Thursday, May 29, 2014

වන්දිය එක්ලක්ෂ හැත්තෑපන්දහයි. බොරු නඩුව ඉල්ලා අස්කර ගනී.


 ජා ඇල පොලිසියේ හිටපු ස්ථානාධීපති ඇතුලු පොලිස් කාරයින් පස් දෙනෙකුට එරෙහිව පවරා තිබූ මූලික අයිතිවාසිකම් නඩුවක් සමථ කර ගැනීම සදහා, පෙත්සම්කරු දුමින්ද සිල්වාට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් ලබාදී, ඔහුට එරෙහිව පැවරූ බොරු නඩුව ඉල්ලා අස්කර ගැනීමට - වගඋත්තරකරුවන් වූ ජා ඇල පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති අජිත් වලල්ලාවිට, උප පොලිස් පරීක්ෂක අබේසේකර, පොලිස් කොස්තාපල් බංඩාර, පොලිස් කොස්තාපල් අමිත් හා ග්‍රාමආරක්ෂක රනිල් - ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකග විය.

ඒ අනුව, පසුගිය 8 වන දින, එකී මුදල ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුලදී, දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපිටදී, බාරදෙන ලදි. බොරු නඩුව ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට උපදෙස් ලබා දෙන ලදි.

2008 ජූලි 24 වන දින, එවකට ත්‍රී රෝද රථ රියදුරෙකුවූ දුමින්ද සිල්වාට මෘග ලෙස පහර දුන්, ඉහත නම් සදහන් පොලිස් කාරයින්, සුපුරුදු පරිදි ඔහුට විරුද්ධව බොරු නඩුවක්ද පැවරුවේය.

වසර හයක් නොසැලී, යුක්තිය උදෙසා දුමින්ද සිල්වාට සටන් කරන්නට වූයේ, ඔහුට වධ දුන්න පොලිස් කාරයින් සමග පමණක් නොවේ. විශේෂයෙන් මෙම නඩුව වංචනික ලෙසට විනාශ කිරීමට කටයුතු කල නීතිඥ සංගමයට එරෙහිව ප්‍රබල සටනක් කරන්නට ඔහුට සිදු විය.

එමෙන්ම, පොලිස් කාරයින් වෙනුවෙන් පෙනී සිටි විවිධ තරාතිරම්වල දේශපාලකයින්ටද ඔහුට මුහුණ දෙන්නට සිදු විය.

සිද්ධිය පිළිබදව වීඩියෝව නරඹන්න.




Wednesday, May 28, 2014

BMICH පොලිස් කාරයෝ තරුණයෙකුට වධදිලා - වධකයින්ට වැඩ වරදි.



පොලිස් කාරයින්ට මාමා කියන්න එපා, ගුටි කන්න වෙනවා.  ගහපු එවුන්ට ගෙවන්න වෙනවා.

ව්‍යාපාරිකයකු වන කංකානිගේ මහතා - තම පුතාට, BMICH පොලිසියේ පො.සැ.24141 සේනාධීර, පො.කො.70825 ජයවර්ධන, පො.කො.77341 රුවන් යන අය විසින් කරන ලද පහරදීම අදාලව, මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ල විමර්ශණයෙන් පසුව, එකී පොලිස් කාරයින් තිදෙනාව වරදකරුවන්කොට, රු: 25,000/=ක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය.

එමෙන්ම, එම නිර්දේශ පිළිබදව පොලිස්පතිවරයාට හා නීතිපතිවරයාට යොමු කිරීමටද තීරණය කර තිබේ.

2012.02.26 රාත්‍රී 10.30 ට පමණ, මෙම ප්‍රහාරය සිදුකර තිබේ. වධදීමෙන් පසුව, වධයට පාත්‍රවූ පුද්ගලයාට එරෙහිව බොරු නඩු පැවරීම, පොලිස් වධකයින්ගේ ධර්මයයි.

මෙය - ඉහළ පොලිස් කාරයින්ගේ, පොලිසිය බාර ඇමතිවරයාගේ චින්තනයයි. එම නිසා, පොලිස් වධකයින්ට එරෙහිව පියවර ගන්නේ නැත. ඔවුන්ට පූර්ණ රැකවරණය ලැබෙන අතර, වැරදිකරුවුවන්ට උසස් තනතුරු ලබාදීමද සිදුකරයි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ, මෙම නිර්දේශයේ පදනම් කරුණ හා වෛද්‍ය වාර්තා අනුව, නොපමාව මෙම පොලිස් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන, ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතුයි.

රටක ශිෂ්ඨ බව, සදාචාරය මනින්නේ - පඹයින්ගේ තැන බුදුන්ට හිමිකර දීමෙන් නොවන බව සිහිපත් කරමු. වර්තමානයේ සෑම නීති විරෝධී, සදාචාර විරෝධී, වංචා ක්‍රියාවන් කරන්නේ - සුදු පොරවාගෙන, මල්වට්ටි අරගෙනය.

සිද්ධිය අදාල විඩියෝව නරඹන්න.







පැමිණි යතුරු පැදිය දමා පැන ගිහිල්ලා තියෙන්නේ පොලිස් කාරයෝ


පොලිසියෙන් බව කියමින්, නිවසට ඇතුලුවීමට තැත්කල පුද්ගලයින් දෙදෙනෙකු ගැන - එම නිවැසියන් පොලිසියට පැමිණිලි කළේය.

ඒ අතර, මෙම සැකකටයුතු පුද්ගලයින් යතුරු පැදියේ යතුරුද ඔවුන් ලබා ගත්තේය. අසල්වැසියන් එම නිවසට ලගාවත්ම, පොලිසියෙන් යයි කියා ගත් පුද්ගලයින් දෙන්නා පලා ගියේය.

මේ නිසා ඔවුන්ගේ සැකය තවත් වැඩිවිය. ඔවුන් වහාම පොලිස් මූලස්ථානයට හා 119 හදිසි ඇමතුම් අංකයට සිද්ධිය දැනුම් දුන්නේය.

ටික වේලාවකින් එතැනට පැමිණි, මොරොන්තුඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා, යතුරු පැදිය තමන්ට අයත් එකක් බව පවසා, එය රැගෙන ගියේය. පැමිණි දෙන්නා පොලිස්කාරයින් බව ඔහු පිළිගත්තේය.

පොලිසියෙන් නම්, හැදුනුම්පත් දෙන ලෙසට නිවැසියන් ඉල්ලූ විට, මොකටද යකෝ පොලිස් කාරයින්ට අයිඩෙන්ටි කියා අසා, පලා ගියේ කුමක් නිසාද යයි, නිවැසියන් ප්‍රශ්ණ කළේය.

සියලු විස්තර කිව්වද, ඒ පිළිබද පැමිණිලි ලියා ගැනීමට පියවර නොගත්තේය.

මේ වන විට, සංවිධානාත්මක අපරාධ වලට පොලිසිය සම්බන්ධ බව නොදන්නා කෙනෙක් නැත.

නිවැසියන් සිද්ධිය අමතක කර දමන්නට උත්සාහ ගත්තද, එය නොහැකිවූයේ  මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, එම නිවැසියන්ගෙන් පලිගන්නා බවට ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ නිසාය.

මේ සිද්ධියට ඉදිරිපත්ව, පැමිණිලි කිරීම් කල, සරත් කුමාරව, බෝම්බයක් දමා, රක්ෂිත බන්ධනාගාර ගත කරවන බවට කරන තර්ජණ පිළිබදව ඔහු පොලිස්පතිට හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කර ඇත.


පළිගන්න බොරු නඩු දමනවා


නිවසට පැමිණ, ජීප් එකට දමාගෙන ගොස්, රැයක් කූඩුවේ තබාගෙන සිට පසුදින අධිකරණයට ඉදිරිපත් කළේ - රා වික්කා යන චෝදනාව යටතේය.

රටේ නීතිය අමු අමුවේ කඩා දමමින්, තමාව වධහිංසාවට කෘෘර අවමන් සහගත සැලකිලිවලට පාත්‍ර කළේ, මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපති බව පවසන ජයසේකර නැමැති නිලධාරියා ය.

මේ බව ප්‍රකාශ කරන්නේ මහ රා කර්මාන්තය අදාළ ව්‍යාපාර කිහිපයක නිරතව සිටින, 57 හැවිරිදි චන්ද්‍රසිරි පෙරේරාය.

දින කිහිපයකට පෙර,  පොලිසියෙන් යයි කියා ගෙන පැමිණි දෙන්නෙක් නිවසට රිංගීමට උත්සාහ දරා ඇත.

මෙම උත්සාහය ව්‍යාර්ථ කල චන්ද්‍රසිරි පෙරේරා හා නිවැසියන් ඒ පිලීබදව පොලිස් මූලස්ථානයේ හා 119 වෙත දැනුම් දුන්නේය.

ඒ අතර, සැකකරුවන් පලා ගිය අතර, මොරොන්තුඩුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පැමිණ, හැර දමා ගිය යතුරු පැදිය රැගෙන ගියේය.

නමුත් නීතිමය පියවරක් ගත්තේ නැත.

මේ පොලිසියේ නිලධාරීන් මේ ආකාරයට නිවෙස්වලට රිංගන්නේ මංකොල්ල කන්න හෝ කප්පම් ගැනීමටය.

එය අසාර්ථකවීම නිසා, කුපිතව සිටින මෙම පොලිස් නිලධාරීන් දැන් තමන්ට එරෙහිව බොරු නඩු දමා හිංසා කරන්නට සූදානමක් ඇති බව ඔහු තවදුරටත් කියා සිටී.




Tuesday, May 27, 2014

ඉහළයින්ගේ ආශිර්වාදයෙන් දුම්රිය මැරයෝ මගින්ට පහර දෙති.


පහර දුන්නේ සී.සී.ටී.වී. කැමරා ක්‍රියා විරහිත කරලා. මැරයින්ට දුම්රිය ආරක්ෂකයින්ගේ, පොලිසියේ රැකවරණය.

පසුගිය මැයි මස 20 වන දින , උදේ 10ට පමණ මහව සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල සේවක දුම්රියේ මගීන්ට පොලු මුගුරුවලින් පහර දුන්නේ, මරදාන දුම්රිය ස්ථානයේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ක්‍රියා විරහිත කරලාය.

මෙම සිද්ධියේදී බරපතල තුවාල සිදුවූ වන් දෙදෙනා දුම්රිය ආරක්ෂකයින් විසින් ඇදගෙන ගොස්, මරදාන පොලිසියේ පොලිස් කාරයින්ට බාර දුන්නේය.

බරපතල තුවාල ලැබූ දෙදෙනා සවස 3 පමණ වන තෙක්, කිසිදු ප්‍රතිකාරයක් ලබානොදී පොලිස් කූඩුවේ තබාගෙන සිටියා.

ඉන් අනතුරුව, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දුම්රිය රියදුරන්ගේ සංගමය ඉල්ලා සිටින නිසා, ඔවුන් දෙන්නාට ඇප නොදෙන්නැයි මහේස්ත්‍රාත්තුමියගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් බරපතල ඇප කොන්දේසි පනවා ඔවුන් දෙන්නාව, මුදාහැරීමට නියම කලද, ඔවුන් අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියම කළේ නැත.

මරදාන දුම්රිය ස්ථානයේ, 5-6 වේදිකාවේ පිටවීමේ තරප්පු පෙළ හරස් කර, මගින්ට පහර දුන්නේ, ආණ්ඩුවේ ඉහළයින්ගේ නියෝගය මත බව ඉතා පැහැදිළිය.

මෙම පහරදීම සැලසුම් සහගතව කරන ලද අතර, එයට ආණ්ඩුවේ මැරයින් යොදවා තිබින.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් රැකවරණය දුන්නේ මගීන්ට නොව, මැරයින්ටය.

අල්ලපු වත්තේ තිබෙන පොලිසිය  මැදිහත්වීමෙන් වැලකුනි.

දුම්රිය ස්ථානයේ සී.සී.ටී.වී.කැමරා පද්ධතිය ක්‍රියා විරහිත කර තිබින.

පහර කෑමෙන්, රේල් පාරට වැටුනු මේ දෙදෙනාට, මැරයින් අතින් පයින් පොලුවලින් ගල්වලින් පහර දුන්නේය.

මේ දෙන්නා පොලිස් කූඩුවේ තබාගෙන සිටින අතර, අලව්ව දුම්රිය ස්ථානයේදී මගීන්ගේ විරෝධයට ගොදුරුවූ දුම්රිය රියදුරාව, මරදාන පොලිසිය ගෙන්වා ප්‍රකාශ රැගෙන ඇත‍.

මේ දක්වාම, උසාවිය නියෝග කර තිබුනද, මෙම පහරදීමට හවුල් වූ මැරයින් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන නැත.

අපරාධ විසදිමට ඉතා දක්ෂ බව කියන පොලිසිය, මෙම මැරයින්ව අත්අඩංගුවට නොගන්නේ - ආණ්ඩුවේ නියෝග මතද, නැතිනම් මෙම අපරාධයට පොලිසියද සෘජුව සම්බන්ධ නිසාද ?

පහර කෑමට ලක්වූ නාලක දිසානායක මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කර තිබෙන ලිඛිත පැමිණිල්ලේ‍   මෙසේ සහන් වේ.
“පරිගණක ලිපිකරු, වශයෙන් සේවය කරමි.  2014.05.20 වන දින, සුපුරුදු පරිදි කුරුණෑගල දුම්රිය ස්ථානයෙන්, පෙ.. 5.38 මා මහව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අපේක්ෂාවෙන් සිටියා. මෙදින මෙම දුම්රිය, කුරුණෑගල දුම්රිය ස්ථානයට පැමිණියේ නියමිත වේලාවට වඩා විනාඩි 20ක් පමණ රමාද වී පෙරවරු 6.00 .
3. එතැන් පටන්, මෙම දුම්රිය ඉතාමත් අඩු වේගයකින් ගමන් කරමින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ළඟා වුණේ නියමිත වේලාවට වඩා විනාඩි 45ක් පමණ රමාදව .  මා ගමන් කළේ, දුම්රිය එන්ජිමේ සිට තුන්වන මැදිරියේ පළමු ෙදාරටුව අසල .
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ බසින මගීන් සඳහා ඉඩදීමට, මා දුම්රියෙන් බැස වේදිකාවේ පසෙකට විය. එ් අතර, මා දුටුවා දුම්රිය එන්ජිම අසල පිරිසක් රොක්ව සිටිනවා.  හිටි හැටියේම, දුම්රිය නාද නොකරම වේගයෙන් ඉදිරියට අද්දවන ලදි. වේදිකාවේ සිටි සමහරක් දෙනා දුම්රියට ගොඩ වූ අතර මට නැගගැනීමට නොහැකි විය.
 මා, කළේ, ඊළඟට තිබූ පොල්ගහවෙලින් මොරටුව බලා පිටත් වන දුම්රියට ගොඩවීම . මා රැගත් දුම්රිය, අලව්ව දුම්රිය ස්ථානයට ඉදිරියෙන් වූ සංඥ කු`ඵණ අසල නැවැත්වී . එවිට මා දුටුවා, මහව-කොටුව දුම්රිය ඉදිරියේ නවත්වා තිබෙනවා.
මා මෙන්ම කොළඹ කොටුව බලා ගමන් කරන තවත් පිරිස් මොරටුව බලා ගමන් කරන දුම්රියෙන් බැස, මහව-කොටුව දුම්රියට ගොඩවීම සඳහා ගියා. එසේ යන විට, මා ඇතුලූ පිරිසට දැන ගන්නට ලැබුණා, මහව-කොටුව දුම්රිය අලව්ව දුම්රිය ස්ථානයෙන් නැවැත් වූ විට, අලව්ව දුම්රිය ස්ථානයේ සිටි මගීන් හා, මහව-කොටුව දුම්රියේ ගමන් ගත් මගීන්, දුම්රිය රියදුරා සමග බහින්බස්වීමක් සිදු වී, එම නිසා දුම්රිය ගමන ඇන හිටලා කියා. මොරටුව දුම්රියේ ගමන් ගත් පිරිස අලව්ව දුම්රිය ස්ථානයට පැමිණියා. එ් වන විට, දුම්රිය මාර්ගය හරස් කර, දුම්රිය රමාදයට විරෝධය පල කරමින්, පිරිසක්, උද්ඝෝෂණයක නිරතව සිටියා.
පෙ.. 10.00 පමණ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැමිණ, මින් ඉදිරියට දුම්රිය රමාදයක් සිදු නොවන බවට පොරොන්දු ලබා දී, උද්ඝෝෂණය නතර කළා. පෙ.. 10.30 පමණ, මහව-කොටුව දුම්රිය අලව්වෙන් පිටත් වුණා. මා එම දුම්රියට ගොඩ වී පැමිණියා. එම දුම්රිය, පෙ.. 11.35 පමණ, වන විට, මරදාන දුම්රිය ස්ථානයට පැමිණියා.
මරදාන දුම්රිය ස්ථානයේ 5වෙනි වේදිකාවේ දුම්රිය නතර කළ අතර, එයින් බැස පිටවීම සඳහා තරප්පු පේලිය අසලට යන විට, තරප්පු පේලිය හරස් කර සිටි විස්සක පමණ කණ්ඩායමක්, පොලූවලින්, අතින් පයින්, දුම්රියෙන් බැස එන මගීන්ට පහර දෙන්නට පටන් ගත්තා.
පහර දුන් පිරිස අතර, දුම්රිය රියදුරන් ගේ නිල ඇඳුම් ඇඳගත් අය සහ සිවිල් ඇඳුමින් සැරසුන පිරිසක් සිටියා.  පහරදීමෙන් බේරීමට මගීන්, සී සී කඩ දිවූ අතර, එම පිරිසට මැදි වූ මා, 6 වෙනි වේදිකාවෙන් රේල් පාරට වැටුණා. මා සමග තවත් අයෙක් වැටුණා.
වැටුණු මට හා අනෙක් අයට පොලූවලින්, අතින් පයින්, ගල්වලින් තදබල ලෙස පහර දුන්නා. බරපතල ලෙස තුවාල ලැබූ මා හා අනෙක් පුද්ගලයාව, දුම්රිය ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඉදිරියට පැන අල්ලා ගත්තා.  ඔවුන් දෙන්නා, මා හා අනෙක් පුද්ගලයාව, දුම්රිය ආරක්ෂක මැදිරියට ගෙන ගියා.
ආරක්ෂක මැදිරියේ දී, මා හා අනෙක් පුද්ගලයාව මරදාන පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. මරදාන පොලීසියට ගෙන ගිය අප දෙන්නාව කූඩුවට දැමුවා. එ් වන විට, පහර දීමෙන් තුවාල ලැබූ අප බරපතල ලෙස රෝගාතුරව සිටි අතර තුවාල වලින් ලේ ගලමින් තිබුණා. එ් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක් වූ මරදාන පොලීසිය දවල් 12.00 පමණ සිට, රඳවාගෙන සිටියා.
රියදුරු හා සහයක මරදාන පොලීයට පැමිණ, රකාශයක් ලබා දුන්නාඑයින් අනතුරුව, .. 4.00 පමණ, මාගෙන් හා අනෙක් පුද්ගලයාගෙන් රකාශයක් ගෙන, මාලිගාකන්ද මහේස්තරාත් අධිකරණය වෙත ගෙන ගියා.
මාලිගාකන්ද අධිකරණයේ මහේස්තරාත්වරිය වෙත අප දෙන්නාව ඉදිරිපත් කර, දුම්රිය රියදුරාට, අලව්ව දුම්රිය ස්ථානයේ දී පහර දී ඇති බවට චෝදනා නගා තිබුණා.  එමෙන්ම, දුම්රිය රියදුරන්්ගේ, වැඩ වර්ජනය කිරීමට තර්ජනය කර තිබෙන නිසා, ඇප නොදෙන ලෙසට, මරදාන පොලීසිය ගරු මහේස්තරාත්තුමිය ගෙන් ඉල්ලා සිටියා. නමුත්, අප වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරු කරුණු දැක්වීමෙන් පසුව, අපව ඇප මත මුදා      හැරියා.
සිය පැමිණිල්ලේ  නාලක දිසානායක වැඩි දුරටත් කියා සිටින්නේ  මෙම පහරදීම, දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් හා එක්ව සැලසුම් කරන ලද්දක් බවයි. මෙම අවස්ථාවේ මරදාන දුම්රිය ස්ථානයේ සියලූම CCTV කැමරා රියා විරහිත කර තිබීම තුළින් එය පැහැදිලිව ඔප්පු වන බවයි.
තවද මරදාන පොලීසිය, නාලක දිසානායක බරපතල තුවාල සිදුව තිබිය දී රතිකාර ලබාදීම සැලසුම් සහගතව මග හැර ඇත. මේ දක්වාම මරදාන පොලීසිය මාලිගාවත්ත මහේස්තරාත් අධිකරණයේ නියෝගය නොසලකා  පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් මේ දක්වා වැලකී සිටී. විධිමත් පරීක්ෂණ කිරීම මග හරි.