Saturday, May 3, 2014

මනු කියවන්නාත් නීතියට උඩින්.



ලෙකෝ සමාගමේ මනු කියවන්නෙකුගෙන් බරපතල ලෙසට පහර කෑමට ලක් වූ ජයන්ත පීරිස්ට, මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවන්නේ, මනු කියවන්නන් ද ජනාධිපති මෙන්ම නීතියට උඩින් සිටින නිසාද?

මේ බව අසන්නට සිදුව ඇත්තේ, 2014.01.22 දින ජයන්ත පීරිස් මහතාට පහර දුන්න මනු කියවන්නාට එරෙහිව, පානදුර දකුඛ පොලීසිය මේ දක්වාම නඩු පැවරීමට පියවර ගෙන නැති නිසාය.

ජයන්ත පීරිස් මහතා ප්‍රකාශ කරන පරිදි, තමාට පහර දුන්නේ 2013 නොවැම්බර් මස ඒකක 65 ට රු: 389.81 ක් වුවද, දෙසැම්බර් මස ඒකක 65 ට රු: 833.60 ක් වූයේ කොහොමද කියා ප්‍රශ්න කිරීමය.

මනු කියවන්නාගේ පහර දීම නිසා තුවාල ලැබූ ජයන්ත පීරිස් මහතා ව රෝහල් ගත කර ඇත්තේ ප්‍රෙද්ශ වාසීන් විසින්ය.

පානදුර මූලික රෝහලේ දින පහක නේවාසික ප්‍රතිකාර ගනු ලැබූ ජයන්ත පීරිස් මහතාව, 2014.01.27 වන දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් පසුව ඇප මත මුදාහරිනු ලැබීය.

ජයන්ත පීරිස් මහතා ප්‍රකාශ කරන්නේ, තමාට පහර දීමෙන් පසුව, මනු කියවන්නා පානදුර දකුණ පොලීසියට පැමිණ ව්‍යාජ පැමිණිල්ලක් කර, එනම් තමා මනු කියවන්නාට පහර දුන්න බවට හා තමා ඔහුගේ රාජකාරියට බාධා කළ බවට, පානදුර දකුණ පොලීසියේ අනුමැතියෙන් රෝහල්ගත වූ බවයි.

2014.01.22 වන දින, පානදුර දකුණ පොලීසිය සමග රෝහලට පැමිණි මහේස්ත්රාත්වරයා තමාගෙන් කිසිවක් විමසන්නේ නැතිව “ඇරෙස්ට්” කියා යන්න ගිය බවයි.

ඉට පසුව, බන්ධනාගාර නිලධාරීන් පැමිණ ඔහුව, රෝහලේ දීම බාර ගෙන ඇත.

2014.01.27 දින දක්වාම ඔහු රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් සිරකරුවෙකු වශෙෙන්ය.


මේ දක්වාම, මනු කියවන්නාට එරෙහිව නඩු පවරා නැති බව ප්‍රකාශ කරන පීරිස් මහතා, රටේ නීතිය මේකද යැයි ප්‍රශ්න කරන්නේ  මනු කියවන්නා ද නීතියට උඩින් සිටින පුද්ගෙෙකුද යන පැනය මතු කරමින්ය. 

No comments:

Post a Comment