Friday, January 19, 2018

රියදුරු බලපත‍්‍රය තියාගෙන දින 90 යි, පගාව නොදීමේ වරදට ......

.

ඌරගස්මංහන්දිය පොලීසිය පගාව නොදුන්න නිසා, බීමතින් රිය පදවන ලද බවට, චෝදනා කර, රියදුරු බලපත‍්‍රය රැුගෙන දින 90 ක් ගතව ඇතත්, නඩු දාන්නේ නැතිව කල් බලමින් සිටී.

එ්, මෙම ¥ෂිත ක‍්‍රියාව අභියෝගයට ලක් කළ නිසාය. මොහු දුෂිත ක‍්‍රියාව ගැන පොලිස්පතිට, නීතිපතිට, කොමිෂන් දෙකට, නීතිය හා සාමය බාර ලේකම් ට පැමිණිලි කර දැනට මාස තුනකි.

අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී මොහුව ගෙන්වා ප‍්‍රකාශයක් ගෙන ඇත.

පොලිස් කොමිෂම, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති මේ ගැන වාර්තා කැඳවා දැනට දින 60 කි. මානව හිමිකම් කොම්ෂම පැමිණිල්ල ලියාපදිංචි කර ඇත. 

සෑම දින 14 කට වරක්, පොලීසියට ගොස් රදුස්තියාදු වී, තවත් දින 14 කට තාවකාලික රියදුරු බලපත‍්‍රය දීර්ඝ කර ගැනීමට මොහුට සිදුව ඇත. 

එ් සෑම අවස්ථාවකම වරද පිළිගන්න යැයි ස්ථානාධිපති සුජිත් ප‍්‍රියන්ත මොහුට බලපෑම් කරණු ලබයි.

මේ ස්ථානාධිපති මීට පෙරද මෙවැනි දුෂිත ක‍්‍රියාවන්හි නියැලී ඇත.

”මහ එවුන් හිටගෙන චූ කරන විට, පොඩි එවුන් දුව දුව චූ කරන” බවට වන අප පැරැුන්නදුන්ගේ කියමන සනාථ කරමින් පොලීසියේ ඉහළ සිට පහළට පගා ගැසීම, ප‍්‍රථම කාර්ය කරගෙන ඇත.

එ් ගැන පැමිණිලි කළ විට, වාර්තා කරවන්නේ ද, පගාවෙන් කොටසක් ලබාගන්නා ඉහළ නිලධාරීන්ය.

පොලිස් දුෂණ නැති කරන්න නම්, එක් පියවරක් වශයෙන්, සෑම පොලිස් කාරයෙකුගේම වත්කම්, පත්වීම ගත් දින සිට හෙළි කරන ලෙසට බල කෙරෙන නීති ගෙන ආ යුතුය. මෙය සියලූම රජයේ සේවකයන්ට පොදු විය යුතුයි.


Monday, January 15, 2018

පොලිස් ජීප් එකේ දාගෙන නිරුවත් ජායාරූප ගත්තේ භාවනා කරන්න. ඕ.අයි.සි මිල්ලනිය.


කෙස් වැටියෙන් අල්ලා බිම දා, ඇදගෙන ඇවිත් ජීප් එකට උස්සා දා, කකුල් දෙක, මැද සීට් එකේ උඩට තියෙන විදිහට බිම දිගා කර  ඕ.අයි.සී. පිටිපස්සෙන් නැග, බඩ උඩ කකුල් දෙක තියා ගත්තා. ඇඳ සිටි ඇදුම ඉවත්වී ඇය සම්පූර්ණයෙන් නිරුවත් වුනා. සම්පත් රාළහාමි වීඩියෝ කළා.

වැඩ බලන නඩුකාරයාට ඉදිරිපත් කරලා, රිමාන්ඞ් කෙරෙව්වා. බන්ධනාගාරයෙන් ඇයව රෝහල් ගත කලා. වීඩියෝ ඉදිරිපත් කරන්න තියෙනවා කියමින් උසාවිය ලවා දවස් 23ක් රිමාන්ඞ් එකේ තිබ්බා.

මිල්ලනිය පොලිස් වසමට අයත්, බෞද්ධ සිංහල මේ යුවල නීති විරෝධී මත්පැන් ජාවාරමේ නියැලූනු අය වෙති.

පසුගිය වසරේ ඔවුන්ගේ යතුරු පැදිය පොලිසියට ගෙන ගිය හිටපු ස්ථානාධිපති පී.එන්.ලිහිණියකුල , එම යතුරු පැදියේ චැසි හා එන්ජින් අංක කොටා මකා දමනු ලැබීය.

මෙම අපරාධය පිළිබඳව ඔවුන් පොලිස්පති ඇතුලූ බලධාරීන්ට පැමිණිලි කලද, පොලිස් පරීක්ෂක පී.එන්.ලිහිණියකුල නැමැති අපරාධකරු බේරා ගැනීමට ක‍්‍රියාකලා මිස රටේ නීතිය කි‍්‍රයාත්මක කළේ නැත. 

එදා සිට මේ දක්වාම කළේ යතුරු පැදිය පොලිසියෙන්  ගෙන යන ලෙසට බලපෑම් කිරීමය.

මෑතකදී ස්ථානාධිපති ලෙසට පත්ව ආ පො.ප. සංජීව ද, යතුරු පැදිය ගෙන යන ලෙසට ඔවුන්ට අණ කළේය.

චැසි හා එන්ජින් අංක මකා දැමූ යතුරු පැදිය ගෙනියන්නේ නැති බව ඔවුන් ඔහුට කියා සිටින ලදි.

එයට උරණ වූ මෙම ස්ථානාධිපතියා, ඉන්පසුව කරන ලද හදිය - ඇය විසින් පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුලූ වගකිව යුතු ආයතන වලට කර ඇති පහත දැක්වෙන පැමිණිල්ලෙන් පැහැදිලි වේ.

‘‘මිල්ලනිය පොලීසිය සිදුකරන අපරාධ වහාම වළක්වාලන ලෙසට කරණු ලබන ඉල්ලීම.
----- වයස අවු: 38, විවාහක, දරුවන් 04යි, ---------  2018.01.13 වන දින දීය.

(1) 2017.12.17 වන දින හෙරණ ම/උ --- නඩුවට අදාලව, අත්සන් කිරීම සඳහා මිල්ලනිය
    පොලිස් ස්ථානයට සැමියා ගියා.

(2) ඔහු ගෙදර ඇවිත්, උදේ බත් කමින් සිටියදී, දවල් 11.30 ට පමණ, මිල්ලනිය පොලීසියේ 
    ස්ථානාධිපති පො.ප. සංජීව, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක 
    ඇතුලූ හත්දෙනෙකු පැමිණියා.

(3) ස්ථානාධිපති නිල ඇඳුමින් සිටියා. අනෙක් අය හිටියේ සිවිල් ඇඳුමින්.

(4) ස්ථානාධිපති පො.ප. සංජීව, බයිසිකලය ගන්නේ නෑනේ, බොලාට ගන්න බැරි වෙන්නම නඩු
    දානවා කියමින් ගේ ඇතුලේ හා වත්තේ සැරිසරමින් පැය දෙකක් පමණ සෝදිසි කර කිසිවක් 
    සොයාගත නොහැකිව යන්න ගියා.

(5) දහවල් 1.00 ට පමණ අඳුරන්නේ නැති මුස්ලිම් ජාතිකයන් හතර දෙනෙක් ත‍්‍රී රෝද රථයකින් 
    පැමිණියා. එහි සිටි තිදෙනෙක් බැස, කඩුල්ල ළඟ සිටගෙන මාගෙන් අරක්කු පැකට් 05 ක් 
    ඉල්ලූවා.

(6) මම, මෙහේ අරක්කු නැහැ, ටිකකට ඉස්සරලා මෙහේට පොලීසියෙනුත් ආවා, බීලා
    නේද ඉන්නේ ඉක්මණට යන්න යැයි ඔවුන්ට කිව්වා.

(7) ඔවුන් යන්න ගියා.

(8) විනාඩි 15 කට පමණ පසුව එම මුස්ලිම් ජාතිකයන් හතර දෙනාව දාගෙන, මිල්ලනිය  පොලීසියේ ස්ථානාධිපති පො.ප. සංජීව, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක හා බංඩාර ඇතුලූ තවත් කිහිප දෙනෙක් පැමිණියා. සියලූ දෙනා සිටියේ සිවිල් පිට.

(9) පො.ප. සංජීව, උපුල් මෙහෙ වරෙන් යන්න යයි කියා මාගේ සැමියාට අඬ ගැහුවා.

(10) මා එ් ගැන ප‍්‍රශ්න කරමින්, සැමියාව අත්අඩංගුවට ගන්න එක වැළැක්වීමට ඉදරිපත්  වුණා.

(11) එ් අවස්ථාවේ සැමියාට, පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, පො.කො. චින්තක හා    බංඩාර යන අය අතින් පයින් පහර දෙමින් ජීප් එකට ඇදලා දැම්මා.

(12) එ් අතර රථ වාහන අංශයේ ස්ථානාධිපති වැදිසිංහ, සැරයන් ජයන්ත හා තවත් පිරිසක්  පැමිණියා. 

(13) සැමියාව දාගත්තේ දෙවනුව ආව ජීප් රථයට.

(14) මා ගෙට යන්න හදනකොට ස්ථානාධිපති පො.ප. සංජීව  ඕකිවත් දාගන්න යැයි කිව්වා.

(15) පො.කො. සම්පත්, පො.කො. දීපශාන්ත, මාගේ පස්සෙන් ඇවිත් කොණ්ඩෙන් අල්ලා ඇදගෙන  ආවා. මාව බිම වැටුණා. එසේ බිම දිගේ ඇදගෙන ඇවිත් හතර දෙනෙක් එකතු වී මාව ජීප්  එකේ බිමට දැම්මා. ඔලූව ෙදාර පැත්තට දමා, කකුල් දෙක මැද ෂීට් එකේ උඩට සිටින සේ 
 තමයි දැම්මේ. මා ඇඳ සිටි සාය ඉන ළඟටම එකතු වී ආවා. මට යට ඇඳුමක් ඇඳ සිටියේ   නැහැ. මාය සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා. ස්ථානාධිපති පො.ප. සංජීව මා අසල ෂීට් එකේ වාඩිවී ඔහුගේ කකුල් දෙක බඩ උඩින් තියා ගත්තා. මැද ෂීට් එකේ වාඩිවී සිටි පො.කො.  සම්පත් හැරී ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කළා. වීඩියෝ කරන අතර මගේ කකුල් ඇද පළල් කරා. මාගේ බෙල්ල පිටිපස්සෙ ෙදාරට තද වෙලා තිබුණා. මම හුස්ම ගන්න බෑ  කියා කෑගහන කොට කට වහපිය බැල්ලි කියමින් ස්ථානාධිපති පො.ප. සංජීව මට බැන්නා.

(16) මිල්ලනිය පොලීසියට ගෙන ආවායින් පසුව සැමියාව කූඩුවට දැම්මා.

(17) මාව, හතර දෙනෙකු ඇද උස්සා ජීප් එකෙන් එළියටගත්තා. කාන්තා පොලිස් නිලධාරීණියක්  ඇවිත් ඇඟ මැදින් උස්සා, පස් දෙනාම එකතු වී පොලීසියේ පිටුපස පිහිටි පිලට ගෙන ගොස්  දැම්මා.

(18) එදින රාත‍්‍රියේ සැමියා කූඩුවේ සිටියා. මාව සවස 6.30 ට විතර නැගිට්ටවා දෙන්නෙක් අල්ලාගෙන සැමියා හිටිය කූඩුව ඉදිරයෙන් බිම පැදුරක් දමා නිදාගන්න සැලැස්සුවා. එසේ  කළේ එ් වෙලාවේ රිසව් එකේ හිටිය සොයිසා නැමති නිලධාරියාය. මොනවා උනත්  මනුස්සයොනේ කියා මට පැනඩොල් දෙකක් හා මේස රෙද්ද පොරවා ගන්න දුන්නා. 

(19) එළිවනතුරු පොලිස් කාන්තාවක් හිටියේ නැහැ.

(20) උදේ 7.30 පමණ මාව හල්ගොට රජයේ රෝහලට ගෙන ගියා.

(21) එහි වෛද්‍යවරයෙක් සිටයේ නැති නිසා නැවත මාව පොලීසියට ගෙන ආවා.

(22) දවල් 11.00 ට පමණ මාව හා සැමියාව හොරණ මූලික රෝහලට ගෙන ගියා.

(23) රෝහලේ දී, අපව එහි රෝහල් පොලීසියට ගෙන ගියා.

(24) ඊට පසුව අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන ගියා.

(25) පළමුව මාව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළා. වෛද්‍යවරයා මාගෙන් විස්තර   ඇසුවා. පහරදුන් බව කියා සිටියා. පහරදුන් ස්ථාන පෙන්වා සිටියා. එම ස්ථාන සියල් ඔහු  ළකුණු කර ගත්තා.

(26) ඉන්පසු මාව හා සැමියාව හොරණ මහේස්ත‍්‍රාත් උසාවියට ගෙන ආවා. එවිට වේලාව 1.30  පමණ ඇති.

(27) අපව වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සුනිල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළා.

(28) වැඩ බලන මහේස්ත‍්‍රාත් නීතිඥ සුනිල් ගුණරත්න මහතා හිටියේ කාමරයක.

(29) අපව කාමරයට ගත්තේ නැහැ. අප වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් මිරිහාන මයා, එළියේ  සිටි අපව ජනේලයෙන් අස්සෙන් පෙන්වා, ඇඳුම් ඉරී ඇති බව, තුවාල තිබෙන බව කියා  සිටියා.

(30) මා හා සැමියා එළියේ සිට ඇඳුම් ඉරී ඇති හැටි හා තුවාල වැඩ බලන මහේස්ත‍්‍රාත්වරයාට  පෙන්වා සිටියා.

(31) ඉන්පසුව අප 2017.12.20 දක්වා රිමාන්ඞ් බාරයට පත් කළා.

(32) බන්ධනාගාරයට ඇතුල් කරන විට රාත‍්‍රී 7.00 පමණ වුණා. බන්ධනාගාරයට ඇතුල් කළ පසු  මට නැගිට ගන්න බැරිව ගියා. හුස්ම ගන්න බැරි වුණා. වමනය ගියා. මෙයාව මෙහෙ  තියාගන්න බෑ කියා මාව එ් සමගම නාගොඩ මහ රෝහලට ගෙන ආවා. 

(33) නාගොඩ මහ රෝහලේදී මාව පරීකෂා කර 2 වාට්ටුවට ඇතුළත් කළා.

(34) 2018.12.19 වන දින සවස මාව, අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කළා.

(35) 2017.12.20 වන දින උදේ මාව බන්ධනාගාරයට ගෙන ගොස් දහවල් 12.30 ට පමණ  ගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කළා.

(36) ගරු අධිකරණයේදී, අප වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ නුවන් මිරිහාන මයා, කරුණු දැක්වූවා. 

(37) නැවත 2018.01.02 වන දිනට නඩු කල් තිබ්බා. එතෙක් අපව නැවත රිමාන්ඞ් බාරයට පත් කළා. 

(38) අපට තේරුම් ගිය පරිදි එසේ 2017.12.20 දින අපට ඇප ලබා නොදුන්නේ, සිද්ධිය පිළිබඳ  වීඩියෝවක් ඉදිරිපත් කිරීමට තිබෙන බවට පොලීසිය කළ කරුණු දැක්වීමටය.

(39)  2018.01.02 වන දින ද වීඩියෝව ඉදිරිපත් කළේ නැහැ. එ් සඳහා තවත් කල් පොලීසිය ඉල්ලා  සිටියා.

(40) පොලීසියේ එම ඉල්ලීම මත නැවත 2018.01.09 දින දක්වා රිමාන්ඞ්ගත කළා.

(41) 2018.01.09 වන දින අධිකරණයට ඉදිරිපත් කළ විට, නැවත වීඩියෝව ඉදිරිපත් කරන්නට  පොලිසියෙන් කල් ඉල්ලා සිටියා.

(42 ) නමුත් එම ඉල්ලීම ප‍්‍රත්කෂේප කළ ගරු අධිකරණය අපව ශරීර ඇප මත මුදා හැරියා.

මා ඉල්ලා සිටින්නේ, 
මිල්ලනිය පොලීසියේ හිටපු ස්ථානාධිපති පො.ප. පී.එන්. ලිහිනියකුල විසින් මාගේ සැමියාගේ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන එහි චැසි හා එන්ජින් අංක මකා දමා කරන ලද අපරාධය වසන් කිරීම සඳහා වර්තමාන ස්ථනාධිපති පො.ප. සංජිව යන අය, එම සිද්ධියට අදාල පොලිස් නිලධාරීන් එක්ව කරන ලද බලපෑම්වලට  ඔහු අවනත නොවීම නිසා 2017.12.17 දින ඉහත විස්තර කළ අපරාධය වසන් නොකර කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙසටය.

මෙහිදී මොවුන් මා අත්අඩංගුවට ගෙන පහර දී බිම දිගේ ඇගෙන ගොස් උස්සා, නිරුවත් වන ආකාරයට ජීප් රථයට දමා නිරුවතින් සිටි මාව වීඩියෝගත කර ඉන් අනතුරුව පොලීසියේදී, මාව නින්දා අපහාසවලට භාජනය කර, අධිකරණයට බොරු ප‍්‍රකාශ කර, දින 23 ක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලද,

මිල්ලනිය පොලිසියේ, 
01. ස්ථානාධිපති පො.ප. සංජීව, 02. පො.කො. සම්පත්, 03. පො.කො. දීපශාන්ත, 
04. පො.කො. චින්තක, 
සහ එයට සම්බන්ධ වූ අනෙක් නිලධාරීන්ට එරෙහිව නොපමාව පරීක්ෂණ ආරම්භ කර, නීතිමය පියවර ගන්නා ලෙසට ඉල්ලමි.

මෙයට,
  
-------------------------- ’’ 

Sunday, January 7, 2018

කට්ටඩි චිවරධාරියා හා පොලිසිය එක්ව ගැණිවයි, ටි.වි. එකයි අරන් දැන් ගේ ඉඩමත් කොල්ලකන්න හදනවා



චිවරයක් දාගෙන පොලිසියට කප්පන් දෙමින් මරකම් කරමින් සිටින කට්ටඩියෙක් පිළිබ`දව කරන හෙළි කරන පුවතකි මේ. මේ රටේ පවතින තත්වයයි. සෑම ආගමකටම අයත් පුජකයින් සිදුකරන නිති විරෝධි ක‍්‍රියාවන් ට පොලිසියේ අනුග‍්‍රහය ලැබෙන බවට මෙය උදාහරණයක් පමණි.

පිඩාවට පත්ව සිටින කිරිකපන්නෙකු බලධාරනිට කර තිබෙන ලිඛිත පැමිණිල් සියල්ල හෙළි කරනු ඇත.


ලිඛිත පැමිණිල්ල

2018.02.04 දිනදීය.

මා වැඩකරන ගලහේන වත්තේ නැවතී සිට දවස් 8කට පසුව 2016 මැයි 27 දින දහවල් 11.00 ට පමණ, මා කිරිකපා ඉවරවී, ගෙදර ආවිට, මා දුටුවා, මාගේ නිවසේ ෙදාරවල් ජනේල කඩා දමා තිබෙනවා. නිවස තුල තිබූ බඩු බාහිරාදිය සියල්ලම ඉවත්කරගෙන ගොස් තිබුනා. 

එවිටම, පොල්ගම්පල, අරන්කහපත සීලනාථ දේවාලයේ, කට්ටඩිවැඩ හා කපුකම් කරන චීපවරධාරී කුරපිට සීවලී නැමැති අයගේ අයියා වන ජයපාල සූරියආරච්චි හා නැන්දාගේ ප්‍රේමරත්න යන අය පැමිණ, පොලිසි ගියොත් මරනවා කියා තර්ජණය කලා. 

මම ජංගම දුරකථනයෙන් 119 ට කතා කර කිව්වා. නමුත් ආවේ නැත. ඊට පස්සේ මම තුන්වරක් ම කතා කලා. ආවේ නෑ. සවස 5.30 ට පමණ මීගහතැන්න පොලිසියට ගියා. මම විස්තර කිව්වාම, පැමිණිල්ල ලියා ගත්නේම නැතිව, ගේ බලන්න යන්න  ඕනා කියා, මාව ජීප් රථයෙන් අරගෙන ගෙදරට ගෙන ආවා.

මා රැුගෙන ආ සුබසිංහ හා වර්ණකුලසූරිය යන නිලධාරීන් ගෙදර පිටත සිට බලා, මට අත තියන්නවත් එපා, ආයෙත් ඇවිල්ලා පරික්ෂණ කරනවා කියා කිව්වා.

එ් වෙලාවේ එතැනට සමන්ත සමරනායක හා රොසලින් සමරනායක පැමිණියා. රොසලින් ගේ ඇතුලේ තවත් ටී.වී. එකක් තියෙනවා නේද කියා ඇහුව්වා. මම ඔව්, අලූත් ටී.වී.එක, පරිස්සමට ගුණදාසගේ ගෙදර තියලා තමයි වත්තට ගියේ කියා කිව්වා. 

නැවත මාව ජීප් රථයේ දාගෙන එනවිට මගදී ගුණදාසව හමුවුනා. පොලිසිය ජීප් රථය නවත්වා ගුණදාස කැඳවා සිරිවර්ධනගෙන් ටී.වී. එක තියෙනවාද කියා ඇසුවා. ඔහු ඔව් කිව්වා. එවිට එම ගෙදරට ගොස් ටී.වී.එක පොලිසිය බාරයට ගත්තා. මාව පොලිසියට ගෙන ආවට පසුව, සුබසිංහ නිලධාරියා කිව්වා මූම තමයි ගේ කඩලා තියෙන්නේ කියා. 

මේ බල්ලාව කූඩුවට දාන්න යයි තවත් නිලධාරියකු කිව්වා. මාව කූඩුවට දැම්මා. 

රාත‍්‍රී 7.00 ට විතර සුබසිංහ නිලධාරියා කූඩුව ඇරගෙන ඇවිත් මට අතින් පයින් පහර දුන්නා. ඔහු මට පහර දුන්නේ මම බොරු කරනවා කියමිනි. ඔහු ගැහුව්වේ වේස බල්ලා, උඹේ අම්මාට ..... වා, ආදී වශයෙන් අමු කුණුහරප කියමින්. එසේ පහර දී නැවත, කූඩුවේ ෙදාර පයින් තල්ලූකර වසා දැම්මා.

රාත‍්‍රී 10 විතර, සුබසිංහ නිලධාරියා පැමිණ මාව එළියට අරන් දැන් පලයන් ගෙදර කියා, රු.50ක් අතට දුන්නා. 

මේ දක්වාම, රුපියල් ලක්ෂ පහකට අධික ගෘහ භාණ්ඩ සොරා ගැනීම හා ලක්ෂ නවයක පමණ
මාගේ නිවස කඩා, භාණ්ඩ සොරා ගත්තේ වසර 15 කට පමණ පෙර මාගේ මෙන්ම, ඉහත නම් කල, පොලිසිය හා ඉතා සමීප සම්බන්ධතා පවත්වන කුරුපිට සීවලී නැමැති ශීලනාථ දේවාලයේ කට්ටඩි චීවරධාරී සමග සම්බන්ධකම් පවත්වන, විදානලාගේ නිමල් ඉන්ද්‍රානි හේමලතා යන අයගේ අවශ්‍යතාවයට පොලිසිය නීතිය ක‍්‍රියාක්මක නොකරන බව වගකීමෙන් ප‍්‍රකාශ කරමි.

තවද, මේ සමග මේ පිලිබඳව 2016.12.21 දින මතුගම සහකාර පොලිස් අධිකාරී වෙත කරන ලද පැමිණිල්ලේ පිටපතද අමුණා එවමි.

ථිට පෙරද මෙවන් තත්වයන් ඇතිකර තිබෙන බවද ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ, 
1. වංචා සහගතව, සුබසිංහ හා වර්ණකුලසූරිය විසින් ලබාගත්, මාගේ රූපවාහිනිය නොපමාව 
   ලබාදෙන ලෙසට,

2. මාගේ නිවස කඩා, භාණ්ඩ සොරා ගැනීම, පිළිබදව නීතිමය පියවර ගන්නා ලෙසට, 

3.මාගේ නිත්‍යානුකුල නිවසට ඇතුල්  වීමට හා ඉඩම භුක්ති විඳිමට උත්සහ ගන්නා සෑමවිටම 
  කුරුපිට සීවලී නැමැති ශීලනාථ දේවාලයේ කට්ටඩි චීවරධාරී පුද්ගලයා පොලිසිය සම්බන්ධ 
  කරගෙන මට තර්ජනය කරමින් සිදුකරන මැරකම් නතර කරවන ලෙසටය.

4. අලාභය පිළිබඳව මාගේ පැමිණිල්ල ලියා නොගැනීම, වාචික පැමිණිල්ලට අනුව පරීක්ෂණ 
   නොපැවැත්වීම පිළිබඳව විනය පියවර ගන්නා ලෙටය.

ඉහත කරුණු සත්‍ය හා නිවරැුදි බව ප‍්‍රකාශ කරමි