන්නට ඔවුන්ට සිදුවිය.

ඔහුව අල්ලා පොලීසියට බාර දීමට ගත් උත්සාහයේදී, ඔහු පැන ගියේ, අසල නිවසක තහඩු වලින් ආවරණය කර තිබූ නාන කාමරයක් ද කඩාගෙනය.

පොලීසිය සමග ඇයි හොඳයිකම් දක්වන මොහු පොලීසියට ගොස් තමාට, බිරිඳගේ ඥතීන් පහරදුන් බවට පැමිණිලි කළේය. මොහුගෙන් පහර කෑ, බිරිඳගේ පැමිණිල්ල ලියාගන්නවත් පොලීසියට අවශ්‍යය නොවීය.

වහා ක‍්‍රියාත්මක වූ පොලීසිය කුඞ්ඩා නම් කළ පුද්ගලයන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඞ් බාරයට පත් කළේය.

කුඞ්ඩා සැපෙන් සනීපෙන් සිටී.

මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති හා ජාතික පොලිස් කොමිෂන් සභාවට ඇය කරන ලද පැමිණිල්ල සියල්ල හෙළි කරයි. 

අපරාධකරුවාට නිදැල්ලේ සිටිමට ඉඩදිම, එ් වෙනුවට බොරු චෝදනා නගා නිර්දෝශී පුද්ලගයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිම.

ජෙන්නා, අවු: 22 යි, විවාහක, දරුවන් 02 යි, වයස අවු: 04 හා අවු: 2 1/2 යි, 
2018.10.20 වන දින දීය. ෂියාම්, අවු: 28 යි, රැුකියාව : ධීවර (මුහුදු යෑම) මාගේ සැමියා වේ.
2013 දෙසැම්බර් 25 දින, මොහු සමග විවාහ විය. එවිට වයස අවු: 18 කි. මා විවාහ වීමෙන් පසුව, සැමියා මත්ද්‍රව්‍යය වලට (කුඩු) ඇබ්බැහි වූවෙක් බව දැන ගත්තා. කුඩු නැතිවූ විට, ඔහු ගංජා, පෙති හෝ සිරප් බොනවා.

මුහුදු ගොස් පැමිණි පසුව, සල්ලි ඉවර වෙනකම් කරදරයක් කරන්නේ නැහැ. ඊට පස්සෙ මගෙන් සල්ලි ඉල්ලනවා. සල්ලි නෑ කිව්වාම කරාබු කුට්ටම ඉල්ලා බල කරනවා. එ් අවස්ථාවල දී, මගේ බෙල්ලෙන් අල්ලා උස්සා පහර දී, විසි කරනවා. සැමියා අඩි 06 යි අඟල් 03 ක් උසයි. මාගේ උස අඩි 04 යි. ශරීරයෙන් කුඩායි. මට, දරුණු ලෙස පහර දෙන්න පටන් ගන්නේ පළමු දරුවා හම්බවෙන්න ඉන්න කොට.

පළමු දරුවාට මාස 09 වන විට ඔහුගෙන් මා දික්කසාද වුණා. ඔහුගේ හා ඔහුගේ මවගේ බලපෑම මත, මාස තුනකට පසු යළිත් ඔහු සමගම විවාහ විය. එයින් පසුව, දෙවෙනි දරුවා ලැබුණා. 

මෙම පසුබිම යටතේ, 2018.09.18 වන දිනද රාත‍්‍රී 9.00 ට පමණ, ඔහු කුඩු බී ගෙදරට පැමිණියා. 
රාත‍්‍රී 10.00 ට පමණ මට අඹු සැමියන් ලෙස හැසිරෙන්නට අඬ ගැසුවා. ඔහු කුඩු බී සිටි නිසා අකමැති වුණා. එවිට ඔහු ෆයිබර් පුටුවකින් පහර දුන්නා. එම පහරින් මාගේ දකුණු අත තුවාල වී ලේ ගලන්න පටන් ගත්තා. අත ඉදිමුණා. ඔහු මට කාමරයෙන් පිටවෙන්න ඉඩ දුන්නේ නැහැ. අඩුම වශයෙන් වැසිකිලියටවත් යන්න දුන්නේ නැහැ.

පසුදින (2018.09.19* උදේ 9.00 වන විට ඔහු නිවසින් පිටවුණා. මම මාගේ අම්මා ළඟට ගියා. එදින දවස පුරාම අම්මලාගේ ගෙදරට වී සිටියා. පසුදින එනම්, 2018.09.20 දින සවස 5.30 ට විතර, සැමියා අම්මලාගේ ගෙදරට ආවා. ඔහු කෙළින්ම ගේ ඇතුළට ඇවිත්, මාගේ කොණ්ඩෙන් අල්ලා ඇදගෙන පාරට ගෙන ආවා. ඔහු අතේ අඩි තුනක පමණ ගැල්වනයිස් බටයක් තිබුණා. පාරට ගෙනවිත් මාගේ බෙල්ල වටා අත දමා, ඇදගෙන යන අතර මගේ ඇඳුම් ඉරා දැම්මා. උඩ ඇඳුම් සම්පූර්ණයෙන්ම වාගේ ඉරා දැම්මා. යට ඇඳුම් ද ඉරුවා. (මේ පිළිබඳව මා, සම්පූර්ණ විස්තරයක් ක`ඵතර පොලිස් අධිකාරී කාර්යාලයේ ළමා හා කාන්තා කාර්යාංශයට කිව්වා. එය ලියා ගත්තා.*

මාව ඔහුගේ ගෙදරට ගෙන ගිය පසුව, සැමියාගේ අක්කා මට ඇඳුමක් දුන්නා. එ් අතර ෂියාම්ගේ ඥතීන් වන රහුමා බිබී හා ෂියානා යන අය මට පහර දුන්නා. ඔවුන් දෙන්නා, මාගේ සැමියා අතට පිහියක් දී, මේ ගෑනිව මේකිගේ අම්මා ළඟට ගෙන ගොස් කපලා මරා දාන්න යයි කිව්වා. එ් කීමට නැවත මගේ සැමියා මා ඇදගෙන අම්මලාගේ ගෙදරට ගෙන ආවා.

එසේ ගෙන එන විට, අසල්වැසියන් ද අපේ පස්සෙන් ආවා. ගේ ඉදිරිපිටදී, ෂියාම් මට හා අම්මලාට බණිමින්, මගේ බෙල්ලට පිහිය තබා කපන බවට තර්ජනය කළා. එ් අවස්ථාවේ අවට සිටි පිරිස, ඔහුගේ අතින් පිහිය උදුරා මාව බේරා ඔහුට පහර දුන්නා. ඔහු ඔවුන්ගෙන් මිදී, ගේ ඉදිරිපිට නිවසේ නාන කාමරයද කඩාගෙන දුවලා ගියා. 

මාගේ අක්කලා දෙන්නා හා මාමා කෙනෙකු මාව, බේරුවල පොලීසියට ගෙන ගියා. පොලිසියේදී කිව්වා, එක්කෙනෙක් පැමිණිල්ල දාන්න ඉඳලා, අනෙක් දෙන්නාට මාව රෝහලට ගෙන යන්න කියා. 
මාගේ අක්කා කෙනෙක්, පොලීසියේ නැවතුනා. ඇය පැමිණිල්ල දැම්මා. 

අනෙක් දෙන්නා මාව රෝහලට ගෙන යන විට, පොලීසිය ඉදිරිපිට දී, මට සැමියා හමුවුණා. ඔහු සමග මට පහර දුන්න ඔහුගේ ඥතීන් සිටියා. එයට අමතරව ෂියාම්ගේ ලොකු අයියා කෆාර් ද පැමිණ සිටියා. මාව, බේරුවල රජයේ රෝහලට ගෙන ආවා. එහිදී, මාව ඇතුළත් කර, දවසක් තියා ගත්තා. පසුදින මාව, නාගොඩ මහ රෝහලට මාරු කළා. මාගේ මු`ඵ ඇඟම නිල් වෙලා තිබුණා. නාගොඩ මහා රෝහලේදී, රෝහල් පොලීසියෙන් ප‍්‍රකාශයක් ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂා කළා.

මේ අතර පෙර සඳහන් කළ පරිදි, 2018.09.10 වන දින, මට පහර දී, අම්මලාගේ ගේ ඉදිරිපිටට ගෙනවිත් මාගේ බෙල්ල කපන්න සූදානම් වන විට, අවට පිරිස් මා බේරාගෙන, ඔහු අල්ලා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ, ඔහු පලා යන ලද්දේ ඉදිරිපිට නිවසේ ටකරන් වලින් සාදා තිබූ නාන කාමරය ද කඩාගෙනය.

එ් අවස්ථාවේ සිදු වූ තුවාල, පොලීසියට පෙන්නා, මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති මාගේ, ළඟ ඥතින් 3න් දෙනෙක්ව කළා. ඔවුන්ව අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මා මෙහිදී විශේෂයෙන් ප‍්‍රකාශ කර සිටින්නේ,

බේරුවල පොලීසිය, පෙර වැරදි ඇති, ප‍්‍රසිද්ධියේ මත්ද්‍රව්‍යය (කුඩු, පෙති, සිරප්* ජාවාරමේ නියැලෙන, මාගේ සැමියාගේ පවුලේ අය සමග හා පෙර වැරදි තිබෙන කුඩු, පෙති, සිරප් බොන සැමියාගේ පැත්ත ගෙන තිබෙන බවයි. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය යටතේ හා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබ`දව, මා හා මාගේ අක්කා විසින්, බේරුවල පොලීසියේ, (ස* 2018/09/20 දින 187/211 ක්‍ෂඊ ෂත :සස* 2018රැු09රැු22 දින ක්‍ෂඊ :3* 328රැු206ත :සසස* 2018රැු09රැු23 දින ක්‍2 180රැු2118 දමා තිබෙන පැමිණිලි පිළිබඳව කිසිදු ආකාරයක නීත්‍යානුකූල පියවරක් නොගත් බව සහ 2018.09.25 දින, ෘඋක්‍ෂඊ 370රැු54 දකුණු ක`ඵතර පොලීසිය කරන ලද පැමිණිල්ල පිළිබඳව, නිසි පියවර නොගත් බවයි. මෙම පැමිණිල්ල නිසා මාගේ දරුවාගේ බාරකාරත්වය ලබාදීම පමණක් සිදුවිය.

මේ වන විට, මාගේ සැමියා, ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන්නේ, තමන්ට පොලීසිවල සහය ඇති බවත්, එ් නිසා මෙයට පෙර ඔහු විසින් කර තිබෙන ක‍්‍රියාවන් සිහිපත් කරමින්, මාව මරණ බවට මාගේ සොහොයුරාව හා ඥති සොහොයුරන් මරණ බවයි.

මත් කුඩුවලට ඇබ්බැහි වූ ඔහු එවන් කි‍්‍රියාවන්හි නිරත විය හැකි බව ප‍්‍රකාශ කරන්නේ, ඔහුගේ කිට්ටු ඥතීන් මත්ද්‍රව්‍යය ජාවාරමේ නියැලෙන අය නිසාය.

මා ඉල්ලා සිටින්නේ, අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන ලෙසත්, ජීවිතාරක්ෂාව සලසන ලෙසටත්, අපරාධකරුවාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටත්ය.

තවද, අපරාධකරුවන්ට පක්ෂව පරීක්ෂණ කරන ලද, නිර්දෝෂී පුද්ගලයන්ට එරෙහිව බොරු චෝදනා නගන ලද බේරුවල පොලීසියේ අදාල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද ඉල්ලමි.

මෙයට - ජෙන්නා




Tuesday, October 16, 2018

පුන් පොහොය දා කොස්තාපල්ගේ කණ පැලූ ඕ.අයි.සී. තවමත් නිදැල්ලේ ..............


බෙලිඅත්ත පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වික‍්‍රමසිංහ නැමැත්තාට එරෙහිව, එවකට, එම පොලීසියේ රාජකාරි කළ කොස්තාපල් දිල්හාන් විසින් කර තිබෙන පැමිණිල්ල සම්බන්ධයෙන් මාස දෙකක් ගතව ඇතත් කිසිම, නීතිමය හෝ විනය හෝ පියවරක් ගෙන නොමැත.

අගෝස්තු 25, පුන් පොහොය දින, නියමිත රාජකාරි නිම කොට, නික්ම යෑමට, සූදානම් වෙද්දි, 
”භට නිවසට”  පැමිණි, ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වික‍්‍රමසිංහ කුණු හරපයෙන් ආමන්ත‍්‍රණය කොට මොහුගේ කණට ගසා ඇත. එසේ කණට ගසා ඇත්තේ පොලිස්පතියා වූ පූජිත ජයසුන්දර, සෝපාන ක‍්‍රියාකරු ට පහර දුන්න ක‍්‍රමයටය.

ඉන්පසු ”භට නිවසේ” සිට, පොලීසියට ඇදගෙන ගොස් ”රෝහල් ටිකට්” එකක් ලියා බෙලිඅත්ත ප‍්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට කතා කර, බීලා ඉන්න බවට ලියාගන්න මිනිහෙක් ගේනවා කියා ඇත.

ඊට පසුව, තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සමග, ප‍්‍ර.පො.ප. වික‍්‍රමසිංහ, කොස්තාපල් දිල්හාන්ව එම බෙලිඅත්ත ප‍්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා ළඟට ගෙන ගොස් තිබේ.

රෝහලේ ඉදිරිපිට, අනෙක් පොලිස්කාරයින් සමග දිල්හාන්ව නතර කරවා, වෛද්‍යවරයාගේ කාමරයට, ප‍්‍ර.පො.ප. වික‍්‍රමසිංහ රිංගා ඇත.

දෙපාරක් පහර කෑමෙන් දැඩි වේදනාවෙන් පෙ`ඵන කොස්තාපල් දිල්හාන් , එම ස්ථානයෙන් ඉවත්ව වීරකැටිය මූලික රෝහලට ගොස්, තමාට පහරදුන් බවට ප‍්‍රකාශ කර, රෝහල්ගතව තිබේ.

එහිදී රෝහල් පොලීසිය මගින් ඔහුගේ ප‍්‍රකාශ සටහන් කරගෙන, නිසි ප‍්‍රතිකාර ලබාදී තිබේ.

ඉන් අනතුරුව මොහුව, ප‍්‍රදේශයේ වෙනත් පොලීසියකට මාරු කරණු ලැබීය.

නමුත් මේ දක්වාම අපරාධය කළ, ප‍්‍ර.පො.ප. වික‍්‍රමසිංහට එරෙහිව නීතිමය පියවර ගෙන නැත. මෙම අපරාධය මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කරද නැත. මෙම ප‍්‍ර.පො.ප. වික‍්‍රමසිංහට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට පූජිත ජයසුන්දර පොලිස්පතියා ඉඩ නොදෙනවාට සැකයක් තිබිය නොහැක.

මන්ද, තමා හිටගෙන කළ දේ, මෙම ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා, ඊට වඩා හොඳින් දුව දුව කර ඇති නිසාය.

තම යටතේ රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙකු ට, ‘‘තෝ බීලා නේද ඉන්නේ’’,  ‘‘තෝ හරියට දන්නෑ මම කව්ද කියලා මම අද තොට වැඬේ කරන්නම් යමන් හුත්තිගෙ පුතා’’ යන වදන් පාවිච්චි කරමින් බොරු නඩු වක් දමන්නට තරම් නීච පොලිස් පරික්ෂකයින් ආරක්ෂා වන්නේ,   නිවට සිවිල් සමාජ ක‍්‍රියාකාරින් හා මානව හමිකම් ආරක්ෂකයින් නිසා බව ප‍්‍රකාශ කරන්නට සිදුව ඇත්තේ මොවුන් දේශිය මෙන්ම ජාත්‍යන්තරව  පතුරුවන දුර්මතයන් නිසාය. 




භාවනා කරවන! නටන! සිංදු කියන! බණ කියන! ඩිප් ගහන! පොලිස්පතියා රු: 10,000/- ක වන්දිය නොගෙවා කට්ටි පනිනවා !!!



මිරිහාන පොලීසියේ සිටි, මුබාරක් නැමති නිලධාරියා, හරක් බලන කොල්ලෙක්ව කුදලාගෙන ගොස්, දස වධ දුන්නේය. එ් 2014 ජූලි මස 05 දිනය. 

මෙම තිරිසන් වධ දීම ගැන විමර්ශනය කළ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය මෙම පොලිස් නිලධාරියා විසින් උල්ලංඝණය කරන ලද බවට නිගමනය කරණු ලැබීය.

එ් දීර්ඝ විමර්ශනයකින් පසුවය. 

ශ‍්‍රී ලංකා මානව හිමිකම් බලතල අනුව, මෙම පොලිස් නිලධාරියා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානියා වශයෙන් පොලිස්පති වගකිව යුතු බවට නිගමනය කර, පොලීසියේ වධයට පාත‍්‍ර වූ මෙම පුද්ගලයාට, රු: 10,000/- ක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය.

මෙම නිර්දේශය සිදුකළේ, 2018.02.26 දින දීය.

දනට මාස 07 ක් ගතව තිබේ. එ් සම්බන්ධව සිහිකැඳවීම් කර ඇත.

නමුත් මේ දක්වාම පොලිස්පති පූජිත ජයසුන්දර, එම මුදල ගෙවීම පැහැර හරිමින් කට්ටි පණිමින් සිටී.




Wednesday, October 10, 2018

පළමු ගෑනි, දරුවෝ බඩගින්නේ තබා ආගමේ නාමයෙන් දෙවෙනි ගෑනි එක්ක මගුල් කනවා දෙවියන්ගේ පිහිටෙන් !!!



”ජුවලරි බොක්ස්” නිපදවන්නෙකු වූ, අබුසාලි මොහොමඩු නව්ෆර්, දරු තුන්දෙනෙකු සමග පළමු බිරිඳව අතහැර දැන් ඉන්නේ දෙවෙනි බිරිඳ සමග. එ් දෙවියන්ගේ කැමැත්ත අනුව.

පළමු බිරිඳව මොහු, දෙවියන්ගේ නාමයෙන් අතහැර ගොස් ඇත්තේ බාල දරුවා ලැබෙන්නට ඉන්න විටය. මේ වනවිට අවු: 10, 07 හා අවු: 03 වශයෙන් දරුවන් තිදෙනාව ඇයට, රැුකගන්නට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

මුස්ලිම් ආගමික විවාහයක් කරගෙන ඇති නිසා, ඇය තමන්ට හා දරුවන්ට නඩත්තු ඉල්ලා සිටියේ ක්වාසි උසාවියෙන්ය. ක්වාසි උසාවිය, ඇයට මාසිකව, රුපියල් 15,000/- ක නඩත්තු මුදලක් ගෙවන ලෙසට අබුසාලි මොහොමඩු නව්ෆර්ට නියම කළේය. එ් 2015 නොවැම්බර් මසය. නමුත් එම නියෝගය මොහු ගනන් ගත්තේ නැත.

2016 ජූනි මස නියම කළ පරිදි නඩත්තු නොගෙවන බවට ක්වාසි උසාවිය විසින් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට වාර්තා කර සිටියේය. හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය 2016 අගෝස්තු මස නඩුව කැඳවා, 2016 ඔක්තෝබර් මස 13 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට වගඋත්තරකරු අබුසාලි මොහොමඩු නව්ෆර්ට, සිතාසි නිකුත් කළේය.

සිතාසි බාරගත්ත ද, අබුසාලි මොහොමඩු නව්ෆර් උසාවියට ආවේ නැත.

2016 ඔක්තෝබර් 13 වන දින, අධිකරණය, අබුසාලි මොහොමඩු නව්ෆර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ විවෘත වරෙන්තු නිකුත් කළේය. එම වරෙන්තුවේ පිටපතක් ද, පළමු බිරිඳට නිකුත් කරණු ලැබීය. 

ඇය, එම වරෙන්තුව, සැමියා පදිංචි ප‍්‍රදේශයේ පොලීසිය වූ, අලූත්ගම පොලීසියට ගොස් බාරදෙනු ලැබීය. නමුත් මේ දක්වා වරෙන්තුව ක‍්‍රියාත්මක කර නැත. 

තමන්ට වරෙන්තුව බාරදී නැති බව ප‍්‍රකාශ කිරීමට තරම් අලූත්ගම පොලීසියේ ස්ථානාධිපතියා නීචයකු වී තිබේ.

”ජුවලරි බොක්ස්” ව්‍යාපාරිකයකු වූ අබුසාලි මොහොමඩු නව්ෆර් ගේ ඥතීන් සියලූ දෙනා ප‍්‍රදේශයේ ප‍්‍රකට හරක් ජාවාරමේ හවුල්කරුවන්ය. මෙම ජාවාරමේ අදිසි හවුල්කරුවා පොලීසියයි.
එ් නිසා අධිකරණයේ නියෝග ක‍්‍රියාත්මක කරන්නට පොලීසිය බැඳී නැත. ඇයට පොලීසිය ද නැත. දෙවියෝ ද නැත.

මානව හිමිකම් නැති නම්, අඩුම වශයෙන් මේ කරුණු හෙළිදරව් වන්නේ ද නැත. කාදිනල් මැල්කම් රංජිත් ට මේ පණිවුඩය.

     

Monday, October 8, 2018

වරෙන්තු තියෙන බවට බොරු කියා අත්අඩංගුවට ගෙන උසාවිය පාවිච්චි කරන්නේ කප්පම් ගන්න.


පොලිසිය සිය අපරාධ වසන් කරන්න, කප්පම් ගන්න, පළිගන්න, අපරාධකරුවන් ගලවා ගන්න, අසරණයින් හිර ගෙවල්වල දාන්න උපයෝගී කර ගන්නේ උසාවිය.

මෙම පොලිස් අපරාධ, නීති විරෝධී ක‍්‍රියා වළක්වන්න, අඩුම තරමින් අවමන් කරවන්න උත්සාහයක් රජයට, ආණ්ඩුවට හෝ සිවිල් සමාජයට නැත.

එ්, රටම බිලිගෙන තිබෙන, ¥ෂණ සංස්කෘතියේ මෙය ළකුණක් නිසාය.

හාජ්ජියාර් අමීර් හම්සා, (අවු: 60* යි, ඔහු පවසන අන්දමට පොතේ හැටියට පස් වතාවක් යාඥ කරන, නොවරදවාම සිකුරාදට පල්ලි යන නියම කර ඇති ආකාරයටම නෝම්බි අල්ලන වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මුස්ලිම් භක්තිකයෙකි.

ඔහු හජ්ජි වන්දනාවේ යෑමට සූදානම් විය. එය එසේ මෙසේ පහසු කාර්යක් නොවේ. එම අසීරු කාර්යය පිළිබඳව අවබෝධයක් ඇත්තේ මුස්ලිම් ආගමිකයන්ට පමණක් යැයි කීම, මුසාවක් නොවේ.

හජ්ජි වන්දනාවේ යෑමට ලක ලැහැස්ති වීම රහසක්ව තබාගත හැකි කාරනයක් ද නොවේ. මේ බව දැනගත් අලූත්ගම පොලීසියට අමීර් හම්සාගෙන්, එක් අතකින් පළිගන්නත්, තවත් අතකින් කප්පමක් ගන්නත් හොඳම අවස්ථාව විය.

2018 අගෝස්තු 12 දින අලූත්ගම පොලිසියට අමීර් හමිසාව රැුගෙන එනවා. එහිදී ඔහුට බලකරනවා, නඩුවකට අවශ්‍ය වෙනත් පුද්ගලයින් දෙදෙනෙක්ව, පොලීසියට ගෙනවිත් දෙන්න කියා.

එය තම කාර්ය නොවන බව ඔහු පොලිසියට පෙන්වා දෙනවා. එවිට පොලිසිය කරන්නේ, වරෙන්තුවක් තියෙනවා කියා අත්අඩංගුවට ගන්න එක.

එදින රාත‍්‍රියේ, පොලිස් කූඩුවේ දමා තබා ගන්නා අමීර් හම්සාව, පසුදින ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ීක්‍ෂඊරැු110රැු8රැු14 කියන නඩුවට අදාලව වරෙන්තුවකට අත්අඩංගුවට ගත් බවට වාර්තා කරමින්.

මහේස්ත‍්‍රාත්තුමිය, 2018.08.21 දින යළිත් අධිකරණයට ඉදිරිපත් වන ලෙසට නියෝග කර, ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරිනවා.

පසුදිනයේදීම, අමීර් හම්සා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වෙනවා.

එ් අවස්ථාවේ හෙළිදරව් වෙනවා, තමාට එම අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර නොමැති බව. උසාවිය දැණුම් දෙනවා ඔහුව, අදාල නඩුවට අවශ්‍ය නැති බව.

එ් බව, සටහන් කිරීමටවත් හැකියාවක් නොමැති බව ප‍්‍රකාශ කරන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය එදින කාර්ය සටහන්වල සහතික පිටපතක් අමීර් හම්සාට නිකුත් කරන ලෙසට නියම කරනවා, ඒ අදාල ගාස්තුවලට යටත්ව.

මෙ පසුබිම තුළ අලූත්ගම පොලිසියේ උත්සාහය, අමීර් හම්සාගෙන් කප්පම් ලබාගැනීම වලකිනවා. ඔහුගේ වචනයෙන් දෙවියන්ගේ පිහිටෙන් සැළසුම් කළ පරිදි හජ්ජි වන්දනාවේ යෑමට ද හැකි වෙනවා.

නමුත් පොලීසිය සිදුකරන මෙම නීති විරෝධී ක‍්‍රියාවන් පිළිබඳව, රටේ නීතියට අනුව, පොලිස් විනය මාලාවට අනුව බලධාරීන් පියවර ගත යුතු බව ඔහු තරයේ ප‍්‍රකාශ කරනවා. ඔහු මේ සිද්ධිය බලධාරීන්ට ලිඛිතව පැමිණිලි කර තිබෙනවා.

ආගම ඇදහීම මගින් පමණ්ක යුක්තිය ඉටු නොවන බව තේරුම් ගත් අමීර් හම්සා, තම අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහි නිසි පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටින්නේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන්, පොලිස්පති ගෙන් හා නිතිපති ගෙන් ය.



    

Sunday, October 7, 2018

එල්ලූම් ගහේ එල්ලී සිටින, මානව හිමිකම් ‘‘ඇලජික්’’ කා.රංජිත් මැල්කම් ට කතෝලික සභාවෙන්ම බැට.


නීතිය කඩා වැටුනු, දුෂණය ඉහවහා ගිය රටක, මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු බවට, බංකොලොත් බවින් මිදෙන්නට රජ්‍ය පාලකයෝ කරන ප‍්‍රකාශ වල එල්ලී, දිනේන දින පිරිහෙන තම සංස්ථාවල් කෙසේ හෝ මුදා ගන්නට උත්සාහ ගන්නා පිරිස් බොහෝය. 

එ් අතර කාදිනල් මැල්කම් රංජිත් ද වේ. එල්ලූම් ගහේ එල්ලී බැහැ ගන්නට බැරිව දගලන මොහු පසුගියදා මානව හිමිකම් වල එල්ලූනේය. මානව හිමිකම් ගැන ඔහු කල තකතීරු දුෂ්ඨ ප‍්‍රකාශය, ගිල ගන්නට බැරි තරමටම උගුරේ හිර කරගෙන ඇත.

කාදිනල් මැල්කම රංජිත් ගේ ප‍්‍රකාශය ගැන, ඇමති මංගල සමරවීර කළ ප‍්‍රකාශයේ එල්ලීමට, ඔහුගේම පක්ෂයේ කිහිප දෙනෙක්ද පෙරට ආහ. සුපුරුදු පරිදි, සිය පාලන සමයේ සිදුකළ මානව හිමිකම් උල්ලංඝණයන්, අපරාධ වලින් ගැලවීමට බැරිව දගලන මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ පොහොට්ටුව ද, එම ප‍්‍රකාශයේ එල්ලින.

නමුත් - තම ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව ඇමති මංගල ගේ ප‍්‍රකාශයන් සමග, කාදිනල් මැල්කම් රංජිත් ගේ ප‍්‍රකාශය, කතෝලික මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ගේ දෝශ දර්ශණයට ලක්විය.

මීට වසර පහකට පෙර, කතෝලික සභාව යටතේ පාලනය වන, අනාථ නිවසක තරුණයින් විසි තුන් දෙනෙකු මහ මගට ඇද දැමීමට (පොලිසිය මගින් අධිකරණය යොදා ගැනීමට) ගත් අසාර්ථක උත්සාහය වැළකුනෙන්- මානව හිමිකම් ක‍්‍රියාකාරීන් ගේ මැදිහත්වීම නිසාය (විලා හවුස් හෙවත් ග්‍රේස් කුමරි අනාථ නිවස අදාල නඩුව).

කාදිනල් මැල්කම් රංජිත් ට, තම සභාව තුල ක‍්‍රියාත්මක වන, මානව හිමිකම් සංවිධාන පිළිබඳව පසු ගියදා කතෝලික සභාවේ පුජකවරන් පිරිසක් ප‍්‍රසිද්ධ රැස්විමක් තබා සිහිපත් කර දුන්නේය. අදටත්, අප රටතුල ක‍්‍රියාත්මන වන ප‍්‍රබලතම මානව හිමිකම් සංවිධාන මෙහෙය වන්නේ, කතෝලික සභාවයි. එ් වායේ නායකත්වය දරන්නේ කතෝලික පූජකයින්, කන්‍යා සොහොයුරියන් හෝ කතෝලික සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ය. එ්වාට අරමුදල් සපයන්නේ බටහිර රටවල්ය. මෙම සංවිධානවල නායකත්වය දරන පූජකවරුන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංගණය කිරිම් ගැන නිරන්තරයෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටී. 

එමෙන්ම, පෙර මෙන්ම අදටත්, භික්ෂූන්, පූජකයින් විසින්, තම ‘‘ආගමික බලය” උපයෝගී කරගෙන සිදුකළ හා සිදු කරන, විශේෂයෙන් ළමා ලිංගික අපරාධ පිළිබඳව මානව හිමිකම් ක‍්‍රියාකාරීන්ගේ මැදිහත්ව කටයුතු කිරීම නිසා, බලධාරීන්ට එම අපරාධ මග හැරීමට නොහැකිව තිබේ.

මෙය අප රටට සීමාවූවක් නොවේ. විශේෂයෙන් යුරෝපා රටවල මේ වන විට, බලවයස්කාරයන් ලිංගික අපයෝජනයට ලක්කල කතෝලික පූජකයින්, බෞද්ධ භික්ෂූන්ට, ”නිළ ඇඳුම” ගලවා දමා හිරේ ලගින්නට සිදුව ඇත. සමහර ප‍්‍රමුඛ පෙලේ භික්ෂූන් මෙන්ම කතෝලික පූජකයින් – දික්කසාද නඩුවල වගඋත්තරකරුවන්ය. 

ගලේ පැහැරූ බළලා තත්වයට පත්ව සිටින  ක. මැල්කම් රංජිත්, බුද්ධාගමද මානව හිමිකම් වලට ඈදා ගන්නට උත්සාහ ගෙන තිබිණ. එයට දුෂිත චීවරධාරීන් කිහිප දෙනෙක්ද මාධ්‍ය හරහා එක්ව තිබිණ.

ක‍්‍රිස්තු පුර්ව 491-500,  බුදුන් වහන්සේ දේශනා කළ වසල සූත‍්‍රයේ - ඔබ වැනන්වුන් ගැන ප‍්‍රකාශ වී තිබේන බවද සිහිපත් කරන්නෙට කැමැත්තෙමු.

‘පන්සල් සූදුව’ රැකදේවා ! දිනේවා !! වැජඹේවා !!!


පන්සල් සුදුව ගැන නොදන්නා බෞද්ධයෙක් සිටිය නොහැක. මෙම ‘සූදුව’ අපරාධයකි. මෙයට ගොදුරු වන්නේ ඇබිත්තයන්, සාමනේරවරුන් හා දහම් පාසල් යන පිරිමි දරුවන්ය.

හම්බන්තොට අධිකරණ බල ප‍්‍රදේශය; අම්බලන්තොට පොලිස් වසම; ගොඩවාය පන්සල:-

ධීවරයෙකු වන පියා හෘද රෝගියෙකි. ඖෂධ මාෆියාවට ගොදුරුව ණය බරින් මිදීමට මවට රට යෑමට බලකල පවුලක එකම පුතාය.

පාරම්පරික බෞද්ධ පවුලක සාමාජිකයෙකි. වයස අවු: 12 යි. දහම් පාසලට යන්නේ, සුදු සරමක් කමිසයක් ඇඳ, මල් වව්ටියක් ද රැුගෙනය. 

මෙම දරුවාව, දහම් පාසලේ බාරකාර අමිත නම් චීවරධාරියා අතින් කෙලෙසෙන බව පියා දැනගන්නේ අහම්බෙනි.

එ් පසුගිය අගෝස්තු මස 16 වන දින සවස, අසල්වැසියෙකු විසින් ඔහුගෙන් අසන ප‍්‍රශ්නයකිනි. 

"අයියා දන්නේ නැද්ද? අමිත හාමුදුරුවෝ පුතාව තියාගෙන ගල් ......... න  බව. ළමයි දැකලා තියෙනවා. ගෙවල්වල කතා වෙනවා. මේක අයියාට කියන්නේ කොහොමද කියලා තමයි හිත හිත හිටියේ’’.

ඔහු ගෙදර ගොස් එය තම පුතාගෙන් ඇහැව්වා. මාමලා පුතා ගැන එක එක කතා කියනවා. දහම් පාසල් ගියාම පුතාට හාමුදරුවෝ මොනවද කරන්නේ? ...... කියා ඇසුවා.

අමිත චීවරධාරියා, අනෙක් බොහෝ චීවරධාරීන් මෙන් තමන් "බුද්ධ පුත‍්‍රයින්” නිසා නීතිය මායිම් කරන්නේ නැත. නීතිය බලපාන්නේ නැති අය ලෙසද සිතාගෙන සිටී.

දහම් පාසලේ ළමුන්ට, තඩි වේවැලක් තියාගෙන තැලීම මොහුගේ එක් කාර්යයකි. මේ චීවරධාරියා දහම් පාසල් ළමුන් තම අනසකට යටත් කරගෙන ඉන්නේ පහර දී වධ දීමෙන්ය.

‘‘මීට පෙරත් .... අමිත හාමුදරුවෝ” මට එහේම කරලා තියෙනවා. කරලා ඉවර වෙල කාටවත් කිව්වොත් බලාගන්නම් කියා තර්ජනය කරනවා. එ් නිසා තමයි කිව්වේ නැත්තේ....... පුතාගේ පිලිතුර විය.’’

පසුදින උදේ පියා ගියේ, ගොඩවාය පන්සලේ අධිපති, බැරගම පන්සලේ සිටින ධම්මිස්සර නමි චීවරධාරියාව හමුවන්නටය. ඔහුට කාරණය කිව් විට, මම අහලා බලන්නම් යයි යන පිළිතුරු ලැබිණ.

යුක්තිය, සාධාරණය, ඉටුවන බවක් පෙනෙන්නට නැති බවට වටහා ගත් පියා, පුතාව ද කැටුව ගියේ අම්බලන්තොට පොලීසියට.

සිද්ධිය ඇසූ පොලීසිය වහා ක‍්‍රියාත්මක විය. පිය පුතු දෙපළවද ජීප් රථයට දාගත් පොලිස් නිලධාරීන්, ගොඩවාය පන්සලට පැමිණ, ස්ථානගත පරීක්ෂණයක් කර, අමිත චීවරධාරියා අත්අඩංගුවට ගත්තේය.

පුතාව පෙලීසිය විසින්ම හම්බන්තොට මහ රෝහල වෙත ගෙන යනු ලැබීය. එ් වෛද්‍ය පරීක්ෂණ සඳහාය. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවට ලක් කෙරිනි. මානසික වෛද්‍ය විශේෂඥවරයෙකු ද පරීක්ෂා කරන ලදි.

අමිත චීවරධාරියාව, අධිකරණයට ඉදරිපත් කරන ලද පොලිසිය, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබීය. එදා සිකුරාදා දිනයකි. සඳුදා අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ඔවුන්ට පොලීසියට එන ලෙසට දැණුම් දීමක් කරන ලදි.

පිය පුතු දෙන්නා, පොලිසියට ගිය විට, ජීප් රථයෙන්ම අධිකරණයට රැුගෙන යන ලදි. අමිත චීවරධාරියාද අධිකරණයට ගෙනවිත් තිබිණ.

නඩුව කතා කර, අමිත චීවරධාරියාව, රුපියල් ලක්ෂය බැගින්  ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග ලබාගන්නා ලදි.

පුතාව, රුපියල් ලක්ෂ 10 ක, ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබීය.

අමිත චීවරධාරියා, පොහොට්ටුවේ ප‍්‍රබල ආධාරකරුවෙකි. රුවන් කුමාර නැමැති ප‍්‍රාේදශීය නියෝජිතයා, බලයට ගෙන එන්නට පමණ්ක නොව, ලගින්නට උදව් කරන්නේද මේ චීවරධාරී අමිතය.

පළමු දිනයේ කඩිමුඩියේ ක‍්‍රියාත්මක වූ පොලීසිය දැන් "වර්ණ” වෙනස් කරගෙන චීවරධාරියාව රකින බව, පියාට දැනෙන්නට විය. මේ වන විට, චීවරධාරියාව රකින්න පොහොට්ටුවේ ආධාරකරුවන් ගොඩවායේ පවුරු බැඳගෙන ඇත.

දහම් පාසලේ පුතාගේ පංතිය බාර, අංජලී නම් ගුරුවරිය, චීවරධාරියාව රකින්න, සිද්ධිය වූ දින "හාමුදුරුවෝ පන්සලේ හිටියේ නෑ යැයි” කියමින් ගම පුරාම ඇවිදින්නට පටන්ගෙන ඇත.

දහම් පාසලේ 7 වන පංතියේ ඉගෙන ගන්නා පුතාට, චීවරධාරී අමිත, සංඝාවාසයට ගෙන්වා ගන්නේ අංජලී ටීචර් ට ටෙලිෆෝන් කරය.

අංජලී ටීචර්, පණිවුඩය ලැබූ විගස පුතාට නම කියා කතා කර, ආන් බුද්ධ පූජාව අස් කරන්න හාමුදුරුවෝ, එන්න කියනවා, යන්න යැයි පුතාට අවසර දෙයි. 

මේ වන විට, මෙම චීවරධාරියා විසින් දහම් පාසල් යන හා ගිය දරුවන් රැසක් පන්සල් සූදුවට ගොදුරු කරගෙන ඇත.

සමහරු එම කතාව කියන්න සූදානම්ය. ඔවුන් නම් ගම් පවා දී ඇතත් පොලීසිය එ් අයගෙන් ප‍්‍රකාශ ගන්නේ නැත.

මෙම 12 හැවිරිදි දරුවා ගේ අනාගතය පිළිබඳව සහතික දිය හැක්කේ මොන දෙවියාට ද?

පොලීසියේ හැසිරීම ගැන බරපතල ප‍්‍රශ්න මතුකරන පියා, සියලූ විස්තර සහිත පැමිණිල්ලක්, බලධාරීන්ට යවා ඇත.

එහි උද්ධෘතයන් පහත දක්වමු.

01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව 02. පොලිස්පත 03. ලේකම්, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය   04. ලේකම්,  නීතිය හා සාමය අමාත්‍යාංශය 05. නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව. 
පිටපත්:ලේකම්, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය      
හම් පාසල් යන පිරිමි ළමුන් අපයෝජනය කිරීම - භික්ෂුවට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට කරන ඉල්ලීම.

ආරච්චිගේ, අවු: 46 යි, විවාහක, දරුවන් 01 යි, රැුකියාව: ධීවර කාර්මික, ගොඩවාය, 
2018.10.06 වන දින දීය.

(මව, අවු: 40 යි, ඩුබායි, ගෘහ සේවිකා, විදේශගතව දැනට වසර 2 කි.*

පුතා, 2006.09.04, පංතිය: 7 වසර, මහ විදුහල, ගොඩවාය, 
දහම් පාසල :- ඝෝටපබ්බත විහාරස්ථානය, ගොඩවාය, 
2018.09.25 දින සවස 6.30 ට පමණ, ගයාන් යන අය මට, ගොඩවාය හංදිය අසලදී හමුවී, 
”මල්ලි අයියේ” දන්නවාද, පුතාට දහම් පාසලේදී හාමුදුරුවෝ ”ග--- ලා” තියෙනවා කියා ඇසුවා. 

----------මේ වැඬේ හාමුදුරුවෝ තවත් ළමයි ගණනාවකට කරලා තියෙනවා කියලා අම්මලා කතා වුණා.

මම ගෙදර ඇවිත් පුතාගෙන් ඇහුවා, දහම් පාසලේ උගන්වන අමිත හාමුදුරුවෝ ඔයාට මොනවද කළේ කියා. ඔහු නිහඬව ඉන්නකොට මම ඇහුවා, ගයාන් මාමා මට කිව්වා, ළමයි දැකලා තියෙනවා හාමුදුරුවෝ මොනවද කළේ කියන්න කියා.

2018.09.16 වන දින, දහම් පාසලේ ඉන්නකොට අමිත හාමුදුරුවෝ සංඝාවාසයට ගිහිල්ලා බුද්ධ පූජාව අයින් කරන්න යයි කිව්වා බවත්, එ් අනුව සංඝාවාසයට ගිය බවත් කියා සිටියා.

සංඝාවාසයට ගියාට පස්සේ අමිත හාමුදරුවෝ, ඔහුගේ ෆෝන් එකෙත් නැන්දලා මාමලා හෙලූවෙන් ඉන්න පිංතූර පෙන්නුවා යයි කිව්වා. එසේ පෙන්නනවාත් සමගම, ළඟට ගෙන මාගේ සරම හා යට ඇඳුම් ගලවලා, මාව බිම නිදි කරවා, කකුල් දෙක ලං කරලා ----------- එහාට මෙහාට කළා කියලා කිව්වා. එ් වාගේම එ් බව කාටවත් කිව්වොත් දහම් පාසල් ආවාම ගහනවා කියා තර්ජනය කළා කියලාත් කිව්වා.

මම මේ විස්තර දැනගත් පසුව, ගොඩවාය පන්සලට අයත් ප‍්‍රධාන පන්සල වන බැරගම පන්සලට ගිහින්, එහි ලොකු හාමුදුරුවෝ වන, ධම්මසිරි හාමුදුරුවන් ට කිව්වා. 

ධම්මසිරි හාමුදුරුවෝ කිව්වා, මට දැන් ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයට යන්න තියෙනවා, චෙක් එකක් ගන්න, එ් ගිහිල්ලා හවස 4.30 ට විතර පන්සලට එනවා, අමිත හාමුදුරුවන්ගෙන් අහනවා කිව්වා.

ධම්මසිරි හාමුදුරුවෝ, ගොඩවාය පන්සලට ඇවිල්ලා, අමිත හාමුදුරුවෝ හමුවෙලා ඇවිත් මට කිව්වා, අමිත හාමුදුරුවෝ එහෙම දෙයක් කළේ නෑ යයි කියනවා කියලා.

මම, ධම්මසිරි හාමුදුරුවන්ට, සාක්ෂි තියෙනවා යයි කිව්වා. එහෙනම්, සාක්ෂි විස්තර අරගෙන, හෙට කෝල් එකක් දෙන්න යැයි කිව්වා.

218.09.26 මා, සාක්ෂි එකතු කරගෙන, ධම්මසිරි හාමුදුරුවන්ට දැණුම් දුන්නා. එ් අතර මම පුතා සමග, අම්බලන්තොට පොලීසියට ගොස් පැමිණිලි කළා. එසේ පැමිණිල්ල ලියා ගන්නා අතර, ධම්මසිරි හාමුදුරුවෝ පන්සලට ඇවිල්ලා ඉන්නවා, එන්න කියා මට දුරකතන පණිවිඩයක් ලැබුණා.

මම එ් බව පොලීසියට කිව්වා. එ් අවස්ථාවේදීම, අම්බලන්තොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන්, මාව හා පුතාව ද, රැුගෙන ගොඩවාය පන්සලට ආවා.

අප පන්සලට පැමිණෙන විට, සාක්ෂි දීම ස`දහා දෙමාපියන් දරුවන් සමග පන්සලට ඇවිත් සිටියා.

අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති, ස්ථාන පරීක්ෂණය පවත්වා, එ් අවස්ථාවේදීම, අමිත හාමුදුරුවන්ව අත්අඩංගුවට ගත්තා. එ් සමගම නැවත මටත්, පුතාටත්, පොලීසියට එන ලෙස දැණුම් දුන්නා. 

පොලීසියේදී මාගෙන් හා පුතාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්තා.    

එයින් පසුව, පුතාව, හම්බන්තොට මහා රෝහලට ගෙන ගොස් බාර දුන්නා. පසුදින රා්හලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා පුතාගෙන් හා මාගෙන් ප‍්‍රකාශ ලබාගත්තා.

පසුදින, 2018.09.27 දින, අමිත හිමිව, හම්බන්තොට මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අම්බලන්තොට පොලීසීය, අධිකරණයේ සිට, රෝහලේ සිටි මාගේ පුතාව අරගෙන, අදල කරණයට එන ලෙසට දුරකතනයෙන් දැණුම් දුන්නා. මම පොලීසියට දැණුම් දුන්නා, තවම පුතා ඉන්නේ වාට්ටුවේ කියා. පොලීසිය කිව්වා ඉක්මන් කරලා ටිකට් කප්පවාගෙන එන්න කියා.

පුතාගේ ටිකට් කපන විට සවස 3.30 පමණ වුණා. 

එ් වන විට දැනගන්නට ලැබුණා, අමිත හිමිව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව.

පොලීසිය පසුව දැණුම් දුන්නා, නොවරවාම, 2018.10.01 දින උදේ 8.00 ට පුතා සමග ඇවිත්, අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති හමුවන්න යැයි කියා.

එ් අනුව 2018.10.01 ලෝක ළමා දිනය දින, උදේ 8.00 ට පුතා සමග අම්බලන්තොට පොලීසියට ගියා. 

අම්බලන්තොට පොලීසියේ ස්ථානාධිපති කිව්වා, අද උසාවි යන්න තියෙනවා, ඉස්සරහින් වාඩිවෙලා ඉන්න කියා. එදින දහවල් 12.30 ට පමණ මාව හා පුතාව, පොලීසියෙන්ම හම්බන්තොට මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ගියා.

දවල් 1.30 පමණ නඩුව කතා කළා. අමිත හිමිව, රුපියල් ලක්ෂ 02ක, ශරීර ඇප දෙකක් මත මුදාහැරියා.

මාගේ පුතාට රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් නියම කළා.

එ් සමගම පුතාව බන්ධනාගාර බාරයට අරගෙන, උසාවියේ හිර කූඩුව ළඟ පුටුවක වාඩි කෙරෙව්වා. මම ගොස් ඇපයට අත්සන් කර, දරුවාව ගෙදර ගෙන ගියා.

පොලීසියේදී, මෙම අමිත හිමි යන අය, මාගේ දරුවා මිට පෙර, දහ වාරයක්, සංඝාවාසයට ගෙන ගොස්, ලිංගිකව හිංසනයට පත් කර ඇති බව හෙළිදරව් වූවා.

2018.09.16 වන දින, මාගේ පුතාව, ලිංගිකව අපයෝජනයට ලක් කරනවා, එම දහම් පාසලේ සිසුන් තිදෙනෙක් බලාගෙන සිට ඇත.

තවත් මේ ආකාරයටම ලිංගික අපයෝජනයට ලක් වූ, සිසුවෙකු සිටිනවා. එමෙන්ම මෙම සිද්ධිය ට සම්බන්ධ අමිත හිමි අපයෝජනය කළ සිසුන් ගණනාවක් සිටිනවා.

බොහෝ සිසුන්ගේ දෙමාපියන් කර ඇත්තේ, දහම් පාලසට ළමයා නොයවා සිටීමය.

දැන් මෙම සිද්ධියට දින 20 ක් ගතව තිබේ.

මෙම අමිත හිමිට විරුද්ධව තිබෙන, ළමා අපයෝජන සිද්ධීන් ගැන නිසි පරීක්ෂණ කිරීම, නිසි පරිදි සිදු නොවන බව එනම්,

(1* මාගේ පුතාව ලිංගික අපයෝජනය කිරීම හා සිද්ධිය අදාලව සියලූම සාක්ෂි ලබා නොගැනීම, විශේෂයෙන්,

(අ* අප දන්නා තරමට දැනට සාක්ෂි ලබාගෙන ඇත්තේ, දහම් පාසලේ ළමුන් තිදෙනෙකුගෙන් පමණක් වන අතර, 

(ආ* අප විසින් පොලීසියට ලබාදී තිබුණ අනෙක් ළමුන්ගේ සාක්ෂි ලබාගෙන නොමැතිවීම,

(ඇ* මෙයට පෙර, අපයෝජනයට ලක්වූ, ------ නම් දහම් පාසල් යන ළමයා පිළිබඳ පරීක්ෂණ සිදු නොකිරීම.

(ඈ* පුතාව, අමිත හිමි වෙත යැවූ, දහම් පාසලේ 7 වන පංතිය බාර අංජලී නැමති ගුරුවරියගේ හා අමිත හිමිගේ ජංගම දුරකතන පරීක්ෂාවට ලක් නොකිරීම. මේ දක්වාම එම ජංගම දුරකතන පරීක්ෂාවට ගෙන නොමැති බව මාගේ දැනීමයි.

මීට වසර කිහිපයකට පෙර, අප ගමේ ----- දරුවාව මෙම හිමි විසින් අපයෝජනයට ලක්කිරීමේ පැමිණිල්ල පොලිසිය විසින් යටපත් කර තිබෙන බවද ප‍්‍රකාශ කරමි.

මෙම අමිත හිමි, දහම් පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට, වේවැල භාවිතා කරමින් අමානුෂික ලෙස පහර දීම සිදු කරයි.

මාගේ පුතා ඔහුව ලිංගික අපයෝජනය ලක් කිරීම පිළිබඳව හෙළිදර් කර නැත්තේ ගුටි කන්නට බැරි නිසාය.

(2* ගරු අධිකරණයේදී, අමිත හිමිට ඉතා අඩු ඇප කොන්දේසි මත මුදාහැරීමට ඉඩ ලබාදීම,

(3* මේ වන විට, හම්බන්තොට ප‍්‍රාදේශීය සභා නියෝජිත රුවන් කුමාර නැමැත්තාගේ බලපෑම් මත පොලීසිය නිහඬ කරවා ඇති බවට ගෙන යන ප‍්‍රචාරය, මත, පොලීසියට බලපෑම් කර අපරාධය වසන් කිරීමට පියවර ගෙන ඇති බව මාගේ විශ්වාසයයි.

එම නිසා, මා ඉල්ලා සිටින්නේ,

මෙම අපරාධය චීවරධාරියෙකු විසින් සිදුකර ඇති නිසා, බුද්ධාගමේ නාමයෙන් යුක්තිය ඉටු නොකර සිටීම සිදු නොකර, සාක්ෂි වසන් නොකර, විධිමත්ව පරීක්ෂණ පවත්වා, මාගේ දරුවාට පමණක් නොව, ගොඩවාය ප‍්‍රදේශයේ ලිංගික අපයෝජනයට ලක්වූ සියලූම දරුවන් ට යුක්තිය ඉටුකරන ලෙසට හා මෙවන් සිදුවීම් වලින් දරුවන් ආරක්ෂා කර දෙන ලෙසටය.

මෙයට,

ආරච්චිගේ 

සටහන :
දහම් පාසලේ වැඩට යැයි ගෙන්වාගෙන, සාමනේර චීවරධාරියා පළමුවත්, එය බලා සිටි නායක චීවරධාරියා දෙවනුවත්, ලිංගික අපයෝජනය කිරීම් සිද්ධිය අදාලව ක`ඵතර මහාධිකරණ නඩුවට මෙම චීවරධාරී චූදිතයන් අධිකරණයට වැඩම කරවන ලද්දේ බුලත්සිංහල ගමේ උපාසක අම්මලා පිරිසක් සුදුවතින් සැරසී ගෙනය. එයට අමතර තවත් තරුණ චීවරධාරී තිදෙනෙක් අගසවුවන් ලෙසට පැමිණ සිටයේය. එ් මෙම මස 2 දාය.
   
‘පන්සල් සූදුව’ රැකදේවා ! දිනේවා !!  වැජඹේවා !!! 
ඉල්ලානේ, රජයෙන්!!!


Friday, October 5, 2018

සවස 7වන විට දුම්කොළ - ගංජා දුමෙන් විට්ටුව පිරෙනවා. ඊ-සි කෑෂ් වලට කුඩු බෙදෙනවා. ඩාන්සින් පෙති ගහලා නටනවා. තව ටිකක් ? වෙන කොට සමරිසියන් වැඩ පටන් ගන්නවා.


මේ හිරගෙදර කථාව. කව්රුත් දන්න කථාව. නොදන්නවාගේ ඉන්න කථාව. තිස්තුන්කොටියකුත් පහක් ඉන්න බව කියන රටේ හිරගෙදර කථාව. 
ඩොන් ව්‍යාපාරිකයෙක්. දවස් පහක් හිරගෙවල් තුනක ගත කරන්නට මොහුට ගත කරන්නට වුනේ අහම්භයෙන් යයි කිවහොත් වැරදි නැත. මේ අහම්භය නිසා ඔහුට විඳින්නට වු කටුක අත්දැකිම,  යළිත් වරක් කියන්නේ රටේ නීතිය ගැන. 
කරුමයට හෝ දෙවියන් වහන්සේගේ කැමැත්තට හෝ බාරදි නිහඬව නොසිටින්ට ගත් තීරණය නිසා ඔහුගේ කථාව ඔබ අතට පත් කරන්ට හැකිවිය අපට.
 ඩොන්, මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස්පති සහ ජාතික පොලිස් කොමිෂන් සභාව ට කරන ලද ලිඛිත පැමිණිල්ලෙ සඳහන් කරුණු පහත දක්වමු.                          ,                   ,         
    

අධිකරණ නියෝග විකෘති කර, අධිකරණය උපයෝගී කරගෙන 
ශාරීරික හා මානසික වධහිංසාවට පත්කිරීම හා නිදහස අහිමි කිරීම.

ඩොන්, අවු: 48 යි, විවාහක, දරුවන් 01 යි. රැකියාව : ව්‍යාපාර කටයුතු, අගලවත්ත. 

2018.09.28 වන දින දීය.

2018.09.06 වන දින රාත‍්‍රී 7.30 ට පමණ, අගලවත්ත පොලීසිය මගින් මා අත්අඩංගුවට ගන්නා ලදි. එසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාලව නිකුත් කර තිබූ වරෙන්තුව මතය. එදින රාත‍්‍රියේ මාව අගලවත්ත පොලීසියේ රඳවා තබාගෙන සිට, පසු දින, එනම් 2018.09.07 දින, මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණු ලැබීය.

මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය, මාව බන්ධනාගාරය මගින්, මීගමුව ම/උ වට ඉදිරිපත් කරන ලෙසට නියම කර, මාව බන්ධනාගාරයට බාර දෙන ලදි. එදින 2018.09.07 රාත‍්‍රියේ, ක`ඵතර රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන, පසුදින 2018.09.08 වන දින, කොළඹ රක්ෂිත බන්ධනාගාරයට මාරු කරණු ලැබීය. 2018.09.09 වන දින මාව කොළඹ රක්ෂිත බන්ධනාගාරයෙන් මීගමුව බන්ධනාගාරයට මාරු කරණු ලැබීය.

පසුදින, එනම් 2018.09.10 වන දින නඩු අංක 47697 යටතේ, මාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, නඩුව කැඳවා එම නඩුවට මා, අවශ්‍ය අයෙකු නොවන බවට ප‍්‍රකාශ කරණු ලැබීය.

එ් අවස්ථාවේ මාව මුදාහැරීමට ක‍්‍රියා නොකළ, බන්ධනාගාර නිලධාරීන් මාව නැවත මීගමුව බන්ධනාගාරය වෙත රැුගෙන එනු ලැබ, රඳවාගනු ලැබීය. 2018.09.12 වන දින, මීගමුව බන්ධනාගාරයෙන් මාව, මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට රැුගෙන ගොස්, මිණුවන්ගොඩ ම/උ ට ඉදිරිපත් කරණු ලැබීය. එ් අවස්ථාවේ ගරු අධිකරණයට මා වෙනුවෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව, වරෙන්තුව අවලංගු කර, පෙර ඇප මත මුදාහරිණු ලැබීය.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, වරෙන්තුවකට අත්අඩංගුවට ගන්නා ලද මාව, අගලවත්ත පොලීසිය මගින්, ගරු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ව්‍යාජ තොරතුරු වාර්තා කර, එනම්, මිණුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුව, මීගමුව අධිකරණයෙන් ඉදිරිපත් කරන ලද වරෙන්තුවක් ලෙසට, ගරු මහේස්ත‍්‍රාත්තුමියට ඉදිරිපත් කර, මාව මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වන නියෝගය ලබාගෙන තිබිණ.

මා මේ වරද දැනගත් පසුව බන්ධනාගාර නිලධාරින්ට කරුණු පැහැදිළි කළද, ඔවුන් කියා සිටියේ, අපට කරන්නට දෙයක් නැති බවය. මෙය හුදෙක් වරදක් නොව අපරාධයකි.

මා එසේ ප‍්‍රකාශ කරන්නේ,

සග 2018.09.06 දින, රාත‍්‍රී 7.30 ට පමණ මා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුදින එනම් 2018.09.07 මාව ක`ඵතර බන්ධනාගාරයට ගෙන යනතුරු, මා හමු වීමට මාගේ නිවැසියන්ට ඉඩ නොදීම, කෑම බීම ලබා නොදී මා දැඩි පීඩාවට ලක් කරීම. 
සසග 2018.09.08 වන දින මා, කොළඹ රක්ෂිත බන්ධනාගාරයට ගෙන ගිය අවස්ථාවේ මාව එහි ‘බී’ වාට්ටුවට ඇතුළත් කරන ලදි.

රැුඳවියන් 110 කට, ප‍්‍රමාණවත් එම වාඞ්ඩුවේ එදින රැුඳවියන් 210 ක් රඳවනු ලැබීය. රාත‍්‍රියේ නිදාගැනීමට සිදුවූයේ බන්ධනාගාර බසින්, ”සැම්” ක‍්‍රමයටය.

රාත‍්‍රී 7.00 ට පමණ, මු`ඵ වාට්ටුවම දුම්කොළ හා ගංජා දුමෙන් පිරී යන්නේය. කුඩු සුලබව තිබිණි. වාට්ටුව පාලනය කළේ, එහි සිටි ”චණ්ඩියෙකු” විසිනි. ඊසි කෑෂ් නොදැම්මොත් වැසිකිලි යන්නවත් ඉඩක් දෙන්නේ නැති නිසා, ඊසි කෑස් වලින් ”චණ්ඩියා” ට සල්ලි දෙන්නට සිදු වූවා.

සසසග 2018.08.09 වන දින මාව, මීගමුව බන්ධනාගාරයට ගෙන ගියා. එහිදී, මාව අංක 06 වාට්ටුවට දැම්මා. එය 60 කට ප‍්‍රමාණවත් කාමරයක්. මා සිටි දින 03 තුළදී, එහි රැුඳවියන් 200 කට වැඩි ප‍්‍රමාණයක් ගාල් කළා. එහි තත්ත්වය ද කොළඹ රක්ෂිත බන්ධනාගාරයට දෙවෙනි වූයේ නැත.

මෙම වාට්ටුවේ කුඩු, ගංජා ජාවාරම් කරන ප‍්‍රධාන චණ්ඩියා බන්ධනාගාර ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු බව සෙසු රැුඳවියන්ගෙන් දැනගන්නට ලබිණ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම දින 06 තුළ මට ඇඳගෙන සිටමට සිදුවූයේ එකම ඇඳුමය. 

මා, එක් බන්ධනාගරයකින් තවත් බන්ධනාගාරයකට මාරු කිරීම නිසා එම කාලය තුළ මට, මාගේ පවුලේ අය දැක ගැනීමට නොහැකි විය.

මෙම වකවානුව තුළ මට චර්ම රෝගයක් වැළ`දින. දැන් එයට ප‍්‍රතිකාර ලබා ගිනිමි.

මා පත්වූ තත්ත්වය තුළ මා දැඩි මානසික ආතතියකට පත්ව සිටිමි.

නිතර හීනෙන් බය වෙන අතර මට නින්ද යන්නේ ද නැත. මට දුම්බොන්නෙකු අසලින් සිටිය නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ.

මෙම කාලය තුළ මට මාගේ පාසල් යන අවරුදු 06 ක් වයසැති දරුවාට නිසි රැුකවරණයක් ලබා දීමට නොහැකි වීම නිසා ඇයද දැඩි මානසික අසීරුවට පත්විය. 

මේ ආකාරයට 2018.09.07 දින රාත‍්‍රියේ සිට, 2018.09.12 දින දක්වා, රාත‍්‍රී 05 ක් මාව, දැඩි ශාරීරික හා මානසික වධහිංසාවට පත් කරමින් නිදහස අහිමි කිරීම බරපතල අපරාධයක් හා මාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. 

එම නිසා මා ඉල්ලා සිටින්නේ, අධිකරණ නියෝගය විකෘති කරමින් ඉහත දැක්වූ ආකාරයට මාගේ මූලික අයිතීන් උල්ලංඝණය කිරීමට වගකිව යුතු, 

අගලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ නිලධාරීන්ට හා කරුණු දක්වා සිටියදී, නිසි පියවර ගැනීම මගහරිමින් මා පීඩාවට පත් කිරමට ක‍්‍රියා කළ බන්ධනාගාර නිලධාරීන්ටත් එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙයට,

ඩොන් 









Wednesday, October 3, 2018

සංක‍්‍රාන්තික යුක්තිය ........ !!!



"සංහිඳියාව" ”සංක‍්‍රාන්තික යුක්තිය”  වර්තමානයේ රාජ්‍යය මෙන්ම රාජ්‍යය නොවන පාර්ශවවල දැඩි අවධානයට රාජ්‍යය ලක්ව තිබෙන විෂයන් දෙකකි.

මේ පිළිබඳව කතා බහ කරන්නට දඹානේ නිදහන්ගල යායට, චෙන්කලාඩිහි පෙරියපිල්ලූමලේ, සේරුනුවර මහින්දපුරය හා ඌරගස්මංහන්දිය යන ගම්වල ක‍්‍රියාකාරී පිරිස් සමග එක්විය.

(2018.09.01 උදේ)



දඹානේ, නිදහන්ගලයාය ආදිවාසී පවුල් විස්සක සාමාජිකාවන් අප හා කතා බහට එක්විය.

නිදහන්ගල යාය ගමේ ගුණබන්ඩියා ඇත්තෝ මූලිකත්වය ගෙන සාකච්ඡුාව ඔවුන්ගේ අසපුවේ පවත්වන ලදි.

(2018.09.01 හවස)

එදිනම, අප චෙන්කලාඩි හි, පෙරියපිල්ලූමලේ බංඩාරගේ නිවසේ පැවති සාකච්ඡුාවට සහභාගී විය. මේ කතා බහට පෙරිපිල්ලූමලේ දෙමළ හා සිංහල ස්ත‍්‍රීන් එක්විය.

(2018.09.02 උදේ)

පසුදින, අප. සේරුනුවර මහින්දපුර හා ගැමුණුපුර ස්ත‍්‍රී කණ්ඩායමක් හා එක්වුණේ සෝමාවතිය පාරේ මහින්දපුර පන්සලේ බණ මඩුවේය.

(2018.09.16 හවස)

ඊට දෙසතියකට පසුව, කරන්දෙනිය ආසනයේ, ඌරගස්මංහන්දිය දක්ෂිණාරාමය, බණ මඩුවේ ගමේ සමාජ ක‍්‍රියාකාරීන් සමග එක්විය.

මේ මුණ ගැසීම් හතරටම එක්වූවන් අතරින් සියයට 85 ක් ස්ත‍්‍රීන් විය.

නිදහන්ගලයාය, පෙරියපිල්ලූමලේ හා මහින්දපුර/ගැමුණුපුර එක්වූ, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාගේ ගැට`ඵ අතර, මූලික තැන ගත්තේ ජල ප‍්‍රශ්නයයි. ජලය අවශ්‍ය බීමට පමණක් ද ? 

අඩ සිය වසරක් පුරා ජල ප‍්‍රශ්නයට මුහුණ දෙන නිදහන්ගලයාය, ආදිවාසී ජනයා, මේ වන විට, ක‍්‍රමානුකූලව, මහ ජාතියට ගොදුරු වෙමින් පවතී.    

Monday, October 1, 2018

දහම් පාසැල් ගිය දැරිය දුෂණය කළ චීවරධාරියා - පොල් ගසන්නට පටන්ගෙන.



මීට වසර පහකට පෙර, තම පන්සලේ පවත්වාගෙන ගිය දහම් පාසලට ආ දක්ෂතම දැරියක් රවටා පන්සලට ගෙන්වා, පළමුව තරුණ චීවරධාරියාද, ඊට පසුව නායක චීවරධාරියාද දැරියව බරපතල ලිංගික අපයෝජනයට ලක් කළේය.
එයින් නොනැවතුන මෙම දුෂිත චීවරධාරීන් දෙන්නා, එවකට කන්දේ විහාරයේ බෝධි පූජා පැවැත්වූ චීවරධාරියාට ඇය පිළිබඳව තොරතුරු ලබාදී, ඇයව එම පන්සලට ගෙන්වා ගෙන දුෂණය කළේය.
කන්දේ විහාරය අයත්වන අලූත්ගම පොලිසිය, එම සිද්ධිය විෂ්ණු දෙවියන් අරක් ගෙන සිටින බවට ප‍්‍රසිද්ධියක් උසුලන එම පන්සලේ ‘‘නාමයටහොඳ නැතැයි කියමින්ද, එවන් සිද්ධීන් ඉතා සුලබ යයිද පවසමින්, මුදල් අරගෙන නිශ්ශබ්ද වන්නට යයි කියමින්, ඇයව රෝහල්ගත කිරීමෙන්  කිරීමට පවා වැළකී සිටින ලදි.
පසුව කරන ලද බලපෑම හමුවේ, අදාළ චීමරධාරියාව අත්අඩංගුවට ගෙන, බුද්දාගමට නින්දාවක් වනසේ ආවාසය තුල චිවරය දාගෙන ලිංගික අතවර කළ බවට චෝදනා නගා අධිකරණයට ඉදිරිපත් කළේය. වරද පිළිගත් චීවරධාරියා, සු`ඵ දඩයක් ගෙවා, ගෙදර ගියේ, විෂ්ණූ දෙවියන්ට පිංදෙමින්ය.
පන්සලක ගලක් උඩ, පස්ස පෙන්වීම ‘‘මහා අපරාධ්‍යක්ලෙසට හුවා දක්වන යහපාලන සංස්කෘතික අමැතියා, කන්දේ විහාරයට ගෙන්වා, තරුණියක් දුෂණය කිරිම හා දහම් පාසැලට පැමිණි දැරිය චීවරධාරීන් දෙදෙනෙකු එක්ව ලිංගික අපයෝජනය කිරීම, බරලතල අපරාධයක් ලෙස දුටුවේ නැත. මාධ්‍යයද එ් ගැන කෙළ පිඩක් හෙලූවේ නැත.
කෙසේ වෙතත්, එයට හාත්පසින් වෙනත් පියවරක් ගත්, මෙම දැරිය පළමුවරට දුෂණය කළ පන්සල අයත් වූ බුලත්සිංහල පොලිසිය, ඊනියා බුද්ධාගමේ පොල්මක් කාරයින්ගේ බලපෑම් වලට යටනොවී, විමර්ශණය කර, නඩු පැවරීමට පියවර ගත්තේය.
ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව, නීතිපතිවරයා විසින්, එම චීවරධාරීන්ට විරුද්ධව, මහාධීකරණයේ අධි චෝදනා නැගීමට පියවර ගන්නා ලදි.
දැන් නඩු විභාගයට ගැනීමට ආසන්නය. වසර පහක් තිස්සේ, අදාල ගමේ ‘‘දුෂණය’’ වීමට කැමැති උපාසක අම්මලාගෙන් හා ස්ත‍්‍රී දුෂණ අනුමත කරන උපාසකයින් ගෙන් වැඳුම් පිදුම්, දානමාන ලබමින් චිවරධාරියා කල්ගත කරති.
මේ කාලය පුරාම, මෙම චීවරධාරීයාගේ හා ඌ ඇසුරු කරන උපාසක උපාසිකාවන්ගෙන් එම දැරිය හා පවුලේ උදවිය, නින්දා අපහාස වලට ගොදුරු විය.
මහාධිකරණ නඩුව, විභාගයට නියම කිරීමත් සමග කැළඹුනු චීවරධාරියා (මේ වන විට එක් අයෙක් සිවුරු හැර ගොස් හීරලූවකු වී ඇත) ඔහු වටා සිටින උපාසක අම්මලා හා උපාසක අප්පුලා එක්කරගෙන, දැරිය මකබෑවිලා යන ලෙසට හා නඩුවෙන් තමන් නිදහස් කරවන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලමින්, ඇගේ ගේ ෙදාරකඩට පවා, හොර රහසින් පැමිණ, පොල්ගසා යෑමට තරම් නිවට නීචයින් බවට පත්ව ඇත.
පොල්ගසා, දෙවියන්ට දැනුම් දී, නඩු දිනනන් පුලූවන් කියා හිතන්නේ මානව හිමිකම් වලට ගරහන්නට පටන්ගෙන සිටින, කාදිනල් රංජිත් මැල්කම් හා ඔහුට එක්ව සිටින චීවරධාරීන් පමණකි.
වසර පහකට වැඩි කාලයක් නොසැලී යුක්තිය වෙනුවෙන් පෙනී සිටින මැය, පොල් ගැසිම් වලට හෝ නොපෙනෙන දෙවියන්ට හෝ බය නැති බව සිහිපත් කරමු.

අදාල බ්ලොග් සටහන්